Showing posts with label බුදු දහම. Show all posts
Showing posts with label බුදු දහම. Show all posts
Saturday, October 25, 2014
භික්ෂුව සහ දේශපාලනය | Bhikku Politics
භික්ෂුව දේශපාලනය කිරීම ගැන බොහෝ තැන්වල අප විසින් මතුකරන ලද අදහස් කීපයක් එකට එකතු කර දක්වන්නේ, නැගී එන ජනපතිවරණ ඡන්ද උණුසුම සමග බොහෝ දේ වෙනස් වී ඇති නිසා ය. මෙසේ වෙනස් වී ඇති බොහෝ දේ අතර, ප්‍රධාන තැනක් ගන්නේ භික්ෂු චර්යාව වන අතර, ඒ අනුව භික්ෂු චර්යාවේ ජනයාට කැපී පෙනෙනම ලක්ෂණය වන බණ කියන ශෛලියේ වෙනස් වීම ම හොඳ අධ්‍යයන නිමිත්තකි. එදා සිය නිවුණු ස්වරයෙන් රටක් සැනසූ පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජා සහ ගංගොඩවිල සෝම හිමියන්ගේ තාර්කික විශ්ලේෂණ වෙනුවට, අද සියල්ල පරදවා මතුව ඇත්තේ මහා කුණුහබ්බ සුත්‍ර දේශනාවයි. මෙකී කුණුහබ්බ දේශනාවලින් යුටියුබ් සිංහල සිංහල ගොසිප් පුවත් නාලිකා පිරී ඉතිරී යන බැවින් ඒවා යළි මෙහි පළකිරීමේ සෙතක් නොදකිමු. එහෙත් පසුගිය දෙතුන් වසර තුළ බොහෝ දේ වෙනස්ව ඇති බව නම් සත්‍යයකි. බොහෝ දේ වෙනස් වුණාට කමක් නැත, බුද්ධ ශාසනය විනාශ කරන්නේ නැතිව කරන්නේ නම්. එහෙත් අහන අහන අත, දකින දකින අත අපට පෙනෙන්නේ බුද්ධ ශාසනය, එතුළම වෙසෙන කඳපණුවන් විසින් කා දමන ආකාරයයි.
කතාව පටන්ගන්නට පෙර අපි භික්ෂුව කවුදැයි බලමු. භික්ෂුව යනු කවුද? භ + ඉක්ෂු = එනම්, භය දකින්නේ භික්ෂු නම් වෙයි. දකින්නේ වෙන මොන බයක් වත් නොව සසර බය ය. සසර බය දකින භික්ෂුවට වෙන මොන කෙහෙල්මලක් වත් පෙනෙන්ට විදියක් නැත. එවැන්නකු හට දේශපාලනය ද අරකද මේකද මේ සියල්ල වැඩක් නැති හිස් ප්‍රලාප ය. ලොකුම බය ලෙස එහෙම සසර බිය පේන්නෙ නැත්නම් හෙතෙම චීවරය දැරිය යුතු ද නැත. මන්ද ඔහු භික්ෂු යන්නෙහි වචනාර්ථය පවා නොදන්නා බැවිණි. එසේ සසර බිය දකිමින් සසරින් මිදෙන්නට හදන භික්ෂුව ඇරෙන්නට වෙනත් භික්ෂුන් ඉන්නට විදියක් ද නැත. මන්දයත් භික්ෂු යන වචනයේම අර්ථය වන්නේ සසර බිය දකින පුද්ගලයා යන්න නිසා ය. ඉතිං එවැනි පුද්ගලයකු දේශපාලනය කිරීමට යාම මොන විහිළුවක් ද?
භික්ෂුවට පුද්ගලික ජීවිතයක් නැත. එසේ පුද්ගලික ජීවිත ඇත්තේ ගිහියන්ට ය. භික්ෂුව යනු දහදිය මහන්සියෙන් හරිහම්බ කරගෙන කන මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් උපන්නා වූ දෙයින් යැපෙන්නෙකි. භික්ෂුව යනු තම කය උදෙසාවත් ජීවත් නොවන්නෙකි. භික්ෂුව ආහාර ගන්නේ ද, "මේ ආහාරය මාගේ ශරීර ශෝභාව පිණිස, කය පුෂ්ටිමත් වීම පිණිස නොගනිමි, හුදෙක් කෙළෙස් දුරුකර නිවන් දකිනාතුරා ජීවත් වීමට පමණක් ආහාරය ගනිමි" යයි ප්‍රත්‍යවේක්ෂා කොට ය. එවැන්නකු ගිහි ජීවිතයේ අමාරුම ජොබ් එක වන දේශපාලනය කිරීමට උත්සාහ කිරීම කොහෙත්ම හිනා නොයන විහිළුවකි.
දේශපාලනය කිරීම බෝධිසත්ත්ව ලක්ෂණයක් යැයිද සමහරු අර විහිළුවට උඩින් තවත් විහිළුවක් සපයති. ඔවුන්ට මතක නැතුවාට, සිදුහත් බෝසතුන් පෙරකල ක්ෂත්‍රිය මහාසාර කුලයක ඉපිද, උපතින්ම ලද පුබ්බේ නිවාසානුස්සති ඥාණය හේතුවෙන් පෙර කල රජව ඉපිද මිනිසුන් ගේ අත්පා කපා දඬුවම් කිරීමෙන් කරගත් පාපය ගෙවන්නට සිද්ද වූ හැටි දැක, රජකම කෙරෙහි බියට පත්ව, උපතින් උරුම රජකම එපා කියන්නට බැරිකමට, ගොලුවෙක් බිහිරෙක් සේ රඟපෑ අවස්ථවක් ද ජාතක පාළියේ එයි. රජකම බෝසත් සිරිතක් නම් එසේ කළේ මොන මගුලටද කියා දැන් ඇසිය යුතුය. එසේම, සිදුහත් කුමරුන් පැවිදි වුණේ සත් දවසකින් ලැබෙන්නට නියමිතව තිබුණු සක්විති වත අතහැර බව පූජාවලියේ දැක්වේ. එසේනම් ඔය කියන ලෝකානුකම්පා චර්යාව ඒ විදියට කරන්නට තිබුණා නොවැ.. අපරාදෙ දේ අර දරුවා සහ භාර්යාව අතහැරලා වනගත වුණේ.. අපේ එකෙක් ඒ කාලයේ සිදුහත් කුමරුගේ ඇමතියා වෙලා හිටියා නම් ෂුවර් එකටම කියන්නේ "යන්න එපා දේවයිනි, එක්කෝ සක්විති වත පුරන ගමන් පිළිවෙත් පුරමු, නැත්නම් සිවුරේ ඉඳන් දේශපාලනේ කරමු" කියා වෙන්ටෑ!
දේශපාලනය කිරීම යනු පාර්ලිමේන්තු ගතවීම පමණක් නොවේ. සිවුරේ ඉඳගෙන ම ජාතිවාදී අදහස් දැරීමද දේශපාලනයක්ම වෙයි. භික්ෂුව යනු ජාති ගෝත්‍රවාද සියල්ල බිම තැබුවෙකි. භික්ෂුවට ජාතියක් තිබිය හැකිනම් ඒ කවර ජාතියක් ද? ඒකාන්තයෙන්ම ඒ ආර්ය ජාතියම පමණකි. ආර්ය වන්නේ කෙසේද යන්න ගැන අපේ වීරයන්ට පැහැදිලි අදහසක් නැත. වෙලාවකට සියලු උපසම්පදා භික්ෂුන් යයි කියති. වෙලාවකට සෝවාන් වත් වෙලා තිබිය යුතුයැයි කියති. අවස්ථාවේ හැටියට කෙළින පචය වෙනස් වෙයි. කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට ඉතාම සරල පිළිතුරක් අංගුලිමාල සුත්‍රයෙන් ලැබෙයි. අඟුල්මල් හිමියෝ අර ගැබ්බර කාන්තාවට සෙත් පතන්නේ, "නැගණියනි, මා යම් දිනෙක ආර්ය ජාතියේ උපන්නාද, එදා සිට..." යනුවෙනි. ආර්ය ජාතියේ උපන්නා යනුවෙන් උන් වහන්සේ අදහස් කරන්නේ මාර්ග ඵල ලැබීම නොවන බව තේරුම් ගන්නට රොකට් සයන්ස් අවශ්‍ය නැත. මේ කියන්නේ යම් දිනෙක තමා බුදුසව්වෙකු වුණා නම් එදා සිට යන අර්ථයෙනි. වැඩිපුර විස්තර පහාරාද සුත්‍රයෙන් දැක්වේ. එහිදී බුදුහිමියෝ පැහැදිලිව මෙසේ කියති. "ගංගා යමුනා අචිරවතී සරභූ යන මේ කවර ගඟේ ජලය මුහුදට ආවත්, එතැන් පටන් එයට කියන්නේ එකම මහා සමුද්‍රය කියා ය. එසේම, සතර වර්ණයන්ගෙන් කවර වර්ණයෙන් පැවිදි වුණත්, පැවිද්දෙන් පසු ඔවුන් හඳුන්වන්නේ එකම ශ්‍රමණ සක්‍යපුත්‍රීය යන නාමයෙන්" කියා ය. වාසි හැටියට බොරු දෙසාබාන හුජ්ජාතිකවාදීන්ට පහාරාද සුත්‍රය පෙන්නන්න බැරි මෙන්න මේ ටික නිසා ය.
පැහැදිලි මදි ද? කරුණාකර අම්බට්ඨ සුත්‍රය ගන්න. එහි පැහැදිලිව මෙසේ කියවේ. "යමෙක් ජාතිගොත්‍ර වලින් ගටා කතා කරනවාද එවැනි කතාවල් ඇතිවන්නේ මගුල් තුලා වලදී. එහෙම ඉන්න ඒ පුද්ගලයා සසරට බැඳිලයි ඉන්නේ, ඔහු අනුත්තර විජ්ජා චරණ සම්පත්තියේ නම් නෙමෙයි ඉන්නේ". මේ මගේ වචන නොවේ, මේ තථාගත සම්මා සම්බුද්ධ වචනය ය. ඒ අනුව, තාමත් භික්ෂුවට ජාතිගොත්‍ර තිබෙන්නට පුළුවන් කියන උදවියගෙන් "මොන මගුලක්ද" කියා ඇසීමේ කිසිදු වරදක් නැත. මන්ද ජාති ගෝත්‍ර විමසන්නේ මගුලට මිස නිවනට නොවන නිසා ය.
සමහරු තවත් පියවරක් ඉදිරියට ගොස්, බුදුරජාණන්වහන්සේ ද ජාති ගෝත්‍රවාද අනුමත කළ කතාවක් කියති. ඔවුන්ගේ ජනප්‍රියම උදාහරණය වන්නේ අග්ගඥ්ඥ සුත්‍ර දේශනාවයි. බුදුන් වහන්සේ අග්ගඥ්ඥ සුත්‍රය දේශනා කළේ චතුර්වර්ණ අතරින් බ්‍රාහ්මණ වර්ණයම උතුම් වන්නේය කියා සිතා සිටි පුද්ගලයකු හට, එය එසේ නොවේය, ඉතිහාසය ඇසුරින් ගතහොත් වඩා උත්තම වන්නේ ක්ෂත්‍රිය වංශය බව පෙන්වීමට ය. මිසක් බුදුන් වහන්සේ සිය ගෝත්‍රය ගැන පාරම්බෑමක් එතැන නැත. තමා හැදු පිය මහරජුට ද බුදුන් වහන්සේ මුහුණටම කිව්වේ, "මහරජ, ඔබේ වංශය ක්ෂත්‍රිය වංශයයි, තථාගතයන්ගේ වංශය බුද්ධ වංශයයි, මා පිළිපදින්නේ බුද්ධ වංශයේ සිරිතයි" කියා ය. එහෙම කියූ බුදුන් වහන්සේ ආයෙම වෙන තැනක "මගේ ගොත්තරේ තමා උතුම්" කියන්නේ නැත.
ගොත්‍රවාදීන්ගේ තවත් ජනප්‍රිය උදාහරණයක් වන්නේ විඩුඩභ කුමරුන් ශාක්‍යයන් වනසන්නට යද්දී, ශාක්‍ය දේශසීමාවේ දී බුදුන් වහන්සේ කළ ප්‍රකාශයයි. ශාක්‍යයන් නසනු පිණිස සිය සේනාව සමග ශාක්‍ය දේශ සීමාවට ආ විඩුඩභ කෝසල කුමරු, බුදුන් වහන්සේ කාෂ්ඨක අව්වේ සිටිනු දැක, "වහන්ස, මෙතරම් සෙවණ ඇති ගසක් තිබියදී ඔබ වහන්සේ මේ අවුවේ ඉන්නේ මන්දැයි" විමසු බවත්, "කිඹුල්වතින් හමා එන සුළඟ ඉතාම සුවදායක ය" යනුවෙන් බුදුන් වහන්සේ ඊට උත්තර දුන් බවත්, විඩුඩභ කුමරු ඒ අසා ආපසු හැරී ගිය බවත් සඳහන් වේ. මෙතනදී බුදුන් වහන්සේ අර ප්‍රකාශය කළේ, විඩුඩභ කුමරුන් මහා පාපයක් කරගන්නවා වැළක්වීමට මිසක සිය ඥාතීන් හෝ ශාක්‍ය ගෝත්‍රය කෙරෙහි හෝ වූ අමුතු කරුණාවකින් නොවේ. එයද අර කිසාගෝතමියට අබ සොයන්නට කීවා සේම, චුල්ල පන්ථක තෙරුන්ට අවුවේ සිටගෙන රෙදිකඩක් පිරිමදින්නට කීවා සේම, අංගුලිමාලට "මම නැවතී සිටිමි, ඔබත් නවතින්න" කීවා සේම සම්‍යක් ප්‍රයෝගයකි. මිසක් වෙන ගෝත්‍රවාදයක් ඔතන නැත.
ඒ කාලයේ ශික්ෂා පද මේ කාලයට ගැළපෙන්නේ නැතැයිද, ඒවා වෙනස් කරගැනීමට අවශ්‍ය නම් අවකාශ ඇතැයිද සමහරුන්ගේ තර්කය වෙයි. කාලයට අවැසි පරිදි වෙනස්කර ගන්නට බුදුහිමියන් පිරිනිවන් මංචකයේ දී අවසර දුන්නේ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද වලට ය. ඒ කියන්නේ කුඩා අනුකුඩා සිකපද ය. එහෙත් ඒ කුඩා අනුකුඩා සිකපද කවරේද යන්න අසාගැනීමට ආනන්ද හාමුදුරුවන්ට හැකියාවක් ලැබුණේ නැත. ඇත්ත වශයෙන්ම ආනන්ද හිමියනට බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එල්ල වූ චෝදනා පහෙන් එකකි, ඛුද්දානුඛුද්දක සිකපද අසා නොගැනීම. එබැවින් බුදුන් ධරමාන කාලයේ වෙනස් කළ සිකපද මිසක, බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නම් ථෙරවාද සම්ප්‍රදායය තුළ එදා මෙදාතුර කවමදාකවත් සිකපද වෙනස් කරගැනීමක් සිදුවී නැත. එසේ කළ හැකියැයි යමෙක් කියන්නේ නම් එය ගල් පැලෙන පට්ටපල් කෙබරයකි.
භික්ෂුව සිංහලකම පෝෂණය කිරීම වරදක් යයි අප කිසිදාක කියන්නේ නැත. ලංකාවේ බුදුසසුන රැකෙන්නේ සිංහලකම තිබෙන තුරු ය. එබැවින් ශාසනයේ ආරක්ෂාව ගැන සිතා, ගිහි දායකයන්ට අවවාද අනුශාසනා කිරීමේ වරදක් නැත. එහෙත් එය කුල දූෂණය දක්වා යන තැනට නොආව යුතුය. කියන එක වචනයක් හෝ වෙයි නම් එය හුදෙක් බුදුසසුන වෙනුවෙන්ම කියන්නට හැකිනම් පමණක් එසේ කිව්වාට කමක් නැත. බැරිනම් කටවසාගෙන සිටීම වඩාත් උචිත ය. මන්දයත් අග්ගික්ඛන්දොපම සුත්‍රයට අනුව, එසේ නොවන මහණුන් හට ගිලින්නට වෙන්නේ ලොහොගුලි බැවිණි.
සිරකුටියෙ නම
ජාතිකත්වය,
පොලිටික්ස්,
බුදු දහම,
සදාචාර කතා
Tuesday, August 12, 2014
පිංබර ඇසළ පොහොයක්!
(පසුගිය වසරේ ඇසළ පොහෝ දිනයේ අපේ වත්පොත් පිටුවේ පළකරන ලද ලිපියකි. පළකරන්නට සිටියේ පොහෝදින ය. ප්‍රමාදය පිළිබඳ අපේ කණගාටුව.)
"දේවයන් වහන්ස, දරුවගෙ පලාපල ගැන කියල ඔබ වහන්සේට මා දුන් අවවාදය ගැන ඔබ වහන්සේ තැකීමක් කරල නැහැ වගෙයි.. "
"ඒ කිව්වේ ගුරුතුමනි?"
"මේක එසේ මෙසේ කේන්දරයක් නෙමෙයි. වාසනාව අවාසනාව දෙකම දෝතින් අරං උපන් මහා ගුප්ත කේන්දරයක්.. මම කිව්වා වගේම දරුවා ඉපදීලා දවස් හතෙන් මෑණියෝ අභාවප්‍රාප්ත වුණේ නැද්ද? සුළුවෙන් හිතන්න එපා! මේක සක්විති රාජයෝග සහිත කේන්දරයක්..! මේ දරුවා හරියට හැදුවොත් මුළු ලෝකයම අපේ ජාතිය යටතට පත්වෙනවා..! නරකට හැදුවොත් මේ දරුවා මැරෙන්නේ අන්ත අසරණයෙක් වගේ..! ඔබතුමා මේ යන විදියට ගියොත් වෙන දේත් කියන්නම්..! මේ දරුවා කසාදෙත් කඩාගෙන පිස්සෙක් වගේ එක එක අන්‍යාගමික කල්ලි වලට අහුවෙලා නන්නත්තාරේ ගිහිං අන්තිමට ඔබේ ඇස්පනාපිටම මේ නගරේ මේ මැදුරට යන පාරෙම හිඟා කනවා..! මතක තියාගන්න දේවයිනි මම කියපු දෙයක් වැරදිලා නැහැ!"
"සොයුරිය මොකද්ද මේ වැඩේ තේරුම? ඇයි මේ මනුස්සයට තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම තේරෙන්නෙ නැත්තේ? අපේ රට ජාතිය තීරණාත්මක බල අරගලයක මැද්දේ ඉඳිද්දී ඒ වෙනුවෙන් කරන්න දහසකුත් එකක් දේවල් තියෙද්දී නිමක් නැති දර්ශනවාද වල එල්ලිලා ඉඳල හරියනවද?"
" ඒ ඔහුගේ හැටි, මලණ්ඩි.. ඔහු කොහොමත් අපට වඩා දුර හිතන කෙනෙක්..ඔහුගේ ගමන දේශපාලනය නොවේ."
"අක්කණ්ඩි මම එකක් කියන්නම්..! ඔය මනුස්සය යන ගමන වෙනස් කරගත්තේ නැත්නම් දවසක තමන්ගේ උරුමයත් නැතිකරගෙනයි නවතින්නේ.. උරුමය පැත්තකින් තියන්න..! මට නම් පෙනෙන්නේ නැහැ ඔහු ඔබට ආදරය කරන බවකුත්..! ඔහු ඔය ඊනියා දර්ශනවාද ගැන හොයන්න ගිහිං දවසක ඔබවත් අතෑරලා ගියොත් මොකද වෙන්නේ?"
"දෙව්දත් මලයණ්ඩි, ආදරය යනු අයිති කරගැනීම ම නෙමේ.."
"මට ඔබත් එක්ක කතාකරලා දිනන්න බැහැ.. ඔබත් හොඳයි සිද්ධාර්ථටම.. හැබැයි යසෝධරා මම එකක් කියන්නම්.. රට ජාතිය වෙනුවෙන් ශාක්‍ය වංශය වෙනුවෙන් ඔහුට කරන්න යුතුකමක් තියෙනවා.. එන ඒ යුතුකම ඉෂ්ට කරන්න ඔහුට සිහි ගන්වන්න.. මම යනවා.."
"ඔය මනුස්සයට මුල මතක නෑ අස්සජී.. මම නම් අන්තෙටම කළකිරිලා ඉන්නේ.."
"ඔබ පමණක් නොවේ ඇවැත්නි, ඔබ වගේම හිතන තව බොහෝ දෙනෙක් ඉන්නවා.."
"ඒ බොහෝ දෙනා වගේ නෙමේ අස්සජී මම. එදා උන්නාන්සේ ගේදොර අතෑරලා අස්සයයි ඇඳිවතයි පමණක් ඇතුව මාලිගයෙන් දොට්ට බහිද්දී ඔය එකෙක්වත් හිටියේ නැහැ ළඟ.. මේ ඡන්න ඇමති නොහිටින්න එදා උන්නනාන්සේ අබිනික්මන් කරන්නේ නැහැ.. කොටින්ම සිද්ධාර්ථ කියන්නේ වයස තිහ කිට්ටු වෙනකනුත් මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක්, භික්ෂුවක් දැකපු කෙනෙක් නෙමෙයි.. මමයි ඔහුට පළමු වතාවට වයසට යනවා කියන්නේ මොකද්ද, ලෙඩ වෙනවා කියන්නේ මොකද්ද, මැරෙනවා කියන්නේ මොකද්ද, පැවිදි වෙනවා කියන්නේ මොකද්ද කියල කියාදුන්නේ.. අද මේ උඩින් පාත් වෙච්ච මිනිස්සු සාසනේ ලොකු මිනිස්සු වෙලා.."
"ඡන්න ඇවැත්නි, ඔබ දැකපු දේවල්ම තමා ඔහුත් දැක්කේ.. නමුත් ඔබ ඒ දේවල් වටහාගත්තේ නැහැ, ඔහු ඒ දේවල් වටහාගන්න උත්සාහ කළා.. අන්න එතනයි වෙනස..හැකිනම් වටහාගන්න."
"ස්වාමීනී, මේ අන්‍යාගමික කල්ලි වලින් ඔබ වහන්සෙට එල්ල වන ස්ත්‍රී දූෂණ චෝදනාව නිසා නුවර වැසියා අප කෙරෙහි බොහොම කේන්තියෙන් ඉන්න බවයි පෙනෙන්නේ.. දානෙකට පින්ඩපාතෙකට වත් දොට්ට බහින්න හැකියාවක් නැහැ.. අපි මේ නුවර අතෑරලා වෙනත් නුවරකට යමු ස්වාමීනී.."
"තථාගතයෝ චෝදනා වලින් සැලෙන්නෝ නොවෙති ආනන්දය.."
"එහෙමනං අඩුම ගානෙ මේ අන්‍යාගමික කල්ලි වල තීර්ථකයන් සහ නිඝණ්ටයින් නගන චෝදනා වලට අපි නිර්භයව පිළිතුරු දෙමු.. අප නිවැරදියි නම් ඇයි අපි සැඟවෙන්නේ.. අපි පාරට බැහැලා මිනිස්සුන්ට කතා කරමු.."
"දවස් හතයි ආනන්ද, දවස් හතයි.. තථාගතයෝ විවාදකයෝ නොවෙති..මේ සියලු දේ දවස් හතයි.. එතෙක් ඉවසන්න.."
"පුණ්ඩරීකං යථා වග්ගු - තොයෙන නූපලිප්පති
නූපලිත්තොම්හි ලොකෙන - තස්මා බුද්ධො'ස්මි බ්‍රාහ්මණ"
"මඩෙන් උපන් පියුම මඩෙන් ඉහළට මතුව, මඩ ගා නොගෙන ඉහළට නැගී සිටින්නේ යම් සේ ද, මමද ලෝකයා නමැති මඩ ගොහොරුව මැදින් ඉපිද, ලෝකයා ගේ කෙළෙස් මඩ තවරා නොගෙන සිටින්නෙමි; බ්‍රාහ්මණය, එසේ හෙයින් මම "බුද්ධ" නම් වෙමි.
ගාගත් මඩ සෝදාගන්නටත්, ගැසූ මඩ වලට සමාව අයදින්නටත්, මඩෙන් තොර සැනසිල්ලක් ලබන්නටත් හේතු වාසනා වන පිංබර ඇසළ පෝ දිනක් වේවා!

****

Saturday, November 9, 2013
බුදු හාමුදුරුවෝ සිංහල බෞද්ධ ද?
මේ ලිපියට ප්‍රස්තුත මාතෘකාව වන්නේ අන් කවරෙකුවත් නොව, ලොවී ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ය. එබැවින් ඉහවහා ගිය අන්ධ භක්තිය, කඩුකස්තාන වනන ජාත්‍යාතල් එක සහ "ලෝකෙන් උතුම්ම මෙව්වා එක අපේ එක යකෝ" යයි සිතා සිටින අහවල් එක නිසා යම් යම් මතවාද වල එල්බගෙන සිටින සංවේදී සිත් ඇත්තන්ට මේ පොස්ටුව කියවීමෙන් වළකින ලෙස තරයේ අවධාරණය කර සිටුම්හ!
හැමදාම දකින බුදුන් වෙනුවට මේ රූපය යෙදුවේ ද යම් හේතුවක් පිණිස ය. වටහා ගන්නෝ වටහා ගනිත්වා!
බුද්ධෝත්පාදය එතරම් ම දුලබ නිසාය, අප අද ද බුදුන් වඳින විට "යෙ ච බුද්ධා අතීතා ච, යෙ ච බුද්ධා අනාගතා - පච්චුප්පන්නා ච යෙ බුද්ධා අහං වන්දාමි සබ්බදා" හෙවත් "අතීතයේ යම් බුදු කෙනෙක් වී ද, අනාගතයේ යම් බුදු කෙනෙක් වන්නේ ද, වර්තමානයේ යම් බුදු කෙනෙකුන් වන්නේ ද, ඒ සියල්ලන් සදාකල් හිම වන්දනා කරමි" යනුවෙන් වඳින්නේ. අද්‍යතන ශාසනය වනාහි මේ කල්පයේ සිවුවන ප්‍රඥාධික මූල සම්පන්න ගෞතම බුද්ධ ශාසනයයි. මේ කල්පය තුළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම සහ මෛත්‍රී (මෙත්තෙය්ය) නමින් බුදු වරු පස් නමක් බුදු වී වදාරන්නේ යැයි ලලිත විස්තරයේ සඳහන් වේ. මේ එහි සිවුවන ගෞතම බුද්ධ ශාසනයයි.
බුදුකෙනෙකුන් බුදු වීම වනාහි ද, එසේ මෙසේ කරුණක් නොවේ. බුදු වීමට නම් දස පාරමී ධර්ම, එක එකක් තුන් ආකාරයක් බැගින් පාරමී තිහක් පිරිය යුතුය. මෙසේ පාරමී දම් පුරන්නෝ බෝධිසත්ත්ව හෙවත් බෝසත්වරු නම් වෙති. ප්‍රඥාධික, ශ්‍රද්ධාධික සහ වීර්යාධික ලෙස බෝසත්වරු තුන් කොටසකි. ප්‍රඥාධික බෝසත්වරු, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් (කල්ප වලින් අසංඛ්‍ය ලක්ෂ හතරක්; අසංඛ්‍යය යනු දහයේ විසිහතර වන බලයයි, ලක්ෂය යනු දහයේ පස්වන බලයයි) පාරමී ධර්ම පුරති. ශ්‍රද්ධාධික බෝසත්වරු අෂ්ටාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද (කල්ප අසංඛ්‍ය ලක්ෂ අටක්), වීර්යාධික බෝසත්වරු ශෝඩසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද (කල්ප අසංඛ්‍ය ලක්ෂ දහසයක්) පෙරුම් දම් පුරති.
පෙරුම් දම් හෙවත් පාරමී ධර්ම ගැනද වචනයක් කිවයුතුය. නිර්වාණාවබෝධය පිණිස පාරමී ධර්ම නම් වූ ගුණධර්ම සමුදායක් සපුරා තිබිය යුතුය. දස පාරමී ධර්ම ලෙස හැඳින්වෙන්නේ ඒවාය.
හෙවත් දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යනු ඒ පාරමිතා දහයයි. මේවා, පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී ලෙස තත්ත්ව තුනකින් යුතුය, පාරමී යනු ගේ දොර වතුපිටි දේපළ පවා කැප කරගෙන මෙකී ගුණධර්ම පිරීමයි. උප පාරමී යනු සිය ශරීරාංග පවා කැප කරගෙන ගුණදම් පිරීමයි. පරමත්ථ පාරමී යනු ජීවිතය පවා කැප කරගෙන ගුණදම් පිරීමයි. රහත් වෙන්නට දස පාරමී ප්‍රමාණවත් ය. පසේබුදු වෙන්නට පාරමී සහ උප පාරමී අවශ්‍ය වේ. බුදු වෙන්නට නම් සමතිසක් පාරමී දම් තිහම සපුරා තිබිය යුතුය. (පසුගිය දිනෙක හරකුන් වෙනුවෙන් "ජීවිත පූජාවක්" කළ එක්තරා හිමිනමක් සම්බන්ධයෙන් සමහරු කීවේ උන් වහන්සේ පරමත්ථ පාරමී පිරු බවකි. ඒ ගැන අපේ මතය මෙන්න මේ ලිපියෙන් බලන්න.)
කරුණු මෙසේ හෙයින් බුදු හාමුදුරුවන් වැඳීම යනු පුද්ගලයෙක් වැඳීමක් නොව යම් ගුණ සමුදායක් කෙරෙහි දක්වන ගරුත්වයක් බව පැහැදිළිය. දේවාගම් සහ ඊශ්වරනිර්මාණවාද වලින් බුදු දහම වෙනස් වන්නේ මෙන්න මෙකී කාරණාව නිසාය. බුදුදහම තුළ අන්ධ භක්තියක් නැත. එතුළ ඇත්තේ විමංසනසීලී ගෞරවයකි. බෞද්ධයකු තුළ බුදුන් වහන්සේ කෙරෙහි ඇත්තේ පාලකයකු කෙරෙහි වහලෙකු දක්වන ආකාරයේ භය සම්ප්‍රයුක්ත යටහත් භාවයක් නොව, වැඩිහිටියකු කෙරෙහි දරුවකු, ගුරුවරයකු කෙරෙහි ශිෂ්‍යයකු හෝ තමාට වඩා වයසින් ගුණයෙන් වැඩි කලණ මිතුරකු කෙරෙහි මිතුරකු දක්වන්නා වූ ගෞරවයකි.
සරණ යන්නේ කීම? අසරණ බවක් නැත්තකු හට සරණ යාමක් අවශ්‍ය නොවේ. සරණ යාමක් අවශ්‍ය වනුයේ සසර බිය දකින්නකු හටය. උපතේ සිට මරණය දක්වා ජීවත් වන හැම මොහොතකම, ජීවිතය පිරී ඇති අවිනිශ්චිත භාවය සහ අනනුකම්පීය භාවය ග්‍රහණය කර නොගන්නකු හට, සංසාරය තුළ බියක් ඇති බවක් දැනෙන්නේ නැත. මෙසේ සසර බිය දක්නේ, එකී සසර බියෙන් නිදහස් වනු කැමැත්තේ, එකී සසර ගමන නවතනු වස් බුදුන් සරණ යයි; දහම් සරණ යයි; සඟුන් සරණ යයි. එතෙකින් හෙතෙම බෞද්ධ උපාසක (උපාසිකා) නම් වේ. එහෙත් සරණ ගිය පමණින් නිදහස් වෙන්නේ නැත; පන්තියට ගිය පළමු දවසෙම සම්පූර්ණ විෂය නිර්දේශය ඉගෙන ගත හැකි නොවන්නා සේ ය. (එසේ කල සමහරු එදා ද වූහ; අද ද විය හැකිය; හෙට ද වනු ඇත.)
කරුණු එසේ හෙයින් සරණාගමනය යන්න වැදගත් වන්නේ කවර හෙයින්ද යන්න ගැන මේ තරම් විස්තරයක් හෝ කර තිබීමේ වැදගත්කම, අප මෙන්ම පාඨකයා ද හඟිනු ඇත.
හැමදාම දකින බුදුන් වෙනුවට මේ රූපය යෙදුවේ ද යම් හේතුවක් පිණිස ය. වටහා ගන්නෝ වටහා ගනිත්වා!
බුදුන් යනු කවරෙක් ද?
පළමුව කිව යුත්තේ "බුද්ධ" යන්න ගෞරව සම්ප්‍රයුක්ත අභිධානයක් හෙවත් එක්තරා ආකාරයක පදවි නාමයක් මිසක පුද්ගල සංඥාවක් නොවන බවයි. අප වඳින්නේ පුදන්නේ "බුද්ධ" නම් වූ පුද්ගලයාට නොවේ. බුද්ධ නම් වූ ගුණයට ය. බොධියට හෙවත් "දැනීමට" පත් වුයේ බුද්ධ නමි. බුද්ධ යැයි කී විට අරහන්ත බුද්ධ, පච්චෙක බුද්ධ සහ සම්‍යක් සම්බුද්ධ යන බොධි තුනම අදාළ වේ. වෙනෙකෙක් ගේ උදව්වක් නැතිව තමා තම නැණින් චතුරාර්ය සත්‍යය වටහාගන්නේ, සහ දෙසීමෙහි සමත් වන්නේ සම්මා සම්බුද්ධ නමි. තමා තම නැණින් දැක වටහාගත්තත්, වෙනෙකෙකු හට මග පෙන්විය නොහැක්කේ පච්චේක බුද්ධ (හෙවත් පසේබුදු) නම් වේ. වෙනෙකෙකු ගේ මග පෙන්වීමෙන් ම කෙළෙස් නසා නිවන් සාක්ෂාත් කරගන්නේ අරහන්ත බුද්ධ (හෙවත් රහතන් වහන්සේ) නමි. තුන්තරා බෝධිය යැයි කී විට, නැතිනම් බුද්ධ යයි කී විට මේ තිදෙනාම අයත් වේ. එසේ වෙතත්, සාමාන්‍යයෙන් බුද්ධ යැයි කී විට ගැනෙන්නේ සම්‍යක් සම්බුද්ධ ගුණයෝ ය. එකී බුදු ගුණයෝ නම් අනන්තය හ, අප්‍රමාණය හ. ඒ ගුණ එකින් එක මෙනෙහි කිරීම අපහසු බැවින් අපි නව අරහාදී බුදු ගුණ නම් වූ ගුණස්කන්ධ නවයකට බෙදා ඒ ගුණකඳු එකින් එක සිහි කරමු.යන මැයෙන් පූජාවලියේ පූජා සංග්‍රහ කථාවේ දක්වා ඇති විග්‍රහය අනුව, "කපක් මුළුල්ලේ බුදු මුවකින් ම බුදු ගුණ වැනුවත් කප ගෙවේ; බුදු ගුණ නො ගෙවේ." යනුවෙනි.බුද්ධෙ'පි බුද්ධස්ස භණෙය්ය වණ්නං - කප්පම්'පි චෙ අඤ්ඤ මහාසමානො
ඛීයෙථ කප්පො චිර දීඝ මන්තරෙ - වණ්ණො න ඛීයෙථ තථාගතස්ස
බුද්ධෝත්පාදය යනු කුමක්ද?
බුද්ධෝත්පාදය වනාහි දුලබ කරුණකි. එක් ඇසක් කණ කැස්බාවකු වසර සීයකට වරක් මුහුදු මතුපිටට පැමිණෙන විට, සයුරේ පාවන වියක සිදුරකින් අහස දැකීමට ඇති සම්භාවිතාව යම් සේ වන්නේ ද, මිනිසත් බවක් ලබා බුදු බණ ඇසීමට ඇති සම්භාවිතාව ඊට වඩා අඩු වන්නේ යැයි බුදුහු දෙසා වදාළ හ. එවැනි මිනිසත් බවක් ලදත්, ශුෂ්ක කල්පයක හෝ අබුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලදොත් බණ ඇසීමක් නැත. කල්පය යනු එසේ මෙසේ කාලයක් නොවේ. ගව්වක් දිග, ගව්වක් පළල, ගව්වක් ගැඹුරැති වලක් කපා, වසර සීයකට වරක් අබ ඇටයක් බැගින් දමමින් වල පිරවුවොත්, වල පිරුණත් කල්පය නොගෙවේ යැයි කියති. එසේම ගව්වක් උස, ගව්වක් දග, ගව්වක් පළල කළුගල් පව්වක් සිනිඳු සුදු මුදු සේද රෙද්දකින් පිරිමැද කළුගල ගෙවා දැම්මත්, කල්පය නොගෙවේ යැයිද කියති. සමහර කල්පවල බුදුවරු උපදින්නේ නැත. ඒවා ශුෂ්ක කල්ප වේ. කල්පයක උපරිමව බුදුවන්නේ බුදුවරු පස්නමකි. එවැනි කල්ප භද්‍ර කල්ප නම් වේ. අප මේ ගෙවන්නේ එවැනි භද්‍ර කල්පයකි.බුද්ධෝත්පාදය එතරම් ම දුලබ නිසාය, අප අද ද බුදුන් වඳින විට "යෙ ච බුද්ධා අතීතා ච, යෙ ච බුද්ධා අනාගතා - පච්චුප්පන්නා ච යෙ බුද්ධා අහං වන්දාමි සබ්බදා" හෙවත් "අතීතයේ යම් බුදු කෙනෙක් වී ද, අනාගතයේ යම් බුදු කෙනෙක් වන්නේ ද, වර්තමානයේ යම් බුදු කෙනෙකුන් වන්නේ ද, ඒ සියල්ලන් සදාකල් හිම වන්දනා කරමි" යනුවෙන් වඳින්නේ. අද්‍යතන ශාසනය වනාහි මේ කල්පයේ සිවුවන ප්‍රඥාධික මූල සම්පන්න ගෞතම බුද්ධ ශාසනයයි. මේ කල්පය තුළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම සහ මෛත්‍රී (මෙත්තෙය්ය) නමින් බුදු වරු පස් නමක් බුදු වී වදාරන්නේ යැයි ලලිත විස්තරයේ සඳහන් වේ. මේ එහි සිවුවන ගෞතම බුද්ධ ශාසනයයි.
බුදුකෙනෙකුන් බුදු වීම වනාහි ද, එසේ මෙසේ කරුණක් නොවේ. බුදු වීමට නම් දස පාරමී ධර්ම, එක එකක් තුන් ආකාරයක් බැගින් පාරමී තිහක් පිරිය යුතුය. මෙසේ පාරමී දම් පුරන්නෝ බෝධිසත්ත්ව හෙවත් බෝසත්වරු නම් වෙති. ප්‍රඥාධික, ශ්‍රද්ධාධික සහ වීර්යාධික ලෙස බෝසත්වරු තුන් කොටසකි. ප්‍රඥාධික බෝසත්වරු, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් (කල්ප වලින් අසංඛ්‍ය ලක්ෂ හතරක්; අසංඛ්‍යය යනු දහයේ විසිහතර වන බලයයි, ලක්ෂය යනු දහයේ පස්වන බලයයි) පාරමී ධර්ම පුරති. ශ්‍රද්ධාධික බෝසත්වරු අෂ්ටාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද (කල්ප අසංඛ්‍ය ලක්ෂ අටක්), වීර්යාධික බෝසත්වරු ශෝඩසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද (කල්ප අසංඛ්‍ය ලක්ෂ දහසයක්) පෙරුම් දම් පුරති.
පෙරුම් දම් හෙවත් පාරමී ධර්ම ගැනද වචනයක් කිවයුතුය. නිර්වාණාවබෝධය පිණිස පාරමී ධර්ම නම් වූ ගුණධර්ම සමුදායක් සපුරා තිබිය යුතුය. දස පාරමී ධර්ම ලෙස හැඳින්වෙන්නේ ඒවාය.
දාන සීලංච නෙක්ඛම්මං පඥ්ඥා වීරියෙන පංචමංඛන්තී සච්චමදිට්ඨානං මෙත්තුපෙක්ඛා'ති මෙ දස
හෙවත් දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යනු ඒ පාරමිතා දහයයි. මේවා, පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී ලෙස තත්ත්ව තුනකින් යුතුය, පාරමී යනු ගේ දොර වතුපිටි දේපළ පවා කැප කරගෙන මෙකී ගුණධර්ම පිරීමයි. උප පාරමී යනු සිය ශරීරාංග පවා කැප කරගෙන ගුණදම් පිරීමයි. පරමත්ථ පාරමී යනු ජීවිතය පවා කැප කරගෙන ගුණදම් පිරීමයි. රහත් වෙන්නට දස පාරමී ප්‍රමාණවත් ය. පසේබුදු වෙන්නට පාරමී සහ උප පාරමී අවශ්‍ය වේ. බුදු වෙන්නට නම් සමතිසක් පාරමී දම් තිහම සපුරා තිබිය යුතුය. (පසුගිය දිනෙක හරකුන් වෙනුවෙන් "ජීවිත පූජාවක්" කළ එක්තරා හිමිනමක් සම්බන්ධයෙන් සමහරු කීවේ උන් වහන්සේ පරමත්ථ පාරමී පිරු බවකි. ඒ ගැන අපේ මතය මෙන්න මේ ලිපියෙන් බලන්න.)
කරුණු මෙසේ හෙයින් බුදු හාමුදුරුවන් වැඳීම යනු පුද්ගලයෙක් වැඳීමක් නොව යම් ගුණ සමුදායක් කෙරෙහි දක්වන ගරුත්වයක් බව පැහැදිළිය. දේවාගම් සහ ඊශ්වරනිර්මාණවාද වලින් බුදු දහම වෙනස් වන්නේ මෙන්න මෙකී කාරණාව නිසාය. බුදුදහම තුළ අන්ධ භක්තියක් නැත. එතුළ ඇත්තේ විමංසනසීලී ගෞරවයකි. බෞද්ධයකු තුළ බුදුන් වහන්සේ කෙරෙහි ඇත්තේ පාලකයකු කෙරෙහි වහලෙකු දක්වන ආකාරයේ භය සම්ප්‍රයුක්ත යටහත් භාවයක් නොව, වැඩිහිටියකු කෙරෙහි දරුවකු, ගුරුවරයකු කෙරෙහි ශිෂ්‍යයකු හෝ තමාට වඩා වයසින් ගුණයෙන් වැඩි කලණ මිතුරකු කෙරෙහි මිතුරකු දක්වන්නා වූ ගෞරවයකි.
බෞද්ධයා යනු කවරෙක් ද?
බෞද්ධයා යනු තෙරුවන් සරණ ගිය කෙනෙකිය යන්න පෙරපාසල් දරුවකු පවා දන්නා දෙයකි. එහෙත් මේ පිටුපස ඇති පුළුල් අර්ථය ග්‍රහණය කර නොගැනීම නිසා, ඕනෑම කාපාළුවකු හට හුදෙක් සරණාගමනය කී පමණින් බෞද්ධයකු විය හැකියැයි ගම්‍ය වේ. සත්‍ය වශයෙන්ම සරණාගමනය යනු එවැනි සරල කටයුත්තක් නොවේ. එකී වාක්‍ය තුන තුළ ගැබ්ව ඇති ගැඹුර විස්තර කරනු වස් මෙවැනි බ්ලොග් ලිපි එකක් කොහෙත්ම ප්‍රමාණවත් නොවේ.සරණ යන්නේ කීම? අසරණ බවක් නැත්තකු හට සරණ යාමක් අවශ්‍ය නොවේ. සරණ යාමක් අවශ්‍ය වනුයේ සසර බිය දකින්නකු හටය. උපතේ සිට මරණය දක්වා ජීවත් වන හැම මොහොතකම, ජීවිතය පිරී ඇති අවිනිශ්චිත භාවය සහ අනනුකම්පීය භාවය ග්‍රහණය කර නොගන්නකු හට, සංසාරය තුළ බියක් ඇති බවක් දැනෙන්නේ නැත. මෙසේ සසර බිය දක්නේ, එකී සසර බියෙන් නිදහස් වනු කැමැත්තේ, එකී සසර ගමන නවතනු වස් බුදුන් සරණ යයි; දහම් සරණ යයි; සඟුන් සරණ යයි. එතෙකින් හෙතෙම බෞද්ධ උපාසක (උපාසිකා) නම් වේ. එහෙත් සරණ ගිය පමණින් නිදහස් වෙන්නේ නැත; පන්තියට ගිය පළමු දවසෙම සම්පූර්ණ විෂය නිර්දේශය ඉගෙන ගත හැකි නොවන්නා සේ ය. (එසේ කල සමහරු එදා ද වූහ; අද ද විය හැකිය; හෙට ද වනු ඇත.)
කරුණු එසේ හෙයින් සරණාගමනය යන්න වැදගත් වන්නේ කවර හෙයින්ද යන්න ගැන මේ තරම් විස්තරයක් හෝ කර තිබීමේ වැදගත්කම, අප මෙන්ම පාඨකයා ද හඟිනු ඇත.
බුදුහාමුදුරුවන් කාගෙ ද?
බුදු කෙනෙක් ලොව උපදින්නේ කාටවත් කොපිරයිට් දෙන්නට / ගන්නට නොවේ. බුදු කෙනෙක් උපදින්නේ සමස්ත සකල ජනී ජනයාගේම හිතෝපදේශය පිණිසය. එහෙව් බුද්ධ උප්පාදය වනාහී සක්වලක් සක්වලක් සිසාරා චතුරාර්ය සත්‍යය පතුරුවා, බුද්ධ වචනයෙන්ම කියන්නේ නම් "දහම් අමා බෙරය වයන්නටම" මිස, මේ කොදිව්වටම පමණක් සින්නක්කර ලියාගත හැක්කක් නොවේ. එසේ බුද්ධ චරිතය ඇසුරින් අපට උප්පැන්න ලියාගන්නට තරම් නිවට නිහීන ජාතියක් බවට පත්වන්නට තරම් අමිහිරි අතීතයක් අපට නැත.
බුදු හිමියන් සිය වදනින් මැ පහාරාද සුත්‍ර දේශනාවේ දී වදාළේ මෙසේ ය.
පාළි පාඨය:
[අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, පඨම පණ්ණාසකය, දෙවන මහාවග්ගය, නවවන සුත්‍රය වන පහාරාද සුත්‍රය: ආශ්‍රිතය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා 2006 නව මුද්‍රණය.]
එසේනම් ඊළඟට පිළිතුරු දිය යුතු අනිවාර්ය ගැටළුව වන්නේ, "සිංහල" බෞද්ධයන් සිටිය හැකි ද යන්නයි. බෞද්ධයා බෞද්ධයෙකි. සසර බිය දකින්නෙකි. මිසක ජාතිවාදයෙන් උදම් වන්නෙකු නොවේ. ජාතිකාභිමානය කරණකොටගෙන සිය ජනවර්ගයේ උන්නතිය පිණිස පෘථග්ජනයකු ක්‍රියා කිරීම කෙසේ වෙතත්, බුදුදහම සින්නක්කර ලියාගැනීමට සමහර ජාතිකවාතකරුවන් දරන ප්‍රයත්නය කෙතරම් විහිළුවක් ද යන්න මින් මනාව පෙනේ.
එහෙත් අවාසනාවකට මෙන් අද අපට දකින්නට ලැබෙන්නේ ඔය කියනාකාර නිහතමානී ප්‍රෞඪත්වයක් නොව, නිවට නියාලු ඔතැනි ගෝත්‍රික සමාජයක කොටු වී ජීවත් වන වල්සතුන් පිරිසක් මිස උදාර සංස්කෘතියක උරුමක්කාරයන් පිරිසක් නම් නොවේ. මහින්දාගමනයෙන් ලද බුදුදහම හැරෙන්නට අද වෙනවිට අපට ගිරිය පුප්පාගෙන කෑ ගසන්ට වෙනින් මොනම කජ්ජක් හෝ නැත. ඒ නිසාය අද වෙන විට අහවල් පාපන්දු ක්‍රීඩකයා, අහවල් ගායකයා, අහවල් දේශපාලකයා, අහවල් චින්තකයා, අහවල් හොලිවුඩ් නිළිය බෞද්ධ වුනාය කියමින් කෑකොස්සන් දෙන්නේ. ඒ වනාහි ද, ඔය ඉහත කී හීනමානය නිසා මිසක අන් කවරක් හෝ නිසා නොවේ.
කොළඹ එක්තරා උපකාරක පංති ගුරුවරයකු සිය විෂය හඳුන්වා දුන්නේ, "මේ විෂය අමාරු නැත; අමාරු කරගෙන ඇත" කියා ය. එසේම අපටද, බුද්ධ ධර්මය සංකීර්ණ නැත; සංකීර්ණ කරගෙන ඇත කියා කියන්නට සිදුව තිබේ. අපේ පන්සල්වල හට පැනපු නායක හිමිවරු ත්‍රිපිටකය පොත් රාක්ක වල ඔබාගෙන සුවඳ දුම් අල්ල අල්ල ඉන්න අතරේ සුද්දෝ අපට වඩා වඩා ඉහළින් දහම් දැනුම ලබති. අපට කලින් ජීවිතයේ රසය විඳිති. අපේ උන්දෙලා තාමත් ලැජ්ජ නැතිව අරයගෙ මෙයාගෙ පශ්චාත් භාගයේ එල්ලි එල්ලී සිටිති.
"විජටයෙ ජටං" යන වචන දෙකෙන් සමස්ත බුදු දහම විස්තර කළ හැකිය. බුදු දහම තිබෙන්නේ ගැට ලිහන්න මිසක් ගැටගහන්නට නොවේ. අපේ බෞද්ධයන් කරන්නේ ගැටයක් අතට ලැබුණු විට ඊට "ශ්‍රී ලංකා" ලේබලය ඇලවීම මිසක ගැට ලෙහීම නොවේ. කොතරම් හීනමානික චින්තනයක් මේ රටේ ඇත්ද කියන්නේ නම්, හීනමානිකද කියනවා නම් බුදු හාමුදුරුවොත් මෙහෙටම සින්නක්කර ලියාගත්තේ නැත්නම් ආහාර ජීර්ණය පවා සිද්ද නොවෙන තැනට අපේ සමහරු පිටකොඳු බිඳගෙන සිටිති.
ජන්බුද්වීප වාදීන් කියන ජනප්‍රියම තර්කය නම් ඉතිහාසයේ අශෝක නම් රජෙක් සිටියේ නැති බවත්, එය ඉන්දීය ඉතිහාසය "අමුතුවෙන්" ලියු සුද්දන්ගේ නිර්මාණයක් බවත් ය. එසේම, මහින්ද තෙරණුවන් ගේ ලංකාගමනය පිළිකෙව් කරන ඔවුහු මහාවංශය ලිව්වේ දමිලයෙක් බව කියමින් එය ද බැහැර කරති.
මහාවංශයට ගරහන මිනිස්සු ද ඇත; ඊට වඳින පුදන මිනිස්සු ද ඇත. අප ඒ දෙකටම අයත් නොවේ. මහාවංශය පමණක් නොව ඕනෑම ඉතිහාස ග්‍රන්ථයක් යම් තරමකට පක්ෂග්‍රාහී වීම වැළක්විය නොහැක. ඕනෑම ඓතිහාසික පොතක් විශ්වාස කළ හැකි සීමාවක් ඇත. අප අන්න ඒ සීමාව දැන, තාර බර හැර කරුණු වෙන්කර ගත යුතුය. වරදක් දෙකක් හෝ කීපයක් තිබු පමණින් මහාවංශය කුණු බක්කියට දැමීමට තරම් අපට උන්මාදයක් නැත.
මහාවංශය සහ අනිකුත් පොත් වැරදියට පරිවර්තනය කළාය කියන උදවිය ඔය කතා කරන්නේ පාළි ඉගෙන ගෙනද? පාළි එපා කියන ඔවුන් පාළි මහාවංශය ඇහැට වත් දැක ඇත්ද? යන්න වෙනම නැගිය යුතු පැනයකි.
මහාවංශයේ වැරදි තිබේ. ඒ කෙසේ වෙතත් උග්‍ර හීනමානයෙන් සහ භින්නෝන්මාදයෙන් පෙළෙන මානසික රෝගීන්ගේ සිතේ පහළවන මානසික ව්‍යාධි සම්පන්න පිස්සු මනෝවිකාරයකට වඩා අපට මහාවංශය විශ්වාස සම්පන්නය.
පිස්සු කෙළින එක නවත්තලා දහමේ හිටපල්ලා. එවිට සියල්ල සාර්ථක වනු ඇත.
බුදු හිමියන් සිය වදනින් මැ පහාරාද සුත්‍ර දේශනාවේ දී වදාළේ මෙසේ ය.
"පහාරාදය, යම් සේ වනාහි ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේ යම්කිසි මහා ගංගාවෝ වෙත් නම් ඒ ගංගාවෝ මහා සමුද්‍රයට පැමිණ පළමු නම් ගොත් හැර දමත්. මහා සමුද්‍රය යන සංඛ්‍යාවට, (නාමයට) පැමිණෙත්. පහාරාදය, එපරිද්දෙන්ම වනාහි රජ, බමුණු, වෙළඳ, ගොවි යන මේ සිවු කුලයෝ වෙත්ද, ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාතවූ, තථාගතයන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයෝය යන සංඛ්‍යාවට පැමිණෙත්. පහාරාදය, යම් සේ වනාහි රජ, බමුණු, වෙළඳ, ගොවි යන මේ සිවු කුලයෝ වෙත්ද, ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාතවූ, තථාගතයන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයෝය යන සංඛ්‍යාවට පැමිණෙත්. පහාරාදය, මේ වනාහි මේ ශාසනයෙහි සිව්වැනි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ ගුණ ධර්‍මයයි. එය දැක දැක භික්‍ෂූහු ශාසනයෙහි සිත් අලවත්. "
පාළි පාඨය:
"සෙය්‍යථාපි පහාරාද, යා කාචි මහා නදියො, සෙය්‍යථිදං; ගංගා යමුනා අචිරවතී සරභූ මහී, තා මහාසමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, මහාසමුද්දොත්වෙව සංඛං ගච්ඡන්ති, එවමෙව ඛො පහාරාද, චත්තාරො මෙ වණ්ණා, ඛත්තියා බ්‍රාහ්මණා වෙස්සා සුද්දා, තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, "සමණා සක්‍යපුත්තියා"ත්වෙව සංඛං ගච්ඡන්ති. යම්පි පහාරාද චත්තාරො මෙ වණ්ණා, ඛත්තියා බ්‍රාහ්මණා වෙස්සා සුද්දා, තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, "සමණා සක්‍යපුත්තියා"ත්වෙව සංඛං ගච්ඡන්ති. අයං පහාරාද, ඉමස්මිං ධම්මවිනයෙ චතුත්ථො අච්ඡරියො අබ්භූතෝ ධම්මො යං දිස්වා භික්ඛු ඉමස්මිං ධමමවිනයෙ අභිරමන්ති."
[අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, පඨම පණ්ණාසකය, දෙවන මහාවග්ගය, නවවන සුත්‍රය වන පහාරාද සුත්‍රය: ආශ්‍රිතය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා 2006 නව මුද්‍රණය.]
එසේනම් ඊළඟට පිළිතුරු දිය යුතු අනිවාර්ය ගැටළුව වන්නේ, "සිංහල" බෞද්ධයන් සිටිය හැකි ද යන්නයි. බෞද්ධයා බෞද්ධයෙකි. සසර බිය දකින්නෙකි. මිසක ජාතිවාදයෙන් උදම් වන්නෙකු නොවේ. ජාතිකාභිමානය කරණකොටගෙන සිය ජනවර්ගයේ උන්නතිය පිණිස පෘථග්ජනයකු ක්‍රියා කිරීම කෙසේ වෙතත්, බුදුදහම සින්නක්කර ලියාගැනීමට සමහර ජාතිකවාතකරුවන් දරන ප්‍රයත්නය කෙතරම් විහිළුවක් ද යන්න මින් මනාව පෙනේ.
බෞද්ධයන්ට පිට කොඳු ආනයනය කිරීම
බුදුන් මෙලකට වඩින්නට පෙර පටන් මැ අපි ඉතාම ප්‍රෞඪ දේශයක් ව සිටියෙමු. බලි, තරු, රාවණ ආදී අසුරයින් ද, ඊටත් පසුව අනේකාකාර වූ උදාර සිංහල රජදරුවන්ද බිහිකළ මේ දේශයට, වීරත්වය අමුතුවෙන් තීන්ත ගා ආලිප්ත කරන්ට අවශ්‍ය වන්නේ නැත; එසේ අවශ්‍ය වන්නේ යයි යමෙක් සිතන්නේ නම් ඔහු වනාහි ඉතාම දුර්වල හීනමානයකින් පෙළෙන්නෙක් මිසක අන් කවරෙක් හෝ නොවේ.එහෙත් අවාසනාවකට මෙන් අද අපට දකින්නට ලැබෙන්නේ ඔය කියනාකාර නිහතමානී ප්‍රෞඪත්වයක් නොව, නිවට නියාලු ඔතැනි ගෝත්‍රික සමාජයක කොටු වී ජීවත් වන වල්සතුන් පිරිසක් මිස උදාර සංස්කෘතියක උරුමක්කාරයන් පිරිසක් නම් නොවේ. මහින්දාගමනයෙන් ලද බුදුදහම හැරෙන්නට අද වෙනවිට අපට ගිරිය පුප්පාගෙන කෑ ගසන්ට වෙනින් මොනම කජ්ජක් හෝ නැත. ඒ නිසාය අද වෙන විට අහවල් පාපන්දු ක්‍රීඩකයා, අහවල් ගායකයා, අහවල් දේශපාලකයා, අහවල් චින්තකයා, අහවල් හොලිවුඩ් නිළිය බෞද්ධ වුනාය කියමින් කෑකොස්සන් දෙන්නේ. ඒ වනාහි ද, ඔය ඉහත කී හීනමානය නිසා මිසක අන් කවරක් හෝ නිසා නොවේ.
කොළඹ එක්තරා උපකාරක පංති ගුරුවරයකු සිය විෂය හඳුන්වා දුන්නේ, "මේ විෂය අමාරු නැත; අමාරු කරගෙන ඇත" කියා ය. එසේම අපටද, බුද්ධ ධර්මය සංකීර්ණ නැත; සංකීර්ණ කරගෙන ඇත කියා කියන්නට සිදුව තිබේ. අපේ පන්සල්වල හට පැනපු නායක හිමිවරු ත්‍රිපිටකය පොත් රාක්ක වල ඔබාගෙන සුවඳ දුම් අල්ල අල්ල ඉන්න අතරේ සුද්දෝ අපට වඩා වඩා ඉහළින් දහම් දැනුම ලබති. අපට කලින් ජීවිතයේ රසය විඳිති. අපේ උන්දෙලා තාමත් ලැජ්ජ නැතිව අරයගෙ මෙයාගෙ පශ්චාත් භාගයේ එල්ලි එල්ලී සිටිති.
"විජටයෙ ජටං" යන වචන දෙකෙන් සමස්ත බුදු දහම විස්තර කළ හැකිය. බුදු දහම තිබෙන්නේ ගැට ලිහන්න මිසක් ගැටගහන්නට නොවේ. අපේ බෞද්ධයන් කරන්නේ ගැටයක් අතට ලැබුණු විට ඊට "ශ්‍රී ලංකා" ලේබලය ඇලවීම මිසක ගැට ලෙහීම නොවේ. කොතරම් හීනමානික චින්තනයක් මේ රටේ ඇත්ද කියන්නේ නම්, හීනමානිකද කියනවා නම් බුදු හාමුදුරුවොත් මෙහෙටම සින්නක්කර ලියාගත්තේ නැත්නම් ආහාර ජීර්ණය පවා සිද්ද නොවෙන තැනට අපේ සමහරු පිටකොඳු බිඳගෙන සිටිති.
බුදුන් උපන්න දිවයින මේක (ලු)
පහුගිය කාලයේ මීවනපලානේ තෙරනම යැයි හඳුන්වනු ලබන එක්තරා තෙරනමකගේ මූලිකත්වයෙන්, ලැව්ගින්නක් සේ පැතිර ගිය "ජන්බුද්වීපවාදය" ද අපට මෙහිදී උදාහරණයක් සේ ගත හැකිය. මේ මිනිස්සු මේ සර්පයා අල්ලාගෙන ඇත්තේ ද අපූරු තැනකිනි. එනම් ජම්බුද්වීප යන්නෙනි. ජන්බුද්වීපවාදීන් ඔය වචනය කඩන්නේ "ජන් + බු + ද්වීප" කියා ය. සිහළ-සකු-පාළි සියලු සන්ධි රීති එසේ කඩා දමන ඔවුහු, ඊළඟට ඕකට බුදුන් උපන්න දීපය කියා ද කියති. අප දන්නා ඉතිහාසය අනුව නම් බුදු කෙනෙක් "උපදින්නේ" නැත; උපදින්නේ සිදුහත් කුමරු ය. බුදු වෙන්නේ ඊට පසුව ය. ජන්බුද්ද්වීප = බුදුන් උපන් ද්වීපය නම්, එසේනම් කක්කල් කැස්ස යන්නට "කක්කා කල් ඉකුත් වීමෙන් සෑදෙන කැස්ස" කියාද අර්ථ දැක්විය හැකි විය යුතුය.ජන්බුද්වීප වාදීන් කියන ජනප්‍රියම තර්කය නම් ඉතිහාසයේ අශෝක නම් රජෙක් සිටියේ නැති බවත්, එය ඉන්දීය ඉතිහාසය "අමුතුවෙන්" ලියු සුද්දන්ගේ නිර්මාණයක් බවත් ය. එසේම, මහින්ද තෙරණුවන් ගේ ලංකාගමනය පිළිකෙව් කරන ඔවුහු මහාවංශය ලිව්වේ දමිලයෙක් බව කියමින් එය ද බැහැර කරති.
මහාවංශයට ගරහන මිනිස්සු ද ඇත; ඊට වඳින පුදන මිනිස්සු ද ඇත. අප ඒ දෙකටම අයත් නොවේ. මහාවංශය පමණක් නොව ඕනෑම ඉතිහාස ග්‍රන්ථයක් යම් තරමකට පක්ෂග්‍රාහී වීම වැළක්විය නොහැක. ඕනෑම ඓතිහාසික පොතක් විශ්වාස කළ හැකි සීමාවක් ඇත. අප අන්න ඒ සීමාව දැන, තාර බර හැර කරුණු වෙන්කර ගත යුතුය. වරදක් දෙකක් හෝ කීපයක් තිබු පමණින් මහාවංශය කුණු බක්කියට දැමීමට තරම් අපට උන්මාදයක් නැත.
මහාවංශය සහ අනිකුත් පොත් වැරදියට පරිවර්තනය කළාය කියන උදවිය ඔය කතා කරන්නේ පාළි ඉගෙන ගෙනද? පාළි එපා කියන ඔවුන් පාළි මහාවංශය ඇහැට වත් දැක ඇත්ද? යන්න වෙනම නැගිය යුතු පැනයකි.
මහාවංශයේ වැරදි තිබේ. ඒ කෙසේ වෙතත් උග්‍ර හීනමානයෙන් සහ භින්නෝන්මාදයෙන් පෙළෙන මානසික රෝගීන්ගේ සිතේ පහළවන මානසික ව්‍යාධි සම්පන්න පිස්සු මනෝවිකාරයකට වඩා අපට මහාවංශය විශ්වාස සම්පන්නය.
අපේ දැක්ම
අද වන විට මේ රටේ ඇතිව තිබෙන සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික පසුබෑම නොදකින, නොදැනෙන එකෙකු මේ රටේ ඉන්නවා යැයි සිතන්නට බැරිය. ලොව උතුම්ම ධර්මය සිය පරවේණි බූදලයක් සේ සලකන රටේම මෙවැනි දේවල් දක්නට ලැබීම මහත්ම අවාසනාවකි. මන්ද ඒ හරහා ලෝකයට දෙනු ලබන පණිවුඩය ඉතාම ප්‍රබල එකක් නිසා ය. එබැවින් අවසාන වශයෙන් මේ රටේ සියලු බෞද්ධයන් ගෙන් එකම එක ඉල්ලීමක් කළයුතුව තිබේ.පිස්සු කෙළින එක නවත්තලා දහමේ හිටපල්ලා. එවිට සියල්ල සාර්ථක වනු ඇත.
Subscribe to:
Posts (Atom)