logo banner
Showing posts with label විදුලි බිල. Show all posts
Showing posts with label විදුලි බිල. Show all posts

Tuesday, May 21, 2013

වර්ජනය අසාර්ථකයි | The Failed Strike

වර්ජනය අසාර්ථකයැයි ද, ආණ්ඩුව සාර්ථක යැයි ද මේ දිනවල මහා ගෝසෙට කතාව යනු පෙනේ. මේ "ජයග්‍රහණයෙන් මත්වී උද්දාම වන උදවියගේ ආතල් කැඩීමට අපට සිත් නොදෙතත්, උන්ගේ ආතල් වලට ගෙවන අහිංසක මිනිසුන් වෙනුවෙන් මේ වචන ටික කිව යුතුමය. මේ ඔබ දකින්නේ අපට ඉතිරිව ඇති එකම විමධ්‍යගත මාධ්‍ය වන අන්තර්ජාලය ඔස්සේ පළවූ අදහස් කීපයකි.




රජු දිගා වේවා!

අපේ ඉතිහාසයේ ඈත ඉඳන් පැවත එන එක්තරා සෙට් එකක් සිටිති; ඒ වනාහි, ඒ කාලයේ, සිය අඹුව, සිය දුවණිය, ඒ කාලයේ රට පාලනය කළ කෙනා සමග නිදි වද්දවති. ඊට පසුව, "මගේ ගෑනි, මගේ දුව අහවල් රජතුමාත් එක්ක රැය පහන් කළා" යනුවෙන් මුළු රටටම බොහොම උජාරුවෙන් කියති.. සුද්දා ආ පසු ද වුණේ ඔය ටික මය. සුද්දා ගේ සුදු හමට ලොබ බැඳි අපේ වාහෙලා එළිපිටම සුද්දන් සමග ලැග්ගා පමණක් නොව, ඒ ගැන හරිම ආඩම්බරයෙන් කියන්නට ද පෙළඹ සිටියෝ ය. අනේ ඉතින් අර ගොබ්බ රජු මොනවා කලත් සාදු, කියනවා ඇරෙන්නට වෙන මුන්ගෙන් සිදු වූ දෙයක් නැත..අදටත් ඒ පරම්පරාවෙන් පැවත එන අය සිටිති, උන් අද කියන්නේ කරන්ට් බිල වැඩි කරාට මොකද? අපේ රජතුමානේ කියා ය..

~~ලසන්ත සංජය ගෙන් උපුටා ගන්නා ලදී.

ලබ්බට තිබ්බ අතමය පුහුලටත් කියන සංකල්පය යටතේ, රාජ්‍යයට එරෙහිව ආ ලබ්බේ බලවේග මර්දනයට යොදාගත් අවනීති හා අව-සංකල්ප පුහුලේ බලවේග සඳහාද යොදාගැනෙනු ඇත. එමෙන්ම ජාතිකවාදීන් විසින් සාධාරණීකරනය කරමින් තිබුනු අතීතකාමයද මෙ මොහොතේ ආණ්ඩුව විසින් සිය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමට යොදාගනු ඇත. මේ අනුව මේ තිබෙන්නේ නිකන් සිල්ලර ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් පත්වූ ආන්ඩුවක් නොවේ. මේක මහාසම්මත රාජාණ්ඩුවකි. ජනතාව මහාසම්මතයකින් අනුමත කරනතාක් සියලු ආන්ඩු විරෝධී කටයුතු රාජ්‍ය-විරෝධී යැයි සම්මතය. කොටින්ම මහාසම්මත ක්‍රමය යටතේ 'රාජ්‍යය' (state) හා 'ආන්ඩුව' (regime) අතර වෙනසක් නැත. එහෙම වෙනස් කම් ඇත්තෙ පර-සුද්දාගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේය.
~~"රිටිගල ජයසේන"

මේ කතාවල් මැද්දට ම අපට ද කතාවක් කියන්නට සිත් විය.


එකෝමත් එක කාලෙක, සිය රදළ ස්වාමියා ගැන මහත් ආඩම්බරයෙන් අනිත් වහලුන් සමග දබර කරගත් වහලෙක් අරබයා, මේ කතාව මහළු මිනිහෙක් විසින් කීවේ ලු.


රදළ දවසක් රදළයෙක් අස්ස කරත්තයෙන් යනකොට දැක්කලු ගොවියෙක් තමන්ගෙ භාර්යාවත් එක්ක පොළට යනවා.. ඉතිං මේ රදළයාට මේ ගොවි තරුණිය ගැන සරාගී සිතක් පහළ වුණාලු. රදළයන්ට මොන තහංචි ද? ඉතිං මූ කිව්වලු අර ගොවියට, "උඹේ ගෑණිව කරත්තේ ඇතුළට නග්ගල උඹ ගිහිං අර අස්සයව අල්ලං හිටපං කොහෙවත් යන්න නොදී.. ඌට පොඩ්ඩක් මද කිපිලා.. ඒ නිසා රිදෙන්න හයියෙන් වෘෂණ කෝෂ දෙක අල්ලං හිටපං එතකොට දඟලන්නෙ නැහැ"යි කියල. අනේ අර මිණිහත් ඉතිං රදළයා තමන්ගෙ ගෑණිත් එක්ක රමණකෘත්‍යයේ යෙදෙද්දී අර අස්සයගේ වෘෂණ කෝෂ දෙක අල්ලං ඉන්නවලු. කොහොමිං හරි රදළයත් වැඩේ අහවර කරලා ගොවිය දිහාට රිදී කාසියක් විසික් කරලා යන්න ගියාලු. ගියාට පස්සේ අර ගොවියා බොහොම උජාරුවෙන් තමන්ගෙ නෝනට කියනවලු.. "ඔය දන්නවද.. ඌ හිතං ඉන්නේ මම උගෙ අස්සයගේ ඇටදෙක අල්ලං හිටියාය කියල වෙන්නැති.. මම අල්ලං හිටපු ඇටයක් නැහැ.. උන්දෑ හිතං ඉන්නවා ඇති අපි මේ එයාගෙ අත පල්ලෙන් වැටිලා කියල උගේ අස්සන්යන්ගේ ඇට දෙක අල්ලං ඉන්න.. හුහ්.. එව්වා කොහෙද මාත් එක්ක.. "
ආණ්ඩුව කියන දේ ත් එක අතකට ඇත්ත ය. වැඩ වර්ජනය අසාර්ථක ය. වෙනින් මොකුත් ම නිසා නොවේ. සමහරු හරි උජාරුවෙන් අල්ලං ඉන්නා වෘෂණ කෝෂ බිම තබ්බවන්නට අපට නොහැකි වූ බැවිනි. 

අවසාන වශයෙන් මේ කතාව පුරාවට ආණ්ඩුවට කඩේ ගිය උන්ගෙන් අහන්නට ඇත්තේ එක දෙයකි: ඔබ තවමත් පාලක අස්සයාගේ ඇටදෙක අල්ලං ඉන්නවාද?

Monday, May 20, 2013

විදුලි වේසකම | Electricity in Prostitution

අවවාදයයි! මේ පොස්ටුවේ සමහරුන් කුණුහරුප සේ සළකන වචන තිබිය හැකිය.


මුලින්ම කියන්නට ඕනේ දෙයක් තිබේ. එනම් වේසකම යනු හරි සිංහලෙන් බැලුකල, කුණුහරුපයක් නොවන බවයි. වේස යන වචනය හැදෙන්නේ "වේශ්‍යා" යන සංස්කෘත වචනයෙනි. බොහෝ දෙනා මෙය "වෛශ්‍යා" යනුවෙන් වැරැදියට වහරති. "වෛශ්‍යා" යනු "වෛශ්‍ය" හෙවත් වෙළෙන්දා ගේ ස්ත්‍රී ලිංග පදයයි. ගණිකාව යන අරුතක් ඊට නැත. ගණිකාව හෙවත් වේශ්‍යාව යන අර්ථය දෙන නියම සිංහල වදන වන්නේ වේසිය යන්නයි. කෙසේ වෙතත් මෙය බලන හුදී ජන පහන් සංවේගය සහ නාඩිවේගය ගැන සිතා අපි හැකි සෑමවිටම ගණිකාව යන වදන යොදමු. අවැසි නම් අපට ඊට වඩා ලස්සනට "නගර ශෝභණී" ("නගර ශෝභිණි" කිව්වොත් වැරැදි ය) කියා ද කිව හැකි මුත් මේ කියන්නට යන අසුන්දර කතාවට එවැනි සුන්දර වදනක් ගැළපෙන්නේ නැත. 

වේස කම හෙවත් ගණිකා වෘත්තීය ලෝකයේ පළමු රැකියාවය කියති. මුලින් ලෝකයේ රැකියා කියා දෙයක් තිබ්බේ නැත. එක එකා තමන්ට හැකි පමණ වගා කරගෙන හෝ මරාගෙන කෑහ. "මම දෙයක් දෙන්නම්, මට දෙයක් දෙන්න" යනාර්ථයෙන් කරන දේ ය, රැකියාව වන්නේ. එනයින් බැලූකළ මේ කතාව ඇත්ත වන්නට ද පිළිවනි. එහෙත් පුද්ගලිකව මේ ලියන ලේඛකයා නම් ඒ අදහසට එකඟ නැත. ඒ තිබියේ වා! වැදගත් ම දේ, ගණිකා වෘත්තීය තුළ, අනෙකාගේ ලිංගික සන්තර්පණය පිණිස සිය ශරීරය විකිණීම සිදු වීමයි. සාමාන්‍ය බස් වහරින් මෙයට "දීම" යයි කියති. දීම ගැන අපි කලින් වතාවක දීර්ඝ විස්තරයක් ලියා ඇත. 

ශරීරය කිව්වාම ඒකෙ විවිධාකාර අංගෝපාංග ද තිබේ. ඒ හා බැඳුණු ලිංගික කෘත්‍ය ද ඇත්තේ යි. ඒවාට විවිධාකාර නම් ද තිබේ. සාමාන්‍යයෙන් සන්නිවේදන සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඉන් වැදගත්ම අවයවය වන්නේ කටයි. මේ කට ද, ඉහළ මිලකට විකිණිය හැකි ඉතා හොඳ වෙළෙඳ භාණ්ඩයකි. විශේෂයෙන් ම පාරිභෝගික සමාජයක ඊට ඉතා දැවැන්ත වටිනාකමක් තිබේ. 

අප ප්‍රස්තුත මාතෘකාව වෙත දැන් දෑස යොමා බැලුවහොත්, ඉන් කියවෙන්නේ "විදුලි වේසකමක්" ගැනයි. මේ වදන අප විසින් තනන්නට යෙදුණේ, මෑතකදී අන්තිම අසාධාරණ ලෙස වැඩි කළ විදුලි බිලට "පක්ෂව" පෙළපාලි ගිය කාලකන්ණි ටික දැක ය. 

විදුලි බිල අහස උසට නැග්ගවූ ආණ්ඩුවේ ඒකායන පරමාර්ථය වුයේ මේ රටේ ජනතාව යළි ඇන්දවීමකි. පිටකොටුවේ පදික වෙළෙන්දෝ සහ වෙළෙන්දියෝ (එනම්, වෛශ්‍යයෝ සහ වෛශ්‍යාවෝ) ද පාවිච්චි කරන සරල දෙයකි. එනම්, තමන්ට කපා ගන්නට ඕනෑ ගණන තබාගෙන හෙට්ටු කරන්නට ඉඩ දීමයි. ඒකක 60 කට අඩු නම් ලැබෙන්නේ යයි කියන ඊනියා සහනය පුස්සක් වන්නේ අන්න ඒ හේතුව නිසා ය. 



මේ කතාව පැහැදිලි කරගනු වස් අපි සරල ගණිත කර්මයක් කරමු: ඒකකයක් යනු කිලෝ වොට් පැය එකකි. ඒකක 60 ක් යනු කිලෝ වොට් පැය හැටකි. එනම් වොට් හැටේ බල්බයක් පැයක් දල්වා තැබූ විට වොට් පැය හැටකි.

වොට් 60 බල්බය පැයක් දැල්වේ නම්----------------- වොට් පැය  1
වොට් 60 බල්බය දිනකට පැය 12ක් දැල්වේ නම් ----- වොට් පැය 12
එවැනි දින 30 කට ----------------------------------- වොට් පැය 12 x 30 = වොට් පැය 360
එවැනි බල්බ 5ක් ගෙදර ඇත්තේ නම් ----------------- වොට් පැය 360 x 5 = වොට් පැය 1800 කි. 

එනම් වොට් හැටේ බල්බ 5 ක් පමණක් පාවිච්චි කරන ගෙදරක මාසික බිල ඒකක 1.8 කි. 

වොට් අගය යනු තාපජනක අගය ගැන මිනුමකි. බල්බය ඉතා අඩු අගයක් ගනී. සාමාන්‍ය ගෙදරක හීටරය වොට් 100-300 පරාසයේ ද, රූපවාහිනිය වොට් 100-500 පරාසයේ ද, තාපකයක් වේ නම් එය වොට් 300-1000 පරාසයේ ද වේ. මේ අනුව වැඩි කළ විදුලි බිල් කතුරට හසු නොවීමට නම් අප කළ යුත්තේ මෙන්න මේ ඡායාරූප දෙකෙන් එකකි.


ඒ පළමු වැන්නයි.

මේ දෙවැන්නයි.



එසේ හෙයින්, මේ මස 15 වෙනිදා පවත්වන්නට යෙදුණු සාමකාමී උද්ඝෝෂණයට සහභාගී වුයේ එක්තරා "මහාචාරිය වරයෙක්" කී ලෙස අධික විදුලි පාරිභෝගිකයන් නොවේ. මේ රටේ සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාව ය. 



පෙළපාලි ගියවුන්ට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රණය සිය සුපුරුදු මර්දන කාරී ප්‍රතිපත්තිය දිගහැර තිබිණි.
ආණ්ඩුව විසින් විදුලි බිල් ගාස්තු ඉහළ දැමීමට එරෙහි විරෝධතා සටන් පාඨ සහිත පෝස්ටර් අලවමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු අද (17) අළුයම කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
"රැවටිලි එපා, විදුලිය ගාස්තු වහා අඩු කරනු" යනුවෙන් ජනතා විමුක්ති පෙරමු‍ණ විසින් අද සවස කුරුණෑගල නගරයේ පැවැත්වීමට නියමිත ජනතා උද්ඝෝෂණයට සම්බන්ධ පෝස්ටරයක් ඔවුන් විසින් අලවමින් සිට ඇත.


පෙළපාලිය අතරතුර, ඊට එරෙහිව, එනම්, විදුලි බිල වැඩිකිරීමට "පක්ෂව" ද වෙනත් පෙළපාලියක් පවත්වන්නට යෙදිණි. 

උපුටාගැනීම "මුරුක්කු" පිටුවෙන්

දැන්නම් රාජ්‍ය මාධ්‍ය රෙදි නැතුව කියන්නේ මේ දෙවෙනි එක කෙළේ විදුලි බිලට එරෙහි අපට එරෙහිව නොව, ඊට අත පොවන්නට සැරසුණු අමෙරිකානු තානාපතීන්ට එරෙහිව බවය. අනේ අපි බබ්බු ය. නයි ටී එන් එකේ යන හැමදේම අහං ඉන්නට තරම් බබ්බු ය. 

නයි ටී එන් නිවුස් කියන්නට ඉගෙන ගන්න--පාඩම් අංක එක.

"මරා, මරා, මරා.... කෝ කියන්න...?..."
"මලා, මලා, මලා..."
"ඔහොම නෙමෙයි, මෙහෙම...අයියෝ....මරා, මරා, මරා, මරා, මරා, බැරා, බැරා, බැරා, බැරා, මරා, මරා, මරා, ගෝරා, ගෝරා, චරා, මරා, මරා, බැරා, නාරා, නාරා, මරා, මරා, මරා, ඉඳල හිටල ශිරා, මරා, මරා, මරා, මරා, යෝරා, චරා, මරා, බැරා, බැරා, ඉඳහිට රෝරා, මරා, මරා, මරා,බැරා, බැරා, ගෝරා....."
"මොනවද පුතේ කරන්නෙ...සද්දේ ඇහෙනවා කුස්සියට...?"
"මම මේ නංගිට අයි.ටී.එන් එකේ නිව්ස් කියන්න උගන්නනො..."

විදුලි ගණිකාවෝ

විදුලි බිලට එරෙහි ජනතා ව්‍යාපාරය දිනෙන් දින ශක්තිමත් වෙද්දී, වෙන්නේ මොකද්දැයි අපි කළින්ම කීවෙමු. හූනෙකුටවත් ඊට වඩා හොඳ අනාවැකියක් කියන්නට බැරි ය. දැන් දැන්, ඒ අනාවැකියට අමතරව, එක එකා එක එක මට්ටමේ විචාර දෙන්නට පටන් ගෙන තිබේ. උදේ පාන්දර ජනතාවගේ දවස මූසල කරන, නාන්නෙ නැති හඩ්ඩා මේ ඊයේ පෙරේදා කීවේ "විදුලිය යනු ලක්ෂරි අයිටම් එකක්" බවය. විදුලිය ලක්ෂරි අයිටම් එකක් වන්නේ නයිට් රේස් සාමාන්‍ය වන රටේ ය. පන්සලෙන් නිකං කා හැදුණු මේ පිං බතා නොදන්නවාට විදුලිය යනු ලක්ෂරි  අයිටම් එකක් නොව, මූලික මට්ටමේ යටිතල පහසුකමකි. මේ කියන අමන කතාවලට අනුව නම්, මුගේ ආදරණීය පිතෘ රත්නය, මූව පිළිසිඳ ගනු පිණිස සිය ශුක්‍රධාතුව විමෝචනය කළාට වඩා ඒ ටික සිය සරමේ පිහිදා ගත්තා නම් හොඳ යැයි සිතෙන්නේ ය; අඩුම ගානේ කූඹි වත් කනවා ඇත. 

මීට අමතරව බ්ලොග් අවකාශයේ "දෙන සේනා" නමින් තවත් ගණිකා මඩමක් පටන් ගෙන තිබේ. අප ඊට ගණිකා මඩමක් යැයි කියන්නේ අර කී ලෙස, ගණිකා වෘත්තියේ යෙදෙන නිසා ය. ඒ ගැන අපට අහිතක් නැත. එහෙත්, අප කියන දේ වැරදි නම් ඊට එරෙහිව සකාරණ ව තාර්කිකව කරුණු දැක්වීම වෙනුවට, හුදෙක් ජෝක් සහ ආතල් සැපයීම පමණක් කරන්නේ නම් ඊට ගණිකා වෘත්තීය විනා වෙන නමක් නො හොබී. 

මේ උදවියට කියන්නට ඇත්තේ, සිය පදනමක් නැති ගොන්කතා සියල්ල පසෙක ලා හැකිනම්, මේ විදුලි බිලෙහි වැඩිවීම සාධාරණ බැව් පෙන්වන්න කියා ය. විදුලි බිල වැඩිවීම මතු නොව, එය සාමාන්‍ය පාරිභෝගිකයාට සහ ධනවත් එකාට බලපාන අන්දම ගැන වෙනම ම විශ්ලේෂණයක් කර පෙන්වන්න කියා ය. 

මේ තිබියදී, අර කී පෙළපාලි කරුවෝ එදා පාර දෙපැත්තට, ආණ්ඩුවට කඩේ යමින් විදුලි බිල වැඩි කළ යුත්තේ ඇයිද යන්න ගැන "දැනුවත් කෙරෙන" පත්‍රිකා ද බෙදා හැර තිබිණි. අංශු මාත්‍ර ඇත්තක් නැති මේ කසිකබල් පත්‍රිකා වලට කරන්නට සරි එකම එක වැඩක් අපට යෝජනා කළ හැකි ය. එනම් පෙළපාලියට ගිය එක එකාටම, සිය දෙපා සීරුවෙන් දෙපසට කොට, ඇඳ සිටින මොකක් හෝ එක උස්සා/පහත් කොට, ජංගිය ගළවා (ජොකා වෙන්නට බැරි ය; අනිවා ජංගිය විය යුතුය.) සිය අන්තර් තට්ටම් අවකාශය අතරින් ඇඟිල්ල සීරුවෙන් යවා, ගුද මාර්ග විවරය සොයා ගෙන, අර කී පත්‍රිකාව හොඳහැටි තුනීවට රෝල් කර ඒ තුළට ඔබා ගන්නා ලෙසයි.  


පසු සටහන

විදුලි බිල සාධාරණ යයි බෙරිහන් දෙන උන්දෙලාට තව එක දෙයක් අවසාන වශයෙන් කියන්නට පිළිවනි: එනම්, අනේ බං, අපේ බිලත් එක්ක ගෙවාපන් කියා ය.

Saturday, May 18, 2013

සත්තයි සහතිකයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි! විදුලිය වගේ! | Works like a Flash

විදුලි බිලේ උණුසුම ජනතාවට දැනීමත් සමග, 21 වැඩ වර්ජනයට දහස් ගණනින් සෙනග ඒකරාශී වන බවට තොරතුරු ලැබීමත් සමග, අපේ මාධ්‍ය නඩ සිය වැඩ කිඩ පටන් ගෙන තිබේ. මෙන්න මැයි මස 09 වන දින  ඒ ගැන බුකියේ දමිත් කේතක සොයුරා විසින් කරන ලද සටහනක්.




පුරෝකථනය

විදුලි මංකොල්ලයට එරෙහි වැඩ වර්ජන දිනය ලං වනවිට, ඒ වැඩ වර්ජනයේ සහාභාගීත්වය උද්යෝගිමත් බව පෙනෙන්නට තිබුණහොත් මෙන්න මේ දේවල් සිද්ද වෙනු ඇත....

1. අඳුරට අධිපති දෙවඟන, තුම්මුල්ලේ ලෙමන් පෆ්, සහ ඇහින්දානන්ද වැනි හතර පස් දෙනෙකු සමග රජය සරණ ගිය වෘත්තිය සමිති නායකයන් යැයි කියා ගන්නා හම්පඩ ප්‍රාණ කාරයන් කිහිප දෙනෙකු සූපවාහිනියට හෝ නයිටියෙන් එකේ පැවැත්වෙන් ඒක පාර්ශ්වික "සාකච්ඡා වටයකට" සහභාගී වී, විදුලි බිල ගැන පට්ටම ඇනලයිස් පාරක් දෙනු ඇත...විදුලි බිලෙන් ජනතාවට ලැබෙන සහන, සහ මේ විදුලි බිල නිසා ජනතාව පෙරටත් වඩා සුඛිත මුදිත වී දෙව් මිනිස් සැප කෙළවර ආසියාවේ අමා මහ ආශ්චර්ය ළඟා කර ගන්නා හැටි කියා දෙනු ඇත....ගොට්ට ඇල්ලීමට සහ හොට්ට හැලීමට ගෙන ආ වෘත්තිය සමිති නායකයන් යැයි කියා ගන්නා කබරයන් ටික "වැඩ වර්ජනය කිරීම නම් මොන තරම් වසල ක්‍රියාවක්දැයි" පැහැදිලි කරනු ඇත...

2. බොහෝ විට මේ තකතීරු විග්‍රහයන් අසා ජනතාව තවත් කෝප වන බැවින්, තත්වය තවත් නරක අතට හැරුණහොත්, අනිත් අය පසෙක සිටියදී ලෙමන් පෆ් තනියෙන් ගේමට බැස "එරික් සෝල්හයිම්ගේ සිට ධවල මන්දිරයේ බැරැක් ඔබාමාගේ සුරතල් බල්ලා දක්වා සියල්ලෝම" මතක් කොට, අප සැමගේ පෙර කළ කුශල ශක්තියෙන් පහළ වූ මේ පාලනය හොඳින් දිගා වී, හාන්සි වී රැක ගැනීම අප සැමගේ පරම යුතුකම බවත්, ඒ වෙනුවෙන් ඇඳිවත ඉරි ගොස්, වෙන ඇඳුම් මහන්නට රෙදි නැතිව, නිරුවත් වූවත් ඉවසා වැදෑරිය යුතු බවත්, කියා දෙනු ඇත.....

එසේම මේ වැඩවර්ජනය කරන්නට ඉදිරිපත් වන අය පෙරේදා රාත්‍රී ආහාරය ගත්තේ ඇමරිකානු තානාපතිනිය / නෝර්වේ තානාපති / ස්වීඩන් තානාපති / බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ( මෙයින් සුදුසු නම තබා අනෙක්වා කපා දමන්න ) සමග බවත්, එහිදී මේ රජය අපාසුතාවයට පත් කරන්න උපදෙස් ලැබුණු බවත් කියනු ඇත....

3 . දේශයේ පිනෙන් පහළ වූ හිටපු විදුලි තුමා වැඩිය ප්‍රසිද්ධ නැති ජන මාධ්‍ය වල ප්‍රාදුර්භූත වී, මේ විදුලි අර්බුදයට තමා වග නොකිව යුතු බවත්, දැන් ඉන්න එකී වැඩේ අනා ඇති බවත්, මේ විදුලි අර්බුදයේ මුල් ඇත්තේ කෝණාගම බුදුන් සමයටත් එපිට බවත්, එවකට මේ ශ්‍රී ලංකා ද්වීපය හැඳින්වූයේ වෙනත් නමකින් බවත්, මේ අර්බුදයට මුල් වූයේ මෙහි එවකට රජ කළ රජවරුන් බවත් පවසනු ඇත....

4. ජනතාව තව, තව මේ සටනේදී ආණ්ඩුවට එරෙහිව එකතු වේගෙන එන බවක් පෙනුනොත්, දැනට යටපත්ව ඇති සිංහල - මුස්ලිම් ගැටුම එක පාරටම යළිත් ගොජ දමමින් උතුරා එනු ඇත....හන්දියක් හන්දියක් ගානේ තෙද විකුම් පාන රැළි එකසිය ගාණට සංවිධානය වනු ඇත....

5. යුද සමරුවේදී මෙන්න මෙවැනි කථාවක් ඇසෙනු ඇත... 
" දැන් ඒ බලවේගම නැවත මේ රට අස්ථාවර කරන්න වැඩ වර්ජන රැල්ලක් සූදානම් කරගෙන එනවා....මේ දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ඒකට ඉඩ දෙන්නෙ නෑ හාමුදුරුවනේ...එඩුවාන්ගල් වන්ගිපුරම් භයන්කර වාදන් එන්ඩු පෝම්...!"

6. ඉරිදාට පළවන පුවත් පතක, සතිපතා ඵලවන එක්තරා ලිපියක මෙසේ ලියැවෙනු ඇත... // " වැඩ වර්ජන යනු යුදෙව් ක්‍රිස්තියානි සංකල්පයකි....අද මෙරට වැඩ වර්ජන කරුවන් බටහිරයන්ගේ කොන්ත්‍රාත්තු ඉටු කරමින් සිටිති....මෙහිදී වැඩ වර්ජකයෝ රජය පැරදවීමට ක්‍රියා කරතත්, යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵලයක් වන "විදුලි බලය" පරාජය කිරීමට සූදානම් නැත....අප කළ යුත්තේ බටහිරයන්ගේ කසි කබල් "විදුලිය" පරාජය කොට, අපේ පැරැන්නන්ට හුරු පරිදි ආධ්‍යාත්මික බලයෙන් ආලෝකය සපයා ගැනීමයි.....වාස්තවික විදුලිය කියා දෙයක් නැති බැවින් ***** //

7 . මොන බාධක ආවත් එදිනට වැඩ වර්ජනය පැවතුණොත්, සූපවාහිනි සහ නයිටියෙන් ප්‍රධාන පර-වෘත්ති වල මෙසේ ඇසුනු ඇත.... // ... " ***තුමා තමයි මේ රට නිදහස් කරල දුන්නේ....අද අපට ආණ්ඩුවේ කන්තෝරු වලට ඇවිල්ලා වැඩක් කර ගන්න නෑ....බලන්න අපි මොන තරම් රස්තියාදු වෙනවද කියලා....මම ත්‍රිකුණාමලේ ඉඳන් ආවේ....මේ මිනිස්සු ස්ට්‍රයික් කරනවා....අපි තමයි මේකෙන් තැලෙන්නෙ....මම හාරිස්පත්තුවෙ ඉඳන් උදේ පාන්දර බස් එකේ ආවේ...... ****තුමාට අපි කියන්නෙ ඔබතුමා නිදහස් කර ගත්තු මේ රටේ මේ වැඩවර්ජකයො පරාජය කරලා අපිට සහනය සලසන්න කියලා...බලන්න මම කීයෙ ඉඳලද මෙතන ඉන්නෙ..?..."

මෙන්න අංක 6 සැබෑවක් වූ හැටි


"විදුලි වසන්තය හා නිදහස" [මූලාශ්‍රය]


මා කුඩා කළ අප නිවසේ විදුලිය නො තිබිණි. අප විදුලිය ලබාගත්තේ මා තුන්වැනි පංතියේ සිටිය දී ය. එදා සිට මා පශ්චාත් උපාධියක්‌ ලබාගෙන විදුලි උපකරණ භාවිතය හඳුන්වා දෙන තෙක්‌ අප නිවසේ විදුලි පරිභෝජනය ඒකක තිහකට අඩුවිය. එහෙත් අද වන විට මගේත් සහෝදර සහෝදරියන්ගේත් නිවෙස්‌වල විදුලි පරිභෝජනය ඒකක සියය ඉක්‌මවා ගොස්‌ ඇත. අද බටහිර ලෝකයේ දියුණුව යන්නෙන් අදහස්‌ කරන්නේ ශක්‌ති පරිභෝජනය ඉහළ යැම ය. අපේ ඉඳුරන් වැඩි වැඩියෙන් පිනවීම ය. ඉඳුරන් පිනවීම පිනක්‌ ද යන්න තීරණය කෙරෙන්නේ සංස්‌කෘතියට සාපේක්‌ෂව ය. අප නමින් සිංහල බෞද්ධ වූවත් සංස්‌කෘතියෙන් බටහිර ක්‍රිස්‌තියානි වෙමු. ඒ තාක්‌ අපට නිදහසක්‌ නැත.

විදුලි බිල වැඩිවීම ගැන කිසිදු අයකු සතුටට පත් නො වේ. පසුගිය දා ඇතැමුන් පෙළපාලි ගියේ විදුලි බිල වැඩිකිරීමට පක්‌ෂව නොවන බව පාර්ලිමේන්තුවේ දී මුග්ධ ප්‍රශ්න අසන විපක්‌ෂයේ කිහිප දෙනාට නොතේරුණාද මෙරට බොහෝ දෙනා අවබෝධ කරගෙන ඇත. ඔවුන් පෙළපාලි ගියේ විරුද්ධ පක්‌ෂය බටහිරයන්, විශේෂයෙන් ම ඇමරිකානු තානාපතිනිය සමග එක්‌ වී ආණ්‌ඩුව අස්‌ථායී කර රට අවුල් කර දෙමළ ජාතිවාදයට රට යටකිරීමට ගන්නා උත්සාහයට විරුද්ධව ය. මෙරට වත්මන් අමෙරිකානු තානාපතිනිය රටවල් අස්‌ථායී කර අවුල් කිරීම පිළිබඳ නම් දැරූ අයෙකි. ඇය මෙරට කුණු අහුලන්නේ කුණු දමමින්ය. දැනට සති කිහිපයකට පෙර ඇය ලංකා විදුලි බල මණ්‌ඩලයේ කටයුතුවලට අත දැමීමට කිසිදු තානාපතිවරයකු එතෙක්‌ කර නොතිබූ අයුරින් කටයුතු කළේ මෙරට අමෙරිකාවේ යටත්විජිතයක්‌ ලෙස සලකමිනි. විදුලි බිල වැඩිවීමට හේතු ගණනාවකි. ආණ්‌ඩුව කළ යුතුව තිබුණේ ඒ හේතු එකින් එක ගෙන ජනතාවට පැහැදිලි කිරීම ය. එසේ ම එයින් නැතිකිරීමට හැකි හේතු සොයා බලා ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම ය. කෙසේ වෙතත් ආණ්‌ඩුව දැන් ඒකක හැටකට අඩු අයට විදුලි බිල වැඩි නොකිරීමට කටයුතු කර ඇත. අද විරුද්ධ පක්‌ෂය පෙළපාලි යන්නේ උද්ඝෝෂණය කරන්නේ ඒකක හැටකට වඩා විදුලිය පරිභෝජනය කරන්නන් වෙනුවෙනි. එනම් අධික විදුලි පරිභෝජකයන් වෙනුවෙනි. ඔවුහු රටේ බහුතරයක්‌ නො වෙති. මගේ දෙමවුපියන් ජීවත් ව සිටියේ නම් ඔවුන්ට මේ උද්ඝෝෂණයෙන් කිසිම ප්‍රතිලාභයක්‌ අත්නොවනු ඇත. මෙරට බහුතරයකට මේ උද්ඝෝෂණය වැඩක්‌ නැත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට අනුව විරුද්ධ පක්‌ෂයේ කාර්යභාරය ආණ්‌ඩුව අවශ්‍ය විට විවේචනය කරමින් රටට වැඩදායක වන අයුරින් කටයුතු කිරීම මිස බටහිර තානාපතිවරුන් සමග එක්‌ වී ආණ්‌ඩු පෙරළිම නො වේ. කසිකබල් මාක්‌ස්‌වාදී පක්‌ෂ නම් බලාපොරොත්තුවන්නේ ඊනියා කම්කරු පංති විප්ලවය සිදු කිරීමට ය. මාක්‌ස්‌වාදය යනු ඊනියා කම්කරු පංති නායකයන්ට බලාපොරොත්තු ගෙන දෙන අබිං ය. බටහිර ගැති ඊනියා රාජ්‍ය නොවන සංවිධාන බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ආණ්‌ඩුව පෙරළිමට වසන්ත කිහිපයක්‌ පසු කළේ ය. කටුනායක, ධීවර, විශ්වවිද්‍යාල, අලුත්කඩේ කඩේ වසන්ත ඒ අතර විය. තවම ක්‍රිකට්‌ වසන්තයේ නායකයාට අවශ්‍ය ජනප්‍රියතාව නැති බැවින් ඔවුන් විදුලි වසන්තයකට මාරු වී ඇත. බටහිරයන්ට අවශ්‍ය තමන්ට අවනත නො වී ත්‍රස්‌තවාදය නන්දිකඩාල් කලපුවේ ගිල් වූ මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව පෙරළා රාජ්‍ය නොවන බැළයන්ගේ කසිකබල් මාක්‌ස්‌වාදීන්ගේ හා ලිබරලයන්ගේ ආධාරයෙන් මහින්ද රාජපක්‌ෂ මහතාත් ගෝඨාභය රාජපක්‌ෂ මහතාත් දංගෙඩියට යවා අප ලබාගෙන ඇති සීමිත නිදහසත් නැති කිරීම ය, රට බෙදීම ය. විරුද්ධ පක්‌ෂයේ උද්ඝෝෂකයන් විදුලි වසන්තය ක්‍රියාත්මක කිරීම සඳහා මැයි 21 තෝරාගැනීම අපට සංකේතාත්මක ව යමක්‌ කියා දෙයි. මැයි 21 වැටෙන්නේ මැයි 18 (නන්දිකඩාල්) හා මැයි 22 (ජනරජ) දින අතරට ය. ත්‍රස්‌තවාදය පැරදවීමට විරුද්ධ වූ මොවුන් බොහෝ දෙනාට අවශ්‍ය රට බෙදීම ය. විදුලි වසන්තය ද බටහිර අධ්‍යාපනය විසින් බිහිකර ඇති කසිකබලුන් ද පරදවා පුර්ණ නිදහස දිනා ගනිමු.





අපට හිතෙන හැටියට නම් මේ විචාරයේ මහා විසාල අඩුවක් තිබේ. නලින් තුමාණන් හැමදාම සිය විචාරයන් හි දෙසන කාරනා කිහිපයක් ම ඉන් හැලී ගොස් යැ. ඒ නැති වැ ඒ විචාරයේ රසයක් ද නැත්තේ යැ. එබැවින් එතුමා මේ ලිපිය ලියන්නට ඇත්තේ හදිසියකින් වෙන්නට ඇති බව සිතමින් ද, ඒ හදිසියෙදී එතුමාට මෙන්න මේ මේ දේවල් මගහැරුනා වෙන්නට පිළිවනි යයි උපකල්පනය කරමින් ද, මේවා බලන් ඉඳීමෙන් කෙසාන්තයේ සිට පාදාන්තය තෙක් මැ රෝමෝද්ගමනය වන, ආශ්චර්යය හසන්තය, ආශ්චර්යය යැයි කියවෙන හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස ද, අපි, ඒ ලිපියට මෙසේ ඌණ පූරණයක් ඉදිරිපත් කරන්නෙමු. 

මෙන්න එතුමාට සිය විචාරයේදී අමතක වූ කරුණු බිඳක්!

"විදුලිය විදුලියක් වෙන්නේ යම් දැනුම් පද්ධතියක් තුළ ය. ඒ දැනුම බටහිරයන්ගේ ඊනියා වාස්තවික දැනුම නොවේ. අපේ දැනුම තුළ බලෙන් බැඳ තබාගෙන වැඩ ගන්නා විදුලියක් නැත. අපට හිටියේ විජ්ජුල්ලතාවෝ ය. ඒ සාපේක්ෂ දැනුම, බටහිරයන්ගේ ඊනියා වාස්තවික දැනුමට ගෝචර වන්නේ නැත. වාස්තවික දැනුම කියා එකක් කොහෙවත් ඇත්තේ නැත. බටහිරයන්ට සහ උන්ට වඳින පුදන අපේ ඇන්කරයන්ට, ඇන්කරියන්ට නොතේරුණාට මේවා අපේ පෙරදිග චතුෂ්කෝටික දැනුම් පද්ධතිය තුළ අරුම දේ නොවේ. මේ අනුව මා හැමදාමත් කී ලෙස, බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව ඉතිහාසය තුළ යළිත් වරක් සනාථ වී යයි.

විදුලිය යනු විදු-ලිය හෙවත් දැනුම් ලතාවයි. බටහිර ගැති අපේ කළු සුද්දන්ට දැනුම යනු අන්තර්ජාලයෙන්, රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් ලබා ගන්නා දැනුමයි. මේවා සියල්ලම බටහිරයන් ගේ නිර්මාණ ය. ඔවුන්ගේ විශ්ව විද්‍යාල යැයි කියා ගන්නා දැනුම් කඩ තුළින් කරන්නා සේ ම, මෙකී මාධ්‍ය හරහා ද ඔවුන්ගේ ඊනියා දැනුම අපේ මොළ වලට බලෙන් එන්නත් කරනු ලැබේ. මෙය පැහැදිලි ලෙසම ව්‍යසනයකි. එහෙත් අපට ඊට එරෙහි විය නොහැක. මන්ද සුද්දන් විසින් ම බලෙන් පටවා ගිය රෝම ලන්දේසි නීතිය නිසා ය. අපේ පැරැණි රාජ නීතිය අනුව මේ කෙහෙල් මල් මානව නිදහසක් තිබ්බේ නැත. අවශ්‍ය වන්නේ ද නැත. එහෙත් අපේ දෙරණේ පිනකට පත්ව සිටින, සිවු මහා බඹුන් දුන් විවරණ බෙලෙන් රට කරවන (අපේ දැනුමට අනුව රට පාලනය කරනවා කියා එකක් නැත. අපට අනුව ඇත්තේ රට කරවනවා යන්නකි.) අපේ සවන මිහිඳු රජාණෝ මේ ව්‍යසනය තේරුම් ගෙන තිබේ.


විදුලිය බිල වැඩි කිරීම හරහා සුද්දන්ගේ විදුලිය වෙනුවට, අපේම විජු-ලිය සොයා යාමට අපට අවස්ථාව ලැබී ඇත. විදුලිය නැති නිසා එයින් දුවන කම් හල් ද නැතිවනු ඇත. එවිට පෙර අප මුතුන් මිත්තන් කළා සේ අමුඩයක් ගසාගෙන එළියට බැස නියම ගොවිකමේ යෙදෙන්නට අපට හැකිවනු ඇත. ඇවසි නම්, කැලයකට ගොස් කොළ අතු හැඳගෙන පවා සිටිය හැකිය. බටහිරයන්ගේ ඊනියා දැනුම බෙදන වස විස බෙදන වාහිනී සියල්ලම වැසී යනු ඇත. එදාට, රටේ ජනයාට සත්‍යය කියන පවුලේ නාලිකාව සහ ජාතික රූපවාහිනී පමණක් විකාශය වනු ඇති අතර, ඒ බැලීමට ද මහා ලොකු සෙනගක් නැතිවනු ඇත. කොහොමත් මේ රූප වාහිනී, ගුවන් විදුලි, පරිගණක, අන්තර්ජාලය වැනි එව්වා කොල්ලයි බල්ලයි හැම එකාටම දෙන්නට ගියාම උන් පිටරටින් එන මාක්ස්වාදී ද අරකද මේකද යනාදී වෛරස වලින් ඔලුව පුරවා ගන්නා නිසා ඔව්වා නැති තරමට හොඳ ය. මගේ පුතා නම් ඉගෙන ගන්නේ ඕස්ට්‍රේලියාවේ ය. ඌට ඔව්ව බැලුවට කමක් නැත.


මේ රට ආසියාවේ ආශ්චර්යය බවට පත්කරන්නට දිවා රෑ නිදි නොබලා වෙහෙසෙන අපේ මහරජතුමන් හට සැබෑ ජාතිකත්ව මතධාරීන් ලෙස (කොළ අතු ඇඳගෙන) අපි අපේ ගෞරව භක්ති පූර්වක දණ්ඩ නමස්කාරය මෙසේ පුදකරමු...." 

Thursday, May 9, 2013

දෙපෙත්තෙන් දැනේ | The Two Pills



"හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ"

"හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියා පිරුළක් තිබේ. බොහෝ දෙනා මෙය, "හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ" කියා වැරැදියට පාවිච්චි කරනු පෙනේ. එහෙත් සත්‍ය වශයෙන්ම මෙහි අර්ථය වන්නේ දෙපියලි බීජයක් රෝපණය කළවිට එය කවරාකාරයෙන් වැඩේ ද යන්න, එහි මුලින් මතුවන දෙපියල්ලෙන් කිව හැකි බවයි. 

අද කාලයේ "පෙත්ත" යන්නට විවිධාකාර අර්ථ තිබේ. උපත් පාලන පෙත්ත, මත් පෙත්ත, මෝදක පෙත්ත, ආතල් පෙත්ත, ඇඟ හදන ජිම් පෙත්ත, ලෙඩට බොන පෙත්ත, පිස්සුවට දෙන පෙත්ත, ගබ්සා පෙත්ත, ආදී වශයෙන් නානාප්‍රකාර "පෙති" වරුසාවක් මැද ය, අප ජීවත් වන්නේ. 

අද කාලයේ අපේ සමාජය ද ජීවත් වන්නේ "පෙති" මතය යන්න අපේ අදහසයි. නමුත් ඒ අර කී එකදු තේරුමකින් වත් නොවේ. 





මේ රටේ ජනතාවටද පෙති දෙකක් ඕනේ ය. 

කොටිම්ම ඔය පෙති දෙකෙන් තොරව මේ රටේ ජහමනයා හට ජීවිතයක් නැත්තේ ය. 

එකක් චූං පෙත්ත ය. ඕක බිව්වාම රටේ ජනතාව වයින් කරාපු චීන බෝනික්කන් වගේ චූං වී නැගිට මරහඬ තලන්නෝ ය. සාමාන්‍යයෙන් මේක දෙන්නෙ ජනතාව ෆෝම් කරන්නට ය. ජාතික ගීයට දෙමළ පද යෙදීම, හලාල්, කටු ගෙයි කන්ගැට්ටා, නයි කෙල්ල සහ පොල් කෙල්ල, ආදී නානාප්‍රකාර "පෙති" ඇත්තේ ය. මේවායින් එකක් දුන්නාම ජනතාව ද (අපරාදේ කියන්නට බැරිවා සේ) චූන් වී ඩෙනා නටති. 

අනික නිදිපෙත්ත ය. ඕක බිව්වාම ප්‍රශ්න සියල්ල අමතක වී යන්නේ ය. උදාහරණ ලෙස හලාල් ඉවත් කරගන්නවා යැයි පචයක් කෙළ, ඒ වෙනුවට හීන් නූලෙන් ගෙනාපු HFAC සහතිකය ගත හැක. නැතහොත් මේ ළඟදීම කළ විජ්ජාව අනුව, විදුලි බිල 100% කින් වැඩි කොට ආයෙම 20% කින් අඩු කිරීම ගත හැක.




(විදුලි ආතල් ගැන රියර්ගේට් ලියන චාමි වෙනමම ලිපියක් වෙන්කොට තිබිණි. තමන්ටම හිනා වෙන්න ආස අය මෙතනින් කියවන්න.)

සාමාන්‍යයෙන් මේ ආණ්ඩුව තුළ අප දකින සුවිශේෂීම ලක්ෂණය වන්නේ, good cop-bad cop සිද්ධාන්තය උපරිමව යොදා ගැනීමයි. මේ වනාහි බටහිර රටවල සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට යොදා ගන්නා උපක්‍රමයකි. ඒ අනුව නිලධරයෝ දෙදෙනෙක් සැකකරු හමුවේ පොඩි රංගනයක් කරති. එකෙක් ඉතාම ආවේගශීලීව හැසිරෙමින් සැකකරු ඉතාම දැඩි පීඩනයකට ලක් කරයි. ඒ Bad cop ය. අනිකා අර කලින් කී එකාට විරෝධය පාමින් සැකකරු ගේ පැත්තට කතාකරයි; ඔහු දෙස අනුකම්පා ඇසින් බලන බව පෙන්වයි. බොන වතුර වීදුරුවේ සිට ලඟට ගෙනවිත් දෙයි. ඒ Good cop ය. අවසානයේ සැකකරු අර පීඩනයෙන් මිදෙන්නට Good cop වෙත කිට්ටු වන අතර, ඔහු තමාගේ මිතුරකු ලෙස සැළකීමට අවිඥානිකව පටන් ගනී. මේ රංගනය පුදුමාකාර කෙටි කලකදී අවසන් වන අතර, බොහෝවිට සැකකරු ලණුව කයි.

(සටහන: ලංකාවේ පොලිසිය සමග මේ සෙල්ලම් නැත. වරක් දෙකක් හොඳින් කියා අහන්නේ නැත්නම් ඊළඟට ලැබෙන්නේ හොඳ කණේ පහරකි. නැත්නම් ලාච්චු කෝස් එකකි. හදන්නම බැරිනම් ආයුධ පෙන්වන්නට අරං යනු ලැබේ.)

Good cop-bad cop ලංකාවේ ක්‍රියාත්මක වන විධිය තරමක් සංකීර්ණ ය. මන්ද ඊට රජ්ජුරුවෝ සම්බන්ධ වන නිසා ය.


රජ්ජුරුවෝ උඩයි උඩයි

රජ්ජුරුවෝ සැම විටම හරි යයි කියා බ්‍රිතාන්‍ය නීතියේ තිබේ ලු. එක්තරා කාලයක මෝගල් අධිරාජ්‍යයෝද මේ නීතිය ක්‍රියාත්මක කළහ. එවිට රජු මොන අලුගුත්තේරු වැඩේ කලත් ඔහු විවේචනය කළ නොහැක. මන්ද රාජ්‍යත්වය යනු දේවදත්ත ධුරයක් බැවින් ඊට එරෙහි වීම යනු සර්වබලධාරී දෙවියන් විවේචනය කිරීමක් වන නිසාය. 


මෙහි ද යම් ධුරාවලියක් ඇත. ඒ කියන්නේ ලොවෙත් රජු විවේචනය කරන්නට බැරිය. ඊට පල්ලෙහා තට්ටුවේ එකාලාට උපහාස වනු පිණිස කාටූන් ඇඳීම වැනි දේවල් කරන්නට අවසර තිබේ. ඊටත් පල්ලෙහා එකාලා ගේ හැඩයට පඹයින් පිළිස්සීම වුවද කල හැක. අන්තිම තට්ටුවේ අපතයන් හට නම් මොනවා කලත් දැනෙන්නේ නැත. 

අපේ රටේ සිස්ටම් එක අර සියල්ලට වඩා විශිෂ්ටය. මන්ද එතෙක් මෙතෙක් අපේ රටේ පවතී ආණ්ඩු අතරින් මේ තරමට ජනතාව නිර්වින්දනය කල ආණ්ඩුවක් නැති බැවිනි. ජනතාවට රටේ ඉහ ගහගෙන ඉන්නට බැරි ප්‍රශ්න තියෙද්දිත් ඒ සියලුම ප්‍රශ්න අමතක කරවා, වෙඩි කා අනු නවයෙන් බේරුණු කුඩුකාර සල්ලාලයකු ගැන ජනතාව හිතන තැනට ගෙනාවේ වෙන කවර ආණ්ඩුවක් ද? ඉසෙඩ් ස්කෝර්, මුතුරාජවෙල රත්තරන්, කන්ගැට්ටා ගේ මිෂන් ඉම්පොසිබල්, කොළොන්නාවේ ෂූටිං ස්ටාර්, දුටුගැමුණු කඩුව, හලාවත බිලි පූජා, වැලිකඩ ප්‍රිසන් බ්රේක්, දඹුල්ලේ හලාල්, සීයට හය, අග විනිසුරු තුමියට එරෙහි දෝෂාභියෝගය, කොළඹ නයිට් රේස්, සිට දැන් දැන් පිටසක්වල ආක්‍රමණ දක්වා හොලිවුඩයෙත් නැති නානාප්‍රකාර විසූක දස්සන සියල්ලම බලා ගැනීමේ වාසනා මහිමය අපේ පුංචි ලක්වාසීන් හට ලැබී තිබේ. (අමතක වුනා.. රාවණා උමග? මීවනපලානේ උන්නැහේ දැක්කා නම් මට විසුමක් වෙන්නේ නැත.)

මේ සියල්ල මැද අමුතුම කාරනාව නම් "රජ්ජුරුවෝ" මේ කිසිම දේකට මැදිහත් නොවී කිරිසප්පයා වාගේ තිරෙන් පිටුපස සැඟවී සිටීමයි. යම් හෙයකින් ජනතාවට මේ විකාර දරා ගත නොහැකිව කෑ ගැසුවොත් අන්න එතකොට ආඩම්බරකාර පියාණෝ ඉදිරියට ඇවිත් දඩබ්බර ඇමති ලොකු පුතාලාට සද්දයක් දමා මහජනයා නමැති පොඩි පුතාව සනසන්නේය. විදුලි බිල 100% කින් ඉහල දමා යලි 10% කින් පහල හෙලීමද එවැන්නකි. පාතාල කල්ලියක ගෝලයෝ ටික සිය එදිරිවාදියාව හතරමං හන්දියක සිටුවා අසූචි වලින් නැහැව්වාට පසුව, කල්ලියේ ලොක්කා ඇවිත් සරමෙන් අරූගේ මුහුණේ අසූචි පිසදැමීම මීට වඩා තාර්කික ය. 


The Matrix චිත්‍රපටයේ වගේ සත්‍ය සහ මිථ්‍යාව අතර තෝරා ගැනීමක් කරන්නට කාලය එළඹ ඇත.