(පසුගිය වසරේ ඇසළ පොහෝ දිනයේ අපේ වත්පොත් පිටුවේ පළකරන ලද ලිපියකි. පළකරන්නට සිටියේ පොහෝදින ය. ප්‍රමාදය පිළිබඳ අපේ කණගාටුව.)
"දේවයන් වහන්ස, දරුවගෙ පලාපල ගැන කියල ඔබ වහන්සේට මා දුන් අවවාදය ගැන ඔබ වහන්සේ තැකීමක් කරල නැහැ වගෙයි.. "
"ඒ කිව්වේ ගුරුතුමනි?"
"මේක එසේ මෙසේ කේන්දරයක් නෙමෙයි. වාසනාව අවාසනාව දෙකම දෝතින් අරං උපන් මහා ගුප්ත කේන්දරයක්.. මම කිව්වා වගේම දරුවා ඉපදීලා දවස් හතෙන් මෑණියෝ අභාවප්‍රාප්ත වුණේ නැද්ද? සුළුවෙන් හිතන්න එපා! මේක සක්විති රාජයෝග සහිත කේන්දරයක්..! මේ දරුවා හරියට හැදුවොත් මුළු ලෝකයම අපේ ජාතිය යටතට පත්වෙනවා..! නරකට හැදුවොත් මේ දරුවා මැරෙන්නේ අන්ත අසරණයෙක් වගේ..! ඔබතුමා මේ යන විදියට ගියොත් වෙන දේත් කියන්නම්..! මේ දරුවා කසාදෙත් කඩාගෙන පිස්සෙක් වගේ එක එක අන්‍යාගමික කල්ලි වලට අහුවෙලා නන්නත්තාරේ ගිහිං අන්තිමට ඔබේ ඇස්පනාපිටම මේ නගරේ මේ මැදුරට යන පාරෙම හිඟා කනවා..! මතක තියාගන්න දේවයිනි මම කියපු දෙයක් වැරදිලා නැහැ!"
****
"සොයුරිය මොකද්ද මේ වැඩේ තේරුම? ඇයි මේ මනුස්සයට තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම තේරෙන්නෙ නැත්තේ? අපේ රට ජාතිය තීරණාත්මක බල අරගලයක මැද්දේ ඉඳිද්දී ඒ වෙනුවෙන් කරන්න දහසකුත් එකක් දේවල් තියෙද්දී නිමක් නැති දර්ශනවාද වල එල්ලිලා ඉඳල හරියනවද?"
" ඒ ඔහුගේ හැටි, මලණ්ඩි.. ඔහු කොහොමත් අපට වඩා දුර හිතන කෙනෙක්..ඔහුගේ ගමන දේශපාලනය නොවේ."
"අක්කණ්ඩි මම එකක් කියන්නම්..! ඔය මනුස්සය යන ගමන වෙනස් කරගත්තේ නැත්නම් දවසක තමන්ගේ උරුමයත් නැතිකරගෙනයි නවතින්නේ.. උරුමය පැත්තකින් තියන්න..! මට නම් පෙනෙන්නේ නැහැ ඔහු ඔබට ආදරය කරන බවකුත්..! ඔහු ඔය ඊනියා දර්ශනවාද ගැන හොයන්න ගිහිං දවසක ඔබවත් අතෑරලා ගියොත් මොකද වෙන්නේ?"
"දෙව්දත් මලයණ්ඩි, ආදරය යනු අයිති කරගැනීම ම නෙමේ.."
"මට ඔබත් එක්ක කතාකරලා දිනන්න බැහැ.. ඔබත් හොඳයි සිද්ධාර්ථටම.. හැබැයි යසෝධරා මම එකක් කියන්නම්.. රට ජාතිය වෙනුවෙන් ශාක්‍ය වංශය වෙනුවෙන් ඔහුට කරන්න යුතුකමක් තියෙනවා.. එන ඒ යුතුකම ඉෂ්ට කරන්න ඔහුට සිහි ගන්වන්න.. මම යනවා.."
****
"ඔය මනුස්සයට මුල මතක නෑ අස්සජී.. මම නම් අන්තෙටම කළකිරිලා ඉන්නේ.."
"ඔබ පමණක් නොවේ ඇවැත්නි, ඔබ වගේම හිතන තව බොහෝ දෙනෙක් ඉන්නවා.."
"ඒ බොහෝ දෙනා වගේ නෙමේ අස්සජී මම. එදා උන්නාන්සේ ගේදොර අතෑරලා අස්සයයි ඇඳිවතයි පමණක් ඇතුව මාලිගයෙන් දොට්ට බහිද්දී ඔය එකෙක්වත් හිටියේ නැහැ ළඟ.. මේ ඡන්න ඇමති නොහිටින්න එදා උන්නනාන්සේ අබිනික්මන් කරන්නේ නැහැ.. කොටින්ම සිද්ධාර්ථ කියන්නේ වයස තිහ කිට්ටු වෙනකනුත් මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක්, භික්ෂුවක් දැකපු කෙනෙක් නෙමෙයි.. මමයි ඔහුට පළමු වතාවට වයසට යනවා කියන්නේ මොකද්ද, ලෙඩ වෙනවා කියන්නේ මොකද්ද, මැරෙනවා කියන්නේ මොකද්ද, පැවිදි වෙනවා කියන්නේ මොකද්ද කියල කියාදුන්නේ.. අද මේ උඩින් පාත් වෙච්ච මිනිස්සු සාසනේ ලොකු මිනිස්සු වෙලා.."
"ඡන්න ඇවැත්නි, ඔබ දැකපු දේවල්ම තමා ඔහුත් දැක්කේ.. නමුත් ඔබ ඒ දේවල් වටහාගත්තේ නැහැ, ඔහු ඒ දේවල් වටහාගන්න උත්සාහ කළා.. අන්න එතනයි වෙනස..හැකිනම් වටහාගන්න."
****
"ස්වාමීනී, මේ අන්‍යාගමික කල්ලි වලින් ඔබ වහන්සෙට එල්ල වන ස්ත්‍රී දූෂණ චෝදනාව නිසා නුවර වැසියා අප කෙරෙහි බොහොම කේන්තියෙන් ඉන්න බවයි පෙනෙන්නේ.. දානෙකට පින්ඩපාතෙකට වත් දොට්ට බහින්න හැකියාවක් නැහැ.. අපි මේ නුවර අතෑරලා වෙනත් නුවරකට යමු ස්වාමීනී.."
"තථාගතයෝ චෝදනා වලින් සැලෙන්නෝ නොවෙති ආනන්දය.."
"එහෙමනං අඩුම ගානෙ මේ අන්‍යාගමික කල්ලි වල තීර්ථකයන් සහ නිඝණ්ටයින් නගන චෝදනා වලට අපි නිර්භයව පිළිතුරු දෙමු.. අප නිවැරදියි නම් ඇයි අපි සැඟවෙන්නේ.. අපි පාරට බැහැලා මිනිස්සුන්ට කතා කරමු.."
"දවස් හතයි ආනන්ද, දවස් හතයි.. තථාගතයෝ විවාදකයෝ නොවෙති..මේ සියලු දේ දවස් හතයි.. එතෙක් ඉවසන්න.."
****
"පුණ්ඩරීකං යථා වග්ගු - තොයෙන නූපලිප්පති
නූපලිත්තොම්හි ලොකෙන - තස්මා බුද්ධො'ස්මි බ්‍රාහ්මණ"
"මඩෙන් උපන් පියුම මඩෙන් ඉහළට මතුව, මඩ ගා නොගෙන ඉහළට නැගී සිටින්නේ යම් සේ ද, මමද ලෝකයා නමැති මඩ ගොහොරුව මැදින් ඉපිද, ලෝකයා ගේ කෙළෙස් මඩ තවරා නොගෙන සිටින්නෙමි; බ්‍රාහ්මණය, එසේ හෙයින් මම "බුද්ධ" නම් වෙමි.
****
ගාගත් මඩ සෝදාගන්නටත්, ගැසූ මඩ වලට සමාව අයදින්නටත්, මඩෙන් තොර සැනසිල්ලක් ලබන්නටත් හේතු වාසනා වන පිංබර ඇසළ පෝ දිනක් වේවා!
අපේ මුහුණුපොත් පිටුවේ මීට කලකට පෙර පළකරන්නට යෙදුණු, එහෙත් බ්ලොග් අවකාශයට මුදා නොහරින ලද පැරැණි ලිපියකි.
***
මෙතෙක් කල් ජාතිවාදී පෝස්ට් සහ මෙලෝ යකෙකුට වැඩක් නැති කාලකන්ණි ෆොටෝ කෑලි ෂෙයාර් කරමින් කරවෙවී සිටි ඔබට මෙන්න අනගි අවස්ථාවක්!
ළඟදී අවසන් වූ / වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය අහවර කළ කොල්ලන් / කෙල්ලන් මේ දිනවල බුරුතු පිටින් සිය ප්‍රොෆයිල ඇක්ටිවේට් කරගනිමින් සිටින බවට වගකිව යුතු ආරංචි මාර්ග දන්වා සිටී. මෙතෙක් කල් පාඩම් පොත්වලටම මැදිවී මෙලෝ රහක් නැතිව හිටපු ජීවිතේ ෆන් එකක් ගන්නට ඕනේ කියා ඔවුන්ට සිතීම ස්වභාවික බැවින් ද, දැන් ඉතිං කට්ට කෑවා ඇති, කොල්ලෙක් / කෙල්ලෙක් හොයාගන්න ඕනේ යයි ඔවුන්ට සිතී ඇතිනිසා ද, ඔබට මේ අවස්ථාව උපරිමයෙන් ගැළපේ. මාස ගණනකට වරක් සිදුවන මේ අතිවිශේෂ ග්‍රහචාරයෙන් මහඟු පළ නෙළාගැනීම පිණිස පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.
1. මෙතෙක් කල් මැස්සෝ වහමින් (මගේ වගේ) තිබ්බ ඔබේ ප්‍රොෆයිල් පික්චර් එක මාරුකර හොඳ එකක් යොදන්න. ඒ සඳහා මුහුණේ කුරුලෑ, වල ගොඩැලි නොකැපු රැවුල වැනි දේවල් නොපෙනෙන හොඳ ෆොටෝ එකක් යොදන්න. කෙල්ලන්ට නම් වෙඩින් එකකදී ගත් ෆොටෝ එකක් වගේ නම් වඩා සුදුසුයි. කොලල්න්ට නම් ගිටාරයක් අතින් ගෙන සිටින ෆොටෝ එකක් වඩා සුදුසුයි. වැඩේ ගොඩ දාන්නම බැරි මට්ටමේ එකක් නම් දන්නා කියන ෆොටෝෂොප් කාරයකු හමුවී පිලියමක් පතන්න.
2. ෆොටෝ / ඔබේ හැඟුම්බර ෆොටෝ හැර වෙනත් දේවල් (උදා: ජාතිකත්ව ෆොටෝ) යෙදීමෙන් වළකින්න. එහිදී ඔබ මාර ගුප්ත බැල්මකින් ඈත බලාගෙන සිටින ආකාරයේ සමීප රූපයක් යෙදිය හැකිනම් වඩා සුදුසුයි. කෙල්ලන්ට නම් බල්ලෙක් පූසෙක් තුරුළු කරගෙන ඉන්නා ෆොටෝ එකක් වඩා සුදුසුයි. වැඩේ ඉක්මනින්ම ගොඩ දමා ගැනීමට ඇඳුමේ කොට භාවය වැඩි කිරීම හේතු විය හැකි නමුත් එයින් භයානක අතුරු ප්‍රතිඵල ඇතිවිය හැකි බවද කාරුණිකව සළකන්න. මෝටර් රථයක් හෝ බයිසිකලයක් ඇති කොල්ලෙක්ට නම් වාහනයට හේත්තු වී ෆොටෝ එකක් ගැනීම ක්ෂණික ප්‍රතිඵල ලැබීමට හේතුවකි.
3. ඔබට කැමරාවක් තිබ්බත් නැතත් ඔබේ නමින් ෆොටෝග්‍රෆි පේජ් එකක් අරින්න. ඉන්පසු කොහෙන් හෝ ලස්සන ෆොටෝ කෑලි ටිකක් හොයාගෙන ෆොටෝ එකට යටින් ඔබේ නම ආටිස්ටික් ෆොන්ට් එකකින් යොදන්න.. ඊට අමතරව ඔබේ නමින් මොකක් හෝ කවි පිටුවක්, කතන්දර පිටුවක් වැනි දෙයක් අරින්න. ඊට මාර රොක් නමක් යොදන්න. ඇහුවොත්, "මං තමා අර අහවල් පේජ් එකේ ඇඩ්මින්" යයි කිව හැකි නමක් යොදාගන්න.
4. ඔබේ වෝල් එකේ ජාතික කතා ලියන්න එපා. වැරදිලාවත් දේශපාලන කතා නම් ලියන්නම එපා. පුළුවන් තරම් කවි ලියන්න. බූට් එකක් කාපු විදියට ඇඟවෙන කවි ලියන්න හැකිනම් වඩාත් සුදුසුයි. නමුත් තාමත් ඒ කෙල්ල / කොල්ල ගැන ඕනවට වඩා ආදරේ කරන බව ඇඟවෙන පරිදි ලිවීම සුදුසු නැත. හැකිනම් ආදරේ කරපු කෙල්ල / කොල්ලා දැන් රටෙත් නෑ, නැතිනම් කසාද බැඳලා වගේ (ඒ කියන්නේ අලුතින් එන කෙනාට තරගයක් නෑ වගේ) ඇඟවෙන විදියේ කවි ලියන්න. ඒ කියන්නේ ආදරේ දන්නා, එහෙත් ආදරයෙන් වේදනා විඳ ඇති, නමුත් ආදරයට වෛර නොකරන, මාර සෙන්සිටිව් චරිතයක් සේ පෙනී ඉන්න.
5. කවි ලියන්න බැරිනම් ඔබ කනගාටු විය යුතු නෑ. හොඳ රොමැන්ටික් ඉංග්‍රීසි / හින්දි ගීත කීපයක් තෝරාගන්න. මේ සඳහා හොඳ පොෂ් යාළුවකු ගේ සහය පතන්න. ඒ ගීත වල වචන ඔබට තේරීම අවශ්‍ය නැහැ. හැබැයි ගීයේ මූලික තේරුම දැනගැනීම අවශ්‍යයි. ඒ ලෙවල් වලට පොත් ගණන් කටපාඩම් කරපු ඔබට මෙය අපහසු නොවෙනු ඇති. ඊට පසු අදාළ ගීත ලැයිස්තුවක් සකසා ගන්න. ගීත පහලවක් විස්සක් තිබීම හොඳටම ප්‍රමාණවත් ය. ඉන් පසු දවස් තුනකට පමණ වතාවක් අරවායින් එක ගීතයක් ඔබේ වෝල් එකේ ෂෙයාර් කරන්න.. නිකන්ම නොවේ. අදාළ ගීයේ තේරුමට ගැළපෙන පරිදි "වැකියක්" ද සමග. (උදා: "This is my life story", "I wish she was here to listen to this") අත්දුටුවයි සත්තයි!
(අංක 5 කරන්න අමාරු නම් ඒ වෙනුවට මෙහෙමත් කරන්න පුළුවනි: ජීවිතය ගැන මාර බර ටෝක් දෙන පිටුවකින් ෆොටෝ කෑලි කීපයක් තෝරාගෙන ෂෙයාර් කරන්න. නමුත් මෙය සිංදු තරම් ඉෆෙක්ටිව් නැති බවද කරුණාවෙන් සළකන්න.)
මේවා කළපසු ඔබට අනිවාර්යයෙන් මෙන්න මේවායින් එකක් සිද්ද වේ.
* ඔබේ ෆොටෝ එකකට / කවර් ෆොටෝ එකකට ලයික් වැටීම.
* ඔබේ ලිංක් එකකට (ගීයකට / ෂෙයාර් එකකට) ලයික් වැටීම.
* ඔබේ මොකක් හෝ මගුලකට කමෙන්ට් වැටීම
දැන් ඇත්තේ ඊළඟ අදියරයි. ඒ කියන්නේ තොරතුරු එක්රැස් කිරීමයි. ඔබේ ෆොටෝ වලට ස්ටේටස් වලට ලයික් දාන කෙල්ලන්ගේ / කොල්ලන්ගේ ප්‍රොෆයිල් වලට ගොස් ඔවුන්ගේ කැමති අකැමැති දේ සොයා බලන්න. දිනපතාම ගොස් ඔවුන් කන්නෙ බොන්නේ කෙසේද, ජීවත් වන්නේ කෙසේද යන්න සොයා බලන්න. මීට ඉංග්‍රීසියෙන් stalking යයි කියනු ලැබෙ. එහෙත් ඔබ එසේ සොයා බලන බවට මොහොතක් වත් අඟවන්න එපා. ඊළඟට, ඔවුන් කැමති පේජස් වලට ඔබත් ලයික් කරන්න. ඔවුන් කැමති සිංදු ඔබත් ෂෙයාර් කරන්න. නමුත් මෙහිදී එකිනෙකට විරුද්ධ අදහස් දරන දෙන්නෙක්ට ට්‍රයි කිරීමෙන් වළකින්න. නැත්නම් මිනිස්සු ඔබට පිස්සු යයි සිතනු ඇත.
(විශේෂ අවවාදය: එකම ගැන්සියේ යාළුවන් දෙන්නෙක්ට එකවර ට්‍රයි කිරීම ඒ දෙදෙනාම සහ උන් දන්නා කියන හැම එකාම නැති වීමට හේතුවක් බව කරුණාවෙන් සළකන්න).
අපේ උපදෙස් මාලාවේ ඊළඟ කොටස ළඟදීම බලාපොරොත්තු වන්න.
තොග සීමිතයි! ඉක්මනින් අයදුම් කරන්න!! පමා වී පසු නොතැවෙන්න!!
ප්‍රවේශය
ෆේස්බුක් සහ බ්ලොග් වලට ප්‍රථම සයිබර් මතවාදයන් ව්‍යාප්ත වීමෙහි ලා වැඩිම කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ ඊමේල් මගිනි. සයිබරයේ අප තහනම් වචන ලියන්නට සෑහෙන කලකට පෙර පටන්ම, විද්‍යුත් තැපැල් හරහා අපි අපේ පාඨකයන් සමග බොහෝ දේ බෙදාගත්තෙමු. කාලයක් පැවති නිහඬතාව බිඳ දමමින් යළි පාඨකයන් අතරට පිවිසීමක් වනු පිණිස ද, පැරැණ්නන් හට අප කවුදැයි හඳුනාගැනීමට රුකුලක් වනු පිණිස ද, නවකයන් හට පැරැණි රසාංග රසවින්දනයට අවසරයක් ලබාදෙනු පිණිස ද, මෙතැන් පටන් ඒ පැරැණි ලිපි සටහන් කීපයක් ඔබ හමුවේ තබන්නෙමු.
මෙතැන් පටන් දිගහැරෙන්නේ එවැනි පැරැණි ලිපියකි.
***
"ප්‍රජාතන්ත්‍රවාදය යනු සෑමවිටම සාර්ථක වන කෝකටත් තෛලයක් ලෙස සිතාගෙන සිටින සමාජයට, ඒ මතය යළි විමසා බැලීමට හේතුවක් මෑතකාලීන සිද්ධි නිසා නිර්මාණය වී තිබේ. මෙහි ලා කිසියම්ම හෝ පක්ෂයක්, පාටක්, දේශපාලනයක් හෝ වෙනත් කල්ලිවාදයක් නියෝජනය නොකරන මධ්‍යස්ථ පුද්ගලයකුට වුවද, වරක් පෙන්වාදුන් පසුව මෙකී සිදුර සොයාගැනීම සහ එහි භයානකකම වටහාගැනීම අපහසු නොවන බව අපේ අදහසයි. එබැවින් අපි මේ සඳහා සරල උදාහරණයක් ගනිමු.
මිනිසා ලඟට වඩාත්ම දියුණු බුද්ධියක් ඇති සත්ත්වයා වශයෙන් ලොව පිළිගැනෙන්නේ ඩොල්ෆින් මත්ස්‍යයා ය. මධ්‍යධරණීය ඩොල්ෆින් රංචු, මිනිසුන් සමග එක්ව දඩයම් කළ අවස්ථා පවා ඉතිහාස කතාවල සඳහන් වේ. සමහර පරීක්ෂණාගාර බුද්ධි පරීක්ෂණ වලින් මිනිසා ළඟටම ඒමට මෙන්ම, මිනිසා අබිබවා යාමටද ඩොල්ෆින් මසුන් සමත්වන අවස්ථා තිබේ. අපේ උපකල්පිතය සඳහා වස්තුබීජයක් ලෙස අපි එබැවින් ඩොල්ෆින් මසුන් තෝරාගනිමු. යම් පරිණාමික විපර්යාසයක් හේතුවෙන් ඩොල්ෆින් මසුන් හට මිනිසුන්ට මෙන් දියුණු සංඥා භාෂාවක් මාර්ගයෙන් අදහස් හුවමාරු කිරීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ යයි අපි මොහොතකට සිතමු. එසේම මිනිසා දරුවන් සුළු ප්‍රමාණයක් ද ඩොල්ෆින් මසුන් දරුවන් විශාල ප්‍රමාණයක් ද බිහි කරන්නේ යයි සිතමු.
ඩොල්ෆින් මිනිසා තරමටම දියුණු සංවිධානගත ධුරාවලියකට අනුගත වන්නේ නම් මිනිසා සහ ඩොල්ෆින් අතර පැනනගින පළමු ගැටළුව මතුවන්නේ සාගර සම්පත් බෙදාගැනීම ගැන ය. සම්පත් සීමිත අතර ඒවායින් යැපෙන ජීවිත ගණන අසීමිත ය. එබැවින් සීමිත සම්පත් බෙදාගැනීම පිණිස මිනිසා සහ ඩොල්ෆින් අතර යම් තරගයක් හටගැනීම ස්වාභාවික ය. ලොව විශාලතම ස්වාභාවික සම්පත් නිධි පිහිටා ඇත්තේ සාගරයේ නිසා ද, සාගරය පාලනය කරන්නා හට නිතැතින්ම ගොඩබිම කෙරෙහි බලපෑමක් ඇතිකළ හැකි හෙයින් ද, මෙහි වැඩි වාසිය යන්නේ ඩොල්ෆින් මසුන්ට බව අමුතුවෙන් කිවයුතු නොවේ. යම්තාක් දුරකට මිනිසා සාගරය මත යැපෙන්නේ ද, ඒ තාක් දුරට ඩොල්ෆින් මසුන්ගේ කේවල් කිරීමේ බලය ද විශාල වනු ඇත. යම් දිනෙක මිනිසා සාගරය මත නොයැපී සිය අවශ්‍යතා සපුරාගන්නට ක්‍රමයක් සොයාගන්නා තුරු මේ බල අසමතුලිතය එසේම පවතිනු ඇත.
තතු මෙසේ හෙයින්, මිනිස් සමාජයේ නෛතික සීමාවෙන් අර්ථ නොදැක්වෙන, හෙවත් අපට සාපේක්ෂව වනචාරී යයි සම්මත චර්යාවන්හි පවා යෙදීමට ඩොල්ෆින් මසුන්ට සම්පූර්ණ අයිතිය තිබීම ද පිළිගත යුත්තක් බවට පත්වේ. උදාහරණයක් ලෙස ඩොල්ෆින් සමාජයේ එක පිරිමි මසෙකුට ගැහැණු මසුන් හත්දෙනෙක් සමග රමණය කළ හැකි පරිදි නීතියක් තිබුණේ යයි සිතන්න. නැතිනම් සිය සහකාරිය හට ශාරීරිකව අඩන්තේට්ටම් කරන්නට පිරිමි ඩොල්ෆිනයකු හට අවසර තිබේ යැයි සිතන්න. එසේත් නැතිනම් සිය දුවගේ වයසෙහි වන ගැහැණු මසකු සමග සංසර්ගයෙහි යෙදෙන්නට පිරිමි මසෙකු (රැළේ නායකයා යැයි සිතමු) ඉදිරිපත් වන්නේ යයි සිතමු. අපට ඒ ගැන කළ හැකි යමක් නොමැත. එහෙත් අප එය පිළිගන්නවාය, නැතහොත් ඒ චර්යාවන් අනුමත කරනවාය යන්නක් ඉන් ගම්‍ය විය නොහැකිය. අපට කළ හැකි එකම දේ වන්නේ එකී චර්යාවන් පිළිකුළෙන් හෙළා දැකීම පමණි. ඒවා දැක අප කෝපදීප්තව සියලු ඩොල්ෆින් මසුන් මරන්නට යන්නේ නම්, එහි බරපතළ වරදක් තිබේ. මන්ද සෑම ඩොල්ෆිනයකුම ඉහත සඳහන් අභව්‍ය චර්යාවන්හි යෙදෙන්නේ ය, අනුමත කරන්නේ ය යන්නක් ඉන් අදහස් නොවන බැවිණි. අප සියලු ඩොල්ෆින් මසුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්නේ නම් අප කරන්නේ නැති සතුරන් සාදා ගැනීමකි.
එසේනම් අපට කළ හැක්කේ කුමක් ද? අපට කළ හැකි හොඳම දෙය වන්නේ ඩොල්ෆින් මසුන් ආර්ථිකව හාමත් කිරීමයි. එනම්, හැකිතාක් ඔවුන් මත නොයැපී අපේ අවශ්‍යතාවන් සපුරාගැනීමට කටයුතු කිරීමයි. අපට සාගරය අතහැරීම කළ නොහැකිය. මිනිසුන්ට තෙල් නොමැතිව ජීවත් විය නොහැක්කා සේම, සාගරය ද අතහැරිය නොහැකි සම්පතකි. එහෙත් අපට ඊට වඩා සුළු දේවල් වලින් ඩොල්ෆිනයන් හාමත් කළ හැකිය. අප තනි අයෙකු කරන්නේ සුළු දෙයක් විය හැකිය. එහෙත් අප බිලියන 600 ක ජනගහණය එකාත්මිකව, ඒකමතිකව, එකස්වරයෙන් යම් සුළු දෙයක් කරන්නේ නම්, ඒ සුළු දේ හි අවසාන ප්‍රතිඵලය මහත් වනු ඇත. මෙහි වක්‍ර යහපතක් ද වෙයි. එනම්, අපට ඩොල්ෆින් ගහණය වැඩිවීම කෘත්‍රිමව පාලනය කිරීමට අවශ්‍ය නොවීමයි. අධික දරුවන් පිරිසක් නඩත්තු කිරීමට අවැසි තරම් සම්පත් නැති වන දාට ඩොල්ෆින් මාපියන් දරුවන් රොත්තක් හදන්නට පෙර දෙවරක් සිතනු ඇත. එමගින් අපට වඩාත් මානුෂීයව මේ ගැටළුව විසඳාගත හැකිය.
අප පෙන්වාදුන් සිදුර දැන් මේ වනවිට පාඨකයා හට පැහැදිලි විය යුතුය. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය භාව්තකර යම් පිරිසකට තවත් පිරිසක් යටපත් කිරීමට අවශ්‍ය වන්නේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ඔළුගෙඩි ගණනක් පමණි. එම ඔළුගෙඩි ගණන යම් සීමාකාරී අගයකින් එහාට ගියහොත් එතනින් එහාට එම සමාජය ආපසු හැරවීමක් කිසිදිනෙක කළ නොහැකි වනු ඇත. එබැවින් අපේ වගකීම වනුයේ අප වෙසෙන සමාජය මෙකී නිවර්තන ලක්ෂ්‍යය කරා එළඹෙන්නට පෙර ක්‍රියාත්මක වීමයි. "
සැ.යු.: මෙහි ස්වාභාවික සම්පතක් ලෙස තෙල් යොදාගැනීම මගින් කිසිදු ජනවර්ගයක් ඉලක්ක කිරීමක් අදහස් නොකළ බව කරුණාවෙන් සළකන්න.