logo banner
Showing posts with label ණය. Show all posts
Showing posts with label ණය. Show all posts

Wednesday, December 11, 2013

එපා, එපා ණය ගන්නට චීනක්කාගේ | No Chinese Loans




ණය දුන්නේ මඩවන්නයි හරකුන් වාගේ....
හොර තක්කඩියන් හැදුනේ මුදලෙනි ඈගේ...
මේ සෙල්ලම නොදන්න මී හරකුන් වාගේ...
එපා, එපා ණය ගන්නට චීනක්කාගේ... //

අහිංසක කිරි අත දරුවාටත් ණයයි වැටෙන්නේ...
එවන් ණයක් අහෝ කොයි කාළෙද නැවත ගෙවන්නේ...
ටිකක් හිතල බලනු චීනුන් ශ්‍රමයෙනි වැඩ ගන්නේ...
එහෙත් පෙරදිග මුතු ඇටයෙහි ඇයි ණයට බුදින්නේ....

කෙනෙක් පහළොස් වසරක් ගත්තොත් ණය ලෙස වැඳලා...
බලනු සීයට විසි අට වැඩි කොට ඇනුයිටි යොදලා....
ගණන දළ වශයෙන් දහ ගුණයක් කම්පවුන්ඩ් වෙලා....
ඔබට තේරුණාද ඔබ ගත් ණය දුර දිග නොබලා....

ණය දුන්නේ මඩවන්නයි හරකුන් වාගේ....
හොර තක්කඩියන් හැදුනේ මුදලෙනි ඈගේ...
මේ සෙල්ලම නොදන්න මී හරකුන් වාගේ...
එපා, එපා ණය ගන්නට චීනක්කාගේ... //

මුදල් තණ්හාවෙන් රටවල් චීනෙන් ණය ගන්නේ...
අහිංසක දරුවගේ ඉරණම ඉන් පසු විසඳෙන්නේ...
යළිත් ඒ චීනෙන් මල් වෙඩි ගෙන පත්තු කරන්නේ...
තමන් ණය ගත් මුදළම යන බව උන් නැහැ දන්නේ...

ගුවන් තොටුපළවල් නැව් එන් නැති වරාය දෙන්නේ...
මෙවන් දේ තැනුමට කම් කරුවන් කොහෙන්ද එන්නේ....
ඉතින් ණය නොම වී තාක්ෂණය ඉල්ලා ගන්නේ...
එවන් මොළ ඇති සිස්ටම් තුල දෙවියන් වැඩ ඉන්නේ....

ණය දුන්නේ මඩවන්නයි හරකුන් වාගේ....
හොර තක්කඩියන් හැදුනේ මුදලෙනි ඈගේ...
මේ සෙල්ලම නොදන්න මී හරකුන් වාගේ...
එපා, එපා ණය ගන්නට චීනක්කාගේ... //

~~නිර්මාණය දමිත් කේතක විසිනි.