logo banner
Showing posts with label සත්ත්ව ඝාතනය. Show all posts
Showing posts with label සත්ත්ව ඝාතනය. Show all posts

Monday, October 28, 2013

මැක්ඩොනල්ඩ්ස් කනවද? | Eating McDonalds?

"යසට හිටිය නංගිට හැදුණු අමුතු ලෙඩක්" ගැන අපේ සහෘද බ්ලොග් රචිකාවක වන "උමා" වතාවක් යස කතාවක් කියා තිබිණි. මේ ලිපියට ආරම්භයක් ලෙස අපිත් ඒ ලිපියෙන්ම උපුටා ගැනීමක් දක්වමු. 
"පොඩ්ඩක් හිතපන් ශානි..කීයක් හරි ඉතුරු කරගන්න ඕනෙ නැද්ද? රෑ නිදිමරාගෙන වැඩ කරල හොයන සල්ලි ඉවරයි සුකුරුත්තන් වලට. අඩු ගානෙ උඹ ගෙදරින් කෑම එකක් ගෙනියනවද?" පුංචම්මා බණියි. 
"එහ් මොකෝ කෑම ගෙනියන්නෙ නැත්තෙ." මම පුදුම වෙමි.
"දන්නෙ නැද්ද අනී අපෙ ඔෆිස් එකේ කෙල්ලො. උන් හැමදාම මැක් එකෙන් හරි කේ. එෆ්. සී එකෙන් හරි තමයි කෑම ඕඩ කරන්නෙ. ගෙදරින් කෑම ගෙනිච්චොත් උන් මට හිනාවෙයි. අම්මා හදන්නෙත් හරි ගොඩේ කෑමනෙ"... 
...මට වමනෙට එන්ට වගේය. මුන් නම් අම්මප බත් කන හරක්ය. මැක් ඩොනල්ඩ්ස් යනු සවුක්කියට ඉතාම අහිතකර ෆාස්ට් ෆුඩ් නිෂ්පාදනය කරන්නන් ලෙස හංවඩු ගසා ඇති බව පුංචි එකෙකු වුව දනිතැයි මම සිතා සිටියෙමි. ඇමරිකාවේ මිල අඩුම ආහාර වේලක් ගන්නට කෙනෙක් යන්නේ ඒකටය. ඊට පිං සිදු වන්නට තරබාරු කම, දිය වැඩියාව හා හර්ද රෝග වලින් පෙළෙන ජනයා ජීවත් කරන්නට ඇමෙරිකානු රජය ඩොලර් කෝටි ගණනින් වියදම් කරයි! පුංචම්මා ගෙදර උයන නිවුඩු හාලේ බත් වල හා ගොටුකොළ මැල්ලුමක ඇති ගුණයෙන් සියේට දහයක් එහි නැත. මගේ නංගී ඒකට පයින් ගසා වස විස පිරි ෆාස්ට් ෆුඩ් ජරාව කා කෝක් බොයි...! මෙව්වාට කියන්ට වචන නැත. ජුගුප්සා ජනකය. ඊයාය. කක්කාය.  
[සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න.]

ඇමරිකාවේ දුප්පත් මිනිසුන්ගේ ආහාරය ලංකාවේ මධ්‍යම පන්තිකයන්ගේ ප්‍රියතම ආහාරය බවට පත්ව ඇත. ඩිනර් එකට කේ. එෆ්. සී, මැක්ඩොනල්ඩ්ස් හෝ පීසා හට් ගිය බව තම පන්තියේ සෙසු ළමයින් ආඩම්බරයෙන් කියන විට සෙසු ළමයින්ද කල්පනා කරන්නේ ඒවාට නොගියොත් තමන් ගොඩේ බයියන් ලෙස සැලකෙනු ඇති බවයි. මැක්ඩොනල්ඩ්ස්ලාට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මේ පිළිබඳව ලියූ ලිපියක් ප්‍රමුඛ පෙළේ ජාතික පුවත්පතක් වෙත යැවුවද, තමන්ට ලැබෙන වෙළෙඳ දැන්වීම් අහිමි වෙතැයි බියෙන් එම පුවත්පත එම ලිපිය පළකිරීමට බිය වූයේය. එම ලිපිය ‘බර්ගර් යුද්ධය’ නමින් ‘සමබිම’ පුවත්පත්වේ ඔක්තෝබර් කලාපයේ පළවිය. මේ පහත දැක්වෙන්නේ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ලියු සම්පූර්ණ ලිපියයි. උපුටා ගැනීම සමබිමෙන්. විශේෂ ස්තුතිය දිල්මිනිඳු සමරසේකර සහෘදයාට සහ Be a Change-maker සහෘද පිටුවට. 

[සැ.යු. ලිපියේ යම් ස්ථානවල කරන ලද අක්ෂර වින්‍යාස දොස්-නිදොස් කිරීම් / ව්‍යාකරණ වරද නිවරද කිරීම් හැර අන්තර්ගතයට වෙනත් කිසිදු වෙනසක් සිදු නොකරන ලදි. අඩංගු යම් කරුණු පිළිබඳව අප ද ලියා ඇති ලිපි, අදාළ ස්ථානවලට සබැඳි ලෙස දක්වා ඇත. එම සබැඳි, ලිපිය ලියු ලේඛකයාගේ (වර්ණකුලසූරිය මහතාගේ ) අදහස් නොවන අතර, අදාළ කරුණු ගැන ඔහුගේ මතය නිරූපණය කරන්නා සේ නොගන්නා මෙන් කාරුණිකව සිහිපත් කරමු. ]




බර්ගර් යුද්ධය

ජේ. ආර්. විසින් ආරම්භ කරන ලද ධනවාදී මාවතෙන් සීඝ්‍රයෙන් ආශ්චර්ය කරා ඇදී යන මේ ගමනේ විශාල අඩුවක් වී තිබුණේ අධිවේගී මාර්ග, අහසේ ගෑවෙන ගොඩනැගිලිය. මේ අතරට තවත් විශාල අඩුවක් විය. එනම් ඇමරිකාවේ විධියට ක්ෂනික ආහාර සපයන මැක් ඩොනල්ඩ්, ෆීසා හට්, කේ.එෆ්.සී. වැනි ආපනශාලා නොමැති වීමය. මෙවැනි බහුජාති සමාගම්වල ශාඛා අපේ රටේ ස්ථාපිත නොකළ හොත් ආශ්චර්ය අපට අහිමි වන බව බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ථික ඝාතකයන් මෙන්ම ආර්ථික ජීවකයන් පෙන්වා දුන්හ. මැක් ඩොනල්ඩ් සමාගමේ සහතිකය ලත් ශාඛාවක් කොළඹ කොල්ලුපිටියේ පිහිටුවීමෙන් මෙම බාධක බොහෝ දුරට ඉවත් කර ගැනීමට හැකිවිය. ඇමරිකාවේ මෙවැනි ආහාර වෙළෙන්දගේ ප්‍රධානතම පාරිභෝගිකයා පහල මැද පන්තිය හා දුප්පතුන්ය. ලංකාවේ නම් මෙවැනි ආපන ශාලාවකින් ආහාර ගත හැක්කේ ඉහළ මැද පන්තිය හා සුපිරි පන්තියටය. අතිශයින් තරබාරු වූ ද කල්ලන් විශාල බැලුමක් සේ ඉදිමුන උදරයක් හා පස්සක් ඇති කලු ගැහැණුන්ද ඇමරිකාවේ සුලභ දර්ශනයකි. මොවුන් සියලු දෙනාම අතිශයින් තරබාරු වන අතර මෙය රෝගයක් බවද සොයාගෙන ඇත. මෙහිදී ක්ෂනික ආහාර පරිභෝජනය හා රෝගී ස්ථූල භාවය අතර ඉතා සමීප සම්බන්දයක් තිබෙන බව ඔප්පු වී හමාරය. අද ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන රෝගයක් වනුයේ ස්ථූල භාවයයි. එම රෝගී තත්වයට ප්‍රධානතම හේතු වශයෙන් ක්ෂනික ආහාර බව බොහෝ වෛද්‍යවරුන්ගේ මතයි. අද “බර්ගර්” නිපදවන ආයතන විශාල සංඛ්‍යාවක් ඇමරිකාවේ ඇත. එලෙසම මේ ස්ථානවලට කියන්නේ “ෆාස්ට් පුඩ්” මධ්‍යස්ථාන කියාය. මෙම ආහාර ගැනීමෙන් අනිසි විපාක ගැන එනම් ශරීරය මනා පාලනයක් නොහැතිව මහත්වීම නිසා ඇතිවන රෝගාබාධ ගැනද දිනපතා එරට වෙසෙන විද්වත්තු පෙන්වා දෙති. එහෙත් මෙම ආයතන ඩොලර් කෝටි ගානක් වෙළඳ ප්‍රචාරනයක් සඳහා වියදම් කර විද්වතුන්ගේ හඬ යටපත් කරයි. ඔවුනගේ වෙළඳ දැන්වීම් වල ඉලක්කය ළදරුවන් හා ළමුන් වේ. ඔවුන්ගේ මනස “බර්ගර් ෆාස්ට් පුඩ්” මනසක් වේ. ප්‍රීතිය හා විනෝදය ඔවුන්ට ලැබෙන්නේද තම පවුල හා දරුවන් සමඟ ගොස් මෙවැනි ආහාර පරිභෝජනයට ගැනීමෙනි. 

බොහෝ ඇමරිකානුවෝ ලංකාවේ අපි මෙන් නොව ඉතා අඩුවෙන් ලුණු සහ සීනි පාවිච්චියක් කරන ජාතියක් වේ. මෙය බටහිර ලෝකයටම පොදු ප්‍රවනතාවකි. සුපිරි වෙළඳ සැලකින් ආහාර ද්‍රව්‍යයක් මිලදී ගන්නා විට ඔවුන් ඉතා ප්‍රවේශමෙන් එහි අලවා ඇති ලේබලය කියවති. ඒ ආහාරවල අනවශ්‍ය ලෙස සීනි හෝ ලුණු ඇත්නම් ඒවා පරිභෝජනයට නොගනිති. ශ්‍රී ලාංකිකයන් බටහිර රටකට ගිය හොත් කලක් යනතුරු එම රටේ ආහාර වල කිසිම රසයක් නැති බව දැනේ. එම ආපන ශාලාවක තමට අවශ්‍ය ප්‍රමාණයේ ලුණු දැමීමට ලුණු බඳුන් තබන මුදු එම ලුණුවලද ලවන ගතියද සීනි වල පැණි රස ගතියද ඉතා අඩු බව දැනේ. මෙවැනි ලුණු හා සීනි සම්බන්ධයෙන් බොහෝ බටහිර ජනතාවට ඇති මානසිකත්වය සියලු බටහිර සුදු මිනිසුන් වෙසෙන රටවලට පොදුය. 

එහෙත් මෙම මතු කී ක්ෂනික ආහාර (ෆාස්ට් ෆුඩ්) නිපදවන මාංශ බර්ගර් ආහාර වේලක අපි කෑමට ගන්නා තරම් ලුණු ඇති අතර ඒ සමඟ සපයන ඕනෑම පැණිබීම ජාතියක ඉතා ඉහළ සීනි ප්‍රමාණයක් ඇත. සියලු දෙනාම අධික ලවන සහ සීනි ප්‍රමාණයක් ඇති මෙම ආහාර වළඳන්නේ ඉතාම ගිජු ලෙසය. ඔවුන් මත්පැනට ගිජු වූ සුරා සොඬුන් ලෙස ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ මත්ද්‍රව්‍ය ලෝලීන් ලෙස ද මුළු පවුලම බර්ගර් ලෝලියන් වේ. කුඩා දරුවා නිවසේ කෑමට අරුචියක් දක්වතත් මෙම ක්ෂනික ආහාර බඩ පිරෙන්න කෑමට මහත් අභිරුචියක් දක්වයි. ලංකාවේද මෙම ක්ෂනික ආහාර මධ්‍යස්ථානයක් මීට අවුරුදු කිහිපයකට පෙර ආරම්භ කලද එවකට එම ආහාරවල ඇති මිළ ගණන් හා සාමාන්‍ය ආහාර වේලකට වඩා අධික හෙයින් මෙම ව්‍යාපාරය සාර්ථක නොවේ යැයි බොහෝ දෙනා සිතූහ. එහෙත් අද මෙවැනි බර්ගර් නිපදවන ක්ෂනික ආහාර මධ්‍යස්ථාන කොළඹ පුරාම ඇත. ඒවායේ වැඩිපුරම ආහාර ගන්නේ ළමුන් සමග එන දෙමාපියන්ය. අද සියලුම ව්‍යාපාරයන් අතිශයින් ලාභ ලබන බවට එම ආපන ශාලාවල් පිරී ඉතිරී යෑමෙන් හිතා ගත හැක. මෙය ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම ව්‍යාප්ත වන ප්‍රධානතම ව්‍යාපාරයක් බව ඔප්පු කර ඇත. 

මාවෝ සේතුං රජයන සමයේ චීන ජාතිකයෝ කඩවසම් උසට සරිලන මහත ඇති මනා සිරුරක් ඇති එහෙත් වඩා උස නැති ජාතියක් විය. එහෙත් චීනයේ අද ප්‍රධාන නගරවල 20% කට අධික ජනතාවක් ස්ථූල රෝගයෙන් පෙළෙන බවත් මීට වඩා ප්‍රධාන හේතුව බර්ගර් ඇතුලු ක්ෂනික ආහාර බව සමීක්ෂණ වලින් හෙළි වී ඇත. ප්‍රංශ සූප ශාස්ත්‍රය හා ආහාර අද ලෝකයේ ඇති උසස්ම සූපවේදී කලාව බව බටහිර මතයයි. ඊට පසු ලෝකයේ බොහෝ දෙනා ඇලුම් කරන සූප ශාස්ත්‍රය ඇත්තේ චීනයේ බවද බොහෝ දෙනා පිළිගනිති. ලංකාවේ ද චීන අවන්හලක් සොයා ගත නොහැකි නගරයක් නැතිවූද චීන ජාතිකයින්ද තමන් සතු ප්‍රණීත ආහාර සම්ප්‍රදාය වෙනස් කොට බර්ගර් කෑමට පුරුදු වී ඇති අතර මෙලෙස ඉතා සුළු කලකදී ආහාර මානසිකත්වය වෙනස් කිරීමට මැක් ඩොනල්ඩ් ඇතුලු අනිකුත් ක්ෂණික ආහාර නිපදවන ඇමරිකානු වෙළඳ ව්‍යාපාර සංකීර්ණ වලට හැකිවී තිබේ. 

ලෝකයේ තිබෙන විශාලතම හා ධනවත්ම ක්ෂණික ආහාර (ෆාස්ට් පුඩ්) ආයතනය වන මැක් ඩොනල්ඩ් මහා බහු ජාතික ව්‍යාපාරයට එරෙහිව යුද ප්‍රකාශ කිරීම නිෂ්ඵල ක්‍රියාවක් වනු බව ශ්‍රී ලාංකිකයන් හිතනු ඇත. එහෙත් තනි පුද්ගලයෙකුට මෙවැනි මහා පරිමාණ බහු ජාතික ව්‍යාපාරවලට එරෙහිව යුද වැදීම ලංකාවේ නම් සියදිවි නසා ගැනීමට සමාන වන හෙයිනි. අද අප රටට ආනයන කරන කෘමිනාශක හා පොහොරවල ආසනික් වැනි විෂ ඇති බවත් ඒවා හේතු කොට ගෙන ජනතාව වකුගඩු රෝගයෙන් මිය යන බවත් සමහර විද්වතුන් වසර ගණනාවක් තිස්සේ කියන කතාවකි. එහෙත් ඒ සම්බන්ධයෙන් අපි තවමත් පරීක්ෂණ කරමින් සිටිමු. අනුරාධපුර ප්‍රදේශයෙන් හට ගත් මේ ව්‍යසනය දැන් මාගම් පත්තුව දක්වා විහිදී ඇත. මෙයින් මියැදෙන බහුතරය සිංහල බෞද්ධයන්ය. එහෙත් සිංහල බෞද්ධ සේනාවන් හරක් මැරීමට විරුද්ධව ගිනි තබා ගන්නා මුත් බහු ජාතික සමාගම් අපට ආසනික් වස කැවීම් සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටී. හරකාගේ ප්‍රාණය සිංහල බෞද්ධයාගේ ප්‍රාණයට වඩා අගේ දැයි ප්‍රශ්න කල යුතුව ඇත. අහිංසක ගොවියන්ටද ඔවුනගේ දරුවන්ටද වැළඳිය හැකි භයානකම රෝගයක් වන වකුගඩු රෝගයෙන් සිය ගණන් මිය යනු අපට පෙනේ. අප නිශ්ශබ්දය. 

අප්‍රිකාවේ ඒඩ්ස් රෝගයෙන් ගම් පිටින් මිනිසුන් මියගිය ද එයට ප්‍රතිකාර වශයෙන් ලබාදෙන පෙති අඩුවට ලබාගෙන විශාල ගණනකට විකිණීම අප්‍රිකානු දේශපාලඥයින්ගේ ප්‍රධානතම ව්‍යාපාරය වී තිබේ. අයථා ලෙස ලබා ගන්නා ලාභය අප්‍රිකානු දේශපාලඥයන් හට වටී; තම වැසියාගේ ජීවිතය ඔවුනට නොවටී. එහෙත් ලෝකයේ සියලුම සාරධර්ම මුදලට යටවී තිබෙන යුගයක අපිට දැන් උගන්වන පරිදි අපේ පරම හතුරා වන ඇමරිකා එක්සත් ජනපදයේ යුක්තිය ධර්මය විසඳෙන්නේ මීට වෙනස් ආකරයකිනි. 

මෙම දැවැන්ත ක්ෂණික ආහාර නිපදවන මැක් ඩොනල්ඩ් සමාගමේ බීෆ් බර්ගර් ආහාරයේ කොටස් දෙකකින් සමන්විතය. එක් කොටසක් පිටිවලින් සාදන ලද බනිසයක් වන අතර එහි මැද ඇති හරක් මස් වලින් සමන්විත මස් පෙත්තක් ඇත. මෙම බර්ගරයට විරුද්ධව යුද වැදුනේ බ්‍රිතාන්‍ය සූපවේදියෙකු වූ ජෙම් ඔලිවර් මහතාය. ඔහුගේ යුද ප්‍රකාශයෙන් කියා සිටියේ මෙම හරක් මස් පෙත්තට මැක් ඩොනල්ට් සමාගම යොදා ගන්නේද හොඳ හරක් මස් කපා ඉවත් කර ගත්තාට පසු ඉතිරි වන මිනිස් ආහාරයට නුසුදුසු මාංශ කොටස් බවය. සාමාන්‍ය ගෝ ඝාතකයා හරකා මස් කොට එහි වඩාත් මිළට විකිණිය හැකි මස් වෙන්කොට ඒවා විකුණන අතර මෙම ඉතිරිවන කොටස් වන හම් කෑලි, තෙල් කෑලි, අක්මාව හා අනිකුත් අවයවයන් වෙන් කොට ඒවා බල්ලන්ගේ ආහාර සඳහා විකුණනු ලබයි. මෙම මස් කෑලි ඉවත් කරන කොටස් වල අධික ලෙස ශරීරයට අහිතකර බැක්ටීරියා ප්‍රජනනය වේ. සාමාන්‍ය වශයෙන් මෙම මස් කැබලි මිනිස් ආහාරයට කොහෙත්ම නුසුදුසු බව ජෙම් ඔලිවර් මහතා පෙන්වා දුන්නේය. ඔහු කියා සිටියේ බීෆ් බර්ගර් මැද තිබෙන මස් පෙත්ත සාදා ඇත්තේ ඉවත් කරන මිනිස් ආහාරයට නුසුදුසු මේ මස් වලින් බවය. ඔහු තවදුරටත් කියා සිටියේ මෙම මැක් ඩොනල්ඩ් ආයතනය මෙම මිනිස් ආහාරයට නුසුදුසු ලෙස සලකා ඉවත් කරන ලද මාංශ කැබලි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දියරයෙන් සෝදා නැවත වරක් මෙම මාංශ කොටස් යන්ත්‍රයකට ඔබා අඹරා එම යන්ත්‍රයෙන් පිටවෙන මස් නැවත වරක් අනා කුඩා කවාකාර පෙත්තක අකාරයට වෙන්කොට බර්ගර් බනිසයේ මැදට දමනු ලබන බවයි. 

ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් රසායනික දියරය කිසිසේත්ම මිනිස් ආහාරයට නුසුදුසු විෂ රසායනික ද්‍රව්‍යයකි. මෙම ක්‍රමවේදය උපයෝගී කර ගන්නේ හරක් මස් සඳහා පමණක් නොවේ. කුකුල් මස්වලද ආහාරයට සුදුසු මස් කොටස් ඉවත් කොට මේදය, හම, වෙනත් අභ්‍යන්තර කොටස් එනම් වකුගඩුව අක්මාව වැනි ඉවත් කරන දේවල් ඇමෝනියම් හයිඩෝ‍රක්සයිඩ් දියරයෙන් සෝදා නැවතත් මතු කී විදියට යන්ත්‍රානුසාරයෙන් අඹරා ශ්‍රී ලංකාවේ ළමුන් බොහෝ දෙනා හරක් මස් නොකන හෙයින් ඔවුන් වඩාත්ම ප්‍රිය කරන ක්ෂනික ආහාරය වන “චිකන් නට්” සාදනු ලැබේ. ජෙම් ඔලිවර් විසින් කරන ලද මේ හෙළි කිරීම ප්‍රථමයෙන් එක හෙළාම ප්‍රතික්ෂේප කල මැක් ඩොනල්ඩ් සමාගම පසුව එම සමාගමට එරෙහිව ඉදිරිපත් වන සාක්ෂි කන්දරාව දැක තම ප්‍රති විරෝධය හකුලා ගත්තේ අපේ රටේ මෙන් වෙනත් ක්‍රමවේදයකින් එනම් අල්ලසකින් හෝ තුටු පඬුරකින් හෝ මෙකී ජම් ඔලිවර් මිලදීගත නොහැකි වූ නිසාය. 

අවසානයේදී ජෙම් ඔලිවර් නඩු මගට බැසීමට සූදානම් වනවිට මැක්ඩොනල්ඩ් ආයතනය මෙම වරද පිළිගෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දියරය මස් සේදීමට ද්‍රව්‍ය පාවිච්චි නොකරන බවට ප්‍රකාශයක් කළේය. මෙම ප්‍රකාශනයට විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මොනතරම් ප්‍රසිද්ධියක් ලබා දුන්නේද යතහොත් “බර්ගර් කිං”,  ටැකෝ බෙල්” වැනි ආයතනද ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් රසායනික ද්‍රව්‍ය වලින් තමන් මස් නොසෝදන බවට විශාල දැන්වීම් මගින් ප්‍රසිද්ධියට පත් කළේය. එහෙත් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දියරය පාවිච්චි නොකල ද අප ඉතා ගිජුව ගිල දමන්නේද අපේ දරුවන්ට ගිල දමන්නට සලස්වන්නෙද මිනිස් ආහාරයට නුසුදුසු මාංශ බව අපි සිතාගත යුතුය. බර්ගර් යුද්ධයෙන් ජෙම් ඔලිවර් ලබාගත් ජයග්‍රහනය අප කාගෙත් දෑස් පෑදවිය යුතුය. තවත් ජයගත යුතු ආහාර යුද්ධ රාශියක් ලංකාවේද ඇත.

Monday, July 29, 2013

සිංහල රාවයේ තවත් පචයක් | Lies spawn Lies

පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමි, වෙසක් පුන් පෝ දින දළදා මාලිගාව අබියස ගිණි තබා ගැනීම, මුළු රටම සසල කරවන ආරංචියක් වූ හැටි ඔබට දැන් මතක නැත. මන්ද දැන් සති දෙක පැන ඇති බැවිණි. එනිසා, එකී සියදිවිනසාගැනීම ගැනත්, ඊට හේතු පාදක වූ මෙතෙක් පැහැදිලි නොකළ අබිරහස් ගැනත් කියවා සිටින්නේ නම් මැනවි. 

සටහන: අප මෙය දකින්නේ සියදිවි නසාගැනීමක් ලෙස මිසක, ජීවිත පූජාවක් ලෙස නොවේ. ඊට හේතු අදාළ ලිපිවල පැහැදිලිව දක්වා ඇත. 

කෙසේ වෙතත් මෙකී ශෝකජනක සිද්ධියෙන් පසුව, සියලු ජාතික සංවිධාන එක්වී ගවඝාතනය තහනම් කරනු පිණිස දැවැන්ත හඬක් නගනයුරු අපි උපේක්ෂාවෙන් බලා උන්නෙමු. නගර සභා කීපයක පුද්ගලයෝ මෙකී රැල්ල පිටින් තබා සිය ජනප්‍රියත්වය නග්ගාගෙන ජනතාව ඉදිරියේ පොරක් වනු අටියෙන් සිය නගර සභාවේ හරක්මස් කඩ තහනම් කළ සැටි ද, ඊට පසුව, එකී නගරාධිපතිගේම ආශීර්වාදය ලබන වෙනත් මැර කල්ලි, හොරෙන් හරක් මරා මස් බෙදාහරින හැටි ද, මේ සියල්ල පසුපස ටින්කළ හරක් මස් ගෙන්වීමේ කූටෝපාය කෙමෙන් දළුලන අයුරුද අපි බලා උන්නෙමු. 

ඊළඟට එළඹියේ "තල මල පිපෙන මොහොතයි". එනම් (අපට නිතර සහය දෙන දමිත් කේතක ගේ වචනයෙන් කියන්නේ නම්) අටෝරාසියක් සංවිධාන එක්ව "තෙද විකුම් පාගෙන, පාගෙන, පාගෙන ගොස්" අවසානයේ නැට්ට පාගා ගන්නා මොහොතයි. ඒ අමිහිරි මොහොත මෙන්න මේ රූපයෙන් බලන්න. 



මේ ඡායාරූපය, "Sinhala Buddhist" නම් ෆේස්බුක් පිටුවේ පළවුයේ 2013 ජුලි 29 වන දින උදෑසන 11.30 ටය. අදාළ දිනය සහ වේලාවද සහිතව මෙන්න ඡායාරූපය යළිත්: [සේයාරුවට සබැඳිය මෙන්න]




සටහන: පසුගිය දිනෙක විශාඛා පාගමන ගැන ඉතාම නින්දිත මට්ටමේ විවේචන එල්ල කළ පිටුව මෙය ම වන අතර, ඔවුන්ගේ මෙනමින් ම පවත්වා ගෙන යන වෙබ් අඩවියක් ද වේ. විශාඛා පාගමන ගැන අප ලියු පළමු ලිපියෙන්ම කණ පැලෙන්නට කියන්න ඕනේ දේ කියා ඇති අතර, දෙවෙනි ලිපියෙන් මෙකී කුහක විවේචන වලට හේතු භූත වූ ලිංගික අසහනය ගැන අපි පැහැදිලි කළෙමු. [Sri Lankan Atheists ලියන තාඹුගේ ලිපියද මීටම සබැඳි විය යුතුය.] අපේ ලිපි දෙකට අමතරව, ඊට වඩා සියදහස් වාරයක් හොඳට, මානවක සහ ප්‍රමුදි යන දෙදෙනා මෙකී ජාතිකවාත කරුවන්ගේ ආතල් කුඩු කර තිබෙන නිසා ඒ ගැන මීට වඩා විස්තර කිරීම අවශ්‍ය නොවේ. 


දැන් මේ අලුත්ම පින්තුර කෑල්ල පළකළ වහාම ඒ ආතල් එකද කුඩේ කුඩුවන ආරංචියක් හැරෙන තැපෑලෙන් ලැබී තිබේ. එනම් ජනපතිතුමා මෙවැනි පොරොන්දුවක් කිසිදාක වී නොමැති බවයි. මෙන්න ඒ ආතල් එකත් බලන්න:

[[ඡායාරූපය හරහා අකුරු කියවීම අපහසුනම් මෙන්න ලිපිය


"President never promised to ban cattle slaughter--By Sithara Pathirana

President Mahinda Rajapaksa did not promise to the Sinhala Ravaya, the extremist Buddhist organization, that he would ban cattle slaughter, Senior Minister of Urban Affairs, A.H.M. Fowzie, told Ceylon Today.

The President promised to look into their demands, in response to a memorandum submitted by Sinhala Ravaya, but he did not say he would ban cattle slaughter, Minister Fowzie reiterated. Earlier, the media reported that the President promised to ban cattle slaughter within the next two months. The minister said he clarified the news report with the President, who had told the minister that the statement was far from the truth.

The President categorically denied having given any promise to ban the slaughtering of cattle. ]]

බෝවත්තේ ඉන්දරතන හිමි යනු (අප අනුමත කළත් නැතත්) සිය අරමුණ වෙනුවෙන් දිවි දීමට පවා පසුබට නොවුණු අභීත මනුෂ්‍ය ප්‍රාණියෙකි. භික්ෂුවක් වශයෙන් උන් වහන්සේ හොඳ භික්ෂුවක් ද නැද්ද යන්න සෙවීම මෙහිදී අපට අදාළ නොවේ. එහෙත් මේ තුට්ටු දෙකේ ගොන්බිජ්ජන්ට වඩා නම් සමාජ ප්‍රකම්පනයක් ඇතිකරන්නට උන් වහන්සේ හට හැකි වූ බව නම් අවිවාදිත ය. දැන් මේ කරන්නේ (ඔවුන්ගේම වචනයෙන් කියන්නේ නම්) "උදාර ජීවිත පරිත්‍යාගය" විකුනං කණ මොහොත ද? 

දැන් ඉතිං අපට මුංගෙන් අහන්නට වෙන්නේ එකම එක පැනයකි: 

තොපි හිතං ඉන්නේ අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලද යකෝ? 

Saturday, June 1, 2013

නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

ප්‍රවිෂ්ටය
මේ දිනවල සමාජ ජාල වල වැදගත්ම මාතෘකාව වන්නේ හරක් මස් විරෝධයයි. හරකා සහ අනිත් සතුන් අතර වන මේ වෙසෙස් වෙනස අපට නම් වැටහෙන්නේ නැත. මේ ටික කී විට හරකාට කිරි අම්මා යයි කියන අයට සැහෙන්නට රිදෙනු ඇත. එහෙත් අපේ නම් අදහස, මේ කතාව ඇත්ත නම්, මුළු රටේම කිරි අම්මාවරු දැන් සිටින්නේ එක්කෝ ඕස්ට්‍රේලියාවේ නැතිනම් නව සීලන්තයේ බවයි. හරකාට අම්මා යයි කියන්නේ අප නොව, හින්දුන් බව අපි කලින් වතාවක කරුණු සහිතව දැක්වුයෙමු. එය කියවන්නට නොහැකි වූ අයෙක් වෙතොත් මෙතැනින් කියවිය හැකිය.

මේ ලියන්නා ද බෞද්ධයෙක් සහ වසර ගණනක සිට පූර්ණ නිර්මාංශික වෙයි. ඒ බුදු දහමේ කොහෙවත් නිර්මාංශික වන්නට යයි කියා ඇති නිසා නොව, පුද්ගලික හේතුවක් මත ය. 

නිර්මාංශික භාවය ඍජුව සම්බන්ධ වන්නේ අහිංසාව සමග ය. එහි වරදක් නැත. එහෙත් ප්‍රමාණතික්‍රාන්ත අහිංසාව කිසිදා ප්‍රායෝගිකව කරන්නට බැරි දෙයකි. එය බුදුන් වහන්සේ හොඳින් වටහා ගෙන සිටියෝ ය. මේ නිසාම අපි පළමුව, පළමු සිකපදය ගැන කතා කරමු.



ප්‍රාණඝාතය

ප්‍රාණඝාතය සපිරෙන්නට නම් කරුණු පහක් අවශ්‍ය ය.

1. පණ ඇති සතෙකු වීම.
2. පණ තිබෙන බව දැනගැනීම.
3. පණ නැසීමේ චේතනාව.
4. පණ නැසීම සඳහා යම් උපක්‍රමයක් යෙදීම / යෙදවීම / යෙදීමට අනුබල දීම,
5. එම උපක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස එම සතා ගේ ප්‍රාණය හානි වීම.

වැදගත්ම කරුණ වන්නේ, සතා මරණයට පත්වීමට හේතුව ඔබ අතේ තිබිය යුතුය යන්නයි. ප්‍රාණඝාතය අවිකල්පික ක්‍රියාවකි; එසේම එය නාසඥිවේ. එනම් ඔබ එකෙකු මරන්නට තැත්කරමින් කළ ක්‍රියාවෙන් වෙනෙකෙකු මළාය කියා පව නොපිරෙන්නේ නැත. එසේම මින් එකක් හෝ නොමැති තැන ප්‍රාණඝාතයක් සිදු නොවේ. 

උදාහරණයක් ලෙස, ඔබ වත්තට එන බල්ලෙකුට මරණ චේතනාවෙන් ගල්ගෙඩියකින් ගැසුවාය සිතන්න. වැරදීමකින් ඒ ගල්ගෙඩිය වැදුනේ ඔබේ මවගේ හිසේ යයි සිතන්න. ඇය ඉන් මළොත් ඔබට අනිවාර්යයෙන්ම ආනන්තරිය අකුසලය සිද්ධ වේ. බොහෝ දෙනා මෙහිදී චේතනාව ම කර්මය වේ යැයි සිතා, ආනන්තරිය අකුසලය සිද්ධ නොවන්නේ යැයි කියනු ඇත; එහෙත් අභිධර්ම විග්‍රහය (රේරුකානේ හිමියන්ට අනුව) සැලකුවොත් බල්ලා, මව යන දෙදෙනෙක් නැත; ඇත්තේ පංචස්කන්ධ දෙකක් සහ පරපණ නසන චේතනාව පමණි. එනිසා අකුසලය අනිවාර්යයෙන්ම සිද්ධ වේ.

ඊළඟ වරද්දා නොගත යුතු කාරණය මෙයයි: ප්‍රාණඝාතය සම්පූර්ණ වන්නට නම් පණ නැසීමට ඔබේ ක්‍රියාව ඍජුව හේතු විය යුතුය. එනම්, යම් නිශ්චිත ප්‍රාණියකු හට බලපෑ යුතුය. මරන චේතනාවක් නැතිනම්, ඔහේ ගහන කඩු පහරකින් වුවද මිනිසෙකු මරණයට පත්විය හැකිය. ඉන් අකුසලයක් සිද්ධ නොවේ. 

කෙටියෙන් කියන්නේ නම්, මරන චේතනාවක් නැතිව කඩුවක් අරන් වැනීම නිසා, දාහක් දෙනෙක් මළත් පවු නොපිරේ; එනමුත් බල්ලෙක් මරන චේතනාවෙන් ගලක් වීසිකොට මිනිහෙක් මළත් ප්‍රාණඝාතය සිදුවේ. (කරුණු අනුපිළිවෙල අනුව නොගැළපීමක් ඇති බවට කළ පාඨක පෙන්වාදීමක් අනුව එකතු කළෙමු)

උදාහරණයක් ගනිමු. මිනිහෙක් තව මිනිහෙකුගේ අත කපා දමයි. මෙය අකුසලයක් ද නැද්ද? අපට ඊට ඍජුව පිළිතුරු දිය නොහැක. අත කපන්නා හංදියේ චණ්ඩියෙක් නම් සහ, ඌ එය කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් නම් අකුසලයකි. එහෙත් රෝගියකුගේ දිවි ගලවනු වස් වෛද්‍යවරයකු අත කපා දැමීම අකුසලයක් නොව, කුසලයකි. හැබැයි, රෝගියාගේ අත නොකපා බේරාගන්නට තිබියදී, පරණ තරහක් පිට අත කපන්නට වෙදා සිතන්නේ නම්, එය යළි අකුසලයකි. 

මාංශ අනුභවය
පළමුවෙන්ම කිව යුත්තේ ගිහියන්ට හෝ පැවිද්දන්ට හෝ කාටවත් නිර්මාංශ ආහාරික වන්නට යයි බුදු හිමියන් කියා නැති බවයි. උදාහරණයක් ලෙස පස් වන සිල්පදය ගැන කීමේදී, මුළු ඉන්දීය වෛදික බමුණු සමාජයම යාග පූජාවන්හිදී කන පැලෙන්නට බොන බව දැන දැන, "පෙරීමෙන්, පැසවීමෙන් හෝ අන් අයුරකින් ලබා ගන්නා, මත් වීමට, ප්‍රමාදයට හේතු වන්නා වූ, සියලු ආකාර දෙයින් වෙන් වීමේ ශික්ෂා පදය" පැනවූ බුදු හිමියන්ට, "මස් කන්නට එපා" යයි කෙළින් කීමට බැරි කමක් තියෙන්නට විදියක් නැත. බුදු හිමියන් ගේම වචනයෙන් කියනවා නම් "ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය" හෙවත් තුන් කෙළවරකින් පිරිසිදු වූ මාංශය ආහාරයට ගැනීම වරදක් නොවේ. එනම්, තමා නිසා ම මරණ බව ඇසින් දැක නැති, තමා නිසා ම මරණ ලද බව කනින් අසා නැති, තමා නිසාම මරණ ලද්දේ යයි සැක කිරීමට කරුණක් නැති මාංශය යි. 

කාගේත් දැන ගැනීම පිණිස ඔය කී ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්දැයි පහත දක්වමි. (මූලාශ්‍රය: මජ්ඣිම නිකාය සීහ සූත්‍රය)

1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති. 

(පාළි: සංඛ == සංස්කෘත: ශංඛ == සිංහල: සැකය), සංඛිත යනු එහි අතීත කෘදන්තය වේ, හෙවත් සැක සහිත, සැක කරන ලද යන අරුත් දේ. පරි යන උපසර්ගයෙන් කියවෙන්නේ "හාත්පසින්ම, මුළුමනින්ම" යන අර්ථයයි. "අ" යනු නිශේධාර්තවාචී උපසර්ගය වේ. සියල්ල එක් කළ විට, මුළුමනින්ම තමා නිසාම මරණ ලද බවට සැකයක් නැති යන අරුත් දේ. 

කෙස් පැලෙන තර්ක ආරම්භ වන්නේ පළමු දෙ කරුණ ගැන නොව, තෙවන කරුණ ගැන ය. එනම්, "මස් මරන්නේ මස් කන්නවුන් නිසා නොවේ නම් අන් කවරක් නිසාද?", "ඔබ මස් නොකන්නේ නම් ඔබ නිසා සතුන් නොමැරෙනු ඇත", "ඔබ ඉල්ලුම ජනිත නොකරන්නේ නම් මස් සැපයුමක් නැති වනු ඇත", ආදී වශයෙනි. 

මා මස් කෑමට තීරණය කරන මොහොත (වෙලාව කුමක්ද යන්න වැදගත් නැත) වනවිට මා ආහාරයට ගන්නා සතා මැරී හමාර බවට සැකයක් නැත. හේතුවට පසුව ඵලය සිදු වනවා මිසක, හේතුවට පෙර ඵලය සිදුවිය නොහැකිය යන සරල තර්කය සිහි බුද්ධියෙන් සිතන ඕනෑම අයෙකුට නොවැටහීමට හේතුවක් නැති බව මම සිතමි. එබැවින්, වෙළඳපලේ ඇති මස්, මට අජීවී මස් කුට්ටියක් පමණක් බව ඔබට වැටහේ යැයිද සිතමි. එම සතා මරණයට පත් වීමට මා හේතු වූවා නම්, මා මස් කන්නට තීරණය කරන මොහොත වන විට ඌ ජීවතුන් අතර සිටිය යුතුය.

ඒ අනුව, මම මස් කෑමට තීරණය කරන මොහොත වන විට එම සතා මැරී බැවින් පළමු කොන්දෙසියම බිඳ වැටී තිබේ. මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි. මරණ චේතනාවක් මට නැති නිසා 3 වෙනි කරුණ ද බිඳ වැටේ. 

මම කරන්නා වූ මිලදී ගැනීම, සතෙකුගේ මරණයට උපක්‍රමයක් යෙදෙවුවා කියන තර්කයට ගැනේ යයි කෙනෙකුට කිව හැකිය. එසේ නම්, මගේ මිල ගෙවීම හේතුව සහ සතාගේ මරණය එහි ඵලය විය යුතුයි. එවිට 5 වෙනි කරුණ අනුව, මගේ උපක්‍රමය හේතුව වේ. සතාගේ මරණය ඵලය වේ. හේතුවට පෙර ඵලය හටගත නොහැකිය යන සත්‍යය සියල්ලන්ටම වැටහේ යැයි සිතමු.

උදාහරණයක් ගනිමු. 

1. ඔබ ජීවත් වේ. 
2. මට මස් කෑමට අදහසක් ඇති වේ.
3. ඔබ පණ පිටින් බව මම දනිමි.
4. මට ඔබ මරා මස් කෑමේ චේතනාවක් හටගනී.
5. මම මුදලාලි ට සල්ලි දී ඔබ මරා මස් කමි.

කතාව වෙන්නේ මෙහෙම නම්, ඔවු, මම වැරදිකරු වෙමි. 

නමුත් සත්‍ය කතාව නම්,

1. මුදලාලි ඔබව මරනවා. 
2. මට මස් කන්න හිතෙනවා.
3. මම ඔබේ මළකුණ දකිනවා.
4. මට මස් කන්න හිතෙනවා.
5. මම සල්ලි දී ඔබේ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.

ගැටලුව පැන නගින්නේ පවතින සමාජ තත්වය යටතේ මෙය "මාකටබල්" භාණ්ඩයක් නිසා ය. "අපි තමා නියම බෞද්ධයෝ" යයි කියා ගැනීමට ඇති ළදරු මානසිකත්වය නිසා සමහරු මෙසේ කතා පතුරවති. ඊට උපේක්ෂාවෙන් සැලකිය හැකිය. ගැටලුව වන්නේ මේ කෙහෙල් මල් නිර්මාංශයක් අල්ලා ගෙන බෞද්ධ ප්‍රජාව දෙකඩ කිරීමට ඇතැම් අන්ත ගාමී "නඩේ ගුරා ලා" ලැහැස්ති වීමයි. 

ඔබේ අල්ලේ වණ තිබේද?
මෙහිදී දේවදත්ත තෙරුන් ගේ පංචවර යාචනය සිහිපත් කළ යුතුය. සංඝයා භේද කරනු කැමති වූ දෙවුදත් තෙරහු, ඊට හේතු පිණිස වරක් ප්‍රතිපත්ති පහක් ඉදිරිපත් කොට ඒවා මුළු භික්ෂු සංඝයා හටම ජීවිතාන්තය තෙක් අනිවාර්ය කරන ලෙස බුදුන් ගෙන් ඉල්ලීය. ඉන් එකක් වුයේ ඔය කියන නිර්මාංශාහාරික බවයි. ඊට බුදු හිමියන් දුන් පිළිතුර වුයේ, "මේවා දැනටත් කරන අය සිටිති. ඒ අය එසේ කිරීමේ වරදක් ද නොදකිමි, එහෙත් අන් අයට එය අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නොදකිමි" යනුවෙනි. දෙවුදත් ගේ මතය පිළිගත් ඇතැම්හු ඒ පක්ෂය ගෙන වෙන්ව ගියහ. එහෙත් ඒ තාවකාලිකව බවද සිහිපත් කළ යුතුය. 

මස් කෑම නොකරන්න යයි බුදු හිමියන් කෙළින්ම කියා ඇත්තේ ධුතාංග ධාරී භික්ෂුන් හට පමණි. මන්ද යත් සමහර භාවනාවන් කළ යුත්තේ අමු සොහොනක හිඳ ය. සොසානිකාංගය, පාංශුකූලිකාංගය වැනි සමහර දැඩි සිල්පද (ධුතාංග) රකින අයට, සොහොනේ වාසය නිසා සත්ත්ව භය, අමනුෂ්‍ය භය ඇති වීම වලක්වනු පිණිස එසේ කළා මිස, වෙන හේතුවක් එහි නැති බව ද කිව යුතුය. 

තවත් නොතේරෙන උදවිය හට ධම්ම පදයෙන් ගත් මේ කතාව කිව යුතුය: 

බුදු හිමියෝ දිනෙක එක්තරා වනයක් මැදින් වඩින විට වැද්දෙකු උන් වහන්සේ දුටුවේ ලු. උන් වහන්සේගේ පින් මහිමය නිසා සතුට අටවා තිබු උගුල් බුරුල් වී සතුන් නිදහස් වී ලු. උගුල් ඇටවූ වැද්දා, උදයේ එක සතෙකු වත් නොලැබ ගියේලු. යලි සවසද බුදු හිමියන් ආපසු වඩින විට, දෙවන වර (හවස) ඇටවූ උගුල් ද ලිහී වැද්දා දෙවන වරද හිස් අතින් ගෙදර ගියේ ලු. යන විටද බුදු හිමි දුටු වැදි තෙමේ, "මේ මුඩු මහණා නිසා මට දවසටම සතුන් නැති වීයයි" කෝපයෙන් මුසපත්ව, බුදු හිමියන්ට විදින්නට යයි සිය භාර්යාව ලවා දුනු ඊතල ගෙන් වී ලු. 

වැදගත් වන්නේ වැද්දාට දුන්නෙන් එකම ඊතලයක් වත් විද ගන්නට බැරි වීම නොවේ. අර කී භාර්යාව මේ සිද්ධියට පෙර සෝවාන් වී සිටීමයි. කවුරුත් දන්නා පරිදි, සෝවාන් වූවකුට පස් පවු කළ නොහැක. හෙතෙම සිය ජීවිතය පරදුවට තබා පන්සිල් පද පහ රකී. මිනිසුන්ද ඇතුළුව සතුන් මැරීම, මැරවීම සහ අනුබල ආධාර දීම යන තුනම එක හා සමාන ය. මරණ සිතින් ඉල්ලන බව දැන දැන, මරන්නට ආයුධයක් අතට දීම, මරන්නට අනුබල දීමක් සේ ය පෙනෙන්නේ. එසේනම් අර කී වැදි බිරිය පන්සිල් පද පහ කැඩුවා නොවේදැයි මහත් ගැටළුවක් දම් සභා මණ්ඩපයේදී පැන නැගිණි. බුදු හිමියන් ඊට දුන් පිළිතුර නම් "අල්ලේ තුවාල නැති අයෙකුට අල්ලට විෂ ගත හැකිය. ඉන් ඔහුට හානියක් නොවේ. එලෙසම, කීකරු බිරිය දුන් අණ පිළිපැද, දුන්න සහ ඊතලය ගෙනත් දුන්නා මිසක, මරණ චේතනාවක් ඈ හට නොවීය. මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස වදාරමි. කර්ම යනු සිතින් සිතා දැනුවත්ව කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ." 

ඉංග්‍රීසි බසින් කියවන පාඨකයන් සඳහාත්, අප මෙය ලියන්නට පෙළඹවූ මුල් ලිපිය කියවනු රිසියවුන් සඳහාත්, පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමිගේ ලිපියක් මීටම සබැඳි කොට දක්වමු.

දේවදත්තාගම 
මේ දිනවල රටේ කෙසේ වෙතත් ෆෙස්බුක් වැනි සමාජ ජාල වල පැතිරී යමින් පවතින වෙනත් ආගමක් ද වේ. පෙනුමට එය පෙනෙන්නේ බුදු දහම ලෙස ය. නමුත් යම් යම් සියුම් කරුණු රාශියක් නිසා එය වඩාත් ලං වන්නේ කුරාණයට හෝ දේවදත්ත තෙරුන්ගේ පස්වැදෑරුම් ඉල්ලීමට මිසක, බුදු දහමට නොවන බව පෙනේ. කටවහරේ පහසුව තකා අපි ඊට දේවදත්තාගම යැයි කියමු. 

ඊට අනුව ප්‍රාණඝාතය සහ හිංසනය, අප දන්නා ප්‍රාණඝාතයට සහ හිංසනයට වඩා වෙනස් වේ. මෙන්න අපි දකින වෙනස්කම්: (සමහර කරුණු අපේ අදහස් නොව, අපේ ෆේස්බුක් පිටුවට ලැබුණු පාඨක අදහස් ය.)

1. අ) රට වෙනුවෙන් මැරෙන සොල්දාදුවන් හට ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙන්නේ නැත.
1. ආ) බෝසතුන් නොවන අයටද ජීවිත පූජා කළ හැකිය.
1. ඇ) රට / හරක් වෙනුවෙන් ජීවිතය පිදුවාට පැවිද්දන් හට දුක්කටාපත්ති නැත.

2. අ) මස් කෑම පවු සිද්ද වෙන වැඩකි. 
2. ආ) බිත්තර මාළු කෑවාට කමක් නැත. 
2. ඇ) හරක් මස් කෑම ආනන්තරිය අකුසලයකි.
2. ඈ) එසේ කන්නවුන් හොඳින් හෝ නරකින් ඉන් මුදවා ගැනීම තුසිතයේ ඉපදීමට පවා හේතු වන කුසලයකි.
2. ඉ) ප්‍රාණඝාතයේ බරපතලකම සතාගේ ශරීර ප්‍රමාණය අනුව වැඩි වේ. 

3. අ) බුදුරදුන් සෑම භික්ෂුවක්ම බුද්ධ වංශයේ යැයි දේශනාකොට ඇතත් ඉතා පසුගාමී, ගෝත්‍රවාදී, ලෞකික මිම්මක් වන "කුලයට" අනුව නිකාය වලට බෙදී වෙන්ව සිටියාට පව් නැත.
3. ආ) භික්ෂූන්ට මද්‍යසාර භාවිතය සහ එසේ කොට රිය පැදවීම කැපය
3. ඇ) භික්ෂූන්ට ප්‍රසිද්ධියේ පරුෂ වචන භාවිතා කිරීම කැපය
3. ඈ) භික්ෂුන් දාන සීල භාවනාදියෙහි යෙදිය යුතු නොවේ; මුස්ලිම් විරෝධය මගින් සියලු පිං අත් වේ.
3. ඉ) භික්ෂූන් පෙළ ගැසිය යුත්තේ වසවත් මරු පැරදුමට නොව ආණ්ඩුවට බලපෑම් කිරීමටයි.

4. අ) අන්‍යගමිකයන්ගේ කඩවලට යන උන්ට බිත්තර ගැහුවාට පවු නැත.
4. ආ) තමන්ට එරෙහිව එන උද්ඝෝෂකයන්ගේ පින්තුර එඩිට් කර කැලෑ පත්තර ගැසීම නිවැරදිය.
4. ඇ) අන්‍යාගමිකයන් හට බලෙන් හිංසාකාරීව හෝ මේ ආගම කියා දුන්නාට පවු නැත. 

5. අ) භික්ෂුන් හට නච්ච ගීත වාදිත වලින් පිරුණු ෆේස්බුක් තහනම් නැත. 
5. ආ) භික්ෂුන් හට දේශපාලනය වරදක් නැත. 
5. ඇ) රට ජාතිය ආගම වෙනුවෙන් භික්ෂුන් සීලය කඩා ගත්තාට පවු නැත. 

6. බෞද්ධයන්ට නයිට් ක්ලබ් සහ ඉටිපන්දම් අකැපය.

මේ වාහෙලා එදා බුද්ධ කාලයේ නම් සිටියා වෙන්නට බැරිය. සිටියා නම් දෙවුදත්ට පෙර බුදුන්ට ගල් ගහන්නේ මුන්දෙලාය. මේ අයට ය, මේ සිහිපත් කිරීම:

පිංවත, සිහි තබා ගන්න! මිනී 999ක් මරපු අංගුලිමාල රහත් වූ බව සිහි තබා ගන්න. සැණකෙළියක් සැණකෙළියක් ගානේ (අද වගේ නම් නයිට් ක්ලබ් ගානේ) ඇවිද ඇවිද හිටපු උපතිස්ස කෝලිත දෙදෙනා, සාරිපුත්ත, මොග්ගල්ලාන නමින් අගසව් වූ බව සිහි තබා ගන්න. නිරුවතින් වෙහෙරට දිව ආ පටාචාරාවෝ, හික්මීමෙන් අගතැන්පත් මෙහෙණිය වූ බව සිහි තබා ගන්න. බුදු සසුනේ පන්සිල් රකින්නවුන් අතර අග්‍රස්ථානයේ සිටියේ උභය කුල පාරිශුද්ධ විසාඛාව නොවේ; ප්‍රසිද්ධ ගණිකාවක වූ අම්බපාලිය බව සිහි තබා ගන්න. සියල්ලටම වඩා, ජීවිතේට එකම එක පාරක් මහල්ලෙක්, ලෙඩෙක්, මිනියක් සහ භික්ෂුවක් දැකපු සිද්ධාර්ථ බුදු වූ බවත් මතක තබා ගන්න.

මේ ලිපියට කරුණු උපුටා ගත පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසො හිමිගේ මුල් ලිපිය පහත උපුටා දක්වමු.

What the Buddha Said About Eating Meat

Ajahn Brahmavamso

Since the very beginning of Buddhism over 2500 years ago, Buddhist monks and nuns have depended on almsfood. They were, and still are, prohibited from growing their own food, storing their own provisions or cooking their own meals. Instead, every morning they would make their day's meal out of whatever was freely given to them by lay supporters. Whether it was rich food or coarse food, delicious or awful tasting it was to be accepted with gratitude and eaten regarding it as medicine. The Buddha laid down several rules forbidding monks from asking for the food that they liked. As a result, they would receive just the sort of meals that ordinary people ate - and that was often meat.

Once, a rich and influential general by the name of Siha (meaning 'Lion') went to visit the Buddha. Siha had been a famous lay supporter of the Jain monks but he was so impressed and inspired by the Teachings he heard from the Buddha that he took refuge in the Triple Gem (i.e. he became a Buddhist). General Siha then invited the Buddha, together with the large number of monks accompanying Him, to a meal at his house in the city the following morning. In preparation for the meal, Siha told one of his servants to buy some meat from the market for the feast. When the Jain monks heard of their erstwhile patron's conversion to Buddhism and the meal that he was preparing for the Buddha and the monks, they were somewhat peeved:

"Now at the time many Niganthas (Jain monks), waving their arms, were moaning from carriage road to carriage road, from cross road to cross road in the city: 'Today a fat beast, killed by Siha the general, is made into a meal for the recluse Gotama (the Buddha), the recluse Gotama makes use of this meat knowing that it was killed on purpose for him, that the deed was done for his sake'..." [1].

Siha was making the ethical distinction between buying meat already prepared for sale and ordering a certain animal to be killed, a distinction which is not obvious to many westerners but which recurs throughout the Buddha's own teachings. Then, to clarify the position on meat eating to the monks, the Buddha said:

"Monks, I allow you fish and meat that are quite pure in three respects: if they are not seen, heard or suspected to have been killed on purpose for a monk. But, you should not knowingly make use of meat killed on purpose for you." [2]

There are many places in the Buddhist scriptures which tell of the Buddha and his monks being offered meat and eating it. One of the most interesting of these passages occurs in the introductory story to a totally unrelated rule (Nissaggiya Pacittiya 5) and the observation that the meat is purely incidental to the main theme of the story emphasizes the authenticity of the passage:

Uppalavanna (meaning 'she of the lotus-like complexion') was one of the two chief female disciples of the Buddha. She was ordained as a nun while still a young woman and soon became fully enlightened. As well as being an arahant (enlightened) she also possessed various psychic powers to the extent that the Buddha declared her to be foremost among all the women in this field. Once, while Uppalavanna was meditating alone in the afternoon in the 'Blind-Men's Grove', a secluded forest outside of the city of Savatthi, some thieves passed by. The thieves had just stolen a cow, butchered it and were escaping with the meat. Seeing the composed and serene nun, the chief of the thieves quickly put some of the meat in a leaf-bag and left it for her. Uppalavanna picked up the meat and resolved to give it to the Buddha. Early next morning, having had the meat prepared, she rose into the air and flew to where the Buddha was staying, in the Bamboo Grove outside of Rajagaha, over 200 kilometres as the crow (or nun?) flies! Though there is no specific mention of the Buddha actually consuming this meat, obviously a nun of such high attainments would certainly have known what the Buddha ate.

However there are some meats which are specifically prohibited for monks to eat: human meat, for obvious reasons; meat from elephants and horses as these were then considered royal animals; dog meat - as this was considered by ordinary people to be disgusting; and meat from snakes, lions, tigers, panthers, bears and hyenas - because one who had just eaten the flesh of such dangerous jungle animals was thought to give forth such a smell as to draw forth revenge from the same species!

Towards the end of the Buddha's life, his cousin Devadatta attempted to usurp the leadership of the Order of monks. In order to win support from other monks, Devadatta tried to be more strict than the Buddha and show Him up as indulgent. Devadatta proposed to the Buddha that all the monks should henceforth be vegetarians. The Buddha refused and repeated once again the regulation that he had established years before, that monks and nuns may eat fish or meat as long as it is not from an animal whose meat is specifically forbidden, and as long as they had no reason to believe that the animal was slaughtered specifically for them.

The Vinaya, then, is quite clear on this matter. Monks and nuns may eat meat. Even the Buddha ate meat. Unfortunately, meat eating is often seen by westerners as an indulgence on the part of the monks. Nothing could be further from the truth - I was a strict vegetarian for three years before I became a monk. In my first years as a monk in North-East Thailand, when I bravely faced many a meal of sticky rice and boiled frog (the whole body bones and all), or rubbery snails, red-ant curry or fried grasshoppers - I would have given ANYTHING to be a vegetarian again! On my first Christmas in N.E. Thailand an American came to visit the monastery a week or so before the 25th. It seemed too good to be true, he had a turkey farm and yes, he quickly understood how we lived and promised us a turkey for Christmas. He said that he would choose a nice fat one especially for us... and my heart sank. We cannot accept meat knowing it was killed especially for monks. We refused his offer. So I had to settle for part of the villager's meal - frogs again.

Monks may not exercise choice when it comes to food and that is much harder than being a vegetarian. Nonetheless, we may encourage vegetarianism and if our lay supporters brought only vegetarian food and no meat, well... monks may not complain either!

May you take the hint and be kind to animals.

References:

[1] Book of the Discipline, Vol. 4, p. 324
[2] ibid, p. 325

Ajahn Brahmavamso

(Newsletter, April-June 1990, Buddhist Society of Western Australia.)

http://www.urbandharma.org/udharma3/meat.html

Sunday, May 26, 2013

ඉන්දරතන හිමි සහ අපි | Thero Indarathana and Us

එකම මාතෘකාව නැවත නැවත පට්ට ගැසීම අපේ සිරිත නූනත්, මේ මෑතක සිදු වූ සිද්ධිය වවාගෙන කෑමට සමහරුන් දරන කූට උත්සාහය පරාජය කරනු වස් මේ වචන ටික ලියා තබනු රිසි වෙමු. අවැසි කෙනෙක් වේනම් කලින් ලිපිය මෙතැනින් කියවිය හැකි ය. (ඒ වන විට මාධ්‍ය වාර්තා වල වැරදියට නම සටහන් ව තිබුණේ ඉන්දසාර හිමි ලෙස බව සළකන්න.)

ප්‍රස්තුතය

ප්‍රස්තුතය නම්, හැමෝම දන්නා පරිදි, මහනුවර ශ්‍රී සුගත විහාරාධිපතිව වැඩවිසූ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් විසින්, පෙරේදා නුවර දළදා මාලිගාව ඉදිරිපිට කරන්නට යෙදුණු ගිනිතබා ගැනීමයි (හෙවත් සමහරුන්ට අනුව ජීවිත පූජාවයි). මේ ගැන අපට වඩා සවිස්තරව ලියා ඇති බොහෝ දෙනා වන නිසා ඒ ගැන පුන පුනා පැවසීමට වඩා ඒ සබැඳි ලිපි වලට පාර පෙන්නීම පහසු ය. 


ඉන්දරතන හිමිගේ අවසන් ලිපිය

ඔබ මේ වන තුරු දැක නැත්නම් උන් වහන්සේ ගේ අවසන් ලිපිය මෙතැනින් බලන්න.



මේ ලිපිය බැලීමේ දී, ඉතා හොඳ සිහියෙන් දෙවරක් බලන්න යැයි අපි ඔබට කියමු. මන්ද මේ කතාවේ අවසානයේ දී අපි නැවතත් මේ ලිපියට එන බැවිනි.

අප අපේ සංවාද කාරණයට එන්නේ දැන් ය. එනම්, මෙය සැබවින්ම ජීවිත පූජාවක් ද? 

බෝසත් සිරිත

බොහෝ දෙනා මේ සිද්ධිය බෝසත් සිරිත සමග සසඳා බලනු පෙනෙන්නට තිබිණි. එනම්, බෝසතුන් සස ජාතකයේදී සාවකු සේ ඉපිද, සිය ජීවිතය පූජා කිරීම සමගයි. අපි මේ කතාවේ ඇත්ත නැත්ත විමසමු. 

බෝසතුන් හෙවත් බෝධි-සත්ත්වයන් වහන්සේ කෙනෙක් යනු සම්‍යක් සම්බුද්ධ, පච්චේක බුද්ධ හෝ අරහන්ත බුද්ධ යන තුන්තරා බෝධියෙන් එකකින් සත්‍යාධිගමය ලබනු පිණිස පාරමී දම් පුරන කෙනෙකි. පාරමිතා දහයකි. එනම්, දාන, සීල, නෙක්ඛම්ම, පඥ්ඥා, විරිය, ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෛත්‍රී, උපෙක්ඛා යනුයි. මේවා, පාරමී, උප පාරමී සහ පරමත්ථ පාරමී යනුවෙන් පුරන අවස්ථා තුනකි. පාරමී යනු පුද්ගලික දේපළ සහ අඹු දරුවන් පවා කැප කරගෙන කරන පිරීමයි. උප පාරමී යනු ශරීරාවයව පවා කැප කරගෙන කරන ප්‍රතිපත්තියයි. පරමත්ථ පාරමී යනු ජීවිතය කැප කරගෙන කරන ප්‍රතිපත්තියයි. 

ඒ අනුව, පරමත්ථ පාරමී පුරන්නට නම් ඉතුරු අවස්ථා දෙකම සපුරා තිබිය යුතුය. එමෙන්ම, ජීවිතය කැප කරන්නේ දානය, සීලය වැනි කවර හෝ ඉහත දක්වා ඇති කරුණු දසයෙන් එකක් පිණිස විය යුතුය. එය බෝසත් චර්යාවක් වන්නේ එවිට ය. උදාහරණයක් ලෙස, සස ජාතකයේදී බෝසතුන් දිවි පිදුවේ, "මගේ ශරීර මාංශය තවෙකෙකු හට දානයක් වේවා!" යන චේතනාවෙනි. ඔහේ හිතුමනාපේ ජීවිතය පූජා කළාට බෝසත් සිරිතක් වන්නේ නැත. හරකුන් මැරීමට එරෙහි වීම හොඳ බව සැකයක් නැත. එහෙත් එමගින් සපිරෙන්නේ කවර නම් පාරමිතාවක් ද? 

සියදිවි නසා ගැනීම සහ ප්‍රාණඝාතය

සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයක් වන්නේ ද නැද්ද යන්න ගැන දැනටමත් කෙස් පැලෙන තර්ක ආරම්භ වී තිබේ. ඒ ගැන වාද කිරීමට සමර්ථකමක් අපට නැති හෙයින් අපි හුදෙක් කරුණු දැක්වීම පමණක් කරමු. 

ප්‍රාණඝාතයක් සිද්ද වීමට නම් කාරණා පහක් සම්පූර්ණ විය යුතුය.
1. ප්‍රාණියෙක් බව දැනගැනීම
2. මරන චේතනාව පහළ වීම
3. මරන පිණිස උපක්‍රමයක් යෙදීම
4. උපක්‍රමය සාර්ථක වීමෙන් මරණය සිද්ධ වීම
5. ඒ බව දැනගැනීම

මෙහිදී කොහේවත් "තමාගේ" / "අනුන්ගේ" කියා බෙදීමක් නැත. සතිපට්ඨාන සුත්‍රයේ මෙම අජ්ඣත්ත-බහිද්ධ හෙවත් ඇතුළු-පිට (තමන්/අනුන්) විග්‍රහය දක්වා තිබේ. බුදු දහම අනාත්ම වාදයකි. හරියට බැලුවොත් තමා-අනුන් කියා දෙයක් නැත. ඇත්තේ එකම පංචස්කන්ධ පමණි. එසේනම් මගේ ප්‍රාණය සහ උගේ ප්‍රාණය කියා දෙකක් අතර වෙනසක් ද නැති විය යුතුය.

කෙසේ වෙතත් විනය මට්ටමින් මේ දෙක අතර වෙනසක් පවතී. තවත් මිනිසෙකුගේ ප්‍රාණය තොර කිරීම මනුස්ස විග්ගහ පාරාජිකාවකි. එනම් ඉතා බරපතල වරදකි; සිය දිවි නසා ගැනීම දුක්කටාපත්තියකි. සතෙකුගේ පණ නැසීම ඊටත් අඩු පාචිත්තිය ඇවතකි. විනය අටුවාව වන සමන්තපාසාදිකාවේ මේ ගැන සෑහෙන විස්තර දැක්වේ. 

නොදන්නවුන්ගේ දැනගැනීම පිණිස, පාරාජිකා ගැන ද යමක් කියමු. පාරාජිකා යනු "පරාජය වන්නේ ය" යන අරුත් දෙන වදනකි. එනම්, "මුල සුන් ගසක් මෙන්, කරටිය සිඳුණු තල් ගසක් මෙන්, යළි මේ ජීවිතයේ කවරදාකවත් චීවරයක් දැරීමට නුසුදුස්සෙක් වන සේ පැවිදි දිවියෙන් පැරද පලා යන්නේ යම් වරදකින් ද, එය පාරාජිකා වේ." පාරාජිකා වූ භික්ෂුවක් සාමණේරනම් උපසම්පදාව නොදිය යුතුය. උපසම්පදා වී ඇත්නම් සිවුරු හැරවිය යුතුය. එවැනි පාරාජිකා හතරකි. එනම්,

1. මෛථුන ධම්ම පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් ලිංගික සංසර්ගයේ යෙදීම
2. අදත්තාදාන පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් නොදුන් දෙයක් ගැනීම
3. මනුස්ස විග්ගහ පාරාජිකාව - භික්ෂුවක් සිය කැමැත්තෙන් මනුෂ්‍ය ජීවිතයක් තොර කිරීම
4. උත්තරී මනුස්ස ධම්ම පාරාජිකාව - භික්ෂුවක් නැති ලොවුතුරු ගුණ (උදා: නැති රහත් බවක්) පෙන්වීම

අදාළ පාළි පාඨ මෙතැනින්. 

සටහන: මේ අනුව අද වෙසෙන චීවරධාරීන්ගෙන් කී දෙනෙක් සිවුරු දැරීමට සුදුස්සෝ වෙත් දැයි ද ගැටළුවක් පැනනගී. 

විනය පිටකය අනුව නම්, සියදිවි නසා ගැනීම පාරාජිකාවක් නොවේ; ඊට වඩා අඩු, දුක්කටාපත්ති නම් වරදකි. දුක්කටාපත්ති හෙවත් දුකුලා නොවී සිය දිවි නසාගත හැකි අවස්ථා ද හතරක් තිබේ. 

1. බරපතල ලෙස රෝගී ව සිටින නමුත් බෙහෙත් / උපස්ථායකයන් නැති විට දී,
2. සුව නොවන ලෙස කල් පවතින රෝගයක් වැළඳ, උපස්ථායකයන් ද වෙහෙසට පත්ව ඇති විටදී,
3. මරණය වලක්වා ගත හැකිව තිබියදී, එය වළක්වන්නට කරන උත්සාහයේ දී ධ්‍යානය බිඳේ නම් එවිට දී,
4. ආහාර ගැනීම පවා බවුන් වැඩීමට ගන්නා උත්සාහයට බාධාවක් වේ නම් එවිට දී.

මේ කියන්නේ අප නොවේ.
"....උඩ සිට බිමට පැනීම, දියට පැනීම, වාහන එන මඟට පැනීම, වසකෑම, ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම, ආහාර නොගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ... මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළ හොත් ඔහු මැරෙන්නේ ඇවතකින්ය...."  ~ රේරුකානේ චන්දවිමල හිමි, උපසම්පදා ශීලය

මේ අනුව, ප්‍රාණඝාතයක් වුණත් නැතත්, ඉහත දිවි නසා ගැනීම, විනයට අනුව පැහැදිලි වරදක් බව පෙනේ. 




ගෝධික තෙරුන්ගේ කතා වස්තුව

මෙයද බොහෝ දෙනා වරදවා ගන්නා උදාහරණයකි. ගෝධික යනු පිට පිට සයවරක් ධ්‍යාන වඩා ඒ සය වරම ධ්‍යානය රැකගත නොහැකිව ඉන් පිරිහී ගිය හිමිනමකි. මේ කෙරුවාව තවත් කරන්නට බැරිය, මෙවර නම් ධ්‍යානයෙන් පිරිහෙනවාට වඩා මරණය සැපයි කියා සිතු ගෝධික තෙරණුවෝ, දැලිපිහියක් ගෙන, ධ්‍යානයට එළඹෙනවාත් සමගම ගෙල සිඳ ගත් හ. එහෙත් ගෙල කැපී යත් ම දැනෙන වේදනාව අරමුණු වත්ම, මෙතෙක් කල් අවබෝධ කරගත නොහැකිව තිබූ චතුරාර්ය සත්‍යය උන් වහන්සේට අවබෝධ විය. වේදනානුපස්සනාව අරමුණු කළ උන් වහන්සේ එකෙණෙහිම සත්‍යාවබෝධය ලබා රහත් වුහ. මේ ගැන නොදන්නා මිනිස්සු, භික්ෂුවක් සිය දිවි නසා ගත්තේ ය යන කතාව පැතිරවූ හ. බණ පොතේ හැටියට මාරයා, ගෝධික තෙරුන් කොහි උපන්නේ දැයි නොදැක, අන් වෙසක් මවාගෙන බුදුන් හමුවට විත්, "ගෝධික කොයි ගියේ දැයි" විමසු බවත්, බුදු හිමි, "මාරය, ගෝධික තොපට සොයා ගන්නට බැරි තැනක නිවී ගියේ යැයි" කී ලු. 

මේ සිද්ධිය අනුව පැහැදිලි කරුණක් මතු වේ. එනම්, ගෙල කපා ගන්නට තීරණය කෙළේ පෘථග්ජනයෙකි. මරණය වන විට ඔහු රහතෙකි. ඒ අනුව, ගෝධික තෙරණුන් ගේ ක්‍රියාව හුදෙක් ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් සිදු වූ දෙයක් බවත්, ඒ පිටුපස කිසිම ලෞකික අරමුණක් නොතිබූ බවත් පැහැදිළිව පෙනේ. 

සිරිසඟබෝ සිරිත

මේ ගැන ද කියන්නට ඇත්තේ සස ජාතකය ගැන කී ටික මැයි. සිරිසඟබෝ රජු හමුවට ආ මගියා කියා සිටියේ, ඔහුගේ රාජ්‍යය පැහැර ගත් මල් බෑ තෙම, සිරිසඟබෝ යැයි සැකපිට මිනිසුන් දහස් ගණනක් මරා දමන සැටියි. සිරි සඟබෝ රජු ගෙල කපා දන් දෙන්නේ, තමාගේ හිස ලැබුණු පසු අර කී මනුෂ්‍ය ඝාතන නවතින බව සක්සුදක් සේ දැනසිටි බැවිනි. මිසක් මනුෂ්‍ය ඝාතන වළක්වපියවූ කියා උද්ඝෝෂණ කරන්නට නොවේ. 

ප්‍රායෝගික පැත්ත

දැනට දන්නා දත්ත අනුව ගත්කල අපේ ලංකාව තුළ දිනකට ගබ්සාවන් 500 කට වඩා සිදු වේ. රට වටකර ඇති මුහුදු තීරයේ මසුන් ටොන් ගණනින් මරා දැමීම සිදු කෙරේ. බෙල්ල කපාගෙන, කට කපාගෙන, මැරෙන මොහොතේ අවසන් හුස්මවත් හිමි නැතිවයි, මාළුවා මැරෙන්නේ. දිනකට මරා දමන ඌරන් ප්‍රමාණය 3000 ත් 5000 ත් පමණ වේ. කුළුගෙඩි පහර කමින් ඉහ මොළ පුපුරු ගසන තරමේ වේදනාවක් විදිමින් පැයකට අසන්න හෝ පැයකටත් වඩා මරුවා සමග පොද බදන ඌරන් වෙනුවෙන් ජීවිතය පුජා කිරීමට කිසිවකුත් නොමැත. දිනකට මරා දමන කුකුලන් ප්‍රමාණය ලක්ෂ ගණනින් මැනිය හැක. කුකුලන් මරා දමන සමහර ක්‍රම සිහි ගන්වන්නේ අපායේ වධ වේදනා ය. ගොවිකමේ දී දිනකට මැරෙන මදුරුවන්, මදුරු කීටයන්, කෘමීන් ආදිය ගැන ගණන් හිලවු වත් නැත. සත්තු සිටී වා! දිනකට ස්ත්‍රී දූෂණ තුනයි, ළමා අපචාර දෙකයි. මේ ගැන කතා කරන්නට කවුරුවත් නැත්තේ ඇයි? 

ලිපිය

අප ඔබට පොරොන්දු වූ පරිදි, මේ සූදානම් වන්නේ අර කී ලිපිය ගැන කතා කරන්නට ය. මේ අප ඔබේ සතිමත් බව පරීක්ෂා කරන මොහොතයි. සූදානම් වන්න!

පළමුව, මේ ලිපියේ දැක්වෙන ජීවිත පූජාවේ අරමුණු මොනවාද?

1. මේ ධරමද්වීපයේ ගව ඝාතනය නතර වේවා!
2. ත්‍රස්තවාද තුරන් වේවා!
3. බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමට එරෙහි පණත පාර්ලිමේන්තුවේ දී සම්මත වේවා!
4. බහුජාතික, බහුආගමික, සර්ව ආගමික බුදු දහම විනාශ කරන පූට්ටු නැති වේවා!
5. බෞද්ධ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය වේවා!
මේ කාරනා ඉටු නොවේ නම්, බලවේගයක් වී හෝ රජයට බලපෑම් කරමි.

මේ කරුණු ගැන දීර්ඝව කතා කිරීම පාඨක ඔබ වෙහෙසවීමකි. එහෙත් එය කළ යුතුය, මන්ද මේ සමස්ත සිද්ධියේ "බර" රඳා ඇත්තේ ඒ මත වීම නිසා ය. 

පළමුව, මස් කන්නන් සිටියදී, ගව ඝාතනය නතර කළොත් වෙන්නේ කුමක් ද? ගවමස් පිටරටින් ආනයනය කරන්නට සිදු වීම හැර අන් කවරක් ද? දැනටමත් ණය බරින් මිරිකෙන අප වැනි රටකට ඒ බර දරා ගත හැකි ද? අනික, මස් මරන්නෙත් නැතිව, ගෙන්වන්නෙත් නැතිව සිටීම, මස් කන්නට කැමති අයගේ සිවිල් අයිතියට කෙසේ නම් බලපායි ද? කාටවත් බලෙන් සිල් රක්කවන්නට බුදුන් ක්‍රියා කෙළේ නැත. 

දෙවනුව, ත්‍රස්තවාදය පරාජය කර ඇති නිසා ඒ ගැන යළි යළිත් මුන් වහන්සේ වදවීම අපට වටහා ගැනීම අපහසු ය. එබැවින් මේ කියන්නේ "ආගමික අන්තවාද" හෙවත් ජිහාඩ් වැනි විකාර ගැන වන්නට ඇතැයි අපි උපකල්පනය කරමු. ඒ ගැනනම් අපට ගැටළුවක් නැත. එහෙත් ඒ වෙනුවෙන් දිවි පිදීම ගැන අපට බරපතළ ගැටළුවක් ඇත. අප ජිහාඩයට එරෙහි වන්නේ ද එහි ඇති අන්තවාදී ක්‍රියා නිසා ය. ආගම වෙනුවෙන් ජීවිත පූජාව ද එවැන්නකි. අන්තවාද එපා කියමින් හිමිනමක් අන්තවාදී ලෙස දිවි පිදීම අප කෙසේ නම් අනුමත කරන්න ද? 

තුන්වෙනුව, ලංකාවේ කොහෙවත් බලහත්කාරයෙන් ආගම්වලට හරවන්නේ නැත.කෙරෙන්නේ ආර්ථික වාසි නිසා ආගම මාරු කිරීමයි. ආගම යනු සිවිල් අයිතියකි. එය මාරු කිරීම, තබා ගැනීම හෝ ආගම විසිකර දැමීම පුද්ගල අයිතියකි. සදාචාරත්මක නොවන ආගම්වලට හැරවීම ගැන අප ද එරෙහි වන නමුත්, මේ කියන පරිදි එය නෛතිකව ක්‍රියාත්මක කළ හැකි එකක් නොවන බව අපි හොඳින් ම දනිමු. අන්‍යාගමීකරණය හා සටන් වදින්නේ නම් එය කළ යුත්තේ බිම් මට්ටමිනි; හෙවත් ජනතාව අතරිනි. පාර්ලිමේන්තුවෙන් නොවේ.

සිවුවෙනුව, මේ හතරවන කාරණාව ගැන අපට කියන්නට දෙයක් නැත: එහි භාෂා භාවිතය ගැන පමණක් අවධානය යොමන්න. 

ඊළඟට: බෞද්ධ ව්‍යවස්ථාවක් යනු කුමක් ද? මත්පැන් තහනම් කරන එකක් ද? සත්ත්ව ඝාතනය තහනම් කරන එකක් ද? කුමක් ද? මේ සැරසෙන්නේ මේ ලංකාව ද, තවත් සෞදියක් කරන්න ද? ආගම රාජ්‍ය පාලනයට සම්බන්ධ විය යුතු සීමාවක් තිබේ. ඒ සීමාව ඉක්මවා යාම බරපතල වරදකි. අපට අවැසි නීතියෙන් බෞද්ධ ලංකාවක් නොවේ: ප්‍රතිපත්තියෙන් බෞද්ධ ලංකාවකි. 

අවසානයට: මේ කියන බලවේගය කුමක්ද? දිව්‍ය බලවේගයක් නම් වන්නට බැරි ය. බලපෑම් කරන "බලවේග" කියා මේ කියන්නේ කුමක් ද යන්න වටහා ගැනීම අපට නම් අපහසු නොවේ. මරණින් මතු "බලවේග" හෙවත් යක්ෂ ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදීන්ව උපදින්නේ ද්වේශයෙන් හෝ ලෝභයෙන් මරණයට පත් වන්නවුන් ය. මේ කියන්නේ මරණින් මතු එවැනි බලවේගයක් ව බලපෑම් කරන බව ද?  

බරපතලම කතාව එන්නේ මේ ලිපියේ දිනය නිසා ය.




මේ ලිපියේ දාතම සටහන් වන්නේ 2013 අප්‍රියෙල් මස 23 වන දින පස්වරු 03:29 වශයෙනි. සිද්ධිය සිද්ධ වුයේ මැයි මස 24 වන දින ය. එනම්, මේ සිද්ධිය සිද්ධ වන්නට මසකට පෙර ද මේ සියල්ල ලියා ඇත්තේ? 

සටහන: ෆැක්ස් යන්ත්‍රයේ දෝෂයක් නිසා ද මෙසේ විය හැකි බවට පාඨක ඔබ දැනුවත් කිරීම අපේ වගකීමකි.

ජාතික හෙළ උරුමයට අනුව නම්, උන් වහන්සේ එහි මන්ත්‍රී ධුරයක් හෙබවූ කෙනෙකි. ඔවුන්ට අනුව නම්, ඒ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් උන් වහන්සේ පක්ෂයෙන් නෙරපන ලද්දේ මැයි මස 10 හෝ ඊට ආසන්න දිනක ය. එහෙත් ඊට පෙර, උන් වහන්සේ සිය පක්ෂයට කළ නිසි දැනුම් දීමකින් තොරව, සිංහල රාවය සංවිධානයට බැඳීමට ක්‍රියා කර ඇති බව ද දැන් දැනගන්නට තිබේ. ඒ ගැන ක්‍රියා කෙළේ කෙසේ ද යන්න ගැන මේ වනතුරු දැනගන්නට නැත. හෙළ උරුමය දැන් කියන්නේ ඔවුන් මේ සිද්ධිය ගැන කිසිවක් නොදන්නා බව ය. නමුත් ඔවුන්ගේ "නොදන්නාකම" මෙන්න මේ ප්‍රකාශයෙන් පෙනේ.



සිංහල රාවය සංවිධානය, මෙරට ජාතික සංවිධාන අතරින් සෑහෙන දැඩි ඉදිරිගාමී පිළිවෙතක් ඇති සංවිධානයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මීට පෙර ද, නාවල කොස්වත්තේ පවත්වාගෙන ගිය එක්තරා සාස්තර පොළකට කඩාපැන, බෞධයන්ට අපහාස වන අන්දමේ පිළිම සහ දේවරූප තිබුණේ යයී චෝදනා කරමින් බයිබල් පොළොවේ ගසමින් යකා නටමින් කළ විකාරය අපට මතක තිබේ. බුදු පිළිම සමග එක මට්ටමේ දේවරූප තැබීම නීතියට අනුව වරදක් නොවේ. අනික පාරෙ දුවන බස්රථ දහයක් ගත්තොත් නවයකම බුද්ධ රූප සහ දේවරූප එකම රාමුවේ ය අලවා ඇත්තේ. එහෙනම් ඔවුන්ට තිබුණේ පාරෙ යන බස්රථ වටලන්නට ය. ෆැෂන් බග් සිද්ධියේ වගකීම ද අවසානයේ මාරු කරන ලද්දේ සිංහල රාවයට උදව් කළ හිමි කෙනෙකු වෙත බව අපට අමතක නැත. 

මේ අනුව, මේ දිනය නිවැරදි නම්, එනම්, ෆැක්ස් යන්ත්‍රයේ දෝෂයක් නොවේ නම්, මේ සිද්ධිය ගැන සිතන්නට තවත් බොහෝ දේ තිබේ. 

අපට කළ හැක්කේ කරුණු දැක්වීම පමණි. ඔබේ මතවාදය සකස් කරගැනීම ඔබේ කාරියකි.

Saturday, May 25, 2013

අහෝ ඉන්දසාර හිමියනි! | The monk who burnt himself

* සටහන: ඡායාරූප උපුටා ගැනීම, අපේ සහෝදර බ්ලොග්කරුවකු වන සමකය වටේ ලියන නලීන් දිල්රුක්ෂ ගෙනි. සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ විස්තර සහිත නලින්ගේ මුල් ලිපිය මෙතැනින් කියවන්න.

* පසු සටහන: මේ ලිපියට අප විසින් ලියන ලද පසු සටහන මෙතැනින් කියවිය හැකි ය.



උතුම් වෙසක් පෝ දිනයේ අහන්නට ලැබුණු සිත් සසල කරවන ආරංචිය වන්නේ, දළදා මාළිගාව ඉදිරිපිට බෝවත්තේ ඉන්දසාර කියල හාමුදුරු නමක් ගිනිතියාගෙන ඇති බව ය. දැන් උන් වහන්සේ කොළඹ ජාතික රෝහලේ බරපතල මට්ටමේ පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබන බව ද, ගිනි තබා ගැනීමට හේතුව ගව ඝාතනයට එරෙහි වීම බවද අහන්නට ලැබිණි. 

මේ ක්‍රියාවෙන් අනතුරුව බොහෝ දෙනා මෙය සාධාරණීකරණය කරන්නට සූදානම් වනු පෙනෙන්නට තිබිණි.  එසේම, මෙය බෝසතුන් සිය දිවි දැන් දුන්නා හා සමාන කරන්නට ද උත්සාහ ගනිමින් සිටිති. මේ ලිපිය ලියැවෙන්නේ උන් වහන්සේට අපහාස පිණිස නොව, කටුක සත්‍යය හෙළි කරනු පිණිසය.

පළමුව, ප්‍රස්තුත මාතෘකාව වන ගව ඝාතනය (සහ සමහරුන්ට අනුව ඉස්ලාම්කරණය) ගනිමු. බුද්ධ පාදස්පර්ශයෙන් තුන්වතාවක් පවිත්‍ර වුණායි කියන මේ පිංබිමේ මේ හාමුදුරුවන්ට පෙනුණේ ගව ඝාතන පමණද? ඉස්ලාම් ආක්‍රමණ පමණද? දවසකට ස්ත්‍රී දූෂණ තුනයි, ළමා අපචාර දෙකයි, කප්පම් සිද්ධි දහ අටයි. සතියකට පැහැරගැනීම් එකයි, මිනීමැරුම් එකයි, අතුරුදන් වීම් දෙකයි. දූෂණය නාස්තිය දළ ජාතික නිපැයුමෙන් 9%. මසකට ගෙවල් බිඳුම් තුනයි, කොල්ල කෑම් දෙකයි. මේ අපේ පිංබිමේ සැබෑ තත්වයයි. මේවට කතා කරන්නට, ඊට එරෙහිව උපවාස, උද්ඝෝෂණ කරන්නට, පෙළපාලි යන්නට තබා අඩුම තරමේ සත්‍යක්‍රියාවක් වත් කරන්නට කවරෙකු වත් වී ද? 

බෞද්ධයන් ලෙස ගව ඝාතනය පමණක් නෙමේ, ඕනෑම ඝාතනයක් අපට ප්‍රාණඝාතයකි. මස් මැරීම ගැන බොහෝ වේදනාවෙන් කෑගහන අපේ කීදෙනෙක් මාළු මරන ආකාරය දන්නේ ද? පිහියෙන් බෙල්ල කපනවාට වඩා සිය දහස් ගුණයකින් දරුණු වේදනාවක් විඳ ය, මාළුවා මැරෙන්නේ. බිලී කොක්ක සිය මුඛය සහ අන්තර් මෞඛ ආස්තරය පසාරු කරගෙන කැපී යද්දී, ගලන ලේ ධාරාවෙන් මුහුණම නැහැවෙත්දී, හුස්ම පොදක් ගන්නට බැරිව අපා දුක් විඳ ය, මාළුවා මැරෙන්නේ. එහෙත් ඒවාට එරෙහිව ගිනිතබා ගැනීම් ගැන අපට අහන්නට ලැබෙන්නේ නැත. නිවැරදිව බලන්නේ නම්, සත්ත්ව ඝාතනය ගැන කතා කරන්නට නිර්මාංශිකකුට හැරෙන්නට අන් කිසිවෙකුටත් අයිතියක් නැත.

ගිනිතබා ගැනීමේ සැඟවුණු කතාව

මේ සිද්ධිය ගැන අනුවේදනීයව කතා කරන බොහෝ දෙනා නොදන්නා කරුණ වන්නේ, මේ සිද්ධියට හරියටම දින 14 කට පෙර, බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන් ජාතික හෙළ උරුමයෙන් නෙරපා හරිනු ලැබීමට ගත් තීරණයයි. මෙන්න ඒ ගැන මාධ්‍ය වාර්තාව:
ජාතික හෙළ උරුමය නියෝජනය කල පැල්මඩුල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්‍ෂය පියවර ගෙන තිබේ. පක්ෂයේ ප‍්‍රතිපත්ති හා විනයට පටහැනිව කටයුතු කීරීම නිසා ඉන්ද්‍රරතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
දැන් එතකොට මේ ගිනි තබා ගැනීම කෙළේ ගව ඝාතනයට එරෙහිව ද, නැත්නම්, තමන් පක්ෂයෙන් නෙරපා හැරීමට ප්‍රතිචාරයක් ලෙස දැයි ඇසීමට අපට සිදු වේ. 

ගව ඝාතනය සහ හතර මහා දේවාල

පළමුව, බුදු හිමියෝ කවදාවත් මස් කන්න එපාය කීවේ නැත. එසේ කරන්නට නීති පනවන්න යැයි ඉල්ලු දේවදත්ත තෙරුන්ගේ ඉල්ලීම ද බැහැර ලූ හ. එසේම, බුද්ධ කාලයේ, බුදු හිමි ජීවමානව සිටියදීම, ජේතවනාරාමයට අල්ලපු වැටේ තිබුණු ඌරු කොටුව බුදු හිමියන්ට ගැටළුවක් වුණේ නැත. උන් වහන්සේ කවදාකවත් අල්ලපු වැටේ චුන්ද සූකරික ගේ ඌරන් මරණ ඌරු කොටුවට එරෙහිව උද්ඝෝෂණ කෙළේ නැත. 

දළදා මැදුරු සීමාව තුළ මස් මරන්නේ නම් එය වෙනම කතාවකි. එහෙත් රටේ නීතිය අනුව මිලදී ගත් ඉඩමක සතුන් මරන්නේ නම් ඊට අපට කළ හැකි දෙයක් නැත. එය ගැටළුවක් වන්නේ නම් කළ යුත්තේ එම ඉඩම් යළි මිලදී ගැනීම හෝ පවරා ගැනීමයි. අනික, නුවර නගර සීමාවේ මස්කඩ තිබුනාම දළදා මාළිගාවට ඉන් සිද්ද වන අකරතැබ්බය කුමක් ද? ඇයි බුදු හිමි ජීවමාන කාලයේ මස් වැළඳුවේ නැද්ද? මජ්ඣිම නිකායේ සීහ සුත්‍රය බොරු ද? ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය ගැන බුදු හිමියන් නෙමේ ද, වෙන කෙනෙක් ද කීවේ? දෙවරම් වෙහෙර තිබූ නගරයේ මස්කඩ තිබ්බේ නැද්ද? ජීවමාන බුදුන්ට වත් නොතිබුණු ප්‍රශ්න නොවැ මේ මිනිස්සුන්ට තියෙන්නේ!!

ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය ගැනද යමක් කිව යුතුය.  ත්‍රිකෝටි යනු කෙළවරවල් තුනක් ඇති යන්නයි. ත්‍රිකෝටි පාරිශුද්ධිය කියන්නේ තුන් කෙළවරකින් පිරිසිදු යන්නයි. එනම්, අදිට්ඨ, අසුත, අපරිසංඛිත හෙවත් නොදුටු, නෑසු සහ නිසැක යන්නයි. මෙය අදාළ වන්නේ මාංශ ආහාර සඳහාය. එනම්, තම ආහාරයට ගන්නා මස, මේ කරුණු තුනෙන් පිරිසිදු විය යුතුය යන්නයි මෙහි අරුත. මෙය දැක්වෙන්නේ මජ්ඣිම නිකාය සීහ සුත්‍රයේ ය. තමා නිසා මරණ ලද බව නොදුටු, නෑසු, නිසැක මස කැප බවත්, එය ආහාරයට ගැනීමෙන් පළමු සිකපදය නොබිඳෙන බවත් ය මෙහි අරුත වන්නේ. 

එසේනම් මේ හරක් මැරීම ගැටළුවක් වන්නේ කාටද? ඒ වනාහි දළදා මැදුරට අරක්ගත් නායක්කර් වසංගතය හෙවත් හතර මහාදේවාල වලට ය. 

නායක්කර් වංශික රජ්ජුරුවරු මූනිච්චාවට බුදු දහම වැළඳ ගත්තට කවදාවත් හින්දු ආගම අතහැරියේ නැත. සතර මහා දේවාල වල වඳින්නේ කාටද? බෞද්ධ දෙවියන්ටද? කවුද මේ දෙවියෝ? විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි. හතරදෙනාම හින්දු/වෛදික දෙවිවරු වෙති. හරක් මස් ගැටළුවක් වෙන්නේ ඊනියා හින්දු/වෛදික සමාජයට මිසක් අපට නොවේ. අපේ බෞද්ධ සමාජයේ මේ වගේ Taboo සංකල්ප තිබුණේ නැත. ඔසප් දවසට ගෑණිව ගෙට වැද්ද ගන්නේ නැති මට්ටමේ ම්ලේච්ඡ සිරිත් විරිත් සුරකින සමාජයක වහුකුණු, අපේ උතුම් දන්ත ධාතුන් වහන්සේ වැඩමවා තියෙන තැනට ලජ්ජා නැතිව වැද්ද ගත්තා මදිවට, අද අපි ඒ වෙනුවෙන් උද්ඝෝෂණත් කරන්නෙමු. සාධු!


මළමිනී සහ දළදා මැදුර

මේ ළඟදී නුවර පල්ලියට මල සිරුරක් ගෙන ආවේ යැයි මහා හයියෙන් තප්පුලෑවේ ද මේ මීහරක් මය. ඇයි හත්වලාමේ, බුදුන් හමුවෙන්නට කිසාගෝතමිය අවේ මළකඳක් අතැතිව නොවේ ද? බුදු හිමි සිරිමාවගේ මළකුණ ඉදිරියේ වාඩි වී බණ කිව්වේ නැද්ද? ශවාගාර ගැන දන්නෙම නැද්ද? මළකුණු බුදු දහමට අකැප යැයි කියා ඇත්තේ මොන බණ පොතේ ද? එතකොට නවසිවතිකය වඩන්නේ කොහොමද? දස අසුබය වඩන්නේ කොහොමද? ධුතාංග වල සොසානිකාංගය වඩන්නේ කොහොමද? මළ මිනී බෞද්ධ සිරිතට අනුව අකැප යයි කියන්නන් හට අමතක වූ කරුණු බොහොමයක් තිබේ. එනම්, සිරිමා නම් ගණිකාව මළ වේලේ බුදු හිමි ඒ මල සිරුර ආදාහනය නොකරන ලෙස සිය වචනයෙන් කොසොල් රජුට කියා යැවූ බව නොදැනීමයි. සිරිමා යනු සැවත් නුවර සුන්දරම ගණිකාවයි. ඇගේ සේවය ලබන්නට දිනකට කහවණු දහසක් ගෙවිය යුතු වී ලු. බුදු හිමි, ඈ මළ පසු ඇගේ සිරුර ආදාහනය නොකර සත් දිනක් තියෙන්නට හැර, ඊට පසු ඒ මළ සොහොනට වැඩ, ජනී ජනයා රැස්කරවා, ඒ මල සිරුර මිලට ගන්නා කෙනෙකු වේදැයි විමසූහ. කහවණු දහසෙන් පටන් ගත් ලංසුව, අන්තිමේදී මළ සිරුර මිලට ගන්නා එකාට කහවණු දහසක් දෙන්නෙමැයි කීවත් ගන්නට කිසිවෙක් සිටියේ නැත. බුදුහු ඒ අරබයා ලස්සන බණක් කියා තිබේ. 

මීට අමතරව, බුදුන් වහන්සේ සිය සව්වන් සමග අමුසොහොන් වලට වැඩ, මළමිනී ඉදිරියේ බණ කී අවස්ථා අනන්තය, අප්‍රමාණය. නවසීවතිකය සහ දස අසුභය වඩන්නේ මළකඳක් ඉදිරියේ ය. ධුතාංග වලින් එකක් නම් සොසානිකාංගය ය. එනම්, මුළු වස් කාලයම අමු සොහොනක බවුන් වැඩීමය. 



උක්ත කරුණු සැලකු විට යාබද පල්ලියට මළ මිණියක් ගෙන ඊම නිසා බුදු සමිඳුන්ට වත්, දළදා වහන්සේට වත් සිද්ද වන මොන කෙහෙල්මල් කරදරයක් වත් නැති බව සක්සුදක් සේ පැහැදිලි ය. මළ එකා මළා වේ. ඔහුගේ භූමදානය ඔහුගේ නෑදෑයෝ කරගත්තා වේ. අහක ඉන්නා බෞද්ධයන්ට ඉන් ඇති රුදාව කුමක්ද? ඇයි අපට මළමිනී අරහං ද? ජීවමාන බුදුහිමියන් හට මළ මිනී අමුත්තක් වුණේ නැත. හැබැයි බුදුන්ටත් වඩා බුදු බණ දන්නා තලේබාන් බෞද්ධයන් හට නම් එය ලොකුම ලොකු රුදාවක් බව පෙනෙන්නට තිබේ. මොවුන් හට අවශ්‍ය වන්නේ සකාරණව යමකට එරෙහි වීමක් නොව, මොකක් හෝ මළකුණක් (වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම) පටලවා ගෙන, නුවර පල්ලිය කඩා බිඳ බිමට සමතලා කිරීම දෝ හෝයි සාධාරණ සැකයක් මතුවේ. 

ඊනියා මළමිනී විරෝධය එන්නේ දළදා මැදුරෙන් නොව, ඊට බලෙන් එල්ලා ඇති හතර මහා දේවාල වලිනි. අප ඊට බලෙන් එල්ලා ඇතැයි කියන්නේ බෞද්ධකම සහ ඊනියා හින්දු වෛදික දේවාල අතර මොනම කෙහෙල්මල් සම්බන්ධයක් හෝ නැති බැවිනි. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන බිමේ එල්ලා ඇති, නායක්කර් වංශික පාලනයේ ලැජ්ජාසහගත සංකේතය වන, පූර්ණ හින්දු ලක්ෂණ ඇති මේ දේවාල (කෝවිල්) හතර ගැන එකෙක් වත් කට හොල්ලන්නෙ නැත. ඊනියා "කිළි" සංකල්පය බෞද්ධ අපේ දෙයක් නොවේ. එය හින්දු සංකල්පයකි. දකුණු ඉන්දීය කන්නඩා සංස්‌කෘතිය තුළ අද ද, ඔසප් වූ කාන්තාව ගෙට වැද්ද ගන්නේ නැත. ඈ සිය ඔසප් දින පසුවන තුරු නිවසින් පිටත වෙනම කුටියක සිටිය යුතුය. කිළි කතාව අපේ සමාජයට ආවේ ඉන්දියානු වෛදික හින්දු සංස්කෘතික බලපෑම නිසා බව අපේ (නන්-ඕල්කොට්) පඬියන් දන්නේ නැතුවාට, (ඕල්කොට්) බෞද්ධයන් ලෙස මේ ලංකාවේ සංස්කෘතික ඉතිහාසය ඉගෙන ගත් අපි දනිමු. 

හරක් ඝාතන විරෝධය පසුපසද ක්‍රියාත්මක වන්නේ හින්දු බලවේග මිසක, බෞද්ධ බලවේග නොවේ. ඓතිහාසිකව, බෞද්ධයන් හට හරක් මස් නොවේ මොන මසක වත් පෙරේතකමක් හෝ බඩජහරි කමක් තිබ්බේ නැත. හැබැයි ත්‍රිකෝටි පාරිශුද්ධික නම්, ඒ මස කන්නට තහංචියක් තිබ්බේ ද නැත. හරක් මස් එපා වෙන්නේ බෞද්ධයන් හට නොව, හින්දූන් හට ය. මන්ද හරකා ඔවුන්ගේ ආගමේ ත්‍රිමූර්තියෙන් එකක් වන ශිව දේවතාවා ගේ වාහනය නිසා ය. මීට අමතරව, ලංකාවේ ගොන් හරකුන් කොහොම සිතාගෙන උන්නත්, කිරි එළදෙනට කිරි අම්මා යැයි කියන හරක් සිරිතක් අපට තිබ්බේ ද නැත. අපට අපේ අම්මා සමාන වුණේ බුදුන් හට ය. එළදෙන කවදාවත් එතැනට ආවේ නැත. එළදෙනට අම්මා යැයි කීවේ දමිළයෝ ය. තෛපොංගල් නමින් දිනක් වෙන්කොට, ගවයා කිරියෙන් නහවා, මල්මාලා එල්වා, උගේ දෙපා මුල දණින් වැටී වන්දනාවේ යෙදෙන්නේ බෞද්ධයෝ නොව, හින්දුවෝ ය. ඒ ඔවුන්ගේ සංස්කෘතියයි. අපට ඊට වචනයක් වත් කීමට අයිතියක් නැත. 

මේ ටික කීවේ හින්දුන් හට උපහාස / අපහාස පිණිස නොව, මළමිනී විරෝධය, හරක් ඝාතන විරෝධය සහ හතර මහා දේවාල අතර සම්බන්ධය පහදනු පිණිසය.


බෞද්ධ සංස්කෘතිය ද, හිංදු සංස්‌කෘතිය ද?

සමහරු මීට සංස්කෘතික මුහුණුවරක් ද දෙන්නට තැත් කරනු පෙනෙන්නට තිබිණි. සමහරු මෙය ගව ඝාතනයට එරෙහිව නොව, අන්‍යාගම්කරණයට එරෙහිව කරන ලද්දක් ලෙසට ද හුවා දක්වනු පෙනෙන්නට තිබිණි. මේ ගැන සංවාද කරන්නට නම්, අහක යන කෙහෙල් මල් සංස්කෘතියක් ගැන දෙසා බාන්නට අවැසි නැත. නුවර සංස්‌කෘතිය වනාහි හුදු බෞද්ධ සංස්කෘතියක් නොව, ඇතිවෙන්නට හින්දු, ඉංග්‍රීසි ආදී සංස්කෘතීන්ගෙන් පදම් වූ සංස්කෘතියකි. නුවර මිනිස්සු අනාදිමත් කාලයක සිට මේ සංස්කෘතික විවිධත්වය ගරු කරමින් ජීවත් වූහ. එකටෙක පේන දුරින් ඇති හිල්වුඩ් විද්‍යාලයේ උදේ දේව මෙහෙය, අල්ලපු පන්සලට ගැටළුවක් වෙලා නැත. එසේම පන්සලේ පිරිත් කීම ගැන හිල්වුඩ් පාසලේ කිසිවෙක් චෝදනා කරනු මේ ලේඛකයා නම් අසා නැත. මේ දෙකටම අල්ලපු නුවර අනිවත්තේ ඉවැන්ජලික ආගමික මධ්‍යස්ථාන (ලියන ලේඛකයාගේ දැනුමට අනුව) තුනක් වත් තිබේ. මේවයින් සමහර ඒවායේ දේව මෙහෙයන් ඉතාම ශබ්ද සම්පන්න වේ. අනිවත්තේ මිනිස්සු අද වෙනතුරු ඒ ගැන කිසිම පැමිණිල්ලක් කර නැති බව ලේඛකයා පුද්ගලිකවම දනී. 

බෞද්ධ පුනරුදයේ නගරය වන පානදුර ම ගනිමු. නල්ලුරුව කෝවිලේ සිට රංකොත් වෙහෙරට ඇත්තේ ඇවිදින දුරකි. ඒ දෙකේම සිට පානදුර කතෝලික පල්ලියට ඇත්තේ ඇවිදින දුරකි. මේ තුනේම බැතිමත් ජනයෝ ඉතාම සංවරව සිය ආගමික වතාවත් කරගෙන යති. කෝවිලේ බෙරහඬ ගැන පන්සලෙන්වත්, පන්සලේ පිරිත් ගැන පල්ලියෙන්වත්, පල්ලියේ සොරෝලය ගැන කෝවිලෙන්වත් අද මේ වෙනතුරු ගැටළුවක් මතු නොවූ බව, පානදුර නගරය ගැන සිය පුද්ගලික අත්දැකීමෙන් ලේඛකයා දනී. 

මේ අනුව, නුවර හරක් මස්කඩ ඉවත් කිරීම බුදු දහමට හෝ බුදු සිරිතට අනුව මෙලෝ සම්බන්ධයක් නැති හුදෙක් දේශපාලනික අරමුණක් බව ප්‍රකාශ කළහැක. ඊනියා බෞද්ධ විද්වත්තු ලැජ්ජාවක් බයක් නැතිව ඊට බෞද්ධ ලේබලය ද අලවති. අහෝ සසුනට ගිය කල! 


අන් රටවල් සමග සංසන්දනය කරන්නවුන් සඳහා

වෙනත් ඉස්ලාම් රටවල, එනම් සෞදි අරාබිය, සුඩානය වැනි වැනි රටවල ක්‍රියාත්මක වන ම්ලේච්ඡ ක්‍රියාවන් ගැන ද අපට කීමට ඇත්තේ ඔය ටිකමය. උන්ගේ මොළේ අමාරුවක් නිසා හෝ, අර කුරාණය නමින් වන්දනා කරන මනස්ගාත බහුබූත වලින් පිරි ග්‍රන්ථය නිසා හෝ, ඒ දෙකම නිසා හෝ, ඒ රටවල ඒ ඒ ආකාර ම්ලේච්ඡ ක්‍රියා සිද්ධ වේ. කුරාණය ක්‍රියාත්මක වන යම් හෝ රටක ස්ථිරසාර සාමයක් තිබුණේ නැත. තියෙන්නේ ද නැත. අපරාධය සහ මංකොල්ල කෑම ද, බලෙන් අල්ලා ගැනීම සහ ව්‍යාප්තවාදය ද මත පදනම් වූ ඉතාම සටකපට දේශපාලන මොඩලයක් සේ හැරෙන්නට, ඉස්ලාමය හඳුන්වන්නට අපට වෙන වචනයක් ද නැත්තේ ය. 




එහෙත් මෙකී ඉස්ලාමික සංස්‌කෘතිය තුළ ද හැම එකාම අනිකාගේ බෙල්ල කපන්නට බලාගෙන ඉන්නේ යැයි යමෙකු කියන්නේ නම්, එය ද බරපතළම ගණයේ මානසික ව්‍යාධියකි. ඉස්ලාමය තුළ ද, ෂියා, සුන්නි, සුෆී, වහාබි, මජුම්දාර්, ආහාද් වැනි විවිධාකාර නිකාය ක්‍රියාත්මක වේ. ථේරවාදය මහායානයෙන් වෙනස් වන්නේ යම් සේ ද, රෝමානු කිතුණුව, ක්‍රිස්තියානියෙන් වෙනස් වන්නේ යම් සේ ද, තාන්ත්‍රික මාර්ගය, හින්දු වෛදික සම්ප්‍රදායයෙන් වෙනස් වන්නේ යම් සේ ද, එසේම අහසට පොළොව වැනි වෙනස්කම් රාශියක් ඉස්ලාමික නිකාය අතර ද තිබේ. 

මේ වෙනස නොදැන, ලංකාවේ සියලු මුසල්මානුවෝ අපරාධකාරයෝය, ව්‍යාප්තවාදීහු ය, කියා යමෙක් කියන්නේ නම් ඔහුට හෝ ඇයට ද කියන්නට ඇත්තේ කරුණාකර දැනගෙන කතා කරපං කියා ය. 


මිසදිටුවන් හට බලෙන් හෝ හොඳ සිරිත් ඉගැන්විය යුතුයැයි කියන්නවුන් වෙත

මේ සිද්ධිය සමග සමහරු, අන්‍යාගමිකයන් හට බලෙන් හෝ පිංපවු ඉගැන්විය යුතුයැයි යන මතයේ ද සිටිනු පෙනේ. ඔවුන් ගේ ජනප්‍රියම උදාහරණ වන්නේ බක බ්‍රහ්මයා ගේ විමානයට වැඩ, ඔහු හට මරණ බිය දක්වා සලිත කොට, බුදු හිමි බණ කී අවස්ථාවයි. 

පළමුව කියන්නට ඇත්තේ බුදුන් වහන්සේ කවදාවත් අනුන් බලෙන් බෞද්ධ කෙළේ නැති බවයි. බුදු දහම වනාහි ව්‍යාප්තවාදය අතින් අවම තැනක් ගන්නා දහමකි. මගේ ගොඩ මේ යැයි කියා ගොඩ ලොකු කරගැනීමක් එහි නැත. බුදුහිමියන් තර්කයෙන් පරදවන්නට ආ උපාලි ගෘහපතියා බුදු බණ අසා පැහැදී බුදුන් දහම් සඟුන් සරණ යන බව කීවිට බුදුන් වහන්සේ කීවේ, "උපාලි, ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් තීරණ ගැනීමේදී ඉක්මන් නොවිය යුතුය" කියා මිස, "බොහොම හොඳයි, යන්න උපාලි, ගිහින් තව දහදෙනෙක් අරන් එන්න" කියා නොවේ. උපාලිගේම වචනයෙන් කියන්නේ නම්, "අන් ආගමක එකෙකු ආගම මාරුකළ විට ධජ පතාක සේසත් නංවා නුවර පුරා බෙර ලවා පාවාඩ පිටින් පිළිගන්නා" යුගයක ය, බුදුන් වහන්සේ එසේ කීවේ. 

බක බ්‍රහ්මයා හට මරණ බිය දැන්වීම වනාහි, පිං ඇති අයෙකු, දහම දක්වනු පිණිස කරන ලද බුද්ධප්‍රයෝගයකි. බුද්ධප්‍රයෝග වනාහි ඉහළම මට්ටමේ ප්‍රඥාවකින් සහ තීරණ ගැනීමේ ශක්තියකින් කළ යුතුය. කිසාගෝතමියට අබ සොයන්නට කීම, අංගුලිමාලට නැවතීම ගැන කීම, චුල්ල පන්ථක හට අව්වේ සිටගෙන රෙදි කඩක් පිරිමදින්නට කීම, මේ ආදී සියල්ල බුද්ධඥාන විෂයයෙන් කළ කී දේ මිස පුහුදුන් අපට කළ හැකි දේ නොවේ. ඒවා කරන්නට ආසයානුසය ඥානය තිබිය යුතුය. එනම්, සත්ත්වයන්ගේ කෙලෙස් මෝරා ඇත්තේ කවරාකාරයෙන්ද යන්න, සිත පිරික්සා බලන ඥානයෙන් කිව යුත්තකි. එය කරන්නට බුදු කෙනෙකුන් ම විය යුතුය. 

මේ ටික නොදත් අපේ වාහෙලා හිතන් ඉන්නේ බුදුන් කළ දේ උන්ටත් කරන්නට හැකිය කියා විය යුතුය. පඬියන් පඬියන් වන්නේ ලෞකික ඥානය තුළය. ලෝකෝත්තර අවබෝධය තුළ නොවේ. පඬියන් බුදුන් වන්නට යාම හරියන්නේ නැත. බුදුන් දන්න හැමදේම පඬියෝ දන්නේ නැත. බුදු හිමි දැන සිටි සැමදේම දේශනා කෙළේ ද නැත. සිංසපා සුත්‍රයට අනුව බුදු හිමි කොළ අහුරක් අතට ගෙන, "මවිසින් දේශිත ධර්මයෝ මෙපමණකි, අදෙශිත ධර්මයෝ මේ සිංසපා වනයේ වැටී ඇති කොළ වලටද වඩා මහත් වන්නේ ය" යි වදාළහ. එසේම වෙනත් තැනක නියපිටට ගත් පස් අහුරකින් ද බුදුහු මේ බණ ම කී හ. ඕල්කොට් බෞද්ධයන් ලෙස සමහරුන් ගරහන අප ද අසා ඇති බුද්ධෛශ්වර්යය සහ බුදු කෙනෙකුන්ට ම පමණක් කළ හැකි දේ ගැන මේ පඬියන් නොදැනීම අන්තිම ම අවාසනාවකි. 


අපේ පැතුම

පිංවත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට ඉක්මන් සුවය පතන අතරතුර ම, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ දුලබින් ලද මනුසත් බව අපතේ නොයවා, උතුම් බුද්ධ ධර්මය තවමත් ධරමානව පවතින මේ කාලයේ දීම, සම්මා දිට්ඨිය වඩාගෙන, උතුම් අමා මහා නිවන් සම්පත ලබා ගන්නට හේතු වාසනා වේවා!