"ඔබ උපන් දා සිට සැපේදී දුකේදී පුක ඔබ සමග සිටියේය. විපතකදී පුක ඔබ හැර දමා නොගියේය. ඔබේ සිරුරේ වෙනත් කිසිදු අවයවයක් පුක තරම් අපහාස විඳ නැත්තේය. පුක තරම් තර්ජන විඳ නැත්තේය. පුක එවන් බාධක වලට නොබියව මුහුන දෙන්නේ ඔබට ඇති විශ්වාසවන්ත බව නිසාමය. මදක් කල්පනා කර බලන්න, ඔබේ මුහුණ, ශරීරය ලස්සන කිරීමට කොතරම් දේ කලත් සියල්ලන්ගෙන්ම වසන් වී සිටින පුකට ඒ කිසිදු සැලකිල්ලක් නොමැත. නමුත් පුක එවන් සැලකිල්ලක් ඔබෙන් බලාපොරොත්තු වන්නේද නැත්තේ අනෙක් අවයව මෙන් කැපී පෙනෙන්නට පුක අකමැති බැවිනි. පුක තරම් නිහතමානී අංගයක් ඔබේ ශරීරයේ තවත් නැත. එබැවින්, ඔබෙ පුකට කුඩම්මාගේ සැලකිලි නොදක්වන්න. ඔබේ පුක ගැන ඔබ ආඩම්බර වන්න. ඇස් දෙක මෙන් පුක රැක බලාගන්න. රජෙකුට මෙන් පුකට සලකන්න. පුකට ආදරය කරන්න. පුක ඔබ සමග නිරතුරුව රැදීසිටීවි. කාටවත් කිසිවිටෙකවත් එය නොදෙන්න."
මේ කතා කෑල්ල උපුටා ගත්තේ බුකියේ "PUKA" නමින් පෙනී සිටින පිටුවකිනි.
හිටි අඩියේම පුක ගැන අපට සිහි වෙන්නට කාරණා කීපයක්ම තිබුණත් ඉන් මූලිකම හේතුව වන්නේ 2013 අගෝස්තු 11 වන දින දිවයින ඉරිදා සංග්‍රහයට පුක්කතා ලියන මරාගෙ රෙජීමයේ ගස්බල්ලෙකු විසින් කියා තිබු කතාවක් නිසා ය.
"පානීය ජලය සඳහා pH අගයේ කිසිදු බලපෑමක් නැත. නමුත් අඩු pH අගයක් ජලයේ තිබෙන විට, ජල පරිවහන නලවල යකඩ මළ බැඳීමට ඇති අවස්‌ථාව වැඩිය. මේ නිසා පරිවහනකාර්යයේදී පමණක් හෙවත් යකඩ නල මගින් ජලය බෙදා හැරේ නම් පමණක් ජලයේ pH අගය සැලකිල්ලට ගත යුතු තත්ත්වයක් තිබේ. " (දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ P. H. ගාමිනී සුමනසේකර, මූලාශ්‍රය මෙතැනින්).
මේ කතාවට කිව හැකි දාහකුත් එකක් කුණුහරුප තිබුණත් ඒ සියල්ලට හරියන්නට ඇනෝනිමසයා විසින් කණ පැලෙන්නට පිළිතුරක් දී තිබේ.
"තමන් උපන් දා සිට පුක හෝදන්නේ pH අගය 4.25 සිට 5.0 දක්වා වූ විනාකිරි වලින් බවත්, එයින් කිසිම ප්‍රශ්නයක් ඇති නොවූ බවත් දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ P. H. ගාමිනී සුමනසේකර මහතා පවසයි. "ඉස්සර නම් දැවිල්ලක් තිබුණා; දැන් නම් පුකට දැනෙන්නේ වත් නැහැ" ඔහු කියා සිටියේය." (ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවිය කරන ඇනෝනිමසයා, මූලාශ්‍රය මෙතැනින්).
ගාමිණීගේ ගොන්කතාවේ දිග පළල හොයන්නට අපට අමාරුවක් නැතත්, මේ සිද්ධිය හා සම්බන්ධව එකදිගට ක්‍රියාත්මක වන පශ්චාත්භාගදානමය මෙහෙයුම් හමුවේ නිහඬව සිටීම සුදුසු නොවේ යයි අප කල්පනා කළ නිසා මේ ටික ලියා තබන්නට අදහස් කෙළෙමු.
ගාමිණීගේ විදිලි #1
පළමුව කිව යුත්තේ ගාමිණියාගේ මෙකී හුලිජ්ජ ලිපිය වනාහි අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද එක්තරා වාර්තාවක අසම්පූර්ණ, අසාර්ථක කොපියක් බවය. මෙකී වාර්තාව වනාහි පානීය ජලයේ තිබිය යුතු pH අගය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකසන ලද වාර්තාවකි. මෙන්න ගාමිණියාගේ ලිපියට අදාළ කොටස (සම්පූර්ණ වාර්තාව මෙතැනින්):"Although pH usually has no direct impact on water consumers, it is one of the most important operational water-quality parameters. Careful attention to pH control is necessary at all stages of water treatment to ensure satisfactory water clarification and disinfection. For effective disinfection with chlorine, the pH should preferably be less than 8. The pH of the water entering the distribution system must be controlled to minimize the corrosion of water mains and pipes in household water systems. Failure to do so can result in the contamination of drinking-water and in adverse effects on its taste, odour, and appearance. The optimum pH will vary in different supplies according to the composition of the water and the nature of the construction materials used in the distribution system, but is often in the range 6.5–9.5. Extreme pH values can result from accidental spills, treatment breakdowns, and insufficiently cured cement mortar pipe linings.
No health-based guideline value is proposed for pH."
ගාමිණියා පානීය ජලයේ pH අගය සෙවිය යුතු නැතැයි කියන්නේ මෙන්න මේ වාර්තාවේ අන්තිම පේළිය දිහා බලාගෙන ය. යකඩ බට කතාවත් මේ ලිපියෙන්ම උපුටා ගන්නා ලද එකක් බව පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් ගාමිණී ගේ විදිල්ලේ තරම් පෙන්වන්නට පෙර මෙම කොටසේ සම්පූර්ණ සිංහල පරිවර්තනය මුලින් කියවා සිටිමු.
"ජල පාරිභෝගිකයන් කෙරෙහි ජලයේ pH අගයේ ඍජු බලපෑමක් නැති වුවත්, එය වනාහි ජලයේ ගුණාත්මක බව මනින පරාමිතික වලින් අතිශයින්ම වැදගත් එකකි. සෑහීමකට පත්විය හැකි මට්ටමේ ජල පිරිපහදුවක් සහ විෂබීජනාශනය සහතික කරනු පිණිස ජල පිරියතේ සෑම අවස්ථාවකදීම pH අගය පිලිබඳ පරීක්ෂාකාරී වීම අත්‍යවශ්‍ය වේ. ක්ලෝරීන් යෙදීම මගින් කරනු ලබන විෂබීජහරණය සාර්ථක වනු පිණිස ජලයේ pH අගය 8 හෝ ඉන් පහළ තිබීම අපේක්ෂිත ය. ජලනල හා ගෘහස්ථ පයිප්ප වල විඛාදනය (මලකෑම) වළකනු පිණිස ජල පරිවහන පද්ධති වලට ඇතුළු වන ජලයේ pH අගය නිසි පරිදි යාමනය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ නොකිරීම, පානීය ජලය දූෂණය වීමට හේතුවක් වන අතර එහි ප්‍රතිඵල ලෙස ජලයේ රස, ගන්ධය සහ පෙනුම කෙරෙහි හානිකර ප්‍රතිඵල ඇති කරයි. ජලයේ තිබිය යුතු ප්‍රශස්තම pH අගය, අදාළ මූලාශ්‍රය, පරිවහන මාර්ගය, වැනි කරුණු මත රඳා පවතින අතර, එනමුත් 6.5-9.5 පරාසයේ තිබීම යෝග්‍ය වේ. ආන්තික pH අගයයන් ඇතිවීමට කාර්මික අනතුරු නිසා ඇතිවන ඉහිරුම්, පිරියත බිඳවැටුම්, සහ නිසි පරිදි පිරියම් නොකරන ලද සිමෙන්ති බදාම ආයත හේතු විය හැක.
[එබැවින්] pH අගය පිලිබඳ සෞඛ්‍යාශ්‍රිත නියාමන අගයයන් යෝජනා කරනු නොලැබේ."
ගාමිණියා හට කඩ්ඩ බැරි පවට විදගත්තාට, මේ ලිපියේ පානීය ජලයේ pH අගයයට දේ ඇති වැදගත්කම දැන් ඔබට වැටහිය යුතුය.
ගාමිණීගේ විදිලි අංක #2
මහජන සෞඛ්‍යය ගැන ප්‍රකාශ නිකුත් කළ හැක්කේ ගාමිණි හිතා ඉන්නා ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානයට පමණක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය යනු යුනෙස්කෝ, යුනිසෙෆ්, ලෝක මූල්‍ය අරමුදල වැනි, එක්සත් ජාතීන් හා අනුබද්ධිත තවත් එක් ලෝක සංවිධානයක් පමණි. සෞඛ්‍යමය කාරණා ගැන WHO සංවිධානයට වඩා පිළිගත හැකි පර්යේෂණ කරන ආයතන ලොව ඕනෑතරම් තිබේ.
ගාමිණී හා එකී ගොබ්බ නඩය කියනාකාර, ආම්ලික ජලයේ එකම හානිකර ඵලය වන්නේ ඇඹුල් රස පමණක් නොවේ. ඉතාම සරල සෙවුමකින් කෙනෙකුට සැක දුරු කරගත හැකිය. මෙන්න එක් උදාහරණයක්. (සටහන: මේ වනාහි ඇමරිකා එක්සත් ජනපදයේ රෝග මර්දන ඒකකය හෙවත් CDC හි දත්ත පිටුවයි). ඒ අනුව, පානීය ජලය ආම්ලික වීම නිසා,
1. පාංශු කැටායන, එනම් ෆෙරස්, ෆෙරික්, සින්ක්, ඇලුමිනියම් වැනි ලෝහ අයන ජලයට නිදහස් වේ.
2. පසේ වයනය වෙනස් වී එහි වැලි ස්වභාවය වැඩි වේ. පසේ මැටි ස්වභාවයට හේතු වන්නේ එහි අඩංගු සංකීර්ණ අලුමිනෝසිලිකේට ය. මේවා අම්ල සමග ප්‍රතික්‍රියා කොට බිඳවැටේ.
3. දිගින් දිගටම ආම්ලික ජලය පරිභෝජනය කිරීම දත් දිරායාමට, ආහාර මාර්ග අසාත්මිකතා වලට, ආහාර ජීර්ණ සංකූලතා වලට හා වකුගඩු අකර්මණ්‍ය වීමට හේතු වේ.
4. ආම්ලික ජලයේ බලපෑම නිසා දේහ තරල වල ආසෘති පීඩනය වෙනස් වී, එමගින් සමස්ත ප්‍රතිශක්තිකරන පද්ධතියම බිඳ වැටීමේ අවදානමක් පවතී.
මේ නිසා ආම්ලික ජලය පරිභෝජනය වනාහි ආණ්ඩුවේ එක්තරා ඇමතියකු ගේ පුක්කතාවේ පරිදි හුදෙක් ඇඹුල් වතුර බීමක් නොවේ. (සමහර බුකි විචාරකයන්ට අනුව මේක "දෙහි ඇඹුල් බොනවා" තරම් සරල දෙයකි. දෙහි ඇඹුල් පමණක් පානයෙන් පැය 48ක් දිවි රැකගන්නට මොවුන් සූදානම් ද යන්න වෙනම ඇසිය යුතුය.)
ගාමිණීගේ විදිලි අංක #3
ඔතනින් නොනවතින ගාමිණී මෙසේ ද කියයි:"කොහොමටත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජලයේ පී. එච්. අගය අඩුය. මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම විසින් පෙන්වා දෙන්නේ, එම තත්ත්වය මතු වන්නේ එම දිස්‌ත්‍රික්‌කය ලැටරයිට් පසෙන් සෑදී තිබීම නිසා බවය."
මෙය ද අමු අමුවේම කරුණු විකෘති කිරීමකි. කොහොමත් ප්‍රදේශ දෙකක පස්වල ස්වභාවය වෙනස් බැවින් එහි වන පාංශු ජලයේ pH අගය වෙනස් වීම අනිවාර්ය සාධකයකි. එහෙත් රතුපස්වල ජලයේ pH අගය වන්නේ ඊනියා ලැටරයිට් පසක ලාක්ෂණික pH බැස්මක් නොව, pH 3.1 තරම් දැවැන්ත බැස්මකි.
Laterite යනු ඇලුමිනියම් හා යකඩ බහුල ඛනිජයකි. මෙයද ඇතුළුව ලැටරයිට් පවුලේ ඛනිජ නිධි, විවිධ ස්වරූප වලින් ලංකාවේ විවිධ ස්ථානවල හමුවේ. මෙන්න ව්‍යාප්ති සටහන. [උපුටාගැනීම, GROUNDWATER RESOURCES OF SRI LANKA, C. R. Panabokke, A.P.G.R.L. Perera, for Water Resources Board, January, 2005]
මෙහි කොළපාටින් දක්වා ඇත්තේ ඔය කියන ලැටරයිට් නිධියට අදාළ ජලාධාර ව්‍යාප්තිය ය. එහෙයින් මෙකී ලැටරයිට් ජලාධාර ව්‍යාප්තිය රතුපස්වල පස්වලට යටින් පමණක් නොව, ලංකාවෙන් 5% ක පමණ වපසරියකට යටින් දිවෙන්නක් බව පැහැදිලිව පෙනේ. එහෙත් මෙතෙක් කාලයකට රතුපස්වල ඇරෙන්නට වෙනත් පැත්තක මිනිස්සු මෙයාකාර දරුණු මට්ටමක pH පාතනයකට මුහුණදුන් බවක් අපට දැනගන්නට නැත.
ගාමිණීගේ විදිලි අංක #4
ගාමිණීගේ සමස්ත ලිපියේම, pH අගය අඩුවීම යනු මහාලොකු දෙයක් නොවන බවක් නොකියා කියා තිබේ. ලංකාවේ සමහර තැන්වල pH අගය 6.0 වන ජලයද හමුවන බව එක්තරා ෆේස්බුක් විචාරකයෙක් කියා තිබිණි. මේ මැට්ටන් හට නොතේරෙන දේ වන්නේ pH යනු දශකඝාතීය පරිමාණයක් බවයි. එනම් එහි එක් අගයක සිට අනිත් අගය දක්වා වෙනස, දහගුණයකි.රූපයකින් ම බලමු. (මූලාශ්‍රය මෙතැනින්).
මේ අනුව pH අගය අඩුවීම යනු ආම්ලික වීමකි; pH අගය වැඩිවීම යනු භාස්මික වීමකි. pH අගය එකක එකකින් අඩුවීම යනු ආම්ලිකතාව දහගුණයකින් වැඩි වීමකි. ලංකාවේ හොඳම රසායනාගාර පහසුකම් වලට හිමිකම් කියන කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) වාර්තාව අනුව, රතුපස්වල ජලයේ pH අගය පවතින්නේ 3.1 හිය. පානීය ජලය සඳහා WHO විසින් සුදුසු යයි සලකන පරාසය වන්නේ 6.5-9.0 ය. (ලැටරයිට් පසේ වුව, pH අගය 6.7 න් පහළ බැසීමක් අපේක්ෂා කළ නොහැක.) pH අගය 6.5 සිට 3.1 නොව, 3.5 දක්වා බැස්සත්, එය ඒකක 3.0 ක බැස්මකි. එනම් ආම්ලිකතවේ දහයේ බල තුනක, එනම් දහස් ගුණයක වැඩි වීමකි.
එනම් දැන් අප තේරුම් ගත යුත්තේ පානීය ජලයේ ආම්ලිකතාවේ දහස් ගුණයක වැඩි වීමක් යනු අපේ උන්දෙලාට "අයියෝ සුළු දෙයක්" බව ද?
අවශේෂ විදිලි
ආමාශයේ ජීර්ණ යුෂයේ pH අගය ද 2.0 ආසන්නයේ පවතින බවද, එබැවින් pH 3.1 "ලොකු නැති" බවද සමහරු කියා තිබිණි. ආමාශයේ pH අගය 2.0 වෙලත් අපේ අමාශය විසින් අපේම දේහය දිරවන්නේ නැතිව තබාගන්නේ ආමාශයික අන්තරාස්තරයේ වන ශ්ලේෂ්මල (mucus) ස්තරය මගිනි. වැරදීමකින් හෝ මෙකී ශ්ලේෂ්මල ශ්‍රාවී ග්‍රන්ථි අකර්මණ්‍ය වුවහොත් අප, අපවම ඇතුළේ සිට එළියට දිරවා ගනු ඇත. වැරදීමකින් හෝ ඔබේ ඇඟිල්ලක් ඔබම ආහාරයට ගත්තොත් එය දිරවන්නේ නැද්ද? ඔබේ ම ආමාශ යුෂය ඔබේ මුහුණේ තවරා ගන්නට ඔබ සූදානම් ද? එසේනම් pH අගය 3.1 වන වතුර බිබීත් අවුලක් නැතිව ජීවත් වෙන්නට නම් රතුපස්වල මිනිස්සුන්ට ආමාශයේ පමණක් නොව උගුරෙන් පටන් ගෙන අන්නශ්‍රෝතයේ සිට ආමාශය දක්වාම ශ්ලේෂ්මල තියෙන්නට ඕනා වේ.
සමාලෝචනය
අවසාන වශයෙන් මෙකී සිද්ධිය සම්බන්ධ බිග් පික්චර් එක ගැනත් යමක් කිව යුතුය. ධම්මික පෙරේරා යනු මේ ආණ්ඩුවේ සුරතල් කුක්කෙකි. රුපියල් 500 න් පටන්ගෙන ජීවිතය ඇරඹු ධම්මික, කැසිනෝ ව්‍යාපාරයෙන් ගොඩ ආ ලොව කීප දෙනා අතර එකෙක් ද වේ. මෙසේ කියන්නේ පහුගිය කාලයේ පිල්ලි ගිය සක්විතිගේ සල්ලි සහ ධම්මික අතර සම්බන්ධයක් ඇතිවාටම නොවේ. ඔබට කොහොමත් දැන් සක්විති මතක තියෙන්න බැරිය. ඒ අපේ හැටිය.සිද්දියට නියම කන්ටෙක්ස්ට් එක හෙවත් සන්දර්භය දෙන්නට අපි මෙසේ අසමු. වැරදිලාවත් මේ කම්හලේ අයිතිකරු සත්ගුණවත් දානපති හෙළ බොදු උපාසක ධම්මික නොවී ෆයිසාල් අහමඩ් වුණානම් මේ ගැන රටේ ප්‍රතිචාරය කොහොම වෙන්නට තිබෙනු ඇත්ද? මෙන්න එහෙනම් අපේ සයිබර් වීරයන්ගේ (හයිපෝතෙටිකල්) ප්‍රතිචාරයක්.
මෙපමණ කලක් අපේ බිම් අඟල පමණක් උදුරාගත් කාලකන්ණි පර හම්බයින් දැන් දැන් අපේ බොන වතුර ටිකත් උදුරාගනිමින් සිටිති. එදා අප නෝලිමිට් ටොපියේ වන මැලීක් අම්ලය ගැන කී විට නුඹලා අපට සිනාසුනෝ ය. එදා අප හම්බ යට ඇඳුමේ වන වන්ධ්‍යාකරණ ඔසු ගැන කීවාම ඔබලා අපට විහිලු කළෝ ය. දැන් අපේ ඇස්පනාපිටම රතුපස්වල දී මේ කටුක සත්‍යය පසක්වෙමින් පවතී. ආදරණීය දුවේ පුතේ ඔබ බලාගෙන ඉන්නේ ලොවටම එපා වූ ඉස්ලාම් අන්තවාදය ඔබේ ගේ දොරකඩටත් පැමිණෙන තුරුද? ඔබේම ආදරණීය සොයුරන් සොයුරියන් රතුපස්වල දී හම්බයින්ගේ වස විස කලවං කළ වතුර බී මරණයට පත්වන විට ඔබට තවදුරටත් සහජීවනය යැයි කියමින් හම්බ කඩවලින් බඩු ගත හැකිද? ආදරණීය දුවේ පුතේ ඔබේ පපුවට තට්ටු කොට ඔබේ හදවතේ කොණක වන හෘදය සාක්ෂියෙන් විමසා බලන්න.
අපට ගාමිණී ගැන විශේෂ මලක් නැත. ඔහුද මේ ආර්ථික ක්‍රමයේ ගොදුරක් බවට පත් වූ තවත් එක අසරණයෙකි. කොන්ත්‍රාත් එකට නොලිව්වේ නම් ඔහුටද එක්කෝ කන්න බොන්න නැතිව ගෙදරට වෙලා ඉන්නට සිද්ද වනු ඇත. නැතිනම් කොහෙ හෝ කානු පල්ලක අවසන් ගමන් යන්නට සිද්ද වනු ඇත. ඔහුට ඔහුගේ පුක විකුණන්නට ඇති අයිතිය අපි ප්‍රශ්න නොකරමු. මරාන්ඩුවේ මේ ආශ්චර්යවත් යුගය තුළ සෑම කටකට මෙන්ම සෑම පුකකටමද මිලක් තිබේ. (කටේ කතාව කියවා නැත්නම් මෙතැනින්) ලැටි පුකවල්, තඩි පුකවල්, බෞද්ධ පුකවල්, ඉස්ලාම් පුකවල්, යුරෝපීය ඇඳුමෙන් වැසුණු පුකවල්, කුර්තාවෙන් වැසුණු පුකවල්, චීවරයෙන් වැසුණු පුකවල්, බුර්කාවෙන් වැසුණු පුකවල්, මොකකින්වත් නොවැසුණු පුකවල්, මේ ඈ විසින් නානප්‍රකාර පුකවල් රාශියක් තිබේ. මේ සෑම එකකටම මිලක් ද තිබේ.
හොඳම උදාහරණයක් ලෙස රතුපස්වල සිද්ධියට පෙර හා පසුව මෙරට ආගමික පරිසරයේ හැසිරීම ගනිමු. මේ සිද්ධියට මිනිසුන් කුලපු කළ කීප දෙනා අතර පන්සලේ හාමුදුරුවෝ ද වූහ. පල්ලිය හෝ පියතුමා මේ සිද්ධියට වචනයක් කීවේ නැත. එහෙත් වෙඩි කාපු විගසම මේ දෙපැත්ත අංශක 180ක් කරකැවී, හාමුදුරුවෝ ආරක්ෂක ලේකම් ගේ ගුණ වයන්නටත්, පල්ලියේ පියතුමා පල්ලියට වැදුණු වෙඩි පාරවල් අන්තර්ජාලයට මුදාහරින්නටත් කටයුතු කරමින් සිටිති. එසේනම් අප තේරුම් ගත යුත්තේ සෑම පුකකටද අදාළ උත්තේජන පවතින බවයි. යම් පුකක් ප්‍රතිචාර දක්වන්නේ ඒ පුකට සංවේදී උත්තේජනයට පමණි. එනම් පුකවල් වලටද තමන්ටම ලාක්ෂණික වූ අනන්‍යතාවක් තිබේ.
ගාමිණී ගේ පුක මින් එකක් පමණි. ඒක ද මහලොකු පුකක් නොවේ. අද්‍යතන සමාජගත පුක් සන්දර්භය තුළ ඉතාම ලෑටි පුකකි. එහෙත් ඒ පුක තුළින් මතුවන දෑ ට වටිනාකමක් තිබේ. මන්ද අප මෙන් නොව, ගාමිණී ගේ පුක වසුරු හලන්නේ සහ එය පිහදමන්නේ මේ රටේ ජාතික පත්තරයකින් බැවිණි.
අපේ දේශය පුරා විසිරී සිටින සියලු පුක්කරුවන් සම්බන්ධ කරගනිමින් අපේ ගාමිණී සුමනසේකර ගයන මේ ගීතය ඔබට පිරිනමමින් අපි අදට නවතිමු. මේ ලිපියේ දෙවන කොටස ලියා අවසාන වූ පසු යළි හමුවෙමු.
මේ පුක මගෙ පුක - මා විකුණන පුක
පඩින රෙවන පුක - මගේම ගූ පුක
රතුපස පොළොවෙන් - වස ෆැක්ටරියෙන්
වෙඩි සැර වැදියන් - මිනිසුන් මැරියන්
මට මොකටද මම විකුණමි මගෙ පුක
(ටිං.. ටිං.. ටිං.. ටිං..)
කහවණු යහමින් - මට ලැබෙනව නම්
ලියනෙමි පච මං - ඔබ කියවයි නම්
දෙන්නට මට ඇති එක පුක මේ පුක
(ටිං.. ටිං.. ටිං.. ටිං..)










