එඩ්වඩ් ස්නොඩන් යනු වීරයෙකි. ඊට සැකයක් නැත. ඔහු පිළිබඳව අපේ අරුණි අක්කණ්ඩි ලස්සන ලිපියක් ලියා තිබිණි. විසිල් ගැසීම යන්නෙහි දේශපාලනික අර්ථය නොදන්නා අයෙක් වේ නම් ඒ ලිපිය මෙතනින් කියවිය හැකිය.
එහෙත් අපේ වීර ෆුතාලා හට ඌ වීරයෙක් වුණේ ඔය අහවල් හුචක්කුවක් නිසා නොවේ. NSA යනු කුමක්දැයි මුන් අහලාවත් නැත. ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකකට අධික මාසික වැටුපක්, රූප සුන්දරියක් වැනි කෙල්ලක් සහ ලෝකයේ ඕනෑම රට ඕනෑම තැනකට ටන්නට පූර්ණ වරමක් සහිත තනතුරක් අතහැර දමා ඒ කොල්ලා ආවේ ඇයිදැයි මුන්ට වැදගත් නැත. මුන්ට වැදගත් එකම දේ ජීවිතයේ එකම ඒක වරක් ස්නොඩන් බුදු බණක් අසා ඇති බව සහ ඔහු ඊට කැමති බවට කළ ප්‍රකාශයයි. ඒ ටිකට අපේ එව්වෝ ඌට සිංහල කෙල්ලක් බන්දා දීමට ද සූදානම් ය. බොරුනම් බලන්න.
උපුටාගැනීම සිහ සැරිය නම් (ජාතියට ආතල් සපයන) පිටුවෙනි.
මේ ගැන අපේ බ්ලොග් අවකාශයේ කෙල්ලන් සහ කොල්ලන් (ඇන්ටිලා සහ අන්කල්ලා) කීප දෙනෙක් අතර මෙන්න මෙවැනි සංවාදයක් ඇතිවිය.
~~~~~~~~~~~~~~~~
නලිනි චන්දිමා අක්කා වෙත ලියමි.අක්කි, මම මේ ගත්තෙ ගෑනු ළමේක්ට ලේසියෙන් ගන්ට පුළුවන් තීරණයක් නෙමී.මේක අක්කි සහෝදරත්වය වෙනුවෙන් කොරන සිරා පරිත්‍යාගයක්. ඉස්නෝඩන් අයියාව ඔයාට දෙන්න මම හිත හදාගෙන ඉවරායි.මම එහෙම කළේ අක්කි, මගේ අයි ඊ එල් ටී එස් ළකුණු මදි නිසයි. සුජීව කොකාවල කිව්වා ඇකඩමික් මොඩියුල් එකේ 7 ක් ස්කෝර් කළේ නැත්නම්; මේ මඟුල කෙරෙන්නෑ කියලා.
මට තියෙන්නේ 6.5 අක්කි. මට එයාව ආදරෙන් හැන්ඩ්ල් කොරන්න කොහොමටවත් බැහැ. බිලීව් මී ප්ලීස්.
යූ ටේක් හිම් අක්කි. හැව් අ ගුඩ් ටයිම්. යූ කැන් ස්කෝර් අ ඩීසන්ට් අයි ඊ එල් ටී එස් බෑන්ඩ්.එයාව මැරි කරලා හන්තානෙ පුංචි ගෙයක් හදන් ජීවත් වෙන්න අක්කි. හැබැයි, ජීවිතේ කිසිම "රහසක්" ඕකාට කියන්න එපා.ඌ රහස් රකින්න පුළුවන් එකෙක් නෙමී.
මීට,
නදීෂා චන්ද්‍රසේන
~~~~~~~~~~~~~~~~
එඩ්වඩ් ස්නෝඩන් මල්ලියේ....
මල්ලි උඹ නම් මතු බුදු වෙන්ඩ ඕනෑය...!...රුපියල් විසි තිස් දාහක සොච්චම් පඩියකටත් හෘද සාක්සිය පාවා දෙන පරඬැල් ආත්ම පාරෙ ඇවිදින යුගයක, ඩොලර් ලක්ෂ ගාණක පඩියක් එක්ක ජොබ් එකක්, ලෝකයේ ඕනම රටකට ඕනමව වෙලාවක යන්න එන්.එස්.ඒ ක්ලියරන්ස්, පට්ටම සෙක්සි කෑල්ලකුත් වොෂිංටන් වල ගෙයක් සහ කොළරාඩෝ වල කඳුකර නිවාඩු නිවාසයක් යන සියල්ලට පයින් ගසා මහ ජනතාව වෙනුවෙන් හෘද සාක්ෂියට සවන් දුන් උඹට මතු බුදු වෙන්න ඒ පිනම ඇතිය...!...
මල්ලියේ, උඹට දැන් වෙච්ච හරිය හොඳටම ඇතිය...!...මේ තරම් සැප සම්පත් තිබුණු උඹ අද එයාපෝට් එකක දේශපාලන අනාථයෙක් ලෙස වේටිං ඒරියා එකේ බංකු උඩ නිදියන එක විෂ්ණු බටකොළ කෑවාට වඩා කිරිමෙල් කේස් එකකි...එහෙම එකේ උඹට තව කරදර වෙනවාට අපි කැමති නැත....මල්ලියේ උඹ ඔය ඉන්නේ ලෝකයේ ලස්සනම කෙල්ලන් ඉන්නා රටේ එයාපෝට් එකේය....මොන ජිල්මාට් එකක් හරි දමා ඔතනින් එළියට බැස්සොත් උඹේ පබ්ලිසිටි එකේ හැටියට සහ ලුක් එකේ හැටියට උඹට හිමේ පිපුණු රෝස මලක් වගේ ලස්සනම ලස්සන කෙල්ලෙක් පට්ට ෂුවර්ය....අඩුගාණේ එහෙම බැරි නම් වෙනිසියුලාව උඹට ඔෆර් කරන එසයිලම් එක අරගෙන එහෙටවත් පැනපියය....ලතින් ඇමරිකන් කෙල්ලෝ කොච්චර ලස්සනදැයි උඹ වගේ ලෝකය කා වතුර බිව් ඔස්තාර් කෙනෙක්ට අපි කියා දෙන්නට ඕනෑ නැතිය...ඔය රටවල් වලදි උඹට එක කෙල්ලෙක් නොව සවුදියේ ෆහාඩ් රජු සේ කෙල්ලෝ මාලාවක් කරේ දාගෙන ඉන්න පුලුවන් ඩයල් එකක්ය....
උඹට එහෙම පොටවල් දෙකක් පෑදී තියෙද්දී මේ හැප්පිච්ච බස් වලට සහ කඩන් වැටුණු ඇන්ටනෝව් වලට කර ගහන්නට තරම් උඹ පෙර කරුමයක් කරලා ඇතැයි අපි හිතන්නේ නැත...!
මේ වගට,
දමිත් කේතක
~~~~~~~~~~~~~~~~
නලිනි අක්කි,
පිරිමි හෙනම කුහකය. අපි "අපේය" කියා ආශ්‍රය කර තිබෙන්නේ කුහක පණුවන්ය. අනගාරික ධර්මපාල තුමන්ලා රට හැර ගියේ මුන් නිසාය.
අපිට වදින්නට තිබ්බ රොම්බ චෑන්ස් එකක් මූ ගේ ඉරිසියාවන්ත කම නිසා දැන් ගිලිහෙන්නේය.
සුනිලා අබේසෙකර හා ශාන්තිනී කෝන්ගහගේ ගේ මොබයිල් නම්බර්ස් මට හනික් ටෙක්ස්ට් කරන්න.
මීට නදියා.
~~~~~~~~~~~~~~~~
නදී නංගි,
මං ඉපදුණුදා ඉඳන් කියෙව්වෙ බෞද්ධ පොත් නෙවේ, රුසියන් පොත්. එහෙව් එකේ බෞද්ධ කැරලි තියා මොනවා කළත් අමෙරිකන්කාරයෙක්ටනං මයෙ හිත නැමෙන්නෙ නැත. ඊට වඩා මං රුසියන් උගුල්වලට කැමතියි. නංගි දකුණෙ කෙල්ලෙක්, සිංහල බෞද්ධ වීරවරියක් කියල හිතලයි නංගිට යෝජනාව කරේ. නංගි ඔය කොකාගෙ බොරුවලට අහු නොවී, ඒ මල්ලිට සිංහල උගන්නලා, සන්තෝසෙන් ඉන්ඩ.
මීට නලිනි.
~~~~~~~~~~~~~~~~
අක්කි,
මං පුංචි කාලෙ ඉඳලා සුද්දොන්ට අකමැතියි.මූලිකම දේ උන් කියන එව්වා ඉස්සර ඉඳන් මට තේරෙන් නෑ.අනික උන්ට කිසි දෙයක් හිතේ තියන් ඉන්න බෑ. වටේටම කියවනවා. මේ ශුද්දාත් එහෙම තමයි. මූව බැන්දොත් මූ අපේ පවුලෙ උන්ගෙ හම අරිනවා අවුරුද්දක් ඇතුළත.අනේ මට නන් එපා සුද්දො.
මීට නදියා.
~~~~~~~~~~~~~~~~
ඇමරිකාවේ "නලා පිඹීන්නා" (Whistle blower) ලෙස විරුදාවලිය ලත් එඩ්වඩ් ස්නෝඩන් රුසියානු ගුවන් තොටුපලක තාවකාලික නවාතැන හැර දමා අද දින සිය මවුරට බලා පිටත් විය. ඇමරිකාවේ ආරක්ෂක රහස් හෙළිදරව් කිරීම නිසා ආරක්ෂක මුරකාවලින් මිදී පලා ගිය ඔහුට එරෙහිව ඇමරිකාව වරෙන්තු නිකුත් කර තිබුණි.
හදිසියේම තම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් ගුවන් යානයට නැගීමට පෙර රුසියානු පුවත්පතක් සමග අදහස් පල කල ඔහු පවසා සිටියේ තමන්ට සමාව නොලැබෙන බව හොඳාකාරවම දන්නා බවයි. එහෙත් තමන් බෞද්ධයෙකු ලෙස ප්‍රසිද්ධ කර කිසිවෙකු මුහුණු පොතෙහි දමා තිබු මංගල යෝජනාවකට ශ්‍රී ලංකාවේ බෞද්ධ කාන්තාවන් දෙදෙනෙකුගේ ප්‍රතිචාර ලැබුණු බවත් වහා ඇමරිකාවට පලා යාමේ තීරණයට හේතුව එය බවත් ඔහු පැවසීය. මේ දෙදෙනා හෝ කෙනෙකු හෝ සමග ජීවත් වීමට වඩා ඇමරිකානු සිර මැදිරියක ගෙවන ජීවිතය තමන් මහත් සේ අගයන බව ද ඔහු පවසා සිටියේය.
ඕස්ට්‍රේලියාවේ සිට විශේෂ වාර්තාකරු,
සුජීව කොකාවල
හිනා වෙනු පිණිස ලීමි. දැන් නිදා ගන්නට යමි.
