පසු සටහන: Anonymous One Orig නමින් බ්ලොග් ලෝකයේ පෙනී සිටින්නේ ද මේ අමනයා ම බව සහෘදයෙක් අපට දන්වා සිටියි.
![]() |
| සිංහ-අලි ප්‍රියන්ත ඇබේ මහතා සිය බුකියේ යොදා ඇති ඡායාරූපය |
සාමාන්‍යයෙන් ආතල් එකක් ගන්නට දිනපතා බුකි සංවාද වලට ගොඩ වැදුණත්, මෙවැනි ආතල් සංවාදයක් මින්පෙර කිසිදා මා දැක නැති බව සහසුද්දෙන්ම කිව යුතුය. මන්ද යත් පිස්සෙක්, සිය පිස්සුව සාධාරණීකරණය කරගනු පිණිස කරන උප්පරවැට්ටි එකින් එක ලෙහා දමා උගේ පිස්සුව හෙළි කිරීමද එක්තරා ආතල් එකක් ම වන හෙයිනි. එහෙත් පාට රෙදි හත්පට එතු ගොක්කොළ ගිරවකු ලෙහා බලා ඇතුළත කිසිත් නොදක්නා දරුවකු සෙයින් බලාපොරොත්තු කඩවීමකට මෙහිදී මා නම් ලක් වුයේ නැත: මන්ද අපේ සිංහ-අලි මහතා දිගින් දිගටම ආතල් දෙන්නට සැදී පැහැදී සිටි නිසා ය.
අපේ ඇබේ මහතා අපූරු තියරියක් ගෙන ඒයි. එනම් "මුසල්මානු" යන්න තැනී ඇත්තේ "මූසල්-මෙන්" යන ඉංග්‍රීසි වචනයෙන් ලු. ඒක හැදුනේ මූසල යන සිංහල වචනයෙන් ලු. මෙන්න ඔහුගේම වචන:
මේවාට හිනා වෙන්නට ඕනෑන්නේ කටෙන් නම් නොවන බව කාට වුණත් සක්සුදක් සේ පැහැදිලි ය. කෙසේ වෙතත් අපේ සිංහ-අලි මහත්මා ගේ දැනුම පිණිස, අපි ඇත්තටම මුසල්මානු යන වචනය හැදුණු හැටි ලියා දැක්වීමු.
ඕනෑම භාෂාවක ශබ්ද මූල තිබේ. අරාබි භාෂාවේ ඇත්තේ ත්‍රියක්ෂර මූල (tri-letter roots) ය. දැන් අපි උදාහරණයක් සැලකුවොත් K-T-B ("ලිවීම") කියන එකම මූලයෙන්, KiTaB / කිතාබ් ("පොත"), KaTaBa / කතාබා ("ඔහු ලීවේය"), KiTaBat / කිතාබාත් ("ලිවීම / ලේඛනය") taKTiB / තක්තීබ් ("ලියන්නට ඉගැන්වීම") ආදී වචන ශ්‍රේණියක් නිර්මාණය වේ.
SLM යනු තවත් එවැනි මූලයක් වේ. එහි අර්ථය වෙන්නේ "සම්පූර්ණ වෙනවා" යන්නයි. ඔය එකම මූලයෙන් ඉස්ලාම්, මුස්ලිම්, මුසාලීම්, ඉස්ලාමී, ඉස්ලිම්, ඉසාලීම් ආදී වචන ශ්‍රේණියක් නිර්මාණය වේ. ඒ මිසක් මෙතැන ඔය "මූසල" කතාවක් ලොවෙත් ගෑවිලාවත් ඇත්තේ නැත. මූසල යනු ද සකුවෙන් "මූශල" යන්නයි. හරිනම් "මූසල" යනු පිරිසිදු සිංහල වදනක් වත් නොවන්නේ ය.
අදාළ වචනය ගැන අන්තර්ජාතික අරාබි-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ සටහන් වෙන්නේ මෙන්න මේ ආකාරයට ය.
The word muslim (Arabic: مسلم, IPA: [ˈmʊslɪm]; English /ˈmʌzlɨm/, /ˈmʊzlɨm/, /ˈmʊslɨm/ or moslem /ˈmɒzləm/, /ˈmɒsləm/[19]) is the participle of the same verb of which islām is the infinitive, based on the triliteral S-L-M "to be whole, intact".[20][21] A female adherent is a muslima (Arabic: مسلمة). The plural form in Arabic is muslimūn (مسلمون), and its feminine equivalent is muslimāt (مسلمات). The Arabic form muslimun is the stem IV participle[22] of the triliteral S-L-M
නොදන්න පයන්නවල් අතගාන්න ගෙහුං රෙද්දේ රෙවාගන්නවා කියන්නේ මෙව්වට ය!
භාෂාවන් අතර වචන හුවමාරු නොවන්නේ යැයි අපි නොකියමු. සංස්කෘත මාතෘ, පිතෘ, දුහිතෘ යන වචන තුනම එලෙසින්ම, mater, pater, daughter ආදී වශයෙන් අදටද රෝමානික භාෂා වල දක්නට ලැබේ. අමතරව, අරාබියෙන් වෙනත් උදාහරණ ලෙස,
අරාබි "al-kuhl" > ඉංග්‍රීසි "alcohol"
සකු "ඉභ" (ඇතා) > අරාබි "al-ib" > සිංහල "අලියා" (මූලාශ්‍රය JRP සූරියප්පෙරුම)
ද දැක්විය හැකිය.
මූශල යන්න සකු වදනකි. එයත්, ආරාබික "මුස්ලිම්" යන්නත් අතර මොනම මළ කෙහෙල්මල් සම්බන්ධයක් හෝ නැත. තිබුණා නම් සොයා නොගෙන ඉන්නේ ද නැත. එසේ කියන්නේ ඇයි?
බාබෙල් කුළුණ (Tower of Babel) නමින් බයිබලයේ එන පුරාවෘතයක් ඇත. ඉන් කියැවෙන්නේ, මුලින් එකම භාෂාවක් කතා කළ ජනතාව, පසුව භාෂා ගණනාවකට බෙදී වෙන ගිය බවක්. එනිසා, ඔය කියන "සියලු භාෂාවන්ගේ මාතෘ භාෂාව" සෙවීම, බටහිර දේවධර්මවාදීන්ගේ ලොකුම ඉලක්කයක් වී තිබිණි. හොයාගෙන හොයාගෙන ඇවිත් ඔවුන් නැවතුණේ සංස්කෘතයේ ය. සංස්කෘත භාෂාවේ අඩුම ගණනේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තිබේ. එකක් Classical Sanskrit හෙවත් සම්භාව්‍ය සංස්කෘත ය. අනික Vedic Sanskrit හෙවත් වෛදික සංස්කෘත ය. මෙන්න මේ වෛදික සංස්කෘත බස ය, අදට ජීවත්ව ඇති ඉන්දු ආර්ය භාෂාවලින්, ප්‍රාථමිකම සහ පැරැණිම එක ලෙස ගැනෙන්නේ.
ඒ නිසා මුස්ලිම් යන වචනයට සකු මූලයක් තිබ්බා නම්, බටහිර දේවධර්මවාදීන් ඕක හෝද හෝද මඩේ දමමින් පට්ට ගහනවා මිසක් හංගාගෙන ඉන්නට හේතුවක් නැත.
කෙසේ වෙතත් අපේ "සිංහ-අලියා" හට නම් තවත් ආතල් නිමක් නැත. මෙන්න ඔහුගේ පිළිතුර.
අපි මේ පච වට්ටෝරුවත් සලකා බලමු.
1. මුශල යන වචනයට "හතරවන දරුවා" යන තේරුමක් ලොවෙත් නැත. මෙකී ප්‍රියන්ත නම් වූ ඇබයා මෙන් නොව අප නම් කතා කරන්නේ මූලාශ්‍ර සහිතව ය. සාමාන්‍යයෙන් සකුබස පිළිබඳව ලොව පිළිගත් ඉහළම ශබ්දකෝෂය වන මොනියර් විලියම්ස් ශබ්දකෝෂයේ, මුශල යන්නට අරුත් දැක්වෙන්නේ මෙසේ ය.
අදාළ ඡායාරූපය කුඩා නම් ඒ මත ක්ලික් කිරීමෙන් විශාලිත පිටපතක් ලබාගත හැකිය.
මේ අනුව "මුශල" යනු වෙන මොකක්වත් නොව, මොල්ගසක් බව පෙනේ. වී කොටන්නට ගන්නා වී නංඩුව හෙවත් මුසින්නට ය, මුශල කියන්නේ. හැබැයි අපේ සිංහ අලියා වැනි "මෝල්" ගසකට නම් ඒ නම වඩාත්ම ගැළපේ.
2. Mosul නගරයට ඒ නම ආවේ කෙසේද? Mosul යනු මුස්ලිම් යන වචනයත් සමග මොනම සම්බන්ධයක් වත් ඇති වදනක් නොවේ. එහි තේරුම වෙන්නේ සංධිස්ථානය ["The City (that) Connects"] යන්නයි.
ක්‍රි.ව. අටවන ශතවර්ෂයේ දී මොසූල් නගරය උමයියාඩ් රජ පෙළපත යටතේ මෙසපොතේමියාවේ අගනගරය වුණාට පසුව, ඔතැන සිට ලෝකයේ හැම අස්සකට මුල්ලකටම වෙළෙඳ මාර්ග ව්‍යාප්ත විය. අන්න ඒ නිසාය, ඊට "සංධිස්ථාන" නගරය යන නම ලැබුණේ. නැත්නම් එහි මුල නම වෙන්නේ al-Faiha ("දිව්‍යලෝකය") නැත්නම් al-Khaḍrah ("හරිත නගරය") යන්නයි. ඒ මිසක් මුස්ලිම් වෙච්ච නිසා මොසූල් කියා නමක් නම් කොහෙන්වත් ආවේ නැත. ලෝක ඉතිහාසය ගැන මෙලෝ මළදානයක් නොදන්නා අමන ගොබ්බයෙක් රටෙත් ඉන්නට බැරිව පළාගොස්, ඉන්න තැනකට වෙලා කරන ජොබ් කට්ටක් කරගෙන නොයිඳ අර්ථ නිරුක්ති දෙන්නට ගියාම මෙවැනි අනාගැනීම් සිද්ද වීම ස්වාභාවික ය.
3. තමිල් නාඩු යනු දෙමළ භූමිය යන අරුත් දෙයි. ඔවුන් සහ මුසල්මානුවන් අතර මොනම ආකාරයක වත් පෙළපත් සබඳතාවක් නැත. තමිල්නාඩුවේ ඉන්න දෙමළු මේ ටික දැක්කා නම් (උදා: "එළාරත් මූසලයෙක්") ඔස්ට්‍රේලියාවට ගොස් මේ ගොබ්බයා ගල් ගසා මරාදමනු ඇත.
දියසේන විකුණන් කෑම
ඊළඟට, අවසාන වශයෙන් අපේ ගොබ්බ මහතා සිය බ්ලොග් පඩංගුවේ මෙන්න මෙහෙම ලිපියක් ලියා තිබේ. ඔහු සිය කරුණු කාරණා වලට දෙන්නේ මෙන්න මේ මූලාශ්‍රය ය.
අවවාදයයි! බඩේ කෑම තියාගෙන මේ ලිපිය කියවීම වමනයට ඒමට හේතුවක් විය හැකිය. ගෙදර පොඩි බබාලා වෙත්නම් මෙය කියවන්නට එපා. හැකිනම් තනිව කියවන්න. නැත්නම් ඔබේ සිනාවට බය වී බබ්බු ඇහැරීම හෝ, සිනාව නවත්වා ගැනීමට නොහැකි වීම නිසා ඔබ පිස්සෙක් යැයි සිතා ඔබව මානසික රෝහලක නැවත්වීමට ඉඩ තිබේ.
1. ලිපිය ලියන්නා මෙසේ කියයි.
//වර්ෂය ඇරඹෙන දිනයන් ගේ වෙනස, මේ මාතෘකාව යටතේ ඇති දත්ත විග්‍රහ කිරීමට අවබෝධ කර ගත යුතු ය. මේ ලිපිය ලියන්නේ ග්‍රේගරියන් වර්ෂ ක්‍රමයට අනුව 2013 පෙබරවාරි (02) මුල දිනයක දීය. අපි සියලු දෙනාම 2013 වසරට පා තබා ඇතැයි සිතමු. එහෙත් ග්‍රේගරියන් වර්ෂ ක්‍රමයට අණුරූප වූ සිංහල (මනු වර්ෂ අතහැර ග්‍රේගරියන් වර්ෂයට අණුරූප වසර එම ගණනින් ම ගත් විට) වසර, එනම් සිංහල වසර 2013 ලබන්නේ ලබන අප්‍රේල් 12-13 දින දී ය. මේ ලියන දින වකවානුව අයත් වසර වනුයේ සිංහල වසර 2012 ය. එසේ නම් ආදි සිංහලයන් කී දෙයක් පරිවර්තනය කර, අණුරූප වසර 2013 අප්‍රේල් මස පහ (05) දින සිදු වේ යයි කීවේ නම්, අප එම දිනය කියන්නේ තව මාස දෙකකින් (02) එන අප්‍රේල් පහ (05) ලෙස ගත හොත්, සැබැවින් ම අප කතා කරන්නේ අණුරූප සිංහල වසර 2012 දී වන දෙයක් නොවේ ද? //
සරලව කියන්නේ නම්, මේ කියන්නේ ග්‍රෙගෝරියන් වර්ෂ 2013 ට අනුරූප වන සිංහල වර්ෂය සොයන්න කියා ය. එනම්, දියසෙන් කුමරු උපදින්නේ ඔහු උපදිනවා යැයි කී 1959 අප්‍රේල් 05 දින උදේ 06.06 (එනම් මධ්‍ය සුර්යෝදයාදී පැය 00.00) ට නොව, ඊට අනුරූප "සිංහල" දිනයට ලු. එනම්, (ඔහු කියන විදියට) "1958 අප්‍රේල් මස පහ දින උදේ 06.06" ඉපදුන කෙනෙක් ලු සෙවිය යුත්තේ.
හිනා යන්නට පටන් ගන්නේ දැන් ය. එනම්, ග්‍රෙගෝරියන් කැලැන්ඩරය වනාහි ටිකෙන් ටික ""පස්සට"" යන කැලැන්ඩරයක් මිස, ශකරාජ වර්ෂමානය මෙන් ටිකෙන් ටික ""ඉස්සරහට"" යන වර්ෂ ක්‍රමයක් නොවීමයි. ඒ කියන්නේ දෙනලද ඕනෑම මොහොතක, ශකරාජ වර්ෂය නිවරදි සූර්යමානය අනුව ගියත්, ග්‍රෙගෝරියන් කැලැන්ඩරය එන්නේ ඊට "පසුපසින්" මිසක "ඉදිරියෙන්" නොවීමයි. (වතාවක් ඔහොම දින පස්සට යාම නිසා ග්‍රෙගෝරියන් කැලැන්ඩරේ දින 11ක් කපා ඉවත්කොට, හරිගස්සා තිබේ. [Thursday, 4 October 1582 was followed by Friday, 15 October 1582, with ten days "missing". ]. එනිසා ඔය කතාව හරිම කියා කීවත්, එහෙනම් අදාළ "සිංහල" දිනය වන්නේ 1960 අප්‍රේල් 05 මිස, 1959 අප්‍රේල් 05 නොවේ.
2. ගණන් හදල මහන්සි නම් මෙන්න මේ ටික බලල හිනා වෙන්න පුළුවනි.
//අද දියසේන යන නම භාවිතයේ නැත්තේ නූතන වචන රටාව වෙනස් වීම නිසාය. ආදි කල, දියසේන යනු දිය දෙන කෙනා යයි අරුත් ගති. එකල දිය යයි කී දෑ සුළු දිය මගින් තහවුරු වේ. ඒ අනුව, දිය යනු අද වහරෙන් ශුක්‍ර ධාතු ලෙස ගත හැක. මෙහි දී අදහස් වනුයේ පියා (තාත්තා) යයි කීම ය. පියා යන වදන දිය යන්නෙන් බිහි වූ බව පෙනේ. කලින් ලිපියක තාත්තා යන වචනය ගැන කීවෙමි. එසේම දිය යයි වතුරට ද කියවේ. එකල වතුර ජීවිතයත්, ගින්න මරණයත් සනිටුහන් කලේ, කැළෑ ජීවිතයේ දී ජීවිතය රැකෙන්නේ වතුර ලැබුනොත් පමණි. එසේ නම් දියසේන යනු වතුර සොයාදෙන කෙනා හෙවත් ජීවිතය දෙන කෙනා යයි කිව හැක. අද ද මාතර පෙදෙසේ පියසේන (පියා+කෙනා) සිංහල ගම්වල බහුලව යොදන පිරිමි නමකි. වචන ව්‍යාප්ති විදි අනුව ආදි සිංහලයන් කී දියසේන සෙවිය යුත්තේ එම නමින් නොව එහි නූතන වදන වන පියසේන යෙදීමෙනි.//
දියසේන යන වචනය එන්නේ කොතනින්ද යන්නවත් මේ ලියන්නා නොදනී. ඔය වචනය එන්නේ පැරකුම්බා සිරිතෙනි. එනම්
"ගියකල දෙදහස් පන්සීය.. රජෙක් එතැයි දිය නා" යන්නෙනි.
එනම්, මෙහි අරුත වන්නේ මේ කවියට අදාළ සංවාදය කෙරෙන දිනයේ සිට ඉදිරියට වසර 2500ක් ගතවූ තැන ලෝක නායක රජෙක් එන්නේය කියා ය. දිය යනු ජගත් යන්නෙන් බිඳුනකි. දියනා යන්නෙහි අරුත වන්නේ ලෝක නායක යන්නයි. (අවශ්‍ය නම් වතුර නාගෙන යන අර්ථය ද පහසුවෙන්ම ගන්නට තිබිණි). ඔය වචනය දියසේන කළෝ නම් ටීකාචාරීහු ය. එනම් "ලෝකයම එක සේනාවකට ගන්නෝ ය" යන අරුතිනි. දෙකම එකම අරුතය. දුර්බුද්ධික ජනයා වනාහි මෙය හුදෙක් සංඥා නාමයක් ලෙස වරදවා ගෙන, දියසේන නමින් ඇත්තටම රජෙක් වන්නේ ය කියා සිතීම ස්වභාවිකය.
එහෙත් දියසේන, පියසේන කළ ආකාරය දුටුවිට මා අන්දමන්ද වී ගිය බව අමුතුවෙන් කිවයුතු නැත. එසේම ඔහු කියන ආකාරයට, //දිය යනු අද වහරෙන් ශුක්‍ර ධාතු ලෙස ගත හැකි// නම් වැරදිලාවත් මේ මනුස්සයාගේ ගෙදරට ගිය එකෙක් "දිය පොදක්" ඉල්ලුවොත් වෙන්නේ හරිම හත්වලාමකි!
3. උඩ කී බ්ලොග ලියන්නා ගේ භූගර්භ විද්‍යා දැනුම අප විස්මයෙන් අමන්දානන්දයට පත්කරයි. මෙන්න ඔහුගේම වචනයෙන්.
//ගිය වසරේ සිංහල අවුරුදු උදාව සමඟ යම් සුවිශේෂ භූමි කම්පනයක් ඇති විය. තම සුපුරුදු අමනකම ලොවට හඬ ගා කියන ආචාරියන් තිදෙනකු එය ගිණිකොණ දෙස ඇති වූ තිරස් තල ගමනක ප්‍රථිඵලයක් යයි කීහ. එහෙත් පැය 24ක් තුල රටාවකට සියලු භූ විවර කම්නය වූයේ ඒ නිසා යයි කීම විහිළුවකි. එසේ නම් සුනාමිය උදා කල මහා කම්පාව දෙරණ කෑලි වලට කැඩිය යුතු නොවේ ද? බොහෝ අසිරිමත් දෑ වන බව දැන දැන නොකියා සිටීමට සිදුවේ. මේවා අද්භූත දෑ ද නොවේ. අප එම සිදුවීම දියසේනයන් තමන් කවුදැයි දැන ගැනීමට සැකය දුරලීමට කල දෙයකැයි කියමු. මීට වසර කිහිපයකට පෙර සිංහල රට ලොකු කර ජනගහණය මිලියන හාර සියය දක්වා වැඩි කිරීම අවශ්‍ය යයි කී කතාවට පසු, ගිණිකොණ දෙස ඇති වූ පැළීම සුභ ලකුණක් සේ පෙනේ. අප මිථ්‍යාවන් යයි බැහැර කරන දේ මගින් කියන්නේ අපේ නොදැනුම මිස වෙන යමක් නොවේ.//
පළමුව මේ සිද්ධියේ ඇත්ත නැත්ත විමසමු. ලිපිය ලියා ඇත්තේ 2013 පෙබරවාරි මස 08 වන ශනිදා ය. ඒ කියන්නේ මොහු කතාකරන සිංහල අවුරුද්ද වනාහි 2012 වසරේ සිංහල අවුරුද්ද විය යුතුය. මා ළඟ 2012 ලිත නොතිබූනත්, සුළු වෙහෙසකින් පසුව 2012 අලුත් අවුරුද්ද ලැබූ දිනය සහ වෙලාව සොයා ගතිමි. ඒ, 2012 අප්‍රේල් මස 13 වන සිකුරාදා අපර භාග 07.20ට ය. (මූලාශ්‍ර දී තිබේ).
දැන් ඇත්තේ ඔය කියන දිනයට, ලංකාවට දැනුණු යම් භූ චලනයක් වේදැයි සෙවීමය. එයද එතරම් අපහසු කරුණක් නොවී ය. ඒ අනුව 2012 වසරේ අප්‍රේල් මාසයටම ලෝකයේ රික්ටර් පරිමාණය 3.0 ට වඩා විශාල (එනම් යම්තමින් හෝ මිනිසුන්ට දැනෙන) භූකම්පන සිදු වී ඇත්තේ 9ක් පමණි. [මූලාශ්‍රය World Earthquakes Live]
- April 28 TONGA 1
- April 21 INDONESIA 1
- April 17 CHILE 1
- April 17 PAPUA NEW GUINEA 1
- April 14 VANUATU 1
- April 12 CALIFORNIA 1
- April 11 SUMATRA 2
- April 11 MEXICO 1
මින් අප්‍රේල් 13 ආසන්න ඒවා පමණක් ගනිමු. එසේනම් ඊට අයත් වන්නේ අප්‍රේල් 11-12-14 දිනවල සිදු වූ ඒවා පමණි. අප්‍රේල් 11 මෙක්සිකෝවේ එකවත්, අප්‍රේල් 12 දින කැලිෆෝනියාවේ එකවත් අප්‍රේල් 14 දින වනවාටු වල එකවත් ලංකාවට දැනෙන්නට විදියක් නැත. එහෙනම් මේ කියන්නේ අප්‍රේල් 11 සුමාත්‍රා හි භූ කම්පනයයි.
ඊළඟට අපි ඒ ගැන සොයා බලමු.
2012 අප්‍රේල් 11 දින සුමාත්‍රාහි භූ කම්පන දෙකක් සිදුව ඇත. ඒ දෙක, රික්ටර් පරිමාන 8.2 හා 8.6 වන ප්‍රබල ඒවා වේ. මේ දෙකම සිදුව ඇත්තේ පොළොවට කිලෝමීටර් 22.9ක් පහළිනි. එය ලංකාවට දනී ඇත්තේ එදිනම පස්වරු 2.8.38 ට ය. [Wednesday, April 11, 2012 at 02:08:38 PM - Delhi, Bombay, Calcutta]. මෙන්න එහි වාර්තාව.
//At least 2 people killed, 8 others died from heart attacks and 12 injured in Aceh. Felt in much of Sumatra and Java. Felt widely in South and Southeast Asia, including Bangladesh, Brunei, Burma, India, Maldives, Sri Lanka, Thailand and Vietnam. Felt as far as Pune, India and Broome, Australia. A 31-cm tsunami was recorded at Meulaboh, Indonesia.//
දැන් අපි Abe ගේ පච වට්ටෝරුව බලමු.
1. //ගිය වසරේ සිංහල අවුරුදු උදාව සමඟ යම් සුවිශේෂ භූමි කම්පනයක් ඇති විය. // ටොම් පචයකි. අවුරුද්ද ලැබුවේ අප්‍රේල් 13 සිකුරාදා අපරභාග 07.20 ටය. ඔය භූ කම්පන දෙකම ඇතිවුණේ අප්‍රේල් 11 දින, එනම් සිංහල අවුරුද්දට දින දෙකකට පෙර ය. ඒවා ලංකාවට දැනුණේ අප්‍රේල් 11 දින පස්වරු 2:08 ටය.
2. //පැය 24ක් තුල රටාවකට සියලු භූ විවර කම්නය වූයේ // මෙහෙම කතාවක් කොහෙවත් කියා නැත. අප්‍රේල් 11න් පසුව ආපහු ඊළඟ භූ චලනය ඇතිවුණේ අප්‍රේල් 12 කැලිෆෝනියාවේ දී ය. ඕකෙ මොනම රටාවක් හෝ ඇත්දැයි කෙනෙකුට සිතියමක් ගෙන අදාළ භූකම්පන ඇතිවූ තැන්වලට තිත් ටිකක් තියා බලන්නට පිළිවනි.
3. //එසේ නම් සුනාමිය උදා කල මහා කම්පාව දෙරණ කෑලි වලට කැඩිය යුතු නොවේ ද? // ඇත්ත වශයෙන්ම එසේ විය. මේ මුග්ධයා මේ ලියන්නේ ඔය කිසිවක් දැනගෙන නොවේ.
අවසාන වශයෙන් හොඳම විහිලුව,
4. //ගිණිකොණ දෙස ඇති වූ පැළීම සුභ ලකුණක් සේ පෙනේ.//
මිනිස්සු 10 දෙනෙක් මරාගෙන ඇතිවූ අපූරු සුබලකුණක් මා මේ අහනවාමද කොහෙද! හැබැයි සුබ නිමිති බැලීම බුදු දහමට අනුව නම් මිථ්‍යාවකි.
භූකම්පාවෙන් මළ මිනිස්සු වෙනුවෙන් හඬන අම්මලා තාත්තලා, දරුවන්ගේ සෝදුක් හඬින් දියසෙනට ආසිරි පතන, මල්වැසි වස්සන අප ලේඛක තෙම, ඊළඟට මෙහෙම කියන්නේ ය.
//අප මිථ්‍යාවන් යයි බැහැර කරන දේ මගින් කියන්නේ අපේ නොදැනුම මිස වෙන යමක් නොවේ.//
තිලොවට තිලක වූ අමා මෑණි බුදු පියාණන් වහන්ස! මේ ලේඛකයා හමුවේ ඔබේ දෙසුම් සියල්ල බොරුවී යන්නේ යැ!!
ප්‍රතාපවත් සිංහල පරපුරේ උරුමක්කාරයා යැයි (තමන්ම) කියාගන්නා ප්‍රියන්ත ඇබේ නම් වූ සිංහ-අලියාණෙනි, හැකිනම් මේවාට පිළිතුරු දෙන්න!

+POLLS+-+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8A.jpg)

