මාලක සිල්වා නම් එකෙක් 2013 දී ඔඩෙල් එක ඉස්සරහදී හමුදාවෙන් අම්බානක කාපු වෙලේ, එකී රණවිරුවන්ට සෙත්පතා ලියන ලද පැරැණි කන්නලව්වකි මේ.. එය එදා මෙන්ම අදට ද ගැළපේ යැයි සිතමු..
"ඕං නමෝ නාරායන හනුමා මාර්තණ්ඩ වර වරේස්වාහා.. එදා මිහිඳු රජුන් කල ජම්බුද්දීපයට දකුණින් මූද මැද්දේ ආසියාවේ ආස්චරියාවේ උපන් සහෝදර තුංකට්ටුවේ ආනුභාවයෙන් හඬගසා වදාරන්නේ, අහස ගුගුරුවාගෙන වර වර, මුහුද දෙබෑ කරගෙන වර වර, පොළොව මිහිකත් දෙදරවාගෙන වර වර, සක්වළ ගල උපුටාගෙන වර වර, ඉරහඳ උගුළුවාගෙන වර වර, ශිව තාන්ඩවේ නටාගෙන වර වර, මෙමා කී බස් අසාගෙන වර වර, පස්මල් පස්විළඳ පස්ගෝරස පස්දූප පස්තෙල් පස්පහන් පස්ආලත්ති විලත්ති පංචෝපහාර දී පූජාකළ මෙමල් යහනට වර වර, ඕං නමෝ මහින්දාය නමඃ, ඕං නමෝ ත්‍රිසහෝදරාය නමඃ, ඕං නමෝ ත්‍රිපුත්‍රාය නමඃ, ඕං නමෝ දෙසියපනහක් අමාත්‍යාය නමඃ, ඕං නමෝ අට අසූවක් ලේකමාය උප ලේකමාය නමඃ, ඕං නමෝ අහවල්සේනාය නමඃ, ඕං නමෝ උලාමාය නමඃ, මෙකී නොකී සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දේවතාවුන්නේ.. මා කී කන්නලවුව අසා වදාරා මෙකී නරප්‍රාණියා දෙස බලා සිටින්නේ, මෙකුන්ගේ කන්නලවුව දිව කණින් අසා දිව නෙතින් බලා වදාරන්නේ හොඳා.. මෙකී නරප්‍රාණියා හට කොලම්බනාමනගරප්‍රවරාසන්නගත, ඔටාරා ඩෙල්ට අයත් හෙයින් ඔඩෙල්ය නාමධාරී සළුපිළි කඩේ අබියස සළුපිළි උනා ගැසූ උන් දෙස බලා වදාරා, මෙකුන්ට පහර දුන් උන්දෙලාට දිව සළු දිව යහන් දිව අමුර්ත දිව යානා, දිව සැපත් ලබාදී වදාරන්නේ.. රාජකෝප පිතෘකෝප ආචාර්ය ප්‍රාචාර්ය කෝප මාධ්‍යකෝප ධවලවර්ණ රථාපහරණ ගුටිකෙළි පොලිස්කෙළි හමුදාකෙළි, අස්ථිභග්න දෝස ශීර්ෂභග්න දෝස වෘක්ෂබන්ධන දෝස පක්ෂබන්ධන දෝස, සංධිභේදක දෝස, කෙටුම් දෝස, කැපුම් දෝස, ගැහුම් දෝස, වැටුම් දෝස, ගිලුම් දෝස, ආයුද පෙන්නන්ට යන දෝස, මාංචු පිටින් පීනන්ට යන දෝස යනාදී අට අනුවක් දෝස නව අනුවක් ව්‍යාධි එකසිය එකක් අතුරු ආන්තරා වලින් වළක්වා දී සර්වදෝස සර්වාන්තරා වලින් වළකා දෙන්නේ යහපති දේවනේ බලන්ඩ බලා වදාරන්ඩ රකින්ඩ රක්කවන්ඩ ය කියා බැගෑපත්ව ඉල්ලා හිටින්නේ පස්වාන් දහසකට ආවඩා ආයිබෝවා අයිබෝවා ආයිබෝවා!! "
හා පුතාල දැන් ගෙහුං හරියට සති දෙකක් හැංගිලා ඉන්ට හොඳා.. සති දෙකෙන් ඔක්කොම අමතකයි.. එදාට ආයෙම ඇවිත් බාරහාර ඔප්පු කොරන්ට..
Showing posts with label රදළ ආතල්. Show all posts
Showing posts with label රදළ ආතල්. Show all posts
Friday, November 7, 2014
මාලක ආලත්තිය | The Malaka Prayer
Friday, December 13, 2013
රාජපකිස්තාන් රේස් කෝස් | The Race Course in Rajapakisthan
වතාවක් යුද්ධය, සොල්දාදුවා සහ නයිට් රේස් ගැන අප ලියු ලිපි පෙළක පළමුවැන්න වූ "දුටුගැමුණු නම් වූ මිනීමරුවා" නම් ලිපියේ අපි මෙසේ කීමු.
ගෝල්ෆේස් එකේ
නයිට් රේස් එකට
වැලි කොට්ට අදින
සොල්දාදු මාමේ
මට කියන්
කෝ උඹේ තුවක්කුව?
(කර්තෘ අඥාතයි)
රේස් ජෝක් එකේ ඊළඟ අදියර දැන් මේ දිනවල කොළඹ නගරයේ රංග කරළියට පිවිස තිබේ. එනම් බේබිලාට රේස් පදින්නට පාරවල් වසා දැමීමයි. සාධාරණව ගත්තොත් අපි බේබිලාට දොස් කිව්වට මෙව්වා උන්ගේ වැරදි නොවේ. මෙතරම් රටේ ප්‍රශ්න තිබියදී ඒ ගැන වගේ වගක් නැතිව ඕනෑම පිස්සුවක් කෙළින්නට මුන්ට ඉඩ දී ඇති අපේ රටේ කාලකන්ණි නපුංසක ප්‍රජාවට ය, අපේ දෝෂාරෝපණය එල්ල විය යුත්තේ. හැබැයි එක අතකට මේවා ලිවීම පවා අප කරන කාලය නාස්තියකි. අප මෙවැනි කාරණා කාරණා කොතෙක් කීවත් අපේ ජනී ජනයෝ උන්ට නෙමෙයි වගේ ආතල් එකේ සිටිති. ඇත්තටම ජනතාවට මෙව්වා ගැන වදවෙන්නට වෙලාවක් නැත. කාගෙ කාගේත් සිතේ ඇත්තේ පරෙස්සමට ගෙදර ගොස් බාග රොටිය හෝ පුච්චන් කා හෙට දවස ගැටගසා ගැනීමයි. දිනපතා උසුලන්නට වී ඇති (ජීවන නොවේ) ණය බර නිසා ය, බේබිලාට කාර් පදින්නට කොළඹ පාරවල් වසා තැබීම ගැන පමණක් නොව, වෙනත් මොනම මලදානයක් ගැන වත් ජනතාවට වගේ වගක් නැත්තේ. හැබැයි එහෙමයි කියා ජනතාවට සමාවක් දිය නොහේ. යන්තං හෝ දේශපාලන දැක්මක් ඇති අපේ එව්වෝ ද එකාට එකා සෙට් වූ විට ආඩම්බරකාර බාප්පා හට පලු යන්නට බණිති. එහෙත් සාකච්ඡාව අහවර වෙන්නේ එකම තැනකිනි: එනම් මේවා අපි කොතෙක් කතා කළත් මේ රට හදන්න බැරි බවයි. දේශපාලන අවබෝධයක් නැතිව හුදෙක් මේ රටේ ජනී ජනයාගේ වහල් මානසිකත්වයට පිං සිදුවන්නට ගොන්නු පාර්ලිමේන්තු ආවාම, සහ ඇවිත් "රට" කරවනවා වෙනුවට "රටට" කරවන්නට ගත්තාම වෙන්නේ ඔය ටික පමණකි.
කතාවට නියම පදමට සෙට් වෙන්නට, අපේ සහෘද ලේඛක දමිත් කේතක කදිම පදමාලාවක් පළකොට තිබිණි. හුදී ජන පහන් සංවේගය පිණිස අපි එය මෙසේ බෙදා හදා ගනිමු.
Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //
මැදපෙරදිග සල්ලි වලින් නටන්නෙ බයිලා...
අධ්‍යාපනයට නිදහස් කෙළින්නෙ බයිලා...
වකුගඩු ලෙඩ ගොවියන්ටත් කියන්නෙ බයිලා......
රතුපස්වල වතුර ටිකට ගහන්නෙ බයිලා...
Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //
උතුරු කොණේ නඩරාජට ගහන්නෙ බයිලා...
දකුණු කරේ සුමනසිරිට අරින්නෙ බයිලා ...
ජාතික ආලෙන් සමහරු නටන්නෙ බයිලා...
යූ.එන් ආවම උන්ටත් කෙළින්නෙ බයිලා...
Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //
චීනෙන් ණය පොළියට ගෙන නටන්නෙ බයිලා....
චෝගම් වුන චාටර් එක වහන්නෙ බයිලා...
ජහ මනයා කරබාගෙන අහන්නෙ බයිලා ...
වතුර නටන කල් කකුලුවො රඟන්නෙ බයිලා....
Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //
( කැරකිල... කහ, කහ , කහකහ , නැවි, නැවි )
Wednesday, July 31, 2013
මාලක සහ පරිප්පු | Malaka took the Bait
මාලක සිල්වා පරිප්පු තිබෙන හෝටලයේ දොරකඩට පැමිණ සිටී: ලක්ෂ 3 ක හමුදා සෙබළුන්ගේ ලේ කකියමින් තිබේ - කර්නල් ජයවි ප‍්‍රනාන්දු
සටහන: මේ අපේ ලිපියක් නොවේ. "ඇමතිපුතා" ෆේස්බුක් පිටුවෙන් උපුටා දැක්වීමකි. ඡායාරූපය ඔවුන්ගේ නිල පිටුවේ වත්සන ය. මේ කියන්නේ මාලක ගේ ගුටිකෑමට පෙර අතීත කතාවකි.පසුගිය දිනක කොළඹ ප‍්‍රසිද්ධ ස්ථානයකදී අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ ඔහුගේ මැරවරයන් පිරිසක් විසින් රාජකාරියේ නියැලී සිටි යුද හමුදා මේජර් වරයෙකුට සහ ඔහුගේ සහයකයාට පහරදී මේජර්වරයාගේ ගිනි අවිය ද සොරකම් කළ බවට වාර්තා විය.මේ අවස්ථාවේදී මාලක සිල්වා සමග නැසීගිය අමාත්‍යවරයකුගේ පුත‍්‍රයෙකුද සිටි බව රෝහලට ඇතුලත් කළ මේජර්වරයා පොලිසියට කළ ප‍්‍රකාශයේ සඳහන් විය. මේජර්වරයා තුවල ලබා දැනටත් රෝහල්ගතව සිටින මුත් මාලක සිල්වා සහ ඔහුගේ මැරයන් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නොමැත. සොරකම් කරන ලද ගිනි අවිය මාලක සහ ඔහුගේ මැරයන් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නොමැත. සොරකම් කරන ලද ගිනිඅවිය මාලක සිල්වාගේ රියදුරු විසින් පසුදින පොලීසියට භාරදී ඇත්තේ අදාළ සිද්ධිය වු ස්ථානයේදී ඔහු විසින් එය අහුලා ගත් බවට ප‍්‍රකාශ කරමින්ය.
රජය සතු ගිනිඅවියක් එසේ අහුළාගෙන පසු දින තෙක් ලඟ තබා ගැනීම පවා නීති විරෝධී බව එම රියදුරා සහ මාලක සිල්වා නොදන්නවා විය හැක. ඒ ඔවුන්ගේ අධ්‍යාපනයේ තරමය. නමුත් පොලීසිය විසින් ගිනිඅවිය භාරදුන් මැරයා අත්අඩංගුවට නොගැනීම කාටත් ප‍්‍රහේලිකාවකි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් මාධ්‍යට පවසා ඇත්තේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර පොලීසිය විසින් නිසි පරීක්ෂණ සිදුකල යුතු බවයි.
මාලිගාවත්තේ කුඞ්ඩෙකු විසින් ජාතික කෞතුකාගාරයේ තිබු කෞතුක වස්තු සොරකම් කරන ලද්දේ ඒවා විකුණා එල්.ටී.ටී.ඊ. ය නැවත පණගැන්වීමට නැවත පණගැන්වීමට මුදල් රැුස්කිරීමට යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයේදී කරන ලද ප‍්‍රකාශයත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ ඉහත ප‍්‍රකාශයත් අතර වැඩි වෙනසක් පෙනෙන්නට නොමැත. මාලක සිල්වාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවන බවට පළමු ඉඟිය පොලීසිය විසින් මෙසේ ප‍්‍රකාශයට පත් කර ඇත. එක්කෝ පොලීසිය නපුංසකය, නැතහොත් නපුංසකයන් පොලීසියේය. සබරගමුව මැතිවරණ සමයේදී කහවත්තේ සංචාරය කරනවාට වඩා මාලක සිල්වා සහ මැර පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඉන් අනතුව කැමති පරීක්ෂණයක් සිදු කිරීම පොලිස්පතිගේ රාජකාරිය බව ඔහුට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ.
මාලක සිල්වා හා මැරයන් පහර දුන් අවස්ථවේදී තමාට නිල බලයෙන් සපයා තිබු ගිනි අවියෙන් මේජර්වරයා ප‍්‍රයෝජනයක් නොගත්තේ මන්දැයි කිසිවෙකු විසින් ප‍්‍රශ්න කළ හැක. ඔහුගේ අවියෙන් එක උන්ඩයක් පිටවුයේ නම් මැරයන් අත වු සියළුම ගිනිඅවි පත්තුවන බව මේජර්වරයාට ක්ෂණයකින් ඒත්තු ගියා විය හැක. එබැවින් ඔහු ගුටි කා රෝහල්ගත වීමට හිත හදා ගත් බව පැහැදිළිය. ඔහු විසින් ආත්මාරක්ෂාව සදහා තම ගිනිඅවිය පත්තු කලේ නම්, ඔහු මුළු ශ‍්‍රී ලාංකීය සමාජයටම කළ හැකිව තිබු උපරිම සේවය ඉටු කළ අයෙකු වශයෙන් ඉතිහාසගත වන්නට තිබුනි. එලෙසම ඔහුද භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මෙන් ඉතිහාසයට එක් වන්නටද ඉඩ තිබුණි. හමුදා මේජර්වරයා එදා ගුටි කෑවත් අද ජීවතුන් අතර සිටීම භාග්‍යයකි.
මාලක සිල්වා විසින් රඟපානු ලැබු පලවෙනි දඩබ්බර රඟපෑම මෙය නොවේ. නමුත් ඔහු දැන් රඟපෑවා ඇතිය. රාජකාරියේ යෙදී සිටි හමුදා නිලධාරියෙකුට පහරදී ඔහුගේ ගිනිඅවිය සොරා ගැනීමට තරම් මාලක සිල්වා මෝඩයෙක් නම්, මින් ඉදිරියේදී ඔහු කුමකින් කුමක් කරාවිදැයි සිතා ගැනීමටත් අපහසුය. මාලක සිල්වා මෙතෙක් පරිප්පු තිබෙන හෝටලයකින් කා නොමැත. නමුත් දැන් ඔහු හෝටලයේ දොරකඩට පැමිණ සිටී. නුදුරේ දී ඔහු බඩ පුරා පරිප්පු කනු ඒකාන්තය.
හමුදා නිලධාරියෙකුට පහර දීමෙන් ඔහු කර ඇත්තේ ඔහුට ජන්මයෙන්ම උරුම වු මුග්ධ භාවය උපරිමයෙන් ප‍්‍රදර්ශනය කිරීමය. අද කකියන්නේ ගුටි කෑ නිලධාරියාගේ ලේ පමණක් නොව එම නිල ඇඳුමම අඳින ලක්ෂ තුනක් පමණ වු සමස්ථ සෙබළුන්ගේ ලේ ය. එම ලක්ෂ තුන අතරේ භාවනා යෝගීන් නැත. එනිසාම මාලක සිල්වා නුදුරේදීම පරිප්පු තිබෙන හෝටලයකින් කෑම වළකා ලිය නොහැක. හමුදා ඉතිහාසයේ මේවාට නිදර්ශණ ඕනෑතරම් ඇත.
මාලක සිල්වා මෙන් මැරයන් පිරිවරාගෙන සමාජයේ සැරිසරන කුඩු මුදලාලිලා සහ අනිකුත් දාමරිකයන් එමටය. අවාසනාවකට මෙන් ඔවුන්ගේ මෙම මැර කල්ලි වල විශ‍්‍රාමික හමුදා සෙබලූන්ද වෙති. එය ඔවුන්ගේ රැකියාවය. දරු පවුල් නඩත්තු කිරීම සදහා එවැනි පාදඩයන් හට පක්කලිකම් නොකර හිඟාකෑම වඩාත් නම්බුකාර බව එම විශ‍්‍රාමික සෙබළුන් හට අවධාරනය කළ යුතුව ඇත. මන්ද යත් අවසානයේදී පෝරකයට යන්නේ හාම්පුතා නොව තම ආත්මය විකුණන මෙම අහිංසකයන් නිසාය.
උඩතලවින්න සමූහ මිනිස් ඝාතනයේ සැකකාර අප්පොලා නිදහස් වූ නමුත් ලූතිනන් විජේරත්න ඇතුළු සෙබල කණ්ඩායම බෝගම්බරට ගාල් කෙරුනි. දුමින්ද සිල්වාගේ ගෝලබාල රංචුව අධිකරණයට ගෙනෙද්දී ඉදිරියෙන්ම පැමිණෙන්නේ උතුරු නැගෙනහිර යුද්ධයේදී අති විශිෂ්ඨ සේවාවක් කළ බණ්ඩාර නම් විශ‍්‍රාමික සෙබලෙකි. දුමින්ද සිල්වා රාජ්‍ය අනුග‍්‍රහය ඇතුව සිංගප්පුරුවේ වසයි. එම නිසා සමාජයේ පාදඩයන් හට ආරක්ෂාව සපයන සියලූම විශ‍්‍රාමික සෙබළුන් ඔවුන් පැලැඳි නිල ඇඳුමට නිග‍්‍රහ නොකොට එම රැුකියා වලින් වහා ඉවත්විය යුතුය. නැතහොත් කවදා හෝ පෝරකයට යෑමට සුදානම්න් සිටිය යුතුය.
මාලක සිල්වා විසින් උගත යුතු විශේෂ වු පාඩමක් ඇත. එනම් 88-89 වකවානුවේ මුළු රටම බය කරගෙන තුන්ඩු කෑල්ලෙන් රට කරවූ දේශපේ‍්‍රමීන්ටද වැරදුනේ හමුදාවට අත තැබු විටය. රෝහණ විජේවීරගේ මුළු සංවිධානයම කුඩුපට්ටම් වීම ඇරඹුනේ එතැන් සිටය. සෝමවංශ අමරසිංහ පමණක් අද ජීවතුන් අතර සිටින්නේ හමුදා නිළධාරියෙකු විසින්ම ඔහුව රටින් පිට කළ නිසා ය.
අවසාන වශයෙන් හමුදාවට සහ හමුදාපතිටද මතක් කළ යුතු කරුණක් ද ඇත. පොළවල් ගානේ බණ්ඩක්කා විකිණීමෙන් සහ හන්දි ගානේ ගඩොල් බැඳීමෙන් සෙබලාගේ තත්ත්වය රැකගත නොහැක. පසුගියදා විශේෂ කාර්ය සෙබළුන් 4 කට දිවි පිදීමට සිදුවූයේ ගෙපල් කැපීමට දැමීමෙනි. විශේෂ කාර්ය බලකා සෙබලෙක් යනු සාමාන්‍ය සෙබලූන් 10 දෙනෙක් ලෙස ගණන් ගැනෙන බව නොදන්නවා විය යුතුය. සෙබලා අයිති හමුදාවට ය. හමුදාව අයිති මුළු රටටම ය. මෙය මහා රාවණාගේ හමුදාව ය. දුටුගැමුණුගේ, පරාක‍්‍රමබාහුගේ, විජයබාහුගේ හමුදාවය. ලොව බිහිසුනුම ත‍්‍රස්තවාදියා වූ ප‍්‍රභාකරන්ට අමුඩය ඇන්ද වූ හමුදාවය. මෙම කීර්තිමත් හමුදාවේ මෙන්ම සෙබළාගේ තත්ත්වය රැකගැනීම හමුදාපතිගේ වගකීමය. ‘අපි වෙනුවෙන් අපි මිස අන් කිසිවකු නැති’ බව හමුදාපති මෙන්ම සියලූම සෙබලූන් ද දැනගත යුතුය.
කර්නල් (විශ‍්‍රාමික*) ජයවි ප‍්‍රනාන්දු
(ඩබ්.ඩබ්.වී., ආර්.ඩබ්.පී., ආර්.එස්.පී., යු.එස්.පී.*)
හිටපු විශේෂ බලකා බලසේනාධිපති
පසුවදන: එදා කර්නල් ජයවි ප්‍රනාන්දු කී කතාව අදවන විට සත්‍ය වී ඇත. එනම් මාලක පරිප්පු තිබෙන හෝටල් එකකට නොව කීපයකටම ගොස් ඉල්ලාගෙනම කා ඇත.
Tuesday, May 21, 2013
වර්ජනය අසාර්ථකයි | The Failed Strike
වර්ජනය අසාර්ථකයැයි ද, ආණ්ඩුව සාර්ථක යැයි ද මේ දිනවල මහා ගෝසෙට කතාව යනු පෙනේ. මේ "ජයග්‍රහණයෙන් මත්වී උද්දාම වන උදවියගේ ආතල් කැඩීමට අපට සිත් නොදෙතත්, උන්ගේ ආතල් වලට ගෙවන අහිංසක මිනිසුන් වෙනුවෙන් මේ වචන ටික කිව යුතුමය. මේ ඔබ දකින්නේ අපට ඉතිරිව ඇති එකම විමධ්‍යගත මාධ්‍ය වන අන්තර්ජාලය ඔස්සේ පළවූ අදහස් කීපයකි.
ලබ්බට තිබ්බ අතමය පුහුලටත් කියන සංකල්පය යටතේ, රාජ්‍යයට එරෙහිව ආ ලබ්බේ බලවේග මර්දනයට යොදාගත් අවනීති හා අව-සංකල්ප පුහුලේ බලවේග සඳහාද යොදාගැනෙනු ඇත. එමෙන්ම ජාතිකවාදීන් විසින් සාධාරණීකරනය කරමින් තිබුනු අතීතකාමයද මෙ මොහොතේ ආණ්ඩුව විසින් සිය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමට යොදාගනු ඇත. මේ අනුව මේ තිබෙන්නේ නිකන් සිල්ලර ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් පත්වූ ආන්ඩුවක් නොවේ. මේක මහාසම්මත රාජාණ්ඩුවකි. ජනතාව මහාසම්මතයකින් අනුමත කරනතාක් සියලු ආන්ඩු විරෝධී කටයුතු රාජ්‍ය-විරෝධී යැයි සම්මතය. කොටින්ම මහාසම්මත ක්‍රමය යටතේ 'රාජ්‍යය' (state) හා 'ආන්ඩුව' (regime) අතර වෙනසක් නැත. එහෙම වෙනස් කම් ඇත්තෙ පර-සුද්දාගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේය.
එකෝමත් එක කාලෙක, සිය රදළ ස්වාමියා ගැන මහත් ආඩම්බරයෙන් අනිත් වහලුන් සමග දබර කරගත් වහලෙක් අරබයා, මේ කතාව මහළු මිනිහෙක් විසින් කීවේ ලු.
අවසාන වශයෙන් මේ කතාව පුරාවට ආණ්ඩුවට කඩේ ගිය උන්ගෙන් අහන්නට ඇත්තේ එක දෙයකි: ඔබ තවමත් පාලක අස්සයාගේ ඇටදෙක අල්ලං ඉන්නවාද?
රජු දිගා වේවා!
අපේ ඉතිහාසයේ ඈත ඉඳන් පැවත එන එක්තරා සෙට් එකක් සිටිති; ඒ වනාහි, ඒ කාලයේ, සිය අඹුව, සිය දුවණිය, ඒ කාලයේ රට පාලනය කළ කෙනා සමග නිදි වද්දවති. ඊට පසුව, "මගේ ගෑනි, මගේ දුව අහවල් රජතුමාත් එක්ක රැය පහන් කළා" යනුවෙන් මුළු රටටම බොහොම උජාරුවෙන් කියති.. සුද්දා ආ පසු ද වුණේ ඔය ටික මය. සුද්දා ගේ සුදු හමට ලොබ බැඳි අපේ වාහෙලා එළිපිටම සුද්දන් සමග ලැග්ගා පමණක් නොව, ඒ ගැන හරිම ආඩම්බරයෙන් කියන්නට ද පෙළඹ සිටියෝ ය. අනේ ඉතින් අර ගොබ්බ රජු මොනවා කලත් සාදු, කියනවා ඇරෙන්නට වෙන මුන්ගෙන් සිදු වූ දෙයක් නැත..අදටත් ඒ පරම්පරාවෙන් පැවත එන අය සිටිති, උන් අද කියන්නේ කරන්ට් බිල වැඩි කරාට මොකද? අපේ රජතුමානේ කියා ය..
~~ලසන්ත සංජය ගෙන් උපුටා ගන්නා ලදී.
ලබ්බට තිබ්බ අතමය පුහුලටත් කියන සංකල්පය යටතේ, රාජ්‍යයට එරෙහිව ආ ලබ්බේ බලවේග මර්දනයට යොදාගත් අවනීති හා අව-සංකල්ප පුහුලේ බලවේග සඳහාද යොදාගැනෙනු ඇත. එමෙන්ම ජාතිකවාදීන් විසින් සාධාරණීකරනය කරමින් තිබුනු අතීතකාමයද මෙ මොහොතේ ආණ්ඩුව විසින් සිය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමට යොදාගනු ඇත. මේ අනුව මේ තිබෙන්නේ නිකන් සිල්ලර ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් පත්වූ ආන්ඩුවක් නොවේ. මේක මහාසම්මත රාජාණ්ඩුවකි. ජනතාව මහාසම්මතයකින් අනුමත කරනතාක් සියලු ආන්ඩු විරෝධී කටයුතු රාජ්‍ය-විරෝධී යැයි සම්මතය. කොටින්ම මහාසම්මත ක්‍රමය යටතේ 'රාජ්‍යය' (state) හා 'ආන්ඩුව' (regime) අතර වෙනසක් නැත. එහෙම වෙනස් කම් ඇත්තෙ පර-සුද්දාගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේය.
~~"රිටිගල ජයසේන"
මේ කතාවල් මැද්දට ම අපට ද කතාවක් කියන්නට සිත් විය.
එකෝමත් එක කාලෙක, සිය රදළ ස්වාමියා ගැන මහත් ආඩම්බරයෙන් අනිත් වහලුන් සමග දබර කරගත් වහලෙක් අරබයා, මේ කතාව මහළු මිනිහෙක් විසින් කීවේ ලු.
රදළ දවසක් රදළයෙක් අස්ස කරත්තයෙන් යනකොට දැක්කලු ගොවියෙක් තමන්ගෙ භාර්යාවත් එක්ක පොළට යනවා.. ඉතිං මේ රදළයාට මේ ගොවි තරුණිය ගැන සරාගී සිතක් පහළ වුණාලු. රදළයන්ට මොන තහංචි ද? ඉතිං මූ කිව්වලු අර ගොවියට, "උඹේ ගෑණිව කරත්තේ ඇතුළට නග්ගල උඹ ගිහිං අර අස්සයව අල්ලං හිටපං කොහෙවත් යන්න නොදී.. ඌට පොඩ්ඩක් මද කිපිලා.. ඒ නිසා රිදෙන්න හයියෙන් වෘෂණ කෝෂ දෙක අල්ලං හිටපං එතකොට දඟලන්නෙ නැහැ"යි කියල. අනේ අර මිණිහත් ඉතිං රදළයා තමන්ගෙ ගෑණිත් එක්ක රමණකෘත්‍යයේ යෙදෙද්දී අර අස්සයගේ වෘෂණ කෝෂ දෙක අල්ලං ඉන්නවලු. කොහොමිං හරි රදළයත් වැඩේ අහවර කරලා ගොවිය දිහාට රිදී කාසියක් විසික් කරලා යන්න ගියාලු. ගියාට පස්සේ අර ගොවියා බොහොම උජාරුවෙන් තමන්ගෙ නෝනට කියනවලු.. "ඔය දන්නවද.. ඌ හිතං ඉන්නේ මම උගෙ අස්සයගේ ඇටදෙක අල්ලං හිටියාය කියල වෙන්නැති.. මම අල්ලං හිටපු ඇටයක් නැහැ.. උන්දෑ හිතං ඉන්නවා ඇති අපි මේ එයාගෙ අත පල්ලෙන් වැටිලා කියල උගේ අස්සන්යන්ගේ ඇට දෙක අල්ලං ඉන්න.. හුහ්.. එව්වා කොහෙද මාත් එක්ක.. "ආණ්ඩුව කියන දේ ත් එක අතකට ඇත්ත ය. වැඩ වර්ජනය අසාර්ථක ය. වෙනින් මොකුත් ම නිසා නොවේ. සමහරු හරි උජාරුවෙන් අල්ලං ඉන්නා වෘෂණ කෝෂ බිම තබ්බවන්නට අපට නොහැකි වූ බැවිනි.
අවසාන වශයෙන් මේ කතාව පුරාවට ආණ්ඩුවට කඩේ ගිය උන්ගෙන් අහන්නට ඇත්තේ එක දෙයකි: ඔබ තවමත් පාලක අස්සයාගේ ඇටදෙක අල්ලං ඉන්නවාද?
Monday, February 11, 2013
දුටුගැමුණු නම් වූ මිනීමරුවා
පූර්විකාව
මේ සටහන ලියන්නේ මෙය දෙබරයකට ගසන ලද පත ගල් බෑයක් බව නොදැන නොවේ. එමෙන්ම මෙය කියවන්නට සැරසෙන ඔබේ උත්සන්න වූ නාඩි වැටෙන වේගය යළි සන්සුන් කිරීමේ බලාපොරොත්තුවකින්ද නොවේ. මේ ලියන්නේ අපේ ඉතිහාසයේ නොව, වර්තමානයේ අපට වැරදුණු තැනක් නිවැරදි කරගැනීමට හැකි දැයි විමසා බලනු පිණිසය.අපි කතාව වර්තමානයෙන් පටන් ගනිමු:
සුද්දා ලංකාවට නිදහස දුන්නේ කිසිදා හොඳ නොවන තුවාලයක් සමග බව නොදන්නා සමහරු අදටත් මේ රටේ ජීවත් වීම සහ ඒ මදිවාට දේශපාලනය ගැන පොර ටෝක් දීම අපට අරුමයක් නොවේ. එසේ වන්නේ එය අරුමයක් නොවන්නේ යයි සිතන්නට අප අපම පෙර සූදානම් කරගෙන ඇති බැවිනි. 1956 "පස්මහ බලවේගය" වතුර යටින් පැන නැගි දිය බුබුළක් සේ උඩට පැමිණ පුපුරා ගියේ අගමැතිවරයකුගේ ඝාතනය, ආසියාකරයේ කිට්ටුම (සහ දෙපිටකාට්ටුම) රට වන ඉන්දියාව සමග නොසිඳෙන වයිරයක් පැළපදියම් වීම සහ පරම්පරා ගණනක් ඔඩු දුවන උපාධිධාරී විරැකියාව පමණක් ඉතිරි කරමිනි. 1980 න් පසුව ප්‍රභාකරන්ලා කරිකාලන්ලා වන්නේ, මුරලිධරන් (එනම් ක්‍රිකට් තරුව නොවේ) කරුණා අම්මාන් ලා වන්නේ, මෙකී කතා මාලාවේ පසුවදන තුළය. එහෙත් අපට 1948, 1956, 1971, 1972, 1983, 1989, 1994, 1996, 2004, 2005 ඉලක්කම් තරමට 2009 මතක තියෙන්නේ නැත්තේ මක් නිසාදැයි කීමට ඔබට එකවරම හේතුවක් හිතාගත නොහැකිය. (ඉඟිය: ඉහත කී සියලු වසරවල් වනාහි නිදහසෙන් පසු අප ජාතියක් ලෙස ඉහළින්ම සහ පහළින්ම සිටි වසරවල් වේ. දේශපාලනය සමග ඍජු සම්බන්ධ කමක් නැතත්, 1996 ද මම මේ ගොඩට ඇතුළත් කෙළේ ඒ නිසාය).
දැන් මට ඔබෙන් විශේෂ අවසරයක් අවශ්‍යය. කතාව ලියන්නේ මා බැවින් අවසරයකින් තොරව හෝ මා කැමති කාල මානයකට හෝ අවකාශයකට ඔබ ඇදගෙන යාමේ අයිතිය මට ඇතත්, මා සුදු වෑන් එකක් නොවන නිසා මේ සටහන තැබීමි. අප යන්නේ වෙනත් සමාන්තර කාල මාන දෙකකටය.
ඒ යුද්ධයකි. වර්ගවාදී සහ ජාතිවාදී ගිනි පුපුරු මතින් හමාගිය තරුණ ජවයේ සහ අහංකාර කමේ සුළං පොද වැදී වර්ධනය වී, අනතුරුව විදෙස් අත පෙවීම් මත මහා දරුණු ලැව් ගින්නක් බවට පත් වෙමින් රටක ඉතිහාසයෙන් තිස් වසක් දවා හළු කළ යුද්ධයකි. තිස් වසක් අවසන ජනතාව අතුරින් පැන නැගී නායකයෙක් ප්‍රතිවාදියා පරාජය කොට මේ යුද්ධය නිමා කරයි.
මේ කාල මාන දෙකක දිවෙන එකම කතාවකි.
මින් එකක් එළාර-දුටුගැමුණු යුද්ධයයි. දෙවැන්න කොටි ත්‍රස්තයන්ට එරෙහි යුද්ධයි.
මා ඔබෙන් අසන්නේ මින් කොයික කොයිකද කියාය. පිළිතුරු දීමට පෙර නැවත සටහන කියවන්න.
මේ දෙක වෙන් කරන්නට ඔබට භාර දුන්නොත්, ඔබ මේ දෙක අතර දකින වෙනස් කම් මොනවාද? අපි උදාහරණයක් ගනිමු: එළාර තලතුනා මිනිසෙකි, දුටුගැමුණු තරුණයෙකි. එහෙත් ප්‍රභා-මහින්ද අතර එවැනි මහා වෙනසක් නැත. අනික එළාර පරදේසක්කාරයෙකි. ප්‍රභා මේ රටේ උපන් එකෙකි. (නැත්නම් ඔහු හැඳින්විය යුත්තේ "ත්‍රස්තවාදියා" ලෙස නොව "ආක්‍රමණිකයා" ලෙසයි. එළාර ආක්‍රමණිකකි. ප්‍රභා ත්‍රස්තවාදියෙකි.) තවත් එහාට යන ඔබට මෙසේද කිව හැක. දුටුගැමුණුට සිය පියා දුර දක්නා නුවණින් තැනු රටක් සහ සේනාවක් විය. මහින්දට එසේ නොවීය. අනික දුටුගැමුණුට සෙන්පතිවරු දහයක් හිටි අතර මහින්දට හිටියේ එකෙකි. දෙන්නාටම සහෝදර සමාගම් වීම ද සැළකිය යුත්තකි.
නමුත් මේ දෙක සැබෑම ලෙස වෙන්කළ හැකි නියම සාධකය මේ එකක් වත් නොවේ, යුද්ධයෙන් පසුව කුමක් වීද යන්නයි.
එකක් අවසානයේ රටවැසියෝ, එළාරගේ පාර්ශ්වයේ සිටි අය පවා, සතුටින් ජීවත් වූහ. අනෙක අවසානයේ මිතුරෝද දුකට පත්ව හිරේ විලංගුවේ ලැග්ගා පමණක් නොව, රටේ බදු බර දෙගුණයකින් ඉහල ගියේය. එකෙක් රටේ ජනතාවට වඳින්නට මහා සෑයවල් තනද්දී අනෙකා කෙළේ පුතුන්ට රේස් පදින්නට රටේ ආර්ථික අගනුවර රෑ තුනක් වසා තැබීමයි.
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
දැන් මම ඔබව තවත් මානයකට අරගෙන යන්නෙමි. කාලය වැදගත් නැත. ස්ථානය රජරටය. හරියටම කියනවා නම් සිරි මහ බෝ සමිඳු ඉදිරියේය. අමරදේවයන් සිය අනභිභවනීය ලාලිත්‍යයෙන්, මනෝහර හඬින් "මහබෝ වන්නම" ගැයූ මහා බෝධින්නාන්සේ ඉදිරියේය.ඔබ කරණීය මෙත්ත සුත්‍රය දන්නවාද? එහි මෙන්න මෙහෙම තිබේ:
" ...සියලු සත්ත්වයෝ සුඛිත මුදිත වෙත්වා! කිසිවෙකු අනෙකා නොපෙළත්වා! කිසිවෙකු අනෙකාගේ දුක කැමති නොවෙත්වා! සියලු පණ ඇති සතුන් අතරින් බිය වන්නා වූ, බිය නොවන්නා වූ, දික්, මහත්, මැදි, දැවැන්ත වූ, අණුක වූ, පෙනෙන්නා වූ, නොපෙනෙන්නා වූ, ළඟ වසන්නා වූ, දුර වසන්නා වූ, උපන්නා වූ හෝ මවුකුසක් සොයමින් ඉන්නා වූ, සියලු සත්තවයෝ සුවපත් වෙත්වා! වෛරී සංඥාවෙන් කිසිවෙක් අනිකා දෙස නොබලත්වා! මවක් සිය එකම පුතුන් වෙත මෛත්‍රී කරන්නේ යම් සේද, එලෙසින්ම සියලු සත්ත්වයෝ එකිනෙකා කෙරෙහි මෛත්‍රී කරත්වා!"මේ සුත්‍රය සජ්ඣායනා කරන්නෝද එසේ මෙසේ පිරිසක් නොවෙති. ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේ වෙති. කරණීය මෙත් සුතුරෙන් පිරිත් කියමින් ඔවුහු පිරිත් නූල් බඳිති.
පිරිත් නූල් බඳිති.
පිරිත් අසා සිටින සොල්දාදුවන්ගේ තුවක්කු කටේ පිරිත් නූල් බඳිති.
තුවක්කු? මෙත් සුතුර? පිරිත් නූල්??
මෙය මගේ සිතේ පැනනැගි මනෝ විකාරයක් නොවේ! මේ සැබෑම සිද්ධියකි!
අපි වෙනුවෙන් අපි.. මචං පට්ට කෑම!
එහෙත් මේ මාතෘකාව මා යෙදුවේ අර ගීතය සිහිපත් කරන්නට නොවේ: කොළඹ ගංගාරාමය අසල පිහිටි "අපි වෙනුවෙන් අපි" නම් වූ කෑම කඩය සිහිපත් කරන්නටය. මන්ද යත් අද අපේ රණ විරුවන් කරන්නේ කොළඹ පාරවල් සුද්ද කිරීම, ඩෙංගු මර්දනය, මිනිස්සුන්ට ඇවිදින්නට බ්‍රෝඩ්වෝක් තැනීම වැනි වැඩවල ය. කොළඹ නයිට් රේස් මුර කරන්නය.
මේ කොළඹ රේස් වෙනුවෙන් ලියැවුණු අදහසකි.
ගෝල්ෆේස් එකේ
නයිට් රේස් එකට
වැලි කොට්ට අදින
සොල්දාදු මාමේ
මට කියන්
කෝ උඹේ තුවක්කුව?
(කර්තෘ අඥාතයි)
දුටුගැමුණු
අප මිනී මරුවන් ගැන කතා කළ නිසා මේ ටිකද කිව යුතුමය.
ඔබ පිළිගත්තත් නැතත්, දුටුගැමුණු යනු මිනීමරුවෙකි. එහෙත් ඔහු නිකම්ම නිකම් මිනීමරුවකු නොවේ. ජයග්‍රාහකයෙකි. දේශපාලනයේ පළමු නීතිය නම් "ජයග්‍රාහකයා සෑම විටම නිවැරදිය" යන්නයි. බැරිවෙලාවත් යුද්ධයෙන් එළාර දින්නා නම් ඔහු නිවරදි බවට ඉතිහාසය වාර්තා කරනු ඇත.
නමුත් දුටුගැමුණු නිකම්ම නිකම් ජයග්‍රාහකයකු ද නොවීය. පරාජය කලයුත්තේ එළාර නොව, "එළාර මතවාදය" බව ඔහු දැන සිටියේය. එනිසා ඔහු කිසිවිටෙකත් ජය ගැනීමෙන් පසුව ප්‍රතිවාදීන් ගෙන් පළිගත්තේ නැත. ඔහු සිය පිළිමල් එළාර රජුගේ සොහොන මලින් ගඳින් සරසා ගෞරව කෙළේය. එළාර තමාට සතුරෙකු වුවත් ඔහුගේ මිතුරන්ට වීරයෙකි යන සත්‍යය දුටුගැමුණු දන සිටියේය. බැරිවෙලාවත් එසේ නොකර එළාරගේ මිනිය දණින් පහලට තබා මහා පාර දිගේ පරිභව කරමින් ගෙන ගියා නම් සිදු වන එකම දේ එළාර වෙනුවට තවත් එළාර ලා සිය දහස් ගණනක් බිහි වීම පමණි. ඒ අර්ථයෙන් ගත් කල දුටු ගැමුණු යනු නිකම්ම නිකම් වනචාරී වීරයෙකු නොව, ඉතාම විශිෂ්ට, ආදර්ශවත් වීරයෙකි. එසේ වුයේ බෞද්ධ ආභාසය නිසා බවටද කිසිම සැකයක් නැත.
නමුත් එහෙමයි කියා දුටුගැමුණු මිනීමරුවෙකි යන සත්‍යය වසන් වන්නේ නැත.
දෙවන කාරණය නම් දුටුගැමුණු යනු ඉතාම තීක්ෂණ බුද්ධියක් සහිත රාජ්‍ය තාන්ත්‍රිකයකු බවයි. එළාර යනු පරපෝෂියෙකි. ඉන්දියාවෙන් ගුටි කා සිය රාජ්‍ය පෙළපත අහිමි වී ලංකාවට පැනවිත් මෙහි තුබූ අස්ථාවර දේශපාලන තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් විසිවසකට අධික කාලයක් රාජ්‍යය කෙළේය. (මේවා අරුම දේවල් නොවේ. මීට පෙර ඉන්දියාවෙන් ආ අශ්ව වෙළෙන්දෝ ද ලංකාවේ රජපුටුවට නැංගාහ. මෙරට රජ පුටුව යනු එතරම්ම අස්ථාවර තැනකි.)
එළාර පරාජය කිරීමට කළ යුතු පළමු දේ ලෙස එළාරට විරුද්ධව ජනමතයක් ගොඩ නැගීම බව දුටු ගැමුණු දන සිටියේය. ඔහු සිය ප්‍රචාරක පාඨය පවා සකස් කෙළේ ඊට අනුරූපීවය. "මගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප ලැබීම පිණිස නොවේ. සම්බුද්ධ ශාසනයාගේ චිරස්ථිතිය පිණිසය". යන ප්‍රකාශය සකස් වුනේ ඒ පදනම මතය. එළාර වැනි ඉන්දීය චෝළ පරපුරකින් පැවතෙන පාලකයකු යටතේ බුද්ධ ශාසනය ආරක්ෂා නොවන බවට ජනතාව තුළ පවතී ශාන්කාව ප්‍රබල ජන බලයක් බවට පත් වන්නේ එලෙසය. දුටුගැමුණු බොරු කාරයකු නොවේ. ඔහු පවතින සත්‍යය වාසිදායක ලෙස උපයෝජනය කළා පමණි.
අපේ සමහරුන් මහා හයියෙන් කෑ ගහන "පෙරහරේ යුද්ධ සේනාවට පෙරටුව භික්ෂූන් වැඩියාය" යන ප්‍රකාශය වැදගත් වන්නේ අන්න එකී සන්දර්භය තුලය. භික්ෂූන් වැඩියේ යුද්ධ සේනාවකට ආශීර්වාද කරන්නට නොවේ. මේ යන්නේ යුද්ද කරන්නට බව නොදැනද නොවේ. ඔවුහු දුටුගැමුණු වෙත ජනතාව ආකර්ෂණය කළහ. නමුත් ඒ අද කළා වගේ ඉතාම නින්දිත සහ හිරිකිත ලෙස තුවක්කු බට වලට පිරිත් නූල් බඳිමින් නොවේ.
අප දුටු ගැමුණු ගෙන් උගත යුතු බොහෝ දේ තවත් ඉතිරිව තිබේ. බොහෝ දේ තිබේ. අවාසනාවකට දැන් අපේ රටේ දුටුගැමුණුලා කරන්නේ සමෘද්ධි නියාමකයින් ගස් බැඳීම, ද්‍රෝහී මිතුරන් වෙඩි තබා මරා දැමීම, මාධ්‍ය ආයතන වලට පහර දී කුඩු කිරීම වැනි දේවල් ය.
අපරැක්කේ ආතම්මේ, උඹ කොහෙද?
Subscribe to:
Posts (Atom)


