කතාව නිර්මාණය දිමුත් මධුශංක නොව රාජ්ගෙ නවාතැන ලියන රාජ් ලෙස නිවැරදි විය යුතුය.
"සුභ උදෑසනක් මිත්‍රයා"
"හෝම්ස්, පැමිණියේ මා බව ඔබ දැනගත්තෙ කොහොමද?"
"ඔබ පැමිණියේ පීටර්සන්ගෙ අශ්ව කරත්තයෙන් නේද?"
"ඔව්, ඒත්......"
"මේකයි, ස්ටේෂන් එකේ තියන අශ්ව කරත්ත වලින් පීටර්සන්ගෙ අශ්වයගෙ සීනුව ටිකක් වෙනස්, ඒක හඳුනගන්න පුළුවන් ලේසියෙන්ම, නෝර්විච් පැත්තෙ ඉඳල එන කෝච්චියෙන් බහින කෙනෙකුට ඉස්සෙල්ලම මුණගැහෙන්නෙත් පීටර්සන්..... ඔන්න නෝර්විච් පැත්තෙ ඉඳල කෝච්චියෙ ආපු කෙනෙක්, පීටර්සන්ගෙ අශ්ව කරත්තයෙන්, පෙර දැනුම්දීමකින් තොරව මාව මුණගැහෙන්න හිතාගෙන උදෙන්ම තරප්පු පෙළ නඟිනව, සපත්තුවෙ ශබ්දය අනුව නං මහත්මයෙක්, රහස් පරීක්ෂණ වැඩ වලින් විශ්‍රාම ගිය නිසා අමුත්තෙක් වෙන්නත් බෑ, වොට්සන්-මගේ මිත්‍රය- කාලෙකින් මං මුනගැහෙන්න ආවෙත් නෑ, ඉතිං මට තියන විකල්පය නිවැරදි වෙන්න සෑහෙන්න ඉඩ තියනව"
"හහ් හහ් හහ්.... පරීක්ෂණවලින් විශ්‍රාම ගත්තට හෝම්ස්ගෙ හැකියාව නං එහෙමමයි"
"වොට්සන්, අපි කෑම කන ගමන් කතා කරමු! හඩ්සන් නෝන කෑම ලැහැස්ති කරල ඇති"
"හෝම්ස් ඔබේ අන්තිම පරීක්ෂණය ලියන්න අවසර දෙන්නෙ කවද්ද?"
"වොට්සන් කැමති නම් ලියන්න, ඒත් ඒ ගැන මොනව ලියන්නද? .........කමක් නෑ වොට්සන්ගෙ කැමැත්තක්!"
*****
ඒ පසුගිය ශීත සෘතුවයි. හෝම්ස් සහ මා ශ්‍රී ලංකාවට පැමිණියේ පරීක්ෂණයක් සඳහා නොව විවේකය ගතකිරීමේ අරමුණිනි. ඇත්ත වශයෙන් කිවහොත් රහස් පරීක්ෂණයක් සඳහා මිස සංචාරයට එතරම් ප්‍රිය මනාප නොවන හෝම්ස්ගේ මෙම සංචාරක ගමන පුදුම සහගතය. ශ්‍රී ලංකාව පිළිබඳ ලිපි සහ පොත්පත් කිහිපයක් කියවීමෙන් ගමනට අවශ්‍ය අඩිතාලම දැමිනි. ශ්‍රී ලංකාවේදී යම් රහස් පරීක්ෂණ කටයුත්තක් කිරීමේ ආශාවද තිබෙන්නට ඇත.
අප ගුවන් මඟින් ලංකාවට පැමිණ කොළඹ හෝටලයක නවාතැන් ගතිමු. හෝම්ස් හා මා සතියක පමණ කාලයක් සංචාරය කල අතර පුවත්පත් වල තිබූ සොරකම් ඝාතන ආදිය ගැන හෝම්ස්ගේ උනන්දුව පෙර පරිදිම විය. මේ අතර ලංකාවේ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ ආරාධනා කිහිපයකට සහභාගී වීමටද අපට අවස්ථාව ලැබිනි.
"වොට්සන්, මෙහේ අපරාධ එච්චර සංකීර්ණ නෑ, නමුත් අපරාධකරුවන්ගේ ජාලය හරිම සංකීර්ණයි, විසඳීම අපහසුයි"
"ඒ කියන්නෙ හෝම්ස්?...."
"වොට්සන්ට මතක ඇතිනේ මොරියාටි, මොරියාටි නීතියෙන් කොටුකරගන්න අවුරුදු ගානක් ගියා. ඔහුගේ සිවිල් බලයත්, ඔහු වටා සිටි අපරාධකරුවන් අධික සංඛ්‍යාවත් නිසා කෙලින්ම ඔහු හසුකරගැනීම දුෂ්කර උනා. අන්තිමට ඔහු දිය ඇල්ලෙන් තල්ලු කරල දාන්නයි මට සිදුවුනේ"
"සර් ඔබතුමා මුනගැහෙන්න කෙනෙක් ඇවිල්ල ඉන්නව"
හෝටල් සේවකයෙකු අමුත්තෙකු කැඳවාගෙන පැමිණි අතර තවත් අපරාධ පරීක්ෂණයක ලකුණු ඉවෙන් මෙන් මට දැනෙන්නට විය. පැමිණි අමුත්තා අනාරාධිතවම කතා කිරීමට විය.
"හෝම්ස් මහත්තයා ඔබතුමා මේ උදව්ව කරන්නම ඕන.... මෙහේ පොලිසියට කියල වැඩක් නෑ..... උං &%*&*^ ......"
"හරි ඉලන්දාරියා....... මෙහෙන් වාඩි වෙන්න.... කියන්න ඔබේ ප්‍රශ්නය මුල ඉඳල"
පැමිණ සිටියේ තරුණයෙකි. ඔහුගේ වයස විසි පහක් තිහක් පමණ වෙතැයි සිතිය හැකි විය.
"හෝම්ස් මහත්තයා දවස් දෙකකට ඉස්සෙල්ල මගේ තාත්ත මැරුව.... පොලිසියෙන් මොකුත් කරල නෑ මේ වෙනකල්....."
"බොහොම කණගාටුයි මහත්මයා...... කවුද ඔබේ පියාගේ ඝාතකයා.... කතාව මුල ඉඳල කියන්න"
"මගේ තාත්ත ව්‍යාපාරිකයෙක්. අමාරුවෙන් දියුණු වුන කෙනෙක්. අපේ නගරෙ ඔය තත්වෙට දියුණු උනේ තාත්තගෙ ව්‍යාපාර නිසා.... මෑතක ඉඳල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න කල්ලියක් බිහිවුනා. හැම කෙනෙක්ම කප්පම් දීල තමයි පන බේරගෙන හිටියෙ. තාත්ත ව්‍යාපාර වලින් කප්පම් ගෙව්වෙ නැති නිසයි එයාට මැරෙන්න සිදුවුනේ......................."
"කවුද කප්පම් ගන්නෙ?"
"ගොක්කොල සිරී" (සබැඳිය බලන්න)
*****
එදිනම අප පිටත් වූයේ මිනීමැරුම සිදුවූ ස්ථානයටය. පුදුමයකට මෙන්, ඝාතනය සිදුවීමෙන් ගතවී තිබුනේ දින දෙකක් පමණක් වුවද අපරාධයක් සිදුවූ ස්ථානයක් යැයි කිව නොහැකි තරම් සාමාන්‍ය තත්වයට පත්වී තිබුනි.
"මෙතන විනාශ කරල වොට්සන්, මම හිතන්නෙ නෑ අපිට වැදගත් තොරතුරක් හොයාගන්න පුළුවන් වේවි කියල!" හාත්පස බලමින් හෝම්ස් පැවසීය.
මේ සමඟම හෝම්ස්ගේ ඉල්ලීම පරිදි, ප්‍රදේශය අයත් පොලිස් ස්ථානයෙන් එවන ලද නිලධාරීන් දෙදෙනාද පැමිණියහ.
"සර්, මම සාජන් පෙරේර! මේ පීසී ගුණතිලක! අපේ සර් තමයි එව්වෙ, ඔබතුමාට ඕන උදව්වක් කියන්න....."
"හ්ම්....... පෙරේරා..... ඇයි මෙතන මිනීමැරුමක් වෙලත් ලේ පාරක්වත් නැත්තෙ?" හෝම්ස් විමසීය.
එකෙනෙහිම පිළිතුරු ලැබුනේ ගුණතිලකගෙනි.
"සර්,.... පැය දෙකක් විතර ගියාට පස්සෙ ඔතන හෝදල දැම්ම! ඒකයි....."
"මොනව! හේදුව? ඔහේලට පිස්සුද? අපරාධයක් වෙච්ච ස්ථානයක තියන සාක්ෂි හෝඩුවාවල් ඔක්කොම විනාශ වෙනවනෙ මනුස්සයෝ!" හෝම්ස්ගේ කටහඬෙහි තිබුනේ කෝපයකි.
"ඕක මොකද්ද සර්, ජනාධිපති කෙනෙක් පාර මැද්දෙ මරල දාපු වෙලාවෙත් හෝදන්න කලින් තිබුනෙ පැය බාගයයි සර්!"
"මෙහෙමත් බූරුවො!" මට කියවුනේ මවුබසින් වීම භාග්‍යකි! ස්ථානීය පරීක්ෂාව අත්හැර දැමූ හෝම්ස් අවට ප්‍රදේශය පරීක්ෂා කිරීමට විය.
"ධනවර්ධන මුදලාලි වාහනෙන් බහිනකොටම තමයි බයික් එකේ ආපු, මූන වහගත් දෙන්න වෙඩිතියල තියෙන්නෙ.... නමුත් කවුරුහරි කෙනෙක් ඔත්තුවක් දෙන්න ඇති වොට්සන්!"
"හරි! මේ තියෙන්නෙ තැන.... මෙතන කිහිප දෙනෙක් ඉඳල තියනව.... මේ තියෙන්නෙ එයාල බීපු සිගරට් කොට.....බීපු ප්‍රමාණය අනුව නම් සෑහෙන්න වෙලාවක් ඔත්තුකාරය මෙතන ඉඳල තියනව වොට්සන්...."
එහෙත් ලාංකීය නිලධාරියා බාධා කලේය.
"සර්.... මේ හරියෙ ඉන්න කොල්ලො කුරුට්ටො අන්න අර කඩෙන් ගන්න සිගරට් බොන්නෙ මෙතන.... ඒකයි මෙච්චර සිගරට් කොට තියෙන්නෙ..... නැතුව ඔත්තුකාරයගෙ වැඩක් වෙන්න බෑ.... නේද සර්?"
"ඒක එහෙම නං ඒ පැත්ත ගැන වෙහෙසෙන එකත් වැඩක් නෑ වොට්සන්"
"ඔව් සර්..... ලංකාවෙ හැටි ඔහොම තමයි.... අනෙක ඔතන තාප්පෙ ගහල තියෙන්නෙ දුම්බීම තහණම් කියල..... ඒ තැන්වල තමයි සිගරට් බොන්නෙ....."
"හ්ම්! "
පොලිස් නිලධාරීන් දෙදෙනා පිටත්කල හෝම්ස් මා කැටුව "සිගරට්" කඩයට පැමිණියෙමි.
"අපි බලමු වොට්සන් මෙතනින් හෝඩුවාවක් හොයාගන්න පුළුවන්ද කියල!"
එහෙත් අවසානයේ එයද අසාර්ථක විය. හේතුව කිසිවෙකු ගොක්කොල සිරීට විරුද්ධව කිසිවක් නොපැවසීම බැව් සිතාගැනීම අපහසු නොවීය. අප නැවතත් හෝටලයට පැමිණියෙමු. සවස් කාලයේ යලිත් අමුත්තෙකු පැමිණ ඇති බැව් සේවකයා විසින් දන්වන ලදී.
"වයසක ගෑණු කෙනෙක් සර්.... යන්න කියන්නද?" සේවකයා විමසීය.
"එපා එවන්න,...... බලමු වොට්සන් ඒ ගමන මොකද වෙන්නෙ කියල!"
පර්දාවකින් වසාගත් හිස පහතට නැඹුරු කරගත් ඕ යන්තමින් හිස එසවීය, පුදුමයකි! ඇය රූමත් තරුණියකි.....
"හෝම්ස් මහත්තයා.... කරුණාකර ඔබතුමා කරන පරීක්ෂණය වහාම නවත්වන්න..... රහස් පරීක්ෂණ කරන්න ලංකාව හොඳ රටක් නෙවේ.... අන්තිමට ඔබතුමත් අපරාධකාරයෙක් වෙන්න පුළුවන්.... නැත්තං දෑත් ශක්තිමත් කරන්න යන්නත් පුළුවන්.....මම යනව මෙන්න මගේ කාඩ් එක!"
"මේ මොකද වෙන්නෙ වොට්සන්! එක අතකට ඒ කාන්තාව කියපු කතාව ඇත්ත කියලත් මට හිතෙනව, හැබෑටම බලන්න ඔය කාඩ්පත, ඇයගේ නමවත් බලාගන්න!" මා කාඩ්පත බැලීමි.
"නදීෂා හේමමාලි" යනුවෙන් නමක්ද ලිපිනයක්ද දුරකතන අංකයක්ද එහි විය.
වොට්සන්, මේ ගොක්කොල සිරී කියන පාතාල නායකයට සෑහෙන්න සම්බන්ධකම් ඇති! ඒකයි අපිට අනතුරු ඇඟවීමක් ලැබුනෙ.... දැන් මේ ගැන මගේ උනන්දුව එන්න එන්නම වැඩි වෙනව වොට්සන්. අපි හෙට ආයෙත් යන්න ඕන මරණය සිදුවූ ස්ථානයට"
*****
පසුදින උදෑසන ආහාරය සඳහා පිටත් වීමට මත්තෙන් හෝටල් සේවකයා විසින් කාමරයට ගෙනදුන් පුවත්පත් පෙරලමින් සිටියේ හෝම්ස් සූදානම්වන තෙක්ය. එක්තරා පුවතකට මගේ අවධානය යොමුවිය.
"හෝම්ස් මෙන්න ඔබට වැදගත් ප්‍රවෘත්තියක්! පොලිස් නිලධාරියෙකුගේ ඝාතනයක්! සැකකරුව ගොක්කොල සිරී!" බාගෙට අඳිමින් සිටි හෝම්ස් ක්ෂණිකව පැමිණියේය.
"කියවන්න වොට්සන්....."
පොලිස් නිලධාරියෙකු ඝාතනය කරයි!
"වැල්ලවත්ත පොලිසියේ සේවය කල පොලිස් සැරයන් පියතිලක මහතා ඊයේ රාත්‍රී නිවසේ සිටියදී කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇත....ඝාතකයා ගොක්කොල සිරී බව සැක කරන...."
"ඇති වොට්සන්.... අපි දැන්ම යමු..... තාම ගෙදර හෝදන්න නැතුව ඇති"
පැය භාගයක් ඇතුලත හෝම්සුත් මමත් පොලිස් නිලධාරියාගේ නිවසට ලඟාවිය. හෝම්ස්ගේ නම, ඒ වනවිටත් පොලිස් ආරක්ෂාව යොදා තිබූ නිවසට ඇතුළු වීමට තරම් බලවත් විය. විශාල වශයෙන් පැමිණ සිටි රූපවාහිනී මාධ්‍යවේදීන්, හඬමින් සිටි පොලිස් නිලධාරියාගේ භාර්යාව සහ දරුවන්ගේ විස්තර ලබාගැනීමට උත්සාහ කිරීම නිසා ඔවුන් සමඟ කතාබහ කිරීමේ අවකාශය මඟහැරිනි. කෙසේ වෙතත් පැයක පමණ පරීක්ෂණ කටයුතු වලින් පසු හෝම්ස් සෑහීමකට පත්වූ අයුරක් දිස්විය.
"වොට්සන් අපි යමු. සමහර විට උදේ ආහාරය තාම ඇති!"
එන ගමනේදීද කිසිවක් නොපැවසූ හෝම්ස් නිහඬව ආහාර ගත්තේය. කාමරයට පැමිණ සුරුට්ටුවක් දල්වාගත් හෝම්ස් ඉන් අඩක් පමණ අවසන් කර කටහඬ අවධි කලේය.
"වොට්සන්, ගොක්කොල සිරී අල්ලගන්න තරම් සාක්ෂි මට තියනව කියලයි හිතෙන්නෙ....බලමු! ලංකාවෙ පොලීසියට මොකද කරන්න පුළුවන් කියල! හෙට හවස අපි යනව ගොක්කොල සිරි අල්ලන්න!"
එදින සන්ධ්‍යා භාගයේ චිත්‍රපටයක් නැරඹු අප කාමරයට පැමිණෙන විට රාත්‍රී දහය පමණ විය. ඒ සමඟම කාමරයට පැමිණි හෝටල් සේවකයා යම් පාර්සලයක් හෝම්ස් වෙත දිගු කලේය.
"සර්, පොලීසියෙ මහත්තයෙක් ඇවිල්ල මේක හෝම්ස් මහත්තයට දෙන්න කිව්ව" පාර්සලය හෝම්ස්ට දුන් සේවකයා පිටත් විය.
"වොට්සන්, ලංකාවෙ අපරාධ සිද්ධි සම්බන්ධ පුවත්පත් වාර්තා ටිකක් ලබාදෙන්න කියල මම අර පොලිස් අධිකාරී කෝන්ගොඩ වික්‍රමපාල මහත්තයට කිව්වනෙ.... අන්න ඒ ටික තමයි මේ.... වොට්සන් නිදාගන්න.... මම මේ ටික කියවන්න ඕන...."
"එහෙනං සුභ රාත්‍රියක් හෝම්ස්"
"සුභ රාත්‍රියක් මිත්‍රයා"
*****
පසුදින අවදිවූ මා හෝම්ස්ට කලින් සූදානම් වීමට සිතුවද ඒ වනවිටත් හෝම්ස් කලබලයෙන් මෙන් ලැහැස්ති වෙමින් සිටියේය.
"වොට්සන් ඉක්මන් කරන්න.... පරක්කු වෙන්න වෙලාවක් නෑ.... දැන්ම ගියොත් විතරයි අපිට ගොක්කොල සිරී පන පිටින් අල්ලගන්න පුළුවන් වෙන්නෙ...."
කඩිනමින් සූදානම් වූ මා හෝම්ස් සමඟ ටැක්සියක නැඟගත්තෙමි.
"ඇයි හෝම්ස්? ඔබ කලින් කිව්වෙ හවස යනව කියල නේද?"
"ඔව් වොට්සන්..... නමුත් ඊයෙ රෑ තුන වෙනකල් අර පත්තර වාර්තා කියවපු මට තේරුනා ගොක්කොල සිරි අල්ලගන්නව නං උදේම යායුතුයි කියල.... නැත්තං අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්!..... වොට්සන්ට මතක ඇති අපි වෙනදට මෙහෙම කඩිනමින් යන්නෙ අපරාධ කාරයෙකුගෙන් අහිංසකයෙක් බේරගන්න..... අද යන්නෙ අපරාධ කාරයෙක් ඊට වඩා අපරාධ කාරයෙකුගෙන් බේරගන්න......"
"ඒ කිව්වෙ හෝම්ස්?"
"යමුකො..... ඩ්‍රයිවර් මහත්තා ටිකක් ඉක්මන් කරන්න"
අප ගොක්කොල සිරිගේ නිවසට යන විට එහි සෙනඟ ටික දෙනෙකු රැස්වී සිටියේය.
"වොට්සන් අපි පරක්කු වැඩියි....."
"ඇයි හෝම්ස් මොකද වෙලා තියෙන්නෙ මට මොකුත් තේරෙන්නෙ නෑ"
"ආපහු යමු වොට්සන්..... කෙලින්ම හෝටලයට....එතනින් එංගලන්තයට......!"
*****
හෝටලයට පැමිණ ලැහැස්ති වූ අප ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානයට ගොඩවී අසුන්ගන්නා තෙක් හෝම්ස් සිටියේ නිහඬවය.
"වොට්සන්.... මම තීරණය කලා රහස් පරීක්ෂණ කටයුතු වලින් විශ්‍රාම ගන්න!"
"මොනව.....!" මට කියාගතහැකි වූයේ එපමණය. වසර ගනනාවක් තිස්සේ දිවා රෑ නොබලා හෝම්ස් සමඟ කල පරීක්ෂණ සිතුවම් පටයක් සේ මගේ මනසෙහි ඇඳෙන්නට විය. එහෙත් රහස් පරීක්ෂණ නැවැත්වීමට තරම් කලකිරීමක් ඇතිවීමට තරම් සිත් වේදනාවක් හෝම්ස්ට ඇතිවීම මවිතයට හේතුවිය.
"ලෝකයේ එක පැත්තක මේ වගේ දේවල් සිදුවෙද්දි එංගලන්තෙ ඉඳගෙන රහස් පරීක්ෂණ කටයුතු කරන්නත් මට එපාවුනා වොට්සන්..... එදා ගොක්කොල සිරී අත්අඩංගුවට ගන්න තරම් ප්‍රබල සාක්ෂි මම පොලිස් නිලධාරියාගේ නිවසින් සොයාගත්ත.... නමුත් අර පත්තර වාර්තා වල හැටියට නං මේ වෙද්දි ගොක්කොල සිරී ජීවතුන් අතර නෑ!"
*****
බේකර් වීථියේ නවාතැනට පැමිණි අප ගමන් විඩාව මඟහැරෙන තෙක් නිඳාගතිමු! පසුදින උදෑසනින් අවදි වූ හෝම්ස් ළමයෙකුට පැන්ස දෙකක් දී ලංකාවේ පුවත්පත් කිහිපයක් ගෙන්වාගත්තේය.
"බලන්න වොට්සන්.... මගේ අනුමානය හරියට හරි! බලන්න මේ ප්‍රවෘත්තිය"
"දින දෙකකට පෙර වැල්ලවත්ත පොලිස් නිලධාරී ඝාතනයේ සැකකරු වූ සෙත්සිරිගම සිරිමල් හෙවත් ගොක්කොල සිරී ඊයේ පොලිස් වෙඩි පහරින් මියගියේය. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහු ආයුධ කිහිපයක් සඟවා තිබූ ස්ථානයක් පෙන්වීමට ගොස්, එහි තිබූ තුවක්කුවක් රැගෙන පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබූ අවස්ථාවේ ආත්මාරක්ෂාව සඳහා පොලිසිය තැබූ වෙඩි පහරින් තුවාල ලබා කොලඹ මහ රෝහලේදී මියගියේය. සිද්ධියෙන් කම්පණයට පත් පොලිස් නිලධාරියෙකුද මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ අතර ගොක්කොල සිරී මියයාම හේතුවෙන් ඔහු නිසා පීඩාවට පත්වූ ගම්වැසියන් මාර්ගය පුරා රැස්වී කිරිබත් පිස කමින් ප්‍රීති වන අයුරු දක්නට ලැබීය......."
"වොට්සන් මේ සිදුවීම ලියන්න ඔබට අවසර නෑ!"
*****
"ශ්‍රී ලංකාවෙ සංචාරයෙන් නං හොඳක් උනේ නෑ නේද හෝම්ස්?"
"නැත්තෙත් නෑ.... එදා එද්දි ගෙනාපු කේජී ටිකක් තාම තියනව වොට්සන්!" පයිප්පයට මොනවාදෝ ඇතුළු කරමින් හෝම්ස් කීවේය..
ලිපිය සහ ඡායාරූපය
සුදේෂ් කරුණාතිලකගෙන්.
මේ රටේ මිනිස්සු කඩවලින් කන්නේ, බොන්නේ වහ! ඒක බොරුවක් නොවේ. කඩකාරයෝ හදන කෑම බීම ජාතිවලට දමන ද්‍රව්‍ය බොහෝ විට නිෂ්පාදනය කරන්නේ ප්‍රමිතිගත නිෂ්පාදනාගාරවල නොවේ. ඒ වගේම මොවුන් යොදා ගන්නේ නිෂ්පාදනවලට අවශ්‍ය සැබෑ අමුද්‍රව්‍ය නොවේ. වස සහ විසයි.
මේ බව වඩාත් තහවුරු වන්නේ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් දෙසැම්බර් 11 වැනිදා කොළඹ කොම්පඤ්ඤවීදියේ සිදුකළ වැටලීමකදී. මෙම ස්ථානයේ තිබී නිලධාරින් විසින් තක්කාලි සෝස්, මිරිස් කුඩු සහ කහ කුඩු සොයා ගත්හ. තක්කාලි සෝස් සෑදීමට මෙම ජාවාරමුන් විසින් යොදා ගෙන ඇත්තේ චුයින්ගම් නිෂ්පාදනය කිරීමට ගන්නා ඇලෙන සුළු ගම් වර්ගයක් හා වර්ණ ගැන්වීම සඳහා යොදා ගන්නා ෆැබ්රික් ඩයි වර්ගයකි.මොවුන් සිරයට නොව, පණපිටින් අපාගත කළත් ඒ දඬුවමත් මදි තරම් ය.
ගම් හා ඩයි මිශ්‍රණයට තක්කාලි සෝස් ස්වල්පයක් දමා ඉතිරියට වතුරද දමා කවලම් කොට ඇලන සුළු තත්ත්වයෙන් තක්කාලි සෝස් නිපදවා තිබේ. අනතුරුව විවිධ ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතලවලට තක්කාලි සෝස් අසුරා කඩවලට අලෙවි කරන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එවැනි තක්කාලි සෝස් ලීටර් දෙදහසක් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත්හ.
මෙම අපරාධකරුවන් මිරිස් කුඩු සහ කහ කුඩු නිපදවීම සඳහා යොදාගෙන ඇත්තේ කල් ඉකුත් වූ බටානා පිටි, රතු පැහැති ෆැබ්රික් ඩයි, සිවුරු වර්ණ ගන්වන ෆැබ්රික් ඩයි යනාදියයි. එම ඩයි වර්ග හා බටානා පිටි යොදා සකස් කළ ‘මිරිස් සහ කහ කුඩු’ කිලෝ ග්‍රෑම් පන්සියයක් අධිකාරියේ අත්අඩංගුවට පත් විය.
ඒ වගේම මෙම ස්ථානයේ වැසිකිළි සෝදන දියර සහ පිඟන් සේදීමට ගන්නා සේදුම් දියරද නිෂ්පාදනය කර තිබෙන අතර ඒවා සකස් කිරීමට භාවිතා කළ භාජන, තක්කාලි සෝස් නිපදවන්නට පාවිච්චි කර තිබෙන බවත් අනාවරණය වී තිබේ.මෙම පවුකාරයින්ට දිය යුතු දඬුවම කුමක්දැයි මෙය කියවන ඔබම යෝජනා කරනු මැනවි. මොවුන්ට දඬුවම් ලබා දීමේ බලයක් අපට නැත. නමුත් එයින්වත් සෑහිමකට පත් වීමට පිළිවන.මේ ආකාරයට නිපදවන සෝස් වර්ග සහ මිරිස්,කහ කුඩු ඇතුළු තුනපහ වර්ග යවන්නේ කොහාටද?
මහපාරවල දිගටම දකින්නට ඇත්තේ කොත්තු රොටි කඩ, චයිනීස් රෙස්ටුරන්ට්, පේස්ට්‍රි ෂොප්, පළතුරු බීම කඩ, ආප්ප කඩ යනාදියයි. සවස 5 -6 වන විට මේවාට ඇඟිල්ලක් ඔබන්න බැරි තරමට පාරිභෝගිකයින් පිරී සිටිති. බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ සතියකට දෙතුන් වතාවක් කඩෙන් කන්නටය. ඊට රැයක් දවාලක් කියා වෙනසක් ද නැත. සමහර පේස්ට්‍රි ෂොප්වල වාඩි වී කට්ලට්ස්, පැටිස් තක්කාකාලි සෝස්වල පොඟවා ගෙන යස අපූරුවට බුදින අයුරු අමුතු දසුනක් නොවේ. නමුත් මෙම ආහාර නිපදවීමට යොදා ගන්නා පිටි, සීනි, මිරිස්, කුළු බඩු වර්ග සැබෑ පිරිසිදු ද්‍රව්‍ය නොවන බව ඉතා පැහැදිලිය.
කොත්තු රොටීකාරයට,චයිනීස් ෆුඩ් ෂොප්කාරයාට අවශ්‍ය ලාභයට කුළු බඩුය.සෝස් වර්ගය. රටට නොවේ,මිනිසුන්ගේ බඩ පපුවට මොන වසංගයක් සෑදුනත් මොවුන්ට වගක් නැත. අවශ්‍ය වන්නේ රීරිමාංශ විකුණා හෝ මුදල් උපයන්නටය. ඒවා සැපයීම සිදුකරන්නේ ඉහත කී තක්කඩි ජාවාරමුන්ය.
කොත්තුකාරයාට අවශ්‍ය කොත්තුව විකුණා ගන්නටය. ඊට යොදන සෝස් වර්ග, ලුණු, මිරිස්වල ප්‍රමිතියක් ඔහුටද අවශ්‍ය නැත. රත් වූ තැටියට ගෝදම්බ රොටි අහුරක් දමා, කුණු බිත්තරයක් ද ඊට කඩා දමා, ඩයි මිරිස් කුඩු, ඩයි සෝස් කළළුම් කොට, රටටම ඇහෙන්න තැටියට තාලයට තඩි බා, උණු උණුවේ
ෂොපින් කොළයට දමා, පාර්සල් ගසා දෙන කුණු කොත්තුව රැගෙන යන්න පාරිභෝගිකයින් බලා සිටින්නේ නොඉවසිල්ලේය.එය බුදින තුරු ඉවසිල්ලක් නැති තරම්ය. දහදරාව දමා සකස් කළ කොත්තු හා චයිනීස් රස කරමින් ආහාරයට ගනිද්දී හෙට දවසේ තමන්ට වැළඳෙන්නේ දොස්තරවරුන්ටවත් සොයා ගන්නට බැරි අසනීපයක් බව අප කාටත් සිතෙන්නේ නැති තරම් ය. ඒ තරම් ප්‍රණීත රසයකින් දිව පිනා යයි.
මේ අන්දමට මගෝඩියන්ට රටේ රජ කරන්නට හැකි වී ඇත්තේ රටේ නීතියට අංශබාගේ රෝගය වැළඳීම නිසාය. කුණු කරවල, කුණු පළතුරු ඕනෑ තරම් පිටකොටුව ප්‍රදේශයේ විකුණති. සමහර වෙළෙන්ඳන් බොහෝ විට රැගෙන එන එළවළු සහ මාලු වර්ග මඳක් එහා මෙහා පෙරළන විට හොඳ මාලු එළවළු අස්සේ සඟවා ගෙන ආ කුණු මාලු සහ එළවළු සොයා ගන්නට පිළිවන. මොවුන් නොබියව මෙවැනි අපරාධ සිදු කරන්නේ නීතියට අංශබාගේ වැළඳීම නිසා නොවේ නම් වෙන කුමක් නිසාද?
මෙම භාණ්ඩ කිරන්නේද හොර තරාදිවලින්ය. පාරිභෝගික ජනතාව වෙළෙන්දන්ගේ අතට අසුවුණ මොහොතේ පටන් ගසා කෑමකට ලක් වන්නේ නීතියේ පවතින දැවැන්ත සිදුරු නිසාය.
කෙසේ වෙතත් මෙම ජාවාරමුන් අත්අඩංගුවට ගන්න, පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරින් දරන වෙහෙස අප ඉතා ඉහළින් අගය කරන්නෙමු. ඔවුන් මෙම මගෝඩි වෙළෙන්දන් කුදලා ගෙන ගොස් උසාවි දමා දඩ ගසන්නට කටයුතු කරති. නමුත් තක්කඩි වෙළෙඳාම රටින් තුරන් කර දැමිය නොහැක්කේ තල්මසුන් වැනි ලොකු ප්‍රමාණයේ තක්කඩි ජාවාරමුන්, පිටකොටුවේ ඇටවල්ලන් වැනි තක්කඩි වෙළෙන්ඳන්ට ඉහළින් රජ කරන නිසාය. ‘තල්මසුන්’ අත්අඩංගුවට ගන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ගේ දෑත් දිගු මදිය.
ko3සමාජයේ ඉහළින් හිඳ අපරාධ කරන පුද්ගලයන් සඳහා රටේ නීතිය එකක්ය. පහළ පංතියට නීතිය තව එකක්ය. ජනතාවට පෙනෙන්නේ ඒ වගේය. මේ දෙබිඩි ප්‍රතිපත්ති නිසා නීති බල ගන්වන්ට සිටින බොහෝ නිලධාරින් පසුවන්නේ දැඩි සිත් වේදනාවෙන් බව අප දනිමු.
ආසියාවේ ලොකුම හෙරොයින් තොගයට බදු පනවන්නට එපා යැයි කී අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා පවසන්නේ තමන් එවැනි ලිපියක් රේගුවට නිකුත් නොකළ බවයි. රේගුව කියන්නේ එවැනි ලිපියක් ලැබුණ බවයි. මේ සිද්ධිය ගැන සම්බන්ධිකරණ ලේකම්වරයාගෙන් මේ දක්වා කිසිම කට උත්තරයක් පොලිසිය ලබාගෙන නැත. එවැනි පුද්ගලයෙක් අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා වශයෙන් සේවය කළා දැයි පොලිසිය අගමැතිවරයාගෙන් විමසීමක් කර නැත.
කුඩු සිද්ධියකදී පොලිසිය ක්‍රියාත්මක වන පිළිවෙලට හාත්පසින්ම වෙනස් ‘හුළං බැහැපු’ තත්ත්වයකින් මෙහිදී ක්‍රියා කරන බවක් ජනතාවට පෙනෙන්නට තිබීම කොහෙත්ම හොඳ නැත. කුඩු ග්‍රෑම් හතරට මරණ දඬුවම නියම කරන රටේ කුඩු කිලෝ ග්‍රෑම් 131ක අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන පිළිවෙල පොලිස් නීති පොතේ කොතැන තිබේදැයි කියන්නට අප දන්නේ නැත. එහෙව් රටේ කොත්තු රොටිය, පේස්ට්‍රිය, චයිනීස් ඇතුළු ආහාර, පළතුරු බීම වස විසෙන් නිපදවීම එච්චර අරුමයක් නොවේ.
සටහන: මේ අපේ ලිපියක් නොවේ. උපුටාගැනීම "ජන සංසදය" බ්ලොග් අඩවියෙනි. මෙය අප පළකරන්නේ මෙවැනි පුවත් කිසිදා ජාතික පුවත්පත් වලට වාර්තානොවන බවට මරාගෙ රෙජීමය වගබලාගන්නා බැවිණි.
'' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා, මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කණ් දෙකට ගැහුව්වා..........
රාත‍්‍රීය 10.00ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසා,විනාඩි 10, එවෙලාවේ වාට්ටුවේ හිටිය 22 නාටම පෙන්වන්න කිව්වා................
බුදු පිළීමය ලඟදි අවට ලයිට් නිව්වා. ඔලූවට ගෝනියක් දමා, මුහුණ වැහෙන්න බෙල්ලට තබා තද කලා. බිම වැටෙනකන් පොලූවලින් පයින් ගැහුව්වා, බිම වැටුනාට පස්සෙත් ගැහුව්වා..............
වාට්ටුව බාර කොල්ලාට කියවා මාව එළීවෙනකන් නැව්වා................ "
ජනාධිපති රාජපක්ෂ පාලනෙය් රැකවරණය හා අශිර්වාදය හිමි කරෙගන මෙම අපරාධය මෙහෙයවුයේ ගාල්ල බන්ධනාගාරෙය් නියාමක නුවන් මෙන්ඩිස්, මංකොල්ල කෑම්, පිහි ඇනුම් ඇතුළු අපරාධ කිහිපයක සැකකරුවකු වන අතර, ගාල්ල බන්ධණාගාරයේම රිමාන්ඞ් ගතව සිටි කිහිප වතාවක් වැඩතහනම් වූ අයෙකි.
ගාල්ල බන්ධණාගාරය තුල මෙසේ අමානුෂික ලෙසට වධයට, නින්දිත සැලකිලි වලට, ලිංගික හිරිහැරයට භාජනය වුයේ උසස් පෙළ විභාගයට ඉගෙනුම ලබන, අම්බලන්ගොඩ පදිංචි කරුවකුවන සජිත් මධුෂාන් තරුණයාය.
ඔහු, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට කරන ලද පැමිණිල්ල මෙසේය.
''2013.10.24 වන දින, රාත‍්‍රියේ අම්බලන්ගොඩ, පටබැඳිමුල්ල, පිහිටි "ජොනා ප්ලේස්" නැමැති අවන්හලේ, සේවය කරන ගැමුණූ නැමැති අරක්කැමියාට දෙදෙනෙකු පහරදී තුවාල සිදු කර තිබේ.
මෙම සිද්ධියට මා සම්බන්ධ බවට සැකකර තිබේ....
සිද්ධියට පසු දින, අම්බලන්ගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිවිල් ඇඳුමින් ත‍්‍රී රෝද රථයකින් දහවල් 1.00 ට පමණ පැමිණින ”පැටී” පුතා නේද කියා මවගෙන් අසා ඇත. මව, මා සිටින්නේ කොළඹ බාප්පලාගේ ගෙදර බව ඔවුන්ට කියා තිබේ. එදින රාත‍්‍රියේදී ද පොලිසියෙන් පැමිණ ඇත.
මා, 2013.10.23 දින සිට 2013.11.03 දක්වාම හිටියේ බොරලැස්ගමුවේ බාප්පලාගේ ගෙදරය. මට, ගෙදරින් පණිවුඩයක් ලැබුනා,ඉහත සිද්ධිය අදාලව මාව පොලිසියට අවශ්‍ය බව හා මාව පොලිසියට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටින බව.
ඒ අනුව, 2013.09.03 දින මා ගෙදර පැමිණ, 2013.09.04 වන දින නීතිඥ මහතකු මගින් අම්බලන්ගොඩ පොලිසියට ඉදිරිපත් වුණෙමි. පොලිසියේදී මා ගෙන් ප‍්‍රකාශයක් ගෙන සවස 3.00 ට විතර, බලපිටිය අධිකරණයට ඉදිරිපත් කලා.
ඒ අවස්ථාවේ, සිද්ධියට අදාලව තවත් සැකකරුවෙක් සිටින බව පොලීසිය ප‍්‍රකාශ කිරිම නිසා, මාව 2013.09.11 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. එදින, සවස 6.45 ට පමණ, බන්ධානාගරයේ බස් රථයෙන් තවත් අයෙකු සමග එකක්ර මාංචු දමා ගාල්ල බන්ධණාගාරයට ගෙන ගියා.
ගාල්ල බන්ධණාගාරයට ගෙන යන විට රාත‍්‍රී 7.30 ට පමණ වුනා...........
ඒ අවස්ථාවේ, මා නිවස අසල පදිංචි, ගාල්ල බන්ධණාගාරයේ නියාමකවරයෙකු වන නුවන් මෙන්ඩිස් එතැන හිටගෙන හිටියා.ඔහු ඉදිරියට පැමිණ, මාගේ කමිස කොළරයෙන් කරකවා අල්ලා ඇද, රෑට උඹව හමගහනවා කියා කිව්වා. ඔහු ඇඳ සිටියේ සුදු පාට ටී ෂර්ට් එකක් හා ඩෙනිම් කලිසමක්.
මාව, බන්ධණාගාරයේ ඇතුලේ කාමරයකට ගෙන ගියා. එහිදී සියලූම දෙනාව පේලියකට තබා, ලියාපදිංචි කලා. එම නිලධාරියා ලියාපදිංචි කල පොතද රැගෙන ඉන් පිට වුනා.ඊට පසුව අනෙක් අයව, පරීක්ෂා කර, බන්ධනාගාරයේ වාට්ටු වලට පිටත් කර හැරියා.
අන්තිමට මාව ඉතුරු වුනා. මාව කාමරයකට ගත්තා. .... මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා,මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කණ් දෙකට ගැහුව්වා. හතර පාරක් විතර ගැහුව්වා....... එයින් පසුව, මාව කාමරයෙන් එළීයට දැම්මා. එලියේ සිටිය නියාමකවරු තුන්දෙනෙක් මට ගැහුව්වා. එසේ ගහන කොට, බන්ධණාගාරය තුලට යන ගේට්ටුවට අනෙක් පැත්තෙන් (බන්දණාගාර ගොඩනැගිලි පැත්තේ) සිටි නියාමකවරු ” ඕකාව විනාඩි පහකට මට දෙන්න” කියමින් මාව ඉල්ලා සිටියා.......
මා බන්ධණාගාර ඇතුළු ගේට්ටුවෙන්, බන්ධණාගාර ගොඩනැගිලි තිබෙන තැනට තල්ලූ කලා. එතැන බුදු පිළීමය තිබුනා. අවට ලයිට් නිව්වා. මට අතින් පයින් පහර දුන්නා. එතැනදී බිම වැටුනාට පස්සෙත් ගැහුව්වා.
ඉන්පසු නැගිට්ටවා, වරෙන් උඹව වාට්ටුවට දාන්න කියා දිග පොල්ලක් අතේ තිබුන නියාමකවරයා මාව ඇදගෙන ඇතුලට ගෙන ගියා. කණූවල තිබුන ලයිට් නිව්වා. මගේ ඔලූවට දුගඳ හමන ගෝනියක් දමා, මුහුණ වැහෙන්න බෙල්ලට තබා තද කලා. බිම වැටෙනකන් පොලූවලින් පයින් ගැහුව්වා........
පසුව පහරදීම නැවැත්වුවා. මූණ වසා තිබුන ගොනිය ඉවත් කලා. ලයිට් දාලා තිබුනා. පොල්ල අතේ තිබුන නියාමක පමණයි සිටියේ. අනෙක් අය පේන්න හිටියේ නැහැ.............
එතැන වොලිබොල් කෝට් එක ළඟට ගෙන ගියා. එතැන ලයිට් එකද නිව්වා. ඔහු මාව පිටුපස හරවා, අත් දෙක බිත්තියට තියන්න කියා. මගේ දණහිස් වලට පොල්ලෙන් පහර දුන්නා. මාව වැටෙනකන් ගැහුව්වා. මාව නැගිට්ටවා ඇදගෙන ගොස් වාට්ටුවක් ඇතුලට දැම්මා. වාට්ටුවට දැම්මේ කණට පාරවල් හතරක් ගසා.
වාට්ටුවේ විනාඩි පහක් පමණ ඉන්නකොට, නියාමක වරයෙක් පැමිණ, මගේ කණට ගසමින් එළීයට ඇදගෙන ආවා. එලියට ගත්තු ගමන්, යලිත් ඔහු අත තිබුන පොල්ලෙන් මගේ දණහිස් වලට ගැහුව්වා.
එතැනින් අරන් ගිහිල්ලා වෙනත් වාට්ටුවකට දැමමා. එය ”G” වාට්ටුව. ඒ වාට්ටුව ඇතුලට දාන්න ඉස්සෙල්ලා පොලූ පාරවල් තුනක් දණහිස්වලට ගසා ඇතුලට තල්ලූ කලා. වාට්ටුවේ හිටපු, බාර කොල්ලාට කතාකොට කිව්වා, මූට රෑට නිදාගන්න දෙන්න එපා කියා කිව්වා. මාව තල්ලූ කලා වැසිකිලිය ලඟට. මා ඒ අසල වාඩි වුනා. ඔලූව දණහිස් උඩ තියා ගත්තා. එවිට නැවත මට නියාමකවරු දෙන්නා කතාකොට, බොට ඔහොම ඉන්න දෙන්න බෑ කිව්වා. කොන්ද කෙළින් තියාගෙන වාට්ටුවේ කෙළවරට ගොස් නැවත ගේට්ටුව ළඟට දණගාගෙන එන්න කිව්වා.
එසේ දණගාන කොට, මා වැටෙනවා. වැටුන හැම වේලාවේම නැවත මුල ඉඳලාම දණගාන්න කිව්වා. ඒ ආකාරයට මම හතර පස් වතාවක්ම ගියා. ඉන් පසුව, නියාමකවරු වාට්ටුව බාර කොල්ලාට කිව්වා මූව එළීවෙනකන් නාවන්න කියා. ඔහු මාව වතුර බැරල් එක ගාවට ගෙන ගිහින්, කලිසමයි, ෂර්ට් එකයි ගලවා වාඩි කරවා මාව නෑව්වා. එසේ මාව හත් අට වතාවක් නෑව්වා. ඊට පස්සේ නියාමක මට, වතුර බැරලයට බැහැලා ඉන්න කිව්වා. උදේ පාන්දර නියාමකවරයෙක් කිව්වා මට බැරලයෙන් බහින්න කියා.
මම එදින (05දා) වාට්ටුවට වී ඉන්නකොට, දවල් 11.30 පමණ, නියාමක නුවන් මෙන්ඩස් පැමිණ මාව එළීයට ගත්තා. ඒ වෙලාවේ, අනෙක් සිරකරුවන් කෑමට ගිහිල්ලා. මාව ඔහු කාටවත් නොපෙනෙන තැනකට (කුස්සිය පැත්තට) ගෙනිච්චා. ”බොට දුන්නේ ටිකයි, අද රෑටත් තියෙනවා බොට ”පෝරියල්” එක කියා ඔහු අත තිබූ පොල්ලෙන් මගේ දණහිස්වලට තුන් හතර පාරක් ගැහුව්වා. මට ඔහු කිව්වා පලයන් වාට්ටුවට කියා. මම වැටි වැටී වාට්ටුවට ගියා.
වාට්ටුවේ ඉන්න කොට, දවල් එකට විතර, මගේ නම කියනවා ඇහුණා. මම නැගිට්ටා. විසිට් එකක් ඇවිල්ලා කිව්වා. මට කෙළීන් හිටගන්න බැරිව හිටියේ. එවිට, අච්චු විඳින සිරකරුවන් දෙන්නෙක් පැමිණ මාව වත්තම් කරගෙන, ඉස්සරහාට ගෙනවිත්, විසිට් කූඩුවට දැම්මා. මගේ අම්මයි, නංගියි මා බලන්න ඇවිත් හිටියා. මම ඔවුන්ට කිව්වා, නියාමක නුවන් මෙන්ඩිස් මට ගැහුව්වා. ඔහු කියවලා, එළීවෙනකම් මට ගැස්සුවා, අදත් ගහනවා කිව්වා කියා. මාව මැරෙයි කියා මා පැවසුවා.
මගේ මව, ඒ අවස්ථාවේදීම අධීකාරී ළඟට ගොස්, මට පහරදීම ගැන පැමිණීලි කලා. ටික වේලාවකින්, මාව අධීකාරීවරයා ළඟට ගෙන ගියා. ඔහු මගෙන් ඇහුව්වා ගැහුව්වාද කියා. ඔහුට මම පාරවල් පෙන්නුවා. විස්තර කිව්වා. ඔහු සියලූ විස්තර අසා පහරදීමක් වෙලා තියෙනවා කියා, තවත් නිලධාරී මහතෙකුට මගෙන් කටඋත්තරයක් ගන්න කිව්වා. ඒ මහතා මගෙන් විස්තර අසා ලියා ගත්තා. ඒ අවස්ථාවේ මට පහරදුන්න හා මට ගැස්සවූ නියාමක නුවන් මෙන්ඩිස් ද එතැන හිටියා.
කටඋත්තර ලියා ගත්තු නිලධාරී මගෙන් ඇහුව්වා - ගැහුව්වේ හිරකාරයෝද, ගාඞ් මහතුන්ද කියා. මම කිව්වා සිරකාරයෝ සපත්තු දාන්නේ නැහැනේ කියා. එවිට අසල සිටි නුවන් මෙන්ඩිස් ඉදිරියට පැමිණ මගේ බෙල්ලට අතින් ගසා, ආ පරයෝ තෝ දන්නවාද කාටද කතා කරන්නේ කියා අසා, මූව ගෙනියන්න කියා නියාමකවරයෙකුට මාව බාර දුන්නා. ඒ වෙලාවේ මගෙන් ප‍්‍රකාශයක් ගත්තු නිලධාරියා මට අත්සන් කරන්න කිව්වා. මම කිව්වා කියවන්න කියා. කියවන්න දුන්නේ නෑ. නුවන් මෙන්ඩිස් මට බැණ අත්සන් කරන්න බලකලා. මම අත්සන් කලා. මාව ඊට පස්සේ වාට්ටුවට ගෙනහින් දැම්මා.
එදින (05 දා), රාත‍්‍රීයේ 10.00ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසා, විනාඩි 10, එවෙලාවේ වාට්ටුවේ හිටිය 22 නාටම පෙන්වන්න කිව්වා. මම ඒ අනුව පෙන්වා සිටියා.
පසුදින (06දා) උදේ කෑම වේලාවේ සිරකරුවෙක් (රිමාන්ඞ්) වාට්ටුව ළඟට ඇවිත් මාදම්පේ ඉඳලා ආපු කොල්ලා කෝ කියා ඇසුවා. මම එළියට ආවා. ඒ වෙලාවේ උදේ කෑම ගන්න යන්න වාට්ටුව ඇරලා තිබුනේ. ඔහු - ”උඹ නුවන් මෙන්ඩිස් මහත්තයාගේ මස්සිනාට කරදර කළේ ඇයි කියා අසා", ඔහු මට කිව්වා ”නුවන් මෙන්ඩිස් මට කිව්වා උඹට කණේ පාරවල් හතක් ගහන්න කියලා, නමුත් මම උඹට එහෙම කරන්නේ නැහැ, කෑම වේලාවෙදි ගහපු විදිහට ඉන්න” කිව්වා.
සිකුරාදා (08දා) උසාවි ගෙන එන්න වොලිබෝල් කෝඞ් එක ළඟ පෝලිම් කරලා ඉන්න කොට නුවන් මෙන්ඩිස් හා තවත් නියාමකයෙක් මගේ ළඟට ආවා. එම නියාමක මට ‘‘නුවන් මෙන්ඩිස් ව පෙන්වා’’ කිව්වා එළීයට ගිහිල්ලා කරදර කරන්න එපා, උඹ ආයෙත් ආවොත් පෝරියල් එක දෙන්නේ බාල්කවල එල්ලලා කියා.
මාව උසාවියට ගේන කොට, මගේ සෙරප්පු දෙක පවා දුන්නේ නැහැ. උසාවයේදී, මගේ මව නීතිඥ මහතෙකු මාර්ගයෙන් මට පහරදීම පිළිබඳව දිවුරුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කරලා තිබුනා. එතැනදී දැනගත්තා, මගේ මව 07දා මෝසමක් මගින් මට පහරදීම ගැන උසාවියට දැනුම් දීලා තියෙන බව. ඒ නිසා 08 දා මාව උසාවි ගෙන ආ බව.
නඩුව කථා කළ විට, මහේස්ත‍්‍රාත්තුමා මාව ඉදිරියට ගෙන්නුවා. මගෙන් විමසුවා. පහරදුන්නාද කියා. මම ඔව් කිව්වා. තුවාල පෙන්නුවා. මහේස්ත‍්‍රාත්තුමා, බන්ධනාගාරයට නියම කලා ඒ වෙලාවේම බලපිටිය මූලික රෝහලේ අධීකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාව ගෙන එන්න කියා.
බන්ධානගාර නිලධාරීන් මට මාංචු දමා පයින්, මීටර් 100 පමණ ගෙන ගිහින්, බන්ධණාගාර බස් එකට නැග්ගුවා. මට ගෙදරින් ගෙනත් දීපු සෙරප්පු දෙක දාන්න දුන්නේ නැහැ.
බලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී තුමා මාව පරීක්ෂා කර, වාර්තාව බන්ධණාගාර නිලධාරීන්ට බාර දුන්නා. නැවත මාව අධිකරණයට ගෙන ආවා.
නැවත නඩුව කැඳවූ විට, වෛද්‍ය වාර්තාව මහේස්ත‍්‍රාත්තුමාට ඉදිරිපත් කලා. මගෙන් මට පහරදුන්න නිලධාරියාව විමසුවා. මම අධීකරණයට ප‍්‍රකාශ කලා නියාමක නුවන් මෙන්ඩිස් සහ ඔහුගේ අවශ්‍යතාවයට තවත් නිලධාරීන් පහරදුන් බව. අධීකරණය බන්ධණාගාරයට නියම කලා මට පහරදීම ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට. මට ඇප ලබාදුන්නා.
දැනට මාගේ දකුණු කණ වේදනා ගෙන දෙයි. ඇසීම දුර්වලයි. එමෙන්ම මට නින්දයන්නේ නැත. සිනෙන් භයවි ඇහරේ..............
මා 2013. 11. 11 දින මේ සම්බ්ධයේන් ගාල්ල පොලීසියේ පැමිණිලි කළෙමි..... නමුත් මේ දක්වාම පියවරක් ගෙන නැති බව ප‍්‍රකාශ කරමි."
රතුපස්වල කරන ලද අමානුෂික මර්දනයෙන් මියගිය පිරිස මේ වන විට දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, ඒ සම්බන්ධව සත්‍ය දත්ත මේ වන තුරුත් පිට කර නොමැති බව වාර්තා වේ. මේ ඒ සම්බන්ධව අප වෙත එවන ලද පාඨක ඉ-ලිපියකින් සකසන ලද්දකි. ලිපියේ සියලු වගකීම එවනනා සතු අතර, කිසිදු හේතුවක් මත ඔහුගේ/ඇයගේ අනන්‍යතාව හෙළි නොකරන බව කරුණාවෙන් සළකන්න.
වැලිවේරියේ සිදුකළ ජනමර්දනයේදී මියගියා යැයි සැළකෙන, එහෙත් මෙතෙක් ඒ බව මාධ්‍ය වලට දන්වා නොමැති තිදෙනෙක්ගේ විස්තර, ලියන්නා අපට දන්වා සිටී.
ඒ අය මෙසේය:
• නම: ශාන්ත දිනේෂ්
වයස: අවු 45 යි
ලිපිනය: 230/7, වැලිවේරිය
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 974/2013
හිසේ වම් පසට වෙඩි වැදී මොලයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත. පහර දීමෙන් වම් කණට ඉහලින් හිස් කබල පුපුරා ගොස් තිබේ.
• නම: සුනන්ද පෙරේරා
වයස: අවු. 37 යි
ලිපිනය: 1/58, ජයලත් නිවාස, වැලිවේරිය
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 983/2013
හිසට උල් ආයුධයකින් ඇණ ඇත. පහර දීමකින් දකුණු කණට පහලින් ඛෙල්ලේ නහරයක් විසන්ධි වී ඇත. හිසේ පිටුපසට එල්ල කළ පහර දීමක් හේතුවෙන් මොළයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත.
• නම: ඩී.ඩී. ජයවර්ධන
වයස: නොදනී
ලිපිනය: 75/1, විල්ගොල්ල, පෙතියාගොඩ, ගම්පහ.
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 987/2013
ටෙලිකොම් සේවකයෙකි. වැඩ ඇරී පැමිණ දරුවාගේ බඩේ අමාරුවක් නිසා දෙහි ගෙඩියක් ගෙන ඒමට කඩයට ගොස් ඇත. යකඩ පොලූ පහරකින් හිස් මුදුනේ හිස් කබල බිඳී ගොස් මොළයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත. පිටෙහි අඟල් 6 හමාරක පමණ පහර දීමකින් වූ බරපතල තැලීමක් ඇත.
ඉහත තිදෙනා ජීවතුන් අතර නැතත් දැනට දැඩි සත්කාර ඒකක වල සිටින බව පවසමින් ජනතාව මුලා කරමින් සිටින බව ලියන්නා අපට දැනුම් දෙයි.
මේ පළවෙන්නේ අපේ සහෘද ප්‍රසාද් වැලිකුඹුර විසින් පසුගියදා අප වෙත එවන ලද ලිපියකි. මේ ලිපිය "රියර්ගේට්" අඩවියේ ද පළ වී ඇතත්, අප ද මෙය පළකරන්නේ මෙවැනි සිද්ධි කාලයේ වැලිතලාවෙන් වැසී නොයනු පිණිස ය.
සාමය සුරකිනවා යයි කියන නාරාහේන්පිට පොලිසියේ නිරුවත.
දිනය 2013-07-30.
වේලාව ප.ව. 11.00.
මමත් මාගේ තවත් යහළුවන් කිහිප දෙනෙකුත් අප නිවසින් මීටර් 400කටත් අඩු දුරකින් පිහිටි මාගේ මිතුරෙකුගේ නිවසට ගොස් නැවත පැමිණෙමින් සිටියෙමු. ඔහුගේ නිවසේ පිහිටා තිබෙන්නේ මහවත්ත නිවාස සංකීර්ණයේ අවසානයට වන්නට ය. මමත් තවත් මාගේ මිතුරන් තිදෙනෙකුත් හරියටම රාත්‍රි 11.00ට එතැනින් පිටත් වීමු. එතැන් සිට මීටර් 5ක් පමණ ගමන් කල පසු මාගේ මිතුරන් දෙදෙනෙකු අපගෙන් වෙන් වී ඔවුන්ගේ නිවාස දෙසට ගමන් ගත් අතර මාත් මාගේ මිතුරෙකු වූ සම්පතුත් ඉදිරියට ගමන් කළෙමු.
අප මහවත්ත නිවාස සංකීර්ණයේ දෙවන හරස් වීදියට ළඟා වන විටම නාරාහේන්පිට පොලිසියට අයත් ජීප් රථයක් දෙවන හරස් වීදියේ සිට අප ගමන් කරනා මාර්ගයට හරවන ලදී. අප ඔවුන් ව පසු කරනා විට දීම එම ජීප් රියේ ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයෙකු (පසුව දැන ගත් පරිදි මොහු නාරාහේන්පිට අපරාධ අංශය භාර පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන නිලධාරියා වේ) අප වෙතට හැරී
“උඹලා කොහේ ද යන්නේ?” යනුවෙන් විමසන ලදී.
ම විසින් ඔහුට අප යහළුවෙකු ගේ ගෙදර ගිය බවත් දැන් නැවත අපගේ ගෙදර දෙසට යන බවත් පවසන ලද අතර ඔහු මා පදිංචි වී සිටින ස්ථානය විමසන ලදි. මම මා පදිංචි වී සිටින ස්ථානයත් එයට යන පාරත් ඔහුට විස්තර කර දෙන ලදි. එවිට ඔහු මාගේ ජාතික හැඳුනුම් පත පිළිබඳ ව විමසන ලද අතර එවිට මා සතු ව ජාතික හැඳුනුම් පත නො පැවතිණි මාගේ නිවසේ සිට මාගේ මිතුරාගේ නිවසට ඇත්තේ මීටර් 400කටත් අඩු දුරක් බවත් එම නිසා එතරම් සුළු දුරක් යාමේ දී ජාතික හැඳුනුම් පතක් ගෙන යා යුතු යයි නො සිතූ බවත්, මාගේ මව නීතිඥවරියක් වන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් දැන් මා හට මාගේ හැඳුනුම් පත ගෙනැවිත් පෙන්විය හැකි බවත් පවස සිටියෙමි. එවිට එම පුද්ගලයා ජීප් රියෙන් බැස ගත් අතර, ඔහු හොඳට ම බීමතින් පසු වන බව ඔහුගේ මුහුණෙන් සහ ඔහුගේ ගමන් විලාසයෙන් දැක ගත හැකි විය. එවලේ ම මම මාගේ මවට දුරකථන ඇමතුමක් දී හැඳුනුම් පත ගෙන එන ලෙස පැවසීමට සැරසීමි. එවිට මාගෙන් දුරකථනය බලෙන් උදුරා ගත් ඔහු “මම නාරාහේන්පිට පොලිසියේ ක්‍රයිම් ඕඅයිසී කතා කරන්නෙ මේ ඉන්නේ තමන්ගේ පුතා ද?” යනුවෙන් හතර පස් වතාවක් බීමත් ස්වරයකින් පවසන ලදි. ඉන් පසුව පුතාගේ හැඳුනුම් පත රැගෙන පොලිසියට පැමිණෙන ලෙස පැවසූ අතර මහට මාගේ දුරකථනය ක්‍රියා විරහිත කරන ලෙස පවසන ලදී. මාගේ මිතුරා ද මාගේ පදිංචිය සනාථ කිරීමට උත්සාහ ගත්ත ද ඔහුට “උඹ පලයන් යන්න” යනුවෙන් පවසා මහට ජීප් රියට නඟින ලෙස දන්වන ලදි.
ජීප් රිය තුල තවත් මෙසේ අත් අඩංගුවට ගත් කිහිප දෙනෙක් සිටින ලද අතර එහි සිටි පොලිස් නිලධාරීන් මගෙන් දිගින් දිගටම ඇසුවේ උඹ කවදා සිට කුඩු ගසන්නේ ද යන්න සහ උඹ කුඩු ගහන්න සොරකම් කරනවා නේද යන්න යි. මෙය මානසික වදයක් වන තරමටම පෙරල පෙරලා ප්‍රශ්න ඇසීමක් විය.
මාත් මාගේ මිතුරනුත් මත් කුඩු භාවිතයට තදින් ම විරුද්ධ පිරිසක් වන අතර මහවත්ත තුල කුඩු ව්‍යාපාරය නො කිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ එම ප්‍රදේශයේ තරුණයින් ඒ සම්බන්ධව දක්වන දැඩි විරෝධයයි. එමෙන්ම අප විසින් මත් කුඩු භාවිතය නතර කරන ලද පුද්ගලයන් කිහිප දෙනෙකුට ම රැකියා ලබා ගැනීමටත් නැවත එය සඳහා නො පෙලඹීමටත් අවශ්‍ය සහාය ලබා දී ඇති බව මහවත්ත ජනතාව දන්නා අතර නාරාහේන්පිට පොලිසියට පවා ඒ පිළිබඳ ව අවබෝධයක් ඇත්තේ යයි සිතමි. එමෙන්ම මා අත් අඩංගුවට ගැනීමට හේතු විමසීමේ දී එසේ හේතුවක් අවශ්‍ය නොවන බවත් නමුත් අවශ්‍ය නම් නඩුවක් සමඟ අත් අඩංගුවට ගත හැකි බවත් ම වෙත දන්වන ලදි. නාරාහේන්පිට පොලිසිය මඟින් ඔවුන් කරන අසාධාරණකම් වලට එරෙහි වන පුද්ගලයන්ට සහ ඔවුන්ගේ අප්‍රසාදයට ලක් වූ පුද්ගලයන්ට කුඩු, ගන්ජා එමෙන්ම බෝම්බ වැනි දේ දමා ඔවුන් අපහසුතාවට පත් කිරීම පිළිබඳ අසා ඇති සහ එසේ අපහසුතාවට පත් පුද්ගලයන් හඳුනා ගැනීමට ලැබී ඇති මට සත්‍ය වශයෙන් මාගේ ආරක්ෂාව පිළිබඳ දෙගිඩියාවක් ඇතිවීමට මෙය හේතු විය.
මා ස්වභාවයෙන් ම කෙට්ටු පුද්ගලයෙක් වන අතර එසේ කෙට්ටු පුද්ගලයෙක් වීම පදනම් කර ගනිමින් වෙනත් කිසිදු හේතුවක් නොමැතිව එසේම මාගේ කිසිම වරදක් නොමැති බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබිය දී, මෙසේ නින්දිත අයුරින් මාගේ මනසට බලපෑම් කිරීමට තැත් කිරීම ලංකාවේ නීතිය සහ සාමය රකිනවා සහ ජනතාවගේ ආරක්ෂාව සලසනවා යයි කියන ආයතනයක් මඟින් සිදු වීම පිළිබඳ මා තුල ඇත්තේ දැඩි අප්‍රසාදයකි.
පොලිසියට පැමිණීමෙන් අනතුරුව මා සමඟ සිටි අනෙක් සියලු දෙනාගේ නම, ලිපිනය සහ අනෙකුත් තොරතුරු සටහන් කර ගන්නා ලදි. පොලිසියට පැමිණ විනාඩි 10-15ක් ඇතුළත මාගේ මව සහ මාගේ තවත් යහළුවෙකු මාගේ ජාතික හැඳුනුම් පත සහ මා අධ්‍යාපනය ලද රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයක් මඟින් ම වෙත නිකුත් කර තිබූ හැඳුනුම්පත් කිහිපයක් රැගෙන පැමිණි අතර ඒවා අපරාධ අංශය භාර නිලධාරියා සහ මා අත් අඩංගුවට ගත් නිලධාරියා වන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන නිලධාරියාට ඉදිරිපත් කරන ලදි. එහු එය රැගෙන කිහිප වරක් එ දෙස බලා නැවත මාගේ මවගේ අතට ලබා දෙන ලදි.
ඔහු මාගේ ඇඳුම සහ මාගේ කොණ්ඩය විවේචනය කරමින් මට කුඩු කාරයා, හොරා මංකොල්ල කාරයා, ලෙස මහ හඬින් අපහාස කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් විනාඩි කිහිපයක් ගත කල අතර ඔහුගේ කම්මුල් බීමතින් රතු වී එමෙන්ම ඇස් අවට පවා රතු පැහැති වී තිබීම අප සියලු දෙනාට ඉතා පැහැදිලි ලෙස දැක ගැනීමේ හැකියාව තිබින. මාගේ මිතුරාගේ නිවස පිහිටා ඇත්තේ මාගේ නිවසට ඉතා ආසන්නයේ බවත්, මා ගිය ගමන හුදෙක් මිතුරෙක් බැලීම සඳහා ගිය ගමනක් මිස වෙනත් උත්සවයක් සඳහා ගිය ගමනක් නොවන බවත්, එම නිසා සාමාන්‍ය සැහැල්ලු ඇඳුමක් භාවිතා කිරීම වඩා යෝග්‍ය බවත්, කරාබුවක් පැලඳීම නූතන සමාජයේ සාමාන්‍ය දෙයක් බවත් ඔහුට අවබෝධ කිරීමට ම විසින් කල උත්සාහය අසාර්ථක විය.
යම් අයකුගේ කොණ්ඩා මෝස්තරය, ඔහු පලඳින ආභරණ, එමෙන්ම ඔහු අඳින ඇඳුම සඳහා පොලිස් අනුමැතියක් ලබා ගත යුතු ද යන්න එමෙන්ම ඒ කියන දේ මත හොරෙක් මංකොල්ල කාරයෙක් හෝ කුඩුකාරයෙක් ලෙස නිර්වචනය කිරීමේ පදනම නීතිය පිළිබඳ යම් අවබෝධයක් ඇති එමෙන්ම නීතිඥයින්, විශෝධන නිලධාරීන් හා මනෝ සමාජීය උපදේශකයින් විශාල ප්‍රමාණයක් පුද්ගලිකව ආශ්‍රය කර ඇති සහ උපදේශනය පිළිබඳ වෘත්තීය පුහුණුවක් සහ සුදුසුකමක් ලබා සිටින ම හට අදටත් ගැටළුවක් ව පවතී.
මෙම පුද්ගලයා පවසන ආකාරයට හොරෙකු, මංකොල්ල කාරයෙකු, කුඩුකාරයෙකු නොවන පුද්ගලයා ගෙදර සිට මීටර් 400ක් දුරින් පිහිටි තම යහළුවෙකුගේ නිවසට යන විට හොඳින් ඇඳ-පැලඳ කොණ්ඩය පීරා සුවඳ විලවුන් ගල්වා පාවහන් පැලඳ කරාබු හෝ වෙනත් කිසිදු ආභරණයක් නො පැලඳ යා යුතු වේ.
මේ සියල්ල අවසන් වීමෙන් පසු මා හරි මඟට ගැනීම සඳහා එදින පොලිස් ස්ථානයේ මා රඳවා ගන්නා බවත් පසු දින උදෑසන 8.00 පොලිස් ඇප මත නිදහස් කල හැකි බවත් මාගේ මව වෙත දන්වන ලදි. මාගේ මව මෙයට විරුද්ධ වූ අතර ප්‍රශ්න කිරීම සඳහා මා රඳවා තබා ගන්නා බව ඉන් පසුව ඔහු පවසන ලදි. බොරු වැරැද්දක් මත උසාවියට දැමීමේ හැකියාව මොවුන් සතු ව පවතින නිසා මේ පිළිබඳ ව වැඩි වාදයකට යාම ම විසින් වැළැක්වීමි.
මෙසේ පොරොන්දු වුව ද පසු දින අත් අඩංගුවට ගත් මා සහ තවත් අට දෙනෙකු පසු දින දෙමටගොඩ පොලිසියේ පැවැත්වූ පෙළගැස්වීමකට සහභාගී කරන ලදි.
මෙහි වඩාත් බියකරු පැතිකඩ වන්නේ එදින ඉදිරිපත් කල අය අතරින් බොහොමයක් එසේ රඳවා බාගැනීමට වත් පෙළගැස්වීමකට සහභාගී කර වීමට වත් කිසිදු අවශ්‍යතාව යක් ඇති පුද්ගලයින් නො වීමයි. එතැනින් දෙදෙනෙකු ඔවුන්ගේ හෝටලය ඉදිරිපස දී අත් අඩංගුවට ගෙන තිබුණ අතර, අයකු ඔහුගේ නිවස ඉදිරිපස දී ද, අයකු ඔහුගේ දරුවාට බිස්කට් පැකට්ටුවක් ගෙන යාමට කඩය ආසන්නයට පැමිණි විට ද, අයකු තම සහෝදරයාගේ ගෙදරට ගොස් නැවත ගෙදර පැමිණෙමින් සිටින විට දී ද, තවත් අයකු ඔහු වැඩ කරන ගෙදර අශ්‍යතාවයකට ඖෂධ මිල දී ගැනීමට ගොස් පැමිණෙන විට ද අත් අඩංගුවට ගෙන තිබින.
තවද යම් කිසි ආකාරයකින් පෙළගැස්වීමක් පැවැත්වෙන දිනක ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය තරම් සැකකරුවන් නොමැති නම් පාරේ අසු ජජ අහඹු පුද්ගලයින් පෙළගැස්වීම සඳහා ඉදිරිපත් කර වීම මෙම නිලධාරියා පුරුද්දක් ලෙස කර ගෙන යන ක්‍රියාවක් බව පසුව දැනගන්නට ලැබින.
ඉහත නම සඳහන් සුමිත් පෙරේරා යන නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳ ප්‍රදේශයේ බොහෝ දෙනෙකු තුල සැකයක් පවතින අතර, ඔහු වෙත අල්ලස් චෝදනා පවා ඉදිරිපත් වී ඇත. එමෙන්ම ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව තුල ඇති අප්‍රසාදය ඔහුට ඇති බිය නිසා යටපත් වී ඇති බව ඔහු පිළිබඳ ව සොයා බැලීමේ දී මට වැටහින. මේ සියල්ල දැනගෙන නාරාහේන්පිට පොලිසියේ බොහෝ නිලධාරීන් ඔහුගේ වැඩ වලට ඉඩදී හෝ සහය දෙමින් සෘජුව හෝ වක්‍ර ආකාරයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ නාමය විනාශ වීමට සහාය දෙන බවක් පෙනී යයි.
සත්‍ය වශයෙන් ම නාරාහේන්පිට පොලිසිය යනු ජනතාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වෙන ආයතනයක් ද යන තීරණය ඔබට භාරයි.
(රටක සාමය පවත්වා ගැනීමේත් නීතිය සාමය ආරක්ෂා කර ගැනීමේත් උතුම් වගකීම පැවරී ඇත්තේ ශ්‍රී-ලංකාවේ පොලිසියට වන අතර, ඒ සඳහා ඔවුන් වෙත විශාල බලතල ප්‍රමාණයක් ලබා දී තිබෙන අතර එම බලතල භාවිතා කිරීමේ දී අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග සහ සීමා මායිම් ලබා දී තිබෙන්නේ එම බලතල වල ඇති ප්‍රබලත්වය සහ ඒවා අයථා ලෙස භාවිතා කිරීම මගින් සාමාන්‍ය ජන ජීවිතයේ පැවැත්මට ඇතිවිය හැකි බලපෑම් සැකිල්ලට ගැණීමෙනි. මේ බලතල ලබා දී තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමටත් ඔවුන්ට ආරක්ෂාව ලබා දීමටත් මිස ඒවා භාවිතා කරමින් සාමාන්‍ය ජනතාව පීඩනයට පත් කර ඔවුන්ගෙන් මුදල් හා අනෙකුත් ප්‍රයෝජන ලබාගැනීමට වත් නොවේ.
නමුත් අවාසනාවකට නාරාහේන්පිට පොලිස් බල ප්‍රදේශය තුල වෙසෙන ජනතාවට නාරාහේන්පිට පොලිසිය ඔවුන් ව ආරක්ෂා කිරීමට පවතින ආයතනයකට වඩා ඔවුන්ගේ ජීවිත ව්‍යාකුල කිරීමටත්, සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල කිරීමටත්, සමහර අවස්ථාවල ජන ජීවිතය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කිරීමටත් ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් වෙමින් පවතී. නාරාහේන්පිට පොලිසිය යනු තවත් එක් මැර කල්ලියක් බවට පත් වන දිනය වැඩි ඈත නොවන බව පෙනෙන්නට තිබේ.
මා මේ පවසන සිදුවීම මොවුන්, ඔවුන් සතු බලය අත්තනෝමතික ලෙස භාවිතා කරන ආකාරය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබාගැනීමට හැකියාවක් ඇතැයි මම විශ්වාස කරමි.)
- ප්‍රසාද් වැලිකුඹුර
කොල්ලුපිටියේ සමාජ ශාලාවක රැඟුම් පෑ "නයි නළඟන" හෙවත් දන්තුරේ පදිංචි නිරෝෂා විමලරත්න පසුගිය කාලයේ සයිබර් අවකාශය තුළ බොහෝ කතාබහට ලක්වූ චරිතයකි. මෙය කියවන සෑම කෙනෙකුටම පසුගිය දශකයේ ජනප්‍රිය චිත්‍රපටයක් වූ "නාගීනා" සිහි වන්නට ඇති බව නිසැක ය. සැබෑ නම නිරෝෂා විමලරත්න වුවද ඇය රඟන්නේ ඩිලානි චොප්රා යන ආරූඪ නමිනි. රටේ තොටේ වද වෙන්නට අටෝරාසියක් කරුණු කාරණා තියෙද්දී නයෙක් සහ නළඟනක් ගැන මෙතරම් වද වීමට අපේ රටේ මිනිස්සුන්ට ඇති හේතුව කුමක්දැයි සෙවීමට අපට ද සිතක් පහළ විය. මේ සටහන ලියන්නේ ඔය කතාව එදා මෙදා තුර ඇදී ආ අන්දම යළි මතක් කරමිනි.
මෙතෙක් කතාව:
කොල්ලුපිටියේ ක්ලියෝපැට්රා සමාජ ශාලාවේදී නයෙකු තුරුළු කරගෙන නිදා ගත්තේ යයි යන චෝදනාව පිට 21 හැවිරිදි ඩිලානි පොලිස් අත් අඩංගුවට පත් වන්නේ 2012 දෙසැම්බර් මස දීය. ඇගේම වචනයෙන් කියන්නේ නම්, "කිසිම වග විභාගයක් නැතිව අසභ්‍ය වචනයෙන් බැන වැදී පොලිසියට ගෙනයාමෙන්" පසුව, කොල්ලුපිටිය පොලීසිය විසින් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබේ. ඊට පෙර ඇය මානසික රෝගියකු යයි කියමින් කොළඹ ජාතික රෝහලට ද ඈ ඇතුළු කර තිබූ බව කියවිණි. කතාව ඇරඹෙන්නේ එතැනිනි.
අනතුරුව දිග හැරෙන නාටකයේ විවිධාකාර ජවනිකා පෙළකි. මේ අසන්නේ සැබෑ ජීවිතයේ කතාවක්ද, නැතහොත් හින්දි චිත්‍රපටයක තිර රචනාවක්දැයි සිතා ගැනීමට බැරි තරම් එය සංවේදීය. හද කකියවන සුළු ය. එබැවින් අපි මෙය කොටස් වශයෙන් විභාග කරමු.
මුලින්ම කිව යුත්තේ සුරතලයට ඇති කළ හැකි සහ නොහැකි ලෙස සතුන් වර්ග දෙකක් ඇති බවයි. කෙනෙකුට ඕනෑ ඕනෑ හැටියට සතුන් සුරතලයට හදන්නට බැරිය. එහෙම පුළුවන් වුණානම් ක්ලියෝපැට්රා අග රැජන කළා සේ චීටාවකු හදන්නට, නෙෆෙස්තිනීස් කළා සේ පිඹුරකු හදන්නට, නැතිනම් හැරී පොටර් කතාවේ voldemort සේ නයෙකු හදන්නට ඕනෑම කෙනෙකුට හැකි විය යුතුය. සත්‍ය නම් අන්තරායකර සහ වනගත සතුන් සුරතලයට හැදීම සත්ත්ව හිංසා සහ ආරක්ෂණ පනත යටතේ නීතියෙන් තහනම් බවයි. බල්ලන්, බළලුන් මෙන් නොව, නයින් පොළඟුන් ගෙදර නොහදන්නේ එබැවිනි.

එහෙත් මේ ලංකාවය. මෙහෙ නීති රීති යනු පරණ ජංගියක් වගේය. ඒ කියන්නේ නමට විලි වැහෙන්නට තිබුණත් තැන් තැන් වල ඉරුණු හිල් තිබෙන බව සහ ඒ තුළින් සමාජයේ සත්‍ය නිරුවත් භාවය පෙනෙන බවය. මේ රටේ පමණක් නොව ලෝකයේ කිසිම රටක හදන්නට අවසර නැති වඳවී යන පක්ෂීන් රජ මැදුරේ යසට වසන්නේ එබැවිනි. කන්ට දෙන්ට එකෙකු ඉන්නවා නම් එතන දාල යන්නට සතා සීපාවා වත් කැමති වන්නේ නැත. එබැවින් ඒ ගැන වැරද්දක් සතුන්ට කියන්නට බැරිය. රජතුමා නම් කොහොමත් හරිය. එතුමා අතින් වැරදිලාවත් වැරදි වෙන්නේ නැත. (එත් එතුමාගේ අහිංසක කම සහ නොදැනුවත් කම මතින් අයුතු ප්‍රයෝජන ගන්නා විජාතික කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස යම් යම් දේ වන්නට පිළිවන. මොනවා වුනත් යුද්දේ දිනු රජ්ජුරුවන්ට කවුරුත් දොස් කීම මහම මහ තුප්පහි වැඩකි.) එතකොට වැරදි අපි ය. එනිසා අපි ඒ ගැන කට වහගෙන ඉඳීම වඩා හොඳය.
අපි යළිත් මාතෘකාවට ආවොත්, මේ කී පරිදි නයෙකු සුරතලයට හැදීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ කියන්නේ නළඟන වැරදිය. හැබැයි ඈ හරි වුනත් වැරදි වුනත් පොලීසිය ඈට කුණුහරුපයෙන් බැන වැදීම ගැන ඈ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට තිබේ. මේ ද ඇගේ නොදන්නා කමය. වසර ගණනාවක් මේ රටෙන් පිට ජීවත් වුණු නිසාදෝ දිලානිට මේ රට ගැන දැනුමක් නොමැත. අංක එකේ කාරණය, නමට හදිසි නීතිය අවලංගු කළත් මේ රටේ හැමදාමත් ක්‍රියාත්මක වුණේ හදිසි නීතිය බව ඇය දන්නේ නැතිවා විය යුතුය. අංක දෙකේ කාරණය නම් මේ රටේ අධිකරණ තියෙන්නේ නමට පමණක් බවය. (අගවිනිසුරුටත් නීතිය ක්‍රියාත්මක නොවන රටේ මොන නීතිද බං.. හුකෑස්.. ) එබැවින් එතුමියගේ සහ (පොලීසිය එහෙම නොකළ යුතු යයි කියන) අපේ සම-හරක් ගේ දැනුම වැඩීම පිණිස මුලින්ම මේ කතන්දර දෙක කිව යුතුය.
කතන්දර අංක එක: වළහා සහ පොලෝසිය.
ඔන්න එකෝමත් එක කාලෙක රට රටවල පොලෝසි වල අපරාධකරුවන් ඇල්ලීමේ හැකියාව මැන බැලීමට එක්තරා පරීක්ෂණයක් සැලසුම් කළා ලු. මීට රට රටවල බොහෝ පොලොසිද සහභාගී වුණේ ලු. මීට අපේ රටේ පොලිස් මාමලා දෙන්නෙක්ද සහභාගී වුනේ ලු. කරන්නට තිබ්බේ සුළු දෙයකි. කාලයකට මුදා හළ හාවකු, අඩුම කාලයක් තුල සොයා ගෙන එන්නාට ජයග්‍රහණය හිමි වේ.
මුලින්ම කැලෑවට ගිය එංගලන්ත පොලිසිය, ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ගස් මුල් වලින් පවා කට උත්තර සටහන් කරගෙන අවසානයේ කියා සිටියේ හාවා ආගිය අතක් නොමැති බවත් ඌ සෙවීම සඳහා බුද්ධි අංශ සහය ලබා ගත යුතු බවත්ය.
ඇමරිකාව නම් ඊට වඩා ඉතාම ප්‍රායෝගිකව සහ ඉක්මන් ලෙස කළේ වියට්නාමයට කළා සේ මුළු කැළයටම අධිබලැති නේපාම් බෝම්බ එල්ල කොට කැලය ගිනි තැබීමයි. අන්තිමට ඔවුන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ දැන් හාවාගෙන් කිසි බියක් නොමැති බවත්, ශිෂ්ට සම්පන්න ලෝකයට මින් පසුව සැකෙන් බියෙන් තොරව ජීවත් විය හැකි බවත්ය.
චීනයෙන් ගිය දෙන්නා කළේ හාවා ගේ සියලුම ළඟ ඥාතීන්ගේ සියලුම චංචල නිශ්චල දේපළ රාජ සන්තක කිරීමයි. ජනතාවාදී සමාජයක් තුල කිසිම පරගැති, ප්‍රතිගාමී හාවෙකුට සෙල්ලම් දමන්නට බැරි බවත්, ධනේශ්වර පන්තියේ බඩගත්තරවාදී බත් ගොට්ටන්ට චීනය නිසි පිළිතුර දී ඇති බවත්, ජනතාවගේ සතුරා සියල්ලගේම සතුරා බවත්..... තවත් වැල් වටාරම් රාශියකින් පසුව හාවා එළියට ආපු දිනක ඌට ජනතාව ඉදිරියේ වන්දි ගෙවන්නට සිදුවන බවත් ඔවුන්ගේ නිල ප්‍රකාශයේ සටහන් විය.
ලංකාවේ දෙන්නා කැලය තුල ගත කළේ විනාඩි 15 කටත් අඩු කාලයකි. හැබැයි ආවේ හිස් අතින්ද නොවේ. තඩි වලහෙක් ඇවිද ගන්නටත් බැරිව (ලාච්චු කෝස් එක නිසා විය හැක) උන් දෙන්නා එක්කම (දක්කා ගෙන එමින්) මෙසේ කියමින් එනු පෙනිණි. "අනේ සර් තවත් නම් ගහන්නෙපා.. මම තමා හාවා, මම තමා හාවා.. අනේ බුදු සර් ගහන්නෙපා!"
දෙවන ජවනිකාව: සුපිරි නළඟන අහිගුන්ටික වීම
කතන්දර අංක දෙක ලිපියේ අන්තිමට තබා අපි නයා සහ නළඟන දෙසට හැරෙමු. ඇගේ හදාගත් පියා වන ආර්.එම්. විමලරත්න සිහල බෞද්ධ වන අතර ඇගේ මව ඉන්දීය සම්භවයක් ඇති බව මාධ්‍ය වාර්තා වල දැක්විණි. රටේ ජනතාවට නළඟන වෙනුවෙන් කරුණු කී පිරිස කීවේ කීවේ නිරෝෂා හින්දු භක්තික බවත්, නිතර නිතර කෝවිල් යන බවත්, ඇය නයින්ට දේවත්වයෙන් සළකන බවත්ය. ඇගේ පියාද නයි නටවන්නකු වන අතර ඔහු සතුව නයින් තිදෙනෙකු ද සිටින බව කියවිණි. තවද මෙකී නාගයා ඈට දොඩම්වල දේවාලයේදී නැයින්නක විසින් දන් දුන් බවද ඈ මාධ්‍ය වෙත පවසා තිබිණි. ඒ ගැන මුළු විස්තරය මෙතනින් කියවිය හැකිය. ඇගේ නියම පියා ඉරාන ජාතිකයකු බවද ඇගේ මව නාසික් හි සහ පියා හයිද්‍රාබාද් හි පදිංචි බවද සිය ජන්ම භූමිය ඉන්දියාව බවද ඇය කියා සිටී.
දරු තිදෙනෙකු ගෙන් සමන්විත විමලරත්න පවුලේ බාලයා වන දිලානි, දන්තුරේ මාධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ වනතුරු ඉගෙන ගෙන, අධ්‍යාපන සමත්කම් ද දක්වා ඇති තැනැත්තියක් බවද සඳහන් විය. දන්තුරේ සෙන්ට්‍රල් එකෙන් සාපෙළට උගත්, නුවර සිංහල බෞද්ධ පවුලක හැදුණු වැඩුණු, ඉරාන ජාතික නයි නටවන්නකුගේ ඉන්දීය දියණිය, කොළඹ කොල්ලුපිටියේ සුපිරිම සමාජ ශාලාවක නළඟනක් බවට පත් වීම ම අපේ සමාජය ගැන පුළුල් පැතිකඩක් ගැන විග්‍රහ කළ හැකි මාතෘකාවකි. දන්තුරේ සහ කොල්ලුපිටිය අතර මහා දුරක් තිබේ. ඒ වනාහී ඇවිදින දුරින් පමණක් නොවේ. සංස්කෘතික, සමාජයීය සහ ආර්ථික අතින්ද මේ පරිසර දෙක අහසට පොළොව වගේ ය. මේ දෙක යා කළේ කවුද, කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී තිබුණේ නැත. ඒ ගැන ඇගේම වචනයෙන් කියනවා නම්, "ක්ලබ් ජීවිතේ ගැන ඉගෙන ගන්නකොට මම ගොඩක් දුර ගිහින් ඉවරයි."
උසාවියේදී නළඟන ගේ පැත්තට කරුණු දක්වූ විත්තියේ උගත් නීතිඥ මහත්වරු පැවසුවේ වෙන කතාවකි. එනම් ඔය කියන අන්දමට එහෙනම් මේ රටේ ඉන්නා සෑම අහිගුන්ටිකයකුම වැරදි කරුවකු වන බවත්, නයින් සමග මුළු ජීවිතයම ගත කරන ඔවුන් අල්ලන්නට මොනාක පොලීසියක් වත් එන්නේ නැති නම් මේ නඩුවට පමණක් මෙතරම් බර තබන්නේ මන්ද යන බවත්ය. කතාවද ඇත්තය. අහිගුන්ටිකයන් ජීවත් වන්නේ "පෙට්ටිය ඇතුලේ නයියා පටවාගෙන" යන තරමටය. ඕක තහනම් කළොත් වෙන්නේ වහ කන්නටය. එබැවින් අන්තිමට උසාවිය විසින් එතෙක් දෙහිවල සත්වෝද්‍යානයේ රඳවාගෙන සිටි නයා නළඟන වෙතම භාර දීමට නියෝග කරන ලදී. එහෙත් රටේ ඕනෑ තරම් නඩු, පරම්පරා හතර පහ පරක්කුවෙද්දී මෙතරම් ඉක්මනට මේ නඩුව විභාග වුණේ කෙසේද, ඊට මුදල් ලබා දුන්නේ කවුද යන්න ගැන කිසිම සටහනක් අපට දැන ගන්නට ලැබුණේ ද නැත.
නළඟන ඇල්ලු පොලිසියට විරුද්ධව ලක්ෂ 20ක වන්දියක් ඉල්ලා දිලානි විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කරන ලද නඩුව, නිමල් ගාමිණි අමරතුංග, එස්.අයි. ඉමාම් සහ චන්ද්‍රා ඒකනායක යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මේ වන විට විභාග වෙයි. එය 2013 මාර්තු මස 13 වෙනි දින යළි විභාගයට ගැනීමට නියමිතය. සිය නයාගේ දළ කඩා ඇති බවත්, ඌට රිදවා ඇති බවත් ඇය මාධ්‍ය වෙත හැඬුම්බර හඬින් කියා සිටියාය. නයා බැරිනම් යකා ඇල්ලුවත් ඌට හින්සා පීඩා පැමිණවීම නම් වරදක් ලෙස අපිද දකිමු. හැබැයි ඉතින් ඒ අපේ පොලෝසියේ හැටිය. කතන්දර අංක දෙක කියවූ පසුව වඩාත් පැහැදිලි වනු ඇත. කොහොමත් මේ නඩුවෙන් පොලිසිය පරදින්නේ නැති බව දන්නා නිසා මේ නඩුව ඉල්ලා අස් කරගැනීම වඩා හොඳය. නැතහොත් අර සමෘද්ධි නියාමක තුමා තමන්වම ගසකට බැඳ ගත්තා සේ, මේජර් රෙහාන් තමන්ටම පහර දී ගත්තා සේ, නැතිනම් ලකී මහත්තයා දුමීව දැක තමන්ටම වෙඩි තියා ගත්තා සේ නළඟන ද තමුන්ටම මොකක් හෝ කරගනු ඇත. අපි මේ කියන්නේ ඇයගේ හොඳටය.
කතන්දර අංක දෙක: ලෝවැඩ සඟරාව
එක්තරා පොලිසියක පොලිස් සේවයට බැඳීමට අයදුම් කළ කොල්ලෙකුගේ සාමාන්‍ය දැනීම පරීක්ෂා කර බැලීමට ස්ථානාධිපති හට සිත් විය. කොල්ලා ලඟට කතා කර ගත් ඕ අයි සී උගෙන් මෙසේ ඇසීය.
"තමුන් දන්නවද ලෝවැඩ සඟරාව ලිව්වේ කවුද කියල?"
"අනේ නෑ සර්, මම පත්තර සඟරා කියවන්නේ නැහැ."
"ඕයි!! ලෝවැඩ සඟරාව කියන්නේ එහෙම එකක් නෙමේ! තමුසෙට විනාඩි පහක් දෙන්නම්, කල්පනා කරලා බලල දෙනවා මට උත්තරේ!"
මෙසේ කියා සිතෙන් බැන බැන එලියට යන ගමන්, අපේ ස්ථානාධිපති තුමා ළඟ හිටි එස්.අයි. කෙනෙකුට කතා කොට මෙසේ කීය. "අන්න අරූගෙන් අහල දැනගන්නවා කවුද ලෝවැඩ සඟරාව ලිව්වේ කියල.."
විනාඩි දහයකට පසුව ලොක්කා ඇතුළට එන විට කොල්ලා හතර ගාතෙන් බිම වැටී සිටි අතර, කාමරයේ බඩු මුට්ටු වලින් හොඳ හරියක් ද ඉවරයක් කොට කඩා බිඳ දමා තිබිණි. ඒ මැද ජයග්‍රාහී විලාසයෙන් සිටගෙන සිටි එස්.අයි. මෙසේ කීය.
"බලන්න සර් මම දෙකයි ඇන්නේ.. මූ යස අගේට කිව්වේ මූ තමා ඕක ලිව්වේ කියල.. කොහෙද සර් ල මුන්ව හුරතල් කරනවනේ!!"
තුන්වන ජවනිකාව: නළඟන හලාල් වීම (සහ පොලිසිය හොඳ වීම)
මෙතෙක් අපි කතා කළේ අතීතය ගැන නිසා අපි දැන් තිර නාටකයේ වර්තමානයට එමු. එනම්, ජනවාරි 23 වනදාට ය. කතාව ඇරඹෙන්නේ ඩිලානි චොප්රා නොහොත් නිරෝෂා විමලරත්න සිය රාත්‍රී වැඩමුරය අවසාන කොට එදින පාන්දර 3.30 ට පමණ සිය ඉරාන ජාතික පෙම්වතා වන "සුල්තාන්" සමග ඔහුගේම රථයෙන් වැල්ලම්පිටියට පැමිණීමත් සමගය. තමාව විවාහ කර ගන්නා බවට පොරොන්දු දෙමින් සිටින නමුත් දිනෙන් දින විවාහය මග හරින පෙම්වතා සමග හට ගන්නා බහින් බස් වීම දුරදිග යන්නේ එවිට ය. අවසානයේ මේ වචන හුවමාරුව අවසාන වන්නේ බෝතල් කටුවකින් ගෙල කපා දැමු ඩිලානිගේ සිහිසුන් සිරුර, වැල්ලම්පිටියේ තෙල් පිරිපහදුව අසල මහමග දමා යාමෙනි. අධික රුධිර වහනය නිසා මරණයට පත් වීමට පවා ඉඩ තිබූ ඩිලානි වැල්ලම්පිටිය පොලීසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන පොලිසිය විසින් හඳුනාගෙන ඈ පෙරවරු 5.45 ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් නොකරන්නට ඈ මරණයට පත් වීමට පවා ඉඩ තිබිණි.
සුල්තාන් ගැන යමක් කියන්නේ නම්, ඩිලානි / නිරෝෂා සමග දිගු කලක් අඹු සැමියන් ලෙස එකට ජීවත් වූ පුද්ගලයකු බව මේ වන විට හෙළි වී තිබේ. නිරෝෂාගේ කොළඹ ආගමනයෙන් පසුව සීදුව සමාජ ශාලාවකදී ඇයට මුණ ගැසෙන මේ පුද්ගලයා, මුදල් හදල් අතින් පමණක් නොව ආරක්ෂාව අතින්ද ඇයට සහය දී තිබෙන බව කියවේ.
දීර්ඝ කාලයක් තිස්සේ ගෙනගිය ඇසුර සම්මත එකක් බවට පත් කරන්නට ඇයට ඉතාම තද වුවමනාවක් තිබූ බව කියවේ. සමහර විට උපන් රට, මවුපිය රට මොකක් වුණත් අපේ සංස්කෘතියෙන් කොටසක් හෝ ගෑවී තිබීම නිසා විය හැක. එහෙත් අපේ ප්‍රේමවන්තයා නම් ඊට එක පයින්ම විරුද්ධ වූ බවද කියවේ. එක අතකට ක්ලියෝ ක්ලබ් එකේ නැට්ටිච්චියකට කර ගහනවාට වඩා හොඳ තැනකින්, උපන් දා සිට බුර්ඛාවකින් මුහුණ පමණක් නොව මුළු කයම වසාගත් නහඹුල් යුවතියක් සිය ජීවන සහකාරිය ලෙස තෝරා ගන්නට ඔහුට හිතුණා වන්නට පිළිවනි. එහිද එතරම් වරදක් නොමැත. නමුත් ගැටළුව වන්නේ කසාදය නොකිරීමට හේතුව ආගමික හේතුවක් නම්, නැට්ටිච්චි "හරාම්" නම්, මෙච්චර කල් ඈ සමග නිදි වැදීම "හලාල්" වුයේ කෙසේද යන්නයි.
කොහොමත් කියන දේ නාහන ගැහැණුන් හට තරවටු කරන්නට, සිරි යහනේදී වෙන් කරන්නට, කොන් කරන්නට පමණක් නොව, අවශ්‍ය නම් කෝටුවකින් තලන්නට වුවද කුරානයෙන් නීතියෙන්ම ඉඩ දී ඇති බැවින් මේවා එතරම් වද වන්නට කාරණා නොවේ. මැද පෙරදිග නමින් හඳුන්වන නරාවලේ වහල් සේවයට යන අපේ අක්කලාට නම් මේවා සාමාන්‍ය දේවල් ය. හාම්පුතුන්ගේ බැල මෙහෙවර කරන්නට, ලිංගික අසහනය දුරු කරන්නට පමණක් නොව වරදක් වුණු විට හම යනතුරු කසෙන් තැලුම් කන්නට පවා සූදානම් වී යා යුතු ගමනකි, ගෘහ සේවය. හදිසියේ පොඩි එකාට කිරි පොවන විට ඉස්මොලයෙ ගොස් ළමයා මැරුනොත් රිසානාට කළා සේ අර සේවිකාවගේ හිස ගසා දමනු ලැබේ. එතනදී ඈ මුස්ලිම් ද නැද්ද යන්න සළකා බැලීමක් නැත. අනික එහෙම හිස් ගැසුම් කෑවත් හැදු වැඩු අම්මා අප්පා වත් ඒක වැරදියි කියන්නේ නැත. මේ එම සමාජයේ හැටි ය. ඒක අපට කෙසේ වෙතත් ඔවුන්ට නම් වරදක් නොවනවා වන්නට ඇත.
එබැවින් ඩිලානිට ඇත්තේ, ඔය ලැබුණේ සුල්තාන්ව බැන්දා නම් වෙන්නට තිබුණු ටිකේ රිහර්සල් එකක් යයි හිතා හිත හදා ගැනීමයි. කොහොමත් නියම ෂෝ එකට පෙර රිහර්සල් කිරීම නළඟනක් වන ඇයට අමුත්තක් වන්නට බැරිය. එබැවින් මෙතනින් එහාට මේ "ෂෝ" එක යන්නේ කොතැනටදැයි තීරණය කිරීම අපේ නොව, ඇගේ තීරණයකි.
අවසානයේ අපේ පොලිසිය ගැනද යමක් කිව යුතුය. පොලිසිය නිසා හිත රිදීමට ලක් වූ ඩිලානි, මහ මග හිඟන්නියක් සේ පණ අදින විට, දෛවයේ සරදමකට මෙන්, ඈ රෝහලට ගෙන ගොස් ඇගේ ජීවිතය ගළවා ගත්තේද පොලිසිය විසින්මය. ඒ අතින් ගත් කළ මේ කතාව "නාගීනා" ට ද වඩා හොඳය. නාගීනා ඔරිජිනල් එකේ වත් මේ තරම් චරිත පරිවර්තන තිබුණේ නැත; විටෙක ඇය චතුරව හින්දි බව හසුරවන ඉන්දීය ගැමි කෙල්ලකි. විටෙක ඇය දුප්පත් සිංහල බෞද්ධ පවුලක බාල දියණියකි. විටෙක ඇය, ඔබට මට, හැමදාම හමුවන, නුවර සාප්පුවක ෂොප් ගර්ල් කෙනෙකි. විටෙක ඇය ඉරාන ජාතික නයි නටවන පියෙකුගේ දුවකි. නයින් සමග සාංසාරික බැඳීමක් ඇති අමුතුම කෙල්ලකි. නයින් සමග මිත්‍ර වීමට මතු නොව, උන් කියන දේ තේරුම් ගැනීමට පවා හැකි කෙල්ලකි. තවත් විටෙක ඇය සිය ඉරාන ජාතික මුස්ලිම් පෙම්වතාගෙන් බැට කන මධ්‍යකාලීන ඉස්ලාමික පීඩිත යුවතියකි. එහෙත් ඒ සමගම තමාට සහ තම නයි සුරතලාට කළ හිංසාවට එරෙහිව උසාවි යන්නට පවා ශක්තියක් ඇති විප්ලවකාරියකි.
එහෙත් අපේ සමාජය නම් හැමදාමත් ඈ දකිනු ඇත්තේ කොළඹ සුපිරි ක්ලබ් එකක නයින් සමග රැඟුම්පාන නයි නළඟනක් ලෙසය.