අන්වර් මණතුංග හෙවත් අ.මණතුංග නම් වූ මුසල්මානු අන්තවාදියා ගැන නොදන්නකු මේ බ්ලොග් අවකාශයේ සිටීයැයි සිතන්නට අපහසුය. අමණතුංග යනු ඒ තරමටම එපා කරපු චරිතයකි. හෙතෙම මේ ලංකාවේ මුසල්මානු අන්තවාදය පැතිරවීමේ උන්මාදයෙන් පෙළෙන පිස්සන්ගේ වර්තමාන වීරයාය. සකීර් නායික්ගේ ප්‍රකාශ වලින් උදම්ව, ඔහු වෙන්නට තැත් කරන පිරිසෙන් කෙනෙකි. සකීර් නායික් කෙසේ වෙතත් තමන්ම තමන්ගේ වලිගයේ වරුණය කියා ගන්නා බූරුවකුට විදග්ධ සමාජයේ ලැබෙන්නේ යම් තැනක්ද, අන්වර්ට මේ දිනවල බ්ලොග් අවකාශයේ ලැබෙන්නේ ද එසමානම තැනකි. අනික අන්වර්ලාට සකීර් ලොකු වුණාට සකීර් නායික් යනුද අන්තර්ජාලයේ තවත් එක සෙල්ලම් ළමයෙකු / කෝලමෙකු පමණි.
අන්වර්ගේ උන්මාදය පොතක් ලිවීමට වටිනා එකකි. එය ඉතා පුළුල් පරාසයක පැතිර පවතී. ඔහු විද්‍යාව ගැන හොඳට දන්නේලු. කොටින්ම හලාල් නිර්දේශය එහෙම පිටින්ම විද්‍යාත්මක වන්නේලු. එපමණක් නොව, අද විද්‍යාවට කළ නොහැකි බොහෝ දේ හලාල් ආහාර වලට කළ හැකිලු. මේ ඔහුගේ පිස්සුවේ ලෞකික අන්තයයි. අනික් පැත්තට ඔහු සිංහල බෞද්ධයකු ලෙස ඉපිද පසුව මුසල්මානු ආගම වැළඳ ගත්තේලු. එනිසා බුදු දහමේ ඇති නිස්සාර භාවය ගැන ඔහු හොඳින් දන්නේලු. මේ ඔහුගේ පිස්සුවෙ ලෝකෝත්තර අන්තයයි. මේ අන්ත දෙක හැරෙන්නට අන්වර්ගේ පිස්සුවට විවිධාකාර පැතිකඩවල් සහ මුහුණුවර තිබේ. මින් බහුතරය හාස්‍යෝත්පාදකය. උදාහරණයක් ලෙස මේ දිනවල සිංහල තරුණයන්, සිංහල කෙල්ලන්ගේ අවිනීත ඇඳුම ගැන කළකිරී, වැඩි වැඩියෙන් මුසල්මානු තරුණියන් වෙත ආකර්ෂණය වන්නේයැයි ඔහු වරක් කීය. එමෙන්ම ඒ ගැන ඊර්ෂ්‍යාවෙන් පෙළෙන සිංහල කෙල්ලන්, මුස්ලිම් තරුණියන් කරන්නා සේම හිස වැසෙන්නට පර්දාවක් වැනි දෙයක් පළඳින එක විලාසිතාවක් කරගෙන ඇතැයිද හෙතෙම වැඩි දුරටත් කීය. මේවට (කොහෙන් හෝ) සිනා වී සිටියාම හොඳටම ඇති බව අපේ අදහසයි. කෙසේ වෙතත් ඊට පිළිතුරුද නොපමාව ලැබිණි. කම්මලේ බල්ලාට හෙණ අමුත්තේ කීවා සේ අන්වර්ට ඔවැනි විවේචන අහලකින් වත් දැනෙන්නේ නැති බවටද අප තුළ විශ්වාසයක් පවතී.
මේ කතාව ඉතාම මාරාන්තිකය. හේතුව එය දෙපැත්ත කැපෙන කඩුවක් වීමයි. ඉන් කොයි පැත්තට කැපුණත් අන්වර්ලාට වාසි ය. උදාහරණයක් ලෙස මෙවැනි සිද්ධි වලින් පසුව ස්ත්‍රී දූෂණයට දඬුවම ලෙස ෂරියා වැනි තද නීති අවශ්‍ය බව ඔවුහු කීහ. ඒ සමගම අනිත් පැත්තට මෙවැනි සිද්ධි මින් ඉදිරියට සිදු නොවීම පිණිස ගැහැණුන්ගේ ඇඳුමට නීති පැනවිය යුතු බවටද ඔවුහු යෝජනා කළහ. මේ දෙක තුළම ම්ලේච්ඡ ශරියාව මේ රටේ ස්ථාපිත කිරීමේ වැයමක් නොතිබී යැයි කිව නොහැක. හැබැයි අපේ විශ්වවිද්‍යාල ප්‍රජාව නම් මේ දෙකටම කණ පැලෙන්නට පිළිතුරු දුන්හ. අනිත් අතට නීති විද්‍යාල අර්බුදයද මේ සිද්ධි දාමයේම තවත් පුරුකක් විය නොහැකිදැයි සාධාරණ සැකයක් අපට උපදී. රටේ නීතිය ක්‍රියාත්මක කරන බහුතරය ආගමික අන්තවාදීන් නම් ඒ රටේ නීතිය ගැන කවර කතාද? ඊජිප්තුවට කළ දේ ලංකාවේ සිදු නොවේ යයි කාට නම් කිව හැකිද? ඉරානය, ඇෆ්ඝනිස්ථානය වැනි රටවල් එදා සහ අද සංසන්දනය කිරීමම ප්‍රමාණවත්ය.
අවාසනාවකට අන්වර්ගේ අඩවියේ වාරණ නියෝග පණවාගෙන ඇති ආකාරයට, ඔහුගේ මතවාදය විවේචනය කරන හෝ, එහි අවලංගු භාවය පෙන්නුම් කරන අදහස් එහි පළ කෙරෙන්නේ නැත. යකාගේ හැටියටලු විමානේ. අනික කොයි බල්ලාත් තමන්ගේ වැයික්කියේ රජ්ජුරුවෝය. එබැවින් මේ ළඟදී අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වන බුවා අගනා ක්‍රියාවක් කොට තිබිණි. එනම් අන්වර්ට පිළිතුරු දීමටම වෙන්වූ බ්ලොගක් ඇරීමයි. අන්වර්ගේ ආතල් නොකඩා පාඩුවෙ ඉන්නට හැරීම ද හොඳය. ඒ වගේම ඔහුගේ හතරබීරි කතා වලට උත්තර බැඳීම ද සමාජයීය අවශ්‍යතාවකි.
![]() |
| අන්වර්ගේ බ්ලොග් අඩව්වේ නිල පින්තුරය |
ප්‍රස්තුතය
දැන් මේ වන විට අන්වර් මණතුංග හෙවත් අ.මණතුංග යනු කවරෙක්දැයි බුද්ධිමත් පාඨකයා වටහාගෙන තිබෙණු ඇතැයි අපට විශ්වාසය. මේ ඉතිරි ටික ලියවෙන්නේ විසින් ළඟදීම ලියු තවත් මඥ්ඥන් කතාවකට පිළිතුරු ලෙසය. මෙන්න කතාව:
මුස්ලිම් විරෝධී අන්තවාදී බොදු බල සේනාව තමන්ගේ සංවිධානය ශක්තිමත් කරගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව තමන්ගේ පාර්ශවයට ගැනීමට දැඩි උනන්දුවක් තිබෙන බවක් දක්නට ලැබේ. ඔවුන් ඒ සඳහා ගෙනයන ප්‍රචාරය නම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනාගත ජනපති කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි. මෙහිදී බොදු බල සේනාව විසින් තමන්ගේ කිසිදු දේශපාලනයක් නැති බවද තමන් දේශපාලකයන් කෙරෙහි විශ්වාසයක් නොතබන බවටත් මුලින් කී ප්‍රකාශ අමු අමුවෙන් උල්ලංඝනය කරන්නට පටන් ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. බොදු බල සේනා නායක කිරම විමලජෝති හිමියන්ට දේශපාලනය ගැන අදහසක් නැතත් එම සංවිධානයෙහි අනෙකුත් අයවළුන්ට ඒ සඳහා දැඩි උනන්දුවක් පවතින බවක් දක්නට ලැබේ. කිරම හිමියන් එයට ඉඩ නොදුනහොත් ඔවුන් සංවිධාන බිඳගෙන හෝ තමන්ගේ පුද්ගලික අරමුණු මස්තකප්‍රාප්ත කරගනු ඇත.
පළමුවෙන්ම මෙකී කතාව තුළ, වෙන කවරෙක්වත් උදාහරණයට නොගෙන, ගෝඨාභයම අල්ලා ගැනීමට හේතුව පිළිවිසිය යුතුය. ගෝඨාභය රාජපක්ෂ යනු වැටෙමින් යන ආණ්ඩුවක ස්ථාවරම ශක්තිය බව නොරහසකි. "මහා යුධ වීරයෝ හොඳ නායකයෝ නොවෙන්නාහ" යනු සුප්‍රකට කියමනකි. එහි සත්‍යතාව අපි හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ක්‍රියාකලාපයෙන් දුටිමු. මේ ලියන අපටද, මේ රෙජීමයේ ක්‍රියාකලාපය ගැන සත පහක පැහැදීමක් නැත්තේය. එහෙත් මොන දේ වුණත් අපේ රටේ, තිස් වසක අවාසනාවන්ත කාලකන්ණි යුද්ධය අවසාන කිරීමේ මහා මෙහෙයුම සාර්ථක කරගැනීමේ ප්‍රබලතම සාධකය ලෙස, (මොන වැරදි තිබුණත්) "සහෝදර සමාගම" ගිනිය හැක. එයිනුදු, යුධ මෙහෙයුම් ගැන වඩාත්ම හසළ අවබෝධය ඇති පුද්ගලයා වන්නේ ගෝඨාභයය. එමෙන්ම පසුගිය කාලයේ කොළඹ සහ තදාසන්න පෙදෙස්වල නගර නවීකරණ ක්‍රියාවලිය ඉතාම ප්‍රශස්ත මට්ටමින් කරගෙන යාම නිසා ජනතා ප්‍රසාදය වෙනත් විදියකටද ඔහු විසින් දිනාගෙන ඇත.
ආරන්චියක හැටියට, කොළොන්නාවේ පාරක් හැදීමට නගර සභාව මාසයක කාලයක් සහ ලක්ෂ තිස්පහක් ඉල්ලුවෙලු. එය ප්‍රතික්ෂේප කළ ගෝඨාභය, සති දෙකක් තුළ ලක්ෂ අටෙන් පාර හදා පෙන්නුවේලු. මේ එක කතාවක් පමණි. පුද්ගලයා වශයෙන් මොකා වුණත්, සංවිධාන ශක්තිය සහ රට ගැන ආදරයක් ඇති අයෙකු ලෙස තවමත් ජනතා ප්‍රසාදය ඔහුට ඇත්තේ මෙවැනි සුළු සුළු හේතු නිසාමය.
හලාල් මතය පරිණාමය වූ හැටි
මෑත කාලයේ බොදුබල සේනා විසින් මතුකළ කරුණු අතර ප්‍රබලම ජනතා අවධානයක් දිනාගත් කරුණ වන්නේ හලාල් ය. මේ අරගලය මුලින්ම කරළියට එන්නේ පෙරමුණේ රාළ, පිටියේ අප්පු වැනි අයගේ සයිබර් හඬ තුළිනි. [මින් අදහස් වන්නේ මා රාළගේ දැකීම අනුමත කරන බව නොවේ. රාළ සහ මා අතර කිසිම ඇයි හොඳයියක් නැත. රාළලාගේ කල්ලිය පෙනී සිටින සිංහල බෞද්ධ පුනරුදය සහ ජාතික චින්තන උන්මාදය සැබෑ නොවන සුදු අලියෙක් බව මගේ දැකීමයි. ඔවුන්ගේ ගුරු දේවතාවන් වන නලින් ගැනද මට ඇත්තේ සොපහාසී කියවීමකි.] එහෙත් (අරමුණ කුමක් වුවත්) මේ ගැටළුව කාටත් ඇහෙන්නට සමාජ ගත කරනුවස් පළමු වෙඩිමුරය තැබුවන් ලෙස ඔවුන් අප සිහිපත් කළ යුතුය.
මේ සිද්ධි දාමය ආරම්භයේ සිටම විකාශනය වුයේ එකිනෙකට පරස්පර විරෝධී මාර්ග දෙකකය. තේරෙන සිංහලෙන් කියන්නේ නම්, පිරිසක් හලාල් විරෝධීහු වූහ. පිරිසක් උලාමා විරෝධී වුහ. තවත් පිරිසක් මුස්ලිම් විරෝධී වූහ. හලාල් විරෝධීන්, උලාමා විරෝධීන් සහ මුස්ලිම් විරෝධීන් වෙන්කර හඳුනාගැනීමට හැකියාවක් නොතිබිණි. එමෙන්ම, හලාල් විරෝධීන් බොහොමයක්ද, මේ කාරණයේදී මුස්ලිම් විරෝධීන් සමග එකට සිටගත්හ. ඉන් සිදු වූයේ සතා මොකාදැයි හඳුනාගැනීමට ක්‍රමයක් නොතිබීමයි. රිසානා හිස්ගැසුම් කද්දී ඇගේ මවුපියෝ එය දේව කැමැත්ත ලෙස බාර ගත්හ. එහෙත් තුංගසිරි ගේ කතාව ඊට වඩා වෙනස් විය. මොනවා වුණත් සෞදියේ තානාපති එදත් අදත් යහතින්ය. සාධු!
මේ අතර සිංහල රාවය, බොදු බල සේනා සහ මහමෙවුනා ලෙස කල්ලි තුනකට සිංහල බෞද්ධ සමාජය බෙදී ගියේය. හෙළ උරුමයේ කට ඇරුණේ ටිකක් ප්‍රමාද වීය. එය සිදු වන්නට චම්පිකගේ ඇමති පට්ටම නැති වන තුරු ඉන්නටම සිදු විය. රතන එදා මාවිල්ආරුවේ කළා මෙන්ම උද්ඝෝෂණ කරන්නට ද සූදානම්ව සිටියහ. අලි මදිවාට කොටි කීවා සේ වාසු ජාතික ගීය වෙනස් කරන්නට කතාව ගෙන එමෙන් ඇවිස්සී තිබූ දෙබරයට තවත් ගල් පහරක් වැදිණි. මේ අතරට එකතු වූ ජිනීවා මානව හිමිකම් සැසිවාරය හරහා උලාමාවට තවත් තුරුම්පුවක් ඇදී තිබිණි. මහවුන් බෙදී වෙන්වෙද්දී අන්වර්ලා කළ දුටු කළ වල ඉහගත්තෝය. එල්ලෙන්නට වැලක් නැති එකා පිදුරු ගහෙත් එල්ලෙන්නා සේ, ආණ්ඩුවද බොබසේ වෙත දැක්වූ උදාසීන ආකල්පය වෙනස් කරන්නට තීන්දු කොට තිබිණි. කොටින්ම බොබසේ නායකයන් (නමට හෝ) සිරගත කිරීමට පවා සැලසුම් වී තිබිණි යැයි කියවේ. සිංහල බෞද්ධ සමාජය කාගෙත් උකුසු ඇසට ලක්ව තිබුණේය. කොටින්ම සුලෝහිත වලියට අමර ප්‍රචාරයක් ලබා දුන් සිරසක් නැති සිරස, ඒ තුළින් සිංහල බෞද්ධ ප්‍රජාව කොහොමත් ප්‍රචණ්ඩය වගේ කතාවක් සමාජගත කරන්නට පවා කටයුතු කෙළේය.
ගෝඨාභයගේ ආගමනය
මේ සමස්ත සිද්ධිය තුළ ගෝඨාභයගේ ආගමනය සිදු වන්නේ මෙන්න මෙවැනි විපරීත පරිසරයක් තුළය. එය සැබවින්ම සිංහලයාගේ මළගම දකින්නට කෙළ හලමින් සිටි අවජාතකයන්ගේ සිහින වලට වැදුණු මාරක පහරක් විය. ගෝඨාභය කවුදැයි දන්නා නිසා ඔහුට කෙලින් ගැසීම කළ නොහේ. ඒ වෙනුවට අන්වර්ලා සිය සහජ ව්‍යාපාරික ඥානය මෙහෙයවා වෙනමම මෙහෙයුමක් දියත් කරමින් සිටිති. එනම්, ගෝඨාභය, මහරජාගේ උදහසට ලක් කිරීමයි.
මේ ලියන අපට ගෝඨාභය ගැන ඇත්තේ මිශ්‍ර හැගීමකි. එක අතකට ඔහු මේ රටේ තිස්වස් යුද්ධය නිමා කරන්නට ජීවිතය පවා පරදුවට තැබූ නායකයෙකි. අනිත් අතට ඔහුගේ නමට ඉදිරියෙන්ද චෝදනා නැත්තේ නොවේ. සරත් ෆොන්සේකා සිරගත කිරීම වැනි අවස්ථා වලදී ගෝඨා ගේ ක්‍රියා කලාපය ඉතාම දැඩි විවේචන වලට ලක්විය. කෙසේ වුණත් සිද්ධිය සමථයකට පත් කරමින්, හලාල් සහතිකය නොමිලේ නිකුත් කරන තැනට උලාමාව ගෙන ඒමේ ගෞරවය ඔහුට හිමිවේ. (එහෙම නොකළානම් මෙදා පාර අවුරුද්දේ මුස්ලිම් කඩ බංකොළොත් කිරීමට පවා චම්පිකලා සූදානම් ය). කොටිම්ම දැන් අන්වර්ට රිදෙන්නට වැදී තිබේ. ඔහු අන්න ඒ නිසා සහෝදරයන් කොටවන්නට මෙහෙම කියයි.
එක පාර්ශවයක් උත්සාහ දරන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඊලඟ ජනපති අපේක්ෂකයා බවට පත්කර ගැනීමටයි. බැසිල් රාජපක්ෂ මහතාට හොඳ ඡන්ද පදනමකට අමතරව සුළුජාතීන්ගේ සහයද තිබෙන බැවින් ඔවුන් එසේ සිතනවා විය හැක. එහෙත් බොදු බල සේනාව ප්‍රමුඛ ජාතිවාදී පාර්ශවය උත්සාහ දරන්නේ අනාගත ජනපති අපේක්ෂකයා බවට ගෝඨාභය රාජපක්ෂ මහතාව පත්කර ගැනීමටයි. ජනාධිපති තුමාට පසුව සිංහල බෞද්ධයා ගැන කැක්කුමක් තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව ඔවුන් පවසති. නමුත් මේ දෙපාර්ශවයම එකක් අමතක කර ඇත. එනම් මේ දෙපාර්ශවයම තමන්ගේ අපේක්ෂකයා ඊලඟ ජනපති කිරීමට සුට් මසන්නේ වත්මන් ජනාපති මහින්ද රාජපක්ෂ මහතා පණ පිටින් සිටියදීය. මම අසන්නේ මෙයයි. ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉක්මණින් මියයාම ඔවුන්ගේ අපේක්ෂාවද?
මේ කරන්නේ කන්කන්බූරු සෙල්ලමක් නොවේ. මේ කරන්නේ එහෙම පිටින්ම අසමජ්ජාති කතාවකි. මේ කෙලින්ම කරන්නේ රාජපක්ෂවරුන් කෙටවීමකි. අන්වර් නොදන්නවාට මේ සිද්ධියෙන් සිදු වන්නේ රාජපක්ෂලාට මොනම පක්ෂ කමක් වත් නැති අප වැනි මිනිසුන්ට වුවද මේ සිද්ධියේදී රාජපක්ෂ වරුන්ගේ පැත්ත ගන්නට සිදු වීමයි.
අවසානයේ සිදුවන්නේ කුමක්දැයි කීමට වඩා ඒ ගැන ඊසොප්ගේ කතාවක් ඇසුරින් කීම වඩා සුදුසුය. වරෙක කැලයක සිටි වලහෙක් සහ දිවියෙක් අතර සටනක් වීය. මේ සටන දුටු අනිත් සත්තු ඒ වටේ වට වී කටවල් අරගෙන බලා සිටියහ. සමහර හිවල්ලු සහ කැනහිල්ලු අර දෙදෙනාගෙන් ඉරී වැටෙන මස් කැබලි පවා ඇහිඳ කමින් සිටියහ. මේ අතර එක කට හැකර සූකරයෙක් මෙසේ කියන්නට වීය.
"අපෝ අර වලහගේ හැටි.. චික්.. මම මගේ මුළු ජීවිතේට දැක්කේ නෑ එහෙම කැත වළහෙක්.. අර දිවිය ඒ මදිවට.. හත් අවුරුද්දකින් පොකුණක් දැකල වත් නැති ගානයි. අන්න අන්න ඒ පාර අර මෝඩ දිවිය ආයෙත් පැන්න වැරදි පැත්තට.. මේ.. හලෝ.. ඔහොම නෙමේ පනින්නේ.. අරූගෙ බෙල්ල තමා අල්ලන්න ඕනේ.. ශික්.. කෝ කොහෙද අපි කියන දෙයක් අහනවය.. අන්න ඉතින් ආයෙත් වැරද්දුව... මේ මේ.. මෝඩ වළහෝ.. දැන්වත් ඔහේගේ ඔය නියපොතු පාවිච්චි කරනවකො... අන්න ඉතින් අර දිවිය ගොරවනවා.. මේ හලෝ.. ඒයි! බොරුවට ගොරවන්නේ නැතුව එක පාර පනිනවකෝ ගැම්ම අරගෙන.. හයියෝ මෙහෙමත් මෝඩ සටනක්!"
ටික වෙලාවක් මේ කන්දොස්කිරියාට අසාගෙන සිටි දිවියා සහ වළහා කෙළේ සටන නවත්වා සූකරයාගේ බෙල්ල කඩා ඌ මරා දැමීමයි. අර කී ලෙසම දිවියා එක පිම්මට පැන බෙල්ල අල්ලා ගත් අතර, වළහා සිය තියුණු නියපොතුවලින් සූකර මස් ටික ඉරා දැමීය. අවසානයේ සියල්ලෝම සතුටින් විසිර ගියහ.





.jpg)


