කතෝලික පල්ලියක දොරපියට, සඳකඩ පහණක් යෙදීමේ සිද්ධියක් සහ එහිදී මතුවූ උණුසුම් වාතාවරණයක් පිළිබඳව පසුගිය දිනෙක අසන්නට ලැබුණි. මේ සටහන ඒ වෙනුවෙනි.
සඳකඩ පහණ හෙවත් චන්ද්‍රඛණ්ඩ පාෂාණය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකේතයකි. නියම සඳකඩ පහණ නොවන, වෙනත් එවැනි ඒ හා සමරූපී වන සරල ගල් කැටයම් සහිත පාපුවරු නම් රාජමාලිගා වලත් දකින්නට ලැබුණි. නමුත් අර සාම්ප්‍රදායික කැටයම් පේළි හතම ඇති නියම සඳකඩ පහණ, වෙන කිසිවෙකුගේ වත් නොව සිංහල බෞද්ධ සංකේතයක් බව අවිවාදිතය. බෞද්ධ පමණක් නොව, සිංහල බෞද්ධ (මන්ද වෙනත් ජාතීන් සඳකඩ පහණවල් හදනවා ඉතිහාසයේ කොහෙවත් නැති නිසා) සංකේතයකි. කවුරුන් හෝ එය හුදෙක් සංස්කෘතික සංකේතයක් යැයි කියන්නේ නම්, එක්කෝ ඒ ඔහුගේ හෝ ඇයගේ නොදැනීම විය යුතුය, නැතිනම් කුහකකම විය යුතුය.
මෙහි ඇති වරද වන්නේ, ආගමික සංකේත සියල්ල පූජනීය සංකේත ලෙස වරදවා වටහා ගැනීම ය. අප එසේ කියන්නේ මන්ද?
සඳකඩ පහණ බෞද්ධයන්ගේ ආගමික සංකේතයක් නම් ඇයි ඕක පයට පෑගෙන්න තියන්නෙ යන්න බොහෝ දෙනා අසන පැනයකි. එසේ අහන බොහෝ දෙනා අබෞද්ධයන් බවද සත්‍යයකි. ඔවුන්ට අනුව පූජනීය ආගමික සංකේත සහ පූජනීය නොවන ආගමික සංකේත යනුවෙන් දෙකක් නැත. උදාහරණයක් ලෙස කුරුසිය, ජපමාලය, බයිබලය, කුරාණය වැනි මේ සෑම දෙයක්ම, පූජනීයය. යමක් ආගමිකද එය පූජනීයය. මන්ද සියලු අබෞද්ධ ආගම්, වන්දනාව සහ භක්තිය මත පදනම් වූ ඒවා බැවිනි. ආගමිකත්වය සහ පූජනීයත්වය අතර පවතින වෙනස වටහාගන්න ඔවුන්ට හැකියාවක් නැත; එය ඔවුන්ගේ අඩුවක් නොව, ඔවුන්ගේ චින්තනයේ හැටි ය. ඔවුන්ට එහෙම වුණත් අපට මෙය එතරම් සරල නැත. අපට ආගමික වන නමුත් පූජනීය, වන්දනීය නොවන සංකේත තිබේ.
බෞද්ධ අපට ඉතාම පසුකාලීන යුගයක් වනතුරු ගලින් මැටියෙන් කළ සංකේත තිබ්බේ නැත. බුදු පිළිම පවා අප හැදුවේ අනිත් බෞද්ධ සංස්කෘතීන්ට ඉතාම පසුකාලීනව ය. සඳකඩ පහණ යනු ආගමික සංකේතයක් මිසක් පූජනීය සංකේතයක් නොවන්නේ ඒ දෙකේ අරුත සහ කාර්යය වෙනස් බැවිනි. අර්ථය-කාර්ය වශයෙන් මේ දෙක අතර පැහැදිලි වෙනසක් ඇත්තේ ය. පූජනීය සංකේත වලට වෙනම නමක් ඇත. ඊට කියන්නේ චේතිය (චෛත්‍ය) කියා ය. එහෙම සංකේත ඇත්තේ තුනකි. කිසිවෙක් සඳකඩ පහණට වඳින්නේ නැත; විහාර බිත්තියේ ලියවැල් වලට වඳින්නේ නැත; වහලේ සිවිලිමේ හෝ බිම ඇති නෙළුම් මල් වලට වඳින්නේ නැත; අපට වන්දනීය සංකේත ඇත්තේ තුනයි. ශාරීරික, පාරිභෝගික සහ උද්දේසික යනුවෙනි. එනම් එක්කෝ දළදා වහන්සේ වැනි ශාරීරික ධාතු ය. නැත්නම් ශ්‍රී මහා බෝධීන්නාන්සේ වැනි බුදු හිමියන් පරිභෝජනය කළ වස්තූන් ය. නැතිනම් බුදු පිළිම, බුද්ධ රූප, දාගැප් වගේ බුදුන් සිහිවන්නට තැනු ස්මාරක ය. චේතිය නොවන සංකේත ද ඇත. එසේ නොවුණා කියා එහි ආගමික මූලය නැති වන්නේ නැත. ඒ නිසා සඳකඩ පහණ කකුලට පෑගුණු පලියට එහි බෞද්ධ මූලය නැතෙයි කිව නොහැක.
බොහෝ අබෞද්ධයන් සඳකඩ පහණ වැනි දේවල් හුදෙක් අපේ සංස්කෘතියේ කොටස් පමණයි යන වැරදී නිගමනයට එන බව පෙනෙන්නට තිබේ. එහෙම දේ ද ඇති බවට සැකයක් නැත. උදාහරණයක් ලෙස වෙසක් කූඩු, වෙසක් තොරණ, ධජ පතාක සේසත්, මේවා සිංහල සංස්කෘතියේ කොටස් ය. කතෝලිකයන් නත්තලට තොරණ හැදුවාට, කූඩු හැදුවාට, දන්සැලක් දුන්නාට, සොරෝලෙට ධජ සේසත් රැගෙන ගියාට අප එරෙහි නොවන්නේ එබැවිනි.
කතෝලික ප්‍රජාව මේ රටේ සෑහෙන කාලයක පටන් සිංහල බෞද්ධ ප්‍රජාව සමග සහජීවනයෙන් ජීවත් ව තිබේ. අද අපේ බෞද්ධ සමාජයේ ඇති බොහෝ දේ අප කතෝලික ආභාසයෙන් ලබාගත් දේවල් ය. වෙසක් පෝයට කියන භක්ති ගීත වල පටන් ඉරිදා දහම් පාසල දක්වා, අද අප දෙවරක් නොසිතා අපේ දේ සේ සළකන බොහෝ දේ අප උකහා ගත්තේ කතෝලික ආභාසයෙන් බව සත්‍යයකි. ආරම්භය මොකක් වුණත් මේ රටේ සංස්කෘතියට හොඳින්ම අනුගත වුණු සභාව කතෝලික සභාව බව අවිවාදිතය.
කෙසේ වෙතත්, අප කැරොල් ආභාසය ගත්තා මිස බෞද්ධ කැරොල් කළේ නැත. අප එයින් ආභාසය ගෙන අපේම දෙයක් වන බැති ගී කළෙමු. අප ඉරිදා දේව මෙහෙය සහ ධර්මදූත සේවාව කොපි කලේ නැත. අප ඉන් ගත හැකි දේ රැගෙන අපේ පිරිවෙන් අධ්‍යාපනය මත පදනම් වූ දහම් පාසැල් ක්‍රමයක් පිහිටවා ගත්තෙමු. නමුත් සඳකඩ පහණ එවැන්නක් නොවේ. එය අමු අමුවේ කළ සංස්කෘතික මංකොල්ලයකි.
ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමවේද වලත් යම් යම් සීමා මායිම් ඇත. ජාතියක, ආගමක සංස්කෘතියක අනන්‍යතාව තීරණය කිරීමෙහි ලා එහි ගෘහ නිර්මාණ ශිල්පය දක්වන බලපෑම සුළුපටු නොවේ. ඒ අනන්‍යතාව පැහැර ගැනීම බරපතල වරදකි. සමහරු මෙහිදී ආගමකට පෙර පුද්ගලික නිදහස තිබිය යුතුයැයි කීමට ඉඩ තිබේ. මෙය වැරදි කියවීමකි. පුද්ගල වරණීය නිදහස යන සංකල්පය අදාළ වන්නේ තනි තනි පුද්ගලයාට මිසක සමස්ත සමාජයට නොවේ. එහෙමනම් අපිත් කුරුසය අපට ඕනේ විදියට පාවිච්චි කළොත්? කුරාණය අපට ඕනේ විදියට පාවිච්චි කළොත්? ඉස්ලාමික හෝ වෙනත් සංකේත පාවිච්චි කරන්න ගත්තොත්?
ඒ සමගිය කඩකරන්නට සහ එමගින් සිය ගරාවැටෙන සංවිධානයන්ට යම් පොරත්වයක් ආරෝපණය කරගන්නට වළිකන පුද්ගලයන්ගේ උපක්‍රම වලින් පරෙස්සම් විය යුතු කාලයයි මේ. පළමුව කොටවනු ලැබූයේ අප සහ දමිළයන් ය. ඊළඟට මුසල්මානුවන් ය. මේ දෙකම සාර්ථක නොවුණු තැන මේ තතනන්නේ බොදු-කතෝලික වළියක් හරහා මේ රටේ සිංහලයා දෙකඩ කරන්නට ය. මෙවැනි කල් ඉකුත් වූ ලණු නොකා ඉන්නට තරම් මොළයක් මේ රටේ බුද්ධිමත් කතෝලිකයන් හට ඇතැයි අපි උදක් ම විශ්වාස කරන්නෙමු.
Showing posts with label කතෝලික පල්ලිය. Show all posts
Showing posts with label කතෝලික පල්ලිය. Show all posts
Saturday, June 29, 2013
Saturday, May 18, 2013
ඩෑන් බ්‍රවුන් සහ මොනාලීසා | Dan Brown & Mona Lisa
සටහන: මේ ලිපිය මුලින් පල කෙරුණේ, පාප් වහන්සේ සහ අලුත් සාන්තුවරු යන මැයෙන් අප ලී පැරැණි ලිපියක කොටසක් ලෙස ය. එහෙත් මෙහි දැක්වෙන යම් යම් කරුණු, බොහෝ පාඨකයන් හට නුහුරු නුපුරුදු හෙයින් දෝ, ඒ ගැන මීට වඩා සවිස්තරව ලියන මෙන් පාඨක ඉල්ලීමක් ලැබී තිබිණි. ඒ ඉල්ලීම සපුරා ලමින්, මේ ලියැවෙන්නේ එතෙක් මෙතෙක් කතෝලික පල්ලිය සම්බන්ධ තහනම් ම වචනය ගැනයි. එනම් "ශුද්ධ වූ කුසලාන" ගැනයි.
Dan Brown සහ ඩාවින්චි කෝඩ්
මෑත කාලයේ බටහිරින් බිහි වූ පච වට්ටෝරු රචකයන් අතර අංක එකේ ස්ථානය දිනාගෙන සිටින්නේ කවුදැයි ඇසුවහොත්, ඊට නොවරදින සුලු පිළිතුරක් දිය හැකි ය. එනම් Dan Brown යනුවෙනි. පල්ලියේ පමණක් නොව මානව ඉතිහාසයම විකෘති කරමින් කතන්දර ලියා සිය මඩිය තරකර ගැනීම ගැන ඔහුට සමාව දිය හැකි නමුත්, අනුන්ගේ පර්යේෂණ තමන්ගේ කරගෙන විකුණා ගැනීම ගැන නම් ඔහුට කිසිම ලේඛකයකුගේ සමාවක් හිමි නොවිය යුතුය. ගවේෂණාත්මක මට්ටමේ සරල බ්ලොග් ලිපියක් ලියන්නට පවා මොනතරම් කරුණු සම්භාරයක් සෙවිය යුත්තේ ද යන්න සිතීම ම පමණක් ඒ සඳහා සැහේ.
Dan Brown විසින් අමු අමුවේ කොල්ලකන ලද අදහස වන්නේ, කිතුණු ප්‍රවාද අතර වඩාත්ම ප්‍රචලිත ප්‍රවාදය වන, ශුද්ධ වූ කුසලාන හෙවත් Holy Grail යන සංකල්පයයි. පසුගිය විංශකයේ අග භාගයේ Holy Grail පිලිබඳ සමකාලීන විචාරකයන් පිරිසක් විසින් [1] පර්යේෂණාත්මක මට්ටමින් ඉදිරිපත් කරන්නට යෙදුණු, එක්තරා ආන්දෝලනාත්මක අදහසකින් කිතුණු සමාජය හෙල්ලුම් කෑවේ ය. එනම් ජේසුන් අවසන් වරට පානය කළ බවට පැවසෙන කුසලාන, සත්‍ය කුසලානක් නොව, කාන්තාවක් සංකේතවත් කරන සළකුණක් බවයි. [2]
මෙය අපේ රටේ කිතුණුවන් හට අලුත් අදහසක් වූවාට, බටහිර රටවල නම් මේ කතාව සෑහෙන පැරැණි, පිළුණු කතාවකි. එමෙන්ම දේව ධර්ම සාකච්ඡා වල දී ඇතිවන්නට පට්ට ගසා ඇති මාතෘකාවකි. විශේෂයෙන්ම ඊජිප්තු නිම්න ආශ්‍රිත ඉස්ලාම්-කතෝලික සම්මිශ්‍ර කොප්තික නිකායයන්ට සහ ඉන්දීය සම්මිශ්‍ර නොස්ටික (ඥානවාදී) නිකායයන්ට අනුව, ජේසුන් "තඹවන් හිසකේ ඇත්තියක් සමග" විවාහ වුවා පමණක් නොව, ඒ විවාහයෙන් ලද දැරියක ද වන බව පැවසේ. ඉන් බහුතරයකට අනුව ජේසුන් ගේ බිරිඳ වන්නේ අන් කවරෙකුවත් නොව, බයිබලය විසින් ගණිකාවක ලෙස හඳුන්වන මරිය මග්දලේනා ය.
සටහන: මග්දලා යන නම ද එක්තරා විධියක ද්වියාර්ථ නමකි. පාදක සටහන් අංක [3] බලන්න.
මේ කතාවේ ඉතිරිය කියන්නට පෙර කිතුණුවන් ගේ ශුද්ධ වූ බයිබලයේ ඉතිහාසය ගැන ද වචනයක් කිව යුතු ය. බයිබලයේ පැරැණි තෙස්තමේන්තුව (පැරැණි ගිවිසුම) සහ නව තෙස්තමේන්තුව (නව ගිවිසුම) ලෙස කොටස් දෙකකි. බයිබලයේ නව තෙස්තමේන්තුව වනාහි, ජේසුන් ගේ ශුභාරංචිය වාර්තා කළ අති මහත් බහුතරයගේ වාර්තා වලින් තෝරා ගත් ස්වල්පයක් පමණි. (එහි වරදක් නැත. ආරංචිය කියන අයගෙන්, වඩාත්ම නිරවද්‍යව කියන කෙනා ගේ වාර්තාව පිළිගැනීමේ වරදක් නැත. බයිබලය පිළිගන්නා ශුභාරංචි කරුවෝ හතර දෙනෙකි: එනම්, මතෙව්, මාක්, ලුක් සහ යොහන් යනුවෙනි.) එහෙත් පැරැණි තෙස්තමෙන්තුවත්, නව තෙස්තමෙන්තුවත් යන දෙකටම අයත් නොවන, එහෙත් බයිබලීය තත්ත්වය ලබන වෙනත් ග්‍රන්ථ ද රාශියක් තිබේ. ඒවා, ද්විතීය සම්මත ග්‍රන්ථ නම් වන අතර, කතෝලික බයිබලයන්හි සාමාන්‍යයෙන් පැරැණි සහ නව ගිවිසුම් වලට අතරමැද එක්කර තිබේ. මේ වනාහි ක්‍රි.ව. 400 දී පමණ, එස්රා විසින් ජෙරුසලමේ පවුරු ගොඩනගා, ව්‍යවස්ථාව ප්‍රකාශ කිරීමෙන් පසුව, සහ ජේසුන් ලොව පහළ වීමට පෙර යන වසර 300ක පමණ කාලය පිලිබඳ ව විස්තර කරන ලියවිලි සමූහයකි.
නොස්ටික වාදී නිකාය සහ කොප්තික නිකාය වලට අනුව, ශුභාරංචි වලින් ඉවත් කළ වෙනත් ග්‍රන්ථ රාශියක් තිබේ ලු. මරියා යනු අන් කවරෙකුවත් නොව, ජේසුන් විසින් මරණින් නැගිටුවන ලද්දේ යයී කියන ලාසරස් ගේ නැගණිය වන්නේ ලු. එමෙන්ම ඈ, ජුදා ගෝත්‍ර දහතුනෙන් ප්‍රබලම ගෝත්‍රය වූ බෙන්ජමින් ගේ ගෝත්‍රයට අයත් වී ලු. කොප්තිකයන් හට අනුව නම් මරියා නමින් ද ශුභාරංචියක් වන්නේ ය. ඒ අනුව, ජේසුන් විවාහ වූ සැටි, දරුවා ලැබුණු සැටි, අපොස්තුළුවරුන් එකිනෙකා අසමගි වූ සැටි, ඒ අතර බල අරගල හටගත් සැටි සහ අවසානයේ ගැබ්බර මරියා ජෙසුන්ගේ පාවාදීමෙන් අනතුරුව ගෝල් දේශයට (වර්තමාන ප්‍රංශයට) පළා ගිය සැටි ආදිය විස්තර වේ යැයි කියති. මේ එකක් වත් කතෝලික සභාව විසින් පිළිගන්නේ නැත.
මෑත කාලයේ තවත් මීට ම සමාන්තර ව දිවු වෙනත් මතයක් ද මෙහිදී සිහිපත් කරනු වටී. එනම්, ජේසුන් බුද්ධ ශ්‍රාවකයකු වී සිටියාද යන්නයි. මේ මතය මෑත කාලයේ දී අපේ සමාජයේ ද සෑහෙන දුරට ව්‍යාප්ත වූ එකකි. මේ ලිපියෙන් කතා කරන්නේ ඒ ගැන නොවන නිසා අපි ඒ පසෙක තබමු; වැදගත් වන්නේ, ජේසුන් ගේ තරුණ සහ මැදිවියේ විස්තර එකක් වත් බයිබලයේ නැති වීමයි. ජේසුතුමන් ගේ කුඩා කාලයේ විස්තර හැරුණාම, ආයෙම ඔහු ගැන සඳහන් වන්නේ ඔහු ආගම ප්‍රචාරය කරන්නට පටන් ගත් කාලයේ දී ය. මේ කාලයේ ඔහු කොහේ සිටියේ ද, මොනවා කළේ ද යන්න ගැන පර්යේෂණාත්මක ගවේෂණ එකක් නොව, රාශියක් ඇත. ඉන් බහුතරය, ඔහු විවාහ වුයේ ය යන අදහසට බර වේ. (රෝමකයන් ගේ යුදෙව් නීතියට අනුව, වයස 30-ආදියක් වන තුරු විවාහ නොවී සිටීමට යුදෙව්වකු හට අයිතියක් නැත.)
ප්‍රංශයේ අද දක්වාම පවත්නා "Merovingian" නම් රජ පවුලක් වේ (est c.a. 42 A.D). මේ මෙරෝවින්ජියන් රජ පවුල පවත එන්නේ, මෙසයියා (මෙසයියා යනු ගැළවුම්කරුවා යන අරුත් දේ; ජේසුන් හඳුන්වන වචනයකි.) සහ මග්දලීනා ගේ දූ, සාරා නැමත්තියකින් ය යන්න ඔවුන්ගේ පවුල් වාර්තා වල කියැවේ. එසේම ඔවුන්ගේ පුරාවෘත්ත අනුව ඔවුන්ගේ මී මිත්තණිය "දිය කිඳුරියකි". ඉතිහාසඥයන් හට අනුව, මෙය මුහුදෙන් ගසාගෙන ආ කාන්තාවක් හඳුන්වන්නට යෙදුණු සංකේතයක් බව ය, මෙතෙක් පිළිගැනීම වුයේ. එහෙත්, ඔබ අප කවුරුත් දන්නා පරිදි, "මාළුවා" හෙවත් "ඉක්තිස්" සංකේතය අන් කවරෙකු ගේ වත් නොව, අද ද කතෝලික සංකේතයකි. මුල් කාලීන ග්‍රීක ග්‍රන්ථ වල, ජේසුස් වහන්සේ හඳුන්වන සංකේතයක් ලෙස ද "මත්ස්‍ය" සංකේතය නිතර භාවිත වේ. (සමහර විට ඒ, ජේසුන් වුවමනාවෙන්ම සිය ගෝලයන් තෝරා ගත්තේ, සමාජයේ උසස් යයි සම්මත කුලවන්තයින් අතරින් නොව, පහත් යැයි සම්මත මාළුකාරයන් අතරින් වන නිසා විය හැක). "මාළුවා සහ දිය කිඳුරිය අතර කතාව" වනාහි අන්තර්ජාලයේ කන්ස්පිරසි තියරි රචකයන් විසින් පට්ට ගහන ලද කතාවකි.
ප්‍රංශ ඉතිහාසයේ මෙතැනින් ඇරඹෙන ලේ ඥාතිකම් ශ්‍රේණියක් ම පවතී. ඔවුන් හට අනුව අද ද යුරෝපීය රාජකීය පවුල් බොහොමයක දිවෙන්නේ මේ ලේ ඥාතිවරය ය. ඒ ලේ පරපුරේ අවසාන පුරුක ලෙස සැළකෙන්නේ කලකට ඉහත අබිරහස් ලෙස මිය ගිය ඩයනා කුමරිය ය. එබැවින් ඩයනා කුමරිය ගැන ගවේෂණය කරන උදවිය හට ද, මේ කතන්දර බොහොමයක් අදාළ ය.

වැඩි විස්තර අවැසි අය වේ නම් එක්කෝ මේ සබැඳි හඹා යන්න: නැතිනම් අදාළ වචන සඳහා සෙවුමක් දියත් කරන්න: Dead Sea Scrolls, Nag Hammadi Library, Sang Raal, Merovingians & Royal Bloodline
සටහන: මේ අප උපුටා දක්වන්නේ අපේ අදහසක් නොව, ශාස්ත්‍රීය ගවේෂණ වලට ද පාදක වූ මාතෘකාවක් බව සටහන් කරනු කැමැත්තෙමු. ඉන් කියවෙන්නේ අප මේ කතාන්දරය විශ්වාස කරන බවක් වත් අප ඒ වෙනුවෙන් පෙනී සිටින බවක් වත් නොවේ. අනික, මේ සියලු කරුණු අප දක්වන්නේ අදාළ මූලාශ්‍ර සහිතව ය. අවැසි නම් මේ සඳහා අදාළ සෑම පර්යේෂණ වාර්තාවක් ම ඉදිරිපත් කිරීමට වුව අප සූදානම් ය.
Da Vinci Code කතාව ගෙතෙන්නේ මේ ජනප්‍රවාද සහ විශ්වාස පදනම් කරගනිමිනි. අද වන විට තරුණ පරම්පරාවේ බොහෝ දෙනා මේ කතාන්දරය සම්පූර්ණ සත්‍යයක් සේ පිළිගන්නා බව ද පෙනෙන්නට තිබේ. පසුගිය කාලයේ මේ නිසා මේ ප්‍රවාද වලට වතිකානු විරෝධය ද නොමඳව ම එල්ල විය. එසේම මේ පොත සහ චිත්‍රපටය යන දෙක ම රටවල් ගණනාවක ම තහනම් කරන්නට ද යෙදී තිබිණි.
කෙසේ වෙතත් මේ කතන්දර විශ්වාස කරන අයට නම් කියන්නට බොහෝ දේ තිබේ. මොනාලිසාගේ පින්තුරයේ සිට, මරියතුමීගේ පිළිරුව දක්වා විත් අවසන් භෝජන සංග්‍රහය දක්වාම කතා කරන්නට දේවල් තිබේ.
(මේ සියල්ලේ ම ඉන්නා කාන්තාවන්ගේ කොණ්ඩා, එකම රතු පැහැතිය. ලියනාඩෝ ද වින්චි විසින් නිර්මිත අවසන් භෝජන සංග්‍රහයේ සිතුවමට කාන්තාවක් කොයින් ආවාදැයි අදටත් කිසිවෙකු නොදනිති. ඈ ඉන්නේ ද ඈතින් නොව, ජේසු තුමන්ගේ හරියට ම එහා පැත්තෙනි. එමෙන්ම ඇගේ හිස කේ තඹ වර්ණ ය. ඩිස්නි කාටූන් දහයක් ගත්තොත් නවයකම කෙල්ල ගේ කොණ්ඩය තඹ පාට ය. පසුගිය කාලයේ අති සාර්ථකව වාර්තා පිට වාර්තා පිහිටවූ තිරගත වූ Harry Potter හි ද, ලෝකය ගළවා ගන්නට දිවි පුදන වීරයා විවාහ වන්නේ තඹ පැහැ හිසකේ ඇති කෙල්ලක සමග ය. උදාහරණ නම් අනන්ත දෙන්නට හැකිය. )
ශුද්ධ වූ කුසලානේ ස්ත්‍රී සංකේතයෙන් වැඩිම වාසි ලබන තවත් පිරිසක් ද වෙති. ඒ, ඊනියා ස්ත්‍රී වාදීන් ය. ඔවුන්ට අනුව මේ ලෝකය බිහිවූ දා සිට පිරිමි අපි කර ඇත්තේ ස්ත්‍රීන් පාගා දැමීමයි. ඔවුන්ට අනුව, මෙයද එවැනි අවස්ථාවකි.
සටහන: මේ ලියන්නේ ස්ත්‍රී වාදයට කඩේ යන්නට නොවේ. මැමේලියාවන්ට හෙවත් ක්ෂීරපායීන්ට පමණක් ඇති ලක්ෂණ අතර, ස්ථන ග්‍රන්ථි හෙවත් පියයුරු පිහිටීම ද වේ. පියයුරු සහ ගර්භාෂය විසින්, මානවයා විශේෂ දෙකක් වන තරමට ම බෙදා වෙන්කරයි. ["Women are from Venus, Men are from Mars" ග්‍රන්ථය බලන්න.] "ගැහැණියගේ නියම ලිංගික අවයවය වන්නේ යෝනිය නොව, පියයුරු ය"යි බටහිර ජීව විද්‍යාත්මක උපන්‍යාසයක් තිබේ. මන්ද මේ තරම් විශාල පියයුරු තිබීමෙන් වන මහලොකු කාර්යක්ෂමතාවක් නැතුවා මෙන්ම, ඉන් ළදරුවා හුස්ම හිර වී මියයාමේ අවදානම ද වැඩි වීමයි. එසේම, ගැහැණිය හෙවත් "ගෘහිණිය" [පරි: එනම්, ගෙදරට වී ගේ දොර බලා ගන්න තැනැත්තිය] යන පදය නිමවෙන්නේ ද එමගිනි. අප දන්නා ජීව විද්‍යාව අනුව නම් අපි ඕක එල්ලා ගනිං යැයි කීවේ නැත.
කෙසේ වෙතත් විද්වත් සමාජයට සීමාව තිබූ මේ මාතෘකාව, කරළියට එන්නේ සහ සිනමා පටයක් බලන අතර හපන පොන් කෝන් පැකට්ටුවක් බවට පත් වන්නේ අර කී ක්ෂණික නූඩ්ල්ස් රචකයා නිසා ය. එක අතකට, කවුරු කොහොම නැතෙයි කිව්වත්, ආගමික සංස්ථා විසින් මොනතරම් ප්‍රහාර එල්ල කළත්, විකල්ප ආගමික විශ්වාස කරළියට ඒම වළක්වන්නට කවදාවත් කාටවත් හැකි වී නැත. හැකි වන එකක් ද නැත. කවද හෝ ඒවා එලි බහී. සිදු වූ එකම හොඳ එය ය. ඒ හා බැඳුණු නරක වන්නේ Dan Brown පිස්සන් ගේ සංස්‌කෘතිය විසින් මේ විද්වත් මාතෘකාව චුවිංගම් එකක් බවට ඌණනය කිරීම නිසාය. බටහිර සමාජය තුළ Dan ලා පුරවා ලන්නේ අපේ අද්‍යතන ලාංකේය සමාජය තුළ ඊනියා දේශීය සංවිධාන බහුතරයකින් පුරවා ලන හිස් තැනම ය. එනම් හිතන්නට දෙයක් නැතිකමට කාලකන්ණිව ගිය බංකොළොත් ඔලුවලට, චුවිංගම් එකක් සේ හප හපා ඉන්නට දෙයක් දීම ය.
[2]. [The book] suggested that Jesus and Mary Magdalene were married and that their bloodline survived in Western Europe. The word "sangraal" had, it seems, been misunderstood. When the word was broken after the "n" (san graal) it was thought to mean "Holy Grail," but if it was broken after the "g," the word rendered "sang raal," which in Old French meant "blood royal."
[3]. The "chalice" is an ancient symbol for the sacred feminine and the ancient goddesses are often associated with the "Vesica Piscis"—the () shape identified in the Greek New Testament gematria with "h Magdalhnh," the epithet given to the Mary whom early Christians identified with "the tower/stronghold" in the prophetic book of Micah.
[4]. Merovingian kings with the royal bloodline of Jesus and Magdalene. One of their myths apparently hints that an ancestress of the Merovingians was a mermaid, and another says that the mother of their founding leader Merovee’ was impregnated by a sea monster. In each of these myths, the prevailing kernel of truth seems to be that this ancestry is "part man, part fish." Since among early Christians Christ was widely identified as the "ICHTHYS" (the Fish) and Mary Magdalene was identified with the shape known as the "vessel of the fish," I believe that the ancestral mythologies of the Merovingians refer to the myth of their royal lineage. Bizarre as this conclusion may appear, it rests on the fact that myths are often vehicles for veiled truths too dangerous to be revealed.
![]() |
| Ariel & Friends - The Little Mermaid |
![]() |
| Hermione Granger |
![]() |
| The Merida Talking Doll |
![]() |
| Ginny Weasely & Harry Potter |
ශුද්ධ වූ කුසලානේ ස්ත්‍රී සංකේතයෙන් වැඩිම වාසි ලබන තවත් පිරිසක් ද වෙති. ඒ, ඊනියා ස්ත්‍රී වාදීන් ය. ඔවුන්ට අනුව මේ ලෝකය බිහිවූ දා සිට පිරිමි අපි කර ඇත්තේ ස්ත්‍රීන් පාගා දැමීමයි. ඔවුන්ට අනුව, මෙයද එවැනි අවස්ථාවකි.
සටහන: මේ ලියන්නේ ස්ත්‍රී වාදයට කඩේ යන්නට නොවේ. මැමේලියාවන්ට හෙවත් ක්ෂීරපායීන්ට පමණක් ඇති ලක්ෂණ අතර, ස්ථන ග්‍රන්ථි හෙවත් පියයුරු පිහිටීම ද වේ. පියයුරු සහ ගර්භාෂය විසින්, මානවයා විශේෂ දෙකක් වන තරමට ම බෙදා වෙන්කරයි. ["Women are from Venus, Men are from Mars" ග්‍රන්ථය බලන්න.] "ගැහැණියගේ නියම ලිංගික අවයවය වන්නේ යෝනිය නොව, පියයුරු ය"යි බටහිර ජීව විද්‍යාත්මක උපන්‍යාසයක් තිබේ. මන්ද මේ තරම් විශාල පියයුරු තිබීමෙන් වන මහලොකු කාර්යක්ෂමතාවක් නැතුවා මෙන්ම, ඉන් ළදරුවා හුස්ම හිර වී මියයාමේ අවදානම ද වැඩි වීමයි. එසේම, ගැහැණිය හෙවත් "ගෘහිණිය" [පරි: එනම්, ගෙදරට වී ගේ දොර බලා ගන්න තැනැත්තිය] යන පදය නිමවෙන්නේ ද එමගිනි. අප දන්නා ජීව විද්‍යාව අනුව නම් අපි ඕක එල්ලා ගනිං යැයි කීවේ නැත.
කෙසේ වෙතත් විද්වත් සමාජයට සීමාව තිබූ මේ මාතෘකාව, කරළියට එන්නේ සහ සිනමා පටයක් බලන අතර හපන පොන් කෝන් පැකට්ටුවක් බවට පත් වන්නේ අර කී ක්ෂණික නූඩ්ල්ස් රචකයා නිසා ය. එක අතකට, කවුරු කොහොම නැතෙයි කිව්වත්, ආගමික සංස්ථා විසින් මොනතරම් ප්‍රහාර එල්ල කළත්, විකල්ප ආගමික විශ්වාස කරළියට ඒම වළක්වන්නට කවදාවත් කාටවත් හැකි වී නැත. හැකි වන එකක් ද නැත. කවද හෝ ඒවා එලි බහී. සිදු වූ එකම හොඳ එය ය. ඒ හා බැඳුණු නරක වන්නේ Dan Brown පිස්සන් ගේ සංස්‌කෘතිය විසින් මේ විද්වත් මාතෘකාව චුවිංගම් එකක් බවට ඌණනය කිරීම නිසාය. බටහිර සමාජය තුළ Dan ලා පුරවා ලන්නේ අපේ අද්‍යතන ලාංකේය සමාජය තුළ ඊනියා දේශීය සංවිධාන බහුතරයකින් පුරවා ලන හිස් තැනම ය. එනම් හිතන්නට දෙයක් නැතිකමට කාලකන්ණිව ගිය බංකොළොත් ඔලුවලට, චුවිංගම් එකක් සේ හප හපා ඉන්නට දෙයක් දීම ය.
පාදක සටහන්
[1]. "Holy Blood, Holy Grail" by Michael Baigent, Henry Lincoln, Richard Leigh, published by Jonathan Cape in London, 1982[2]. [The book] suggested that Jesus and Mary Magdalene were married and that their bloodline survived in Western Europe. The word "sangraal" had, it seems, been misunderstood. When the word was broken after the "n" (san graal) it was thought to mean "Holy Grail," but if it was broken after the "g," the word rendered "sang raal," which in Old French meant "blood royal."
[3]. The "chalice" is an ancient symbol for the sacred feminine and the ancient goddesses are often associated with the "Vesica Piscis"—the () shape identified in the Greek New Testament gematria with "h Magdalhnh," the epithet given to the Mary whom early Christians identified with "the tower/stronghold" in the prophetic book of Micah.
[4]. Merovingian kings with the royal bloodline of Jesus and Magdalene. One of their myths apparently hints that an ancestress of the Merovingians was a mermaid, and another says that the mother of their founding leader Merovee’ was impregnated by a sea monster. In each of these myths, the prevailing kernel of truth seems to be that this ancestry is "part man, part fish." Since among early Christians Christ was widely identified as the "ICHTHYS" (the Fish) and Mary Magdalene was identified with the shape known as the "vessel of the fish," I believe that the ancestral mythologies of the Merovingians refer to the myth of their royal lineage. Bizarre as this conclusion may appear, it rests on the fact that myths are often vehicles for veiled truths too dangerous to be revealed.
Thursday, May 16, 2013
පාප්තුමන් සහ අලුත් සාන්තුවරු | Pope and the New Saints
විශේෂ සටහන: පාඨක අදහසක් අනුව, මේ කතාවට ම අදාළ, Dan Brown සහ මොනාලීසා ගැන කතාව, වෙනම ම ලිපියක් ලෙස, වඩා සවිස්තරව ඉදිරිපත් කෙරෙනු ඇත. මන්දයත් මොනාලිසා සහ පල්ලිය ගැන කියන්නට සෑහෙන දිග විස්තරයක් ඇති බැවිනි.
මෙතෙක් කතාව
XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ගේ හදිසි සහ අනපේක්ෂිත ඉල්ලා අස්වීම පිටුපස ඇති ප්‍රසිද්ධ රහසක් ගැන අපි මීට පෙර ලිපියකින් සාක්‍ෂි සහිතව කරුණු ගෙන හැර දැක්වුයෙමු. ඒ අනුව වතිකානුව යනු තව දුරටත් ශුද්ධ වූ පූජ්‍ය නගරයක් නොව, (ශුද්ධවන්තයන් අතර) ළමා අපචාරකයන්, සමලිංගික ගණිකා වෙළෙන්දන් සහ පිම්පියන් ද වෙසෙන නගරයක් බවට අපි කරුණු ගෙන හැර දැක්වීමු.සටහන: මේ කිසිවක් අප පවසන්නේ කිසිදු ආගමකට අපහාස කරනු පිණිස නොවන බව කාරුණිකව සළකන්න. කුණු ඇත්තේ පන්සලේ ද, කතෝලික පල්ලියේ ද, ජම්මියතුල් උලමාවේද යන්න අපට අදාළ නැත. කුණ කොහේ තිබුණත් කුණ මැයි.
බෙනඩික්ට් පාප් වහන්සේ ගෙන් අනතුරුව එම තනතුරට තෝරා පත් කරගනු ලැබුයේ ආජන්ටීනු කාදිනල් ජෝර්ජ් මාරියෝ බෙර්ගොග්ලියෝ පියනමය. මෙය ද හිටපු පාප් තුමන්ගේ නික්මයාම මෙන්ම අනපේක්ෂිත සිද්ධියකි. මන්දයත් ජෝර්ජ් මාරියෝ පියනම, පාප් ධුරයට පත්වීමට ඉඩ ඇති කාදිනල් වරුන් ලෙස සාමාන්‍ය ජනයා සිතා සිටි ලයිස්තුවේ වත්, වතිකානු විශේෂඥයන් විසින් අනුමාන කරන ලද පිරිස අතර වත් නොසිටි "සෙවණැලි" චරිතයක් බැවිනි.
මේ ගැන අදහස් දක්වන වියානාවේ අගරදගුරු කාදිනල් Christoph Schönborn, "Telegraph" පුවත්පතට අදහස් දක්වමින් පවසා තිබුණේ "මේ තීරණය ගැනීමට දිව්‍යමය හේතු සාධක බලපෑ" බවයි. මේ ප්‍රකාශය ඉතා වැදගත් වන්නේ, කාදිනල් ක්‍රිස්ටෝෆ් තෙමේ ද, මීළඟ පාප් ධුරයට පත්වීමට වඩාත්ම ඉඩ තිබුණු කිහිප දෙනාගෙන් කෙනෙකු වීම නිසා ය.
මේ හැර, වැදගත්ම සාධකයක් වන්නේ, බෙනඩික්ට් පාප්තුමන් "සාම්ප්‍රදායිකයන්ගේත් සාම්ප්‍රදායිකයකු" වන විට, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉතාම "නූතනවාදී" අයෙකු ලෙස නමක් දිනා සිටීමයි.
ඉස්ලාම් විරෝධී සාන්තුවරු
වැදගත්ම සිද්ධිය වන්නේ අභිනව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කරන ලද ඊළඟ වීර ක්‍රියාවයි. එනම්, එතෙක් මෙතෙක් රෝමානු කතෝලික සභාවේ කරන ලද විශාලම ශුද්ධවරයට ඔසොවා තැබීම සිදු කරනු ලැබීමයි. ඒ අනුව පසුගිය 12 වන ඉරුදින සාන්ත පේදුරු චතුරශ්‍රයේ දී, අභිනව පාප් තුමෝ එකවර 800 දෙනෙක් සාන්තුවර තත්ත්වයට හෙවත් ශුද්ධවරයට ඔසොවා තැබුහ.ශුද්ධවරයට ඔසොවා තැබීම යන්නෙන් අදහස් වනුයේ යම් පුද්ගලයකු සාන්තුවරයකු ලෙස හැඳින්වීමයි. සාන්ත අන්තෝනි, සාන්ත පීතර, සාන්ත ජෝසප් ආදී වශයෙන් හැඳින්වෙන්නේ ඔවුන් ය. සාමාන්‍යයෙන් සාන්තුවර තත්වයට කෙනෙකු නම් කරන්නේ ජීවිත කාලයක් මුළුල්ලේ පැවති අචල දේව භක්තිය කරණකොට ගෙන, ඔහු හෝ ඇය හට යම් අධිමානුෂික දිව්‍යමය බලයක් ඇතැයි සනාථ කෙරේ නම් ය. සාමාන්‍යයෙන් බැතිමතෙකු සිය ජීවිතයම දේව කාරිය වෙනුවෙන් කැපකළ විට, ඔහු හෝ ඇය ස්වර්ගස්ථ වූ පසුව, මුලින්ම භාග්‍යවරයට ඔසොවා තබනු ලැබේ. මෙය, සාන්තුවරයකු / වරියක ලෙස තෝරා ගැනීමට සුදුසු කම් ලැබීමක් හා සමාන ය.
මේ කතාව වඩාත් පැහැදිලි වීම සඳහා අපේ අසල්වැසි ඉන්දියාවේ අසරණයින් වෙනුවෙන් මුළු ජීවිතයම කැපකළ තෙරේසා මවුතුමිය සලකමු. ඇගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව, ඇය භාග්‍යවරයට ඔසොවා තබනු ලැබීය. මෙය සාන්තුවර මට්ටමට වඩා එකක් පහළින් සිටින්නේ යැයි අපට කිව හැකි ය. භාග්‍යවරයෙන් සාන්තුවරයට ඔසොවා තැබීමට නම්, අදාළ බැතිමතාගේ නාමයට හාස්කම් බලපැවැත්විය හැකි අධිමානුෂික බලයක් පැවතිය යුතුය. සිය ජීවිතයම අසරණයින් හට අඩුම ගණනේ සුන්දර මරණයක් ලබා දෙන්නට කැපකළ ඇය ද, අදටත් හැඳින්වෙන්නේ "Mother Teresa" හෙවත් තෙරේසා මවුතුමිය ලෙස මිස, සාන්ත තෙරේසා ලෙස නොවේ.
එසේනම් මේ හිටිහැටියේම ආලිප්ත කරනු ලැබූ අලුත් සාන්තුවරු කවරහු ද?
මේ පිරිස සියල්ලෝ ම ඉතාලි ජාතිකයෝ වෙති; ගණනින් හරියටම 813 දෙනෙකි. ඔවුන් ඉතිහාසයේ හැඳින්වෙන්නේ "Martyrs of Otranto" හෙවත් "ඔට්රන්ටෝ හි ජීවිත පූජා කළවුන්" ලෙස ය. මේ පිරිස දිවි දුන්නේ 1840 දී තුර්කියේ ඉස්ලාමික සේනාව විසින් කිතුණුවතට එරෙහිව කරන ලද ආක්‍රමණයේ දී ය. ඉස්ලාමයට හැරීම හෝ හිස්ගැසුම් කෑම යන දෙකෙන් එකක් තෝරාගන්නට කී විට, ආගම පාවාදෙනවාට වඩා හිස්ගැසුම් කෑම අගනේ යැයි සිය කැමැත්තෙන් මරණය තෝරාගත් පිරිසකි, ඒ.
මේ අතර බොහෝ දෙනා නොදන්නා කරුණක් ද තිබේ. එනම්, මේ පිරිස සාන්තුවරුන් ලෙස නම් කෙළේ අලුතින් පත් වූ ෆ්‍රැන්සිස් පාප් තුමන් වුණත්, ඔවුන් හට සාන්තුවරදානය ලබා දීමට තීරණය කෙළේ, ඉල්ලා අස්වූ බෙනඩික්ට් පාප් වහන්සේ බවයි.
පාප් වහන්සේගේ දෙපා සේදීම
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය තෝරා ගැනීමෙන් පසුව කළ ඓතිහාසික සිද්ධියකින් ම මේ කතාව ඇරඹිය හැකි ය. එනම් මුළු කතෝලික පල්ලියේ ඉතිහාසයේම නොවූ විරු ලෙස, මුසල්මානු සිරකාරිනියක ගේ දෙපා සේදීමෙනි.
(දෙපා සේදීම ගැන මෙතනින් බලන්න.)
මහ සිකුරාදා ගැන බොහෝ දෙනා දනිතත්, මහ බ්‍රහස්පතින්දා ගැන දන්නේ කිතුණු නොවන සමාජයෙන් අල්පතරයකි. මහ සිකුරාදාට යෙදෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ උකුත් වීමට පෙර, අවසන් භෝජන සංග්‍රහයට පසුව, උන් වහන්සේ සිය අනුගාමිකයන් ගේ දෙපා සේදු බව බයිබලයේ ශුභාරංචි වල සඳහන් වේ.
මේ සිද්ධිය සංකේතවත් කරමින් අද ද, මහ බ්‍රහස්පතින්දා රාත්‍රී දේව මෙහෙයේ දී, පල්ලියේ පියනම විසින් චාරිත්‍රානුකූලව බැතිමතුන් දොළොස් දෙනෙකුගේ දෙපා දෝවනය කිරීම කරනු ලැබේ. සාමාන්‍ය දියෝකීසි වල මේ සඳහා බැතිමතුන් තොර ගත්තත්, බටහිර ඉහළ මට්ටමේ පල්ලි වල මේ සඳහා තෝරා ගන්නේ සිර කරුවන් හෝ රෝගීන් ය.
පාප් වහන්සේ කෙනෙකු විසින් චාරිත්‍රානුකූලව ඉතාලි සිර ගෙදරක සිරකරුවන් ගේ දෙපා සේදීම මහ දෙයක් නොවේ. එහෙත් මෙහි වැදගත්ම සහ ආන්දෝලනාත්මක ම සිද්ධිය වන්නේ, සම්ප්‍රදායට එකහෙළා පිටුපාමින්, උන් වහන්සේ ඒ සඳහා කාන්තාවක් ද තෝරා ගැනීමයි. (ජේසු තුමන්ගේ අපොස්තුලුක වරුන් අතර කාන්තාවන් සිටියේ නැත.) දෙවැන්න සහ අරිටත් වඩා වැදගත් සිද්ධිය වන්නේ මේ කාන්තාව සර්බියානු ඉස්ලාමික සිරකාරිනියක වීමයි. සාම්ප්‍රදායික දැඩි මතධර කතෝලිකයන් හුස්ම ඉහළට ඇදගෙන බලා සිටි මේ සිද්ධිය, මාධ්‍ය විසින් ඉතාම පුළුල් ප්‍රචාරයක් දෙමින් වාර්තා කළ බව ද කිව යුතුය.
මේ සිද්ධිය බොහෝ විචාරකයන් විසින් නොඑකුත් ආකාරයට අරුත් ගන්වන්නට යෙදුණු සිද්ධියකි. පිරිසක් මෙය ඉස්ලාම් ම්ලේච්ඡත්වයට එරෙහිව පාප් තුමන් පෙනී සිටීමේ සංකේතයක් ලෙස දැක්වුහ. තවත් පිරිසක් මෙය පාප් තුමන්ගේ නූතනත්වයට උදාහරණ ලෙස දැක්වූ හ. තවත් සමහරු මේ සිද්ධිය විවේචනයට ද ඉදිරිපත් වූ හ.
එහෙත් මේ සිද්ධියෙන් ඉහළම වාසිය නෙළා ගත්තේ කොහෙවත් ඉන්නා පිරිසකි. වචනයෙන්ම කියන්නේ නම් Dan Brown පාඨකයෝ ය.
මෙතනින් කොයිබට ද?
මෑත කාලයේ ඉස්ලාමික අන්තවාදයට එරෙහිව ලොව පුරා රැල්ලක් ගොඩ නැගෙමින් පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. එහිදී කතෝලික පල්ලිය දරන්නේ කවර ආස්ථානයක් ද යන්න වැදගත් වන්නේ, ලෝකයේ බලවත්ම ආගමික පාර්ශ්වයක් ඔවුන් මගින් නියෝජනය කිරීමයි. ඉස්ලාමික-කතෝලික සම්බන්ධතා පැත්තෙන් ගත්කළ, ඉස්ලාමයට එරෙහිව දිවි දුන් මිනිසුන් ශුද්ධවන්තයන් සේ නම් කෙරෙන, නව පාප්තුමන්ගේ මේ වරදානය, ඉස්ලාමික ආක්‍රමණ වාදයට එල්ල කළ කණේ පහරකි. නිකම්ම නිකම් කණේ පහරක් නොව, වට දෙක තුනක් කරකැවී වැටෙන්නට තරම් ප්‍රබල කණේ පහරකි. පාප්තුමන් කිහිප විටක්ම දැඩි මතධාරී ඉස්ලාමික කල්ලි විවේචනය කරන සුළු ප්‍රකාශන නිකුත් කොට තිබෙන අතර, කෙළින් කතා කරන කෙනෙකු වීම නිසා දැනටම අන්තවාදී ඉස්ලාමික ලෝකය තුළ සෑහෙන සතුරන් ගණනක් ද නිර්මාණය කරගෙන තිබෙන චරිතයකි. එසේ හෙයින් මේ අවස්ථාවේදී සම්ප්‍රදායික කිතුණු පාර්ශ්ව වල සහය එතුමන් දිනා නොගන්නේ නම්, එතුමාගේ දේශපාලන බලය සෑහෙන මට්ටමකට දුර්වල වන බවද අමුතුවෙන් කියන්නට දෙයක් නැත.
මූලාශ්‍ර
1. "Pope Francis gives church hundreds of new saints", USA today, May 12, 2013
2. "A saint-making record is also a diplomatic headache for Pope Francis"— World News on NBC News, May 12, 2013
3. "Pope washes feet of young Muslim woman prisoner", The Telegraph, May 14, 2013
Tuesday, May 14, 2013
පාප් වහන්සේ ඉල්ලා අස්වුණේ ඇයි? | Why the Pope Resigned
මේ වසරේ සිදු වූ ලෝක ආගමික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් වැදගත් සිද්ධීන් අතරින් ඉහළම වැදගත්කම ඇති සිද්ධිය කුමක්දැයි විමසුවහොත්, ඊට අවිවාදයෙන්ම දිය හැකි එකම පිළිතුර වන්නේ, XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීම යන්නයි. මේ සිද්ධියේ ඇති බරපතළකම වටහා ගනු පිණිස අපි කෙටි පෙරදැක්මකට යොමුවෙමු.
[සටහන: ABC ප්‍රවෘත්ති අනුව, කතෝලික පල්ලියේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් වැඩිම පූජකයන් ගණනක් එළවා දැමු පාප් වහන්සේ වන්නේ බෙනඩික්ට් පාප් වහන්සේ ය. ඒ මාසයකට දෙදෙනෙක් හෙවත් සමස්ත පූජක ප්‍රජාවෙන් ~2% කි.] [3]
මීට කලකට පෙර සිදු වූ ළමා අපචාර සිද්ධියේදී අසාධාරණයට ලක් වූ දරුවන් වෙනුවෙන් කතා කරන්නට, ඔවුන් ගේ සැප දුක හොයනු පිණිස සහ ඔවුන්ගේ මානසික තත්වය යළි නගා සිටුවනු පිණිස සිය පුද්ගලික කාලය පවා කැපකළ අයෙකි, බෙනඩික්ට් පාප් වහන්සේ. එහෙත් වතිකානුව තුළ ක්‍රියාත්මක වූ යම් පාර්ශ්ව වල බලපෑම සහ අකුල් හෙළීම නිසා ඒ ක්‍රියා මාර්ග ඉදිරියට ගෙන යන්නට උන් වහන්සේ ට නොහැකි වූ බව ද රහසක් නොවේ.
කෙසේ වෙතත් පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීම සහ මෙකී වාර්තාව අතර සම්බන්ධය ගැන සෑම දෙනෙක්ම එක සේ එකඟ වන්නේ නොවේ. උන් වහන්සේ ගේ ජීවිත කතාව ලියු මාධ්‍යවේදී David Gibson පවසන්නේ මෙසේ ය: "පැහැදිලිවම, උන් වහන්සේ ගේ ඉල්ලා අස්වීම කරුණු රාශියක බලපෑමෙන් සිදු වූ දෙයක්. ඉන් බහුතරය වතිකානුව තුළ පවතින අභ්‍යන්තර ගැටළු හා සම්බන්ධයි. මේ කියන ලිංගික විෂමාචාර වුණත් එහි කොටසක් පමණයි. මා හිතන්නේ නෑ එය උන් වහන්සේගේ ඉල්ලා අස්වීමට එකම හේතුව තබා අඩුම තරමේ ප්‍රධාන හේතුව කියා වත්." [4]
පාප් වහන්සේ යනු කවරෙක් ද?
පාප් වහන්සේ යනු කතෝලික ලෝකයෙහි ආගමික නායකයාණෝ වෙති. ලොව වැඩිම පිරිසක් විශ්වාස කරන ආගමක නායකයකු ලෙස, මිහිපිට සිටින බලවත්ම ධුරයක් හෙබවීමේ වරම රෝමානු බැසිලිකාවේ අගරදගුරු ධුරය හෙවත් පාප් ධුරය හොබවන කෙනෙකුට හිමි වේ.
සාමාන්‍යයෙන් මේ ධුරය සඳහා තොර ගනු ලබන කාදිනල් වරයා හොඳ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය තත්වයෙන් ද පසුවිය යුතු අතර, භාෂා ඥානය, දේවධර්ම ඥානය, ජ්‍යෙෂ්ටත්වය වැනි සාධක රාශියක් ඒ සඳහා බලපායි. (පාප් වහන්සේ ඉල්ලා අස්වූ විට ඊළඟ පාප් වහන්සේ අපෙන් පත් වේ යයි සිහින මැවූ පිරිස් ද මේ කොදිව්වේ වූ බව අපි ඔබට සිහිපත් කරන්නෙමු.)
බෙනඩික්ට් පාප් වහන්සේ යනු කවරෙක් ද?
වර්ෂ 1927 අප්‍රියෙල් මස 16 වන දින Joseph Aloisius Ratzinger නමින් ජර්මනියේ බැවේරියාවේ මාර්ක්ල් හිදී පොලිස් නිලධරයකුට දා ව උපත ලද බෙනඩික්ට් පාප් තුමෝ, එම ධුරය හෙබවූ නවවන ජර්මානු කාදිනල්වරයා වෙති. එමෙන්ම පාප් ධුරයට තෝරාගන්නා විට වයසින් වසර 78ක් වූ එතුමෝ, 1730 දී XII වන ක්ලෙමන්ට් පාප්තුමන් ගෙන් පසුව තෝරා පත්කරගන්නා ලද වයෝවෘද්ධම පාප් වරයාණෝ ද වෙති. VIII වන පියුස් (1829-30) පාප් වහන්සේගෙන් අනතුරුව, පාප් ධුරයට තෝරා ගන්නා ලද එකම කාදිනල් බිෂොප් වරයා සේ ම, වසර 600කින් මෙහා සිය ජීවිත කාලය තුළදී ඉල්ලා අස්වූ එකම පාප්වරයාණෝ ද වෙති. [මීට පෙර අවසන් වතාවට පාප් වහන්සේ කෙනෙකු ඉල්ලා අස්වූයේ වර්ෂ 1415 දී ය. ඒ XII වන ග්‍රෙගරි පාප් වහන්සේ ය.]ඉතිහාසයෙන් පිටුවක්
බෙනඩික්ට් කාදිනල් තුමන්, වතිකානුව තුළ සිටි සාම්ප්‍රදායික අන්තය දැඩි ව නියෝජනය කළ අයෙකු බව කවුරුත් දන්නා කරුණකි. Catholic Times සඟරාව එතුමන් හැඳින්වුයේ "සාම්ප්‍රදායිකයන්ගේත් සාම්ප්‍රදායිකයකු" ලෙස ය. කොටින්ම වතිකානුව තුළ දෛනික යාඥාවන් සියල්ල ලතින් බසින් කිරීමට ද බෙනඩික්ට් කාදිනල් තුමා වරක් යෝජනා කෙළේ ය. මෙවැනි සමහර ක්‍රියා මාර්ග, වතිකානුව තුළ සිටි සමහර පාර්ශ්ව වල විවේචනයට බඳුන් වූ අවස්ථා ද විය. "ඔහුගේ ධුර කාලය එහෙම පිටින්ම විනාසයක්" යයි පාප් ධුරය පිලිබඳ අදහස් දක්වන බ්‍රිතාන්‍ය ඉතිහාසඥ Michael Walsh වරක් කී ය.
එහෙත් හිටපු පාප් වහන්සේ ගේ විශ්වාසවන්තම උපදේශකයා ලෙස, වතිකානුව තුළ එතුමන් හට සැහෙන බලයක් තිබුණු බව ද නොරහසකි. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ අභාවයෙන් අනතුරුව, තමන්ට වඩා ජ්‍යෙෂ්ට කැමර්ලෙඥ්ඥෝ ධුරධාරියා සිටියදී, නව පාප් තුමන් තෝරා ගැනීමේ කාරිය සහමුලින්ම අධීක්ෂණය කළේ ඔහු බව බොහෝ දෙනාට මතක තිබිය යුතුය.
එසේනම්, මේ "සාම්ප්‍රදායිකයන්ගෙත් සාම්ප්‍රදායිකයා", සියලු සම්ප්‍රදාය පසෙක ලා ඉල්ලා අස්වන්නට තීරණය කෙළේ ඇයි?
වතිකානුවේ සොරකම
මේ සිද්ධියට ආසන්නම මූල බීජය වැටෙන්නේ වතිකානුව සතු රහස්‍ය ලේඛන එකතුවක් 2012 ඔක්තෝබර් මස දී හදිසියේම අතුරුදන් වීමත් සමග ය [1]. වතිකානුව යනු ලෝකයේ කුඩාම රාජ්‍යය වූවාට, එය ලෝකයේ විශාලම පුස්තකාල සහ ලේඛනාගාර වලින් සමන්විත නගරයක් වන අතර, ශතවර්ෂ ගණනාවක් තිස්සේ කතෝලික ඉතිහාසයට අදාළ ලිපිලේඛන ලක්ෂ ගණනක් ඔවුන් සතුව ඇත. එසේම ඒවායින් බහුතරයක් මානව ඉතිහාසය හා බැඳුණු වැදගත් සිද්ධි හා සම්බන්ධ ද වේ. එබැවින් වතිකානුවෙන් ලිපි ලේඛන සොරකමක් වාර්තා වන්නේ ය යන්න, පෙන්ටගනයෙන් සොරකමක් වාර්තා වූවාට ද වඩා බරපතළ ය.
මේ සිද්ධිය ගැන වතිකානුවේ ඉහළම මට්ටමින් නොපමාව පරීක්ෂණයක් පැවැත්වූ අතර, එහි වාර්තාවට කිමෙක් වුයේ ද යන්න මෑතක් වන තුරු මාධ්‍යයට දැනගන්නට ලැබුණේ නැත. එහෙත් අවසානයේ ඉතාලියේ "ලා රිපබ්ලිකා" පුවත්පත වාර්තා කරන පරිදි, මේ සොරකම ගැන කාදිනල් වරුන් තිදෙනෙකු විසින් [2] පවත්වන්නට යෙදුණු පරීක්ෂණයක, පිටු 300ක අතිදීර්ඝ වාර්තාවක්, 2012 දෙසැම්බර් මස 17 වන දින බෙනඩික්ට් පාප් වහන්සේ හට ලබා දී තිබේ.
මේ දිනය අතිශයින්ම වැදගත් ය. මන්ද පාප් වහන්සේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කොට පළමු අභ්‍යන්තර නිවේදනය නිකුත් කෙළේ ද එදාම බැවිනි. පාප් වහන්සේට ධුරය එපා කරවන්නට තරම් මේ වාර්තාවේ තිබුණේ මොනවා ද?
සමලිංගික වාර්තාව
වාර්තාව සම්පූර්ණයෙන් මාධ්‍ය වෙත නිදහස් කොට නැති වුවත්, ඒ ගැන මෙතෙක් හෙළිදරව් වී ඇති දේ අනුව, මාතෘකාවෙන් කියවෙන කාරණාව ගැන නම් දැන් වන විට කිසිදු සැකයක් නැත. එනම් වතිකානුව තුළ, සමලිංගික සේවනයට ඇබ්බැහි වූ කාදිනල් වරුන්ගේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි. භක්තිමත් කතෝලිකයන් හට මේ ආරංචිය හද සසල කරවන්නක් විය හැකි වුවත්, ඒ ගැන දැන් වන විට කිසිදු සැකයකින් තොරව එකඟ වීමට දැඩි මතධාරී බටහිර මාධ්‍ය වලට ද සිදු වී තිබේ.
පළමුව, මේ වාර්තාව ලැබුණාය කියන දෙසැම්බර් 17 වනදාට දින කිහිපයකට පසු, සමලිංගික විවාහ සහ සම්බන්ධතා විවේචනය කරමින් පාප් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු ආවේගාත්මක කථාව සිහිපත් කළ යුතුය.
දෙවනුව, මේ වාර්තාවට අනුව මෙකී සමලිංගික පාර්ශ්වකරුවන් නිතර මුණගැසෙන්නේ යැයි කියන රෝමයට ආසන්න නගරයක සමාජ ශාලාවක් ගැන කියැවේ. පුදුමයට කරුණ නම් මීට වසර කිහිපයකට පෙර, ඉහළ පෙළේ කාදිනල් වරුන් සමලිංගික පිරිමි ගණිකාවන් සමග ආශ්‍රය කරන බවට වාර්තාවක් ලියු ලේඛකයෙක් ද සිය ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මේ සමාජ ශාලාව ගැන ම වීමයි.
තෙවනුව, සාමාන්‍යයෙන් මාධ්‍ය නිවේදන කෙරෙහි ඉතා සැළකිලිමත් වන වතිකානුව, මේ වාර්තාව ගැන කියන පරස්පර විරෝධී ප්‍රකාශයි. එමෙන්ම මේ සිද්ධියේදී "හොරාට කලින් කෙහෙල්කැන වැට පනින්නා සේ", නිකුත් වූ සමහර මාධ්‍ය ප්‍රකාශ ගැන ද දැන් අපට පැහැදිලි වැටහීමක් ලබා ගත හැක. උදාහරණයක් ලෙස, පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීමේ තීරණය ගැන කියන විට, වතිකානු මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්රිකෝ ලොම්බාඩි පියතුමන්, ඊට කිසි සේත් සම්බන්ධයක් නැති "බාහිර බලපෑම්" ගැන කීවේ මන්දැයි බොහෝ මාධ්‍ය විපිළිසර ව උන් හ. (උපුටනය: "පාප් වහන්සේ මේ තීරණය ගත්තේ උන් වහන්සේගේ සිය කැමැත්තෙන්ම, හොඳ මානසික තත්වයකින් මයි; කිසිදු බාහිර බලපෑමකින් නොවෙයි")
එහෙත් "වතිකානුව තුළ වෙසෙන සමහර කාදිනල් වරු, සිය සමලිංගික සහකරුවන් ගේ අල්ලේ නැටවෙන මට්ටමේ සිටින බව" ලා රිපබ්ලිකා පුවත්පත වාර්තා කළ විට, වතිකානු මාධ්‍ය ප්‍රකාශක පියතුමන් කියා සිටියේ "තමා එවැනි බාහිර බලපෑම් ඇති බව තහවුරු කරන්නේවත්, ප්‍රතික්ෂේප කරන්නේ වත් නැති" බවකි.
එසේම මෙකී රහස් වාර්තාවට අනුව මේ පලහිලවු වලට පැටලී සිටින්නේ පහළ මට්ටමේ පිරිස් පමණක් නොවන බව, ඕස්ට්‍රේලියානු කාදිනල් Pell පියතුමන් කරන පහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ. "වාර්තාවේ ඇත්තේ මොනවාදැයි මා දන්නේ නැහැ, නමුත් වතිකානු ධුරාවලිය තුළ සැළකිය යුතු වෙනස්කම් රාශියක් සිද්ද විය යුතුයි කියන දේ නම් පැහැදිලියි."
පාප් වහන්සේ ගේ ප්‍රතිචාර
සමහර මඩ පත්තර කලාවේ යෙදෙන ටැබ්ලොයිඩ් සඟරා හැරෙන්නට, අන් සියලු මාධ්‍ය, එකඟ වන එක කරුණක් තිබේ. එනම් පාප් වහන්සේ ඉල්ලා අස්වූයේ කළකිරීම මත මිස, සිය චරිතයේ වරදක් නිසා නොවන බවයි. වතිකානුව ගැන බොහෝ දේ ලියා ඇති La Stampa හි Marco Tosatti මෙසේ කියයි: "කාදිනල් තුමා වසර විසිපහක් තිස්සේ වතිකානුවෙන් සමලිංගික සේවක පූජකයන් එළවා දමන්නට, පූජකයන් හික්මවන්නට උත්සාහ කළ අයෙක්. පාප් ධුරයට පත්ව වසර අටකුත් ඔහුට ඒ දේ කරන්නට වුණා. කොටින්ම කියන්නේ නම් ඔහු දකින්න තියෙන හැමදේම දැකපු අයෙක්. ලෝකයේ ඕනෑම අහුමුල්ලක දකින්නට ලැබෙන කුණු ගොඩවල්, වතිකානු බැසිලිකාව ඇතුළෙත් තියෙන බව දැනගත්තාම (එතුමාගේ වචනයෙන් කියන්නේ නම්, හැම ජාතියෙම මාළු මෙහෙත් ඉන්න බව දැනගත්තාම) එතුමාට හැමදේම එපා වුණාය කියල හිතන්න බැරි නැහැ."[සටහන: ABC ප්‍රවෘත්ති අනුව, කතෝලික පල්ලියේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් වැඩිම පූජකයන් ගණනක් එළවා දැමු පාප් වහන්සේ වන්නේ බෙනඩික්ට් පාප් වහන්සේ ය. ඒ මාසයකට දෙදෙනෙක් හෙවත් සමස්ත පූජක ප්‍රජාවෙන් ~2% කි.] [3]
මීට කලකට පෙර සිදු වූ ළමා අපචාර සිද්ධියේදී අසාධාරණයට ලක් වූ දරුවන් වෙනුවෙන් කතා කරන්නට, ඔවුන් ගේ සැප දුක හොයනු පිණිස සහ ඔවුන්ගේ මානසික තත්වය යළි නගා සිටුවනු පිණිස සිය පුද්ගලික කාලය පවා කැපකළ අයෙකි, බෙනඩික්ට් පාප් වහන්සේ. එහෙත් වතිකානුව තුළ ක්‍රියාත්මක වූ යම් පාර්ශ්ව වල බලපෑම සහ අකුල් හෙළීම නිසා ඒ ක්‍රියා මාර්ග ඉදිරියට ගෙන යන්නට උන් වහන්සේ ට නොහැකි වූ බව ද රහසක් නොවේ.
අන්‍ය මත
පාදක සටහන්
[1]. This so-called “Vatileaks” scandal involves the pontiff’s former butler, Paolo Gabriele. Gabriele was arrested in May for stealing and leaking papal correspondence to the press.
[2]. The report was prepared by Spanish Cardinal Julián Herranz, Slovak Cardinal Jozef Tomko and Cardinal Salvatore De Giorgi, a former archbishop of Palermo.
[3]. Pope Benedict oversaw the highest rate of removal of bishops for sexual misconduct ever recorded by the Catholic Church, the ABC's religion unit has revealed. The former pontiff removed at least one bishop a month, accounting for 2 per cent of the world's bishops. The list obtained by the ABC's Religion Unit includes 50 bishops who lost their jobs over breaches of celibacy or alleged sexual assaults. Forty per cent of those bishops were forced to resign after having sexual relations with women - and many fathered children. A significant number were accused of rape, sexual assault and sexual abuse of minors. Relations with men, including other members of the clergy, make up the rest of the list.

[3]. "Benedict’s resignation was most certainly the result of numerous factors, mainly revolving around the internal problems of the Vatican, of which sexual shenanigans were likely one — but hardly the only one, or even the principal one,” Gibson wrote in his online blog.
මූලාශ්‍ර
1. "Why did the Pope resign?", Daily Nation, May 14, 2013
2. "Sesso e carriera, i ricatti in Vaticano dietro la rinuncia di Benedetto XVI"—la Repubblica, Feb 21, 2013
3. "Did gays in the Vatican drive Benedict out?", Sacred and Profane, Feb 22, 2013
4. "Pope Benedict's resignation linked to gay conclave", Daily News World, Feb 22, 2013
5. "Pope Benedict XVI's resignation explained", CNN News, Feb 28, 2013
Subscribe to:
Posts (Atom)