logo banner
Showing posts with label පොලිටික්ස්. Show all posts
Showing posts with label පොලිටික්ස්. Show all posts

Sunday, November 23, 2014

ජනතාවගෙන් වසං කළ "සටන" මෙන්න | "Satana" (full video of censored political program)

පූර්විකාව (මංජුල සමරසේකර විසිනි)

සිරස අද සටන දේශපාලන වැඩසටහන පැවැත්වීමේන් කලේ ඉතා හොද දෙයකි.

මේ හරහා කරුණු කීපයක් සාක්ෂාත් වුණි. මට තේරුණ කාරණාවලට අමතරව ඔබට යමක් වැටහුණා නම් මෙහි සටහන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

1. මහින්ද රාජපක්ෂ යනු තව දුරටත් යුද්ධය මෙහෙයවූ අභීත නායකයා නොව, විරුද්ධ මතවාද ජනතාවට ලගා වීම වැලැක්වීම සදහා නිර්ලජ්ජිතව තාක්ෂණික කඩා කප්පල් කාරි ක්‍රියා සිදු කරවන බියගුළු ගොඩේ බයියෙකු බව බඩේ බත් මෙන් සපථ විය.

(න ජච්චා ගොඩේ බයියා හෝති - කම්මනා ගොඩේ බයියා හෝති)

2. මේ ඡන්දයේ අරමුණ වියරු ඒකාධිපති රාජපක්ෂ පාලනය පෙරළා දමා සාධාරණ මැතිවරණයක් පවත්වා ජනතාවට තමන් කැමැති පාලනයක් සෘජු හෝ වක්‍ර බලකිරීමකින් තොරව පත්කරගත හැකි වාතාවරණයක් සැකසීම පමණක් මිස රාජපක්ෂ වෙනුවට සිරිසේන පත්කර ගැනීම නොවන බව පැහැදිලි විය.

3. ඉහත දෙවනි කාරණය අනුව කටයුතු කළද, ඒ බව මහජනතාවට සන්නිවේදනය කිරීමේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රාජිත සේනාරත්න යම් ආකාරයක හානියක් පොදු අපේක්ෂක පාර්ශවයට සිදු කළ හැකි බව පැහැදිලි විය.

(මේ නම් අතරට තවත් නම් කීපයක් එක් විය හැකි බව ඉගි ලැබෙමින්ද පවතී, නමුත් ප්‍රභල කථිකයෙක් ලවා මේ පොදු ප්‍රයත්නයේ අපේක්ෂාව අනුව අවශේෂ තනි පුද්ගල චරිතවල ස්වභාවය ගැන තැකීමක් කළ යුතු නැති බව සන්නිවේදනය කළ යුතුව තිබේ)

3. පෞද්ගලිකව මා හටද, තවත් බොහෝ දෙනා හටද ඇති වී තිබූ ප්‍රමුඛ ගැටළුවක් වූ ජනාධිපතිවරණයේදී ජවිපෙහි භූමිකාව ගැන ඉතා පැහැදිලි හෝඩුවාවක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ලබා දෙනු ලැබිණ.

ජවිපෙ තම නිල මතය තවම සෘජුව ප්‍රකාශ නොකළද, රාජපක්ෂ පාලනයේ දුර්දාන්ත ස්වභාවය පැහැදිලි කරන, අන් සියළු පක්ෂවලට වඩා නිර්මාණශීලී ප්‍රචාරක වැඩ පිළිවෙලක් ජවිපෙහි ඉතාම මෑතකදී දියත් කරනු ඇත. ඒ හරහා මෛත්‍රී දිනවිය යුතු බව නොකීවද, මහජනතාව ගත යුතු ක්‍රියාමාර්ගය ගැන පැහැදිලි මාර්ගෝපදේශයක් ලබා දෙනු ඇත. ජවීපෙ තම අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරනු ඇත.

(මේ වැඩසටහන තුළ සිටි ප්‍රතාවත්ම චරිතය බවට පත්වූයේ නිසැකයෙන්ම මෛත්‍රී නොව අනුර කුමාරයි. මෛත්‍රීලාට, රාජිතලාට, රතන හිමියන්ට කෙළ වූ විට මතක් වූ සත්‍ය තර්ජන, අවලාද, මඩ ප්‍රහාර හමුවේ නොබියව, නොසැලී, දිගින් දිගටම පැවසූ අනුර කුමාර සහෝදරයා නැවතත් තම නායකත්ව හැකියාව මනාව ප්‍රදර්ශණය කලේය)

4. මෛත්‍රීපාල සහ රතන හිමි හෙළි කරන ලද කරුණු ඇසුරෙන් ශ්‍රීලනිපයේ සහ සංධාන ආණ්ඩුව ජේ‍ය්‍යෂ්ඨ ඇමතිවරුන් අතර ඇති තද බල පීඩනය ගැන මනාව පැහැදිලි විය. කුමන ආකාරයේ කුමන්ත්‍රණයකින් හෝ රාජපක්ෂ නැවත බලයට පත්වූවොත්, මීළග වසර කීපය තුළ රටපුරා අති භයානක ලේ වැගිරීම් සිදුවන ආකාරයේ මහජන නැගීටීමකට ඉහත කී අමාත්‍යවරුගේම සහයෙන් මාර්ගය විවර වනු ඇත.

5. අවසාන වශයෙන් රාජපක්ෂ පාලනය බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් පොදු අපේක්ෂකයා කැපී පෙනෙන තත්වයක් උඩ, අපි මීට සති කීපයකිට කලින් කීවාක් මෙන්, මේ වියරු ඒකාධිපතියා ශ්‍රී ලංකාව වැනි රටකට දරාගත නොහැකි මට්ටමේ මිල අධික තාක්ෂණික උපකරණ, මැර කණ්ඩායම්, කටකතා බලකායන්, සයිබර් ප්‍රහාරකයන්, මාධ්‍ය මර්ධකයන්, සුරා, අල්ලස්, ගණිකාවන්, ජිල්මාට්, රාජ්‍ය දේපල, රාජ්‍ය සේවකයන් ඉදිරි සති කීපයේ සිට භාවිතා කරනු ඇත. මෙය බොහෝ විට ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති භයානකම, දූෂිතම මැතිවරණය බවට පත්වනු ඇත.


( මේ අවසාන කාරණයට බිය වන අයට කියන්නට ඇත්තේ, හැංගිලා ඉන්න ඔබට අනාගතයේ ඔබේ දරුවා ශාප කරනු ඇති බවයි )


සටන සම්පූර්ණ සංවාදය

2014 නොවැම්බර් මස 22වන දින සිරස මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වූ, එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් Peo TV සහ ඩයලොග් TV මගින් වාරණය කරන ලද "සටන" සම්පූර්ණ දේශපාලන සංවාදය මෙතැනින් නරඹන්න..

Part 1



Part 2



Part 3



Part 4


Tuesday, November 18, 2014

අරලිය මඩුවේ සාදය | Party at Temple Trees

[නිර්මාණ අයිතිය රුවන් නෙළු]



(උදේ 10.00)
සිහල ලියා බොදුනු ලියා
මාව දමා යන්න ගියා
රතන ලියා .... පාටලියා ....
රතන ලියා .... පාටලියා ....
රට සීතල ගඩ්ඩ කොබා
හැම රෙද්දෙ ම ඔළුව ඔබා
නිමවෙයි ගොඩ දැමුම මෙමා
පාටලියා
මාව දමා යන්න ගියා
රට එක් කළ මමය රජු
අද රජ නෙතු කඳුළු බිඳු
ආධාරෙන් උඹත් හැදූ
රතන ලියා
මාව දමා යන්න ගියා
නානසාර ළාඟ හින්දා
ඉවසමි මම දුක නින්දා
උපන් දිනේ මා අන්දා
පාටලියා
මාව දමා යන්න ගියා ....

(රාත්‍රී 10.00)
උඹ අතුරලියේ, මන්ද මෙසේ
මී රැළ සේ යන්නෙ ඇදී
මෑත සයුරෙහී ගිලෙනා
නැවද මම සුදූ ...

උඹලා කත් ඇදලද මම දිනුවේ
විමලා මර්වින් නමටද හිටියේ //
මගෙ පවුල් සමාගම තියෙන තුරා
ඔය මොකා ගියත් නොසැලෙමී මෙමා

උඹ අතුරලියේ .....

අද මෙන් හෙට මහරජ වී හිඳිමි
අඟුරෙන් පාටලියට රිටන් දෙමී //
බොදු බලු සේනාවෙන් ගොඩට යමී
පනිනා මීයන් දැක සිනාසෙමී

Friday, November 7, 2014

මාලක ආලත්තිය | The Malaka Prayer

මාලක සිල්වා නම් එකෙක් 2013 දී ඔඩෙල් එක ඉස්ස‍රහදී හමුදාවෙන් අම්බානක කාපු වෙලේ, එකී රණවිරුවන්ට සෙත්පතා ලියන ලද පැරැණි කන්නලව්වකි මේ.. එය එදා මෙන්ම අදට ද ගැළපේ යැයි සිතමු.. 



 "ඕං නමෝ නාරායන හනුමා මාර්තණ්ඩ වර වරේස්වාහා.. එදා මිහිඳු රජුන් කල ජම්බුද්දීපයට දකුණින් මූද මැද්දේ ආසියාවේ ආස්චරියාවේ උපන් සහෝදර තුංකට්ටුවේ ආනුභාවයෙන් හඬගසා වදාරන්නේ, අහස ගුගුරුවාගෙන වර වර, මුහුද දෙබෑ කරගෙන වර වර, පොළොව මිහිකත් දෙදරවාගෙන වර වර, සක්වළ ගල උපුටාගෙන වර වර, ඉරහඳ උගුළුවාගෙන වර වර, ශිව තාන්ඩවේ නටාගෙන වර වර, මෙමා කී බස් අසාගෙන වර වර, පස්මල් පස්විළඳ පස්ගෝරස පස්දූප පස්තෙල් පස්පහන් පස්ආලත්ති විලත්ති පංචෝපහාර දී පූජාකළ මෙමල් යහනට වර වර, ඕං නමෝ මහින්දාය නමඃ, ඕං නමෝ ත්‍රිසහෝදරාය නමඃ, ඕං නමෝ ත්‍රිපුත්‍රාය නමඃ, ඕං නමෝ දෙසියපනහක් අමාත්‍යාය නමඃ, ඕං නමෝ අට අසූවක් ලේකමාය උප ලේකමාය නමඃ, ඕං නමෝ අහවල්සේනාය නමඃ, ඕං නමෝ උලාමාය නමඃ, මෙකී නොකී සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දේවතාවුන්නේ.. මා කී කන්නලවුව අසා වදාරා මෙකී නරප්‍රාණියා දෙස බලා සිටින්නේ, මෙකුන්ගේ කන්නලවුව දිව කණින් අසා දිව නෙතින් බලා වදාරන්නේ හොඳා.. මෙකී නරප්‍රාණියා හට කොලම්බනාමනගරප්‍රවරාසන්නගත, ඔටාරා ඩෙල්ට අයත් හෙයින් ඔඩෙල්ය නාමධාරී සළුපිළි කඩේ අබියස සළුපිළි උනා ගැසූ උන් දෙස බලා වදාරා, මෙකුන්ට පහර දුන් උන්දෙලාට දිව සළු දිව යහන් දිව අමුර්ත දිව යානා, දිව සැපත් ලබාදී වදාරන්නේ.. රාජකෝප පිතෘකෝප ආචාර්ය ප්‍රාචාර්ය කෝප මාධ්‍යකෝප ධවලවර්ණ රථාපහරණ ගුටිකෙළි පොලිස්කෙළි හමුදාකෙළි, අස්ථිභග්න දෝස ශීර්ෂභග්න දෝස වෘක්ෂබන්ධන දෝස පක්ෂබන්ධන දෝස, සංධිභේදක දෝස, කෙටුම් දෝස, කැපුම් දෝස, ගැහුම් දෝස, වැටුම් දෝස, ගිලුම් දෝස, ආයුද පෙන්නන්ට යන දෝස, මාංචු පිටින් පීනන්ට යන දෝස යනාදී අට අනුවක් දෝස නව අනුවක් ව්‍යාධි එකසිය එකක් අතුරු ආන්තරා වලින් වළක්වා දී සර්වදෝස සර්වාන්තරා වලින් වළකා දෙන්නේ යහපති දේවනේ බලන්ඩ බලා වදාරන්ඩ රකින්ඩ රක්කවන්ඩ ය කියා බැගෑපත්ව ඉල්ලා හිටින්නේ පස්වාන් දහසකට ආවඩා ආයිබෝවා අයිබෝවා ආයිබෝවා!! "

හා පුතාල දැන් ගෙහුං හරියට සති දෙකක් හැංගිලා ඉන්ට හොඳා.. සති දෙකෙන් ඔක්කොම අමතකයි.. එදාට ආයෙම ඇවිත් බාරහාර ඔප්පු කොරන්ට..

Thursday, November 6, 2014

ෂර්ලොක් හෝම්ස්ට එරෙහිව හිස්.බී. | Mr. Ass Bee vs Sherlock Holmes


(by Chithru de Silva)

මොර සූරන වැස්සේ පාර පනිනා විට, ඇඟේ ළාවට ගෑවී නොගෑවී ගිය ත්‍රීවීලරථයේ රියදුරාගේ මව සහ පියා සිහිපත් කරමින් බේකර් වීදීයේ (නොබෝ දිනකින් මද්දුම බණ්ඩාර හෝ වීර පුරන් අප්පු වීදිය ලෙස නම් වනු ඇත ) නොම්බර 221 කරා පියමන් කෙළෙමි. මා යනවිට හෝම්ස් සිටියේ Assassin's Creed: Brotherhood ගසමිනි. බාගෙට කා තිබූ චිකන් කොත්තුවක්ද පසෙකින් දක්නට ලැබිණි. කෙසේ නමුත් මගේ අන්පේක්ෂිත කඩාගෙන පාත් වීම පිලිබඳ හෝම්ස් හට ‪‎ගාණක්වත් නැති‬ විය. 

'හෝම්ස්...හෝම්ස්? හෝම්ස්!!!'

'කෑවා!! වොට්සන් ආවනං කටපියන් පැත්තකට වෙලා ඉන්නවකො! බලනවා, තමුසේ නිසා Ezio තව පොඩ්ඩෙන් මැරුම් කනවා.'

'ඔහොම ගේම් ගහනකොට ඔක්කොම ප්‍රශ්න විසඳෙයි කියලද හිතන් ඉන්නෙ? අන්න කොස්ලන්ද නාය ගිහින් මිනිස්සු බැර ගාණක් මිසින්. අපි මොනාහරි කරන්න ඕනෙ!'

'දුකයි තමා. ඒත් ඒ මිනිස්සු ගැන බලාගන්න තොග පිටින් ෆේස්බුක් එකේ ස්ටේටස්, පින්තූර අප්ලෝඩ් කරන සෙට් එකක් ඉන්නවානේ? ඕවාට වැටෙන ලයික්, කෑම බීම වලට පරිවර්තනය වෙලා, ඒ අසරණ ජනතාවගේ දෙපා ළඟට වැටෙනවලු. කොහොමද ආස්චර්‍ය? සම(හරක්) අය කියනවා ඕක වුන පෙර කරපු පින් පවු හේතු කොටගෙන කියලා. ඉතින් තව මොන කතාද?'

මා කරකවා අතහැරියාක් මෙන් විය.

'දෙයියනේ හෝම්ස් උඹට අමු කැවිලද? දැන් අපි යමු. ගිහින් ඒ මිනිස්සුන්ගේ ඕනෑ එපාකම් හොයා බලමු'.

දිගු නිහැඬියාවකට පසු ඔහු එකඟ විය.

'හරි, හැබැයි නවයට කලින් එන්න ඕනේ. අද Breaking Bad පෙන්නනවා.'

මා 'ඔයා හුඟක් වෙනස්වෙලා' ගීතය මුමුණමින්, හොම්ස් සමග මහ මගට පිවිසුනෙමි. 

99 බදුල්ල බස් රථයට ගොඩවුනු අප, පැය පහක් පුරාවට ගිරිය කඩාගෙන හඩා වැලපෙන මී හරක් ගීත අසමින්, අවට සිරිය නරඹමින්, රටකජු පැකට් දෙක තුනක් අනුභව කරමින් සෙමෙන් සෙමෙන් ගමනාන්තය දක්වා ළඟා විය. නමුත් සිදුවූයේ කිසිවෙකු අපේක්ෂා නොකළ සිදුවීමකි. 

'මොකක්ද ඒ සද්දේ?'

'මොකක් උනත් අපිට පාන්ද? පාන් තියා පාන් පෙත්තක්වත් නෑ වොට්සන්'

'නෑ ඉතින් නිකං ඇහුවෙ'

'මම හිතන්නේ එක්කෝ කෙල්ලෙක් අර සාම්ප්‍රදායික ස්ත්‍රී පීඩක චින්තනයට වදින්න කොල්ලෙක්ට තඩි බාලා, නැත්නම් සාදු කියපන් ඩෝ සංවිධානේ මීටිමක්, නැත්නම් වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරන මිනිස්සුන්ට හමුදාවෙන් වෙඩි තියෙනවා, එහෙමත් නැත්තම් මී හරක් රංචුවක් ඇවිස්සිලා.'

නමුත් අප දුටුවේ, නිදහස් අධ්‍යාපනය සහ ශිෂ්‍ය අයිතාවාසිකම් සුරැකීම උදෙසා පාරට බැස උද්ඝෝෂණයේ නිරත වන 2000කට පමණ අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකි.

'බෙස් ඉ ගෙදර පල'

'නිදහස් අධ්‍යාපනය රැක ගනිවු!'

'හෝම්ස්..ඔයා..' මෙම කලබගෑනියෙන් මදක් දෑස් ඉවතට ගත් මා, හෝම්ස් දෙසට හැරුණු නමුත් ඔහු දක්නට නොලැබිණි. 

බසයෙන් බිමට බැසගත් මා දුටුවේ දණ ගසා පොළොව වඳිමින් සිටි හෝම්ස්වය. 

'මොනාද මනුස්සයො කරන්නේ?' මම විමතියෙන් ඔහුගෙන් ප්‍රශ්න කෙළෙමි.

'ඇයි අපේ ලොක්කා වාහනේකින් බහින බහින සැරේට 'පළමුවත් (මගෙයි ) රට, දෙවනුවත් (මගෙයි ) රට, තුන්වනුවත් (මගෙයි ) රට කියලා පොළොව අල්ලලා වැඳ වැටෙන්නේ? මම හිතුවා ඒක චාරිත්‍රයක් කියලා.'

'නැගිටපන් යකෝ!!' ඇත්ත කියපන්. අර කොත්තුවේ මොනාද තිබුනේ?'

කෙමෙන් කෙමෙන් අප මහා ජනකාය මැදින් ඉදිරියට ගමන් ගත්තෙමු. 

එක්වරම ලොරියකින් බැසගත් නිලධාරින් පිරිසක් ලවුඩ්ස්පීකරයක් ගෙන මෙසේ පැවසූහ.

'නාපු නැති කට්ටිය ඔක්කොම ඉස්සරහට එන්න. අද අපි නොමිලේ ඔගොල්ලො නාවන්න හදන්නේ. ඔන්න ඔහොම පෝලිම් ගැහිලා එන්න. හැබැයි පීනස වගේ තියෙන් එවුන් පැත්තකට වෙලා ඉන්න ඕකේ?'

ඇතිවූ සංතෝෂය හේතු කොට ගෙන රැස්වී සිටි පිරිස හූ කියමින් ප්‍රීති ඝෝෂා නැගුහ.

එක් වරම බවුසර් වලින් වතුර විදීමට පටන් ගත් අතර පිරිස සතුටින් එහෙ මෙහෙ දිව ගියහ. මුළු ප්‍රදේශයම සැණකෙළියක සිරි ගත් අතර ඇතමුන් ලිස්සා වැටී තුවාලද සිදුකරගෙන තිබුණි.

'හෝම්ස්!!! අපි යමු' 

අවාසනාවක මහත. බයිසන් හරකෙකුගේ පෙනුමින් යුත් නිලධාරියෙක් අප දෙදෙනා කුදලාගෙන ජීප් රථයකට දැමූවේය. 

'මහත්තයලා නාලා මදි. අපි නොමිලේ කුණු ටික අතුල්ලා දෙන්නම්'.

හෝම්ස් මා දෙස බලා දිග සුසුමක් හෙලුවේය.

'අද Breaking Bad බලලා ඉවරය් එහෙනන්. රෙද්ද'.

Wednesday, November 5, 2014

ෂර්ලොක් හෝම්ස් සහ අයවැය | Sherlock Holmes and the Budget



(by Charith Randika)

මා හදිසියේම බේකරි වීදියේ වූ හෝම්ස්ගේ නිවහනට ගොඩ වදින විට වේලාව සවස 6ට පමණ විය. මාගේ මිත්‍රයා හාන්සි පුටුවේ ඇල වී දුම් වලාවකින් වැසීගත්වනම බර කල්පනාවක නිමග්නව සිටී.

"හෝම්ස්" මම නිහඬතාවය බින්දෙමි.

"අය වැය බැලුවේ නැද්ද? ටවුන් එකේ රතිඤ්ඤත් පත්තු කරලා තිබ්බේ"

ඔහුගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි නමුදු පිළිතුර ලෙස ලැබුනේ දුගු දුම්රොටුවක් පමණි. ගැඹුරු පරීක්ෂණ සිදුවීම් විසඳන විට හෝම්ස්ගේ මෙවන් හැසිරීම් ඉසේ කෙස් ගනනට දැක ඇති බැවින් මාගේ මිත්‍රයාගේ පරීක්ෂනය ගැන දැනගනු රිසියෙන් මම කාමරය පුරා සක්මන් කලෙමි. ඔහුගේ පසෙකින් වූ ටීපෝවේ සවුකොලයක් මත වූ දේ දැකීමෙන් මා පුදුමයට මෙන්ම දුකට පත් උනෙමි.

" දෙයියනේ හෝම්ස්, අය වැයෙන් මෙච්චර සහන දෙද්දී තමුසෙට දුම්කොලයක් ගන්න සල්ලි නැද්ද ඕයි? මේ මඤ්ඤොක්කා කොළ වේලලා ගහන්නේ?"

මහ හඬින් සිනාසුනු හෝම්ස්, "අය වැයෙන් සහන හම්බු වෙන්න මම තමුසේ වගේ රජයේ සේවකයෙක් නෙවෙයිනේ වොට්සන්" "අනික බං මේ මඤ්ඤොක්කා කොළ නෙවේ. ත්‍රයිලෝක විජයපත්‍ර" මහ හඬින් සිනාසෙමින් ඔහු යමක් පවසන්නට විය.

"එක්කෝ හිනාවෙලා ඕක කියපං, නැත්තම් කියල හිනාවෙයන්, මගුල" මට ඉබේටම කියවිණි.

"හරි හරි, වොට්සන්ට මතකද මම පහුගිය මාසයක් විතර අතුරුදන් වෙලා හිටියා? "

"මොකෝ මට අමතක. මම හැම ඉරිදම වගේ පොලේ ආපු ගමන් මේ පැත්තේ ආව. හඩ්සන් අක්කගෙන් ඇහුවම කිව්වා දැන් දවස් ගානක ඉඳන් ආගිය අතක් නෑ. මාස ගානකින් ගෙවල් කුලී ගෙවලත් නැතුව මාරු වෙලාද කොහෙද කියල"

" ඇති ඇති, වෙලාවකට බලං ගියාම තමුසෙත් ගෑනියෙක්ට හපන්නේ වොට්සන්. අනුන්ගේ රෙදිමයි අපුල්ලන්නේ. ඒක නෙවේ මම ඒ මාසෙම හිටියේ තණමල්විල පැත්තේ"

"අහ් එහෙමද? එහෙනම් ඒ පැත්තේ ගංජා හේන් ඔක්කොම අල්ලලා දෙන්න ඇති."

"පොඩ්ඩක් හිටාන්කෝ බන් පනින්නේ නැතුව මම සීන් එක කියල ඉවර වෙනකං" එවර හෝම්ස්ගේ ස්වරය තරමක් දැඩි වූ බැවින් මම මුනිවත රැක්කෙමි.

"ඒ පැත්තේ ඉන්නවා පුෂ්පේ මුදලාලි කියල ඩයල් එකක්. මිනිහ තමා මල් ලෝකේ මහා බුංගරාජයා ආවේ රොන් සොයා, සඳුන් උයනේ සේ ඉඳිමූකෝ ගී ගයා. ටන නන ටනං නනන් නනන් නනන්..... " පුටුවෙන් නැගිටගත් හෝම්ස් නටන්නට විය. මගේ මිත්‍රයා හොඳටම ට්‍රැක් අවුට් නමුදු කලින් දුන් වෝනින් එක සිහි කරගත් මම ඕ.ටී කිරීමට නොගියෙමි. මද වෙලාවකින් සන්සුන් වූ හෝම්ස් නැවතත් කතාව පටන් ගත්තේය.

" ඔන්න ඔය පුෂ්පේ මුදලාලි කියන මනුස්සයා තමා එහේ ලොකුම මල් බිස්නස් කාරයා."

" ඒ කිව්වේ කතරගමට නෙලුම් මල් යවනවද?" එවර මට නොපැන සිටීමට නොහැකි විය.

" නෙද්දකින් මීමා. නෙලුම් මල් නෙවේ යකෝ. ත්‍රයිලෝක විජයපත්‍ර, ගංජා ගංජා"

මට විලිලජ්ජාවේ සන්තෝසේ බැරිවිය.

" ඉතින් ඒ මනුස්සයා ලඟකදී ඉඳලා යවන ලෝඩ් ඔක්කොම ගැන ගමේ කවුරුහරි එකෙක් පොලීසියට ඔත්තුව දෙනවලු"

"ඉතිං ? "

" ඒ මනුස්සයා මෙහෙට ඇවිත් වැළපෙන්න ගත්තා කොහොමහරි මේ ඔත්තුව දෙන එකාව අල්ලලා දෙන්නය කියලා. ඉතින් මම පහුගිය මාසේ පුරාවටම මහන්සිවෙලා ඔත්තුව දෙන එකාව පුෂ්පේ මුදලාලිට අල්ලලා දුන්නා. ඊයෙත් මුදලාලි මේ පැත්තේ ආපු වෙලාවේ දීල ගිය අලුත්ම බඩු තමා මේ."

"දෙයියන්පල්ලා හෝම්ස් තමුසේ දැන් හොරුන්ටද සපෝට් කරන්නේ?"

"මේ බලනවා වොට්සන්, අපි මැරීගෙන මංකොල්ලකාරයෝ, අපරාධ කාරයෝ අල්ලනවා. මොකද්ද වෙලා තියෙන සෙතේ? කවුරු හරි ඇමති කෙනෙක්හරි මන්ත්‍රී කෙනෙක් හරි මැදිහත් වෙලා උන්ව එලියට දානවා. නීතියක් නැති රටේ අපි අහවල් කෙන්ගෙඩියක්ද ඕයි රකින්නේ? අනිත් එක දැන් ඔය වැඩේ නිසා මිනිස්සුත් තමන්ට මොන වැරැද්ද සිද්ද උනත් කට පියාගෙන ඉන්නවා මිසක් ඉස්සර වගේ අපිව හොයන් එන්නේ නෑ අපරාධ කාරයෝ අල්ලගන්න. අපිත් ජීවත් වෙන්න එපැයි බන්. උබටනම් ඩිස්පැන්සරියක් හරි තීනවා. මට එහෙමවත් නෑනේ බන්. තේ පොල් රබර් තීනවා කියලද? අඩු තරමේ සමෘධිය වත් නෑනේ බන් මට."

" සමෘධිය නෙවේ දැන් ජන සවිය" මම ඔහුව නිවැරදි කළෙමි"

"මොන මගුල හරි"

මගේ හෑන්ඩ් පෝන් ඒකට වයිපරේගෙන් ඇමතුමක් ලැබුණු බැවින් හොම්ස්ගෙන් සමුගෙන යන්නට නැගී සිටියෙමි.

"වොට්සන් " හෝම්ස්ගේ හඬ බාල වී ඇත.

"ඇයි මචං ?"

"බෑග් එකේ තීන බූන්දි ටික දීල පලයන්කෝ"

"කොහොමද බන් දැනගත්තේ"

ඔහුගේ විමර්ශන හැකියාව ගැන පුදුමයට පත් වෙමින් මම විමසුවෙමි.

"උඹ පොලේ එන හැමදාම පවුලට බූන්දි ටිකක් ගෙනියන බව මට හොයාගන්න බැරිනම් මොකටද බන් මම රහස් පරීක්ෂණ වැඩ කරන්නේ."

Saturday, October 25, 2014

භික්ෂුව සහ දේශපාලනය | Bhikku Politics



භික්ෂුව දේශපාලනය කිරීම ගැන බොහෝ තැන්වල අප විසින් මතුකරන ලද අදහස් කීපයක් එකට එකතු කර දක්වන්නේ, නැගී එන ජනපතිවරණ ඡන්ද උණුසුම සමග බොහෝ දේ වෙනස් වී ඇති නිසා ය. මෙසේ වෙනස් වී ඇති බොහෝ දේ අතර, ප්‍රධාන තැනක් ගන්නේ භික්ෂු චර්යාව වන අතර, ඒ අනුව භික්ෂු චර්යාවේ ජනයාට කැපී පෙනෙනම ලක්ෂණය වන බණ කියන ශෛලියේ වෙනස් වීම ම හොඳ අධ්‍යයන නිමිත්තකි. එදා සිය නිවුණු ස්වරයෙන් රටක් සැනසූ පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජා සහ ගංගොඩවිල සෝම හිමියන්ගේ තාර්කික විශ්ලේෂණ වෙනුවට, අද සියල්ල පරදවා මතුව ඇත්තේ මහා කුණුහබ්බ සුත්‍ර දේශනාවයි. මෙකී කුණුහබ්බ දේශනාවලින් යුටියුබ් සිංහල සිංහල ගොසිප් පුවත් නාලිකා පිරී ඉතිරී යන බැවින් ඒවා යළි මෙහි පළකිරීමේ සෙතක් නොදකිමු. එහෙත් පසුගිය දෙතුන් වසර තුළ බොහෝ දේ වෙනස්ව ඇති බව නම් සත්‍යයකි. බොහෝ දේ වෙනස් වුණාට කමක් නැත, බුද්ධ ශාසනය විනාශ කරන්නේ නැතිව කරන්නේ නම්. එහෙත් අහන අහන අත, දකින දකින අත අපට පෙනෙන්නේ බුද්ධ ශාසනය, එතුළම වෙසෙන කඳපණුවන් විසින් කා දමන ආකාරයයි. 

කතාව පටන්ගන්නට පෙර අපි භික්ෂුව කවුදැයි බලමු. භික්ෂුව යනු කවුද? භ + ඉක්ෂු = එනම්, භය දකින්නේ භික්ෂු නම් වෙයි. දකින්නේ වෙන මොන බයක් වත් නොව සසර බය ය. සසර බය දකින භික්ෂුවට වෙන මොන කෙහෙල්මලක් වත් පෙනෙන්ට විදියක් නැත. එවැන්නකු හට දේශපාලනය ද අරකද මේකද මේ සියල්ල වැඩක් නැති හිස් ප්‍රලාප ය. ලොකුම බය ලෙස එහෙම සසර බිය පේන්නෙ නැත්නම් හෙතෙම චීවරය දැරිය යුතු ද නැත. මන්ද ඔහු භික්ෂු යන්නෙහි වචනාර්ථය පවා නොදන්නා බැවිණි. එසේ සසර බිය දකිමින් සසරින් මිදෙන්නට හදන භික්ෂුව ඇරෙන්නට වෙනත් භික්ෂුන් ඉන්නට විදියක් ද නැත. මන්දයත් භික්ෂු යන වචනයේම අර්ථය වන්නේ සසර බිය දකින පුද්ගලයා යන්න නිසා ය. ඉතිං එවැනි පුද්ගලයකු දේශපාලනය කිරීමට යාම මොන විහිළුවක් ද?

භික්ෂුවට පුද්ගලික ජීවිතයක් නැත. එසේ පුද්ගලික ජීවිත ඇත්තේ ගිහියන්ට ය. භික්ෂුව යනු දහදිය මහන්සියෙන් හරිහම්බ කරගෙන කන මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් උපන්නා වූ දෙයින් යැපෙන්නෙකි. භික්ෂුව යනු තම කය උදෙසාවත් ජීවත් නොවන්නෙකි. භික්ෂුව ආහාර ගන්නේ ද, "මේ ආහාරය මාගේ ශරීර ශෝභාව පිණිස, කය පුෂ්ටිමත් වීම පිණිස නොගනිමි, හුදෙක් කෙළෙස් දුරුකර නිවන් දකිනාතුරා ජීවත් වීමට පමණක් ආහාරය ගනිමි" යයි ප්‍රත්‍යවේක්ෂා කොට ය. එවැන්නකු ගිහි ජීවිතයේ අමාරුම ජොබ් එක වන දේශපාලනය කිරීමට උත්සාහ කිරීම කොහෙත්ම හිනා නොයන විහිළුවකි. 

දේශපාලනය කිරීම බෝධිසත්ත්ව ලක්ෂණයක් යැයිද සමහරු අර විහිළුවට උඩින් තවත් විහිළුවක් සපයති. ඔවුන්ට මතක නැතුවාට, සිදුහත් බෝසතුන් පෙරකල ක්ෂත්‍රිය මහාසාර කුලයක ඉපිද, උපතින්ම ලද පුබ්බේ නිවාසානුස්සති ඥාණය හේතුවෙන් පෙර කල රජව ඉපිද මිනිසුන් ගේ අත්පා කපා දඬුවම් කිරීමෙන් කරගත් පාපය ගෙවන්නට සිද්ද වූ හැටි දැක, රජකම කෙරෙහි බියට පත්ව, උපතින් උරුම රජකම එපා කියන්නට බැරිකමට, ගොලුවෙක් බිහිරෙක් සේ රඟපෑ අවස්ථවක් ද ජාතක පාළියේ එයි. රජකම බෝසත් සිරිතක් නම් එසේ කළේ මොන මගුලටද කියා දැන් ඇසිය යුතුය. එසේම, සිදුහත් කුමරුන් පැවිදි වුණේ සත් දවසකින් ලැබෙන්නට නියමිතව තිබුණු සක්විති වත අතහැර බව පූජාවලියේ දැක්වේ. එසේනම් ඔය කියන ලෝකානුකම්පා චර්යාව ඒ විදියට කරන්නට තිබුණා නොවැ.. අපරාදෙ දේ අර දරුවා සහ භාර්යාව අතහැරලා වනගත වුණේ.. අපේ එකෙක් ඒ කාලයේ සිදුහත් කුමරුගේ ඇමතියා වෙලා හිටියා නම් ෂුවර් එකටම කියන්නේ "යන්න එපා දේවයිනි, එක්කෝ සක්විති වත පුරන ගමන් පිළිවෙත් පුරමු, නැත්නම් සිවුරේ ඉඳන් දේශපාලනේ කරමු" කියා වෙන්ටෑ! 

දේශපාලනය කිරීම යනු පාර්ලිමේන්තු ගතවීම පමණක් නොවේ. සිවුරේ ඉඳගෙන ම ජාතිවාදී අදහස් දැරීමද දේශපාලනයක්ම වෙයි. භික්ෂුව යනු ජාති ගෝත්‍රවාද සියල්ල බිම තැබුවෙකි. භික්ෂුවට ජාතියක් තිබිය හැකිනම් ඒ කවර ජාතියක් ද? ඒකාන්තයෙන්ම ඒ ආර්ය ජාතියම පමණකි. ආර්ය වන්නේ කෙසේද යන්න ගැන අපේ වීරයන්ට පැහැදිලි අදහසක් නැත. වෙලාවකට සියලු උපසම්පදා භික්ෂුන් යයි කියති. වෙලාවකට සෝවාන් වත් වෙලා තිබිය යුතුයැයි කියති. අවස්ථාවේ හැටියට කෙළින පචය වෙනස් වෙයි. කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට ඉතාම සරල පිළිතුරක් අංගුලිමාල සුත්‍රයෙන් ලැබෙයි. අඟුල්මල් හිමියෝ අර ගැබ්බර කාන්තාවට සෙත් පතන්නේ, "නැගණියනි, මා යම් දිනෙක ආර්ය ජාතියේ උපන්නාද, එදා සිට..." යනුවෙනි. ආර්ය ජාතියේ උපන්නා යනුවෙන් උන් වහන්සේ අදහස් කරන්නේ මාර්ග ඵල ලැබීම නොවන බව තේරුම් ගන්නට රොකට් සයන්ස් අවශ්‍ය නැත. මේ කියන්නේ යම් දිනෙක තමා බුදුසව්වෙකු වුණා නම් එදා සිට යන අර්ථයෙනි. වැඩිපුර විස්තර පහාරාද සුත්‍රයෙන් දැක්වේ. එහිදී බුදුහිමියෝ පැහැදිලිව මෙසේ කියති. "ගංගා යමුනා අචිරවතී සරභූ යන මේ කවර ගඟේ ජලය මුහුදට ආවත්, එතැන් පටන් එයට කියන්නේ එකම මහා සමුද්‍රය කියා ය. එසේම, සතර වර්ණයන්ගෙන් කවර වර්ණයෙන් පැවිදි වුණත්, පැවිද්දෙන් පසු ඔවුන් හඳුන්වන්නේ එකම ශ්‍රමණ සක්‍යපුත්‍රීය යන නාමයෙන්" කියා ය. වාසි හැටියට බොරු දෙසාබාන හුජ්ජාතිකවාදීන්ට පහාරාද සුත්‍රය පෙන්නන්න බැරි මෙන්න මේ ටික නිසා ය. 

පැහැදිලි මදි ද? කරුණාකර අම්බට්ඨ සුත්‍රය ගන්න. එහි පැහැදිලිව මෙසේ කියවේ. "යමෙක් ජාතිගොත්‍ර වලින් ගටා කතා කරනවාද එවැනි කතාවල් ඇතිවන්නේ මගුල් තුලා වලදී. එහෙම ඉන්න ඒ පුද්ගලයා සසරට බැඳිලයි ඉන්නේ, ඔහු අනුත්තර විජ්ජා චරණ සම්පත්තියේ නම් නෙමෙයි ඉන්නේ". මේ මගේ වචන නොවේ, මේ තථාගත සම්මා සම්බුද්ධ වචනය ය. ඒ අනුව, තාමත් භික්ෂුවට ජාතිගොත්‍ර තිබෙන්නට පුළුවන් කියන උදවියගෙන් "මොන මගුලක්ද" කියා ඇසීමේ කිසිදු වරදක් නැත. මන්ද ජාති ගෝත්‍ර විමසන්නේ මගුලට මිස නිවනට නොවන නිසා ය. 

සමහරු තවත් පියවරක් ඉදිරියට ගොස්, බුදුරජාණන්වහන්සේ ද ජාති ගෝත්‍රවාද අනුමත කළ කතාවක් කියති. ඔවුන්ගේ ජනප්‍රියම උදාහරණය වන්නේ අග්ගඥ්ඥ සුත්‍ර දේශනාවයි. බුදුන් වහන්සේ අග්ගඥ්ඥ සුත්‍රය දේශනා කළේ චතුර්වර්ණ අතරින් බ්‍රාහ්මණ වර්ණයම උතුම් වන්නේය කියා සිතා සිටි පුද්ගලයකු හට, එය එසේ නොවේය, ඉතිහාසය ඇසුරින් ගතහොත් වඩා උත්තම වන්නේ ක්ෂත්‍රිය වංශය බව පෙන්වීමට ය. මිසක් බුදුන් වහන්සේ සිය ගෝත්‍රය ගැන පාරම්බෑමක් එතැන නැත. තමා හැදු පිය මහරජුට ද බුදුන් වහන්සේ මුහුණටම කිව්වේ, "මහරජ, ඔබේ වංශය ක්ෂත්‍රිය වංශයයි, තථාගතයන්ගේ වංශය බුද්ධ වංශයයි, මා පිළිපදින්නේ බුද්ධ වංශයේ සිරිතයි" කියා ය. එහෙම කියූ බුදුන් වහන්සේ ආයෙම වෙන තැනක "මගේ ගොත්තරේ තමා උතුම්" කියන්නේ නැත. 

ගොත්‍රවාදීන්ගේ තවත් ජනප්‍රිය උදාහරණයක් වන්නේ විඩුඩභ කුමරුන් ශාක්‍යයන් වනසන්නට යද්දී, ශාක්‍ය දේශසීමාවේ දී බුදුන් වහන්සේ කළ ප්‍රකාශයයි. ශාක්‍යයන් නසනු පිණිස සිය සේනාව සමග ශාක්‍ය දේශ සීමාවට ආ විඩුඩභ කෝසල කුමරු, බුදුන් වහන්සේ කාෂ්ඨක අව්වේ සිටිනු දැක, "වහන්ස, මෙතරම් සෙවණ ඇති ගසක් තිබියදී ඔබ වහන්සේ මේ අවුවේ ඉන්නේ මන්දැයි" විමසු බවත්, "කිඹුල්වතින් හමා එන සුළඟ ඉතාම සුවදායක ය" යනුවෙන් බුදුන් වහන්සේ ඊට උත්තර දුන් බවත්, විඩුඩභ කුමරු ඒ අසා ආපසු හැරී ගිය බවත් සඳහන් වේ. මෙතනදී බුදුන් වහන්සේ අර ප්‍රකාශය කළේ, විඩුඩභ කුමරුන් මහා පාපයක් කරගන්නවා වැළක්වීමට මිසක සිය ඥාතීන් හෝ ශාක්‍ය ගෝත්‍රය කෙරෙහි හෝ වූ අමුතු කරුණාවකින් නොවේ. එයද අර කිසාගෝතමියට අබ සොයන්නට කීවා සේම, චුල්ල පන්ථක තෙරුන්ට අවුවේ සිටගෙන රෙදිකඩක් පිරිමදින්නට කීවා සේම, අංගුලිමාලට "මම නැවතී සිටිමි, ඔබත් නවතින්න" කීවා සේම සම්‍යක් ප්‍රයෝගයකි. මිසක් වෙන ගෝත්‍රවාදයක් ඔතන නැත. 

ඒ කාලයේ ශික්ෂා පද මේ කාලයට ගැළපෙන්නේ නැතැයිද, ඒවා වෙනස් කරගැනීමට අවශ්‍ය නම් අවකාශ ඇතැයිද සමහරුන්ගේ තර්කය වෙයි. කාලයට අවැසි පරිදි වෙනස්කර ගන්නට බුදුහිමියන් පිරිනිවන් මංචකයේ දී අවසර දුන්නේ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද වලට ය. ඒ කියන්නේ කුඩා අනුකුඩා සිකපද ය. එහෙත් ඒ කුඩා අනුකුඩා සිකපද කවරේද යන්න අසාගැනීමට ආනන්ද හාමුදුරුවන්ට හැකියාවක් ලැබුණේ නැත. ඇත්ත වශයෙන්ම ආනන්ද හිමියනට බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එල්ල වූ චෝදනා පහෙන් එකකි, ඛුද්දානුඛුද්දක සිකපද අසා නොගැනීම. එබැවින් බුදුන් ධරමාන කාලයේ වෙනස් කළ සිකපද මිසක, බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නම් ථෙරවාද සම්ප්‍රදායය තුළ එදා මෙදාතුර කවමදාකවත් සිකපද වෙනස් කරගැනීමක් සිදුවී නැත. එසේ කළ හැකියැයි යමෙක් කියන්නේ නම් එය ගල් පැලෙන පට්ටපල් කෙබරයකි. 

භික්ෂුව සිංහලකම පෝෂණය කිරීම වරදක් යයි අප කිසිදාක කියන්නේ නැත. ලංකාවේ බුදුසසුන රැකෙන්නේ සිංහලකම තිබෙන තුරු ය. එබැවින් ශාසනයේ ආරක්ෂාව ගැන සිතා, ගිහි දායකයන්ට අවවාද අනුශාසනා කිරීමේ වරදක් නැත. එහෙත් එය කුල දූෂණය දක්වා යන තැනට නොආව යුතුය. කියන එක වචනයක් හෝ වෙයි නම් එය හුදෙක් බුදුසසුන වෙනුවෙන්ම කියන්නට හැකිනම් පමණක් එසේ කිව්වාට කමක් නැත. බැරිනම් කටවසාගෙන සිටීම වඩාත් උචිත ය. මන්දයත් අග්ගික්ඛන්දොපම සුත්‍රයට අනුව, එසේ නොවන මහණුන් හට ගිලින්නට වෙන්නේ ලොහොගුලි බැවිණි.

Friday, October 24, 2014

රනිල් මාමේ, උඹ මාර පොරකි | Ranil you are such a badass




හිතාදර රනිල් මාමේ,


උඹ නම් මාරම පොරකි.. එසේ මෙසේ පොරක් නොව ලංකාවම හන්ටර් වන තාලෙ පොරකි.. උපාසක බළලා වගේ ඉඳන් මීයො දෙන්න තුන්දෙනා නොව හැත්ත බුරුත්ත පිටිංම අල්ලන තාලෙ පොරකි..


දමිළ කොටි විමුක්ති සංවිධානය හෙවත් LTTE සංවිධානය කියා එකක් මේ ලංකාවෙ තිබුණා උඹ ඒ කාලෙ දන්නවා ද අපි නොදනිමු.. (ඔව් ඔව් අර පර්සි මහත්තය තනියෙන් යුද්ද කරල දිනුවෙ.. හමුදාපති කෙනෙකුත් නැතුව.. ඒක තමා..) ඔය සංවිධානයේ ජාත්‍යන්‍තර ජාලය සහ ඒකට සල්ලි පොම්ප කොරන දමිළ ඩයස්පෝරාව කියන්නෙ එසේ මෙසේ එව්වා නොවේ ය.. විමල් විහිළුවංශ මාමා කියන හැටියට නම් අපේ රට බාබකිව් කරන්න බලාගෙන ඉන්නා බහුජාතික® අධිරාජ්‍යවාදී® කුමන්‍ත්‍රණකාර® ඩොලර්කාක්කන්ගේ® (තනි වචනයකි) මහා බලසම්පන්න ආයුධයකි ඕක.. විෂ්ණුගෙ චක්‍රායුධයට වත්, බ්‍රහ්මයාගෙ බ්‍රහ්මශරයට වත්, කොටිංම යම රජ්ජුරුවන්ගෙ යම දණ්ඩටවත් ඔය සෙල්ලක්කාරයන්ගෙ අංචි එක්ක හැරෙන්නට වත් බැරිය..
එහෙව් මහාබලසම්පන්න උත්තමයන් වාන්සේලාගෙ අචින්තනීය චිත්ත සංතානයට කිමිදිලා ඒ උත්තමයන්ගෙ හිත වෙනස් කරන්න පුළුවන් නම් ඌ පොරක් නොව, අම්බ පොරක් විය යුතුය.. එහෙම පට්ට හැකියාවක් මට තිබුණා නම් අම්මප මෙහෙම මාස්පඩියට කඹුරන්නෙ නැතුව කැනරි අයිලන්ඩ්ස් හෝ මයාමි පැත්තෙන් පොඩියට පොල් අතු පැලක් අටවාගෙන, කිරි කිරි කෑල්ලක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්නවා මිසක, උඹ වාගෙ ඡන්ද දාහතරක් පැරදිලාත් මේකෙ ලැගලා ඉන්නෙ නැත..


නමුත් උඹ පොරක් පමණක් නොව මාර සිරා බොක්කෙ පොරකි.. දැන් බලන්ඩ අර ක්‍රිස් නෝනිස් මහත්තයාගෙ කඩ්ඩටවත්, ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාගෙ දර්ශනේටවත් පුළුහං වුණාද ඔය තරමෙ වික්‍රමයක් එකපාර කොරගන්ඩ.. අර හිච්චි නිවේදකයාට කෙළින්ඩ නෝනිස් මහත්තයට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියෙන් තුන්කාලක් වියදම් වුණා.. එහෙව් එකේ මන්ත්‍රීලා ඇමති ලා ගැන කවර නම් කතා ද.. ඒත් රනිල් මාමෙ, උඹ යුරෝප් ගෙහුං දවස් හතෙන් කොටි තහනම ඉවත් කරවන්ඩ උඹට පුළුවන් වුණා ය.. යකඩො ඔහොම හැකියාවක් උඹට තියෙනවා කියලා අපි දන්නෙ අද ය.. මට මාර ජෙලස් ය.. උඹලා වාගෙ ගේම්කාරයො විපක්ෂෙ ඉන්න එක ගැන පර්සි මහත්තයා බය වෙන එක සාදාරණ ය.. විමල් මහත්තයා වගේ පචායුදයක්--අයි මීන්, පංචායුදයක්-- මටත් තිවුණා නම් කියා මට දැන් හිතෙන්නේ ය..


මට තියෙන එකම පුරස්නෙ නම්, මෙච්චර සිරා ඉන්ටනැෂනල් ගේම් දෙන්න පුළුහංකම තියාගෙන උඹැහැ මොන මගුලට එකදිගට ඡන්ද පරදිනවා ද කියා ය.. අපේ සුපිරි තානාපතිලා දශක ගණනක් මහන්සි වී, පර ෂුද්දන්ට නොවඳිනා වැඳුම් වැඳලා තහනම් කොරගත්ත එක, එක විසිට් එකෙන් ආපහු කැන්සල් කරවන්න තරම් ටැලන්ට් එකක් තියාගෙන උඹ මොන මගුලට විපස්සෙ ඉන්නවා ද කියා මට තේරෙන්නෙ නැත.. ඒ නිසා මගෙ පුංචි මොළේට වැටහෙන විදියට උඹ මේ කරන්නේ ද ගේමකි.. රට්ටු කතන්දර කියන්නේ උඹහැ පර්සි හාමුගෙන් පඩි ලබනවා කියා ය.. මේ යන විදියට මට නම් තේරෙන විදියට පර්සි හාමුට පඩි ගෙවා උඹ වෙනුවට රට පාලනය කරවන්නේ උඹ ය..

Thursday, October 23, 2014

මහින්දට බෑ නෙමෙයි පුළුවන් | Who says Mahinda can't?



"මහින්දට බෑ...!"

කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්..! මහින්දට කොච්චර දේවල් පුළුවන් ද..? මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න.. මහින්දට පුළුවන් හලාවත ධීවර උද්ඝෝෂණේදි වෙඩි කාපු කොල්ලගෙ මළගෙදර ගිහිං සංවේදීව අඬන්න.. මහින්දට පුළුවන් මර්වින් දම්මලා රූපවාහිනියෙ පෝද්දල ජයන්‍තට ගස්සවලා ඒ මනුස්සයගෙ රවුළ කපලා ඌටම කවන්න.. මහින්දට පුළුවන් රතුපස්වල උද්ඝෝෂණේදි වෙඩිකාලා මැරුණු ඕලෙවල් කොල්ලා, අකිලගෙ මළගේ රාජ්‍ය වියදමෙන් කරවන්න.. මහින්දට පුළුවන් චීනෙන් ණයට අරං පලස්තීනෙට ඇමරිකන් ඩොලර් මිලියනයක් දෙන්න.. මහින්දට පුළුවන් හම්බන්තොටයි කොළඹයි වරායවල් දෙකම අවුරුදු අනූ නවයකට චීනෙට ලියල දෙන්න.. මහින්දට පුළුවන් අට පාස් නැති විමල් ගොබ්බයා දම්මවලා රටේ අගවිනිසුරුවරියට මෝඩ ගෑණි කියල කියවන්න.. මහින්දට පුළුවන් සුද්දො ඉස්සරහ ලංකාව වෙනුවෙන් අච්චර කඩ්ඩ වනපු ක්‍රිස් නෝනිස්ව අස් කරල දාන්න.. මහින්දට පුළුවන් යකඩ හොරුන්ට සමාව දීල මාධ්‍ය අංශය බාරදෙන්න.. මහින්දට පුළුවන් බෞද්ධයාගෙ මුදුන් මල්කඩ වන් දළදා මාළිගේ ඉස්සරහ හෙළුවැලි සුද්දියො නටවන කාර් රේස් බල බල චියර් කරන්න..



ඔක්කොටම වඩා මහින්දට පුළුවන් අරන්‍තලාවෙදි භික්ෂුන් වහන්සේලා පණහකට ආසන්න ගණනක් බල්ලො බළල්ලු වගේ කපා කොටා මරා දාපු කරුණා අම්මාන්ට පක්ෂ උපනායකකම දෙන්න..


දැන් කවුද ඕයි කියන්නෙ මහින්දට බෑ කියල? මීට පස්සෙ මාත් කියන්නෙ,


"මහින්දට පුළුවන්.. ඔව්.. ඔය කියපුවා සහ නොකියපුවා එක්ක, තව ඔයිටත් වඩා දේවල් කරවන්න, එක පාරක් නෙමෙයි තුන් පාරක් පුළුවන්.."

Monday, August 11, 2014

මහා අබසරණ ජාතකය | Aba Saranayi Yako!


(ප්‍රබන්ධය එකා යකා විසිනි.)

තවදැ එක් සමයෙක්හි මොහොල් ගස් පැළවනාහ. පැළවුණාවූ මොහොල් ගස් මස්තකයෙහි කැදැළි තැනූ ධවල කපුටුවෝ අං ඇති ගැරඬින් හා සහවාසය කරනා හ. එකල්හි මිහිඳු රජපසයා කනිටු සොයුරු ගොටුඅබයා කල්පනාවෙහි නිමග්නවැ වසන්නේ "මෙවන් වූ භීම සමයෙක්හිදී දැ නොවතු නම් කවර කලෙක මා රජසබයටැ ගිය මනා වේදැ?"යි සිතා මෙ පවත් එසැණෙහිම සසිරි බර මෙ සිරිලක දනව්වක් පසල් දනව්වක් පාසා පතුරුවනු පිණිසැ ස්වකීය වන්දිභට්ට වූ අනඳ ජයසීහයා ලවා 'ද්වේශය' නම් වූ තල් පතෙක් කරවනා හ.

මිහිඳු රජපසයානෝ උදෑසනක් සේ මැ අවදිවැ ස්වකීය සැත්තෑ වයස් වූ තාරුණ්‍ය රැකැගනු වස් පසළොස් යොදුනක් වීථි සංචාරයෙහි නිරතවැ පැමිණ වීල, බාර, ඩම්බෙලයන්ගෙන් සන්නද්ධවැ කයවඩනාරාමයෙහි දෙපැයක් බවුන් වඩා පාතරාසය පිණිස බොජුන් ගෙයට වැඩම කොට අත් පිස්නා පිණිස තල් පතෙක් සොයන්නේ ගොටුඅබයාගේ 'ද්වේශය' තල්පත දකිනා හ. "ඉදින් මා රජසබයට එත් නම් ඒ හුදෙක් මා දෙටු සොයුරු මහරජාණන් ඇරැයුමින් පමණක් මැ වනාහ" යනුයෙන් වූ ගොටුඅබයාගේ පාණිය දැකැ මහත්සේ සොයුරු පෙම් උපදවා මේ කෙරෙහි තීරණ කරනු වස් රජසබයට ඉහළින් පිහිටුවා ලූ වරිග සබය කැඳවනා හ.

චාමලයා යැ, නාමලයා යැ, බැරිසිලයා යැ ආදීන් හා උන් සියල්ලට මැ හා රජපසයාට මැ මුත් අධිපතිනී සිරන්තියාගෙන් දැ සමන්විත වරිගසබාව මස්තකයෙහි ගොටුඅබයාගේ 'ද්වේශය' එළිදැක්වූ කෙණෙහි මැ සිරන්තියා පුපුරා හැලී "ස්වාමීනි, තොප තොපගේ දරුවන් ගැනැ නොසිතනා නියාදැ" යි නේක විප්‍රකාරයන් බෙණෙමින් හඬාවැටෙන්නී රජපසයාගේ දහසක් පුෂ්ප විකසිත කරවන්නී යැ. එකල්හි විපසෙන් කිණ්ඩි ලත් ඇමැත්තෙකු සේ මහත් වූ කෝපයෙන් දැවෙනා රජපසයාණෝ "නීච ස්ත්‍රිය, මා දරුවන් ගැනැ නොසිතූ නියා නම් මෙකල්හි තී වැළැලූ තන් හි පැළවුණු නෙරළු ගස් කපා පරාළ දැ ඉරූ නියායැ. යව යව මා දෑසට නොපෙනී මෙතැනින් නිකම යා!" යි ආක්‍රෝශයෙන් පරිභව කෙරෙමින් එළවනා හ.

ඉදින් වරිගසබය එසේ නිසල වූ පසුවැ රජපසයාණෝ බැරිසිලයා අමතන්නේ, "කිමද මලණ්ඩ, ගොටුඅබයා ගෙන්වමෝදැ" යි විමසනා හ. 'මූ මා ළපැටි කල පටන් මා අතැ වූ කැවුමක් විනම් මා හඬව හඬවා මුත් උදුරා කෑ එකායැ. බාලයා සේ මැ මූ කපටයා වනා යැ. මා පතට කෙළනට මෙවර නම් නොදෙමැ' යි තරයේ සිතා මුත් මේ දැන් සෝවාන් වූ කලෙක මෙන් හැලප වතෙක් මවා ගෙන බැරිසිලයා බෙණෙන්නේ, "අයිය, ලක්සුමන කිරිඅලයා පැවැසූ සේ මැ සංග්‍රාම නම් ඕනෑම වෘෂභයෙකුහට කළ හැකි දෑ යැ. සංග්‍රාම කිරීමෙන් පමණෙක් මැ පණ්ඩිතයෝ නොවෙනා හ. මූ රජසබයෙට ඔබී දැයි වෙනත් පැණයෙක් විචාරා දැනැගම් හ" යි පවසනා හ. "වන්නාටයැ, එසේ වී නම් තොප මැ පැණයෙක් සිතා උහු විමසුව. නොපමාවැ අපටදැ දැනුම් දෙව මලඬ.. " යි වදාරා රජපසයාණෝ හදිසි වරිගසබය තුටින් විසුරුවනා හ.

මෙපවත් මෙසේ වනැ අතුර යාන බැලීමෙහි කෙළ පැමිණියේ හෙයින් ස්වකීය වූ දෙටු සොයුරා වුව නොහරණා ගොටුඅබ තෙමේ වෙහෙර රුක් මැඳුරෙහි පියස්ස මස්තකයේ යාන බැලීමෙහි රඳවා තුබූ මූෂිකයෙකු අතින් පෙරකී අටකන් මන්ත්‍රණය පිරිසිඳ දැනැපියා ස්වකීය බිළාල රැවුලු විදහා මඳහස පා ස්වකීය ගොට්ට අල්ලන්නා වූ සවනිඳයා කැඳවනා හ.

එසේ කැඳවා, "එම්බා සවනිඳය, මුහු මා ගොටුඅබයා බැව් නොදත් නියා යැ. පැණ ඇති කැරුමෙහිදැ විසඳුමෙහිදැ මා හැර සමත් යමෙක් මේ මඟුල් සක්වලැ නොවනා හ. මුහු මා විමසීමෙහි ගියේ අද පමණෙක් නොවේ, මින් පෙර දැ මා විමසීමෙහි ගොස් මුහු ඇණැ ගත් නියා යැ" පවසනා හ.

"පස්වාන් දහසකට බුදු වන්නා වූ ගොටුඅබයාණෙනි, අප කෙරේ අනුකම්පායෙන් එකී පවත් වදාරණ සේක්වා" යි සවනිඳයා බැගෑ වන්නා වූ සඳ "එසේ වී නම් අසවැ"යි පවසා 'මහා අබසරණ ජාතකය' උහුහට වදාරණා හ.


***

එක් දුර්භික්ෂ සමයෙක හඹුතොඨ්ට නම් පසල් දනව්වෙහි ගොවියකුට දාවැ පරිසි මහිනිඳ නම් වූ ගැමි කොළුවකුට මළණුවැ අබය නම් කුමරුවෙක් ඉපදෙනා හ. මුහු තෙමේ නිසි වයස් පැමිණි කළ ව්‍යාඝ්ර ගෝත්‍රිකයින් හා යුද පිණිසැ රාජ සේවයට බැඳුනා හු හෙද එකල්හි රාජ්‍යය කෙරෙනා රජුට හා මහසෙන්පතින් කෙරෙහි කළකිරී සිතන්නේ 'මුහු මහට රිසි පරිද්දෙන් යුද නිමැ කෙරුමටැ නොදෙත් ල, ඉදින් තවදැ මුහු කෙරේ ළතැ වී පල නොදෙන්නේ නික්ම යමැ" යි සිතා මහසෙන්පතිට ප්‍රේත ගොටුවක් යවා අමරික්ඛ දේශයටැ පැන යනා හ. ඉන් පසුවැ පාළොස් වසෙකින් සිය සොයුරු පරිසියා රජ වූ කළැ යළි සසිරිබර මෙසිරි ලකටැ එළඹෙනා හු ගොටුවෙක් යවා පැන ගිය ගිය හෙයින් 'ගොටු අබයා' නමින් පරසිඳු වනාහ.

මේ ගොටු අබයා පැමිණ "අයියණ්ඩිය, බිය නොවව. යුද කෙරෙනා සැටි මම් පෙන්වමැ"යි පවසා සේනා රැස් කෙරෙන්නේ මහත් සේ රුධිර ගංගා පතුරුවා සේනා විහිදුවා යුද ජය ගන්නා හ. පසු කළෙක එවකට මහසෙනවියා වැ හුන් සරත පොනසිකයා දඟ ගෙයි ලවා සිය ගැත්තා වූ සදපෙම නම් කුලී ලියන්නෙකු යොදවා 'ගොටු යුදය' නම් පුස්තකයෙක් කරවා රණකෙළියෙහි සියළු ගෞරවය තමන් නමට මැ හරවනා හ. එතැන් පටන් නගරාලංකරණයෙහි උත්සුක වන්නාවූ අබයාණෝ ඇතුළු නුවර සියළු දුගියන් පළවා හැර, සත්මහල් ප්‍රාසාද තනවා, නෙක පුෂ්පෝද්‍යාන පොකුණු දිවුම් පෙත් ආදියෙන් සරසනා හ. මෙසේ තමැ කිත් යසස සසිරිබර එසිරිලක පුරා පතුරුවා ලූ පසුවැ අබයාණෝ සිතන්නේ "ඉදින් මේ මා රණකෙළි දිනූ නියායෙන් මුන් විඳුනා ඓශ්චර්යයෙන් කොටැසක් මා දැ ලත් මනායැ. මම් දැ රජ සබයටැ පිවිසෙම්" යැයි සිතා ඒ බැව් රට පුරා පතුරුවා හරණා හ.

මෙකී පවත් සැළැ වූ කෙණෙහි පරිසි මහ රජාණෝ සිය වරිග සභාව කැඳවන්නේ මූ සුදුස්සේ දැයි සොයනු වස් පැණැයක් විචාරන්නට සිතණා හ. ඉදින් වරිග සබා වූ කේවට්ටාචාරීහු "මහරජුනි, ව්‍යාඝ්රයින් මරා ලදැ රන් කොහිදැයි විමසුව මනායැ" යි කියනාහ. තවෙකෙක් "මහරජුනි, සහල් නැළියකැ මිළ විමසුව මනායැ" කියනාහ. තවකෙකු"ලසන්තයා හා ප්‍රගීතයා ගැනැ විමසුව මනායැ" යි කියනා හ. පරිසි මහරජු තීරණයකටැ එළැඹිය නොහී "හෙද පසුවැ සළකා බලම්හ" යි නික්මී නැව්තොට ටැ ගොස් දේශාන්තර චාරිකාවකැ නික්මෙනා හ.

මෙපවත් රහසින් අසා සිටුනා ගොටු අබයාණෝ සිතන්නේ "මුහු මා ගොටුඅබ පණ්ඩිත බැව් නොදත් නියා යැ, සිටුව ! තොපට නිසි යමෙක් කැරැ පෙන්වමැ" යි කල්පනායෙහි නිමග්න වනාහ. මේ ගොටු අබයා නම් පෙර කලැ ව්‍යාඝ්රයින් මරා රැස් කරන ලද්දා වූ මහත් කුසල් ඇත්තේ හෙයින් උහු සිතුවක් එසේමැ ඉෂ්ට වන්නේ යැ.

ඉදින් මෙ අතුරෙහි නැවුම්ගම නම් වූ යවන ගෝත්‍රිකයින් හා හෙළ ගෝත්‍රිකයින් හවුලේ වසනා පෙදෙසක එක් මහණෙක් ස්වකීය රියැදුරා හා මඟට බස්නේ මඟ හරස් කළාවූ යවන තරුණයින් අතළොස්සෙක් හා දබරයෙක පැටළෙනා හ. මේ යවනයෝ රියදුරා හා ආක්‍රෝශයෙන් පරිභවයෙහි යෙදී හිඳිද්දී මැ එතැනට යවන වේශයෙන් එළැඹෙන්නා වූ උපුල්වන් දෙවියෝ යවනයන් හටැ නොපෙනෙන්නා වූ දැ හුදෙක් හෙළයින්ට පමණෙක් මැ පෙනෙන්නා වූ දැ ලෙස මහණා පිට පහරක් එළනා හ. "අපගේ මහණුන්ට යවනයෝ තළනා හ" යි සසිරිබර එසිරිලක දනව්වක් දනව්වක් පාසා පැතිර යනා හ. මේ කර්ණගත වූ ගොටු අබයාණෝ සියතින් දන් වළඳවන්නා වූ අලුකුත්ථේර නිකායෙහි ණැනසර නම් මහණෙක් කැඳවා සතර කන් මන්ත්‍රණයකැ යෙදුණා හ.


***


එකී සතර කන් මන්ත්‍රණයෙන් පසුවැ නැණසරයා සිව් දහසෙක් හෙළ බොදු සෙනඟ පිරිවරා නැවුම් ගම ටැ වැඩැ ක්‍රෝධයෙන් ඇවිළෙනා වූ හෙළයින් අතර ටැ පිදුරු හෙළන්නා සේ මහත් වෛරී වූ බසින් දහමෙක් දෙසන්නේ තුමූ බුදු සරණ හැරැ පියා ගොටු අබයාගේ සරණැ හෙවත් "අබ සරණැ" ගියේ වී හෙයින් මෙකී යවනයින් හට දැ අබයාගේ සරණින් මැ විණ කටින්නෙ මෝ යැයි වදාරමින් "අබ සරණ" සූත්‍රය එකී නැවුම් ගම් පුරයෙහී දී දෙසා වදාරනා හ. මෙකී අබ සරණ දහම ශ්‍රවණය කළාවූ සිව් දහසෙක් හෙළයෝ 'ඒහි අබ්භ' භාවයෙන් අබ සරණ වැළැඳ බුදුන් නැසුමට එළඹෙනා දස බිම්බරෙක් මාර සේනා ලීලයෙන් මහත් වූ පෙරහරෙකින් මඟට එළඹුනා හු යැ.

ඈතින් අබ සරණ ගිය හෙළයෝ යැ. මෑතින් මෙකී විප්‍රකාරය දකින් වස් රැස් කකා උන් යවනයෝ යැ. මෙවන් මොහොතෙක තව්තිසා දෙව්ලොවැ හිඳ මනුලොවැ බලන්නා වූ ශක්‍ර දේවේන්ද්‍රයෝ "ගොටු අබයාගේ බල ලෝ පතුරුවනු වස් මෙවන් මොහොතෙක් යළිදු නොඑනා හ. යමක් කෙරෙමි යි" සිතා වරෙක කුස රජුට දැ වරෙක මහෞෂධ පණ්ඩිතයින්ට දැ සරණ වූ අෂ්ටවංක මාණික්‍ය රත්නයැ ගෙනැ ඒ මෙකී රැස් කනා පිරිස් මධ්‍යය ටැ අහසින් හෙළනා හ. ඉදින් නැවුම් ගමැ පළමු ගල ගැසීයේ කවරෙකුදැයි යමෙකුට කුකුසෙක් වි නම් මේ පටන් ඒ ශක්‍ර දේවේන්ද්‍රයා මැ මිස අන් යමෙක් නොවනැ බැව් දත යුතු.

අහසින් වැටුණා වූ පාෂාණය දුටු කෙණෙහි මැ හෙළ ගෝත්‍රිකයෝ "යවනයෝ මෙතෙක් නොබියවැ අපට පහර දෙනා හ" යි මහත් සේ කිපී යවනයන් මතැ පහර පිට පහර හෙළනා හු, උහු නිවෙස් හා සල්පිල් ගිනිබත් කරනා හු, මහත් වූ කෝළාහලයෙක් අරඹනා හ. යවනයෝ දැ ස්වකීය රක්ෂාව පතා යම් තැනැකැ පෙරළා පහර දෙන්නේ නැවුම් ගම් පුරයමැ එක මැ අග්නි ජාලාවක් වනා හ.

මෙපවත් මෙසේ වෙත්දී අබ සරණැ ගිය රාජ පුරුෂයෝ නොදුටු විරූ වැ නෑ සූ කන් වැ තන් තන් හි පසු වන්නේ හෙළයින් ට මැ ආශීර්වාද කෙරෙනා හ. ඉදින් අවසන ගිනි නිවුමෙහි ළා මහානුභාව සම්පන්න වූ ගොටු අබයාණන් මැ මැදිහත් වනා හ. ගිනි ඇවිළුනා වූ දෙදවසකකට පසුවැ රාජපුරුෂයින් ලවා ගොටු අබයාණෝ ගිනි නිවා දමනා හ. එකී ගින්නෙ හි හේතූන් සොයන්නේ යම් කළෙක ද ඉදින් යවනයෝ යවනයින්ගේ මැ සල්පිල් ගිනි තබවා ගත් බැව් රාජපුරුෂයින් ලවා ඔප්පු කරවනා හ. යවනයින් හට පෙර අනුකම්පා කළ වටරැක නම් මහණෙක් පහර කා මඟ වැටී සිටුණුයේ උහු දැ ස්වයං ව මැ පහර දී ගත්හයි ඔප්පු කොටැ පෙන්වනා හ. අවසනැ රාජකීය ගබඩාවන්හි දොරගුලු හැරපියා ඉදින් පහරකෑ යවනුන්ටැ දන් දෙමැයි පිළිණ දෙනා හ.

"මෙසේ පරලොවැ ගියා වූ යවනයින් පිරිසෙක් දැ දැවුණා වූ නිවෙස් සල්පිල් ගණනෙක් දැ හැරැ මැරුවා වූ හෝ ගිනි තැබුවා වූ හෝ කිසිවෙකුත් නොවනා තැන් දක්වා මේ පැණැය විසඳුවා වූ මහත් ආශ්චර්යය දැකැ සසිරිබර මෙසිරිලක දනෝ මතු නොව සදෙව් ලොවැ දෙවියන් පවා ගොටු අබයාණන් ඉදිරියෙහි සාධුකාර දුන් නියා යැ" පවසමින් අබසරණ ජාතකය අවසන් කෙරෙන්නේ, පූර්වාපර සංධි ගලපා ගැන්ම තොපට මැ භාර කෙරෙනා හ.

Tuesday, February 4, 2014

නිදහස නම් වූ වාර්ෂික ආතල් එක | Annual facade called Independence

සැ.යු. මේ වනාහි මුහුණුපොතේ තැනින් තැන පළවූ අදහස් කීපයක එකතුවකි. අපේ ලියවිල්ලක් නොවේ. 



කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිවෙල අනුව පැමිණීම සහ ඊට කළින් පැමිණි එවුන් එන එන එකාලාව පිලිගැනීම, බෙරිහන් දීමෙන් පසුව බෑන්ඩ් ගැසීම, කොඩි ඉස්සීම, දේවෝ වස්සතු කාලේන කීම, විනාඩි දෙකක් කට වහගෙන හිඳීම, ගිය අවුරුද්දේ ලැබුණු හිඟමන් වලට වෙච්ච දේ ගැන පුරසාරම් කීම, මේ අවුරුද්දේ ජිනීවා කොහොල්ලෑ බබාට උඩ පැන ජිට් කොන්ඩෝ ෂොට් දෙන හැටි කීම, සකළ ලෝකයාම අපට කෙළින්නට බලාගෙන ඉන්නා බව කියන පැරනොයිඩ් බිය වැද්දීම, අතරින් පතරට නොදන්න දෙමළ කථා කර ලෝකයා හිනැස්සීම, යල් පැන ගිය යුද අවි පෙළපාලියේ ගෙන යාම, දවස පුරා ලේ නටන කවි, සින්දු දැමීම, ප්‍රාදේශික වශයෙන් ඉන්නා මහ ඇමති ගවයන් ඉදිරියේ ඒ ඒ පළාතේ අහිංසක පාසැල් දරුවන් පෙළපාලි යෑම, පුරන් අප්පු චිත්‍රපටිය පනස් වෙනි වතාවටත් පෙන්නීම, සුද්දෝ වී.අයි.පී කූඩාරමේ ඉන්දෙද්දී සිංහලෙන් සුද්දාට බැනීම, "මේකනේ හසන්ත නිදහස කියන්නෙ... දැන් මට මළත් සනීපයි... අපිටත් රජෙක් ඉන්නවනෙ හසන්ත" යන වදන් පෙළ අසන්නට සැලැස්සීම, පල් හොරුන්ට පිරිත් නූල් බැඳීම, යනාදි ලොමු ඩැහැ ගන්වන දර්සන රැසක් ඇතුළත් වාර්සික සොමිය හෙටත්....

"මේ වගේ දවසක පණිවිඩ පොජ්ජක් මන්දෝ කිරීම කාගේ කාගේත් සිරිතක් නිසා දැන් බුකියේ පැය ගානක් ලගිමින් මාර දුකක් විඳ අකුරු ගලපා ලියන ලද වචන සමූහයකි. හිත් වේදනා ඇති කර නොගන්න.

[ටයිම් සෝන් අනුව] අද/හෙට මාර දවසකි.

දවසේ මුලින්ම කල යුත්තේ ප්‍රීති වීමයි. ප්‍රීතිවීම ට හැක්කේ බිරිතානි දේශවාසී සකලවිධ ජනතාවට සහ උන්ගේ රටේ නාමිකව ඔටුන්නක් දාගෙන ඉන්න වංශවත් කාන්තාවටයි. රටක් හැටියට ගන්න පුළුවන් හැම රෙද්දම හූරාගෙන, මිනිරන් ටිකටත් කෙලවා මිනිසුන් අවතැන් කොට උන්ගේ ඉඩම් වල තමන්ගේ ආතල් පානය වවා උපරිම ෆන් එකක් ගෙන නිසි කල්හි බරින් නිදහස් වීම ගැනයි. එහෙම නැතිනම් තමන්ගෙන් තුනෙන් පංගුවක් පමණ වන මේ මැටි කඳට කර ගහගෙන විඳින්නට වෙන දුක ගැන සිතු විට ප්‍රීති උත්සව පැවැත්විය යුත්තේ ලන්ඩනයේය.

දෙවනුව කල යුත්තේ ස්තුති කිරීමයි. ස්තුතිය හිමි විය යුත්තේ මලාට ස්තුති කල යුතු එකෙකුට නොවේ. අල්ලපු ගෙදර ඉන්න තාම පාරේ කක්කුස්සි යන ඒ වුනාට අඟහරුට රොකට් යවන නිතරම අපට නියවන කොඩිවින කරන කාලකාන්නියාටය. කාලකන්නියා අහිංසාවෙන් අධිස්ටානයෙන් කල සටන නොවෙන්නට අපිට හෙට වැනි දවසක් එන්නේ නැත. අපේ රට තුල නිදහසක් වෙනුවෙන් හඬක් නැගු එකම මිනිහාත් රට එපාවී මහණදම් පුරන්නට ඉන්දියාවට ගිය බව පාසල් පොතක තිබුණි. ඔන්න ඔහේ ඕන එකක් කියාගෙන කීකරුව බල්ලා සේ වැටී හුන් රටකට නිදහස දුන්නේ ඉන්දියාව කියන මහා රට අතහැරි පසු ලංකාව කියන හුන්ඩුව ආයෙත් මක්කටය කියා සුද්දා සිතු බැවිනි. [ලංකාව අල්ලන්නට ඉංගිරිසිකාරයා හිතුවේද ඉන්දියාව නිසාය. ඒක වෙනම කතාවකි]. අප විසින් එකලම අවුට් සෝස් කරන ලද අපේ නිදහස් සටන කරදීම වෙනුවෙන් මහත්මා ගාන්ධි ජවහල්ලාල් නේරු මොහොමඩ් අලි ජින්නා සුභාෂ් චන්ද්‍රබෝස් වැනි අපේ [අවුට්සෝසිත] නිදහස් සටනේ නියමුවන්ට ස්තුති කල යුතුය.

තෙවනුව කල යුත්තේ කනගාටු වීමයි. එය ලාංකිකයන්ටයි. සාරය හූරා ගත්තද සුද්දා දමා ගියේ කලාපීය මට්ටමින් පාරාදීසයකි. එදා පටන් අද වෙනකම් මේක ආණ්ඩුකාරකම් කල විපක්ෂකම් කල, විප්ලව කල, ප්‍රචණ්ඩ ක්‍රියා කල, ත්‍රස්තවාදී ක්‍රියා කල සියලු දේශපාලනික ප්‍රවාහයන්ට පින් සිද්ද වන්නට අපි අද එක්දහස් අටසිය අසු දෙක දක්වා ආපසු ගොස් සිටිමු. මෙය නොවැටහේ නම් හොඳ හුස්මක් අරගෙන රූපවාහිනිය දමාගෙන පැය කීපයක් නරඹන්නේ නම් ප්‍රමාණවත්ය. ගෝල්ෆේස් එක වැනි තැනක දුවන විහිළු නාටකය බලා කාටත් තමන් ඉන්නා තැන ගැන සිතා ගත හැකිය.

සිව්වෙනුව හෙට හිතන්නට දිනයකි. කාට කාටත් හාන්සි පුටුවක හිඳගෙන හිතන්නට දිනයකි. වෙන මොකවත් ගැන නොවේ. බඩ පොත්ත දක්වා හූරාගෙන ඉන්න උන්ගේ ඉතිරි දෙකහමාරටත් අරිමින්, කුඩු කාරයින් පාතාලයින් හා ආගමික ප්‍රචණ්ඩ කල්ලි අතේ රටේ උසාවි පොලිස් තීරක බලය තබමින්, දශක ගානක් තිස්සේ වීහිලු විගඩම් නටන රටේ අනිද්දා සිට ඉතිරි කාලය ගෙවන හැටිය ගැනය. හැම නිදහස් දවසකටම පස්සේ ඉතිරි වන්නේ ඒ බියකරු සිතිවිල්ල පමණි.

සිතිවිල්ල බියකරු වැඩිනම් ජාතිකාභිමානයෙන් නිර්වින්දනය වීමට හෙට ඔබට නිදහස තිබේ."

නිදහස් දිනය in a nutshell: ගිනි අවුවේ පාසල් ළමයින්ගෙන් කරවල වේලීම... උන්ව නටව නටවා පාරේ යැවීම... පොශ් අතිගරු උතුමානන්ලා හා එම මැතිනියන්ලා සිහිල් සෙවනේ කූඩාරම් යට සිට booklets වලින් පවන් සැලීම... ලොකු තැන් එන තෙක් සිටගෙන සිටීම... එන එන එකාලාව පිළිගැනීම... බෑන්ඩ් ගසා කොඩි එසවීම...

'දේවෝ වස්සතු කාලේන- සස්ස සම්පත්ති හෝතු ච
පිතෝ භවතු ලෝකෝච -රාජා භවතු ධම්මිකෝ .....'

විනාඩි දෙකක් බිම බලන් සිටීම... හිඟා කා ගත් දේ වියදම් කළ හැටි පැවසීම... හිඟා කන්නට යන දේ ගැන පැවසීම... හිඟා කා කිරීමට යන දේ ගැන පැවසීම... විදුලි පු‍ටුවට යන සැටි ගැන පුරසාරම් කීම... බටහිර ලෝකයාව ඉන්දියන් සාගරේ අමුතු ඇටේට කෙලවන්නට සිටින බව සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම... කොලේ බලන් දෙමළ කියවීම... Iවන යුද්ධ කාලයේ පමණ භාවිතයට ගත් යුධ අවි ප්‍රදර්ශනය.... කූඩාරම් (V.I.P) තුළ සුද්දන් දමාගෙන උන්ටම සිංහලෙන් බැනීම... වැදි බණ දෙසමින් ජනසතුරන්ට පිරිත්නූල් බැඳීම and much more...!

Friday, December 13, 2013

රාජපකිස්තාන් රේස් කෝස් | The Race Course in Rajapakisthan


වතාවක් යුද්ධය, සොල්දාදුවා සහ නයිට් රේස් ගැන අප ලියු ලිපි පෙළක පළමුවැන්න වූ "දුටුගැමුණු නම් වූ මිනීමරුවා" නම් ලිපියේ අපි මෙසේ කීමු. 

ගෝල්ෆේස් එකේ
නයිට් රේස් එකට
වැලි කොට්ට අදින
සොල්දාදු මාමේ
මට කියන්
කෝ උඹේ තුවක්කුව?
(කර්තෘ අඥාතයි)



රේස් ජෝක් එකේ ඊළඟ අදියර දැන් මේ දිනවල කොළඹ නගරයේ රංග කරළියට පිවිස තිබේ. එනම් බේබිලාට රේස් පදින්නට පාරවල් වසා දැමීමයි. සාධාරණව ගත්තොත් අපි බේබිලාට දොස් කිව්වට මෙව්වා උන්ගේ වැරදි නොවේ. මෙතරම් රටේ ප්‍රශ්න තිබියදී ඒ ගැන වගේ වගක් නැතිව ඕනෑම පිස්සුවක් කෙළින්නට මුන්ට ඉඩ දී ඇති අපේ රටේ කාලකන්ණි නපුංසක ප්‍රජාවට ය, අපේ දෝෂාරෝපණය එල්ල විය යුත්තේ. හැබැයි එක අතකට මේවා ලිවීම පවා අප කරන කාලය නාස්තියකි. අප මෙවැනි කාරණා කාරණා කොතෙක් කීවත් අපේ ජනී ජනයෝ උන්ට නෙමෙයි වගේ ආතල් එකේ සිටිති. ඇත්තටම ජනතාවට මෙව්වා ගැන වදවෙන්නට වෙලාවක් නැත. කාගෙ කාගේත් සිතේ ඇත්තේ පරෙස්සමට ගෙදර ගොස් බාග රොටිය හෝ පුච්චන් කා හෙට දවස ගැටගසා ගැනීමයි. දිනපතා උසුලන්නට වී ඇති (ජීවන නොවේ) ණය බර නිසා ය, බේබිලාට කාර් පදින්නට කොළඹ පාරවල් වසා තැබීම ගැන පමණක් නොව, වෙනත් මොනම මලදානයක් ගැන වත් ජනතාවට වගේ වගක් නැත්තේ.  හැබැයි එහෙමයි කියා ජනතාවට සමාවක් දිය නොහේ. යන්තං හෝ දේශපාලන දැක්මක් ඇති අපේ එව්වෝ ද එකාට එකා සෙට් වූ විට ආඩම්බරකාර බාප්පා හට පලු යන්නට බණිති. එහෙත් සාකච්ඡාව අහවර වෙන්නේ එකම තැනකිනි: එනම් මේවා අපි කොතෙක් කතා කළත් මේ රට හදන්න බැරි බවයි. දේශපාලන අවබෝධයක් නැතිව හුදෙක් මේ රටේ ජනී ජනයාගේ වහල් මානසිකත්වයට පිං සිදුවන්නට ගොන්නු පාර්ලිමේන්තු ආවාම, සහ ඇවිත් "රට" කරවනවා වෙනුවට "රටට" කරවන්නට ගත්තාම වෙන්නේ ඔය ටික පමණකි. 

කතාවට නියම පදමට සෙට් වෙන්නට, අපේ සහෘද ලේඛක දමිත් කේතක කදිම පදමාලාවක් පළකොට තිබිණි. හුදී ජන පහන් සංවේගය පිණිස අපි එය මෙසේ බෙදා හදා ගනිමු. 



Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

මැදපෙරදිග සල්ලි වලින් නටන්නෙ බයිලා...
අධ්‍යාපනයට නිදහස් කෙළින්නෙ බයිලා...
වකුගඩු ලෙඩ ගොවියන්ටත් කියන්නෙ බයිලා......
රතුපස්වල වතුර ටිකට ගහන්නෙ බයිලා...

Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

උතුරු කොණේ නඩරාජට ගහන්නෙ බයිලා...
දකුණු කරේ සුමනසිරිට අරින්නෙ බයිලා ...
ජාතික ආලෙන් සමහරු නටන්නෙ බයිලා...
යූ.එන් ආවම උන්ටත් කෙළින්නෙ බයිලා...

Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

චීනෙන් ණය පොළියට ගෙන නටන්නෙ බයිලා....
චෝගම් වුන චාටර් එක වහන්නෙ බයිලා...
ජහ මනයා කරබාගෙන අහන්නෙ බයිලා ...
වතුර නටන කල් කකුලුවො රඟන්නෙ බයිලා....

Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

( කැරකිල... කහ, කහ , කහකහ , නැවි, නැවි )

Wednesday, July 31, 2013

මාලක සහ පරිප්පු | Malaka took the Bait

මාලක සිල්වා පරිප්පු තිබෙන හෝටලයේ දොරකඩට පැමිණ සිටී: ලක්ෂ 3 ක හමුදා සෙබළුන්ගේ ලේ කකියමින් තිබේ - කර්නල් ජයවි ප‍්‍රනාන්දු

සටහන: මේ අපේ ලිපියක් නොවේ. "ඇමතිපුතා" ෆේස්බුක් පිටුවෙන් උපුටා දැක්වීමකි. ඡායාරූපය ඔවුන්ගේ නිල පිටුවේ වත්සන ය. මේ කියන්නේ මාලක ගේ ගුටිකෑමට පෙර අතීත කතාවකි.




පසුගිය දිනක කොළඹ ප‍්‍රසිද්ධ ස්ථානයකදී අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ ඔහුගේ මැරවරයන් පිරිසක් විසින් රාජකාරියේ නියැලී සිටි යුද හමුදා මේජර් වරයෙකුට සහ ඔහුගේ සහයකයාට පහරදී මේජර්වරයාගේ ගිනි අවිය ද සොරකම් කළ බවට වාර්තා විය.මේ අවස්ථාවේදී මාලක සිල්වා සමග නැසීගිය අමාත්‍යවරයකුගේ පුත‍්‍රයෙකුද සිටි බව රෝහලට ඇතුලත් කළ මේජර්වරයා පොලිසියට කළ ප‍්‍රකාශයේ සඳහන් විය. මේජර්වරයා තුවල ලබා දැනටත් රෝහල්ගතව සිටින මුත් මාලක සිල්වා සහ ඔහුගේ මැරයන් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නොමැත. සොරකම් කරන ලද ගිනි අවිය මාලක සහ ඔහුගේ මැරයන් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නොමැත. සොරකම් කරන ලද ගිනිඅවිය මාලක සිල්වාගේ රියදුරු විසින් පසුදින පොලීසියට භාරදී ඇත්තේ අදාළ සිද්ධිය වු ස්ථානයේදී ඔහු විසින් එය අහුලා ගත් බවට ප‍්‍රකාශ කරමින්ය.

රජය සතු ගිනිඅවියක් එසේ අහුළාගෙන පසු දින තෙක් ලඟ තබා ගැනීම පවා නීති විරෝධී බව එම රියදුරා සහ මාලක සිල්වා නොදන්නවා විය හැක. ඒ ඔවුන්ගේ අධ්‍යාපනයේ තරමය. නමුත් පොලීසිය විසින් ගිනිඅවිය භාරදුන් මැරයා අත්අඩංගුවට නොගැනීම කාටත් ප‍්‍රහේලිකාවකි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් මාධ්‍යට පවසා ඇත්තේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර පොලීසිය විසින් නිසි පරීක්ෂණ සිදුකල යුතු බවයි. 

මාලිගාවත්තේ කුඞ්ඩෙකු විසින් ජාතික කෞතුකාගාරයේ තිබු කෞතුක වස්තු සොරකම් කරන ලද්දේ ඒවා විකුණා එල්.ටී.ටී.ඊ. ය නැවත පණගැන්වීමට නැවත පණගැන්වීමට මුදල් රැුස්කිරීමට යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයේදී කරන ලද ප‍්‍රකාශයත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ ඉහත ප‍්‍රකාශයත් අතර වැඩි වෙනසක් පෙනෙන්නට නොමැත. මාලක සිල්වාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවන බවට පළමු ඉඟිය පොලීසිය විසින් මෙසේ ප‍්‍රකාශයට පත් කර ඇත. එක්කෝ පොලීසිය නපුංසකය, නැතහොත් නපුංසකයන් පොලීසියේය. සබරගමුව මැතිවරණ සමයේදී කහවත්තේ සංචාරය කරනවාට වඩා මාලක සිල්වා සහ මැර පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඉන් අනතුව කැමති පරීක්ෂණයක් සිදු කිරීම පොලිස්පතිගේ රාජකාරිය බව ඔහුට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ.

මාලක සිල්වා හා මැරයන් පහර දුන් අවස්ථවේදී තමාට නිල බලයෙන් සපයා තිබු ගිනි අවියෙන් මේජර්වරයා ප‍්‍රයෝජනයක් නොගත්තේ මන්දැයි කිසිවෙකු විසින් ප‍්‍රශ්න කළ හැක. ඔහුගේ අවියෙන් එක උන්ඩයක් පිටවුයේ නම් මැරයන් අත වු සියළුම ගිනිඅවි පත්තුවන බව මේජර්වරයාට ක්ෂණයකින් ඒත්තු ගියා විය හැක. එබැවින් ඔහු ගුටි කා රෝහල්ගත වීමට හිත හදා ගත් බව පැහැදිළිය. ඔහු විසින් ආත්මාරක්ෂාව සදහා තම ගිනිඅවිය පත්තු කලේ නම්, ඔහු මුළු ශ‍්‍රී ලාංකීය සමාජයටම කළ හැකිව තිබු උපරිම සේවය ඉටු කළ අයෙකු වශයෙන් ඉතිහාසගත වන්නට තිබුනි. එලෙසම ඔහුද භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මෙන් ඉතිහාසයට එක් වන්නටද ඉඩ තිබුණි. හමුදා මේජර්වරයා එදා ගුටි කෑවත් අද ජීවතුන් අතර සිටීම භාග්‍යයකි.
මාලක සිල්වා විසින් රඟපානු ලැබු පලවෙනි දඩබ්බර රඟපෑම මෙය නොවේ. නමුත් ඔහු දැන් රඟපෑවා ඇතිය. රාජකාරියේ යෙදී සිටි හමුදා නිලධාරියෙකුට පහරදී ඔහුගේ ගිනිඅවිය සොරා ගැනීමට තරම් මාලක සිල්වා මෝඩයෙක් නම්, මින් ඉදිරියේදී ඔහු කුමකින් කුමක් කරාවිදැයි සිතා ගැනීමටත් අපහසුය. මාලක සිල්වා මෙතෙක් පරිප්පු තිබෙන හෝටලයකින් කා නොමැත. නමුත් දැන් ඔහු හෝටලයේ දොරකඩට පැමිණ සිටී. නුදුරේ දී ඔහු බඩ පුරා පරිප්පු කනු ඒකාන්තය.

හමුදා නිලධාරියෙකුට පහර දීමෙන් ඔහු කර ඇත්තේ ඔහුට ජන්මයෙන්ම උරුම වු මුග්ධ භාවය උපරිමයෙන් ප‍්‍රදර්ශනය කිරීමය. අද කකියන්නේ ගුටි කෑ නිලධාරියාගේ ලේ පමණක් නොව එම නිල ඇඳුමම අඳින ලක්ෂ තුනක් පමණ වු සමස්ථ සෙබළුන්ගේ ලේ ය. එම ලක්ෂ තුන අතරේ භාවනා යෝගීන් නැත. එනිසාම මාලක සිල්වා නුදුරේදීම පරිප්පු තිබෙන හෝටලයකින් කෑම වළකා ලිය නොහැක. හමුදා ඉතිහාසයේ මේවාට නිදර්ශණ ඕනෑතරම් ඇත.

මාලක සිල්වා මෙන් මැරයන් පිරිවරාගෙන සමාජයේ සැරිසරන කුඩු මුදලාලිලා සහ අනිකුත් දාමරිකයන් එමටය. අවාසනාවකට මෙන් ඔවුන්ගේ මෙම මැර කල්ලි වල විශ‍්‍රාමික හමුදා සෙබලූන්ද වෙති. එය ඔවුන්ගේ රැකියාවය. දරු පවුල් නඩත්තු කිරීම සදහා එවැනි පාදඩයන් හට පක්කලිකම් නොකර හිඟාකෑම වඩාත් නම්බුකාර බව එම විශ‍්‍රාමික සෙබළුන් හට අවධාරනය කළ යුතුව ඇත. මන්ද යත් අවසානයේදී පෝරකයට යන්නේ හාම්පුතා නොව තම ආත්මය විකුණන මෙම අහිංසකයන් නිසාය.

උඩතලවින්න සමූහ මිනිස් ඝාතනයේ සැකකාර අප්පොලා නිදහස් වූ නමුත් ලූතිනන් විජේරත්න ඇතුළු සෙබල කණ්ඩායම බෝගම්බරට ගාල් කෙරුනි. දුමින්ද සිල්වාගේ ගෝලබාල රංචුව අධිකරණයට ගෙනෙද්දී ඉදිරියෙන්ම පැමිණෙන්නේ උතුරු නැගෙනහිර යුද්ධයේදී අති විශිෂ්ඨ සේවාවක් කළ බණ්ඩාර නම් විශ‍්‍රාමික සෙබලෙකි. දුමින්ද සිල්වා රාජ්‍ය අනුග‍්‍රහය ඇතුව සිංගප්පුරුවේ වසයි. එම නිසා සමාජයේ පාදඩයන් හට ආරක්ෂාව සපයන සියලූම විශ‍්‍රාමික සෙබළුන් ඔවුන් පැලැඳි නිල ඇඳුමට නිග‍්‍රහ නොකොට එම රැුකියා වලින් වහා ඉවත්විය යුතුය. නැතහොත් කවදා හෝ පෝරකයට යෑමට සුදානම්න් සිටිය යුතුය.

මාලක සිල්වා විසින් උගත යුතු විශේෂ වු පාඩමක් ඇත. එනම් 88-89 වකවානුවේ මුළු රටම බය කරගෙන තුන්ඩු කෑල්ලෙන් රට කරවූ දේශපේ‍්‍රමීන්ටද වැරදුනේ හමුදාවට අත තැබු විටය. රෝහණ විජේවීරගේ මුළු සංවිධානයම කුඩුපට්ටම් වීම ඇරඹුනේ එතැන් සිටය. සෝමවංශ අමරසිංහ පමණක් අද ජීවතුන් අතර සිටින්නේ හමුදා නිළධාරියෙකු විසින්ම ඔහුව රටින් පිට කළ නිසා ය. 

අවසාන වශයෙන් හමුදාවට සහ හමුදාපතිටද මතක් කළ යුතු කරුණක් ද ඇත. පොළවල් ගානේ බණ්ඩක්කා විකිණීමෙන් සහ හන්දි ගානේ ගඩොල් බැඳීමෙන් සෙබලාගේ තත්ත්වය රැකගත නොහැක. පසුගියදා විශේෂ කාර්ය සෙබළුන් 4 කට දිවි පිදීමට සිදුවූයේ ගෙපල් කැපීමට දැමීමෙනි. විශේෂ කාර්ය බලකා සෙබලෙක් යනු සාමාන්‍ය සෙබලූන් 10 දෙනෙක් ලෙස ගණන් ගැනෙන බව නොදන්නවා විය යුතුය. සෙබලා අයිති හමුදාවට ය. හමුදාව අයිති මුළු රටටම ය. මෙය මහා රාවණාගේ හමුදාව ය. දුටුගැමුණුගේ, පරාක‍්‍රමබාහුගේ, විජයබාහුගේ හමුදාවය. ලොව බිහිසුනුම ත‍්‍රස්තවාදියා වූ ප‍්‍රභාකරන්ට අමුඩය ඇන්ද වූ හමුදාවය. මෙම කීර්තිමත් හමුදාවේ මෙන්ම සෙබළාගේ තත්ත්වය රැකගැනීම හමුදාපතිගේ වගකීමය. ‘අපි වෙනුවෙන් අපි මිස අන් කිසිවකු නැති’ බව හමුදාපති මෙන්ම සියලූම සෙබලූන් ද දැනගත යුතුය.

කර්නල් (විශ‍්‍රාමික*) ජයවි ප‍්‍රනාන්දු 
(ඩබ්.ඩබ්.වී., ආර්.ඩබ්.පී., ආර්.එස්.පී., යු.එස්.පී.*)
හිටපු විශේෂ බලකා බලසේනාධිපති

පසුවදන: එදා කර්නල් ජයවි ප්‍රනාන්දු කී කතාව අදවන විට සත්‍ය වී ඇත. එනම් මාලක පරිප්පු තිබෙන හෝටල් එකකට නොව කීපයකටම ගොස් ඉල්ලාගෙනම කා ඇත. 

Saturday, July 6, 2013

දහතුන සහ හෙළ උරුමය | 13 and JHU

මේ ලියැවෙන්නේ අද රටේ දැවෙන ප්‍රශ්නය වන බඩගින්න ගැන නොව, ඊට වඩා ආණ්ඩුවට වැදගත් වන 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ලියැවෙන ලිපි පෙළක පළමු වැන්න ය. 
සටහන: හෙළ උරුමය මේ කතාව කියන්නේ පළමුවෙනි වතාවට නොවේ. එහෙත් අතීතය නොව වැදගත් වන්නේ වර්තමානය බැවින් ඔවුන්ගේ මේ පියවරට සහයෝගයක් ලෙස, මේ මාධ්‍ය නිවේදනයට දිය හැකි උපරිම දෘශ්‍යභාවය ලබා දීමට අපි තීරණය කෙළෙමු. 

ලිපිය පළකිරීමට අවසර ලබා දුන් ජාතික හෙළ උරුමයේ ජාත්‍යන්තර සබඳතා අංශ ප්‍රධානි නරේන්ද්‍ර ගුණතිලක මහතා හට අපේ ස්තුතිය!



Tuesday, May 21, 2013

වර්ජනය අසාර්ථකයි | The Failed Strike

වර්ජනය අසාර්ථකයැයි ද, ආණ්ඩුව සාර්ථක යැයි ද මේ දිනවල මහා ගෝසෙට කතාව යනු පෙනේ. මේ "ජයග්‍රහණයෙන් මත්වී උද්දාම වන උදවියගේ ආතල් කැඩීමට අපට සිත් නොදෙතත්, උන්ගේ ආතල් වලට ගෙවන අහිංසක මිනිසුන් වෙනුවෙන් මේ වචන ටික කිව යුතුමය. මේ ඔබ දකින්නේ අපට ඉතිරිව ඇති එකම විමධ්‍යගත මාධ්‍ය වන අන්තර්ජාලය ඔස්සේ පළවූ අදහස් කීපයකි.




රජු දිගා වේවා!

අපේ ඉතිහාසයේ ඈත ඉඳන් පැවත එන එක්තරා සෙට් එකක් සිටිති; ඒ වනාහි, ඒ කාලයේ, සිය අඹුව, සිය දුවණිය, ඒ කාලයේ රට පාලනය කළ කෙනා සමග නිදි වද්දවති. ඊට පසුව, "මගේ ගෑනි, මගේ දුව අහවල් රජතුමාත් එක්ක රැය පහන් කළා" යනුවෙන් මුළු රටටම බොහොම උජාරුවෙන් කියති.. සුද්දා ආ පසු ද වුණේ ඔය ටික මය. සුද්දා ගේ සුදු හමට ලොබ බැඳි අපේ වාහෙලා එළිපිටම සුද්දන් සමග ලැග්ගා පමණක් නොව, ඒ ගැන හරිම ආඩම්බරයෙන් කියන්නට ද පෙළඹ සිටියෝ ය. අනේ ඉතින් අර ගොබ්බ රජු මොනවා කලත් සාදු, කියනවා ඇරෙන්නට වෙන මුන්ගෙන් සිදු වූ දෙයක් නැත..අදටත් ඒ පරම්පරාවෙන් පැවත එන අය සිටිති, උන් අද කියන්නේ කරන්ට් බිල වැඩි කරාට මොකද? අපේ රජතුමානේ කියා ය..

~~ලසන්ත සංජය ගෙන් උපුටා ගන්නා ලදී.

ලබ්බට තිබ්බ අතමය පුහුලටත් කියන සංකල්පය යටතේ, රාජ්‍යයට එරෙහිව ආ ලබ්බේ බලවේග මර්දනයට යොදාගත් අවනීති හා අව-සංකල්ප පුහුලේ බලවේග සඳහාද යොදාගැනෙනු ඇත. එමෙන්ම ජාතිකවාදීන් විසින් සාධාරණීකරනය කරමින් තිබුනු අතීතකාමයද මෙ මොහොතේ ආණ්ඩුව විසින් සිය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමට යොදාගනු ඇත. මේ අනුව මේ තිබෙන්නේ නිකන් සිල්ලර ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් පත්වූ ආන්ඩුවක් නොවේ. මේක මහාසම්මත රාජාණ්ඩුවකි. ජනතාව මහාසම්මතයකින් අනුමත කරනතාක් සියලු ආන්ඩු විරෝධී කටයුතු රාජ්‍ය-විරෝධී යැයි සම්මතය. කොටින්ම මහාසම්මත ක්‍රමය යටතේ 'රාජ්‍යය' (state) හා 'ආන්ඩුව' (regime) අතර වෙනසක් නැත. එහෙම වෙනස් කම් ඇත්තෙ පර-සුද්දාගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේය.
~~"රිටිගල ජයසේන"

මේ කතාවල් මැද්දට ම අපට ද කතාවක් කියන්නට සිත් විය.


එකෝමත් එක කාලෙක, සිය රදළ ස්වාමියා ගැන මහත් ආඩම්බරයෙන් අනිත් වහලුන් සමග දබර කරගත් වහලෙක් අරබයා, මේ කතාව මහළු මිනිහෙක් විසින් කීවේ ලු.


රදළ දවසක් රදළයෙක් අස්ස කරත්තයෙන් යනකොට දැක්කලු ගොවියෙක් තමන්ගෙ භාර්යාවත් එක්ක පොළට යනවා.. ඉතිං මේ රදළයාට මේ ගොවි තරුණිය ගැන සරාගී සිතක් පහළ වුණාලු. රදළයන්ට මොන තහංචි ද? ඉතිං මූ කිව්වලු අර ගොවියට, "උඹේ ගෑණිව කරත්තේ ඇතුළට නග්ගල උඹ ගිහිං අර අස්සයව අල්ලං හිටපං කොහෙවත් යන්න නොදී.. ඌට පොඩ්ඩක් මද කිපිලා.. ඒ නිසා රිදෙන්න හයියෙන් වෘෂණ කෝෂ දෙක අල්ලං හිටපං එතකොට දඟලන්නෙ නැහැ"යි කියල. අනේ අර මිණිහත් ඉතිං රදළයා තමන්ගෙ ගෑණිත් එක්ක රමණකෘත්‍යයේ යෙදෙද්දී අර අස්සයගේ වෘෂණ කෝෂ දෙක අල්ලං ඉන්නවලු. කොහොමිං හරි රදළයත් වැඩේ අහවර කරලා ගොවිය දිහාට රිදී කාසියක් විසික් කරලා යන්න ගියාලු. ගියාට පස්සේ අර ගොවියා බොහොම උජාරුවෙන් තමන්ගෙ නෝනට කියනවලු.. "ඔය දන්නවද.. ඌ හිතං ඉන්නේ මම උගෙ අස්සයගේ ඇටදෙක අල්ලං හිටියාය කියල වෙන්නැති.. මම අල්ලං හිටපු ඇටයක් නැහැ.. උන්දෑ හිතං ඉන්නවා ඇති අපි මේ එයාගෙ අත පල්ලෙන් වැටිලා කියල උගේ අස්සන්යන්ගේ ඇට දෙක අල්ලං ඉන්න.. හුහ්.. එව්වා කොහෙද මාත් එක්ක.. "
ආණ්ඩුව කියන දේ ත් එක අතකට ඇත්ත ය. වැඩ වර්ජනය අසාර්ථක ය. වෙනින් මොකුත් ම නිසා නොවේ. සමහරු හරි උජාරුවෙන් අල්ලං ඉන්නා වෘෂණ කෝෂ බිම තබ්බවන්නට අපට නොහැකි වූ බැවිනි. 

අවසාන වශයෙන් මේ කතාව පුරාවට ආණ්ඩුවට කඩේ ගිය උන්ගෙන් අහන්නට ඇත්තේ එක දෙයකි: ඔබ තවමත් පාලක අස්සයාගේ ඇටදෙක අල්ලං ඉන්නවාද?

Wednesday, May 1, 2013

මැයි ගොන්නු | The May Oxen





වසරේ හොඳම රංගොජාට හිමි ස්වර්ණ වෘෂභ සම්මානය සඳහා හේතු පාඨය: 

වසරේ තුන්සිය හැටපස් දවසේ ම ආණ්ඩුවට බණිමින් එහෙත් කියන කියන හැටියට පටි තද කර ගනිමින් එදා වේල කා ජීවත් වීම වෙනුවෙන්ද, ප්‍රශ්න අමතක කරවන්නට පෙන්වන හලාල්, නයි කෙල්ල, පොල් කෙල්ල, කටුගේ කඩුව, කන්ගැට්ටා, වැලිකඩ ප්‍රිසන් බ්රේක්, මට මතක නැහැ, අයිය පව්, ඉසෙඩ් ස්කෝර්, තෙල් බාලා වැනි සම්භාව්‍ය ගණයේ සෝප් ඔපෙරාවක්ම සහ සෑම මාධ්‍ය සංදර්ශනයක් ම කටවල් ඇරගෙන සෙවල පෙරාගෙන බලා සිටීම වෙනුවෙන් ද, සෑම මැයි දිනයකම කාගේ හෝ බත් ගොට්ටකට සහ බෝතලයකට පෙරේත කමේ සෙවල හලමින් ගොස් අහවලා දිනේවා කියා ඔළුවටත් උඩින් සරම/රෙද්ද උස්සා වටයක් කරකවා හයියෙන් තප්පුලෑම වෙනුවෙන් ද, එදාම හවහට දෙකක් වනාගෙන කණමදයා වාගෙ ගෙදර ඇවිත් ගෙදර කන්න නැතිව බඩු මුට්ටු පොලේ ගහමින් ගෑණි ඉදිරියේ චණ්ඩියා වීම වෙනුවෙන්ද, මේ රටේ දූෂක පාලක පන්තිය පමණක් නොව, උන්ගේ හත්මුතු පරම්පරාවක් ම චිරාත් කාලයක් වැජඹවීම පිණිස සිය සකලවිධ ශාරීරික, මානසික සහ ආත්මික ශක්තිය කිසිදු ලෝභ මූල චිත්තයකින් තොරව කැප කිරීමෙන් කරන ලද අතිවිශිෂ්ට ගොන්වැඩ වෙනුවෙන් මේ වසරේ මරා සම්මාන උළෙලේ ස්වර්ණ වෘෂභ සම්මානයෙන්, ඔබ පිදුම් ලබන වගයි!

Saturday, February 16, 2013

කටට දීම (Fellatio)

කට
කට යනු මනුෂ්‍ය ශරීරයේ ඇති ඉතාමත්ම වැදගත් අවයවයකි. මොන දේ කරන්නටත් කාලා ඉන්නට ඕනේ ය. ඇමීබාවන්, පහත් පණුවන් හැර අන් සියලු සත්ත්වයන් හට කටක් ඇත්තේ එම නිසාය. "එක නාම කිං" (එක යනු කුමක්ද?) යැයි ඇසු විට "සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා" යයි බුදුන් කීවේ ද එනිසාය. එහි තේරුම නම් සියලු සත්ත්වයෝ ආහාරයෙන් යැපෙන්නෝය යන්නයි. අපේ බොහෝ දෙනෙක් මෙන් නොව බුදුහු නම් එය ක්‍රියාවෙන්ම ඔප්පු කළෝය. බණ අහන්නට ආ දුප්පත් කම්කරු වැඩකරන ජනතාවගෙන් කෙනෙකු වන ගොවියකුට මුලින්ම කන්නට දීමට තරම් බුදුහු ප්‍රායෝගික වූහ. අපට එය හොඳ වෙතත් මගේ එක්තරා සමාජවාදී මිතුරකු නම් මෙය දැක්කේ ධනේශ්වර පන්තියේ ආධිපත්‍යය විදහා දැක්වීමක් ලෙසය. ඒ ගැන පසුව කතා කරමු. වැදගත්ම දෙය නම් "කණට දීමට" පෙර, "කටට (සහ බඩට) දී සිටිය යුතු බව" අද ඉන්න සුචරිතවාදීන්ට වඩා හොඳට බුදුන්ට තේරී තිබීමයි.



දීම (1)
දීම යනුද ඉතාම හොඳ  දෙයකි. පාළියෙන් ඊට "දාන" යයි කියති. ඕක කොයි තරම් හොඳද කියතොත් දෙන හැමෝම කැමති දෙන එක හැමෝටම පේන්නට දෙන්නටය. ලවුස්කීපර් දමාගෙන, බැනර් ගහගෙන, රටටම කියාගෙන දුන්නොත් මිසක් දෙන එකේ වැඩක් නැතැයි සිතීම බොහෝ දෙනාගේ ජානබද්ධ සංලක්ෂණයකි. හැබැයි ජේසුන් නම් කීවේ දකුණ'තින් දෙන එක වම'තට වත් නොදැනෙන්නට දීපං කියාය. 

දෙන එකේ ප්‍රභේද දෙකක් තිබේ. එනම් කැමැත්තෙන් දීම සහ අකමැත්තෙන් දීමයි. කැමැත්තෙන් දීම යනු තමන්ට පාඩුවක් වන බව දන දැනත් හිතේ සංතෝසමට දීමයි. එහෙම කරන්නට නම් වෙනම හේතුවක් තිබිය යුතුය. කවුරුත් නිකං දෙන්නෙ නැත. බුදුබව ලබන්නට පාරමිතා පිරෙන්නේ නැතිනම් වෙස්සන්තර රජ්ජුරුවෝ වුනත් දරුවන් දන් දෙන්නෙ නැත. මේ නිසා දෙන්නෙ කැමැත්තෙන් වුණත් ඇත්තම කතාව නම් ඒ පිටුපස ලබාගැනීමේ අරමුණක් ද ඇති බවයි. 

අකමැත්තෙන් දීම යනු දෙන්නට කැමති නැති වුණත් දෙන්නට සිද්ද වීමයි. උදාහරණයක් ලෙස චන්දය දීම දැක්විය හැක. මේ රටේ කවුරුත් චන්දය දෙන්නට කැමති නැත. චන්දය යනු කැමැත්තයි. කැමැත්තෙන් හොරු, ස්ත්‍රී දූෂකයන්, මංකොල්ලකරුවන්, පට්ට පල් කෙබරයන්, ගං කබරයන් උත්තරීතර පාර්ලිමේන්තුවට යවන්නට මේ රටේ පරමාධිපත්‍ය බලය දරන සතිමත්, බුද්ධිමත්, උගත් ජනතාව කැමති යැයි ලොවෙත් හිතන්නට බැරිය. චන්දය (කැමැත්ත) දීම යන්න විහිළුවක් වන්නේ එබැවිනි. ඒකත් හරියට ස්ත්‍රී දූෂකයෙක් දූෂණය කරන්න බලන් ඉන්නා කෙල්ලෙකු ගෙන් කැමැත්ත ඇසීම වැනිය. ඕක දුන්නත් නැතත් වැඩේ වෙන්නේ එකම දේ ය. 



දීම (2)
දෙනවා යන වචනයට වත්මන් සමාජ සන්දර්භය තුළ තවත් තේරුමක් තිබේ. එනම් "ලිංගික සංතෘප්තියට ඉඩ ලබා දෙනවා" යන්නයි. ලිංගික සංසර්ගයේ විවිධාකාර ක්‍රම රාශියක් තිබේ. අරක දීම, මේක දීම ආදී වශයෙන් ඊට නම් ද තිබේ. මෙයද අපේ සමාජයේ පමණක් දැකිය හැකි සින්ඩ්‍රෝමයකි. බටහිර රටවල නම් සෙක්ස් දෙනවා කියා දෙයක් නැත. ඒ චින්තන රටාව තුළ ඇත්තේ සෙක්ස් ගන්නවා යන සංකල්පයයි. අපේ මිනිස්සු හිතන් ඉන්නේ සෙක්ස් යනු තමන්ගේ ලිංගික සහකරු / සහකාරිය විසින් තමන්ට "දෙන" දෙයක් කියාය. ඒ තරමටම අපේ සමාජය තුළ ලිංගිකත්වය යන්න පෙට්ටගමකට දමා වහංගු කොට තබන දෙයකි. තමන්ට ලිංගික ආශාවන් ඇති බව පිළිගන්නට කවුරුත් කැමති නැත. ඒකත් හරියට "අනේ මට නම් බඩගිනි නෑ.. ඔයා දෙන නිසා කනවා.. ඔයා ආදරෙන් හදල දෙන දේ නේ".. වගේ කතාවකි. කවුරු බැන්නත්, මොන තරම් පිස්සෙකු වුණත් අශෝක හඳගම සිය "අක්ෂරය" චිත්‍රපටයෙන් කතිකා කළේ මේ දෙපිටකාට්ටු සමාජ සම්මතයයි. මෑත කාලයේ බ්ලොග් අවකාශයේ දුටු "ලයිට් නිවා නින්දට යාම" නම් වූ එක්තරා ලිපියක මේ කතාවම මීට වඩා හොඳට කියා තිබිණි. 

කටට දීම 
කට යනු හොඳ වචනයකි. දීම යනුද ඉතාම හොඳ වචනයකි. එහෙත් මේ දෙක එකතු කොට ගත් විට සැදෙන "කටට දෙනවා" යන්න තහනම් වචනයකි. වත්මන් සමාජ තත්වය තුල කටට දෙනවා යන්නෙහි සාමාන්‍ය තේරුම නම් පිරිමියකු සිය ලිංගික අවයවය වෙනත් කාන්තාවක / පිරිමියකු ගේ මුව තුළට රුවා කරන ලිංගික ක්‍රියාවයි. 

කටට දීම ඒ තේරුමෙන් ගත්තාම ද හිතන්නට ගොඩක් දේ තිබේ. පළමුවෙනි වැදගත්ම දේ නම් කටට දුන්නාම ඒක ගන්නා එකාට කතා කරන්නට බැරි වීමයි. ඒ නිසා කියන්නට දහසක් දේ තිබුණත් ඒ කිසිවක් කියා ගන්නට බැරි වීමක් එහිදී සිදු වේ. කොහොමත් කටේ මොනවා හෝ තියෙද්දී කතා කිරීම හොඳ නැති ක්‍රියාවකි. ඒ නිසා කටේ මොනවා හෝ තියෙද්දී කියන වචන සේරම (හරිනම්) තහනම් වචන වේ. 

මේ සියල්ල ලීවේ අද වන විට මේ රටේ ක්‍රියාත්මක වන දේශපාලන න්‍යායක් ඔබට හඳුන්වා දීම පිණිසය. සෑහෙන කාලයක් තිස්සේ අපේ රටේ දේශපාලනය හඳුන්වා දීමට සුදුසු මොඩලයක් නැතහොත් ආකෘතියක් සොය සොයා හිටියත් එහෙම එකක් මේ වන තුරු ලැබුණේ නැත. නමුත් මේ ළඟදී අහම්බෙන් අප මිතුරකු අප සියලු දෙනා ඉන්න තැනක කී යම් කතාවකින් පසුව ඒ කතාව මොන තරම් ගැලපෙන්නේ දැයි සිය දහස් වර කල්පනා විය. මේ ලිපිය ලියවෙන්නේ අන්න ඒ අරමුණෙනි. හෙවත් අද්‍යතන ලාංකීය සමාජයේ ක්‍රියාත්මක දේශපාලන මාදිලිය පහදා දීම සඳහා ආකෘතියක් යෝජනා කිරීමටය. 


දේශපාලනික කටට දීම 
අද මේ රටේ සියලුම දේශපාලන පක්ෂ සහ පුද්ගලයන්ගේ දේශපාලන මොඩලය වී ඇත්තේ කටට දීම සහ ගැනීමයි. උදාහරණයක් ලෙස මීට ටික කලකට පෙර ජාතික චින්තනය සහ සිංහල බෞද්ධ චන්ද පදනම වෙනුවෙන් බෙරිහන් දෙමින් සිට, සෝම හිමියන්ගේ (මහින්දට මහින්ද යයි කියන මා සෝමට සෝම යයි නොකියා කට පුරා සෝම හිමි යයි කියන්නේ හේතුවක් ඇතිවය) මිණිය පිටින් පාර්ලිමේන්තු ගත වූ හෙළ උරුමය සැළකිය හැකිය. එදා මහා හයියෙන් ආණ්ඩුවට රිමෝට් කොන්ට්‍රෝල් එකක් හයි කරන්නම් කියා ආණ්ඩුවට අත දුන් ඔවුන්ට අද කට පූට්ටු වී ඇත. හෙවත් ඔවුන්ට "කටට" යමක් "දීලා" තිබේ. නැතිනම් මේ දිනවල හොට්ම ටොපික් එක වන බොබසේ ගනිමු. සාරුව සුනිල්ගේ ගේ වටලනවා, වරෝ, වරෝ කියමින් සෙනග රැස් කළාට වටලාපු ගෙයක් නම් නැත. ඒ ගැන ඇසුවාම ඥාන-සාර (අපි කියන විදියට නම් "නාන - සාර") හට කට උත්තර නැත. ඒ කියන්නේ ඔහුටද කවුරුන් හෝ කටට දී තිබේ. 



ආණ්ඩුවට කොන්දක් සපයන්නම් කියා පැනගත් ජවිපෙට වූ දෙය නම් හතුරෙකුටවත් සිදු නොවිය යුතුය. කටට දුන්නා පමණක් නොව, ඔවුන්ට සිදු වූයේ තමන් ළඟ හිටි හොඳම කට ආණ්ඩුවට නිකම් දී කටක් නැතිව ගෙදර එන්නටය. අද විමලෙ මල්ලී ලස්සනට සහ කලාවට සිය කට පාවිච්චි කරමින් සිටී. කටක් නැති ජවිපෙට සිදු වූයේ පළමුව ජානිපෙ (පංචායුධ කාරයන්) සහ දෙවනුව පෙසපෙ (හෙවත් පෙරටුගාමීන්) අතින් මාරුවෙන් මාරුවට කටට ගන්නට සිදු වීමයි. 


ඔන්න ළඟදී චම්පික ගේ නම් කට ඇරී තිබේ. මෙතෙක් කල් ආණ්ඩුවේ කුණුගොඩක් කටට අරන් හිටි ඔහුට, දැන් විවේකයක් ලැබී ඇත. චම්පිකගේ කට වැසීම පිණිස කටට දී තිබූ විදුලිබල ඇමතිකම දැන් කටට අරන් ඉන්නේ පවිත්තරා දෙවින්නාන්සේය. ඇමැති කම නොවේ පුරාවිද්‍යා චක්‍රවර්තිකම තිබුණත් කටට දුන්නාම ඉබේම කට වැසේ. කොටින්ම දැන් වැද්දෝ පවා කටක් අරින්නේ නැත. 

කටට දීමේ සහ ගැනීමේ මාතෘකාව තුළ කතා නොකරම බැරි චරිතයක් වන පොනිල් අක්‍රමසිංහ ගැනද වචනයක් හෝ කිව යුතුය. මේ රටේ ඔහි තරම් කටට ගැනීමේ ශූරයෝ තවත් වේ යයි සිතන්නට අමාරුය. මන්දයත් සාමාන්‍ය එවුන් කරන්නේ එකෙක් කටට ගැනීමයි. නමුත් පොනිල්ගේ වැඩ නිසා මුළුමහත් පක්ෂයක්ම එකා මෙන් (සමහරු නම් දැන දැනම සහ සමහරු නොදැන) කටට ගෙන මුඛ පූට්ටු වී සිටිති. වාසනාවන්! 



මේ අතර සමහරු නම් කරන්නේ කටට ගැනීම නොව, කට ගැනීමයි. ඒ කියන්නේ කට ඇතුළට දේවල් ගැනීම නොව, කටෙන් එලියට දේවල් දැමීමයි. කෙනෙකුට අවැසි නම් මේවා "දිව දැමීම" ලෙසද හැඳින්විය හැක. දිව දැමීම වනාහී මාධ්‍ය ක්ෂේත්‍රයට පමණක් සින්නක්කර ජොබක් ලෙස සැලකුණි. ඒ ඉස්සරය. දැන් නම් එහෙම නැත. දැන් පාර හෝදන එකාගේ සිට මහාචාරියා දක්වා සියල්ලෝම දිව දැමීමට දනිති. එහෙත් මේ ජොබ සිරාවටම කරන්නෝ නම් මාධ්‍ය කරුවෝ වෙති. මේකෙදී කෙරෙන්නේ තමන්ගේ දිව පාවිච්චි කොට සල්ලි තියෙන උන්ට ආතල් එක ලැබෙන පරිදි දිව එහෙට මෙහෙට නැටවීමය. කටට ගැනීමට වඩා දිව නැටවීම මාර ආතල් ය. කටට දීමේදී ගන්න එකා සයිලන්ට් වේ. එනිසා ඒ තරම් ආතල් එකක් නැත. නමුත් දිව දීමේදී එහෙම නැත. දිව නටවන අතර ඉතාම වියත් හරවත් වදනින් කණ පිනවන සුන්දර වදන් පැවසීම නිසා මේක ඒකට වඩා ජොලිය. ඇහින්ද ගොඩේ සුන්දරයා, නාන්නේ නැති හඩ්ඩා, බියර් මාදුවා, හසන්තගේ සූරී, මොණරපිල් සඳරුවා වැනි පිරිස මේ ජොබ වෘත්තීය මට්ටමින් කරගෙන යන්නෝ වෙති. 

එතකොට අපි? 

ඇත්තටම වැඩියෙන්ම හිනා යන දේ නම් මේ රටේ මොන දේ කරන මොකාටත් වඩා කටට ගෙන ඇත්තේ මේ රටේ මහජනතාව වීමයි. කන්න දොතේ නැතත්, බඩ පොත්ත පිට පොත්තට ඇලුනත්, මේ රටේ ජනතාව "මීක්" තරම් වත් වචනයක් නොකියා දිගටම ලැබෙන සොච්චම් පනම් කාසිය "කටට ගෙන" සිටිති.

කතාව කියා ඉවර බැවින් ගීයක් ඇසීමට සිත් විය. මෙතන ගැළපෙනම ගීය නම් "මාස්ටර් සර්" ගීයයි. මේ ගීය සහෝදර සමාගමේ සාදර අනුග්‍රහයෙනි. මඳ උත්සාහයකින් පසු පැරණි පිටපතක් සොයා ගතිමි. ජය!