logo banner
Showing posts with label ජාතිකත්වය. Show all posts
Showing posts with label ජාතිකත්වය. Show all posts

Tuesday, November 18, 2014

අරලිය මඩුවේ සාදය | Party at Temple Trees

[නිර්මාණ අයිතිය රුවන් නෙළු]



(උදේ 10.00)
සිහල ලියා බොදුනු ලියා
මාව දමා යන්න ගියා
රතන ලියා .... පාටලියා ....
රතන ලියා .... පාටලියා ....
රට සීතල ගඩ්ඩ කොබා
හැම රෙද්දෙ ම ඔළුව ඔබා
නිමවෙයි ගොඩ දැමුම මෙමා
පාටලියා
මාව දමා යන්න ගියා
රට එක් කළ මමය රජු
අද රජ නෙතු කඳුළු බිඳු
ආධාරෙන් උඹත් හැදූ
රතන ලියා
මාව දමා යන්න ගියා
නානසාර ළාඟ හින්දා
ඉවසමි මම දුක නින්දා
උපන් දිනේ මා අන්දා
පාටලියා
මාව දමා යන්න ගියා ....

(රාත්‍රී 10.00)
උඹ අතුරලියේ, මන්ද මෙසේ
මී රැළ සේ යන්නෙ ඇදී
මෑත සයුරෙහී ගිලෙනා
නැවද මම සුදූ ...

උඹලා කත් ඇදලද මම දිනුවේ
විමලා මර්වින් නමටද හිටියේ //
මගෙ පවුල් සමාගම තියෙන තුරා
ඔය මොකා ගියත් නොසැලෙමී මෙමා

උඹ අතුරලියේ .....

අද මෙන් හෙට මහරජ වී හිඳිමි
අඟුරෙන් පාටලියට රිටන් දෙමී //
බොදු බලු සේනාවෙන් ගොඩට යමී
පනිනා මීයන් දැක සිනාසෙමී

Saturday, October 25, 2014

භික්ෂුව සහ දේශපාලනය | Bhikku Politics



භික්ෂුව දේශපාලනය කිරීම ගැන බොහෝ තැන්වල අප විසින් මතුකරන ලද අදහස් කීපයක් එකට එකතු කර දක්වන්නේ, නැගී එන ජනපතිවරණ ඡන්ද උණුසුම සමග බොහෝ දේ වෙනස් වී ඇති නිසා ය. මෙසේ වෙනස් වී ඇති බොහෝ දේ අතර, ප්‍රධාන තැනක් ගන්නේ භික්ෂු චර්යාව වන අතර, ඒ අනුව භික්ෂු චර්යාවේ ජනයාට කැපී පෙනෙනම ලක්ෂණය වන බණ කියන ශෛලියේ වෙනස් වීම ම හොඳ අධ්‍යයන නිමිත්තකි. එදා සිය නිවුණු ස්වරයෙන් රටක් සැනසූ පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජා සහ ගංගොඩවිල සෝම හිමියන්ගේ තාර්කික විශ්ලේෂණ වෙනුවට, අද සියල්ල පරදවා මතුව ඇත්තේ මහා කුණුහබ්බ සුත්‍ර දේශනාවයි. මෙකී කුණුහබ්බ දේශනාවලින් යුටියුබ් සිංහල සිංහල ගොසිප් පුවත් නාලිකා පිරී ඉතිරී යන බැවින් ඒවා යළි මෙහි පළකිරීමේ සෙතක් නොදකිමු. එහෙත් පසුගිය දෙතුන් වසර තුළ බොහෝ දේ වෙනස්ව ඇති බව නම් සත්‍යයකි. බොහෝ දේ වෙනස් වුණාට කමක් නැත, බුද්ධ ශාසනය විනාශ කරන්නේ නැතිව කරන්නේ නම්. එහෙත් අහන අහන අත, දකින දකින අත අපට පෙනෙන්නේ බුද්ධ ශාසනය, එතුළම වෙසෙන කඳපණුවන් විසින් කා දමන ආකාරයයි. 

කතාව පටන්ගන්නට පෙර අපි භික්ෂුව කවුදැයි බලමු. භික්ෂුව යනු කවුද? භ + ඉක්ෂු = එනම්, භය දකින්නේ භික්ෂු නම් වෙයි. දකින්නේ වෙන මොන බයක් වත් නොව සසර බය ය. සසර බය දකින භික්ෂුවට වෙන මොන කෙහෙල්මලක් වත් පෙනෙන්ට විදියක් නැත. එවැන්නකු හට දේශපාලනය ද අරකද මේකද මේ සියල්ල වැඩක් නැති හිස් ප්‍රලාප ය. ලොකුම බය ලෙස එහෙම සසර බිය පේන්නෙ නැත්නම් හෙතෙම චීවරය දැරිය යුතු ද නැත. මන්ද ඔහු භික්ෂු යන්නෙහි වචනාර්ථය පවා නොදන්නා බැවිණි. එසේ සසර බිය දකිමින් සසරින් මිදෙන්නට හදන භික්ෂුව ඇරෙන්නට වෙනත් භික්ෂුන් ඉන්නට විදියක් ද නැත. මන්දයත් භික්ෂු යන වචනයේම අර්ථය වන්නේ සසර බිය දකින පුද්ගලයා යන්න නිසා ය. ඉතිං එවැනි පුද්ගලයකු දේශපාලනය කිරීමට යාම මොන විහිළුවක් ද?

භික්ෂුවට පුද්ගලික ජීවිතයක් නැත. එසේ පුද්ගලික ජීවිත ඇත්තේ ගිහියන්ට ය. භික්ෂුව යනු දහදිය මහන්සියෙන් හරිහම්බ කරගෙන කන මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් උපන්නා වූ දෙයින් යැපෙන්නෙකි. භික්ෂුව යනු තම කය උදෙසාවත් ජීවත් නොවන්නෙකි. භික්ෂුව ආහාර ගන්නේ ද, "මේ ආහාරය මාගේ ශරීර ශෝභාව පිණිස, කය පුෂ්ටිමත් වීම පිණිස නොගනිමි, හුදෙක් කෙළෙස් දුරුකර නිවන් දකිනාතුරා ජීවත් වීමට පමණක් ආහාරය ගනිමි" යයි ප්‍රත්‍යවේක්ෂා කොට ය. එවැන්නකු ගිහි ජීවිතයේ අමාරුම ජොබ් එක වන දේශපාලනය කිරීමට උත්සාහ කිරීම කොහෙත්ම හිනා නොයන විහිළුවකි. 

දේශපාලනය කිරීම බෝධිසත්ත්ව ලක්ෂණයක් යැයිද සමහරු අර විහිළුවට උඩින් තවත් විහිළුවක් සපයති. ඔවුන්ට මතක නැතුවාට, සිදුහත් බෝසතුන් පෙරකල ක්ෂත්‍රිය මහාසාර කුලයක ඉපිද, උපතින්ම ලද පුබ්බේ නිවාසානුස්සති ඥාණය හේතුවෙන් පෙර කල රජව ඉපිද මිනිසුන් ගේ අත්පා කපා දඬුවම් කිරීමෙන් කරගත් පාපය ගෙවන්නට සිද්ද වූ හැටි දැක, රජකම කෙරෙහි බියට පත්ව, උපතින් උරුම රජකම එපා කියන්නට බැරිකමට, ගොලුවෙක් බිහිරෙක් සේ රඟපෑ අවස්ථවක් ද ජාතක පාළියේ එයි. රජකම බෝසත් සිරිතක් නම් එසේ කළේ මොන මගුලටද කියා දැන් ඇසිය යුතුය. එසේම, සිදුහත් කුමරුන් පැවිදි වුණේ සත් දවසකින් ලැබෙන්නට නියමිතව තිබුණු සක්විති වත අතහැර බව පූජාවලියේ දැක්වේ. එසේනම් ඔය කියන ලෝකානුකම්පා චර්යාව ඒ විදියට කරන්නට තිබුණා නොවැ.. අපරාදෙ දේ අර දරුවා සහ භාර්යාව අතහැරලා වනගත වුණේ.. අපේ එකෙක් ඒ කාලයේ සිදුහත් කුමරුගේ ඇමතියා වෙලා හිටියා නම් ෂුවර් එකටම කියන්නේ "යන්න එපා දේවයිනි, එක්කෝ සක්විති වත පුරන ගමන් පිළිවෙත් පුරමු, නැත්නම් සිවුරේ ඉඳන් දේශපාලනේ කරමු" කියා වෙන්ටෑ! 

දේශපාලනය කිරීම යනු පාර්ලිමේන්තු ගතවීම පමණක් නොවේ. සිවුරේ ඉඳගෙන ම ජාතිවාදී අදහස් දැරීමද දේශපාලනයක්ම වෙයි. භික්ෂුව යනු ජාති ගෝත්‍රවාද සියල්ල බිම තැබුවෙකි. භික්ෂුවට ජාතියක් තිබිය හැකිනම් ඒ කවර ජාතියක් ද? ඒකාන්තයෙන්ම ඒ ආර්ය ජාතියම පමණකි. ආර්ය වන්නේ කෙසේද යන්න ගැන අපේ වීරයන්ට පැහැදිලි අදහසක් නැත. වෙලාවකට සියලු උපසම්පදා භික්ෂුන් යයි කියති. වෙලාවකට සෝවාන් වත් වෙලා තිබිය යුතුයැයි කියති. අවස්ථාවේ හැටියට කෙළින පචය වෙනස් වෙයි. කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට ඉතාම සරල පිළිතුරක් අංගුලිමාල සුත්‍රයෙන් ලැබෙයි. අඟුල්මල් හිමියෝ අර ගැබ්බර කාන්තාවට සෙත් පතන්නේ, "නැගණියනි, මා යම් දිනෙක ආර්ය ජාතියේ උපන්නාද, එදා සිට..." යනුවෙනි. ආර්ය ජාතියේ උපන්නා යනුවෙන් උන් වහන්සේ අදහස් කරන්නේ මාර්ග ඵල ලැබීම නොවන බව තේරුම් ගන්නට රොකට් සයන්ස් අවශ්‍ය නැත. මේ කියන්නේ යම් දිනෙක තමා බුදුසව්වෙකු වුණා නම් එදා සිට යන අර්ථයෙනි. වැඩිපුර විස්තර පහාරාද සුත්‍රයෙන් දැක්වේ. එහිදී බුදුහිමියෝ පැහැදිලිව මෙසේ කියති. "ගංගා යමුනා අචිරවතී සරභූ යන මේ කවර ගඟේ ජලය මුහුදට ආවත්, එතැන් පටන් එයට කියන්නේ එකම මහා සමුද්‍රය කියා ය. එසේම, සතර වර්ණයන්ගෙන් කවර වර්ණයෙන් පැවිදි වුණත්, පැවිද්දෙන් පසු ඔවුන් හඳුන්වන්නේ එකම ශ්‍රමණ සක්‍යපුත්‍රීය යන නාමයෙන්" කියා ය. වාසි හැටියට බොරු දෙසාබාන හුජ්ජාතිකවාදීන්ට පහාරාද සුත්‍රය පෙන්නන්න බැරි මෙන්න මේ ටික නිසා ය. 

පැහැදිලි මදි ද? කරුණාකර අම්බට්ඨ සුත්‍රය ගන්න. එහි පැහැදිලිව මෙසේ කියවේ. "යමෙක් ජාතිගොත්‍ර වලින් ගටා කතා කරනවාද එවැනි කතාවල් ඇතිවන්නේ මගුල් තුලා වලදී. එහෙම ඉන්න ඒ පුද්ගලයා සසරට බැඳිලයි ඉන්නේ, ඔහු අනුත්තර විජ්ජා චරණ සම්පත්තියේ නම් නෙමෙයි ඉන්නේ". මේ මගේ වචන නොවේ, මේ තථාගත සම්මා සම්බුද්ධ වචනය ය. ඒ අනුව, තාමත් භික්ෂුවට ජාතිගොත්‍ර තිබෙන්නට පුළුවන් කියන උදවියගෙන් "මොන මගුලක්ද" කියා ඇසීමේ කිසිදු වරදක් නැත. මන්ද ජාති ගෝත්‍ර විමසන්නේ මගුලට මිස නිවනට නොවන නිසා ය. 

සමහරු තවත් පියවරක් ඉදිරියට ගොස්, බුදුරජාණන්වහන්සේ ද ජාති ගෝත්‍රවාද අනුමත කළ කතාවක් කියති. ඔවුන්ගේ ජනප්‍රියම උදාහරණය වන්නේ අග්ගඥ්ඥ සුත්‍ර දේශනාවයි. බුදුන් වහන්සේ අග්ගඥ්ඥ සුත්‍රය දේශනා කළේ චතුර්වර්ණ අතරින් බ්‍රාහ්මණ වර්ණයම උතුම් වන්නේය කියා සිතා සිටි පුද්ගලයකු හට, එය එසේ නොවේය, ඉතිහාසය ඇසුරින් ගතහොත් වඩා උත්තම වන්නේ ක්ෂත්‍රිය වංශය බව පෙන්වීමට ය. මිසක් බුදුන් වහන්සේ සිය ගෝත්‍රය ගැන පාරම්බෑමක් එතැන නැත. තමා හැදු පිය මහරජුට ද බුදුන් වහන්සේ මුහුණටම කිව්වේ, "මහරජ, ඔබේ වංශය ක්ෂත්‍රිය වංශයයි, තථාගතයන්ගේ වංශය බුද්ධ වංශයයි, මා පිළිපදින්නේ බුද්ධ වංශයේ සිරිතයි" කියා ය. එහෙම කියූ බුදුන් වහන්සේ ආයෙම වෙන තැනක "මගේ ගොත්තරේ තමා උතුම්" කියන්නේ නැත. 

ගොත්‍රවාදීන්ගේ තවත් ජනප්‍රිය උදාහරණයක් වන්නේ විඩුඩභ කුමරුන් ශාක්‍යයන් වනසන්නට යද්දී, ශාක්‍ය දේශසීමාවේ දී බුදුන් වහන්සේ කළ ප්‍රකාශයයි. ශාක්‍යයන් නසනු පිණිස සිය සේනාව සමග ශාක්‍ය දේශ සීමාවට ආ විඩුඩභ කෝසල කුමරු, බුදුන් වහන්සේ කාෂ්ඨක අව්වේ සිටිනු දැක, "වහන්ස, මෙතරම් සෙවණ ඇති ගසක් තිබියදී ඔබ වහන්සේ මේ අවුවේ ඉන්නේ මන්දැයි" විමසු බවත්, "කිඹුල්වතින් හමා එන සුළඟ ඉතාම සුවදායක ය" යනුවෙන් බුදුන් වහන්සේ ඊට උත්තර දුන් බවත්, විඩුඩභ කුමරු ඒ අසා ආපසු හැරී ගිය බවත් සඳහන් වේ. මෙතනදී බුදුන් වහන්සේ අර ප්‍රකාශය කළේ, විඩුඩභ කුමරුන් මහා පාපයක් කරගන්නවා වැළක්වීමට මිසක සිය ඥාතීන් හෝ ශාක්‍ය ගෝත්‍රය කෙරෙහි හෝ වූ අමුතු කරුණාවකින් නොවේ. එයද අර කිසාගෝතමියට අබ සොයන්නට කීවා සේම, චුල්ල පන්ථක තෙරුන්ට අවුවේ සිටගෙන රෙදිකඩක් පිරිමදින්නට කීවා සේම, අංගුලිමාලට "මම නැවතී සිටිමි, ඔබත් නවතින්න" කීවා සේම සම්‍යක් ප්‍රයෝගයකි. මිසක් වෙන ගෝත්‍රවාදයක් ඔතන නැත. 

ඒ කාලයේ ශික්ෂා පද මේ කාලයට ගැළපෙන්නේ නැතැයිද, ඒවා වෙනස් කරගැනීමට අවශ්‍ය නම් අවකාශ ඇතැයිද සමහරුන්ගේ තර්කය වෙයි. කාලයට අවැසි පරිදි වෙනස්කර ගන්නට බුදුහිමියන් පිරිනිවන් මංචකයේ දී අවසර දුන්නේ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද වලට ය. ඒ කියන්නේ කුඩා අනුකුඩා සිකපද ය. එහෙත් ඒ කුඩා අනුකුඩා සිකපද කවරේද යන්න අසාගැනීමට ආනන්ද හාමුදුරුවන්ට හැකියාවක් ලැබුණේ නැත. ඇත්ත වශයෙන්ම ආනන්ද හිමියනට බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එල්ල වූ චෝදනා පහෙන් එකකි, ඛුද්දානුඛුද්දක සිකපද අසා නොගැනීම. එබැවින් බුදුන් ධරමාන කාලයේ වෙනස් කළ සිකපද මිසක, බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නම් ථෙරවාද සම්ප්‍රදායය තුළ එදා මෙදාතුර කවමදාකවත් සිකපද වෙනස් කරගැනීමක් සිදුවී නැත. එසේ කළ හැකියැයි යමෙක් කියන්නේ නම් එය ගල් පැලෙන පට්ටපල් කෙබරයකි. 

භික්ෂුව සිංහලකම පෝෂණය කිරීම වරදක් යයි අප කිසිදාක කියන්නේ නැත. ලංකාවේ බුදුසසුන රැකෙන්නේ සිංහලකම තිබෙන තුරු ය. එබැවින් ශාසනයේ ආරක්ෂාව ගැන සිතා, ගිහි දායකයන්ට අවවාද අනුශාසනා කිරීමේ වරදක් නැත. එහෙත් එය කුල දූෂණය දක්වා යන තැනට නොආව යුතුය. කියන එක වචනයක් හෝ වෙයි නම් එය හුදෙක් බුදුසසුන වෙනුවෙන්ම කියන්නට හැකිනම් පමණක් එසේ කිව්වාට කමක් නැත. බැරිනම් කටවසාගෙන සිටීම වඩාත් උචිත ය. මන්දයත් අග්ගික්ඛන්දොපම සුත්‍රයට අනුව, එසේ නොවන මහණුන් හට ගිලින්නට වෙන්නේ ලොහොගුලි බැවිණි.

Friday, October 24, 2014

රනිල් මාමේ, උඹ මාර පොරකි | Ranil you are such a badass




හිතාදර රනිල් මාමේ,


උඹ නම් මාරම පොරකි.. එසේ මෙසේ පොරක් නොව ලංකාවම හන්ටර් වන තාලෙ පොරකි.. උපාසක බළලා වගේ ඉඳන් මීයො දෙන්න තුන්දෙනා නොව හැත්ත බුරුත්ත පිටිංම අල්ලන තාලෙ පොරකි..


දමිළ කොටි විමුක්ති සංවිධානය හෙවත් LTTE සංවිධානය කියා එකක් මේ ලංකාවෙ තිබුණා උඹ ඒ කාලෙ දන්නවා ද අපි නොදනිමු.. (ඔව් ඔව් අර පර්සි මහත්තය තනියෙන් යුද්ද කරල දිනුවෙ.. හමුදාපති කෙනෙකුත් නැතුව.. ඒක තමා..) ඔය සංවිධානයේ ජාත්‍යන්‍තර ජාලය සහ ඒකට සල්ලි පොම්ප කොරන දමිළ ඩයස්පෝරාව කියන්නෙ එසේ මෙසේ එව්වා නොවේ ය.. විමල් විහිළුවංශ මාමා කියන හැටියට නම් අපේ රට බාබකිව් කරන්න බලාගෙන ඉන්නා බහුජාතික® අධිරාජ්‍යවාදී® කුමන්‍ත්‍රණකාර® ඩොලර්කාක්කන්ගේ® (තනි වචනයකි) මහා බලසම්පන්න ආයුධයකි ඕක.. විෂ්ණුගෙ චක්‍රායුධයට වත්, බ්‍රහ්මයාගෙ බ්‍රහ්මශරයට වත්, කොටිංම යම රජ්ජුරුවන්ගෙ යම දණ්ඩටවත් ඔය සෙල්ලක්කාරයන්ගෙ අංචි එක්ක හැරෙන්නට වත් බැරිය..
එහෙව් මහාබලසම්පන්න උත්තමයන් වාන්සේලාගෙ අචින්තනීය චිත්ත සංතානයට කිමිදිලා ඒ උත්තමයන්ගෙ හිත වෙනස් කරන්න පුළුවන් නම් ඌ පොරක් නොව, අම්බ පොරක් විය යුතුය.. එහෙම පට්ට හැකියාවක් මට තිබුණා නම් අම්මප මෙහෙම මාස්පඩියට කඹුරන්නෙ නැතුව කැනරි අයිලන්ඩ්ස් හෝ මයාමි පැත්තෙන් පොඩියට පොල් අතු පැලක් අටවාගෙන, කිරි කිරි කෑල්ලක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්නවා මිසක, උඹ වාගෙ ඡන්ද දාහතරක් පැරදිලාත් මේකෙ ලැගලා ඉන්නෙ නැත..


නමුත් උඹ පොරක් පමණක් නොව මාර සිරා බොක්කෙ පොරකි.. දැන් බලන්ඩ අර ක්‍රිස් නෝනිස් මහත්තයාගෙ කඩ්ඩටවත්, ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාගෙ දර්ශනේටවත් පුළුහං වුණාද ඔය තරමෙ වික්‍රමයක් එකපාර කොරගන්ඩ.. අර හිච්චි නිවේදකයාට කෙළින්ඩ නෝනිස් මහත්තයට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියෙන් තුන්කාලක් වියදම් වුණා.. එහෙව් එකේ මන්ත්‍රීලා ඇමති ලා ගැන කවර නම් කතා ද.. ඒත් රනිල් මාමෙ, උඹ යුරෝප් ගෙහුං දවස් හතෙන් කොටි තහනම ඉවත් කරවන්ඩ උඹට පුළුවන් වුණා ය.. යකඩො ඔහොම හැකියාවක් උඹට තියෙනවා කියලා අපි දන්නෙ අද ය.. මට මාර ජෙලස් ය.. උඹලා වාගෙ ගේම්කාරයො විපක්ෂෙ ඉන්න එක ගැන පර්සි මහත්තයා බය වෙන එක සාදාරණ ය.. විමල් මහත්තයා වගේ පචායුදයක්--අයි මීන්, පංචායුදයක්-- මටත් තිවුණා නම් කියා මට දැන් හිතෙන්නේ ය..


මට තියෙන එකම පුරස්නෙ නම්, මෙච්චර සිරා ඉන්ටනැෂනල් ගේම් දෙන්න පුළුහංකම තියාගෙන උඹැහැ මොන මගුලට එකදිගට ඡන්ද පරදිනවා ද කියා ය.. අපේ සුපිරි තානාපතිලා දශක ගණනක් මහන්සි වී, පර ෂුද්දන්ට නොවඳිනා වැඳුම් වැඳලා තහනම් කොරගත්ත එක, එක විසිට් එකෙන් ආපහු කැන්සල් කරවන්න තරම් ටැලන්ට් එකක් තියාගෙන උඹ මොන මගුලට විපස්සෙ ඉන්නවා ද කියා මට තේරෙන්නෙ නැත.. ඒ නිසා මගෙ පුංචි මොළේට වැටහෙන විදියට උඹ මේ කරන්නේ ද ගේමකි.. රට්ටු කතන්දර කියන්නේ උඹහැ පර්සි හාමුගෙන් පඩි ලබනවා කියා ය.. මේ යන විදියට මට නම් තේරෙන විදියට පර්සි හාමුට පඩි ගෙවා උඹ වෙනුවට රට පාලනය කරවන්නේ උඹ ය..

Saturday, August 16, 2014

නලින් මාමා සහ බෑණාවරු | Uncle Nalin and his Nephews

(ප්‍රවීණ ලේඛක චානුක වත්තේගම විසින් සිය වත්පොතේ තබන්නට යෙදුණු සටහනකි.)



නලින් ද සිල්වා මාමාට ෆේස් බුක් බෑනාවරු බොහෝ වෙති. මේ බෑනාවරුන්ගේ දැනුමේ වපසරිය කෙතෙක් සීමාසහිතද යත් ඔවුන් සිතා සිටින්නේ 'ජාතික චින්තනය' යනු මාමාගේම, තනිව මාමාගේම වැඩක් බවය. මාමාගේ උදාහරණ, අදහස්, යෙදුම් නැතිව වාක්‍ය දෙකක් වත් ලියා ගන්ට බැරිකමින්ම එය පැහැදිළි වේ.

අද අප 'ජාතික චින්තනය' නමින් දන්නා ඊනියා දර්ශනයක් වේද (එහි වලංගු අවලංගුභාවය මෙතැන සාකච්ඡා නොකෙරේ.) එහි ආරම්භය හැත්තෑ - අසූ ගණන් වලට හා සමහර ඊටත් පෙරට ට්‍රේස් කළ හැකි බව සඳහන් විය යුතුය. නලින් ද සිල්වා මේ බෑන්ඩ්වැගන් එකට පසුව ගොඩ වූ කෙනෙකි. ඉන් පෙර එය පෝෂණය කළ පිරිස බොහෝය.

"ජාතික චින්තනය" යනු හැත්තෑව දශකයේ මැද හරියේ ගුණදාස අමරසේකර විසින් නිර්මිත යෙදුමකි. ඔහු මේ තේමාව යටතේ ඇත්ත පත්තරයට දීර්ඝව ලිපි පෙළක් ලිව්වේය. එවක ඔහුට විරුද්ධ පිළේ ට්‍රොට්ස්කිවාදියකු වූ නලින් එහිදී අමරසේකර සමඟ ඍජුව ගැටුණේය. "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" යනු නලින්, අමරසේකරට එරෙහිව ලියූ ලිපියක මැයෙකි. අමරසේකර මේ මාතෘකාවෙන්ම නලින්ට ලියූ පිළිතුරු ලිපි එකතුව පසුව පොත් පිංචක් ලෙස මුද්‍රණය කෙරුණේය. මීට අමතරව අසූවේ දශකයේ මැද හරියේ අමරසේකර ලියූ "ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු" අපේ කාලයේ "චින්තනකාරයින්ගේ" බයිබලය විය.
"ජාතික චින්තනය පෝෂණය කළ" තවකකු නම් ජී. අයි. ඩී. ධර්මසේකරය. පරණ (1971) ජේ. වී. පී. කාරයකු වූ ධර්මසේකර ඔහු මාක්ස්වාදයට විකල්පයක් සේ දුටුවේ ජාතික චින්තනයයි. ලිපි කිසිවක් මට වෙසෙසින් මතක නැතද ඔහුද දිගින් දිගටම ඒ ගැන ලියූ කෙනෙකි. 1994 මහ මැතිවරණයේදී නලින් හා ධර්මසේකර දෙදෙනාම මහජන එක්සත් පෙරමුණු ටිකට් එකට පිළිවෙළින් පානදුර හා බණ්ඩාරගම සංවිධායකයින් සේ කළුතර දිස්ත්‍රික්කයට තරග කළහ. ධර්මසේකර හැම තැනම කිය කියා ගියේ "මම චන්ද හද හද යනවා, එයා (නලින්) චන්ද කඩ කඩා යනවා" කියාය. අවසානයේ සත්‍ය වූයේ එහි පරස්පරයයි. පානදුරින් නලින් චන්ද 4,000 ක් පමණ ගනිද්දී බණ්ඩාරගමින් ධර්මසේකර ගත්තේ ඡන්ද 1,000 කට කිට්ටු සංඛ්‍යාවකි. මෙය මේ දෙදෙනාම ඍජු දේශපාලනයට එක් වූ අවසාන වතාවය.

සුළුවෙන් දායකත්වය දුන් නම් කිහිපයක් අතැර ඊළඟට මම ලොකු දායකත්වයක් දුන් පුද්ගලයකුට පනිමි. නලින් ද සිල්වාගේ වත්මන් බෑනාවරුන් සමහරවිට අසාවත් නැති ඔහු ආචාර්ය සුසන්ත ගුණතිලකය. සුසන්ත ගුණතිලකගේ Crippled Minds හා Aborted Discovery පොත් දෙකෙහි අද නලින් ද සිල්වා හා බෑනාවරුන් කිය කියා යන බොහෝ දේ තිබේ. Crippled Minds යටත්විජිතවාදයෙන් ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ රටවල චින්තනය උඩුයටිකුරු වූ සැටි කියන පොතකි. Aborted Discovery යුරෝපීයයන්ගේ ආගමනයට පෙර මේ රටවල තිබුණු දැනුම් පද්ධති හා තාක්ෂණය විස්තර කරන පොතකි. පොත් දෙකම සීරියස් පර්යේෂණ ග්‍රන්ථය. (එකඟ වීම නොවීම ඔබ සතුය.) මේ දෙකම මම විදුසර ලිපි කිහිපයක් පිණිස පරිශීලනය කොට ඇත්තෙමි. පළමුවැන්න නම් මේ ලියන මොහොතේද අත ළඟින්ම ඇත. Aborted Discovery විදේශීය මුද්‍රණයක පිටපතක් සොයා ගන්ට ලැබුණේ (සාමාන්‍යයෙන් දේශීය ලේඛකයින්ගේ පොත් නොතිබුණු) බ්‍රිතාන්‍ය මණ්ඩල පුස්තකාලයෙනි. එය මේ පොත් වලට තිබුණු පිළිගැන්මට නිදසුනෙකි.

මගේ මතකයට එන අවසාන නම (අද රාවණාවාදියකු වී ඇති) සූරිය ගුණසේකරගේය. හිටපු සිවිල් සේවකයකු වූ සූරිය ගුණසේකර දිවයින බදාදා අතිරේකයට ලියූ "ලන්ඩන් ගිය බණ්ඩා" ඒ යුගයේ ජනප්‍රිය ලිපි පෙළක් විය. කෙළින්ම නොපළ කළද නලින් තුළ මේ ලිපි පෙළෙහි ජනප්‍රියතාවය ගැන වූයේ එක්තරා අන්දමක ඉරිසියාවකි. එහි කියැවෙන කාරණා පට්ටපල් බොරු බව ඔහු නිතර පෞද්ගලික සංවාද වලදී කිව්වේ "අපිත් ඉතින් ලන්ඩන් ගිහින් නැතුවයැ" ශෛලියෙනි. මීට අමතරව මගේ මිතුරකු සූරිය ගුණසේකර සමඟම කළ සංවාදයක් ලිපි පෙළක් හැටියට ඩී. ජී. හපුතන්ත්‍රී නමින් දිවයිනටම ලියුවේය. (ආරූඪ නාමයකින් පෙනී සිටීමට ඔහුට ඇති අයිතිය සලකා ඔහුගේ නම හෙළි නොකරන අතර ඔහුට අවශ්‍ය නම් තම අනන්‍යතාව කමෙන්ටුවකින් දක්වන සේ ඇරැයුම් කරමි.) මේ නම් දෙකම මතක් වූයේ නලින් මෑතකදී ඔවුන් ගැන කළ සඳහනක් නිසාවෙනි.

මීට අමතරව ජාතික චින්තනය කියන ඊනියා මතවාදයට දායක වූ තවත් බොහෝ දෙනා සිටිය හැකිය. ඔවුන් ගැන විශේෂයෙන් පර්යේෂණ කරන්නට තරම් කැක්කුමක් හෝ ඉසඹුවක් මට නොවේ. ඉහත විස්තර හුදෙක් මේ මාතෘකාව ගැන සංවේදී පුද්ගලයින් වෙනුවෙන් මගේ මතකය අවදි කිරීමක් පමණය.

Tuesday, August 12, 2014

පිංබර ඇසළ පොහොයක්!

(පසුගිය වසරේ ඇසළ පොහෝ දිනයේ අපේ වත්පොත් පිටුවේ පළකරන ලද ලිපියකි. පළකරන්නට සිටියේ පොහෝදින ය. ප්‍රමාදය පිළිබඳ අපේ කණගාටුව.)



"දේවයන් වහන්ස, දරුවගෙ පලාපල ගැන කියල ඔබ වහන්සේට මා දුන් අවවාදය ගැන ඔබ වහන්සේ තැකීමක් කරල නැහැ වගෙයි.. "

"ඒ කිව්වේ ගුරුතුමනි?"

"මේක එසේ මෙසේ කේන්දරයක් නෙමෙයි. වාසනාව අවාසනාව දෙකම දෝතින් අරං උපන් මහා ගුප්ත කේන්දරයක්.. මම කිව්වා වගේම දරුවා ඉපදීලා දවස් හතෙන් මෑණියෝ අභාවප්‍රාප්ත වුණේ නැද්ද? සුළුවෙන් හිතන්න එපා! මේක සක්විති රාජයෝග සහිත කේන්දරයක්..! මේ දරුවා හරියට හැදුවොත් මුළු ලෝකයම අපේ ජාතිය යටතට පත්වෙනවා..! නරකට හැදුවොත් මේ දරුවා මැරෙන්නේ අන්ත අසරණයෙක් වගේ..! ඔබතුමා මේ යන විදියට ගියොත් වෙන දේත් කියන්නම්..! මේ දරුවා කසාදෙත් කඩාගෙන පිස්සෙක් වගේ එක එක අන්‍යාගමික කල්ලි වලට අහුවෙලා නන්නත්තාරේ ගිහිං අන්තිමට ඔබේ ඇස්පනාපිටම මේ නගරේ මේ මැදුරට යන පාරෙම හිඟා කනවා..! මතක තියාගන්න දේවයිනි මම කියපු දෙයක් වැරදිලා නැහැ!"

****

"සොයුරිය මොකද්ද මේ වැඩේ තේරුම? ඇයි මේ මනුස්සයට තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම තේරෙන්නෙ නැත්තේ? අපේ රට ජාතිය තීරණාත්මක බල අරගලයක මැද්දේ ඉඳිද්දී ඒ වෙනුවෙන් කරන්න දහසකුත් එකක් දේවල් තියෙද්දී නිමක් නැති දර්ශනවාද වල එල්ලිලා ඉඳල හරියනවද?"

" ඒ ඔහුගේ හැටි, මලණ්ඩි.. ඔහු කොහොමත් අපට වඩා දුර හිතන කෙනෙක්..ඔහුගේ ගමන දේශපාලනය නොවේ."

"අක්කණ්ඩි මම එකක් කියන්නම්..! ඔය මනුස්සය යන ගමන වෙනස් කරගත්තේ නැත්නම් දවසක තමන්ගේ උරුමයත් නැතිකරගෙනයි නවතින්නේ.. උරුමය පැත්තකින් තියන්න..! මට නම් පෙනෙන්නේ නැහැ ඔහු ඔබට ආදරය කරන බවකුත්..! ඔහු ඔය ඊනියා දර්ශනවාද ගැන හොයන්න ගිහිං දවසක ඔබවත් අතෑරලා ගියොත් මොකද වෙන්නේ?"

"දෙව්දත් මලයණ්ඩි, ආදරය යනු අයිති කරගැනීම ම නෙමේ.."

"මට ඔබත් එක්ක කතාකරලා දිනන්න බැහැ.. ඔබත් හොඳයි සිද්ධාර්ථටම.. හැබැයි යසෝධරා මම එකක් කියන්නම්.. රට ජාතිය වෙනුවෙන් ශාක්‍ය වංශය වෙනුවෙන් ඔහුට කරන්න යුතුකමක් තියෙනවා.. එන ඒ යුතුකම ඉෂ්ට කරන්න ඔහුට සිහි ගන්වන්න.. මම යනවා.."

****

"ඔය මනුස්සයට මුල මතක නෑ අස්සජී.. මම නම් අන්තෙටම කළකිරිලා ඉන්නේ.."

"ඔබ පමණක් නොවේ ඇවැත්නි, ඔබ වගේම හිතන තව බොහෝ දෙනෙක් ඉන්නවා.."

"ඒ බොහෝ දෙනා වගේ නෙමේ අස්සජී මම. එදා උන්නාන්සේ ගේදොර අතෑරලා අස්සයයි ඇඳිවතයි පමණක් ඇතුව මාලිගයෙන් දොට්ට බහිද්දී ඔය එකෙක්වත් හිටියේ නැහැ ළඟ.. මේ ඡන්න ඇමති නොහිටින්න එදා උන්නනාන්සේ අබිනික්මන් කරන්නේ නැහැ.. කොටින්ම සිද්ධාර්ථ කියන්නේ වයස තිහ කිට්ටු වෙනකනුත් මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක්, භික්ෂුවක් දැකපු කෙනෙක් නෙමෙයි.. මමයි ඔහුට පළමු වතාවට වයසට යනවා කියන්නේ මොකද්ද, ලෙඩ වෙනවා කියන්නේ මොකද්ද, මැරෙනවා කියන්නේ මොකද්ද, පැවිදි වෙනවා කියන්නේ මොකද්ද කියල කියාදුන්නේ.. අද මේ උඩින් පාත් වෙච්ච මිනිස්සු සාසනේ ලොකු මිනිස්සු වෙලා.."

"ඡන්න ඇවැත්නි, ඔබ දැකපු දේවල්ම තමා ඔහුත් දැක්කේ.. නමුත් ඔබ ඒ දේවල් වටහාගත්තේ නැහැ, ඔහු ඒ දේවල් වටහාගන්න උත්සාහ කළා.. අන්න එතනයි වෙනස..හැකිනම් වටහාගන්න."

****

"ස්වාමීනී, මේ අන්‍යාගමික කල්ලි වලින් ඔබ වහන්සෙට එල්ල වන ස්ත්‍රී දූෂණ චෝදනාව නිසා නුවර වැසියා අප කෙරෙහි බොහොම කේන්තියෙන් ඉන්න බවයි පෙනෙන්නේ.. දානෙකට පින්ඩපාතෙකට වත් දොට්ට බහින්න හැකියාවක් නැහැ.. අපි මේ නුවර අතෑරලා වෙනත් නුවරකට යමු ස්වාමීනී.."

"තථාගතයෝ චෝදනා වලින් සැලෙන්නෝ නොවෙති ආනන්දය.."

"එහෙමනං අඩුම ගානෙ මේ අන්‍යාගමික කල්ලි වල තීර්ථකයන් සහ නිඝණ්ටයින් නගන චෝදනා වලට අපි නිර්භයව පිළිතුරු දෙමු.. අප නිවැරදියි නම් ඇයි අපි සැඟවෙන්නේ.. අපි පාරට බැහැලා මිනිස්සුන්ට කතා කරමු.."

"දවස් හතයි ආනන්ද, දවස් හතයි.. තථාගතයෝ විවාදකයෝ නොවෙති..මේ සියලු දේ දවස් හතයි.. එතෙක් ඉවසන්න.."

****

"පුණ්ඩරීකං යථා වග්ගු - තොයෙන නූපලිප්පති
නූපලිත්තොම්හි ලොකෙන - තස්මා බුද්ධො'ස්මි බ්‍රාහ්මණ"

"මඩෙන් උපන් පියුම මඩෙන් ඉහළට මතුව, මඩ ගා නොගෙන ඉහළට නැගී සිටින්නේ යම් සේ ද, මමද ලෝකයා නමැති මඩ ගොහොරුව මැදින් ඉපිද, ලෝකයා ගේ කෙළෙස් මඩ තවරා නොගෙන සිටින්නෙමි; බ්‍රාහ්මණය, එසේ හෙයින් මම "බුද්ධ" නම් වෙමි.

****

ගාගත් මඩ සෝදාගන්නටත්, ගැසූ මඩ වලට සමාව අයදින්නටත්, මඩෙන් තොර සැනසිල්ලක් ලබන්නටත් හේතු වාසනා වන පිංබර ඇසළ පෝ දිනක් වේවා!

Tuesday, February 4, 2014

නිදහස නම් වූ වාර්ෂික ආතල් එක | Annual facade called Independence

සැ.යු. මේ වනාහි මුහුණුපොතේ තැනින් තැන පළවූ අදහස් කීපයක එකතුවකි. අපේ ලියවිල්ලක් නොවේ. 



කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිවෙල අනුව පැමිණීම සහ ඊට කළින් පැමිණි එවුන් එන එන එකාලාව පිලිගැනීම, බෙරිහන් දීමෙන් පසුව බෑන්ඩ් ගැසීම, කොඩි ඉස්සීම, දේවෝ වස්සතු කාලේන කීම, විනාඩි දෙකක් කට වහගෙන හිඳීම, ගිය අවුරුද්දේ ලැබුණු හිඟමන් වලට වෙච්ච දේ ගැන පුරසාරම් කීම, මේ අවුරුද්දේ ජිනීවා කොහොල්ලෑ බබාට උඩ පැන ජිට් කොන්ඩෝ ෂොට් දෙන හැටි කීම, සකළ ලෝකයාම අපට කෙළින්නට බලාගෙන ඉන්නා බව කියන පැරනොයිඩ් බිය වැද්දීම, අතරින් පතරට නොදන්න දෙමළ කථා කර ලෝකයා හිනැස්සීම, යල් පැන ගිය යුද අවි පෙළපාලියේ ගෙන යාම, දවස පුරා ලේ නටන කවි, සින්දු දැමීම, ප්‍රාදේශික වශයෙන් ඉන්නා මහ ඇමති ගවයන් ඉදිරියේ ඒ ඒ පළාතේ අහිංසක පාසැල් දරුවන් පෙළපාලි යෑම, පුරන් අප්පු චිත්‍රපටිය පනස් වෙනි වතාවටත් පෙන්නීම, සුද්දෝ වී.අයි.පී කූඩාරමේ ඉන්දෙද්දී සිංහලෙන් සුද්දාට බැනීම, "මේකනේ හසන්ත නිදහස කියන්නෙ... දැන් මට මළත් සනීපයි... අපිටත් රජෙක් ඉන්නවනෙ හසන්ත" යන වදන් පෙළ අසන්නට සැලැස්සීම, පල් හොරුන්ට පිරිත් නූල් බැඳීම, යනාදි ලොමු ඩැහැ ගන්වන දර්සන රැසක් ඇතුළත් වාර්සික සොමිය හෙටත්....

"මේ වගේ දවසක පණිවිඩ පොජ්ජක් මන්දෝ කිරීම කාගේ කාගේත් සිරිතක් නිසා දැන් බුකියේ පැය ගානක් ලගිමින් මාර දුකක් විඳ අකුරු ගලපා ලියන ලද වචන සමූහයකි. හිත් වේදනා ඇති කර නොගන්න.

[ටයිම් සෝන් අනුව] අද/හෙට මාර දවසකි.

දවසේ මුලින්ම කල යුත්තේ ප්‍රීති වීමයි. ප්‍රීතිවීම ට හැක්කේ බිරිතානි දේශවාසී සකලවිධ ජනතාවට සහ උන්ගේ රටේ නාමිකව ඔටුන්නක් දාගෙන ඉන්න වංශවත් කාන්තාවටයි. රටක් හැටියට ගන්න පුළුවන් හැම රෙද්දම හූරාගෙන, මිනිරන් ටිකටත් කෙලවා මිනිසුන් අවතැන් කොට උන්ගේ ඉඩම් වල තමන්ගේ ආතල් පානය වවා උපරිම ෆන් එකක් ගෙන නිසි කල්හි බරින් නිදහස් වීම ගැනයි. එහෙම නැතිනම් තමන්ගෙන් තුනෙන් පංගුවක් පමණ වන මේ මැටි කඳට කර ගහගෙන විඳින්නට වෙන දුක ගැන සිතු විට ප්‍රීති උත්සව පැවැත්විය යුත්තේ ලන්ඩනයේය.

දෙවනුව කල යුත්තේ ස්තුති කිරීමයි. ස්තුතිය හිමි විය යුත්තේ මලාට ස්තුති කල යුතු එකෙකුට නොවේ. අල්ලපු ගෙදර ඉන්න තාම පාරේ කක්කුස්සි යන ඒ වුනාට අඟහරුට රොකට් යවන නිතරම අපට නියවන කොඩිවින කරන කාලකාන්නියාටය. කාලකන්නියා අහිංසාවෙන් අධිස්ටානයෙන් කල සටන නොවෙන්නට අපිට හෙට වැනි දවසක් එන්නේ නැත. අපේ රට තුල නිදහසක් වෙනුවෙන් හඬක් නැගු එකම මිනිහාත් රට එපාවී මහණදම් පුරන්නට ඉන්දියාවට ගිය බව පාසල් පොතක තිබුණි. ඔන්න ඔහේ ඕන එකක් කියාගෙන කීකරුව බල්ලා සේ වැටී හුන් රටකට නිදහස දුන්නේ ඉන්දියාව කියන මහා රට අතහැරි පසු ලංකාව කියන හුන්ඩුව ආයෙත් මක්කටය කියා සුද්දා සිතු බැවිනි. [ලංකාව අල්ලන්නට ඉංගිරිසිකාරයා හිතුවේද ඉන්දියාව නිසාය. ඒක වෙනම කතාවකි]. අප විසින් එකලම අවුට් සෝස් කරන ලද අපේ නිදහස් සටන කරදීම වෙනුවෙන් මහත්මා ගාන්ධි ජවහල්ලාල් නේරු මොහොමඩ් අලි ජින්නා සුභාෂ් චන්ද්‍රබෝස් වැනි අපේ [අවුට්සෝසිත] නිදහස් සටනේ නියමුවන්ට ස්තුති කල යුතුය.

තෙවනුව කල යුත්තේ කනගාටු වීමයි. එය ලාංකිකයන්ටයි. සාරය හූරා ගත්තද සුද්දා දමා ගියේ කලාපීය මට්ටමින් පාරාදීසයකි. එදා පටන් අද වෙනකම් මේක ආණ්ඩුකාරකම් කල විපක්ෂකම් කල, විප්ලව කල, ප්‍රචණ්ඩ ක්‍රියා කල, ත්‍රස්තවාදී ක්‍රියා කල සියලු දේශපාලනික ප්‍රවාහයන්ට පින් සිද්ද වන්නට අපි අද එක්දහස් අටසිය අසු දෙක දක්වා ආපසු ගොස් සිටිමු. මෙය නොවැටහේ නම් හොඳ හුස්මක් අරගෙන රූපවාහිනිය දමාගෙන පැය කීපයක් නරඹන්නේ නම් ප්‍රමාණවත්ය. ගෝල්ෆේස් එක වැනි තැනක දුවන විහිළු නාටකය බලා කාටත් තමන් ඉන්නා තැන ගැන සිතා ගත හැකිය.

සිව්වෙනුව හෙට හිතන්නට දිනයකි. කාට කාටත් හාන්සි පුටුවක හිඳගෙන හිතන්නට දිනයකි. වෙන මොකවත් ගැන නොවේ. බඩ පොත්ත දක්වා හූරාගෙන ඉන්න උන්ගේ ඉතිරි දෙකහමාරටත් අරිමින්, කුඩු කාරයින් පාතාලයින් හා ආගමික ප්‍රචණ්ඩ කල්ලි අතේ රටේ උසාවි පොලිස් තීරක බලය තබමින්, දශක ගානක් තිස්සේ වීහිලු විගඩම් නටන රටේ අනිද්දා සිට ඉතිරි කාලය ගෙවන හැටිය ගැනය. හැම නිදහස් දවසකටම පස්සේ ඉතිරි වන්නේ ඒ බියකරු සිතිවිල්ල පමණි.

සිතිවිල්ල බියකරු වැඩිනම් ජාතිකාභිමානයෙන් නිර්වින්දනය වීමට හෙට ඔබට නිදහස තිබේ."

නිදහස් දිනය in a nutshell: ගිනි අවුවේ පාසල් ළමයින්ගෙන් කරවල වේලීම... උන්ව නටව නටවා පාරේ යැවීම... පොශ් අතිගරු උතුමානන්ලා හා එම මැතිනියන්ලා සිහිල් සෙවනේ කූඩාරම් යට සිට booklets වලින් පවන් සැලීම... ලොකු තැන් එන තෙක් සිටගෙන සිටීම... එන එන එකාලාව පිළිගැනීම... බෑන්ඩ් ගසා කොඩි එසවීම...

'දේවෝ වස්සතු කාලේන- සස්ස සම්පත්ති හෝතු ච
පිතෝ භවතු ලෝකෝච -රාජා භවතු ධම්මිකෝ .....'

විනාඩි දෙකක් බිම බලන් සිටීම... හිඟා කා ගත් දේ වියදම් කළ හැටි පැවසීම... හිඟා කන්නට යන දේ ගැන පැවසීම... හිඟා කා කිරීමට යන දේ ගැන පැවසීම... විදුලි පු‍ටුවට යන සැටි ගැන පුරසාරම් කීම... බටහිර ලෝකයාව ඉන්දියන් සාගරේ අමුතු ඇටේට කෙලවන්නට සිටින බව සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම... කොලේ බලන් දෙමළ කියවීම... Iවන යුද්ධ කාලයේ පමණ භාවිතයට ගත් යුධ අවි ප්‍රදර්ශනය.... කූඩාරම් (V.I.P) තුළ සුද්දන් දමාගෙන උන්ටම සිංහලෙන් බැනීම... වැදි බණ දෙසමින් ජනසතුරන්ට පිරිත්නූල් බැඳීම and much more...!

Monday, November 18, 2013

ඔවුහු චෝ ගම් ගා අලවාගත්හ. | They stuck CHOGM up their asses


සුද්දා ආවේය. මෙහෙ එව්වෝ සද්ද දැම්මෝ ය. සුද්දා ඒවා පඩේකට ගණන් ගත්තේ නැත. සුද්දා යාපනේ ගියේ ය. සුද්දාට එරෙහිව නඩු පවරනවා ය කී, මේ රටෙන් අල්ලාගත් වැලි කැටයක් කැටයක් ගණනේ වන්දි ලබාදෙනවා ය කී උන්දෙලා පශ්චාත් භාගයේ තාර ගාගෙන ඇඳන් යටට වී එබිකම් කළෝ ය. සුද්දාට මුන් කියන කතා දැනගන්න ලැබුණේ නැත. දැනගත්තත් පඩේකට ගණන් ගන්නේ ද නැත. සුද්දා මෙහෙ ඇවිත් කොළඹ තෑග්ගැහුණේ නැත. යන්ට හිටි හැම තැනකම ගියේ ය. 

සුද්දා මුරලි සමග ක්‍රිකට් ද ගැහුවේ ය. අච්චර ආණ්ඩුවේ හොරනෑවල් තියෙද්දී සුද්දා ඇසුවේ මුරලි කියන දේ ය. මේ ක්‍රිකට් මැච් එක හුදෙක් ආලෝක ක්‍රිකට් තරුවක් සමග ක්‍රිකට් ගසා ආතල් ගන්නට කළ දෙයක් පමණක් යැයි කවරෙක් හෝ සිතන්නේ නම් ඒ ද ළදරු චින්තනයකි. හැබැයි මුරලි නම් කියන්න ඕනේ දේ කියා තිබුණේ ය. ඒ වුණත් සුද්දා ඒවා ගණන් ගත්තාද නැද්ද දන්නේ සුද්දාම පමණක් ය. කොයිහැටි වෙතත් යන්ට හිටි දිනට කලින් සුද්දා ගොස් තිබුණේ ය. නිකම්ම නොවේ ය. "එක්කෝ තොපි පරීක්ෂණ කරපියවූ, නැත්නම් අපි පරීක්ෂණ කරනවා" කියා සද්දයක් ද දමාගෙන ය. බලාගෙන ගියාම කෝටි ගණන් සල්ලි ගෙවා ආඩම්බරකාර මහප්පා කර තිබෙන්නේ අතින් අල්ලා අහවල් එකේ තබා ගැනීම පමණකි. නිකං නොවේ, ඉල්ලං මාමයිට් ද ගා ගෙන ය. 

චෝගම් නම් වූ මේ විකට නළුවෙ මේ සිද්ධිය වුණු කෙටි කාලය පුරාවට ජවනිකා දෙකක් රඟදැක්විණි. එකක් රූගත කළේ CNN ආයතනය විසිනි. එහි ප්‍රධාන නළුවා වුණේ ක්‍රිස් නෝනිස් මහතා ය. අපරාදෙ කියන්නට බෑ සුද්දාට පවා මදි නොකියන්න සුපිරිම කඩ්ඩෙන් නෙළා ඇවිත් තිබුණි. ඒ ගැන නම් ආඩම්බර ය. හැබැයි මෙහෙ අපේ ජාතිකවාතකාරයෝ තාම උන්දැගේ ආගම කතෝලික බව නොදන්නවා විය යුතුය. එක්කෝ දන්නවා නම් පුකේ පමණක් නොව කටේ ද තාර ගා ගෙන, කටවහගෙන ඉන්නවා විය යුතුය. එහෙමත් නැත්නම් මෙච්චර කල් සුද්දා අපිට ඇරපු ඇරිල්ලට අමාරුවෙන් දීගෙන හිටපු උන්ට, අපේ එකෙකේ අනිත් පැත්තට ඇරියාම දැනෙන සනීපය සහ සුරතාන්තය තුළ, උගේ ජාතිය ආගම වැනි සුළු සුළු ඩීටේල්ස් අමතක වෙලා වෙන්නට ඇත. 

දෙවන ජවනිකාව සටන් ජවනිකාවකි. එය පිටකෝට්ටේ සිරිකොතේදී රඟදක්වන ලදි. ප්‍රවීණ සටන් නළු ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් වහන්සේ තුමූ ම අද්-යක්ෂ-ණය කොට තුමු ම රංගනයෙන් ද දායක වීමට තරම් පාරමිතාබර වූ හ. අම්බානක කන්නට වෙන බව දැනදැනම, සෙට් එක මැදට තනියෙන් පැන, විහින් ගුටිකෑම වනාහි ලේසි පාසු කර්තව්‍යයක් නොවේ. මීට පෙර අප තෙරුන් වහන්සේ ලා ස්වයංඝාතක ජවනිකා රඟදක්වා ඇතත්, මෙවැන්නක් කළ පළමු අවස්ථාව මෙය වෙයි. ශවොලින්, තාවෝ, සිචුවාන් පමණක් නොව චීනඩි පොල්ලඩි වුව භික්ෂුන්ට කැප බව අප මුලින් කුංෆු මාලා නාටකය තුළින් දැනගත්තත්, එවැන්නක් ලාංකේය හිමිනමක් විසින් කරන ලද පළමු අවස්ථාව මෙය වන බැවින් මේ සිද්ධිය ඉතිහාසගත වෙයි. 

අවසානයේ චෝගම් මගුල අවසාන විය. එය අවසාන වූ බව අප දැනගත්තේ මෙතෙක් කල් අතුරුදන් ව සිටි පාඨලී චම්පක රණවක මහතා විසින් කරන ලද පහත ප්‍රකාශයෙනි. 



මේ ගැන අදහස් දැක්වූ අපේ පේට්‍රියට් බ්ලොග් කරුවා මේ දැකීමෙන් හටගත් සිය සැනසුම් සුසුම වදන්වලට නැගුවේ මෙසේ ය. 


"ලිපියනම් කියවන්න ඕනෙත් නෑ. නමයි, පින්තූරෙයි දැක්කහම අනේ වාසනාවන් කියල, සැනසුම් හුස්මක් හෙලුනා. චෝගම් ඉවරවෙනකම්ම ෂුවර් නැතිව හිටියේ ඔබතුමාට කරදරයක්වත් වුනාද කියලා. දැනුයි දැන්ගත්තේ ඇත්තටම චෝගම් ඉවරවෙලා කියල. 
නොදන්න කමටයි අහන්නේ; කැමරනුයි, චාල්සුයි, පැකරුයි, මැකරෙයි, මිලරුයි ඔබතුමාට කනට කරල මුකුත් කිව්වෙ එහෙම නැත්ද?"
කොහොමින් හරි චණ්ඩියා ඇවිත් චණ්ඩි පාට් එක දමා යනතුරු ඇඳන් යට සැඟවී සිටි අපේ බයියලා දැන් ටික ටික කටවල් හොලවන්නට පටන්ගෙන තිබේ. කොහොමත් ඔය කටවල් හෙල්ලෙනවා ඇරෙන්නට වෙන වැඩක් කරන්නේ නැති තරම් ය. අඩුම තරමේ බතල කොළ වත් හිටවන්නේ නැත. කට ගැන කියනවා නම් වෙනම ලිපියක් ලිවිය යුතුය. අප ලංකාවේ දේශපාලනය හඳුන්වන්නේ ද එක්තරා විදියක "කටට ගැනීමක්" විදියටය. පැරණි පාඨකයෝ නම් ඒ ලිපිය කියවා ඇත. ආයෙත් කියවන්නට අවැසි වෙතොත් මෙතැනින් කියවිය හැකිය. හැබැයි කොහොම මොන විදියට කටට ගත්තත් / දුන්නත් අවසානයේ ලොකුම ලන්සුව ඉදිරිපත් කරන පිම්පියා වෙත ගණිකාව වෙන්දේසි වේ. අපට ඇති ගැටළුව වන්නේ වෙන්දේසිය දිනන්නේ බ්‍රිතාන්‍යය ද, චීනය ද කියා පමණි. දැනට නම් චීනය අපට කට පිරෙන්නට දී තිබුණත් ඉස්සර ලංකාව දිහා බලුබල්ලෙක් හැරී නොබලන කාලයක ලංකාවට යුද ආයුධ සහන ලබාදීම ආරම්භ කෙළේ බ්‍රිතාන්‍යය බව බොහෝ දෙනාට මතක නැත. 

දැන් ඊළඟට සුපුරුදූ ඩ්‍රාමා එක යළිත් කරළියේ රඟදැක්වෙනු ඇත. එනම්,

1. ළඟ එන නත්තල් සමය බලා බඩුමිල සොච්චමක් අඩු කිරීම (චෝගම් එකෙන් වියදම් වූ කොටි ගණනක මුදල නිසා පාඩුවක් සිද්ද නොවූ බව ජනතාවට ඒත්තු ගැන්වීමට) සහ අවුරුද්දෙන් පසුව ආයෙම අහස උසට බඩුමිල නැංවීම,

2. නත්තලට ආඩම්බරකාර මහප්පා යාපනේ ගොස් සරණාගතයන් හමුවී නත්තල් සීයා වීම, සහ (එතුමාම හෝ ශිරා ලොකම්මා හෝ දෙන්නාම හෝ) LTTE පුනරුත්ථාපිත දරුවන් හමුවී සුරතල් බඩු බෙදා දී හුරතල් කොට ෆොටෝ කෑලි පළකිරීම,

3. බේබි මහත්තයා සිය තරුණ සේනාව සමග යාපනයේ / ට්‍රින්කෝ / බැටිකලෝ සංචාරයක් ගොස් පැමිණීම සහ, නවවසර සමරනු පිණිස චෝගම් එකට ගෙනාපු වාහන කන්දරාවෙන් කීපයක් තෝරාගෙන ආයෙම කාර් රේස් එකක් තැබීම

4. ආණ්ඩුවට කඩේ යහ දේශප්‍රේමී ගැන්සිය නයි-ටී-එන් එකෙන් දොර-මඩ-ලා ගන්නා අතරතුර, වසර 2500ක් මුළුල්ලේ ස්වෛරීය එකස්ථාම්භික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව (වැරදුණා--ඔවැනි තැන්වල ඔවුන් කියන්නේ සිංහලේ කියා ය) සතු භෞමික අඛණ්ඩතාව සහ ස්වයංවින්දන අයිතිය තහවුරු කොට සාක්ෂාත් කරගැනීමේ වැදගත්කම කියා දීම සහ,

5. එතනදීම කැමරන් මරා මස්කොට හක්කේ තබා සේම ද ඇර, ඇඟේ මයිල් කෙලින් වෙන ජාතියේ, ආශ්චර්යයක් හසන්ත මහත්තයෝ කියවෙන ජාතියේ විචාරයක් ලබා දී, හැනිබාල් කාර්තෙජයේ ගේට්ටු කඩන්නට සිංහල අලි ගෙනගිය තැනින් පටන්ගෙන, රාවණා දඬුමොණරයෙන් ගොස් සීතාව අරං ආපු තැන දක්වා ලෝක ඉතිහාසයේ අප විසින් ඉටුකරන ලද මහා දැවැන්ත කාර්යභාරය ගැන ද ජනතාව දැනුවත් කරනු ඇත. 

6. එවැනි දැනුවත් කිරීමකින් පසුව ඊළඟට, ජාතික චින්තනය ගුරුකොටගත්, බටහිර අධ්‍යාපනය පිළිකුල් කරන, එහෙත් ඇමරිකාවේ ඉහළම සරසවියක සිය පුතාට උගන්වන එක්තරා මහැදුරු වරයෙක්, මෙකී සමස්ත ක්‍රියාදාමය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතකරණයේ වර්තමාන ශානරය බවත්, මෙකී හුදු ද්‍රව්‍යවාදී සහ පොන්ටිෆ්වාදී දයලෙක්තිකය තුළ, ඩෙරීඩාටවත් විසංයෝජනය කරන්නට දෙයක් ඉතිරිවන්නේ නැති බවත්, අවසානයේ කොහොමත් දේවවාදී ඇරිස්ටෝටලීය ද්විකෝටික චින්තනය තුළ, ඔවැනි දේ විග්‍රහ කිරීම අසාර්ථක බවත්, මේ අනුව නුදුරු අනාගතයේදීම මුළුමහත් බටහිර විද්‍යාවම බිඳවැටෙනු ඇති බවට තමාට නාථ දෙයියෝ ඊයේ රැ එස්.එම්.එස්. එකකින් දැන්වූ බවත් කියනු ඇත. 

7. ඊළඟ සතියක් පමණ ඔය ආතල් එක යන්නට දීමෙන් පසුව ලෙමන් පෆ් මහතා සීගිරිය බලන්නට ගිය බයිසිකලෙන්ම ආපහු ඇවිත් (උන්නැහැ මේ දවස්වල පෙන්න හිටියේ නැත්තේ සීගිරිය බලන්නට ගිය නිසා ය.) ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ ලෙමන් පෆ් ඉල්ලා අඛණ්ඩ මාරාන්තික උපවාසයක නිරත වනු ඇත. 

8. මහා සංඝරත්නයට අතතැබීමේ පාපය පලදෙන හැටි පෙන්වන්නට මෙන්, අද මේ සියලල් සිද්ද වන්නේ රටට ශක්තිමත් දේශපාලන විකල්පයක් නැති නිසා බව පවසන බොබසේ, රට විකුණන දේශද්‍රෝහී රනිල් කල්ලිය වෙනුවට රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව පවසමින් තමන්ම දේශපාලන බලයක් බවට පත්වීමට උත්සාහ දරනු ඇති අතර එහි මූලික පියවර ලෙස මුලින් මුලින් පොඩි මාධ්‍ය සංදර්ශන කීපයක් පෙන්වා අත්හදා බලනු ඇත. 

මේ අපේ අනාවැකි කීපයකි. අසරණ දරුවා, මෙය මුදල් බලාගෙන කරන සේවයක් නොවේ. හරිගියොත් පමණක් ආධාර කරන්න. 

දැන් මේ හදිස්සියේ අපි මේ කුණු අදින්නේ මන්දැයි ද අපෙන් ප්‍රශ්න කරනු ඇත. ඊට දිය හැකි පිළිතුර මේ ය. අනුන්ගේ කුණු සෙවීමේ අයිතිය සින්නක්කර ලියා දී ඇත්තේ ජාතිකවාතකාර සෙට් එකට පමණක් යැයි කවරෙක් හෝ සිතා ඉන්නේ නම්, එය ඉතාම ළදරු සිඟිති සිහිනයකි. නයිට් ක්ලබ් වල රමණයේ යෙදෙන හැටි සොයමින්, ගැහැණුන් කොටට ඇඳීම ගැන විවේචනය කරමින්, කන්‍යාභාවය නීතිගත කරන්නට සිහින මවමින්, මිනිස්සු මුස්ලිම් කඩවලින් බඩුගැනීමට එරෙහිව බිත්තර සේනාවන්ට හුරේ දැමු, විශාඛාවන්ගේ පාගමනේ දොස් සොයමින් ඔවුන්ට වෛශ්‍යාවන් යැයි අපහාස කළ කාලකන්ණි අමනයන්, දැන් අපිට තමන් ගැන නොසොයා අප ගැන බලාගන්න යැයි බණ කියති. එදා උන්ට අනුන්ගේ කුණු සෙවීම කැප වන්නටත්, අද අපට උන්ගේ කුණු ඇවිස්සීම අකැප වන්නටත් හේතුවක් මට පෙනෙන්නේ නැත. වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්නට එපාය කියන්නේ නිකං නොවේ. 

දැන් එළඹ ඇත්තේ ජාතිකවතකාරයන් පුකේ තාර ගාගෙන උලමුන් සේ නියවමින්, ක්‍රිස් නෝනිස් ගේ පශ්චාත්භාග වන්දනයේ යෙදෙන මොහොතයි. දැන් අපිදු, ඔවුන්ගේ පැරණි කුණු එකක් නෑර අදිමින් ඔවුන්ගේ මුහුණේ අතුල්ලමින් සිටිමු. මෙයාලාගේ සීන ලොවේ වීරයන් පවා චෝගම් අහවර වෙනතුරු ඇටිකෙහෙල් කාපු උගුඩුවන් වගේ ඉන්නට සිද්ධ වූ විට, කටත් අනිත් කොණත් වසාගෙන ඉන්නවා ඇරෙන්නට ජාතිකවාතකාරයන් හට වෙනත් විකල්පයක් මේ වන විට ඉතිරිව නැත.

කෙසේ වෙතත් අර සුද්දාගෙන් හම්බුවෙනවා යයි කී ලොකුවයින් වන්දිය අපේ උන්දෙලා අපට ඇරගෙන දෙනතුරු අපේ බබ්බු ටික තාමත් චෝගම්, චෝගම් කියමින් ඇඟිලි විකමින් බල සිටිති. එනිසා චම්පක රණවක සහ උදය ගම්මන්පිල මාමලා ඒ අසරණයන් ගේ දුක බලා වදාරන සේක්වා යයි මෙසේ පතමු. මන්ද අපිට ඔබලා කෙසේ පෙනුණත්, මේ රටේ බහුතරයට ඔබ තවමත් වීරයන් බැවිණි.

Sunday, November 17, 2013

එන්න මහත්වරුනි, අපි නෝනිස්ගෙ කරේ යං | Come Sir, Let's All Ride Chris Nonis

චෝගම් නමැති මනාලයා නැති මගුල් කෙළිය අවසානයේ අපේ උන්දෙලා විහින් රෙද්ද ගලවගත්තා පමණක් නොව, ඉස්සරහ පස්ස වංගෙඩි දෙකම උකස් කරගෙන ආපසු ආ හ. සියලු පරාජයන් හමුවේ විඳි එකම ජයග්‍රහණය වුණු නිසා ම, සියල්ලෝම සිත්සේ ක්‍රිස් නෝනිස් මහතා විකුණාගෙන කෑ හ. ඔබ තාමත් ඒ වීඩියෝව බලා නැතැයි අප සිතන්නේ නැත. එහෙත් ලිපිය සම්පූර්ණ වනු පිණිස එය මෙසේ පළකරමු.



මේ එක්කම ඔබ නැරඹිය යුතු තවත් වීඩියෝවක් වෙයි. ඒ වනාහි සිරිකොතේ පවත්වන්නට යෙදුණු ඡායාරූප ප්‍රදර්ශනය වෙත වැඩිය අපේ උන්නාන්සේ නමක් විසින් කරගනු ලැබූ ඇබැද්දියයි.

http://www.youtube.com/watch?v=b3IE2DrTfe0

ගුටිපොරේ ගැන නම් අපට කියන්නට ඇත්තේ මෙන්න මෙපමණකි. වචන දහසකට වඩා වටිනා මේ ඡායාරූපය ලබාදුන් චතුර වැල්ලගේ හට අපේ ස්තුතිය හිමි වේ.





වැදගත්ම දේ නම්, ක්‍රිස් නෝනිස් මහතාගේ වීර ක්‍රියාව හමුවේ බොහෝ ජාතිකවාතකරුවන්ට සිය ස්ථාවරයන් බොහොමයක් අමතකව තිබීමයි. මේ ගැන "බුවාගේ සිතිවිලි" බ්ලොගය ලියන අපේ සහෘද "බුවා" මෙසේ සිහිපත් කරයි.

සිංහල-බෞද්ධ දේශප්‍රේමියෙකුගේ ලක්ෂණ  
01) බටහිර විද්‍යාවට එරෙහිය , දේශීය විද්‍යාවක්, දැනුම් පද්ධතියක් පිලිබඳ විශ්වාස කරයි (නමුත් ලෙඩක් දුකක් හැදුනු විට බටහිර දොස්තරලාගෙන් බෙත් ගැනීමට මෙය ගැටලුවක් නොවේ ) 
02) බටහිර සංස්කෘතියට එරෙහිය , දේශීය සංස්කෘතික වටිනා කම් පිලිබඳ ඉහලින් කථා කරයි (බටහිර චිත්‍රපට මාලා නාටක නැරඹීමට මෙය බාධාවක් නොවේ ) 
03) බටහිර රටවල මූලයන් සහිත ව්‍යාපාරයන්ට විරුද්ධය , එවා බටහිර රාජ්‍යයන්ගේ කුමන්ත්‍රණවල කොටස් කරුවන් සේ දකියි (ඇමරිකානු සමාගම් වල සේවාවන් වු ෆෙස්බුක් ට්විටර් ආදිය භාවිතයට මෙය බාධාවක් නොවේ ) 
04) ප්‍රියතම දේශපාලකයා (දේශීය ) - චම්පික රණවක (ඡන්දය දෙන විට මහින්ද රාජපක්ෂ ) 
05) ප්‍රියතම දේශපාලකයා (විදේශීය ) - ෆිදෙල් ක්‍රස්තෝ, පුටින් හෝ චීන ජනපති (මට නම මතක නැත ) 
06) අප්‍රියතම දේශපාලකයා (දේශීය ) - රනිල් වික්‍රමසිංහ , වික්‍රමභාහු කරුණාරත්න 
07) අප්‍රියතම දේශපාලකයා (විදේශීය ) - බැරක් ඔබාමා, ඩෙවිඩ් කැමරන්, මන් මෝහන් සිං 
08) ප්‍රියතම මාධ්‍ය ආයතනය (දේශීය ) - අයි ටි එන්, ලංකා සී නිවුස් 
09) ප්‍රියතම මාධ්‍ය ආයතනය (විදේශීය ) - රශියා ටුඩේ  
10) අප්‍රියතම මාධ්‍ය ආයතනය (දේශීය ) - ලංකා ඊ නිවුස් 
11)අප්‍රියතම මාධ්‍ය ආයතනය (විදේශීය ) - චැනල් 4 
12 ) ප්‍රියතම රාජ්‍ය තාන්ත්‍රිකයා - වෛද්‍ය ක්‍රිස් නෝනිස්  
13) අප්‍රියතම රාජ්‍ය තාන්ත්‍රිකයා - අචාර්ය දයාන් ජයතිලක

මේ සමස්ත සිද්ධිය ගැන අපේ සම්පත් දායකයෙක් "හරකාගේ බ්ලොග් අඩවිය" වෙත මෙසේ කියා තිබිණි.

පට්ටම ආතල් එක තමා දැන් ක්‍රිස් නෝනිස් මහත්මයාව උඩ දාගෙන පුම්බන බොහෝ දෙනා, ඔහු එංගලන්තයේ උගත්, බටහිර අධ්‍යාපනය ඉහළින්ම ලැබූ, සිංහල කතෝලිකයෙක් බව නොදැනීම. සිංහල වෙන්න නම් බෞද්ධ වෙන්ඩ ඕනේ, කතෝලිකයෝ සිංහලයෝ නෙමෙයි කියල කෑගහන, ඉංග්‍රීසි දැනුම සහ සුද්දගෙ දැනුම තුට්ටුවට දාල කතා කරන, "කැම්පස් ලොකු නෑ / බටහිර විද්‍යාව ලොකු නෑ" කියල කියන "ජාතිකවාතකාර" උන්දෙලා, (දොර-මඩ-ලා ගන්න ප්‍රෝග්‍රෑම් වලදි බටහිර අධ්‍යාපනයට එරෙහිව කෙස්පැලෙන විචාර දෙන ගමන් තමන්ගේ දරුවන්ට ඉහළින්ම බටහිර අධ්‍යපනය දෙන මහැදුරුතුමන්ලාත් ඇතුළුව) දැන් මොකද කියන්නේ? බටහිර අධ්‍යාපනය ලද, කතෝලික, කඩ්ඩෙන් කතාකරන, ආදී ජෝසපියන් කෙනෙකු වන ක්‍රිස් නෝනිස් මහතා සිංහල ද? නැද්ද? දීහල්ල බලන්න උත්තර.  
ඊළඟට: විදේශයක ඉගෙන ගත්තු කතෝලික ක්‍රිස් නෝනිස් මහතා අපේ රට වෙනුවෙන් ලොව ඉහළම ප්‍රවෘත්ති නාලිකාවක් වන CNN සමග වාග් ප්‍රහාරයක ඉඳිද්දි, අපේ රටේ පැරණිම දේශපාලන පක්ෂයක් වන, සංකේතය පවා සිංහල බෞද්ධ සංකේතයක් වන, නමට "ජාතික" කෑල්ල අලවගත්තු, හොඳ සිංහල නමක් තියෙන පක්ෂ මූලස්ථානයක එක්රැස් වෙච්ච අපේ රටේම මිනිස්සු, චැනල් 4 කියන ටැබ්ලොයිඩ් ගණයේ නාලිකාවකට පේන්න "යුද අපරාධ" වලට සාක්ෂි රැගත් ඡායාරූප ප්‍රදර්ශනයක් තියනවා. දැන් කවුද දේශප්‍රේමියෝ, කවුද දේශද්‍රෝහියෝ? සිංහල බෞද්ධ ලකුණක් දරන පක්ෂය ද, අර බටහිර හැදී වැඩුණු කතෝලිකයා ද?  
ඊළඟට: යුධ අපරාධ ගැන අපෙන් ප්‍රශ්න කරන නාලිකා දෙකක් මේ සතියේ අපි දැක්කා, සමගාමීව. එකක් CNN, අනික චැනල් 4. චැනල් 4 විරෝධයට වැඩියේ බුද්ධ චීවරය ඇඟේ දාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. CNN එක්ක හැප්පුණේ කතෝලික ගිහියෙක්. දැන් මේ දෙකෙන් වඩා සාර්ථක වුණේ කවුද? අසාර්ථක වුණේ කවුද? එක්කෙනෙක් නිසා ජාති ආගම් භේදයකින් තොරව රටක් ආඩම්බර වෙද්දී, අනිකා නිසා බෞද්ධයන්ට පාරේ බැහැල යන්න බැරි මට්ටමට ඇවිල්ල තියෙනවා. දැන් අපි තෝරාගන්න ඕනේ කාගෙ ප්‍රතිපත්තිය ද?  
මෙන්න සරලම සමාලෝචනය: "පිරුණු කළේ - දිය නොසැලේ".




දැන් ඊළඟට: ක්‍රිස් නෝනිස් මහතාට ශ්‍රී ලංකාව, රණවිරුවන් සහ රජය වෙනුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ අභීතව කතා කළ හැකි වීමට "ප්‍රධාන හේතු" කවරේද?

[1] බටහිර වාසගමක් තිබීම, ඉංග්‍රීසි පුළුවන් වීම, පොෂ් වීම, කතෝලිකයෙක් වීම, එතුමා ලබා ඇති විශිෂ්ට අධ්‍යාපනය සහ සහජ දක්ෂතාවය ද?
.
[2] රට ගැන ආදරයක් හා කැක්කුමක් තිබීම, ජනාධිපති වරයාගේ නිවැරදි පත්කිරීම, රජයේ ප්‍රතිපත්ති වලට පක්ෂපාතී වීම, කිව යුතු දෑ ගැන නිසි උපදෙස් ලබා දීම සහ පිළිපැදීම ද?

මේ එක්තරා දේශපාලන විචාරකයෙක් අසා තිබු පැනයකි. පිළිතුර එක ද, දෙක ද? අපට දෙන්නට ඇති පිළිතුර වන්නේ, දෙකම නොවේ යන්නයි. බටහිර වාසගමක් ඇති, ඉංග්‍රීසි පුළුවන්, පොෂ්, කතෝලික, උගත්, සහජයෙන්ම දක්ෂ දේශද්‍රෝහියෝ වෙති; එසේම රට ගැන ආදරයක් කැක්කුමක් ඇති (ලෙස පෙන්වන) රජයට දෙකට නැවීගෙන ඉනනා, උපදෙස් අකුරටම පිළිපදින සහ ඒ වෙනුවෙන් මිනී මරන්නට පවා ලැස්ති උන්දෙලා (උදා: වැලිවේරිය) සිටිති. මේ දෙගොල්ලොම පිස්සු යක්කු ය. වැදගත් වන්නේ ඔය එකක් වත් නොවේ. වැදගත් වන්නේ ඔහුගේ ආකල්ප ය.

ආකල්පය යනු කුමක් ද? කෙනෙකුට අවශ්‍ය නම් ආකල්පය යනු රට ගැන කැක්කුමක් තිබීම කියත හැකිය. එහෙත් එපමණක් කියා කීම සාර්ථක වන්නේ නැත. ඔහුගේ ආකල්පය යනු ඔහු රට ගැන පමණක් නොව, තම රට ලෝකය ඉදිරියේ පෙන්වන්නේ කෙසේද, පෙන්විය යුත්තේ කෙසේද යන්න ගැන දරන මතයයි. එකම වගේ අරමුණු වෙනුවෙන් පෙනී ඉන්නවා සේ අපට පෙනුනත්, ඥානසාර ක්‍රමය සහ නෝනිස් ක්‍රමය අතර වෙනස ඇතිවන්නේ ඔන්න ඔය ආකල්පමය වෙනස නිසා ය.

මේ අතරේ "ඉන්ද්‍රඛීලය" ලියන බ්ලොග්කරු මේ ගැන මෙසේ කියා තිබුණි.

"ක්‍රිස් නෝනිස්ව දිරවා ගත නොහැකිව අවජාතිකයන්ට බුකිය පුරා බඩ යමින් පවතී. විචාර වසුරු ගොඩවල් තැන් තැන් වල එමටයැ. 
"ක්‍රිස් නෝනිස් සිරා පොරක් නෙවෙයි. සිරා නැත්තෙත් නෑ. හැබැයි දයානුත් සිරා. දයාන් ක්‍රිස්ට වඩා සිරා. නෑ දයාන් ක්‍රිස්ට වඩා සිරා. නෑ පැටලුනා ක්‍රිස්ට වඩා සිරා දයාන්....... " 
"ක්‍රිස් නෝනිස් තරමට ඉංග්‍රිසි බැරි වීම නිසා තමයි, අපේ රටේ මිනිස්සුන්ට කෙළ වෙලා තියෙන්නේ. වහාම ක්‍රිස් නෝනිස් වගේ ඉංගිරිසි කතා කළ හැකි පරපුරක් හදන්න අපි හෙට ඉඳන්ම වග බලාගන්න ඕන." 
"ක්‍රිස් නෝනිස් පැවත ගෙන එන්නෙ පෘතුගීසි පරම්පරාවකින්. අන්න පේනව නේද පරංගි අපව අල්ල ගත්ත එකේ වටිනාකම. පරංගි අපිව අල්ල ගත්තෙ නැත්තන් කෝ අපිට සී.එන්.එන්. එකේ සුද්දො එක්ක හරි හරියට කතා කරන්න පුළුවන් ක්‍රිස් නෝනිස් කෙනෙක්."?

සත්‍ය වශයෙන්ම, මෙකී කතාව තුළ, අපේ සමාජය ක්‍රිස් නෝනිස් ව "දිරවාගෙන" ඇති ආකාරය ගැන සරල සුන්දර චිත්‍රයක් ඇඳගත හැකිය. මෙකී ජාතිකෝන්මාදකරුවන් සිතා සිටින්නේ අපේ රටේ බහුතරය ක්‍රිස් නෝනිස් ව අගය කරන්නේ සුද්දා සමග කඩ්ඩෙන් කතා කළ නිසා කියා විය යුතුය.

අපේ විග්‍රහයට පෙර අපේ පිළිතුර මෙන්න.

 "ක්‍රිස් නෝනිස්ව දිරවා ගත නොහැකිව ජාතිකවාතකාරයන්ට ද බුකිය පුරා බඩ යමින් පවතී. විචාර වසුරු ගොඩවල් තැන් තැන් වල එමටයැ. 
"ක්‍රිස් නෝනිස් සිරා පොරක් ඕයි. හැබැයි ඌ කතෝලිකයා. කමක් නෑ සිරා නැත්තෙත් නෑ. හැබැයි දයාන් බෞද්ධලු නේද? දයානුත් සිරා. නෑ නෑ දයාන් ක්‍රිස්ට වඩා සිරා. නෑ ක්‍රිස් තාම වඩා සිරා. නෑ පැටලුනා ක්‍රිස්ට වඩා සිරා දයාන්....... " 
"ක්‍රිස් නෝනිස් හොඳ කඩ්ඩෙන් තර්කානුකූලව කතාකලා තමා, එහෙම නොකළා නම් CNN එකත් එක්ක හැරෙන්න වත් බෑ තමා.. හැබැයි ඒ වගේ කතා කරන්න පුළුවන් වීම මහදෙයක් නෙමෙයි, ඔය ඉංගිරිසිය බදාගෙන ඉඳීම තමා අපේ රටේ මිනිස්සුන්ට කෙළ වෙලා තියෙන්නේ. ඊට වඩා කොච්චර ශෝක් ද නාථ දෙයියන්ගෙන් බණ අහන එක. හැබැයි නාථ දෙයියෝ ආවද CNN එකට? නෑ නෑ එයා තමා ක්‍රිස් ගේ කටට වචන දුන්නේ. වහාම අපි සිංහල පමණක් අනිවාර්ය, ඉංගිරිසි වෛකල්පික කරල හෙළ පරපුරක් හදන්න අපි හෙට ඉඳන්ම වග බලාගන්න ඕන. ක්‍රිස්ලා බිහිවෙයි වෙලාවට" 
"ක්‍රිස් නෝනිස් පැවත ගෙන එන්නෙ පෘතුගීසි පරම්පරාවකින්. හාපෝ චාටර්. හැබැයි ඒක මේ වෙලාවේ කියන්න එපා නේද? මොනා වුණත් මිනිස්සු අතරේ ඒ යකා වීරයෙක් නේ. අපි මේ වෙලාවේ වැල යන අතට මැස්ස ගහන්න ඕනේ. මොකා වුණත්, පරංගියා වුණත්, අපි වෙනුවෙන් කතා කරලා අපේ අතිගරු ජනපතිතුමාගේ මෙවුව එක පරෙස්සම් කරපු මිනිහා නේ. බලන්න එතනත් අපේ තුමාගේ දේශපාලන ඥාණය. එතුමා ක්‍රිස්ව ඔතෙන්ට නොදැම්මා නම් අද කො අපිට මෙහෙම ආතල් එකක්?  අන්න හරි. එහෙම කියමු."

පලි:  සියල්ල අවසානයේ අනාවැකියක් ද කියන්නෙමු. සිරිකොත සිද්ධිය ගැන එක්තරා මහාචාර්යවරයකුගේ පැහැදිලි කිරීම ලබන සතියේ පුවත්පතේ මෙලෙස වාර්තා වනු ඇත.


"ගැසීම යන ක්‍රියාපදය තුළ, ගසන්නෙක් සහ ගුටි කන්නෙක් ඉන්නා බවක් අදහස් වේ. හරියටම වැටෙනවා කී විට ඉබේම 'උඩ/යට' යන සංකල්ප ඇතුලත්ව ඇත්තා සේ ය. මෙකී පහර දෙන්නා සහ පහර කන්නා වශයෙන් ද්වියාර්ථයක් ඇත්තේ බටහිර ග්‍රීක් යුදෙව් ක්‍රිස්තියානි ද්විකෝටික තර්කන ක්‍රමය තුළ ය. අපට අනුව නම් ඕක ද්විකෝටිකය නොව චතුෂ්කොටිකය විය යුතුය. එනම්, ගැහුවා, ගැහුවේ නෑ, ගැහුවේ නැත්තේ නෑ සහ ගැහුවේ නැතුව නොහිටියේ නෑ වශයෙන් අවස්ථා හතරක් පවතී. දැන් අපි ගැසීම යන පදය මෙසේ විභේදනය කරනු දුටුවිට මෙරට අනුකාරක පඬියන් සහ බටහිරින් ගෙන්වා බෙදාහරින පුස්කාච්ච දැනුම් ඇන්කරයන්, ගැහුවා නම් කවුරු කාටද කියා විමසන බව අපි දනිමු. ගසන්නෙක් හෝ නොගසන්නෙක් හෝ, නොගසා ගසන්නෙක් හෝ, නොගසා නොසිටින්නෙක් වශයෙන් පුද්ගල පඥ්ඥප්තියක් ඇත්තේ ඊශ්‍රායලයේ මෝසෙස් ගේ ඊනියා හීබෘ-දේවවාදී බටහිර රේඛීය චින්තනය තුළ මිස, අපේ දේශීය සිංහල බෞද්ධ චක්‍රීය චින්තනය තුළ නොවේ. අපට අනුව මෙතැන සත්ත්ව පුද්ගල පඥ්ඥප්තියක් නැත. ඇත්තේ පංචස්කන්ධ පමණි. එසේ සත්ත්වයෙක් සිටිනවා, එනම් ගසන්නෙක් සිටිනවා ය කීම මනසේ නිර්මාණයක් වෙයි. මනස ද මනසේ නිර්මාණයක් ම බැවින්, මා එකදාස් නවසිය බරගණන් වල 'මගේ මෙවුවා එක' නම් පොතේ අහවල් පිටුවේ යට දාරයේ විස්තර කර ඇති ආකාරයට, මෙහි ගත යුත්තක් හෝ විභේදනය කළ යුත්තක් නැතිව යයි. මෙය සම්බන්ධයෙන් අප එතරම් කලබල නොවිය යුත්තේ එබැවිනි. එහෙත් අප කලබල විය යුතු දෙයක් ද තිබේ. එනම්, මේ හරහා පරාජිත විදුලි වසන්තය, රතුපස්වල ජල වසන්තය, වෙනුවට (අනාගත ක්‍රිකට් වසන්තය එනතුරා) ගුටි වසන්තයක් බිහිකරගන්නට සහ එමගින් මේ දේශප්‍රේමී ආණ්ඩුව පෙරළා දමන්නට කැස කවන, දෙමළ වෙල්ලාල ඩයස්පෝරාවේ ඩොලර් කාක්කන්ගේ රූකඩ බවට පත්ව සිටින, ඇමරිකාවේ නූල් සූත්තර අනුව නැටවෙන, දේශද්‍රෝහී කාලකන්ණි බලවේග සූදානම් වෙමින් සිටින බව පෙනේ. අප මේ මොහොතේ සියලු විවාද පසෙක ලා අපේ අතිගරු ජනපති තුමා මෙකී බලවේග වලින් බේරාගෙන රැකගත යුත්තේ එබැවිනි. " 

Sunday, October 27, 2013

සිංහ-අලියා මරා මස්කළෙමි | How I Butchered the Sinha-Ali

මුලින්ම මේ "සිංහ-අලියා" කවුදැයි කියා යුතුය. සිංහ-අලි යනු බ්ලොග් අඩවියකි. මෙවැනි අමුතුම නමකින් මේ බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යනු ලබන්නේ "ප්‍රියන්ත ඇබේ" නමින් බුකියේ පෙනී සිටින එක්තරා මන්ද මානසිකයකු විසිනි.

පසු සටහන: Anonymous One Orig නමින් බ්ලොග් ලෝකයේ පෙනී සිටින්නේ ද මේ අමනයා ම බව සහෘදයෙක් අපට දන්වා සිටියි. 

සිංහ-අලි ප්‍රියන්ත ඇබේ මහතා සිය බුකියේ යොදා ඇති ඡායාරූපය

සාමාන්‍යයෙන් ආතල් එකක් ගන්නට දිනපතා බුකි සංවාද වලට ගොඩ වැදුණත්, මෙවැනි ආතල් සංවාදයක් මින්පෙර කිසිදා මා දැක නැති බව සහසුද්දෙන්ම කිව යුතුය. මන්ද යත් පිස්සෙක්, සිය පිස්සුව සාධාරණීකරණය කරගනු පිණිස කරන උප්පරවැට්ටි එකින් එක ලෙහා දමා උගේ පිස්සුව හෙළි කිරීමද එක්තරා ආතල් එකක් ම වන හෙයිනි. එහෙත් පාට රෙදි හත්පට එතු ගොක්කොළ ගිරවකු ලෙහා බලා ඇතුළත කිසිත් නොදක්නා දරුවකු සෙයින් බලාපොරොත්තු කඩවීමකට මෙහිදී මා නම් ලක් වුයේ නැත: මන්ද අපේ සිංහ-අලි මහතා දිගින් දිගටම ආතල් දෙන්නට සැදී පැහැදී සිටි නිසා ය.

අපේ ඇබේ මහතා අපූරු තියරියක් ගෙන ඒයි. එනම් "මුසල්මානු" යන්න තැනී ඇත්තේ "මූසල්-මෙන්" යන ඉංග්‍රීසි වචනයෙන් ලු. ඒක හැදුනේ මූසල යන සිංහල වචනයෙන් ලු. මෙන්න ඔහුගේම වචන:



මේවාට හිනා වෙන්නට ඕනෑන්නේ කටෙන් නම් නොවන බව කාට වුණත් සක්සුදක් සේ පැහැදිලි ය. කෙසේ වෙතත් අපේ සිංහ-අලි මහත්මා ගේ දැනුම පිණිස, අපි ඇත්තටම මුසල්මානු යන වචනය හැදුණු හැටි ලියා දැක්වීමු. 

ඕනෑම භාෂාවක ශබ්ද මූල තිබේ. අරාබි භාෂාවේ ඇත්තේ ත්‍රියක්ෂර මූල (tri-letter roots) ය.  දැන් අපි උදාහරණයක් සැලකුවොත් K-T-B ("ලිවීම") කියන එකම මූලයෙන්, KiTaB / කිතාබ් ("පොත"), KaTaBa / කතාබා ("ඔහු ලීවේය"), KiTaBat / කිතාබාත් ("ලිවීම / ලේඛනය") taKTiB / තක්තීබ් ("ලියන්නට ඉගැන්වීම") ආදී වචන ශ්‍රේණියක් නිර්මාණය වේ. 

SLM යනු තවත් එවැනි මූලයක් වේ. එහි අර්ථය වෙන්නේ "සම්පූර්ණ වෙනවා" යන්නයි. ඔය එකම මූලයෙන් ඉස්ලාම්, මුස්ලිම්, මුසාලීම්, ඉස්ලාමී, ඉස්ලිම්, ඉසාලීම් ආදී වචන ශ්‍රේණියක් නිර්මාණය වේ. ඒ මිසක් මෙතැන ඔය "මූසල" කතාවක් ලොවෙත් ගෑවිලාවත් ඇත්තේ නැත. මූසල යනු ද සකුවෙන් "මූශල" යන්නයි. හරිනම් "මූසල" යනු පිරිසිදු සිංහල වදනක් වත් නොවන්නේ ය. 

අදාළ වචනය ගැන අන්තර්ජාතික අරාබි-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ සටහන් වෙන්නේ මෙන්න මේ ආකාරයට ය.
The word muslim (Arabic: مسلم, IPA: [ˈmʊslɪm]; English /ˈmʌzlɨm/, /ˈmʊzlɨm/, /ˈmʊslɨm/ or moslem /ˈmɒzləm/, /ˈmɒsləm/[19]) is the participle of the same verb of which islām is the infinitive, based on the triliteral S-L-M "to be whole, intact".[20][21] A female adherent is a muslima (Arabic: مسلمة). The plural form in Arabic is muslimūn (مسلمون), and its feminine equivalent is muslimāt (مسلمات). The Arabic form muslimun is the stem IV participle[22] of the triliteral S-L-M

නොදන්න පයන්නවල් අතගාන්න ගෙහුං රෙද්දේ රෙවාගන්නවා කියන්නේ මෙව්වට ය!

භාෂාවන් අතර වචන හුවමාරු නොවන්නේ යැයි අපි නොකියමු. සංස්කෘත මාතෘ, පිතෘ, දුහිතෘ යන වචන තුනම එලෙසින්ම, mater, pater, daughter ආදී වශයෙන් අදටද රෝමානික භාෂා වල දක්නට ලැබේ. අමතරව, අරාබියෙන් වෙනත් උදාහරණ ලෙස,

අරාබි "al-kuhl" > ඉංග්‍රීසි "alcohol"
සකු "ඉභ" (ඇතා) > අරාබි "al-ib" > සිංහල "අලියා" (මූලාශ්‍රය JRP සූරියප්පෙරුම)

ද දැක්විය හැකිය.

මූශල යන්න සකු වදනකි. එයත්, ආරාබික "මුස්ලිම්" යන්නත් අතර මොනම මළ කෙහෙල්මල් සම්බන්ධයක් හෝ නැත. තිබුණා නම් සොයා නොගෙන ඉන්නේ ද නැත. එසේ කියන්නේ ඇයි?

බාබෙල් කුළුණ (Tower of Babel) නමින් බයිබලයේ එන පුරාවෘතයක් ඇත. ඉන් කියැවෙන්නේ, මුලින් එකම භාෂාවක් කතා කළ ජනතාව, පසුව භාෂා ගණනාවකට බෙදී වෙන ගිය බවක්. එනිසා, ඔය කියන "සියලු භාෂාවන්ගේ මාතෘ භාෂාව" සෙවීම, බටහිර දේවධර්මවාදීන්ගේ ලොකුම ඉලක්කයක් වී තිබිණි. හොයාගෙන හොයාගෙන ඇවිත් ඔවුන් නැවතුණේ සංස්කෘතයේ ය. සංස්කෘත භාෂාවේ අඩුම ගණනේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තිබේ. එකක් Classical Sanskrit හෙවත් සම්භාව්‍ය සංස්කෘත ය. අනික Vedic Sanskrit හෙවත් වෛදික සංස්කෘත ය. මෙන්න මේ වෛදික සංස්කෘත බස ය, අදට ජීවත්ව ඇති ඉන්දු ආර්ය භාෂාවලින්, ප්‍රාථමිකම සහ පැරැණිම එක ලෙස ගැනෙන්නේ.

ඒ නිසා මුස්ලිම් යන වචනයට සකු මූලයක් තිබ්බා නම්, බටහිර දේවධර්මවාදීන් ඕක හෝද හෝද මඩේ දමමින් පට්ට ගහනවා මිසක් හංගාගෙන ඉන්නට හේතුවක් නැත.

කෙසේ වෙතත් අපේ "සිංහ-අලියා" හට නම් තවත් ආතල් නිමක් නැත. මෙන්න ඔහුගේ පිළිතුර.


අපි මේ පච වට්ටෝරුවත් සලකා බලමු.

1. මුශල යන වචනයට "හතරවන දරුවා" යන තේරුමක් ලොවෙත් නැත. මෙකී ප්‍රියන්ත නම් වූ ඇබයා මෙන් නොව අප නම් කතා කරන්නේ මූලාශ්‍ර සහිතව ය. සාමාන්‍යයෙන් සකුබස පිළිබඳව ලොව පිළිගත් ඉහළම ශබ්දකෝෂය වන මොනියර් විලියම්ස් ශබ්දකෝෂයේ, මුශල යන්නට අරුත් දැක්වෙන්නේ මෙසේ ය.

අදාළ ඡායාරූපය කුඩා නම් ඒ මත ක්ලික් කිරීමෙන් විශාලිත පිටපතක් ලබාගත හැකිය. 

මේ අනුව "මුශල" යනු වෙන මොකක්වත් නොව, මොල්ගසක් බව පෙනේ. වී කොටන්නට ගන්නා වී නංඩුව හෙවත් මුසින්නට ය, මුශල කියන්නේ. හැබැයි අපේ සිංහ අලියා වැනි "මෝල්" ගසකට නම් ඒ නම වඩාත්ම ගැළපේ.

2. Mosul නගරයට ඒ නම ආවේ කෙසේද? Mosul යනු මුස්ලිම් යන වචනයත් සමග මොනම සම්බන්ධයක් වත් ඇති වදනක් නොවේ. එහි තේරුම වෙන්නේ සංධිස්ථානය ["The City (that) Connects"] යන්නයි.

ක්‍රි.ව. අටවන ශතවර්ෂයේ දී මොසූල් නගරය උමයියාඩ් රජ පෙළපත යටතේ මෙසපොතේමියාවේ අගනගරය වුණාට පසුව, ඔතැන සිට ලෝකයේ හැම අස්සකට මුල්ලකටම වෙළෙඳ මාර්ග ව්‍යාප්ත විය. අන්න ඒ නිසාය, ඊට "සංධිස්ථාන" නගරය යන නම ලැබුණේ. නැත්නම් එහි මුල නම වෙන්නේ al-Faiha ("දිව්‍යලෝකය") නැත්නම් al-Khaḍrah ("හරිත නගරය") යන්නයි. ඒ මිසක් මුස්ලිම් වෙච්ච නිසා මොසූල් කියා නමක් නම් කොහෙන්වත් ආවේ නැත. ලෝක ඉතිහාසය ගැන මෙලෝ මළදානයක් නොදන්නා අමන ගොබ්බයෙක් රටෙත් ඉන්නට බැරිව පළාගොස්, ඉන්න තැනකට වෙලා කරන ජොබ් කට්ටක් කරගෙන නොයිඳ අර්ථ නිරුක්ති දෙන්නට ගියාම මෙවැනි අනාගැනීම් සිද්ද වීම ස්වාභාවික ය.

3. තමිල් නාඩු යනු දෙමළ භූමිය යන අරුත් දෙයි. ඔවුන් සහ මුසල්මානුවන් අතර මොනම ආකාරයක වත් පෙළපත් සබඳතාවක් නැත. තමිල්නාඩුවේ ඉන්න දෙමළු මේ ටික දැක්කා නම් (උදා: "එළාරත් මූසලයෙක්") ඔස්ට්‍රේලියාවට ගොස් මේ ගොබ්බයා ගල් ගසා මරාදමනු ඇත.

දියසේන විකුණන් කෑම


ඊළඟට, අවසාන වශයෙන් අපේ ගොබ්බ මහතා සිය බ්ලොග් පඩංගුවේ මෙන්න මෙහෙම ලිපියක් ලියා තිබේ. ඔහු සිය කරුණු කාරණා වලට දෙන්නේ මෙන්න මේ මූලාශ්‍රය ය.

අවවාදයයි! බඩේ කෑම තියාගෙන මේ ලිපිය කියවීම වමනයට ඒමට හේතුවක් විය හැකිය. ගෙදර පොඩි බබාලා වෙත්නම් මෙය කියවන්නට එපා. හැකිනම් තනිව කියවන්න. නැත්නම් ඔබේ සිනාවට බය වී බබ්බු ඇහැරීම හෝ, සිනාව නවත්වා ගැනීමට නොහැකි වීම නිසා ඔබ පිස්සෙක් යැයි සිතා ඔබව මානසික රෝහලක නැවත්වීමට ඉඩ තිබේ. 

1. ලිපිය ලියන්නා මෙසේ කියයි. 

//වර්ෂය ඇරඹෙන දිනයන් ගේ වෙනස, මේ මාතෘකාව යටතේ ඇති දත්ත විග්‍රහ කිරීමට අවබෝධ කර ගත යුතු ය. මේ ලිපිය ලියන්නේ ග්‍රේගරියන් වර්ෂ ක්‍රමයට අනුව 2013 පෙබරවාරි (02) මුල දිනයක දීය. අපි සියලු දෙනාම 2013 වසරට පා තබා ඇතැයි සිතමු. එහෙත් ග්‍රේගරියන් වර්ෂ ක්‍රමයට අණුරූප වූ සිංහල (මනු වර්ෂ අතහැර ග්‍රේගරියන් වර්ෂයට අණුරූප වසර එම ගණනින් ම ගත් විට) වසර, එනම් සිංහල වසර 2013 ලබන්නේ ලබන අප්‍රේල් 12-13 දින දී ය. මේ ලියන දින වකවානුව අයත් වසර වනුයේ සිංහල වසර 2012 ය. එසේ නම් ආදි සිංහලයන් කී දෙයක් පරිවර්තනය කර, අණුරූප වසර 2013 අප්‍රේල් මස පහ (05) දින සිදු වේ යයි කීවේ නම්, අප එම දිනය කියන්නේ තව මාස දෙකකින් (02) එන අප්‍රේල් පහ (05) ලෙස ගත හොත්, සැබැවින් ම අප කතා කරන්නේ අණුරූප සිංහල වසර 2012 දී වන දෙයක් නොවේ ද? //

සරලව කියන්නේ නම්, මේ කියන්නේ ග්‍රෙගෝරියන් වර්ෂ 2013 ට අනුරූප වන සිංහල වර්ෂය සොයන්න කියා ය. එනම්, දියසෙන් කුමරු උපදින්නේ ඔහු උපදිනවා යැයි කී 1959 අප්‍රේල් 05 දින උදේ 06.06 (එනම් මධ්‍ය සුර්යෝදයාදී පැය 00.00) ට නොව, ඊට අනුරූප "සිංහල" දිනයට ලු. එනම්, (ඔහු කියන විදියට) "1958 අප්‍රේල් මස පහ දින උදේ 06.06" ඉපදුන කෙනෙක් ලු සෙවිය යුත්තේ.

හිනා යන්නට පටන් ගන්නේ දැන් ය. එනම්, ග්‍රෙගෝරියන් කැලැන්ඩරය වනාහි ටිකෙන් ටික ""පස්සට"" යන කැලැන්ඩරයක් මිස, ශකරාජ වර්ෂමානය මෙන් ටිකෙන් ටික ""ඉස්සරහට"" යන වර්ෂ ක්‍රමයක් නොවීමයි. ඒ කියන්නේ දෙනලද ඕනෑම මොහොතක, ශකරාජ වර්ෂය නිවරදි සූර්යමානය අනුව ගියත්, ග්‍රෙගෝරියන් කැලැන්ඩරය එන්නේ ඊට "පසුපසින්" මිසක "ඉදිරියෙන්" නොවීමයි. (වතාවක් ඔහොම දින පස්සට යාම නිසා ග්‍රෙගෝරියන් කැලැන්ඩරේ දින 11ක් කපා ඉවත්කොට, හරිගස්සා තිබේ. [Thursday, 4 October 1582 was followed by Friday, 15 October 1582, with ten days "missing". ]. එනිසා ඔය කතාව හරිම කියා කීවත්, එහෙනම් අදාළ "සිංහල" දිනය වන්නේ 1960 අප්‍රේල් 05 මිස, 1959 අප්‍රේල් 05 නොවේ.

2. ගණන් හදල මහන්සි නම් මෙන්න මේ ටික බලල හිනා වෙන්න පුළුවනි. 

//අද දියසේන යන නම භාවිතයේ නැත්තේ නූතන වචන රටාව වෙනස් වීම නිසාය. ආදි කල, දියසේන යනු දිය දෙන කෙනා යයි අරුත් ගති. එකල දිය යයි කී දෑ සුළු දිය මගින් තහවුරු වේ. ඒ අනුව, දිය යනු අද වහරෙන් ශුක්‍ර ධාතු ලෙස ගත හැක. මෙහි දී අදහස් වනුයේ පියා (තාත්තා) යයි කීම ය. පියා යන වදන දිය යන්නෙන් බිහි වූ බව පෙනේ. කලින් ලිපියක තාත්තා යන වචනය ගැන කීවෙමි. එසේම දිය යයි වතුරට ද කියවේ. එකල වතුර ජීවිතයත්, ගින්න මරණයත් සනිටුහන් කලේ, කැළෑ ජීවිතයේ දී ජීවිතය රැකෙන්නේ වතුර ලැබුනොත් පමණි. එසේ නම් දියසේන යනු වතුර සොයාදෙන කෙනා හෙවත් ජීවිතය දෙන කෙනා යයි කිව හැක. අද ද මාතර පෙදෙසේ පියසේන (පියා+කෙනා) සිංහල ගම්වල බහුලව යොදන පිරිමි නමකි. වචන ව්‍යාප්ති විදි අනුව ආදි සිංහලයන් කී දියසේන සෙවිය යුත්තේ එම නමින් නොව එහි නූතන වදන වන පියසේන යෙදීමෙනි.//

දියසේන යන වචනය එන්නේ කොතනින්ද යන්නවත් මේ ලියන්නා නොදනී. ඔය වචනය එන්නේ පැරකුම්බා සිරිතෙනි. එනම්

"ගියකල දෙදහස් පන්සීය.. රජෙක් එතැයි දිය නා" යන්නෙනි.

එනම්, මෙහි අරුත වන්නේ මේ කවියට අදාළ සංවාදය කෙරෙන දිනයේ සිට ඉදිරියට වසර 2500ක් ගතවූ තැන ලෝක නායක රජෙක් එන්නේය කියා ය. දිය යනු ජගත් යන්නෙන් බිඳුනකි. දියනා යන්නෙහි අරුත වන්නේ ලෝක නායක යන්නයි. (අවශ්‍ය නම් වතුර නාගෙන යන අර්ථය ද පහසුවෙන්ම ගන්නට තිබිණි). ඔය වචනය දියසේන කළෝ නම් ටීකාචාරීහු ය. එනම් "ලෝකයම එක සේනාවකට ගන්නෝ ය" යන අරුතිනි. දෙකම එකම අරුතය. දුර්බුද්ධික ජනයා වනාහි මෙය හුදෙක් සංඥා නාමයක් ලෙස වරදවා ගෙන, දියසේන නමින් ඇත්තටම රජෙක් වන්නේ ය කියා සිතීම ස්වභාවිකය.

එහෙත් දියසේන, පියසේන කළ ආකාරය දුටුවිට මා අන්දමන්ද වී ගිය බව අමුතුවෙන් කිවයුතු නැත. එසේම ඔහු කියන ආකාරයට, //දිය යනු අද වහරෙන් ශුක්‍ර ධාතු ලෙස ගත හැකි// නම් වැරදිලාවත් මේ මනුස්සයාගේ ගෙදරට ගිය එකෙක් "දිය පොදක්" ඉල්ලුවොත් වෙන්නේ හරිම හත්වලාමකි!

3. උඩ කී බ්ලොග ලියන්නා ගේ භූගර්භ විද්‍යා දැනුම අප විස්මයෙන් අමන්දානන්දයට පත්කරයි. මෙන්න ඔහුගේම වචනයෙන්.

//ගිය වසරේ සිංහල අවුරුදු උදාව සමඟ යම් සුවිශේෂ භූමි කම්පනයක් ඇති විය. තම සුපුරුදු අමනකම ලොවට හඬ ගා කියන ආචාරියන් තිදෙනකු එය ගිණිකොණ දෙස ඇති වූ තිරස් තල ගමනක ප්‍රථිඵලයක් යයි කීහ. එහෙත් පැය 24ක් තුල රටාවකට සියලු භූ විවර කම්නය වූයේ ඒ නිසා යයි කීම විහිළුවකි. එසේ නම් සුනාමිය උදා කල මහා කම්පාව දෙරණ කෑලි වලට කැඩිය යුතු නොවේ ද? බොහෝ අසිරිමත් දෑ වන බව දැන දැන නොකියා සිටීමට සිදුවේ. මේවා අද්භූත දෑ ද නොවේ. අප එම සිදුවීම දියසේනයන් තමන් කවුදැයි දැන ගැනීමට සැකය දුරලීමට කල දෙයකැයි කියමු. මීට වසර කිහිපයකට පෙර සිංහල රට ලොකු කර ජනගහණය මිලියන හාර සියය දක්වා වැඩි කිරීම අවශ්‍ය යයි කී කතාවට පසු, ගිණිකොණ දෙස ඇති වූ පැළීම සුභ ලකුණක් සේ පෙනේ. අප මිථ්‍යාවන් යයි බැහැර කරන දේ මගින් කියන්නේ අපේ නොදැනුම මිස වෙන යමක් නොවේ.//

පළමුව මේ සිද්ධියේ ඇත්ත නැත්ත විමසමු. ලිපිය ලියා ඇත්තේ 2013 පෙබරවාරි මස 08 වන ශනිදා ය. ඒ කියන්නේ මොහු කතාකරන සිංහල අවුරුද්ද වනාහි 2012 වසරේ සිංහල අවුරුද්ද විය යුතුය. මා ළඟ 2012 ලිත නොතිබූනත්, සුළු වෙහෙසකින් පසුව 2012 අලුත් අවුරුද්ද ලැබූ දිනය සහ වෙලාව සොයා ගතිමි. ඒ, 2012 අප්‍රේල් මස 13 වන සිකුරාදා අපර භාග 07.20ට ය. (මූලාශ්‍ර දී තිබේ).

දැන් ඇත්තේ ඔය කියන දිනයට, ලංකාවට දැනුණු යම් භූ චලනයක් වේදැයි සෙවීමය. එයද එතරම් අපහසු කරුණක් නොවී ය. ඒ අනුව 2012 වසරේ අප්‍රේල් මාසයටම ලෝකයේ රික්ටර් පරිමාණය 3.0 ට වඩා විශාල (එනම් යම්තමින් හෝ මිනිසුන්ට දැනෙන) භූකම්පන සිදු වී ඇත්තේ 9ක් පමණි. [මූලාශ්‍රය World Earthquakes Live]

  • April 28 TONGA 1
  • April 21 INDONESIA 1
  • April 17 CHILE 1
  • April 17 PAPUA NEW GUINEA 1
  • April 14 VANUATU 1
  • April 12 CALIFORNIA 1
  • April 11 SUMATRA 2
  • April 11 MEXICO 1

මින් අප්‍රේල් 13 ආසන්න ඒවා පමණක් ගනිමු. එසේනම් ඊට අයත් වන්නේ අප්‍රේල් 11-12-14 දිනවල සිදු වූ ඒවා පමණි. අප්‍රේල් 11 මෙක්සිකෝවේ එකවත්, අප්‍රේල් 12 දින කැලිෆෝනියාවේ එකවත් අප්‍රේල් 14 දින වනවාටු වල එකවත් ලංකාවට දැනෙන්නට විදියක් නැත. එහෙනම් මේ කියන්නේ අප්‍රේල් 11 සුමාත්‍රා හි භූ කම්පනයයි.

ඊළඟට අපි ඒ ගැන සොයා බලමු. 

2012 අප්‍රේල් 11 දින සුමාත්‍රාහි භූ කම්පන දෙකක් සිදුව ඇත. ඒ දෙක, රික්ටර් පරිමාන 8.2 හා 8.6 වන ප්‍රබල ඒවා වේ. මේ දෙකම සිදුව ඇත්තේ පොළොවට කිලෝමීටර් 22.9ක් පහළිනි. එය ලංකාවට දනී ඇත්තේ එදිනම පස්වරු 2.8.38 ට ය. [Wednesday, April 11, 2012 at 02:08:38 PM - Delhi, Bombay, Calcutta]. මෙන්න එහි වාර්තාව.

//At least 2 people killed, 8 others died from heart attacks and 12 injured in Aceh. Felt in much of Sumatra and Java. Felt widely in South and Southeast Asia, including Bangladesh, Brunei, Burma, India, Maldives, Sri Lanka, Thailand and Vietnam. Felt as far as Pune, India and Broome, Australia. A 31-cm tsunami was recorded at Meulaboh, Indonesia.//

දැන් අපි Abe ගේ පච වට්ටෝරුව බලමු. 

1. //ගිය වසරේ සිංහල අවුරුදු උදාව සමඟ යම් සුවිශේෂ භූමි කම්පනයක් ඇති විය. // ටොම් පචයකි. අවුරුද්ද ලැබුවේ අප්‍රේල් 13 සිකුරාදා අපරභාග 07.20 ටය. ඔය භූ කම්පන දෙකම ඇතිවුණේ අප්‍රේල් 11 දින, එනම් සිංහල අවුරුද්දට දින දෙකකට පෙර ය. ඒවා ලංකාවට දැනුණේ අප්‍රේල් 11 දින පස්වරු 2:08 ටය.

2. //පැය 24ක් තුල රටාවකට සියලු භූ විවර කම්නය වූයේ // මෙහෙම කතාවක් කොහෙවත් කියා නැත. අප්‍රේල් 11න් පසුව ආපහු ඊළඟ භූ චලනය ඇතිවුණේ අප්‍රේල් 12 කැලිෆෝනියාවේ දී ය. ඕකෙ මොනම රටාවක් හෝ ඇත්දැයි කෙනෙකුට සිතියමක් ගෙන අදාළ භූකම්පන ඇතිවූ තැන්වලට තිත් ටිකක් තියා බලන්නට පිළිවනි.

3. //එසේ නම් සුනාමිය උදා කල මහා කම්පාව දෙරණ කෑලි වලට කැඩිය යුතු නොවේ ද? // ඇත්ත වශයෙන්ම එසේ විය. මේ මුග්ධයා මේ ලියන්නේ ඔය කිසිවක් දැනගෙන නොවේ.

අවසාන වශයෙන් හොඳම විහිලුව,

4. //ගිණිකොණ දෙස ඇති වූ පැළීම සුභ ලකුණක් සේ පෙනේ.//

මිනිස්සු 10 දෙනෙක් මරාගෙන ඇතිවූ අපූරු සුබලකුණක් මා මේ අහනවාමද කොහෙද! හැබැයි සුබ නිමිති බැලීම බුදු දහමට අනුව නම් මිථ්‍යාවකි.

භූකම්පාවෙන් මළ මිනිස්සු වෙනුවෙන් හඬන අම්මලා තාත්තලා, දරුවන්ගේ සෝදුක් හඬින් දියසෙනට ආසිරි පතන, මල්වැසි වස්සන අප ලේඛක තෙම, ඊළඟට මෙහෙම කියන්නේ ය.

//අප මිථ්‍යාවන් යයි බැහැර කරන දේ මගින් කියන්නේ අපේ නොදැනුම මිස වෙන යමක් නොවේ.//

තිලොවට තිලක වූ අමා මෑණි බුදු පියාණන් වහන්ස! මේ ලේඛකයා හමුවේ ඔබේ දෙසුම් සියල්ල බොරුවී යන්නේ යැ!!

ප්‍රතාපවත් සිංහල පරපුරේ උරුමක්කාරයා යැයි (තමන්ම) කියාගන්නා ප්‍රියන්ත ඇබේ නම් වූ සිංහ-අලියාණෙනි, හැකිනම් මේවාට පිළිතුරු දෙන්න! 

Tuesday, August 6, 2013

කො තොපේ වීරයෝ? | Where the Fuck are your Heroes?

සටහන: 
එළව එළවා පහරදීම අපේ පුරුද්ද නොවේ. එහෙත් පසුගිය කාලයේ අප හරිවැරැද්ද වෙනුවෙන් කතා කළ විට අපට ලැබුණේ අපේ මවුපියාණෝ මතක් කර බණින අන්තිම පාහර බැණුම් ද, අතොරක් නැති මරණ තර්ජන කල්ලි තර්ජන හා මැර තර්ජන ද, පමණි.

එදා අප හඳුන්වන්න ට මේ හුජ්-ජාතිවාදියෝ පාවිච්චි කළ වචන සෙට් එකක් තිබේ. ඒවායින් සුලබම සෙට් එක මෙන්න මෙසේ දක්වතොත්, 


සර්වාගමික පූට්ටු කාරයෝ!
දේශද්‍රෝහියෝ!
නිරාගමිකයෝ!
බල්ලෝ!
අවජාතිකවාදියෝ!
මේ රටේ පවට උපන්න හැත්ත!
තම්බින්ට පුක දෙන්නෝ!

මේ ලැයිස්තුව අහවර කරන්නට වෙනම ම ලිපියක් ලීව යුතුය. එහෙයින් මේ අවලාද නවත්වා අපි වර්තමානයට ආ යුතුය. වර්තමානයේ අර වෙඩි කෑ අසරණයින් වෙනුවෙන් ගිණිතියාගන්නට නොවේ, පාරට බැස හඬක් නගන්නවත් ඉතිරි වුණේ කවුද? බොදු බල සේනාවද? සිංහල රාවයද? රාවණා බලයද? මොකාද? 

ඇත්ත කතාව වන්නේ මේ මොන පරයෙක් වත් අර වෙඩි කාපු උන් වෙනුවෙන් කතා කරන්නට ආවේ නැත යන්නයි. හරක් මැරිල්ලට එරෙහිව චීවරය පිටින් ගිණි තියාගන්නා රටේ කැසිනෝකාර මුදලාලි කෙනෙකුගේ පැට්ටේරියකිං ගලන වතුර ටික විස වී පාරට බැස්ස පවට බල්ලන් බළලුන් සේ වෙඩි  තබා මරාදමන ලද අහිංසක පරාන වෙනුවෙන් කතා කරන්නේ ඒ සර්වාගමික පූට්ටු කාරයෝ ය. ඒ දේශද්‍රෝහියෝ ය. ඒ නිරාගමිකයෝ ය. ඒ බල්ලෝ ය. ඒ අවජාතිකවාදියෝ ය. මේ රටේ පවට උපන්න හැත්ත ය. තම්බින්ට පුක දෙන්නෝ ය. 

කොටිම්ම වෙනදාට දවසට එක ගණනේ පිටු ගණන් ලියන සමහරක් අති දැවැන්ත බ්ලොග්කාරයෝ පවා අද නිහඬ ය. බොහෝ දෙනා ඒ ගැන විවේචන මුඛයෙන් කතා කළත් අප නම් කියන්නේ එය විවේචනය නොකළ යුතුය යන්නයි. මන්ද, ඒ නිහැඬියාවම මහා හයියෙන් කෑගසා හඬන බැවිණි. රටේ මහ එව්වෝ ම කට පිරෙන්නට කටට ඇරගෙන ඉන්නා විට අනිත් එව්වෝ ගැන කවර කතා ද? මේ එක පරයෙක් වත් කටක් අරින්නේ නැත්තේ උන්ට කට පිරෙන්නටම ශුක්‍ර ධාතුව පොවා ඇති බැවිණි.


Photo Credits to partyrehab


ඒ නිසා දැන් එළැඹ ඇත්තේ අපේ වාරයයි. මේ කරන්නේ මිනී බෙදාගන්නට සණ්ඩු සරුවල් කිරීම නොව, ඇත්ත ඇති සැටියෙන් කියා දීම ය. මේ වෙලාව කට කාටත් ඊනියා ජාත්‍යාතල් එකෙන් අන්ධව තිබු ඇස්දෙකට පොඩි එළි කරුවලක් වැටෙන මොහොතකි. එසේ හෙයින් මේ ලද අවස්ථාවේ දී වත් මේ ටික කිව යුතුමය.

මේ පහතින් දැක්වෙන්නේ වත්පොත හරහා පළවූ එවැනි අදහස් කීපයකි.


මතං නානසාරේ මේ ටිකේ උඹෑ කොහේ ගියෑද? මං හිතං උන්නේ අපහු ඔබා අයියා බලන්ඩ ගෙහුං කියලා. උඹෑ සද්ද බද්ද නොකර උන්නු අල්ල පනල්ලේ අපේ වීරෝදාර මුර දෙයියොන්ටයි හිංගල බහුද්ද ජහමනයාටයි අඟහරු ලෝකෙන් මෙහෙට්ට කඩාපැනපු කුරුමිට්ටෝ දහ පාළොස් දෙනෙක් හරියට අරියාදු කොරලා. මේ පාර වෘෂභ දෙයියොන්ට නෙවෙයි අපේ... අපේ.... ලේ තියෙන අපේ උන්ට යකෝ. තොපිට අපිට අත්පුඩි ගහපු උන්ට යකෝ.

නාථ දෙයියොන්ට ම ඔප්පු වෙච්චාවේ.... පස්සෙනේ දන්නේ උඹෑත් ලේෆ්ට් රයිට් ඩිශුම් ඩිශුම් ඩොන් පටෝන් පුරුදු වෙලා තරු හුඟාරියක් තීන පුටුවක ඉඳගත්ත කියල. දැන් ඉතිං හම්බයොන්ට දෙතෑකී................................
ආනන්ද තෙන්නකෝන්


හරක් මස් කඩ ගිණි තියන්න පන්දම් විලක්කු තියාගෙන පහුගිය දවස් වල ගිය බොදු බල සේනාවේ පාහරයන්ට ඔය විලක්කු පන්දම් අරන් ගිහින් වැලිවේරියේ මිනිසුන්ට වස දෙන ෆැක්ට්‍රියට ගිණි තියන්න බැරි බිජ්ජ කොර වෙලාද ?

වෝල් පෝස්ට් වලින් සිංහ නාදය දාපු පගර හැත්තට මේ පේන විනාශයට අකුරක් ලියන්න බැරි උඹලාගේ ඇගිලි වණ වෙලාද ?
කැළුම් විජේවර්ධන


වෙනදට "අවජාතික වාදියො, අවජාතකයො, බටහිර දැනුමෙන් ඔලුව කුරුවල් කර ගත්තු පඬියො, පුස්සො, කට පාඩම් උගත්තු, ජාතියක් ජම්මයක් නැති එවුන්, දේශ ද්‍රෝහියො, ජාති ද්‍රෝහියො, පර ගැත්තො, බටහිර කුක්කො, සමාජවාදි පරයො, පශ්චාත් නූතන වාදි බල්ලො, බටහිර නූතනවාදි හිපියො" කියලා තොපෙන් කුණු බැණුම් අහගත්තු පිරිසක් ඉන්නව නේද...?... අන්තිමට තොපි උඩ දාගෙන දඟලන එවුන් තොපිට බල්ලන්ට වගේ වෙඩි තියලා දැම්මට පස්සෙ කට අඬකින් වත් තොපි වෙනුවෙන් කෑ ගහන්න ඉතිරි වුනේ උන් ටික විතරයි නේද...? 

කෝ දැන් තොපි වෙනුවෙන්ය කියලා හන්දියක් හන්දියක් ගානේ බිහිවෙච්ච අටෝරාසියක් "ජාතික සංවිධාන" ... ???? ... "අහවල් එක රැකීමේ බළකාය, අහවල් සේනාව, අහවල් බලවේගය, අහවල් සිංහයො, අහවල් අසිපත, අහවල් දුන්න, අහවල් හෙල්ලය, අහවල් පර්ෂදය "... කෝ දැන් ඒවා...?... එක්කෝ උන් කටයි අනිත් කොණයි වහගෙන ගම් කාපු රිලව් වගේ ඉන්නවා...නැත්තන් උන් තොපිට වෙඩි තියලා දාන්න අණ දීපු උන්ගෙ පැත්ත අරගෙන වෙඩි තියපු එක සාධාරණීකරණය කරලා, වැරැද්ද තොපෙයි කියන්න හදනවා නේද...?... අඩු ගානේ හරක් වෙනුවෙන් දක්වපු උනන්දුව සහ අනුකම්පාව වත් වතුර ටිකක් ඉල්ලපු එකට වෙඩි කාපු තොපි වගේම අහිංසකයො වෙනුවෙන් දැක්වුවද?... 

දැන් තේරෙනවද පර සුද්දගෙ සංකල්ප කියලා හංවඩු ගහලා තියෙන , මේ "මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මානුෂීය නිදහස, නූතන අයිතිවාසිකම්, කම්කරු අයිතීන්" වගේ දේවල් තියෙන ඕන ඇයි කියලා...?... දැන් තේරෙනවද ඒවා වෙනුවෙන් කෑ ගහන එවුන් බැණුම් අහගෙන හරි ඒක කරන්න ඕන ඇයි කියලා...?... 

බටහිර නීතිය, බටහිර සම්ප්‍රදාය, බටහිරින් ආපු මානුෂිය අයිතිවාසිකම්, මේ සේරටම පයින් ගහලා වරෙව් යන්න අපේ අතීතයේ මුල් හොයාගෙන කියලා නිතර දෙවේලෙ තොපිට අඬ ගහන, යෝජනා කරන උන් අද කොහෙද ඉන්නෙ...?.. උන් ඉන්නෙ එක්කො කට පුක වහගෙන, නැත්නම් තොපිට වෙඩි තියපු උන්ගෙ පැත්තෙ.... ආතල්ද...?... 

දැන් තේරෙනවද තොපිට උන් "වරෙල්ලා අපේ කම හොයාගෙන යන්න" කියලා අඬ ගහන්නෙ මොන වගේ ලෝකෙකට යන්නද කියලා...?...දැන් තේරෙනවද තොපිට ඔය ජාතික ව්‍යාපාර කියලා, ජාතිකත්වය යළි පුනරුදයක් කරන්න කියලා, අටවගෙන ඉන්න ඒවයේ එවුන් "මානව හිමිකම්, කාන්තා අයිතීන්, ළමා අයිතීන්" කියන ඒවා බටහිර සංකල්ප කියලා ඒවට පයින් ගහන්න තොපිට පුරුදු කරන්නෙ ඇයි කියලා...?... 

" බටහිරින් ආවත්, මොන තූත්තු කුඩියෙන් ආවත් මේ තරම් යාන්තම් හෙවණැල්ලක් වගේ හරි ඉතිරි වෙලා තියෙන මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම් පිළිබඳ නීති එහෙම නැත්තටම නැති වෙලා ගිය දාට තොපිට පහළ වෙන ප්‍රෞඪ අතීත ස්වර්ග රාජ්‍යයේ සයිස් එක ගැන දැන්වත් අවබෝධ වෙනවද...? ... දැන් තේරෙනවද බටහිරින් ස්වාධීන වෙනවය කියලා ඒවාට ලෝස් නැතුව පයින් ගහලා දැම්මාම වාසිය කාටද කියලා...? .. 

දැන් තේරෙනවද නඩු නැති, මරණ වරෙන්තු තියා අඩුම ගානේ මැරුණු එවුන්ගෙ මළ මිනී වත් නැති සමාජ ක්‍රමයකට හුරේ දාන එක මොන තරම් භයානකද කියලා...?.. .. බාගෙට රාජාණ්ඩුවක් වෙච්ච රටක ජීවත් වෙනකොට, දැන් උඹලට වැටහෙනවද අතීතයේ තිබුණු රාජාණ්ඩු, ඔය ඊනියා "අපේ ආණ්ඩු ක්‍රම, අපේ ක්‍රමවේදයන්, අපේ නීතිය, අපේ නඩු විසඳන ක්‍රම" එහෙම ආයෙ ආවොත් කොහොම සොමියක් තියෙයිද කියලා.... ?.... ඕන වෙලාවක රජ දරුවන්ට, නිළමෙලට, මුළාදෑනිලට, මොහොට්ටාලලට, රාජ පුරුසයන්ට ඕනම දෙයක් කරන්න ඉඩ ලැබිච්ච අතීතය මොන වගේ වෙන්න ඇත්ද කියලා දැන් පේනවද...? 

දැන් තේරෙනවද සරල ක්‍රම වලින් ප්‍රශ්ණ විසඳනවා කියලා කාට උනත් ලේසියෙන් තුවක්කු පත්තු කරන්න ආශිර්වාද කරන එක මොන තරම් භයානක දෙයක්ද කියලා... ?
දමිත් කේතක

Monday, July 29, 2013

සිංහල රාවයේ තවත් පචයක් | Lies spawn Lies

පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමි, වෙසක් පුන් පෝ දින දළදා මාලිගාව අබියස ගිණි තබා ගැනීම, මුළු රටම සසල කරවන ආරංචියක් වූ හැටි ඔබට දැන් මතක නැත. මන්ද දැන් සති දෙක පැන ඇති බැවිණි. එනිසා, එකී සියදිවිනසාගැනීම ගැනත්, ඊට හේතු පාදක වූ මෙතෙක් පැහැදිලි නොකළ අබිරහස් ගැනත් කියවා සිටින්නේ නම් මැනවි. 

සටහන: අප මෙය දකින්නේ සියදිවි නසාගැනීමක් ලෙස මිසක, ජීවිත පූජාවක් ලෙස නොවේ. ඊට හේතු අදාළ ලිපිවල පැහැදිලිව දක්වා ඇත. 

කෙසේ වෙතත් මෙකී ශෝකජනක සිද්ධියෙන් පසුව, සියලු ජාතික සංවිධාන එක්වී ගවඝාතනය තහනම් කරනු පිණිස දැවැන්ත හඬක් නගනයුරු අපි උපේක්ෂාවෙන් බලා උන්නෙමු. නගර සභා කීපයක පුද්ගලයෝ මෙකී රැල්ල පිටින් තබා සිය ජනප්‍රියත්වය නග්ගාගෙන ජනතාව ඉදිරියේ පොරක් වනු අටියෙන් සිය නගර සභාවේ හරක්මස් කඩ තහනම් කළ සැටි ද, ඊට පසුව, එකී නගරාධිපතිගේම ආශීර්වාදය ලබන වෙනත් මැර කල්ලි, හොරෙන් හරක් මරා මස් බෙදාහරින හැටි ද, මේ සියල්ල පසුපස ටින්කළ හරක් මස් ගෙන්වීමේ කූටෝපාය කෙමෙන් දළුලන අයුරුද අපි බලා උන්නෙමු. 

ඊළඟට එළඹියේ "තල මල පිපෙන මොහොතයි". එනම් (අපට නිතර සහය දෙන දමිත් කේතක ගේ වචනයෙන් කියන්නේ නම්) අටෝරාසියක් සංවිධාන එක්ව "තෙද විකුම් පාගෙන, පාගෙන, පාගෙන ගොස්" අවසානයේ නැට්ට පාගා ගන්නා මොහොතයි. ඒ අමිහිරි මොහොත මෙන්න මේ රූපයෙන් බලන්න. 



මේ ඡායාරූපය, "Sinhala Buddhist" නම් ෆේස්බුක් පිටුවේ පළවුයේ 2013 ජුලි 29 වන දින උදෑසන 11.30 ටය. අදාළ දිනය සහ වේලාවද සහිතව මෙන්න ඡායාරූපය යළිත්: [සේයාරුවට සබැඳිය මෙන්න]




සටහන: පසුගිය දිනෙක විශාඛා පාගමන ගැන ඉතාම නින්දිත මට්ටමේ විවේචන එල්ල කළ පිටුව මෙය ම වන අතර, ඔවුන්ගේ මෙනමින් ම පවත්වා ගෙන යන වෙබ් අඩවියක් ද වේ. විශාඛා පාගමන ගැන අප ලියු පළමු ලිපියෙන්ම කණ පැලෙන්නට කියන්න ඕනේ දේ කියා ඇති අතර, දෙවෙනි ලිපියෙන් මෙකී කුහක විවේචන වලට හේතු භූත වූ ලිංගික අසහනය ගැන අපි පැහැදිලි කළෙමු. [Sri Lankan Atheists ලියන තාඹුගේ ලිපියද මීටම සබැඳි විය යුතුය.] අපේ ලිපි දෙකට අමතරව, ඊට වඩා සියදහස් වාරයක් හොඳට, මානවක සහ ප්‍රමුදි යන දෙදෙනා මෙකී ජාතිකවාත කරුවන්ගේ ආතල් කුඩු කර තිබෙන නිසා ඒ ගැන මීට වඩා විස්තර කිරීම අවශ්‍ය නොවේ. 


දැන් මේ අලුත්ම පින්තුර කෑල්ල පළකළ වහාම ඒ ආතල් එකද කුඩේ කුඩුවන ආරංචියක් හැරෙන තැපෑලෙන් ලැබී තිබේ. එනම් ජනපතිතුමා මෙවැනි පොරොන්දුවක් කිසිදාක වී නොමැති බවයි. මෙන්න ඒ ආතල් එකත් බලන්න:

[[ඡායාරූපය හරහා අකුරු කියවීම අපහසුනම් මෙන්න ලිපිය


"President never promised to ban cattle slaughter--By Sithara Pathirana

President Mahinda Rajapaksa did not promise to the Sinhala Ravaya, the extremist Buddhist organization, that he would ban cattle slaughter, Senior Minister of Urban Affairs, A.H.M. Fowzie, told Ceylon Today.

The President promised to look into their demands, in response to a memorandum submitted by Sinhala Ravaya, but he did not say he would ban cattle slaughter, Minister Fowzie reiterated. Earlier, the media reported that the President promised to ban cattle slaughter within the next two months. The minister said he clarified the news report with the President, who had told the minister that the statement was far from the truth.

The President categorically denied having given any promise to ban the slaughtering of cattle. ]]

බෝවත්තේ ඉන්දරතන හිමි යනු (අප අනුමත කළත් නැතත්) සිය අරමුණ වෙනුවෙන් දිවි දීමට පවා පසුබට නොවුණු අභීත මනුෂ්‍ය ප්‍රාණියෙකි. භික්ෂුවක් වශයෙන් උන් වහන්සේ හොඳ භික්ෂුවක් ද නැද්ද යන්න සෙවීම මෙහිදී අපට අදාළ නොවේ. එහෙත් මේ තුට්ටු දෙකේ ගොන්බිජ්ජන්ට වඩා නම් සමාජ ප්‍රකම්පනයක් ඇතිකරන්නට උන් වහන්සේ හට හැකි වූ බව නම් අවිවාදිත ය. දැන් මේ කරන්නේ (ඔවුන්ගේම වචනයෙන් කියන්නේ නම්) "උදාර ජීවිත පරිත්‍යාගය" විකුනං කණ මොහොත ද? 

දැන් ඉතිං අපට මුංගෙන් අහන්නට වෙන්නේ එකම එක පැනයකි: 

තොපි හිතං ඉන්නේ අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලද යකෝ? 

Saturday, July 6, 2013

දහතුන සහ හෙළ උරුමය | 13 and JHU

මේ ලියැවෙන්නේ අද රටේ දැවෙන ප්‍රශ්නය වන බඩගින්න ගැන නොව, ඊට වඩා ආණ්ඩුවට වැදගත් වන 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ලියැවෙන ලිපි පෙළක පළමු වැන්න ය. 
සටහන: හෙළ උරුමය මේ කතාව කියන්නේ පළමුවෙනි වතාවට නොවේ. එහෙත් අතීතය නොව වැදගත් වන්නේ වර්තමානය බැවින් ඔවුන්ගේ මේ පියවරට සහයෝගයක් ලෙස, මේ මාධ්‍ය නිවේදනයට දිය හැකි උපරිම දෘශ්‍යභාවය ලබා දීමට අපි තීරණය කෙළෙමු. 

ලිපිය පළකිරීමට අවසර ලබා දුන් ජාතික හෙළ උරුමයේ ජාත්‍යන්තර සබඳතා අංශ ප්‍රධානි නරේන්ද්‍ර ගුණතිලක මහතා හට අපේ ස්තුතිය!



Wednesday, July 3, 2013

හෙළ දරුවෝ සංවිධානයෙන් පෙත්සමක් | A petition from Hela Daruwo

දිනෙන් දින පරිහාණියට පත්වන ශාසන විනය යළි සුරක්ෂිත කරනු වස්, හෙළ දරුවෝ සංවිධානය විසින් ආරම්භ කරන්නට යෙදුණු සංදේශයක් පිළිබඳව අපට දන්වන්නට යෙදී තිබේ. සියලු වාද භේද පසෙක ලා, ශාසනාලයයෙන් යුතුව සියලු බෞද්ධයෝ මෙයට සහය දෙත්වා යැයි අපි දූ අපේක්ෂා කරමු. 






සංදේශය

අති පූජණීය,ගෞරවණීය මහා නායක හිමිපාණන් වහන්සේලා වෙතටයි!

රට තුල සීග්‍රයෙන් පැතිර යන අන්තවාදි චීවරධාරීන්ගේ ක්‍රියාකලාපය පිලිබඳවයි 

හෙළ දරුවෝ නම් වන අප සංවිධානය, නිර්මල වූ බුදු දහමට මුවාවී කලෙක පටන් රට තුල සිදුවන අන්තවාදී ක්‍රියාකරකම් පිලිබඳ අවධානයෙන් සිටි සංවිධානයක් බව ඔබ වහන්සේලාට මුලින්ම දැනුම් දෙනු කැමැත්තෙමු. 

ඔබ වහන්සේලාද දන්නා පරිදි රටේ මේ වන විට බොදු බලය, රාවණා බලය, සිහල රාවය යනුවෙන් අටවාගත් සංවිධාන ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ ඇතැම් සංවිධාන මෙහෙයවන භික්ෂූන් වහන්සේලා යැයි හඳුන්වාගත් පුද්ගලයින්ගේ දුසිල්වත් භාවය හා ක්‍රියාකාරකම්, වසර 2500 ක් මුළුල්ලේ අඛණ්ඩව රැක ගත් ථේරවාදි බුදුදහමට, දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද කළු පැල්ලම් එක් කරමින් පවතී. මෙවන් සංවිධානයක මහ ලේකම් යැයි හඳුන්වාගත් එක්තරා චීවරධාරියෙක් සමග පසුගිය දා දෙරණ 360 වැඩසටහනේදි කල සාකච්ඡාවේදි හෙළි වුයේ ඔහු විසින් බීමතින් රිය පදවා අධිකරණයෙන් දඬුවම්ද ලැබු අයෙකු බවය .එමෙන්ම මෙවැනි ඇතැම් සංවිධාන විසින් නීති විරෝධීව රටේ නීතිය අතට ගෙන ව්‍යාපාරික ස්ථානවලට කඩා වැදීම, විනාශ කිරීම, ගිනි තැබීම, ගල් මුල් ගැසීම වැනි ක්‍රියා වල නිරත වු බවද මාධ්‍ය මගින් ඔබවහන්සේලා දැනුවත් වන්නට ඇතයි අපි විශ්වාස කරමු. 

මේ සියල්ලකගෙන්ම ශ්‍රී ලංකාවේ බුදු දහමට ජාත්‍යන්තර වශයෙන් එල්ලවන අපකීර්තිය සුළු පටු නොවන බවත්, එයින් රටට විරුද්ධව අවලාද නගනවුන්ගේ ක්‍රියාකාරකම් වලට පැහැදිලි අනුබලයක් ලැබෙන බවටත් වටහා ගැනීමට, උගත් බුද්ධිමත් මෙන්ම වයෝවෘධ, ගුණවෘධ සංඝ පීතෘවරයන් වහන්සේලා වන ඔබ වහන්සේලාට අපහසු නොවන බව අපි විශ්වාස කරන්නෙමු. 

ගරු මහනායක හිමිපාණෙනි, හෙළ දරුවෝ සංවිධානයෙ සාමාජික අප විසින්, සැබෑ බෞද්ධයන් වශයෙන් ශ්‍රී ලාංකික සියලු බෞද්ධයන් වෙනුවෙන් ඔබ වහන්සේගෙන් මේ මොහොතේ ඉල්ලා සිටිනුයේ, අතීතයේදි ද සංඝ සමාජයේ හා සකල බෞද්ධයාගේ උන්නතිය වෙනුවෙන් සිදු කළා සේ, මේ දුසිල්වත් භික්ෂුන් පිරිස ශාසනයෙන් නෙරපා දමා, බුද්ධ ශාසනයේ හා උතුම් අර්හත් ධජය වු බුද්ධ චීවරයේ ගරුත්වය රැක ගැනීමට සෙසු මහානායක හිමිවරුන් සමග පෙරමුණ ගන්නා ලෙසයි. සංඝ සමාජයේ කටයුතු වලට ගිහියන් වන අපට මැදිහත් විය නොහැකි බැවින් මේ සඳහා සුදුසුම ලාංකික සංඝ සමාජයේ නායක්ත්වය දරණ ඔබ වහන්සේලා බව අපි උදක්ම විශ්වාස කරමු. ඒ කටයුත්ත සඳහා ඔබ වහන්සේලාට අවැසි ධෛර්යදය ශක්තිය ලබා දීමට අපි නිරතුරුව සූදානම් බවද අපි ඔබවහන්සේලාට ගෞරව පූර්වකව දන්වා සිටිමු. 

ඒ සඳහා නායකත්වය ගෙන මේ සත් ක්‍රියාවට මුලපුරණ මෙන් ශාසනාලායයෙන් සහ බුදු සසුන කෙරෙහි උපන් ශ්රඳද්ධා භක්ති සම්පන්න අවංක ශාසන සංවේගයෙන් යුතුව, අපි ඔබවහන්සේලාට මෙයින් ආරාධනා කර සිටින්නෙමු. 

බුදු සසුන රැකගනිමු !
හෙළ දරුවෝ දිනවමු !
අන්තවාදය පිටු දකිමු !
බුදුන් දෙසු මග ඔස්සේම යමු !

තෙරුවණ සරණයි !
මෙයට දෑ හිතකාමී 
හෙළ දරුවෝ