logo banner

Tuesday, March 5, 2013

සුලෝහිත වලිය (Maroons Clash)



වසරේ අන්තර් පාසල් ක්‍රිකට් සංග්‍රාමය ආරම්භ වී තිබේ. මේ වසරේ පළමුවෙන්ම තිබුණේ සුලෝහිත සංග්‍රාමය හෙවත් ආනන්ද--නාලන්දා සංග්‍රාමයයි. ඒ 84 වන වරටයි. සාමාන්‍යයයෙන් වාර්ෂික ක්‍රිකට් සංග්‍රාම වලදී වැඩි අවධානයක් යොමුවන සංග්‍රාම අතරින් ප්‍රමුඛ තැනක් සුලෝහිත සංග්‍රාමයට හිමිවේ. ඒ කරුණු කීපයක් නිසාය. පළමුවෙන්ම ගත් කළ, සුලෝහිත මිත්‍රත්වය ලංකාවේ පාසල් ස්වල්ප ප්‍රමාණයක පමණක් දැකිය හැකි මට්ටමේ එකක් නිසාය. දෙවැන්න, සුලොහිතයන් පමණක් සැළකුවත් රටේ ක්‍රිකට් ක්ෂේත්‍රයට වැඩිම ක්‍රීඩකයන් ගණනක් බිහි කළ පාසල් ද්විත්වය වන නිසාය. තෙවනුව, මේ පිටුපස ඇති දේශපාලන බලපුළුවන්කාරකම් නිසාය. 

දැන් සුලොහිතයන් ලෙස සැළකෙන්නේ ආනන්දය සහ නාලන්දාව පමණක් වුවත්, කලකට පෙර සත් සුලොහිතයන් සේ සැලකු පාසල් හතක් තිබිණි. ආනන්ද, නාලන්දා, අශෝක, ධර්මරාජ, මලියදේව, මහින්ද සහ ධර්මපාල යනු ඒ හතයි. කෙසේ වෙතත් අදවන විට සාමාන්‍යයෙන් සුලොහිතයන් යන නම යෙදෙන්නේ මේ පාසල් දෙකටය. 

සාමාන්‍යයෙන් බිග් මැච් කාලය පිස්සුම කාලයකි. කොල්ලන් මෙන්ම කෙල්ලන් ද පුදුම උන්මාදයකින් වැළඳ ගන්නා වූ සමයකි. වීරයන් මෙන්ම පජාතයන් ද බිහිවන සමයකි. හැට් කලෙක්ෂන්, බම්පි රයිඩ්, පෙරෙඩ්, රෝම්පේ ආදී නානාවිධ විසුක දස්සන සියල්ලම මේ කාලයට බලාගත හැක. කොළඹ පාසල් වල පෙරෙඩ් අතර මරුන් පෙරෙඩ් එක සාමාන්‍යයෙන් "පොෂ්" වන්නට උත්සාහ නොකරන බවට පිළිගැනීමක් තිබුණත්, මෙවර සුලොහිතයන්ද ඒ මතය උඩු යටිකුරු කරමින් පෙරෙඩ් එකට උපරිම ෂෝ එක දී තිබුණි. වෙනෙකක් තබා මෙදා පාර පෙරෙඩ් එකට සමහරු හෙලිකොප්ටර් පවා ගෙනවිත් තිබුණි. 



මෙදා පාර සුලොහිතයන් දෙපළම කරට කර සිටි බැවින් තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි කල් තියාම කවුරුත් දැන සිටියහ. සාමාන්‍යයෙන් තරුණ පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් පෑම අනාගතයේ ජාතික කණ්ඩායමට එකතු වීමට ලැබෙන ටිකට් එකකි. මෙවර ද කණ්ඩායම් දෙකම සිය උපරිමය පෙන්වීමට සියලුම සූදානම ගෙන සැරසී සිටියහ.

තරගයේ වාසිය යම් තරමකින් හෝ බර වූවා නම් ඒ නාලන්දාවටය. නවක ක්‍රීඩක ප්‍රමුද් හෙට්ටිවත්ත විසින් නොදැවී ලබා ගත් ලකුණු 103 තරගයේ හැරවුම් ලක්ෂ්‍යය විය. නාලන්දාව කඩුලු 5 කට ලකුණු 298 ක්  ලබා ගනිද්දී, ආනන්දය කඩුලු 5 කට ලකුණු 301 ක් වාර්තා කොට සිටියේය. ධනුක පතිරණ ලබාගත් ලකුණු 109 ඊට මහඟු පිටිවහලක් විය.

තරග බිමට නරඹන්නන් කඩා වැදීම සාමාන්‍යයෙන් ඕනෑම තරග වාරයක සුලබ දෙයකි. මෙහිදීද එහි වෙනසක් නොවීය. වරින් වර පාසල් ධජ රැගෙන පිටියට පිවිසුණු ප්‍රේක්ෂකයන් නිසා තරගය ඉදිරියට ඇදුණේ මන්දගාමීවය. සාමාන්‍යයෙන් කොල්ලන් පිටියට පැනීම අරුමයක් නොවේ. කෙල්ලන්ගේ තරගයක කෙල්ලන් පිට්ටනියට පැනීම ද සාමාන්‍යයය. එහෙත් මේ ලියන ලේඛකයාගේ දැනුම අනුව මේ වසර ගණනාවකටම, පාසල් තරග වාරයක, පෙම්වතුන් යුවළක් එකට පිට්ටනියට පනිනු දුටුවේ පළමු වතාවටය. 




තරගයේ අවසන භාගය වනවිට තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නොවැලක්විය හැකි බව පෙනී යමින් තිබිණි. නමුත් කාටවත් එහි එතරම් වගක් නොතිබුණේ තරගය සහ "ආතල් එක" දෙකක් බැවිණි. සාමාන්‍යයෙන් වාර්ෂික ක්‍රිකට් ගැටුම් වලට ආදී සිසුන් සහභාගී වන්නේ පළමුව බොන්නටය. දෙවනුවද බොන්නටය. තුන් වෙනුවද බොන්නටය. බෞද්ධ පාසල්, බෞද්ධ නොවන පාසල්, ගමේ පාසල්, නගරයේ පාසල් කියා වෙනසක් නැත. තරගය පැත්තකින් තිබියදී පිට්ටනියට පැන චියර් කරන පිරිස ක්‍රම ක්‍රමයෙන් වැඩි වී, එහි උච්චතම අවස්ථාව උදා වුයේ තේ පානයෙන් අනතුරුවය. තරගය පවත්වාගෙන යාමට දුෂ්කර තත්වයක් උද්ගත වෙද්දී, තරගය අතහැර දැමීමට සංවිධායකයන් හට සිදු විය.

දවසේ අවාසනාවන්තම සිද්ධිය ඇරඹෙන්නේ එතැනිනි. කොහේදෝ එකෙකුට දෙන්නෙකුට කුලප්පු වීමෙන් හටගත් ආරවුල, අන්තිමේ කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාරයක් දක්වා වර්ධනය වුයේ විනාඩි 15කටත් නොඅඩු කාලයකිනි. සිද්දිය අප කියනවාට වඩා බැලීම හොඳය. 





වලිය නරකය. එහි කතා දෙකක් නැත. එහෙත් කවුරු කවුරුත් බඹර පදමට දෙකක් ගෙන වැනෙන මොහොතක, එකෙක්ගේ සිගරට්ටුව අනිකාගේ අතේ වැදීම පවා වලියකට මුලකි. අනික වලියක් නැති බිග් මැච් එකක් කවදාවත් තිබුණේ නැත. තියේ නම් හොඳය. එහෙත් ප්‍රයෝගික නැත. මෙහිදී මතු කළ යුතු වැදගත් කරුණු කිහිපයකි.

1. වලිය ගියේ පිට්ටනියේ ය. ක්‍රීඩාගාරයේ නොවේ. වාතාශ්‍රයක් නැති, ආවරණය වූ, ක්‍රීඩාගාරයට ගෑස් බෝම්බ ගසන්නේ අහවල් එකකටද?
2. වලිය දා ගත්තේ සුළු පිරිසකි. (වීඩියෝව බලන්න) එහෙත් පොලිසිය පන්න පන්නා පහර දෙන්නෙ හැමෝටමය.
3. පොලිසිය ගහන්නේ කාට ද? යන්න හොඳින් බලන්න: එකෙක් අනිකාට ගහයි. ගහපු එකාට උගේ වටේ ඉන්නා උන් දෙකක් දී පැත්තකට දමති. පොලිසිය ගහන්නේ කාටද? වලි කාරයන්ටද, ශේප් කරන අයටද?

කෙසේ වෙතත් මාධ්‍ය මේ සිද්ධිය වවාගෙන කෑවේ ඉතාමත්ම ජුගුප්සා ජනක ලෙස බව නොකියම බැරිය. දැන් යුද්දේ නැති නිසා, සහ වාර්තා කළ යුතු දේ වාර්තා කරන්නට මාධ්‍යයට ඉඩ නොදෙන නිසා, මාධ්‍ය පෙළෙන්නේ බරපතල නිවුස් හිඟතාවකිනි. ඒ නිසා මේ සිද්ධිය හරියට හත් අවුරුද්දකින් හාමතේ හිටපු සිවල් රැළකට අලි කුණක් ලැබුණා සේ විය. සිරසක් නැති සිරස, නයි.ටී.එන්. සහ බොරූපවාහිනිය මේ සිද්ධිය පට්ට ගැසුහ. තවත් පට්ට ගසති. තවත් හිරිකිතයක් නැත. 

මාධ්‍ය වලට ප්‍රතිචාර:

වැදගත්ම දේ නම්, මේ සිද්ධියට පාසල් දෙකේ නිල සහ නිල නොවන මාධ්‍ය කණ්ඩායම් සහ ආදී සිසුන් ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. ඔවුහු කිසිවෙකු වෙත බෝලය පාස් නොකොට වරද පිළිගත් හ. එපමණක් නොව, සැබෑ සහෝදර පාසල් දෙකක් ලෙස එකිනෙකාට කණගාටුව ප්‍රකාශ කළහ. තුවාල ලැබුවන් (බහුතරයට තුවාල වී තිබුණේ වලිය නිසා නොව, පොලිස් ප්‍රහාර නිසාය) බලන්නට එකට ගියහ. එකට ගැටළුව විසඳා ගත්හ. ෆෙස්බුකියේ සියලු ආනන්ද-නාලන්දා කණ්ඩායම් මේ ගැටුම එක සේ පිළිකෙව් කළහ. වලිය එයින් ඉවර විය යුතුය සහ පාසල් දෙක අතර මිත්‍රත්වය ඊට වඩා වටිනා බව අනායාසයෙන් ම වටහා ගත්හ. ගැටුම් වැලැක්වීම කෙසේ වෙතත් ගැටුම කළමනාකරණය කිරීම ඉතාම ප්‍රශස්ත මට්ටමකින් සිදු කළහ. මෙය වැදගත් වන්නේ තරගයට පෙර සිටම "අහවල් පාසලේ උන්ට අරක නැත", "මේ පාසලේ උන් ගූ කන්නෝය", ආදී වශයෙන් අපහාස කරගැනීම සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්ව ඇති කාලයක ය.

මේ සිද්ධියට ප්‍රතිචාර ලෙස ෆේස්බුක් වෙබ් අඩවියේ පල වූ අදහස් කිහිපයක් පහතින් උපුටා දක්වමු.

"අපි සැමදා සහෝදරයන් වන්නෙමු. ඔබ නිවස තුලදීද සහෝදරයා සමග නිරත්තරයෙන් අඩ දබර කරගන්නවා ඇති. නමුත් ඒ කිසිදු දබරයක් අවසානයේ එය ජන්මන්තර බේදයක් නොවී සහෝදරත්වයෙන් තවත් බැදුන ආකාරය සැමගේ අත්දැකීමක් වන්නට ඇති. එවන් සහෝදරත්වයක් ඇති ආන්නද සහ නාලන්දා සහෝදරයන් තුලද දබර අවසානයේ සිතේ කහටක් නොතබාගෙන සහෝදරත්වයෙන් තවත් බැදී සැබෑ සහෝදරයන් සේ එක්ව සිට සැමට ආදර්ශයක් වනවා නොඅනුමානයි. මාධ්‍යයන් විවිධාකාරයේ පුවත් නිර්මාණය කලද අප එයට සහෝදරත්වයෙන් පිළිතුරු දී සැබෑ සහෝදරයන් සේ අත්වැල් බැද පෙරට යාමට පෙළ ගැසෙමු."



"අද දින කොළඹ SSC පිටියේදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම ගැන සියලු නාලන්දීයයන් වෙත ආදී ආනන්දීයයන් ලෙස කණගාටුව ප්‍රකාශ කරමු. මේ කතාව මෙතැනින් අවසන් විය යුතුවා පමණක් නොව, මේ කතාවේ මින් ඉදිරියට අනාගතයක් ද නොතිබිය යුතුය.අපගේ සහෝදරත්වය සැමදා පවතී .."

(මේ ප්‍රකාශයම නාලන්දයීයන් ද  මෙලෙසම ආනන්ද කණ්ඩායමේ ෆේස්බුක් පිටුවෙහි පළකොට තිබිණි)




"වලිය ඉවරයි. බලා සිටි ඔබ සැමට, වලිය මාකට් කරපු සැමට, අහක ඉඳන් හූ කියපු සැමට සහ මෝඩ චූන් ගත්තු සැමට බොහොම ස්තුතියි.. අයියල මල්ලිලා සේරම දැන් ගෙදර ගියා නම්! 


ප.ලි. අනේ බං කොල්ලනේ ලබන අවුරුද්දේ වත් මරානොගෙන හිටපල්ලා.. උඹලව චාටර් වෙනකල් කී දෙනෙක් නම් බලන් ඉන්නවද..
ප.ප.ලි. කොල්ලෝ ටික ගහගත්තට, පොලෝසියේ කෂ්ටිය කඳුළු ගෑස් ගහද්දි දෙගොල්ලොම කළේ වලිය පැත්තකින් තියල සෙට් වෙලා ගෑස් බෝම්බ ටික ඇහිඳලා ආපහු ගහපු එක, හරිය මල්ලි? (මෝඩ චූන් ගන්න උන්දෙලාට ඒ ටික කිව්වේ!) "



මේ තවත් ප්‍රතිචාරයකි.

"ආනන්ද - නාලන්ද දිනුවා ලක් දෙරණ තු ල
සිරසක් නැති සිරසක් හැදුවා සමගිය නසන්න ට
නොහැකිද සොදුර අප හඩවා දමන්න ට
දුටුවද දස පරපුරක් ඇත් බව සුභ පතන්න ට

වරක් දෙවරක් තෙවරක් හැඩුවා අප බෙදුන දි න
දස වරක් යලි එක් වුවා රණ බෙර වයන්න ට
රෑ පොත තුල සිතුවම් මැව්වා අප යලි බැදෙන්න ට
දෙපිලක් යළි හමුවූවා මව් බිමේ පෙර පිනක ට

ගොන් පරපුරක් ඇති බව සිතු මහ රා ජා
රඡ පරපුරක් ඇති බව නොදනී මහ රා ජා
දුටුවද රජතුමනි කේසර අපගේ මහ රා ජා
පිං බර මව් දෙපළගේ දරැවන් සවිමත් බව ගොන් රා ජා

ආනන්ද නාලන්දා සහෝදරත්වය සදා නොමියෙනු ඇත !!!

- නාලන්දා විද්‍යාලය (2011) ශිෂ්‍යයෙක්"

ලස්සනම කතාව කියා තිබුණේ ඩේලි නිවුස් එකෙනි. මීට වඩා තව කියන්නට දෙයක් නැත. 





සුබ සහ ජය! 

39 comments:

  1. කියන්න දෙයක් ඉතිරිව ඇත්තේම නැත්තේය...මෙය ලිවීම ගැන සහෝදර ආනන්දියාව නාලන්දීයකු ලෙස සහෝදරත්වයෙන් වැළද ගමි.

    ReplyDelete
  2. කොහොමත් අපේ මාධ්‍ය බලං ඉන්නේ ගූ ගොඩක් හරි මාකට් කරන්න නේ!

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ නාඩියෝ.. අද ලංකාවේ වාර්තා කරන්න දාහක් දේවල් තිබුණත්, ඒවා වාර්තා කරන්න මාධ්‍යයට ඉඩ දෙන්නෙ නැහැ. ඉතින් මාධ්‍ය පුදුම ආරංචි හිඟේකින් පෙළෙනවා. නයි කෙල්ලෝ, පොල් කෙල්ලෝ මුල පිටුවට යයිද නැතිනම්?

      වාර්තා කරගන්න පුවතක් නැතිව කෙළගෙන ඉන්න මීඩියා වලට මේක හම්බ වුණාම ඉතින් අර හත් අවුරුද්දක් නොකා නොබී හිටපු නරි රංචුවකට ඇත්කුණක් හම්බ වුණා වගේ තමා..

      Delete
  3. oya pissu weda karane nethuwa prayojanawath wedak karanam kochchara hodada

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගේ දැකීම.

      Delete
  4. වලි නැති බිග් මැච් පලක් තියේද?

    @දම්ලෝ-ගුරුකුල මැච් එකේ වලි නැති දවසක් මතක් කරමින්...

    ReplyDelete
  5. supiri !! nyamai katha dekak naha

    ReplyDelete
  6. සුපිරි වල් බල්ලෝ සුපිරි බලුකම් කරති. පාසලේ නම අමු අමුවේ කති. බොරුවට ආපහු සමගි වී ඊළඟ වසරේත් ගහගනිති. ඉස්කෝලේ නම මාධ්‍ය මගින් ප්‍රචාරය වීම වලක්වා ගැනීමට සියලු බලපෑම් කරති. (මාධ්‍යකරුවන් ලෙස අපේ බෙල්ල බේරා ගැනීම අපූරු කලාවකි) ආදී ශිෂ්‍යයන් කියන්නේ සුපිරි බලවතුන්ය. ඒ වල් බල්ලන් හෙලුවෙන් පිට්ටනියට බැස්සත්, මැච් එක බලන්න ඇවිත් ඉන්න ගෑණුන්ගේ පුක මිරිකුවත්, එක පොලිස් බල්ලෙක් ඒ දෙස නොබලන්නේ තම රැකියාවට ඇති ආදරය නිසාය. බෞද්ධ පාසල් කියා දෙයක් දැන් නැත. දැන් තිබෙන්නේ මේ අවලම් සංස්කෘතිය තුල කුණු වෙමින් තිබෙන ඉස්කෝල නමැති ගව මඩු පමණි. ආනන්ද නාලන්ද විතරක් නොවේ.

    ReplyDelete
    Replies
    1. @Anonymous,

      ඔබගේ කොමෙන්ටුවට ඔබගේ භාෂාවෙන්ම පිළිතුරු දීමට සිතුවෙමි.

      ඹබ වැනි මාධ්‍යවේදීන් යැයි කියාගන්නා පාහර බල්ලන්ගේ බලුකම් වලට පාසල්වත්, එම පාසල්වල අතීත හෝ වර්තමාන ශිෂ්‍යයන්වත් පළි නැත. ඇති පදම් පට්ට ගැසීමට නිව්ස් නැතිව වැලේ වැල් නැතිව වේලි වේලී සිටිනා විට ලැබෙන කුඩා මස් කට්ට වුවද මහා රාජ භෝජනයක් සේ පෙනීම ඔබගේ වරදක් නොවේ. කොලඹ සුපිරි පාසලකට යාමට නොහැකි වීමද ඔබගේ වරදක් නොවේ. වරද ඇත්තේ දෙතුන්සියයක් කල වරද මුළු පාසලටම සහ ඒවායේ සියලුම ශිෂ්‍යයන්ට පැටවීමය. ඔබ වැන්නන් මාධ්‍යවේදීන් යැයි කියාගන්නා පාහර බල්ලන් යැයි කීවේ ඒ නිසාය.

      ඔබ ගැන ඇත්තේ තරහක් නොව දුකකි. ඇත්ත ඇති හැටියෙන් දැකීමට නොහැකිව, ඔබගේ මනෝ ලෝකයක පොරක් වී සිටිනා ඔබට අනුකම්පා කරමි.

      Delete
    2. වචන සංවරය ගැන සැලකිලිමත් වෙන්න.
      වරද මුළු පාසලටම සහ ඒවායේ සියලුම ශිෂ්‍යයන්ට පැටවීම බරපතල වරදකි

      Delete
    3. ඔව් ඔව් ඔය පාසල්වල කොල්ලෝ බහුතරය උදේට හවසට ඉස්කෝලේ යනකොට එනකොට හැසිරෙන්නේ උපාසක මහත්තුරු වගේ. අපි දන්නා එව්වා නොලියන්නේ අපටතේ ඒ වයසේ දරුවෝ ඉන්න නිසා. හරියටම ඉලක්කෙට වැදුන නිසා රිදෙනවා නේද? අතගාගන්නවා හොඳට දොඹ තෙල් ගාලා.

      Delete
    4. ඔබට එවැනි පාසලකට යාමය නොහැකිවීම හා ඔබගේ දරුවකු වුවද යවාගැනීමට නොහැකි වීමේ ක්‍රෝධය පිරිමැසීමට ඔබ ගත් උත්සය සාර්ථක නොවුන වග කනගාටුවෙන් දැනුම් දෙමි.
      ඔබගේ භාෂාවෙන් කියනවානම්,
      "බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැත"
      ස්තූතියි.

      Delete
    5. Anonymous March 5, 2013 at 6:34:00 PM GMT+05:30 වෙත:

      කියපන්කො දන්න දේවල් ටිකක්.. තියෙන පො*** (පොළොන්) කම නේ බං.. කෙලින් කියපං කො දන්න දේවල් ටිකක්.. මම දන්න තරමින් මේ බ්ලොගේ ඇනෝ කොමෙන්ට් බ්ලොක් කරන්නේ නැහැ. කාට වුණත් කියන දේ කෙලින් කියන්න පුළුවන් ඒ නිසා.

      Delete
    6. ඔය පෙන්නලා තියෙන්නේ තාත්තලාගේ හැදියාව. පුතාලත් ඒ ජාතියේ වේසිගෙ පුතාලා තමයි. ජාතකේ වැරැද්ද. අපිවත් හිටීයනම්.......

      Delete
    7. March 5, 2013 at 9:02:00 PM GMT+05:30 වෙත:

      මම සුලෝහිතයෙක් නෙමේ, ගඩොල් බිත්ති පාසලක.. අපට නම් මේ සුලෝහිත වලියෙයි කියන එක සත පහක කජ්ජක් නෙමේ. අපිට ආනන්දේ ලොකුත් නෑ, නාලන්දේ ලොකුත් නෑ.. ඒත් ඇනෝ උඹ අම්ම අප්පා මතක් කරලා බැනපු නිසාම, උඹේ වලත්ත බාසාවෙන්ම උඹට පිළිතුරු දෙන්නම්: තාත්තලා කොල්ලෝ කාලේ වලියක් දා ගත්තම පොන්නයන්ට මැජික්. ඉතින් එහෙම පොන්නයන්ට දාව දරුවෝ බිහි වෙන්නේ නැති වුණාම උන්ගේ ගෑණු වටේ යනවා. එහෙම තමා වේසිගෙ පුතාල බිහි වෙන්නේ. නැතිව අප්පා ගහ ගත්තු පළියට පුතා වේසිගෙ පුතා වෙනවා නෙමේ. දැන්වත් තේරුණාද වේසිගෙ පුතාට.. පුක නොදී පල!

      උඹට මේ ටික කියාගන්න බැරිව තමා මේක බලපු අනිත් උනුත් ඉන්න ඇත්තේ.. ඔන්න උන්ටත් එක්කම මම කිව්වා.. පුක නොදී පල දැන්වත්!

      Delete
  7. මේවා එදත් තිබුනා අදත් තිබුනා... කොහොමත් ඔය ඉස්කෝලවල ඉන්නේ රත්තරන් කොල්ලෝ... රට බේරාගත් රණවිරුවෝ... ලබන අවුරුද්දෙත් වලියක් දාගමු මචෝ.... මේවට නොගිය උන්ට මේවා මැජික්....

    ReplyDelete
  8. මම නාලන්දීයෙකු ලෙස තරඟය ලකුනු පුවරුව අසල ආනන්ද නාලන්ද (Brothers) කියන කූඩාරමේ සිට නැරබුවෙකු ලෙස මම මේ සිදුවීම මෙසේ කියමි. රුපියල් 500 ටිකට් රැගෙන තරඟ්ය නැරබූ වත්මන් උසස් පෙල සිසුන් හා ආසන්න පෙර වසරවල සිසුන් මෙම ගැටුමට මුල බවය . සිගරට් කොටයටද වලියක් දමාගන්නට හදන ඒ අයය. මා මෙහි පොලීසියට බනින්නෙ ඔවුන් මෙම මේ ගැටුම දුර දිගයාමට අවස්තාව දුන් නිසයි. කැරලි මර්දනය පිටිය මැද වලියන තුරු බලාසිටියබව ක්‍රීඩාගාරයට වී බලාසිටි අපි හොඳින්ම දුටිමු. වීඩියෝවේ තිබෙන්නෙ උච්ච්තම අවස්තාවන්ය.ක්‍රීඩාපිටිය අයිති ක්‍රීඩකයින්ටය පොඩි ආතල් එකකට පිට්ටනියට පැන්නට ප්‍රෙක්ශකයන්ට ක්‍රීඩා පිටිය අයිති නැත . කලින්ම කැරලි මර්දන එකකය හෝ පොලීසිය ක්‍රියාත්මක වූවානම් මේ කිසිවක් මෙ අයුරින් වන්නෙ නැත සුලෝහිතයෙකු ලෙස මමනම් මෙම සිදුවීම ගැන කම්පාවෙමි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස සමග එකඟයි. පුද්ගලිකව මට නම් තියෙන ප්‍රශ්නේ, ඇයි පොලිසිය ප්‍රශ්නේ දුරදිග යනකම්ම හිටියේ මැදිහත් වෙන්න කියල. අපේ ලංකාවේ පොලිසිය දන්නේ වළිකාරයන්ට ඊට වඩා හයියෙන් ගහන්න මිසක ගැටළු නිරාකරණය කරන්න නෙමේ නේ, කොහොමත්..

      Delete
  9. අනන්දියෙකු ලෙස මෙම සිදුවිඉම ගැන කම්පා වෙමි.
    අපේ සහෝදර කමෙහි කිසි අඩුවක් නැත

    ReplyDelete
  10. ප්‍රශංෂණීයයි! ආදී ආනන්දීයෙක් වශයෙන් මෙම සිදුවීම සම්බඳව දැඩිව කනගා‍ටුවට පත් වෙමි. මධ්‍ය මෙම සිදුවීම වවාගෙන කෑම කිසිසේත්ම පිළිගත නොහැක!

    ReplyDelete
  11. බිග් මැච් තියෙන්නේ සීමිත පාසල් ගානක විතරයි... වලියත් බිග් මැච් ආතල් එකේ පොඩි කෑල්ලක්.. ඒක එදා නවත්තන්න පුළුවන් වුනෙත් නෑ..අදත් නෑ.. හෙටත් බෑ... ඔය ආතල් එක නොදත් උන් හිතන්නේ මේක තමයි ලෝක විනාසේ කියලා... ඕක තමයි සාරාංශය...

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද! මම ජීවත්වෙන හම්බන්තොටත් ඉස්කෝල ගනනවක තියනව. වලිත් ලෙසටම තියනව.

      Delete
  12. Mona tawa comments da bang... AC vs NC power

    ReplyDelete
  13. ශක්තිය මනින්නට සිංහයෝ අර ඇද්දේ
    ක්‍රිකට් සටන සිංහල පිටියෙයි තිබ්බේ
    එක කුස උපන් අයිය මලෝ ගෙයි මැද්දේ
    රණ්ඩු කරනකොට සිවලුන් හට රිද්දේ..

    ආනන්දේ මල්ලි සැමදා නාලන්දේ
    මවුබිම රකින්නයි දෙපලම ඉරි ඇන්දේ
    ජාතික සටන පන පොවනා මර යුද්දේ
    ආනන්දේ හීය නාලන්දෙයි විද්දේ

    සොහොයුරු පෙමින් කරනා විදුහල් ගැටුම
    හැමදා ඉවර වන්නේ සිනහව කැටුව
    ඒ දුටු විටදී ඇස් රිදෙනා සොර දෙටුව
    එක දෙක කළා සොහොයුරන්ගේ පොඩි ගැටුම

    වැටෙනා හැමවිටම සොහොයුරු නාලන්දා
    ආනන්දේ සිටියි උරහිස අත් රන්දා
    හැමදා ලක්මවගේ සිරසෙහි මිණි අන්දා
    ඇය රැක ගන්න විදු දෙපලම දුක් වින්දා

    සිංහයෝ එකතු වෙනකොට ජයකොඩි බන්දා
    කනහිලොන්ට රට ඉඩ මදි වෙන හින්දා
    ලද සැනෙකින් එසැනින් කියමින් නින්දා
    කරමින් සොහොයුරන්ගේ සමගිය බින්දා

    දශක ගණන් පැවතුනු ඒ සමගිකම
    සිය දහසක් දෙනා රකිනා අනගිකම
    එක දවසකින් නැති වේනම් සොයුරු පෙම
    බටහිර දෙසින් ඉරු නැග එයි දිනට එම

    පොඩි ගැටුමකට කර පෙරලිය රට මැද්දේ
    සිංහයෝ නවතාගන්න කිසිදා බැහැ බැද්දේ
    සැමදා මවුබිමේ සටනට කඩු ඇද්දේ
    හැකිනම් කනහිලුනි නවතනු අප සද්දේ

    ධාරණ කෝරළේ ආරච්චි
    ආනන්ද විද්‍යාලය (2010 A/L)

    ReplyDelete
  14. මෙ සිද්ධියෙන් පස්සේ පාසල් දෙකේ ශිෂ්‍යයෝ,ආදී ශිෂ්‍යයෝ හැසිරුණ හැටි ඉතාම ප්‍රශංසනීය යි.

    ReplyDelete
  15. මම නම් ගියේ ඔය පාසල් දෙකේම ඉරිසියාවට ලක්වෙච්ච පාසලට....මෙතන තියෙන කමෙන්ටු දැක්කම සුලොහිතයන්ටත් තේරෙනවා ඇති ජීවිතේට බිග් මැච් එකකට යන්න අවස්ථාව නොලබිච්ච උදවිය ඉරිසියාව නිසා මේ අවාසනාවන්ත සිදුවීමෙන් ගන්න ආතල් එක ................

    ReplyDelete
    Replies
    1. මචං මාත් ගියේ ආනන්දෙට... ඒත් මං ඉරිසියා කරපු ඉස්කෝලයක් මට මතක නැහැ.. හැබැයි අනික් උන් ඉරිසියා කලාද දන්නෙ නැහැ.. මොකක්ද බං සිරාවටම උඹේ ඉස්කෝලෙ?

      Delete
  16. Royal eke waliye wage media walataman sadde dala ,camera walata gahala thibbe naa,mama hithanne :P

    ReplyDelete
  17. ආනන්දීයයන් හා නලන්දියයන් සතු සහෝදරත්වය කිසිවෙකුටත් කවදාවත් කැඩිය නොහැකි සම්බන්ධතාවයකි........
    පුද්ගලයන් කිහිපදෙනෙක හෝ කඩාකප්පල්කාරී කණ්ඩයමක අවශ්‍යතාව මත සිදුවූ ගැටුමක් මාධ්‍ය තුළින් ලොකු කර පෙන්වුවද මෙම සහෝදරත්වය අමරණීයයි...........
    සිදුවූ සිදුවිම් කණගාටුදායකයි.......... නමුත් එදා මෙන් අදත් හෙටත් මේ සහෝදරත්වය ආරක්ෂාකරගැනීමට කටයුතු කරන්න!!!

    wotever it is............ Sri Lanka Police SUCKzz Big Time!!!

    ReplyDelete
  18. එකාට එකා පුක දෙනවා.. පට්ට ආතල් ඕයි!!

    ReplyDelete
  19. මචං කිංස්ලිල ඩිරෙක්ටර් බොර්ඩ් එකේ උන්නට සිරස රජාට අයිති එකක්නෙ. එතකොට අනිව ආනන්දෙ වලි දැක්කම ආනන්දයි. වලි නැති බිග් මැච් එකත් පපරෙ නැති බිග් මැච් එකක් වගේම තමයි. ඕව ඔය රටේ අනික් ප්‍රශ්න වහන්න අවුස්සන කේස් නිසා අපි ඔන්න ඔහෙ ගනං නොගෙන ඉමු.

    ඉස්කෝලෙ යන කාලෙ වලියක් දාගෙන, බස්වල ෆුට් බෝඩ් ගිහින් , හොරෙන් ෆිල්ම් එකක් බල ආතල් ගන්න බැරි උන වර්ජින් අන්කල්ල ආන්ටිල ගැන මාගේ බලවත් සෝකය. බෙටර් ට්ක්ස් රයි ඉන් නෙක්ස්ට් ලයිෆ්

    ReplyDelete
  20. සහෝදර සුලෝහිතය මෙවන් ලිපියක් ලිවීම ගැන හදවතින්ම ස්තුතියි නුඹට...

    ReplyDelete
  21. ශක්තිය මනින්නට සිංහයෝ අර ඇද්දේ
    ක්‍රිකට් සටන සිංහල පිටියෙයි තිබ්බේ
    එක කුස උපන් අයිය මලෝ ගෙයි මැද්දේ
    රණ්ඩු කරනකොට සිවලුන් හට රිද්දේ..

    ආනන්දේ මල්ලි සැමදා නාලන්දේ
    මවුබිම රකින්නයි දෙපලම ඉරි ඇන්දේ
    ජාතික සටන පන පොවනා මර යුද්දේ
    ආනන්දේ හීය නාලන්දෙයි විද්දේ

    සොහොයුරු පෙමින් කරනා විදුහල් ගැටුම
    හැමදා ඉවර වන්නේ සිනහව කැටුව
    ඒ දුටු විටදී ඇස් රිදෙනා සොර දෙටුව
    එක දෙක කළා සොහොයුරන්ගේ පොඩි ගැටුම

    වැටෙනා හැමවිටම සොහොයුරු නාලන්දා
    ආනන්දේ සිටියි උරහිස අත් රන්දා
    හැමදා ලක්මවගේ සිරසෙහි මිණි අන්දා
    ඇය රැක ගන්න විදු දෙපලම දුක් වින්දා

    සිංහයෝ එකතු වෙනකොට ජයකොඩි බන්දා
    කනහිලොන්ට රට ඉඩ මදි වෙන හින්දා
    ලද සැනෙකින් එසැනින් කියමින් නින්දා
    කරමින් සොහොයුරන්ගේ සමගිය බින්දා

    දශක ගණන් පැවතුනු ඒ සමගිකම
    සිය දහසක් දෙනා රකිනා අනගිකම
    එක දවසකින් නැති වේනම් සොයුරු පෙම
    බටහිර දෙසින් ඉරු නැග එයි දිනට එම

    පොඩි ගැටුමකට කර පෙරලිය රට මැද්දේ
    සිංහයෝ නවතාගන්න කිසිදා බැහැ බැද්දේ
    සැමදා මවුබිමේ සටනට කඩු ඇද්දේ
    හැකිනම් කනහිලුනි නවතනු අප සද්දේ

    ධාරණ කෝරළේ ආරච්චි (2010 AL)
    ආනන්ද විද්‍යාලය

    ReplyDelete
    Replies
    1. ප.ලි. ඇත්ත පහදන්න මේ වගේ සටහනක් තැබුවාට ඔබට තුති. ඒ වගේම මේ පාසල් දෙකටම පණ මෙන් ඇලුම් කරන සුලොහිතයෙක් මම.

      Delete
  22. පණ ගිය ජාතියට පිඹීනට ජී ව ගුණ
    ගුණනද හිමිගේ දහදිය මත ලැබුව පණ
    සෙන්පති ඕල්කොට් ඉටු දෙවි සැදුව මන
    ජාතියේ මහා ආනන්දය එකලු වුන


    ඉංගිරිසිය කට වණ කර තිබු යුගයේ
    හෙළ වෙණ වයන්නට හුරු පුතුණන් ආයේ
    බිහි කල තිඹිරි ගෙය ආනන්දය වූයේ
    නාලන්දාව ඒ මවගේම පුතු වූයේ


    සුද්දගේ අණට නතු වුන හෙළ බිම අගනේ
    හෙළ සිහ දදය නංවන්නට මේ දෙරණේ
    කවිය අවිය කොටගත් ටිබෙටයේ තෙරුණේ
    ඔබෙ කවියටයි ආනන්දය සෙවන වුණේ


    අවිය නසන්නට රුපු ජය කෙහෙළි මකන්නට
    තිස් වසරක කුරිරු සොවින් රට මුදවන්නට
    ජය මං සෙව් බල ඝනයන් මග පෙන්වන්නට
    ගිනි පෙන්වා දුන් පන්නර අනද පුතුන් හට


    ඊළම් සිතියම මෙලොවින් තුරන් කල
    යුද ගුව නා නායකයන් එකවර බිහි කල
    ආනන්දය නම් නාමය කෙදිනක සම කල
    හැකි යම් අන් අසිරි තැනක් බිහිවේද මේ කල


    කොළඹ නලද උඩරට දම් රජ සෙවනේ
    ඇතුගල මලියදෙව් දකුණේ මිහිඳු බලේ
    සඟමිත් මියුසියස් පෙන්වන බොදු සෙවනේ
    වැඩි හෙළ දරු කැලක් සිටියි සහයට අනද බලේ


    එකසිය විසි හත් වසරක් නම රන්දා
    හැම හද තුලම ආනන්දය පැල් බන්දා
    නාලන්දයට පෙර මං පෙන්වා සැමදා
    අනද නලඳ නම් තුන් කල් මන බැන්දා

    ReplyDelete
  23. වලියක් නැති බිග් මැච් නිකං පරිප්පු නැති හොද්ද වගේ බං....

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.