logo banner

Wednesday, May 1, 2013

මැයි ගොන්නු | The May Oxen





වසරේ හොඳම රංගොජාට හිමි ස්වර්ණ වෘෂභ සම්මානය සඳහා හේතු පාඨය: 

වසරේ තුන්සිය හැටපස් දවසේ ම ආණ්ඩුවට බණිමින් එහෙත් කියන කියන හැටියට පටි තද කර ගනිමින් එදා වේල කා ජීවත් වීම වෙනුවෙන්ද, ප්‍රශ්න අමතක කරවන්නට පෙන්වන හලාල්, නයි කෙල්ල, පොල් කෙල්ල, කටුගේ කඩුව, කන්ගැට්ටා, වැලිකඩ ප්‍රිසන් බ්රේක්, මට මතක නැහැ, අයිය පව්, ඉසෙඩ් ස්කෝර්, තෙල් බාලා වැනි සම්භාව්‍ය ගණයේ සෝප් ඔපෙරාවක්ම සහ සෑම මාධ්‍ය සංදර්ශනයක් ම කටවල් ඇරගෙන සෙවල පෙරාගෙන බලා සිටීම වෙනුවෙන් ද, සෑම මැයි දිනයකම කාගේ හෝ බත් ගොට්ටකට සහ බෝතලයකට පෙරේත කමේ සෙවල හලමින් ගොස් අහවලා දිනේවා කියා ඔළුවටත් උඩින් සරම/රෙද්ද උස්සා වටයක් කරකවා හයියෙන් තප්පුලෑම වෙනුවෙන් ද, එදාම හවහට දෙකක් වනාගෙන කණමදයා වාගෙ ගෙදර ඇවිත් ගෙදර කන්න නැතිව බඩු මුට්ටු පොලේ ගහමින් ගෑණි ඉදිරියේ චණ්ඩියා වීම වෙනුවෙන්ද, මේ රටේ දූෂක පාලක පන්තිය පමණක් නොව, උන්ගේ හත්මුතු පරම්පරාවක් ම චිරාත් කාලයක් වැජඹවීම පිණිස සිය සකලවිධ ශාරීරික, මානසික සහ ආත්මික ශක්තිය කිසිදු ලෝභ මූල චිත්තයකින් තොරව කැප කිරීමෙන් කරන ලද අතිවිශිෂ්ට ගොන්වැඩ වෙනුවෙන් මේ වසරේ මරා සම්මාන උළෙලේ ස්වර්ණ වෘෂභ සම්මානයෙන්, ඔබ පිදුම් ලබන වගයි!

5 comments:

  1. ආන්ඩුවේ මැයි පෙළපාලියේ යන උන් ගැන නම් මට පොඩි කාළේ ඉඳලා මාර දුකක් තියෙන්නේ. ඇත්තටම මේ කම්කරුවොද? එහෙම නැත්නම් කාඩර්වරුද?

    ReplyDelete
  2. අද උදේ මම කුරුණෑගල නගරයට ගියා හාල් තුනපහ ටිකක් ගන්න. බුදු අම්මේ මේ රජයට පක්ෂපාතී පොදු මහජනතාව වැල නොකැඩී එනවා කලින් සූදානම් කල බස් වලට නගින්න මැයි පෙළපාලි යන්න. මම දන්නා පුද්ගලයෙක් ඒ අසළ ඉඳලා 'සර් එන්න ලස්සන වැඩක් පෙන්නන්න' කියලා එක බස් එකක් පිටිපස්සට මාව අරං ගියා . රු 1500යි, අරක්කු බාගයයි, (වයඹ අරක් - දන්නව නේද ඒ ස්කාගාරයේ අයිතිකාරයා) බත් පැකට් එකයි බෙදනවා හෝ ගාලා. එහෙම සලකන්නේ නැතුව කොහොමද මේ රටේ පොදු ජනතාවට.

    හරකටත් ඉතිං ඉස්සෙල්ලා පුන්නකු බාල්දියක් පෙව්වමනේ බර අදින්නේ. ජිල් තක බුං හියඃ පුහ්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  3. පව් නේ? මෝඩ හැත්ත.

    ReplyDelete
  4. කුලියට බලියන්නන්

    ReplyDelete
  5. ඔය විකාර තියෙන්නෙ සිරිලංකාවෙ පමණයි මම හිතන විදියට...දවස් 364 ක් වැඩකරන ජනතාව ගැන නොහිතන දේශපාලුවො වසරකට එක දවසක් බොරු සෝබන දාලා...උගුර බැරැන්ඩි වෙනකං කෑ ගහලා තමන්ගෙ බංකොලොත් දේශපාලනේට මුක්කුවක් ගහ ගන්න එක තමා මැයි රැළියෙන් වෙන්නෙ..පෙළපාලියේ යන එකාට අරක්කුයි..බත් පැකට් එකයි...

    මම දැන් ඉන්න රටේ ඔය විකාර තිබ්බෙ නෑ...මම හොයලා බැලුවාම මෙහෙ දේශපාලනය කරන ඇත්තො තමන්ගෙ ප්‍රචාරණය උදෙසා මැයි දිනය පාවිච්චි කරන්නේ නැතිලු...

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.