logo banner

Saturday, May 25, 2013

අහෝ ඉන්දසාර හිමියනි! | The monk who burnt himself

* සටහන: ඡායාරූප උපුටා ගැනීම, අපේ සහෝදර බ්ලොග්කරුවකු වන සමකය වටේ ලියන නලීන් දිල්රුක්ෂ ගෙනි. සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ විස්තර සහිත නලින්ගේ මුල් ලිපිය මෙතැනින් කියවන්න.

* පසු සටහන: මේ ලිපියට අප විසින් ලියන ලද පසු සටහන මෙතැනින් කියවිය හැකි ය.



උතුම් වෙසක් පෝ දිනයේ අහන්නට ලැබුණු සිත් සසල කරවන ආරංචිය වන්නේ, දළදා මාළිගාව ඉදිරිපිට බෝවත්තේ ඉන්දසාර කියල හාමුදුරු නමක් ගිනිතියාගෙන ඇති බව ය. දැන් උන් වහන්සේ කොළඹ ජාතික රෝහලේ බරපතල මට්ටමේ පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබන බව ද, ගිනි තබා ගැනීමට හේතුව ගව ඝාතනයට එරෙහි වීම බවද අහන්නට ලැබිණි. 

මේ ක්‍රියාවෙන් අනතුරුව බොහෝ දෙනා මෙය සාධාරණීකරණය කරන්නට සූදානම් වනු පෙනෙන්නට තිබිණි.  එසේම, මෙය බෝසතුන් සිය දිවි දැන් දුන්නා හා සමාන කරන්නට ද උත්සාහ ගනිමින් සිටිති. මේ ලිපිය ලියැවෙන්නේ උන් වහන්සේට අපහාස පිණිස නොව, කටුක සත්‍යය හෙළි කරනු පිණිසය.

පළමුව, ප්‍රස්තුත මාතෘකාව වන ගව ඝාතනය (සහ සමහරුන්ට අනුව ඉස්ලාම්කරණය) ගනිමු. බුද්ධ පාදස්පර්ශයෙන් තුන්වතාවක් පවිත්‍ර වුණායි කියන මේ පිංබිමේ මේ හාමුදුරුවන්ට පෙනුණේ ගව ඝාතන පමණද? ඉස්ලාම් ආක්‍රමණ පමණද? දවසකට ස්ත්‍රී දූෂණ තුනයි, ළමා අපචාර දෙකයි, කප්පම් සිද්ධි දහ අටයි. සතියකට පැහැරගැනීම් එකයි, මිනීමැරුම් එකයි, අතුරුදන් වීම් දෙකයි. දූෂණය නාස්තිය දළ ජාතික නිපැයුමෙන් 9%. මසකට ගෙවල් බිඳුම් තුනයි, කොල්ල කෑම් දෙකයි. මේ අපේ පිංබිමේ සැබෑ තත්වයයි. මේවට කතා කරන්නට, ඊට එරෙහිව උපවාස, උද්ඝෝෂණ කරන්නට, පෙළපාලි යන්නට තබා අඩුම තරමේ සත්‍යක්‍රියාවක් වත් කරන්නට කවරෙකු වත් වී ද? 

බෞද්ධයන් ලෙස ගව ඝාතනය පමණක් නෙමේ, ඕනෑම ඝාතනයක් අපට ප්‍රාණඝාතයකි. මස් මැරීම ගැන බොහෝ වේදනාවෙන් කෑගහන අපේ කීදෙනෙක් මාළු මරන ආකාරය දන්නේ ද? පිහියෙන් බෙල්ල කපනවාට වඩා සිය දහස් ගුණයකින් දරුණු වේදනාවක් විඳ ය, මාළුවා මැරෙන්නේ. බිලී කොක්ක සිය මුඛය සහ අන්තර් මෞඛ ආස්තරය පසාරු කරගෙන කැපී යද්දී, ගලන ලේ ධාරාවෙන් මුහුණම නැහැවෙත්දී, හුස්ම පොදක් ගන්නට බැරිව අපා දුක් විඳ ය, මාළුවා මැරෙන්නේ. එහෙත් ඒවාට එරෙහිව ගිනිතබා ගැනීම් ගැන අපට අහන්නට ලැබෙන්නේ නැත. නිවැරදිව බලන්නේ නම්, සත්ත්ව ඝාතනය ගැන කතා කරන්නට නිර්මාංශිකකුට හැරෙන්නට අන් කිසිවෙකුටත් අයිතියක් නැත.

ගිනිතබා ගැනීමේ සැඟවුණු කතාව

මේ සිද්ධිය ගැන අනුවේදනීයව කතා කරන බොහෝ දෙනා නොදන්නා කරුණ වන්නේ, මේ සිද්ධියට හරියටම දින 14 කට පෙර, බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන් ජාතික හෙළ උරුමයෙන් නෙරපා හරිනු ලැබීමට ගත් තීරණයයි. මෙන්න ඒ ගැන මාධ්‍ය වාර්තාව:
ජාතික හෙළ උරුමය නියෝජනය කල පැල්මඩුල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්‍ෂය පියවර ගෙන තිබේ. පක්ෂයේ ප‍්‍රතිපත්ති හා විනයට පටහැනිව කටයුතු කීරීම නිසා ඉන්ද්‍රරතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
දැන් එතකොට මේ ගිනි තබා ගැනීම කෙළේ ගව ඝාතනයට එරෙහිව ද, නැත්නම්, තමන් පක්ෂයෙන් නෙරපා හැරීමට ප්‍රතිචාරයක් ලෙස දැයි ඇසීමට අපට සිදු වේ. 

ගව ඝාතනය සහ හතර මහා දේවාල

පළමුව, බුදු හිමියෝ කවදාවත් මස් කන්න එපාය කීවේ නැත. එසේ කරන්නට නීති පනවන්න යැයි ඉල්ලු දේවදත්ත තෙරුන්ගේ ඉල්ලීම ද බැහැර ලූ හ. එසේම, බුද්ධ කාලයේ, බුදු හිමි ජීවමානව සිටියදීම, ජේතවනාරාමයට අල්ලපු වැටේ තිබුණු ඌරු කොටුව බුදු හිමියන්ට ගැටළුවක් වුණේ නැත. උන් වහන්සේ කවදාකවත් අල්ලපු වැටේ චුන්ද සූකරික ගේ ඌරන් මරණ ඌරු කොටුවට එරෙහිව උද්ඝෝෂණ කෙළේ නැත. 

දළදා මැදුරු සීමාව තුළ මස් මරන්නේ නම් එය වෙනම කතාවකි. එහෙත් රටේ නීතිය අනුව මිලදී ගත් ඉඩමක සතුන් මරන්නේ නම් ඊට අපට කළ හැකි දෙයක් නැත. එය ගැටළුවක් වන්නේ නම් කළ යුත්තේ එම ඉඩම් යළි මිලදී ගැනීම හෝ පවරා ගැනීමයි. අනික, නුවර නගර සීමාවේ මස්කඩ තිබුනාම දළදා මාළිගාවට ඉන් සිද්ද වන අකරතැබ්බය කුමක් ද? ඇයි බුදු හිමි ජීවමාන කාලයේ මස් වැළඳුවේ නැද්ද? මජ්ඣිම නිකායේ සීහ සුත්‍රය බොරු ද? ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය ගැන බුදු හිමියන් නෙමේ ද, වෙන කෙනෙක් ද කීවේ? දෙවරම් වෙහෙර තිබූ නගරයේ මස්කඩ තිබ්බේ නැද්ද? ජීවමාන බුදුන්ට වත් නොතිබුණු ප්‍රශ්න නොවැ මේ මිනිස්සුන්ට තියෙන්නේ!!

ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය ගැනද යමක් කිව යුතුය.  ත්‍රිකෝටි යනු කෙළවරවල් තුනක් ඇති යන්නයි. ත්‍රිකෝටි පාරිශුද්ධිය කියන්නේ තුන් කෙළවරකින් පිරිසිදු යන්නයි. එනම්, අදිට්ඨ, අසුත, අපරිසංඛිත හෙවත් නොදුටු, නෑසු සහ නිසැක යන්නයි. මෙය අදාළ වන්නේ මාංශ ආහාර සඳහාය. එනම්, තම ආහාරයට ගන්නා මස, මේ කරුණු තුනෙන් පිරිසිදු විය යුතුය යන්නයි මෙහි අරුත. මෙය දැක්වෙන්නේ මජ්ඣිම නිකාය සීහ සුත්‍රයේ ය. තමා නිසා මරණ ලද බව නොදුටු, නෑසු, නිසැක මස කැප බවත්, එය ආහාරයට ගැනීමෙන් පළමු සිකපදය නොබිඳෙන බවත් ය මෙහි අරුත වන්නේ. 

එසේනම් මේ හරක් මැරීම ගැටළුවක් වන්නේ කාටද? ඒ වනාහි දළදා මැදුරට අරක්ගත් නායක්කර් වසංගතය හෙවත් හතර මහාදේවාල වලට ය. 

නායක්කර් වංශික රජ්ජුරුවරු මූනිච්චාවට බුදු දහම වැළඳ ගත්තට කවදාවත් හින්දු ආගම අතහැරියේ නැත. සතර මහා දේවාල වල වඳින්නේ කාටද? බෞද්ධ දෙවියන්ටද? කවුද මේ දෙවියෝ? විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි. හතරදෙනාම හින්දු/වෛදික දෙවිවරු වෙති. හරක් මස් ගැටළුවක් වෙන්නේ ඊනියා හින්දු/වෛදික සමාජයට මිසක් අපට නොවේ. අපේ බෞද්ධ සමාජයේ මේ වගේ Taboo සංකල්ප තිබුණේ නැත. ඔසප් දවසට ගෑණිව ගෙට වැද්ද ගන්නේ නැති මට්ටමේ ම්ලේච්ඡ සිරිත් විරිත් සුරකින සමාජයක වහුකුණු, අපේ උතුම් දන්ත ධාතුන් වහන්සේ වැඩමවා තියෙන තැනට ලජ්ජා නැතිව වැද්ද ගත්තා මදිවට, අද අපි ඒ වෙනුවෙන් උද්ඝෝෂණත් කරන්නෙමු. සාධු!


මළමිනී සහ දළදා මැදුර

මේ ළඟදී නුවර පල්ලියට මල සිරුරක් ගෙන ආවේ යැයි මහා හයියෙන් තප්පුලෑවේ ද මේ මීහරක් මය. ඇයි හත්වලාමේ, බුදුන් හමුවෙන්නට කිසාගෝතමිය අවේ මළකඳක් අතැතිව නොවේ ද? බුදු හිමි සිරිමාවගේ මළකුණ ඉදිරියේ වාඩි වී බණ කිව්වේ නැද්ද? ශවාගාර ගැන දන්නෙම නැද්ද? මළකුණු බුදු දහමට අකැප යැයි කියා ඇත්තේ මොන බණ පොතේ ද? එතකොට නවසිවතිකය වඩන්නේ කොහොමද? දස අසුබය වඩන්නේ කොහොමද? ධුතාංග වල සොසානිකාංගය වඩන්නේ කොහොමද? මළ මිනී බෞද්ධ සිරිතට අනුව අකැප යයි කියන්නන් හට අමතක වූ කරුණු බොහොමයක් තිබේ. එනම්, සිරිමා නම් ගණිකාව මළ වේලේ බුදු හිමි ඒ මල සිරුර ආදාහනය නොකරන ලෙස සිය වචනයෙන් කොසොල් රජුට කියා යැවූ බව නොදැනීමයි. සිරිමා යනු සැවත් නුවර සුන්දරම ගණිකාවයි. ඇගේ සේවය ලබන්නට දිනකට කහවණු දහසක් ගෙවිය යුතු වී ලු. බුදු හිමි, ඈ මළ පසු ඇගේ සිරුර ආදාහනය නොකර සත් දිනක් තියෙන්නට හැර, ඊට පසු ඒ මළ සොහොනට වැඩ, ජනී ජනයා රැස්කරවා, ඒ මල සිරුර මිලට ගන්නා කෙනෙකු වේදැයි විමසූහ. කහවණු දහසෙන් පටන් ගත් ලංසුව, අන්තිමේදී මළ සිරුර මිලට ගන්නා එකාට කහවණු දහසක් දෙන්නෙමැයි කීවත් ගන්නට කිසිවෙක් සිටියේ නැත. බුදුහු ඒ අරබයා ලස්සන බණක් කියා තිබේ. 

මීට අමතරව, බුදුන් වහන්සේ සිය සව්වන් සමග අමුසොහොන් වලට වැඩ, මළමිනී ඉදිරියේ බණ කී අවස්ථා අනන්තය, අප්‍රමාණය. නවසීවතිකය සහ දස අසුභය වඩන්නේ මළකඳක් ඉදිරියේ ය. ධුතාංග වලින් එකක් නම් සොසානිකාංගය ය. එනම්, මුළු වස් කාලයම අමු සොහොනක බවුන් වැඩීමය. 



උක්ත කරුණු සැලකු විට යාබද පල්ලියට මළ මිණියක් ගෙන ඊම නිසා බුදු සමිඳුන්ට වත්, දළදා වහන්සේට වත් සිද්ද වන මොන කෙහෙල්මල් කරදරයක් වත් නැති බව සක්සුදක් සේ පැහැදිලි ය. මළ එකා මළා වේ. ඔහුගේ භූමදානය ඔහුගේ නෑදෑයෝ කරගත්තා වේ. අහක ඉන්නා බෞද්ධයන්ට ඉන් ඇති රුදාව කුමක්ද? ඇයි අපට මළමිනී අරහං ද? ජීවමාන බුදුහිමියන් හට මළ මිනී අමුත්තක් වුණේ නැත. හැබැයි බුදුන්ටත් වඩා බුදු බණ දන්නා තලේබාන් බෞද්ධයන් හට නම් එය ලොකුම ලොකු රුදාවක් බව පෙනෙන්නට තිබේ. මොවුන් හට අවශ්‍ය වන්නේ සකාරණව යමකට එරෙහි වීමක් නොව, මොකක් හෝ මළකුණක් (වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම) පටලවා ගෙන, නුවර පල්ලිය කඩා බිඳ බිමට සමතලා කිරීම දෝ හෝයි සාධාරණ සැකයක් මතුවේ. 

ඊනියා මළමිනී විරෝධය එන්නේ දළදා මැදුරෙන් නොව, ඊට බලෙන් එල්ලා ඇති හතර මහා දේවාල වලිනි. අප ඊට බලෙන් එල්ලා ඇතැයි කියන්නේ බෞද්ධකම සහ ඊනියා හින්දු වෛදික දේවාල අතර මොනම කෙහෙල්මල් සම්බන්ධයක් හෝ නැති බැවිනි. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන බිමේ එල්ලා ඇති, නායක්කර් වංශික පාලනයේ ලැජ්ජාසහගත සංකේතය වන, පූර්ණ හින්දු ලක්ෂණ ඇති මේ දේවාල (කෝවිල්) හතර ගැන එකෙක් වත් කට හොල්ලන්නෙ නැත. ඊනියා "කිළි" සංකල්පය බෞද්ධ අපේ දෙයක් නොවේ. එය හින්දු සංකල්පයකි. දකුණු ඉන්දීය කන්නඩා සංස්‌කෘතිය තුළ අද ද, ඔසප් වූ කාන්තාව ගෙට වැද්ද ගන්නේ නැත. ඈ සිය ඔසප් දින පසුවන තුරු නිවසින් පිටත වෙනම කුටියක සිටිය යුතුය. කිළි කතාව අපේ සමාජයට ආවේ ඉන්දියානු වෛදික හින්දු සංස්කෘතික බලපෑම නිසා බව අපේ (නන්-ඕල්කොට්) පඬියන් දන්නේ නැතුවාට, (ඕල්කොට්) බෞද්ධයන් ලෙස මේ ලංකාවේ සංස්කෘතික ඉතිහාසය ඉගෙන ගත් අපි දනිමු. 

හරක් ඝාතන විරෝධය පසුපසද ක්‍රියාත්මක වන්නේ හින්දු බලවේග මිසක, බෞද්ධ බලවේග නොවේ. ඓතිහාසිකව, බෞද්ධයන් හට හරක් මස් නොවේ මොන මසක වත් පෙරේතකමක් හෝ බඩජහරි කමක් තිබ්බේ නැත. හැබැයි ත්‍රිකෝටි පාරිශුද්ධික නම්, ඒ මස කන්නට තහංචියක් තිබ්බේ ද නැත. හරක් මස් එපා වෙන්නේ බෞද්ධයන් හට නොව, හින්දූන් හට ය. මන්ද හරකා ඔවුන්ගේ ආගමේ ත්‍රිමූර්තියෙන් එකක් වන ශිව දේවතාවා ගේ වාහනය නිසා ය. මීට අමතරව, ලංකාවේ ගොන් හරකුන් කොහොම සිතාගෙන උන්නත්, කිරි එළදෙනට කිරි අම්මා යැයි කියන හරක් සිරිතක් අපට තිබ්බේ ද නැත. අපට අපේ අම්මා සමාන වුණේ බුදුන් හට ය. එළදෙන කවදාවත් එතැනට ආවේ නැත. එළදෙනට අම්මා යැයි කීවේ දමිළයෝ ය. තෛපොංගල් නමින් දිනක් වෙන්කොට, ගවයා කිරියෙන් නහවා, මල්මාලා එල්වා, උගේ දෙපා මුල දණින් වැටී වන්දනාවේ යෙදෙන්නේ බෞද්ධයෝ නොව, හින්දුවෝ ය. ඒ ඔවුන්ගේ සංස්කෘතියයි. අපට ඊට වචනයක් වත් කීමට අයිතියක් නැත. 

මේ ටික කීවේ හින්දුන් හට උපහාස / අපහාස පිණිස නොව, මළමිනී විරෝධය, හරක් ඝාතන විරෝධය සහ හතර මහා දේවාල අතර සම්බන්ධය පහදනු පිණිසය.


බෞද්ධ සංස්කෘතිය ද, හිංදු සංස්‌කෘතිය ද?

සමහරු මීට සංස්කෘතික මුහුණුවරක් ද දෙන්නට තැත් කරනු පෙනෙන්නට තිබිණි. සමහරු මෙය ගව ඝාතනයට එරෙහිව නොව, අන්‍යාගම්කරණයට එරෙහිව කරන ලද්දක් ලෙසට ද හුවා දක්වනු පෙනෙන්නට තිබිණි. මේ ගැන සංවාද කරන්නට නම්, අහක යන කෙහෙල් මල් සංස්කෘතියක් ගැන දෙසා බාන්නට අවැසි නැත. නුවර සංස්‌කෘතිය වනාහි හුදු බෞද්ධ සංස්කෘතියක් නොව, ඇතිවෙන්නට හින්දු, ඉංග්‍රීසි ආදී සංස්කෘතීන්ගෙන් පදම් වූ සංස්කෘතියකි. නුවර මිනිස්සු අනාදිමත් කාලයක සිට මේ සංස්කෘතික විවිධත්වය ගරු කරමින් ජීවත් වූහ. එකටෙක පේන දුරින් ඇති හිල්වුඩ් විද්‍යාලයේ උදේ දේව මෙහෙය, අල්ලපු පන්සලට ගැටළුවක් වෙලා නැත. එසේම පන්සලේ පිරිත් කීම ගැන හිල්වුඩ් පාසලේ කිසිවෙක් චෝදනා කරනු මේ ලේඛකයා නම් අසා නැත. මේ දෙකටම අල්ලපු නුවර අනිවත්තේ ඉවැන්ජලික ආගමික මධ්‍යස්ථාන (ලියන ලේඛකයාගේ දැනුමට අනුව) තුනක් වත් තිබේ. මේවයින් සමහර ඒවායේ දේව මෙහෙයන් ඉතාම ශබ්ද සම්පන්න වේ. අනිවත්තේ මිනිස්සු අද වෙනතුරු ඒ ගැන කිසිම පැමිණිල්ලක් කර නැති බව ලේඛකයා පුද්ගලිකවම දනී. 

බෞද්ධ පුනරුදයේ නගරය වන පානදුර ම ගනිමු. නල්ලුරුව කෝවිලේ සිට රංකොත් වෙහෙරට ඇත්තේ ඇවිදින දුරකි. ඒ දෙකේම සිට පානදුර කතෝලික පල්ලියට ඇත්තේ ඇවිදින දුරකි. මේ තුනේම බැතිමත් ජනයෝ ඉතාම සංවරව සිය ආගමික වතාවත් කරගෙන යති. කෝවිලේ බෙරහඬ ගැන පන්සලෙන්වත්, පන්සලේ පිරිත් ගැන පල්ලියෙන්වත්, පල්ලියේ සොරෝලය ගැන කෝවිලෙන්වත් අද මේ වෙනතුරු ගැටළුවක් මතු නොවූ බව, පානදුර නගරය ගැන සිය පුද්ගලික අත්දැකීමෙන් ලේඛකයා දනී. 

මේ අනුව, නුවර හරක් මස්කඩ ඉවත් කිරීම බුදු දහමට හෝ බුදු සිරිතට අනුව මෙලෝ සම්බන්ධයක් නැති හුදෙක් දේශපාලනික අරමුණක් බව ප්‍රකාශ කළහැක. ඊනියා බෞද්ධ විද්වත්තු ලැජ්ජාවක් බයක් නැතිව ඊට බෞද්ධ ලේබලය ද අලවති. අහෝ සසුනට ගිය කල! 


අන් රටවල් සමග සංසන්දනය කරන්නවුන් සඳහා

වෙනත් ඉස්ලාම් රටවල, එනම් සෞදි අරාබිය, සුඩානය වැනි වැනි රටවල ක්‍රියාත්මක වන ම්ලේච්ඡ ක්‍රියාවන් ගැන ද අපට කීමට ඇත්තේ ඔය ටිකමය. උන්ගේ මොළේ අමාරුවක් නිසා හෝ, අර කුරාණය නමින් වන්දනා කරන මනස්ගාත බහුබූත වලින් පිරි ග්‍රන්ථය නිසා හෝ, ඒ දෙකම නිසා හෝ, ඒ රටවල ඒ ඒ ආකාර ම්ලේච්ඡ ක්‍රියා සිද්ධ වේ. කුරාණය ක්‍රියාත්මක වන යම් හෝ රටක ස්ථිරසාර සාමයක් තිබුණේ නැත. තියෙන්නේ ද නැත. අපරාධය සහ මංකොල්ල කෑම ද, බලෙන් අල්ලා ගැනීම සහ ව්‍යාප්තවාදය ද මත පදනම් වූ ඉතාම සටකපට දේශපාලන මොඩලයක් සේ හැරෙන්නට, ඉස්ලාමය හඳුන්වන්නට අපට වෙන වචනයක් ද නැත්තේ ය. 




එහෙත් මෙකී ඉස්ලාමික සංස්‌කෘතිය තුළ ද හැම එකාම අනිකාගේ බෙල්ල කපන්නට බලාගෙන ඉන්නේ යැයි යමෙකු කියන්නේ නම්, එය ද බරපතළම ගණයේ මානසික ව්‍යාධියකි. ඉස්ලාමය තුළ ද, ෂියා, සුන්නි, සුෆී, වහාබි, මජුම්දාර්, ආහාද් වැනි විවිධාකාර නිකාය ක්‍රියාත්මක වේ. ථේරවාදය මහායානයෙන් වෙනස් වන්නේ යම් සේ ද, රෝමානු කිතුණුව, ක්‍රිස්තියානියෙන් වෙනස් වන්නේ යම් සේ ද, තාන්ත්‍රික මාර්ගය, හින්දු වෛදික සම්ප්‍රදායයෙන් වෙනස් වන්නේ යම් සේ ද, එසේම අහසට පොළොව වැනි වෙනස්කම් රාශියක් ඉස්ලාමික නිකාය අතර ද තිබේ. 

මේ වෙනස නොදැන, ලංකාවේ සියලු මුසල්මානුවෝ අපරාධකාරයෝය, ව්‍යාප්තවාදීහු ය, කියා යමෙක් කියන්නේ නම් ඔහුට හෝ ඇයට ද කියන්නට ඇත්තේ කරුණාකර දැනගෙන කතා කරපං කියා ය. 


මිසදිටුවන් හට බලෙන් හෝ හොඳ සිරිත් ඉගැන්විය යුතුයැයි කියන්නවුන් වෙත

මේ සිද්ධිය සමග සමහරු, අන්‍යාගමිකයන් හට බලෙන් හෝ පිංපවු ඉගැන්විය යුතුයැයි යන මතයේ ද සිටිනු පෙනේ. ඔවුන් ගේ ජනප්‍රියම උදාහරණ වන්නේ බක බ්‍රහ්මයා ගේ විමානයට වැඩ, ඔහු හට මරණ බිය දක්වා සලිත කොට, බුදු හිමි බණ කී අවස්ථාවයි. 

පළමුව කියන්නට ඇත්තේ බුදුන් වහන්සේ කවදාවත් අනුන් බලෙන් බෞද්ධ කෙළේ නැති බවයි. බුදු දහම වනාහි ව්‍යාප්තවාදය අතින් අවම තැනක් ගන්නා දහමකි. මගේ ගොඩ මේ යැයි කියා ගොඩ ලොකු කරගැනීමක් එහි නැත. බුදුහිමියන් තර්කයෙන් පරදවන්නට ආ උපාලි ගෘහපතියා බුදු බණ අසා පැහැදී බුදුන් දහම් සඟුන් සරණ යන බව කීවිට බුදුන් වහන්සේ කීවේ, "උපාලි, ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් තීරණ ගැනීමේදී ඉක්මන් නොවිය යුතුය" කියා මිස, "බොහොම හොඳයි, යන්න උපාලි, ගිහින් තව දහදෙනෙක් අරන් එන්න" කියා නොවේ. උපාලිගේම වචනයෙන් කියන්නේ නම්, "අන් ආගමක එකෙකු ආගම මාරුකළ විට ධජ පතාක සේසත් නංවා නුවර පුරා බෙර ලවා පාවාඩ පිටින් පිළිගන්නා" යුගයක ය, බුදුන් වහන්සේ එසේ කීවේ. 

බක බ්‍රහ්මයා හට මරණ බිය දැන්වීම වනාහි, පිං ඇති අයෙකු, දහම දක්වනු පිණිස කරන ලද බුද්ධප්‍රයෝගයකි. බුද්ධප්‍රයෝග වනාහි ඉහළම මට්ටමේ ප්‍රඥාවකින් සහ තීරණ ගැනීමේ ශක්තියකින් කළ යුතුය. කිසාගෝතමියට අබ සොයන්නට කීම, අංගුලිමාලට නැවතීම ගැන කීම, චුල්ල පන්ථක හට අව්වේ සිටගෙන රෙදි කඩක් පිරිමදින්නට කීම, මේ ආදී සියල්ල බුද්ධඥාන විෂයයෙන් කළ කී දේ මිස පුහුදුන් අපට කළ හැකි දේ නොවේ. ඒවා කරන්නට ආසයානුසය ඥානය තිබිය යුතුය. එනම්, සත්ත්වයන්ගේ කෙලෙස් මෝරා ඇත්තේ කවරාකාරයෙන්ද යන්න, සිත පිරික්සා බලන ඥානයෙන් කිව යුත්තකි. එය කරන්නට බුදු කෙනෙකුන් ම විය යුතුය. 

මේ ටික නොදත් අපේ වාහෙලා හිතන් ඉන්නේ බුදුන් කළ දේ උන්ටත් කරන්නට හැකිය කියා විය යුතුය. පඬියන් පඬියන් වන්නේ ලෞකික ඥානය තුළය. ලෝකෝත්තර අවබෝධය තුළ නොවේ. පඬියන් බුදුන් වන්නට යාම හරියන්නේ නැත. බුදුන් දන්න හැමදේම පඬියෝ දන්නේ නැත. බුදු හිමි දැන සිටි සැමදේම දේශනා කෙළේ ද නැත. සිංසපා සුත්‍රයට අනුව බුදු හිමි කොළ අහුරක් අතට ගෙන, "මවිසින් දේශිත ධර්මයෝ මෙපමණකි, අදෙශිත ධර්මයෝ මේ සිංසපා වනයේ වැටී ඇති කොළ වලටද වඩා මහත් වන්නේ ය" යි වදාළහ. එසේම වෙනත් තැනක නියපිටට ගත් පස් අහුරකින් ද බුදුහු මේ බණ ම කී හ. ඕල්කොට් බෞද්ධයන් ලෙස සමහරුන් ගරහන අප ද අසා ඇති බුද්ධෛශ්වර්යය සහ බුදු කෙනෙකුන්ට ම පමණක් කළ හැකි දේ ගැන මේ පඬියන් නොදැනීම අන්තිම ම අවාසනාවකි. 


අපේ පැතුම

පිංවත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට ඉක්මන් සුවය පතන අතරතුර ම, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ දුලබින් ලද මනුසත් බව අපතේ නොයවා, උතුම් බුද්ධ ධර්මය තවමත් ධරමානව පවතින මේ කාලයේ දීම, සම්මා දිට්ඨිය වඩාගෙන, උතුම් අමා මහා නිවන් සම්පත ලබා ගන්නට හේතු වාසනා වේවා!

116 comments:

  1. ගව ඝාතනය පෙර සිටම ලක්දිව සමාජයේ පිළිකෙව් කරපු දෙයක්. ඒකට එක හේතුවක් ගවයා කියන සත්වයා පැරණි සමාජයේ හැම දේටම බැදිලා හිටපු සත්වයෙකු වීම. පැරණි සමාජය තනිකරම යැපුනේ ගවයාගෙන්. ඊට කළ ගුණ සැලකීමක් ලෙස ගව ඝාතනය නොකරන්ඩ තීරණය කරන්ඩ ඇති. පැරණි සිංහල නීතිය අනුව ගව මස් කෑ අය රොඩී කුලයට දාලා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ගව මස් කෑම හෝ නොකෑම පෞද්ගලික් තීරණයක්. මම කන්නෙත් නෑ. ඒත් ඒක බුදුදහමේ සඳහන් දෙයක් නෙවේ. සංස්කෘතියයි, ආගමයි (දර්ශනයයි) පටලගෙන ඉන්නෙ අපේ මිනිස්සු. ඒකම තමා මේ ලිපියෙන් කියන්නෙත්

      Delete
    2. ගවයා හට කළගුණ සැළකීමක් තිබුණු බව ඇත්තයි. නමුත් මේ ලංකාවේ මිනිස්සු කුකුල් මස් කන්න පටන් ගත්තේ මේ මෑතක දී නේ. ඊට පෙර කෑවේ හරක් මස්, මුව මස් (පොදුවේ දඩමස්) ආදිය තමා. හරක් මස පිළිකෙව් කරන සිරිත මහනුවර යුගයට පෙර තිබිච්ච දෙයක් නෙවේ. රොඩී කුලය ගැන කියන විට කියන්නේ ක්ෂත්‍රිය වංශික රත්නවල්ලී කුමාරිකාව සහ ළුද්දක (වැදී) ගෝත්‍රිකයකු අතර විවාහයෙන් රොඩී කුලය සෑදුණු බවයි. මහනුවර යුගයට පෙර රොඩියෝ කියල ජන කොට්ඨාසයක් හිටි බවට සාධක නැහැ නේද?

      ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ -- මෑත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ
      කරේ බැන්ද මුතු දෙපොට නොසෙල්ලියේ -- පැරකුම් රජුගෙ දුව නව රත්නවල්ලියේ

      කියල කවියක් මතක ද? (වචන වරදින්න පුළුවනි, සමාවෙන්න)

      Delete
    3. http://www.psychologytoday.com/blog/ironshrink/201109/why-people-commit-suicide

      Delete
    4. weradiyata therum ganna epa.meka sinhala jathiya rakinna gath piyawarak

      Delete
  2. හොඳ ලිපියක්

    ReplyDelete
  3. මට පොඩි පැහැදිලිකිරීමක් අවශ්‍යයි, අපි ග්‍රහ දෝශවලටයැයි කියමින් සුර ("යන්තර") පලදිමු, මේවා අරකිල්ලට මේ කිල්ලට හසුවී බලබිදේ යැයිද, මළමිනී අසලින් යාම නුසුදුසු යැයිද, ගව හා සූකර මාංශයන් මේවාට වඩා බලවත්යැයිද (සුරයේ බල බිදෙන්නටනම් ඊටවඩා බලයක් ඇති යමකට හසුවියයුතුය ) පැවසේ, ඒ අනුව මිනිස් මළකුණද මෙම සුරයකට වඩා බලවත්ය, මෙම සුර ශාස්ත්‍රයේ සත්‍යය අසත්‍යය කුමක්වියහැකිද? මෙය එකග වන්නේ බොදු දහමටද? හින්දු හෝ ශිව දහම් වලටද? නැත්නම් කුමකටද? ලංකාවේ වැඩිපුරම සුර පලදින්නේද බෞද්ධයන්ම බව අප සිහි තබාගත යුතුය. කරුණු මෙසේනම් තමන්ට තමන්වත් රැකෙන්නට බැරි සුරයක් අපව රකින්නෙ කෙසේද? සිදුවන්නේ සුරය ගෙල ලාගෙන අපට සුරය රකින්නට සිදුවීම නොවේද?

    ReplyDelete
    Replies
    1. යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යාව ගැන දන්නා කෙනෙක් අපේ කණ්ඩායමේත් ඉන්නවා.. වෙලාවක ඒ ගැනත් ලියන්නට ඕනේ. නමුත් මේ ඊට අවස්ථාව නොවේ. හැබැයි අනිවාර්යයෙන්ම ලියන බවට පොරොන්දු වෙනවා.

      Delete
    2. හොඳ මාතෘකාවක්..ඇත්තෙන්ම ගොඩක් අය සුරයක් පලදින්නේ ග්‍රහ දෝෂ වලින් ආරක්ෂා වෙන්න.උදාහරණයක් විදියට සෙනසුරු අපලයකට සෙනසුරු ග්‍රහයා ගෙන් ආරක්ෂා වෙන්න සුරයක් පලදීම සිදුකරනවා.නමුත් මතක තබාගත යුතු දේ තමයි එය තුලට අන්තර්ගත කරන දෙය.සෙනසුරු අපල වලින් මිදෙන්න සෙනසුරු ග්‍රහයාට අදාළ වන මන්ත්‍ර වලින් සංතෘප්ත කරන ලද තඹ පතුරක් වැනි දෙයක් බාවිත කරනවා.නමුත් රතන සූත්‍රය වැනි දෙයක් අන්තර්ගත කරන්නේ පිරිත් වල බලයෙන්.පිරිතක බලය මස් මාංශ නිසා නැතිවෙනවනන් ඒ පිරිතෙන් වැඩක් නැති බව තේරුම් ගන්න.ඒ නිසා කෙසේවත් පිරිත්වලින් සංතෘප්ත කල සුරයක බලය ඒ විදියට බිදෙන්නේ නෑ.නමුත් මම විශ්වාස කරනවා ඔයාලත් විශ්ව ශක්තිය කියන දේ විශ්වාස කරනවා කියලා.අපට නොපෙනෙන ශක්ති ප්‍රභේද විශ්වය පුරාම තියෙනවා.හිතන්න ප්‍රේත ආත්ම වගේ දේවල්.ඒවා අරූපාවචර නිසා ගොඩක් දෙනෙක් පිළිගන්නේ නෑ.නමුත් අධෝරක්ත කැමරා භාවිතයෙන් ඔප්පු කරපු සාධක ඕනතරම් තියෙනවා.එවැනි ආත්ම සුර තුලට අන්තර්ගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ විශ්ව ශක්තියෙන් ආරෝපණය වන ලෙඩ රෝග එය මගින් අවශෝෂණය කරගැනීම.ප්‍රේත ආත්ම ගොඩක් කැමති දෙයක් තමයි රුධිරය කියන්නෙ.ඉතින් එවැනි සුරයක තිබෙන ආත්මයක් රුධිරය හෝ තුවාල සහිත ස්ථානයකට ගමන් කිරීම සාමාන්‍ය සංසිද්දියක්.එතකොට තමයි සුරයක බලය බිදෙනවා කියන්නේ..

      Delete
  4. එකඟයි. හැම පැත්තෙන්ම බලල ලියපු හොඳ ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. හැම පැත්තෙන්ම කැකෑරෙන අදහසක් තමා ලියවුණේ.. :)

      Delete
  5. විශිෂ්ඨයි, අතිවිශිෂ්ටයි, ඉතාම කාලීන, පාඨක අවධානය අනිවාර්යයෙන්ම යොමුවියයුතු, පුළුල් සංවාදයකට භාජනය වියයුතු ලිපියක්. බෞද්ධ දර්ශනය පසෙක ලා බුද්ධාගම නමැති ඇදහිල්ල බෙල්ලේ එල්ලාගෙන දඟලන ඡායාමාත්‍ර බෞද්ධයන්ට මෙය ඔවුන්ගේ බුද්ධ ඇදහිල්ල අත්හැරීමට ඇස් අරවන්නක් වේවා.

    නලීන් දිල්රුක්ෂ, ඔබ මෙම අදහස් දැක්වීම කියෙව්වොත්, මා ඔබෙන් ඉල්ලන්නේ, මේ ලිපිය සති අන්ත පුවත්පතකට යොමු කරන ලෙසයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  6. ඉතාමත් හොඳ විග්‍රහයක්..පෘතග්ජන සිතුවිලිවලින් අන්ධ වූවන්ගේ දෙනෙත් අරවන්නට හැකි විශ්ලේෂණයක්.
    ගව ඝාතනය මතු නොව සියලු සත්ත්වයන්ගේ පණ නැසුම ට අප එකඟ නැත. අපට ජීවත් වන්නට ඇති අයිතිය සේම සෑම සත්ත්වයෙකුටම ජීවත් වන්නට අයිතියක් ඇත.
    එසේම මනුෂ්‍යෙයකුට තම දිවිය තොර කරගැන්මට ද අයිතියක් නැත. දැන් සිදුවීම වි හමාරය. මේ සිද්ධිය අරබයා වගකිවයුතු පාර්ශ්වයන් සියල්ලන්ගේම දෙනෙත් ඒ දෙසට යොමුවේවා..
    මෙවන් සිදුවිම් හරහා අයිතින් දිනාගන්නට ඇති අරගල කිරීමට ඇති නිදහස ගැනත් ගැටලු ඇතිවනවා නොවෙද?
    විචාරක තුමන්ගේ ඉල්ලීම ගැනත් බලන්නම්.
    මේ ලිපියට මගේ ලිපියේ ලිංකුව දමා ඇත. රාජ් ද හොද විග්‍රහයක් කොට ඇත.

    ReplyDelete
  7. ලිපිය අගය කරමි.මමත් මේ තලේබාන් බෞද්ධයන්ට විරුද්ධ කෙනෙක්.අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවො ගැන සමහරු අහල ඇති මම හිතන විදියට.උන්වහන්සේ වෙසක් මාසෙ මෙල්බර්න් වලට ඇවිත් දවස් තුනක් ප්‍රසිද්ධ දේශ්න කීපයක් කරනව.පහුගිය අඟහරුවාදා උන්වහන්සේගෙ දේශනයෙදි ලංකාවෙ මේ තලේබාන් වැඩ ගැනත් කතාකලා.ඔය ලංකාවෙ කරන බුදුපිලිම විකුනන අයට නීති දාන ඒවා,පිටරටවල ගෙවල් අලංකාර කරන්න බුදු සිරස හරි පිලිම හරි තියන ඒවා හරිදෙ වැරදිද කියන එකයිකතා කලේ.උන්වහන්සේට අනුව මේ අය කරන්නෙ බුද්ධගම විනාශ කරන එක.බුදු පිලිමය කියන්නෙ භාජනයක් කියල හිතන්න ඒ භාජනයෙ ඇතුලෙ තියන දේ ත්මයි බුද්ධාගම කියලයි විස්තර කලේ.අපි බුද්ධාගම රකින්නෙ නැතුව අර භාජනය විතරක් පරිස්සම් කරනව කියල කිව්ව.ඔය පිලිම කැඩුවත්,බුද්දරූපෙ ජංගි වල ප්‍රින්ට් කලත්,මොනයම් ක්‍රමයකට අපහරනය කලත් බුද්ධාගම විනාශ කරන්න බෑ කියලයි උන්වහන්සෙ කියන්නෙ.කෙලින්ම කිව්වා ඔය ලංකාවෙ හාමුදුරුවරු මේ දවස්වල මුස්ලිම් මිනිස්සුන්ට කරන දේ වලින් ඒ අයම බුද්ධාගම විනාශ කරනව ඒ අයට ඒව නවත්වන්න කියන්න කියල.ඔය බොදු බල සේනා වගෙ ගෝත්‍ර හදාගෙන කරන විකාර නම් මොනවද කියල හිතාගනා බැහැ.
    බ්‍රහ්මවංශ හාමුදුරුවො ගැන විස්තර සහ උන්වහන්සෙගෙ දේශනා අන්තර්ජාලයෙ තියනව.

    ReplyDelete
    Replies
    1. අජාන් බ්‍රහ්මවංශෝ ලංකාවේ දේශනා කරන්න ගියාට ඒවා ලංකාවේ අයට දිරෙව්වේ නෑ කියලා අහලා තියෙනවා.

      Delete
    2. ඒ විතරක් නෙමේ කකා උන්වහන්සේගේ දේශනා සිංහලයට පරිවර්තනය කරපු පොත් වලටත් ඒ කාලයේ සෑහෙන දෙනෙක් විස්සෝප වෙලා හිටියා.

      Delete
    3. i like rev.brahmawansho.. i beliv what he says is correct.

      Delete
  8. oya niyameta liyala thiyenawa.

    ReplyDelete
  9. ඒ හාමුදුරුවන් හට කීමට ඇත්තේ "හයියෝ ජීවිතේ" කියා පමනි. මිනී වලින් ප්‍රශ්න විසඳීමේ කලාව මීට පෙර අනුගමනය කලේ ප්‍රබාකරන්ය. ඉතින් ඔය හාමුදුරුවන්ටත් ඒ පාරේ යමින් බුකිය තුල පෝස්ට් ශෙයා කරන අයටත් දෙයියන්ගේම පිහිටය. "ධම්මෝ හවේ රක්කති ධම්මචාරී" ය. ධර්මයෙන් රකින්නේ ධර්මය ආරක්ශා කරන අයය.

    ReplyDelete
    Replies
    1. නොබෝ කලකින් බොදුබල සේනාවේ ද, ස්වයං ඝාතකයන් බිහි වනු ඇත් ද?

      Delete
  10. ඔබගේ ලිපිය විශිෂ්ඨයි.ඔබ නම් කළ ද ඔබේ වචන කිසිසේත් ම තහනම් වචන නොවේ. විචාරක ගේ යෝජනාව මම ත් කරනවා. මේ ලිපිය සති අන්ත පුවත්පතකට යොමු කරන්න.

    ReplyDelete
    Replies
    1. මේ වචන තහනම් කර ඇත්තේ, මා නොවේ.. :)

      Delete
  11. මාත් කියන්නෙ මේ පොන්න බෞද්දයොන්ව මේ රටෙන් එලවල දාන්න ඕනෙ. ඕනෙ මසක් කන්නෙ අපිනෙ. උන්ට තියෙන අමාරුව මොකක්ද?

    ReplyDelete
  12. ඉතාමත්ම කාලෝචිත ලිපියක්. !

    මෙහි එක්‌ අදහසකට නම් එකග නැතත්, ඉතිරි සියලු අදහස් ගැන සම්පුර්ණයෙන් එකගවෙමි.

    එකග නොවන අදහස නම්..
    ...///ඊනියා මළමිනී විරෝධය එන්නේ දළදා මැදුරෙන් නොව, ඊට බලෙන් එල්ලා ඇති හතර මහා දේවාල වලිනි. අප ඊට බලෙන් එල්ලා ඇතැයි කියන්නේ බෞද්ධකම සහ ඊනියා හින්දු වෛදික දේවාල අතර මොනම කෙහෙල්මල් සම්බන්ධයක් හෝ නැති බැවිනි.///....


    එය ඇත්තක්මදැයි තවත් ගැඹුරින් සොයා බැලිය යුතුය.


    හතර මහා දේවාල වලින් නිරුපනය වන්නේද ඉන්දියාවෙන් ආ හින්දු වෛදික දේව සංකල්පයේම කොටසක් මද ? එසේත් නැතිනම්, ඉන්දියාවෙන් ආ හින්දු වෛදික දේව සංකල්පයට අදාල නොවන, අපේම මුතුන්මිත්තන්ගේ උරුමයක් දැයි යන්නද වෙනම සොයා බැලිය යුතු වෙයි.

    එකල ඉන්දියාවේ තිබූ සෑම කුණු කසල සංකල්පයක්ම පාහේ මෙරටට පැමිණ තිබේ. අපේ රටේ ඉතිහාසයේ පටන්ම පැමිණ ඇති මෙම පන්සල් ආශ්‍රිත දේව සංකල්පයද ඒ හින්දු වෛදික දේවආගමේ කොටස්ද ?


    එසේත් නැතිනම් ඉතිහාසයේ සිටම හැකි සෑම සියලු අවස්ථාවකදීම ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලා අසල රැදෙමින්, නිරන්තරයෙන් ඔවුන්ගේ අඩුපාඩු ද සොයා බලමින් පන්සල ආශ්‍රිතවම වාසය කල උපාසක මහත්වරුන් වන අපේ මුතුන් මිත්තන්ගේ,
    සැගව ගිය දහම් අර්ථ ඇති "නිර්මාණාත්මක අපේම බෞද්ධ සංකල්පයක්" සහ "නිර්මාණයන්" දැයි ගැඹුරින් සොයා බැලිය යුතු වෙයි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් මේ ගැන එක ලිපියකින් කතා කරන්න බැහැ. මේ අඩවියේම ඇති "නාථ දෙවියන්" ගැන ලිපියෙන් සරල අරම්බහය්ක් ලබා ගන්න පිළිවන් වේවි.

      Delete
  13. ..///අපි ග්‍රහ දෝශවලටයැයි කියමින් සුර ("යන්තර") පලදිමු.
    මෙම සුර ශාස්ත්‍රයේ සත්‍යය අසත්‍යය කුමක්වියහැකිද?
    මෙය එකග වන්නේ බොදු දහමටද? ///...


    මේවාත් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේම, හෙළ දේව විද්‍යාවේ ම ශේෂ වෙමින් පැමිණ තවමත් ඉතිරිව ඇති කොටස් ම නොවේද.
    කෙසේ වෙතත් ඉහත දක්වා ඇති පරිදි ඒ පිලිබදවද ඉදිරියේදී අදහස් දැනගැනීමට බලාපොරොත්තු වෙමි.


    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. වෙනත් ඉස්ලාම් රටවල, එනම් සෞදි අරාබිය, සුඩානය වැනි වැනි රටවල ක්‍රියාත්මක වන ම්ලේච්ඡ ක්‍රියාවන් ගැන ද අපට කීමට ඇත්තේ ඔය ටිකමය. උන්ගේ මොළේ අමාරුවක් නිසා හෝ, අර කුරාණය නමින් වන්දනා කරන මනස්ගාත බහුබූත වලින් පිරි ග්‍රන්ථය නිසා හෝ, ඒ දෙකම නිසා හෝ, ඒ රටවල ඒ ඒ ආකාර ම්ලේච්ඡ ක්‍රියා සිද්ධ වේ. කුරාණය ක්‍රියාත්මක වන යම් හෝ රටක ස්ථිරසාර සාමයක් තිබුණේ නැත. තියෙන්නේ ද නැත. අපරාධය සහ මංකොල්ල කෑම ද, බලෙන් අල්ලා ගැනීම සහ ව්‍යාප්තවාදය ද මත පදනම් වූ ඉතාම සටකපට දේශපාලන මොඩලයක් සේ හැරෙන්නට, ඉස්ලාමය හඳුන්වන්නට අපට වෙන වචනයක් ද නැත්තේ ය.

    Obage mema Lipiya agaya Karmai...namuth islamaya gana oba dakva athi adahas nam kuriru sahagathaya...Saba Islamaya kiyanne kumakda yanna soya baliya yuthu misa ara rate mehemai..me rate mehemai..( nidasunakata lankave aparada valata bududahamata baninava men..)kiya islamayata banima sadarana nove...{ ma mema adahas pakasha karanne nidahas pudgalayeku lesa misa agamvadiyeku ( agamata banima nisa nikarune kulappu vana ) lesa nove.}
    namika islamiya ratawal vala 100% Quranaya pilipadimak nomatha...ehith gasakam, vancha, dushanaaadiya kriyathmaka ve...eya padanam karaganimin thirana valata elabima buddimathakuge lakshanayak nove...( navathath mathak karami...no racism here...just feel free.)

    ReplyDelete
    Replies
    1. අඩවියේ සටහන් අනිකුත් ලිපි ද කියවා බලන්න.

      Delete
  16. ඉතා අනර්ඝ ළිපියක්. මෙවන් ළිපියක් ළිවිය හැකි එකම මාධ්‍යවේදියෙක් කිසිම මාධ්‍යයක නැති බව අවධාරණයෙන් කියමි. පරිඝනකය භාවිතා කිරීම අපහසු ප්‍රදේශයක් සිටින නිසා දීර්ඝ කොමෙන්ටුවක් දැමීමට නොහැකිවීම ගැන අතිශයින් කනගාටුවට පත්වෙමි. බ්ලොග් ලොවට ආඩම්බරයක් සහෝ...

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මාතලන්.. ඔබේ කමෙන්ටුව ස්පෑම් වෙලා තිබුණ.. Wordpress වලට පුරුදු වෙලා හිටපු මට බ්ලොගර් interface එක තාම හුරු නැහැ..

      Delete
  17. අනර්ග ලිපියක්. කියන්න ඕනේ දේ හොඳට ම කියලා තියෙනවා.

    ReplyDelete
  18. මම මේ හාමුදුරුවන්ගේ ක්‍රියාව හා එයට අදාළ දේ ගැන පමණක් නලිගේ ලිපියේ දීර්ඝව දැක්වූවා ..ලින්ක් එක

    නමුත් මේ ලිපිය යන්නේ වෙනත් කරුණු එක්ක.ඒ නිසා මේකට අදහසක් කියන්න නම් මට ගොඩක් දීර්ඝව කරුණු කියන්න වෙනවා..ඔබ සමග එකඟ වෙන අදහසක් මාද දරණ නිසා දීර්ඝව කරුණු කියන්න ඕනේ නැහැ වගේ මට හිතෙනවා...( 100% ම නෙවේ .මොකද සමහර තැන් වලදී නීතිය හා , නීතිය මුවාවෙන් කරන්න පුළුවන් දේවල් විවිධ නිසා )


    ඔබට පේනවද මේ සියල්ලම මොන තරම් කවලන් වෙලාද කියලා..ඒ කිව්වේ හෙළ උරුමය දැන් 100% දෑත් ශක්තිමත් කරන බලවේගයක් වෙලා..ඉස්සර අපිට කියපු ධර්ම ද්වීප කතා දැන් නැහැ...එක එක්කෙනා කොටස් වලට කැඩිලා කැඩිලා වෙන වෙනම මාර්ග වල යනවා..පාඨලී දැන් කරන්නේ මොනවද ...? ගම්මන්පිල මොනාද කරන්නේ ...?

    මේ සියල්ල විකෘතියක් තහනම් වචන..හැමෝම අරහෙන් මෙහෙන් සුට්ට සුට්ට අරන් අච්චාරුවක් හදන්..අපි කාගේ අච්චාරුවෙන්ද අපේ පංගුවට බෙදා ගන්නේ ...?
    හැබැයි ඔබා හා පුද්ගලිකව කරුණු කියන්න අවස්ථාවක් තියේ නම් මම මීට වඩා දේවල් කියනවා.. මම මුළින්ම කිව්වේ මේ ලිපියේ සඳහන් මාතෘකා ගැන වෙන වේනම කතා කල යුතුයි හරියට ඉවරයක් දකින්න නම්.( මේ භික්ෂුවගේ ක්‍රියාව ලඝු කල නොහැකියි හෙළ උරුමයෙන් යන්න කිව්වා , ඒ නිසා දුකට ගිනි තියා ගත්තා කියලා නම් ... )

    ReplyDelete
    Replies
    1. ඇත්ත. එදා මෙදා තුර ජාතිකත්ව බලවේග ආපු ගමන ගැන දීර්ඝව කතා කරන්න දේවල් තියෙනවා.

      මේ හිමියන්ගේ ක්‍රියාව ගැන තවමත් අපට බලන්නට වෙන්නේ වපරැසින් ම තමා. මොකද ඡන්ද කාලයේ මේ පුද්ගලයාගේ ක්‍රියා කලාපය ගැනත් වටින් ගොඩින් අපට ආරංචි ලැබුණා. නමුත් සාක්ෂි නොමැති කිසිවක් පල නොකිරීමේ දැඩි පිළිවෙතක අප පිහිටා ඉන්න නිසාත්, තවත් එක් ගොසිප් අඩවියක් මට්ටමට නොවැටිය යුතු නිසාත්, අප එවැනි කටකතා ගැන මෙහි සඳහන් කර නැහැ.

      Delete
    2. ඔබගේ ප්‍රතිපත්තියට ගරු කරමි තහනම්...ඇත්තටම සාක්ෂියක් නොමැති හෙයින් යම් දේවල් පැවසීමෙන් ඔබ වැළකීම අගය කරමි. මේ ගිනි තබා ගැන්ම ගැන වුව සවිස්තරාත්මක පරීක්ෂණයක් තිබිය යුතුයි.

      Delete
  19. අනිවත්තේ ඉඳල ශත 15ට නුවර ටවුමට (මිරාමක්කම පල්ලිය ලඟට)ආපු කාලේ ඉඳලම මම නුවර වැසියෙක්. එනිසාමම ඔබ සාන්ත පාවුළු පල්ලිය ගැන ලියපු සමහර කරනු වැරදියි කියල කියනවා . දළදා මාලිගා පරිශ්‍රය පුජා භූමියක් බවට පත් කිරීමේදී අනවශ්‍ය දේපල වලට විකල්ප ඉඩම් සහ වන්දි දුන්නා. ධර්මරාජය,සුමන්ගලය යන විද්‍යාල ඉවටහ්ට ගියේ එහෙමයි. බන්ධනාගාරයට ඉඩමක් ලැබුනත් ඒගොල්ල තවම ගියේ නැහැ (ලඟදි යන බව ආරංචියි) ආණ්ඩුකාරයාගේ නිවාසය (රජගෙදර) අසල ඔහුගේ පුද්ගල දේව මෙහෙයටයි සාන්ත පාවුළු දේවස්ථානය තැනුනේ . ඒක ඉවත් කිරීමට අම්පිටියෙන් අක්කර 10ක් සහ වන්දි ලැබුනත්,අදාළ ගොඩනැගිලි සැදුවත් පල්ලියේ බලධාරීන් පල්ලිය ඉවත් කලේ නැහැ. දැන් මහනුවර නගර උරුමය යටතේ හැංගිලා එම දේවස්ථානය තවම තියෙනවා.ඔබ සති අන්තයට එහි ගියොත් එහි දේව මෙහෙයන් පවත්වනවා පෙනේවි.එහෙත් මතක ඇති කාලයක ඒකට මළමිනී ගෙනල්ල අවම්ගල්‍ය චාරිත්‍ර කලේ නැහැ.(ඊයේ පෙරේදා එක මෝඩයෙක් කල මිනියක් පල්ලියට ගෙන එම හැර) මිනියකින් එලියට එන්නේ විෂබීජ.ඔසප්වෙච්ච ගැනියෙකුගෙන් පිට වෙන්නෙත් විෂබීජ. මේ නිසා තමයි දළදා හාමුදුරුවන්ගේ තේවාව භාරව සිටින භික්ෂුන් වහන්සේලා සහ ගිහියන් තේවාව කරන 6 මස තුලදී විෂබිජ අවශෝෂණය නොවීම සඳහා විශේෂයෙන් සැදී පැහැදී ඉන්නේ.ඒ කාලය තුල තම පවුලේ සාමජිකයෙක්ගේ මලගමකටවත් නොයන්නේ දළදා හාමුදුරුවන්ට කරන තේවාව නියමිත පරිදි කිරීම තම ජිවතයට ලැබුන මහත්ම පිනක් ලෙස සලකන නිසයි. එබැවින් මාලිගා පරිශ්‍රයේ තිබෙන සාන්ත පාවුළු පල්ලියට මිනියක් ගෙන ඒම හිතාමතාම දළදා හාමුදුරුවන්ට කල නිග්‍රහයක්. දළදා හාමුදුරුවන්ද කරන දෛනික පුද පුජා මොන හේතුවක් නිසා වත් නවත්වන්නේ නැහැ. එබැවින් මිනියක් වැද්දගත් නිසා විෂබීජ අවශෝශනය වීමේ අවදානම තිබුනත් මාලිගාවේ තේවාව එපරිදිම තිබුනා.එහෙත් සතර දේවාල වසා දැම්මා.
    කතරගම,විෂ්ණු,සහ නැත යන දෙවි වරුන් බෞද්ධ දෙවි වරුන් ලෙස නොදකිමාආට තරම් ඔබ අන්තගාමි වෙලා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි. ඔබ එකඟ නොවන කරුණු තුනක් අපට දකින්න පුළුවනි. එනම්,

      1. සාන්ත පාවුළු දේවස්ථානය තුළ අවමංගල්‍ය චාරිත්‍ර ඉටුකිරීම වැරදි බව.
      2. කිළි යන සංකල්පය බෞද්ධ සංස්කෘතියට ද අදාළ බව.
      3. හතර මහා දේවාල වල දෙවියන්, බෞද්ධ සංස්කෘතියට අයත් බව.

      මේ කරුණු තුනම, එකකට එක බැගින් වෙන වෙනම දීර්ඝ ලිපි තුනක් ලිවීමට තරම් පුළුල් මාතෘකා. එබැවින් තනි කමෙන්ටුවකින් පිළිතුරු නොදීම ගැන කමන්න. කෙසේ වෙතත් මෙහි දෙවැනි කරුණ හෙවත් "කිළි" ගැන, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන ළඟදීම ලියැවෙන ලිපියකින් සාකච්ඡා කෙරෙනු ඇති.

      හතර මහා දේවාල ගැන අපට වඩා හොඳින් අපවත්වී වදාළ පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසින් කරුණු දක්වන්නට යෙදී තිබෙනවා. කෙසේ වෙතත් නාථ දෙවියන් යනු කවරෙක්ද යන්න ගැන සුළු විස්තරයක් මෙතැනින් කියවන්න.

      Delete
    2. කමෙන්ට් වල අකුරු සයිස් එක ටිකක් වැඩි කරන්න පුලුවන්ද ...? ctr + වැඩේ අසීරුයි නිතර භාවිතයට ..

      මේ කමෙන්ට් එක ස්පෑම් කරලා දාන්න ...

      Delete
    3. // එබැවින් මිනියක් වැද්දගත් නිසා විෂබීජ අවශෝශනය වීමේ අවදානම තිබුනත් මාලිගාවේ තේවාව එපරිදිම තිබුනා.//

      විෂබීජ අවශෝෂණය වෙන්නෙ දතට ද? මොනවද දරුවො මේ කියන හතර බීරි කතාව?

      Delete
    4. @“ මිනියකින් එලියට එන්නේ විෂබීජ.ඔසප්වෙච්ච ගැනියෙකුගෙන් පිට වෙන්නෙත් විෂබීජ“ - එතකොට මහත්මයා ගෑණු පිරිමි භේදයකින් තොරව අපි හැමෝම පිටකරන මළ, මූත්‍ර, කෙල, සෙම්, හොටු, දහදිය වල තියෙන්නේ විෂබීජ නෙවෙයිද?

      Delete
    5. ඔය මල මිනියට වඩා ලොකු තුවාල හංගගෙන එන බැතිමත්තු, ඔසප් උන අම්මල මාලිගාව වඳින්නෙ නැද්ද. අනික ඒ මිනිය වගේම තමයි රාජ ඇතාගෙ මළ කුනත්. මලෙත් මාලිගා ඉඩමෙ, කුණ තියෙන්නෙත් ඒ ඉඩමෙ. ඔතන තියෙන්නෙ ව්ශබීජ ප්‍රශ්නයක් නෙමෙයි, අර හින්දු අවුලම තමයි. ඒත් ඔය හින්දුවොම තමයි මිනී පාවෙන ගංගා ගඟේ ගිලිල නානෙ පව් සුද්ද වෙන්න.

      Delete
    6. මළමිනී නරකයි, මිනීමරුවෝ දළදා වඳින එක හොඳයි. එහෙම වෙන්නැති.

      Delete
    7. @ ජයශ්‍රී
      " එතකොට මහත්මයා ගෑණු පිරිමි භේදයකින් තොරව අපි හැමෝම පිටකරන මළ, මූත්‍ර, කෙල, සෙම්, හොටු, දහදිය වල තියෙන්නේ විෂබීජ නෙවෙයිද?"
      ==============
      ඔබ හරියටම හරි. ඒ උනත් අපි දළදා හාමුදුරුවෝ වැඩ වසන මාලිගාවට යන්නේ කක්කා කරන්නවත්,චු කරන්නවත්,හොටු හුරන්නත් නෙමෙයිනේ.(ඔබ එහෙම යනවද දන්නේ නැ) බැතිමතෙක් මාලිගාවට යන්න කලින් දීන පටන් ඒ ගැන සුදානම් වෙනවා.(රෙදි පිලි සෝදා ගෙන, දිය නා පිරිසිදු වෙනවා) අපිරිසිදු තත්වයෙන් දළදා මාලිගාවට යන්නේ නැ.

      Delete
    8. @wmk - ඉන්දිකගේ විග්‍රහය කියවන්න එය තමයි සත්‍ය.

      Delete
    9. @wmk, තර්කය කරනවා නොවෙයි: ඔබ පිලිකුල් භාවනාව ගැන දන්නවාද? නාලා විලවුන් ගාල මතුපිටින් සුන්දරව තිබුනට අපි හැමෝගෙම ශරීර ඇත්තටම පිළිකුල් සහගතයි. බුදුන්වහන්සේ ඒ යථාර්තය අපට පැහැදිලි කර දුන්නා.උන්වහන්සේ තම පිහිට පතා එන කිසිවෙකු තමන් ඉදිරියට එන එක වැලැක්වූයේ නැහැ.තම බාප්පා විසින් මල සිරුරකට බැඳ දැමූ සෝපාක ගේ කතාව දන්නවා නේද?දළදා වහන්සේ ඉදිරියේ කෙළ හොටු පිට කරල උන්වහන්සේට අපි අගෞරව කරන්නේ නෑ තමයි.ඒත් ඔබටත් මටත් පුලුවන්ද දළදාවහන්සේ ඉදිරියේ දහදිය දමන එක නවත්වන්න?
      තව දෙයක්, කාණ්තාවන් ඔබ කියන ලෙස අපිරිසිදුයි කියා දළදාවහන්සේ සම්බන්ධ කටයුතුවලින් අද ඈත් කලත් මෙරටට දළදාවහන්සේ වැඩම කළේ හේමමලා කුමරිය තම හිසේ සඟවාගෙනයි.

      Delete
  20. ඔඹේ ලිපිය අගනා එකක්.

    නමුත් ප්‍රශ්නය මෙයයි. ගිනි තියාගන්න මෝඩයන් සහ ඒවාට සාදු කියන අමනයින් මේවා කියෝලා තේරුම් ගනීවිද? උන්ගේ මොල කචල් වෙලා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. අඩුම ගණනේ උත්සාහයක් වත් දරන්න එපැයි..

      Delete
    2. ක/කා
      මේ හාමුදුරුවොන්ගේත් මොලේ කචල් වෙලාද?

      "මුලනේ ගුණනන්ද හිමි 2013-05-25 22:42:24
      මෙහි අදහස් පළ කරන බොහෝ දෙනා දහම ගැනවත්,සිදු වූ දෙය පිළිබඳවත් හරි අවබෝධයක් නැතිව අදහස් පළකිරීම කනගාටුවට කරුණකි.බුදු සමයෙහි භික්ෂුවවට ප්රාෙණඝාතය බරපතල ඇවතකි.එය මහණකම පවා නැතිවන වරදකි.භික්ෂුඒවට විනයෙන් උගන්වන්නේ ආත්මඝාතනය දුක්කටාපත්තියක් බවයි.''න ච භික්ඛවේ අත්තානං පාතෙතබ්බං,යො පාතෙය්යද ආපත්ති දුක්කටස්ස'' (මහණෙනි, සියදිවි නසා ගැනීම නොකල යුතුය.යමෙක් එසේ හානි කරගන්නේ නම් ඔහුට දුක්කටාපත්තියක් වේ.) භික්ෂුකවට සියදිවි නසා ගැනීම බරපතල අකුසල කර්මයක් නොවන්නේ මේ නිසාය.බෝවත්තේ ඉන්දරතන හිමියන් සම්බන්ධ සිදුවීම ගැන අප බැලියයුත්තේ එහි අරමුණ සමග සැසදීමෙනි.උන්වහන්සේගේ අරමුණ පටුවූවක් නොවේ.කහවණු දහසකට මිළ නියම වූ සිරිසඟ බෝ රජුගේ හිස රජු විසින්ම සිඳ දුන්නේද උදාර අරමුණක් මුල්කොට ගෙනය.අපේ දහමෙහි කිසි තැනක රජු අපාගත වූවේයැයි සදහන් නොවේ. නුතන බහුතර සියදිවි නසා ගැනීම් නම් ඒකාන්තයෙන්ම අපාගත වන අකුසල කර්ම බව කිවයුතුය.එසේ වන්නේ එහි උදාර අරමුණු නොමැති නිසාය.එම දිවිනසා ගැනීම් බොහෝවිට රාගයෙන්,ද්වේශයෙන්,මෝහයෙන් අන්ධව සිදුකරන ඒවාය.එහෙත් ඉන්දරතන හිමියන් දිවිනසා ගත්තේ එවන් පටු චේතනාවකින් නොවීම මෙම මරණයෙහි ඇති විශේෂත්වයයි. (ස)

      Delete
    3. @wmk
      මට පෙනෙන විදියට [මුලනේ ගුණනන්ද හිමි 2013-05-25 22:42:24] උත්සාහ කරන්නේ ගිනි තියා ගත් චීවරධාරියා ගේ අමන ක්‍රියාව සාධාරණීකරණය කිරීමට තියරියක් සෙවීමයි.

      මා දන්නේ "කලකින් බුදු කෙනෙකුන් උපදින්නේ, දුකකින් මිනිසත් බව ලැබ ගන්නේ" වැනි සරල දේ පමණි.

      මට වැටහෙන පරිදි අද බුදුහාමදුරුවෝ හිටියා නම් අළුත් සිල් පදයක් පණවනු ඇත.

      Delete
    4. @wmk
      මහාචාර්ය බෙල්න්විල විමලරත්න ගේ වොටිස් කට් එක බලන්න. අද දෙරණේ තියෙනවා.

      Delete
    5. දුකට කාරණය මේ ගොන් කම අනුමත කරමින් ප්‍රකාෂ නිකුත් කරන්නට, එය සාධාරණීකරණය කිරීමට හා එය අනුමත කරමින් ප්‍රකාෂ නිකුත් කිරිමට චීවරධාරි ඔලමොට්ටයන් තව දුරටත් ඉදිරිපත් වීමයි. අනේ බුදු හාමුදුරුවනේ, මේ මෝඩ තකතීරුවන්ට, නැවතත් ඔබ දර්ශනය අවබෝධ වේවා කියා කොහේ හෝ සිට ප්‍රාර්ථනා කරණු මැනවි. එසේ නොවුනහොත මේ කාළකන්නින් ඔබ දෙසූ දහම විකෘතී කොට තලෙයිබානයක් බිහි කරණු නොඅනුමානය.

      Delete
    6. මාතලන් ගෙ කමෙන්ටුව spam වෙලා තිබිලා නිදහස් කරගත්තෙ මේ දැන්.. උදව් කරපු නිරා මල්ලිට බොහොම ස්තුතියි!

      Delete
  21. මේ පෝස්ට් එක යන්නෙත් අන්තිමට හරක් මස් වලට ආසාවෙන් ලියපු දෙයක් වගේ.දී කිරට බළල්ලුත් සාක්කි කියන්නේ මේවට තමයි බන්.

    ReplyDelete
    Replies
    1. නැහැ, එහෙම දෙයක් නැහැ. පුද්ගලිකව ලියු කෙනාත් නිර්මාංශිකයි. එකම අරමුණ මේ සිද්ධිය පිටුපස ඇති අධි-සාධාරණීකරණය විවේචනයට ලක් කිරීම පමණයි.

      Delete
  22. සිරාවටම පට්ට!
    හරියකට නිකම් Bruce Lee යය හතර වටේම විස්සකට තිහකට එක පාරට ගැහුවා වගෙයි!

    ReplyDelete
  23. ඇත්තටම අගනා ලිපියක්. ඔබ කියූ කතාව ඇත්ත. කොටින්ම පානදුරේ මොරටුවෙ ආගමික සමගිය ඉතා හොඳින් තියෙනව. ඔය ඉඳිබැද්ද පැත්තෙ පන්සල් පල්ලි එක ගාව අගේට තියෙනව කවුරුත් එකතු වෙලා ආගම අදහනව.
    මේ වගේ අන්තවාදී දේ වලින් වෙන්නෙ බුදුදහම නිග්‍රහයට පත් වෙන එක විතරයි. මෙලෝ රහක් නැති මෝඩ වැඩ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉන්දික.

      Delete
    2. http://www.psychologytoday.com/blog/ironshrink/201109/why-people-commit-suicide

      Delete
  24. ඔය හරක් මරණ එක විතරක් තහනම් කරලා හරිද? තහනම් කරනවානම් ඔක්කොම තහනම් කරන්න ඕන නේද?…. ආදී මතවාද මතු පිටින් බැලූ බැල්මට ඉතාමත් අවිහිංසා වාදී ය, සර්වසම්පූරණය, වඩාත් උදාරය. නමුත් මෙම ප්‍රකාශ පිටුපස සිටින අයගේ චේතනාව සත්ව කරුණාව නොව ගව ගාතනය තහනම් කිරීමේ පනත නොකෙරේවා යන්නය.
    සියලු සත්ව ඝාතන නතර කල රටවල් ලෝකේ කොහෙවත් ඇත්තෙත් නැති බව මොවුන් හොදින් දනී. අනික් අතට ගව ඝාතනය නවත් වනවා යන අති බහුතරයකට එකගවිය හැකි තැනින් පටන් ගත් කල මෙය සිදු කිරීමට ඇති හැකියාව ඉතා වැඩි ය. මස් කඩ මුදලාලිලා සහ ගෙරි මාංශ බක්ෂකයන් තැති ගත්තේ මේ හේතුවෙනි.නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් තිබ්බත් මදිය යන ජන වහරේ ඇති දෙය මොවුන් ඉතා හොදින් දැන ගෙන අපිටම හීන් නූලෙන් අබරවා ගිල්ලනවා නොවේද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. ගවඝාතනය තහනම් කෙරෙන පනතක් ගෙන එන්නේ නම් අපි ඊට සම්පූර්ණයෙන්ම එරෙහි වෙමු. අප මුල සිටම නැගූ පැනය වන්නේ, හලාල් වැනි අමානුෂික ක්‍රම වලට නොව, ඊට වඩා වේදනාවෙන් තොර මරණයක් දෙන්නට ක්‍රම ඕනෑතරම් තිබියදී, එසේ නොකරන්නේ මන්ද යන්නයි.

      ගවමස් නොකන්නන් නොකෑවාවේ. කන්නන් හට කරුණු පහදා දීම ද, ගවඝාතනය දුර්මුඛ කරනු වස් ගව මසට බද්දක් යෙදීම වැනි දේට පවා අපි එකඟ වෙමු. අනිසි බලපෑම් වලට එරෙහි වෙමු.

      Delete
  25. ඕනෑම දෙයක් කිසියම් තැනකින් පටන් ගත යුතුය. යමක් ක්‍රමානු කූලව අරබා කිරීම අපේ සංස්කෘතියට උරුම ක්‍රමයය්. මෙය නොදත් බටහිර පොත පත ගිරවුන් සේ කියවා සමාජයේ වෛරය වපුරන මාක්ස් වාදීන් ලේ හලන විප්ලව කරන්න ගොස් විහින් මිය යන්නේය. මෙම කරුනේදීද කෙරෙන විදියට සිදු විය යුත්තේ කාටත් එකග විය හැකි පහසු තැනින් සත්ව ගාතනයට තිත තැබීම ඇරබිමය්. ගව ගාතනය නැවැත්වීම මගින් සංකේතාත්මකව මස් කෑම දුර්මුක කිරීමකුත් සිදු වෙයි.

    ReplyDelete
    Replies
    1. මස් පිණිස සතුන් මැරීම සීමා කළයුතු බවට අපිත් එකඟයි. එහෙත් එයට ඊනියා ආගමික මුහුණුවරක් දෙන්නට උත්සාහ නොගෙන සිටිනවා නම් වඩාත් සුදුසුයි. අනික අප මාක්ස්වාදීන් සේ මේ අදහස් දක්වන්නා සිතා සිටින බවක් පෙනේ. සමහර විට ඒ, අප "21" වර්ජනයට සහය දුන් නිසා විය යුතුය. 21 වර්ජකයෝ සියල්ලෝම මාක්ස්වාදීන් නොවන බව, අදහස් දක්වන්නා වටහා ගත යුතුය.

      ගාව මස් නොකන්නන් නොකෑවාට අපට කම්නැත. කන්නන් හට කෙරෙන අනිසි බලපෑම් වලට අපි විරුද්ධ වෙමු.

      Delete
  26. ගව ගාතනය ගැන විශේෂයෙන් කතාකිරීම හින්දු අන්තවාදයට යටවීමක් යයි බෞධකම ගැන කිබුල් කදුළු හෙලමින් කෙස් පැලෙන තර්ක මතුකරන බාලයන්ටද මතක් කලයුතු දෙයක් ඇත. බුදු දහම භාරතයේ ඕපපාතිකව පැල කරන ලද්දක් නොවේ. එසේ බලහත් කාරයෙන් අප රටවල යුද බලයෙන් පැටවූ ආගම්මොනවාද යන්න කවුරුත් හොදින් දනී. කෘෂිකාර්මික ශිෂ්ටාචාරය තුල පෝෂණය වූ බුදු දහම තුල හින්දු දහමට පොදු ලක්ෂණ පැවතීම ස්වභාවික දෙයකි. එහිදී ගවයා කෙරෙහි විශේසත්වය දැක්වීම හින්දු මතයක් යය් බැහැර කිරීම බොලද උත්සාහයකි. අප මහා බෝධිසත්වයන් වහන්සේ පවා පෙර භවයන්හි ගව ජන්මයෙහි ඉපදී ඇති බව නන්දිවිසාල ජාතකය ආදිය පැහැදිලි කරයි. අපේ බුදු රජාණන් වහන්සේ ගව සම්පත අගයකරමින් කල දේශනා ත්‍රිපිටකයේ ඇත. ගව සම්පත විනාස කිරීම තුලින් මිනිසුන්ට සිදුවන අයහපත සහ හානියද උන් වහන්සේ මැනවින් දෙසනා කර ඇති සේක. එවැනි එක උදාහරණයක් නම් “බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය” යි.

    මවු පිය දෙදෙනා වැන්නේ – අපගේ සොයුරෙකු වැන්නේ
    යහපත් නෑයෙකු වැන්නේ – අපට බෙහෙත් ඔසු දෙන්නේ
    අනේ අපේ මේ ගවයෝ – උත්තම මිතුරන් වැන්නේ

    අනේ අපට මේ ගවයෝ – සලසා දේත් ආහාර ද
    ඇති කරවති සවි බලය ද – දෙති සැපයත් හැඩරුව හා
    මේ බව හොද ලෙස දැනගත් – ඒ කාලේ සිටි බමුණෝ
    මැරුවේ නැත කිසිම දිනක – අපගේ යහපත් ගවයන්

    ඒ කාලේ මෙහි තිබුනේ – තුනක් පමණි රෝගයන් ද
    ආශාවත් බඩගින්නත් – ජරා දුකට පත් වීමත්
    මේ ගව ඝාතනය නිසා – රෝග අනු අටක් වුනා

    - බුදු රජාණන් වහන්සේ (බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය)
    සිංහල පරිවර්තනය – “අපේ බුදු සමිදු තවම වැඩ වෙසෙති”

    ReplyDelete
    Replies
    1. බුදුන් ගව ආත්මවල ඉපදුනු නිසා ගවයන් ආහාරයට නොගත යුතුයැයි කීම නොම්මර එකේ බොළඳ කතාවකි. ගව සම්පත විනාශ කිරීම ගැටළුවක් වන්නේ කෘෂිකාර්මික සමාජයක ය. ඒ සමාජයට අර කී කරුණු සියල්ල වලංගු වන බවට කිසිම සැකයක් නැත්තේ ය. එහෙත් අද වන විට ඒ කී කෘෂිකාර්මික සමාජය, ගවයා මත යැපීම සෑහෙන දුරට අඩුවී ඇත. ගවමස් පමණක් නොව, මොන මසක් වුවද සීමාව ඉක්මවා කෑම නිසා රෝග හටගැනීම අරුමයක් නොවේ. මිනිසාගේ ශරීර වින්‍යාසය සැලකු විට ඔහු හුදෙක් ශාකාහාර පමණක් භක්ෂණයට සුදුස්සෙක් නොවන බව පැහැදිළිව පෙනේ. බුදු හිමි කොහේවත් මස් කන්නට එපා යැයි කීවේ නැත්තේ ද එනිසා ය.

      මේ සුත්‍ර ධර්මය ගැන වැඩි දුර විමසීමක් කර ඉන් පසු සම්පූර්ණ විවරණය ලබා දෙන්න අප සූදානම්.

      Delete
  27. පොඩි ගැටළුවක් තියනවා. කඩේ විකුනන්න තියන මස් ත්‍රිකෝටික පාරිශුද්ද වෙන්නේ කොහොමද? උබ කඩේට ගියාම මුදලාලි මරපු/මැරුණු කුකුල්ලු දෙන්නෙක් පෙන්නලා කියනවා මෙතනින් එක කුකුලෙක් ස්වභාවිකව (ලෙඩක් හැදිලා වගේ කියලා හිතමුකෝ...) මැරිලා. අනිකා මස් වලටම මරුවා. කැමති එකක් ගන්න කියලා. එතකොට උබ ගන්නේ අර ස්වභාවිකව මැරුණ කුකුලද නැත්තම් sls සහතිකය යටතේ සෞක්‍යාරික්ෂාව මරපු කුකුලද? ඔය කුකුල්ලු දෙන්නම මරනවා/ මැරෙනවා උබ දැක්කේ නෑ.ඇහුනෙත් නෑ. දැන් පලවෙනි කුකුලා නම් ත්රිකොටික පාරිශුද්දයි කියලා කියන්න පුළුවන්. එත් දෙවැනි එකා? ඒ කුකුලව මරන්නේ මස් වලටම. (මස් කන මිනිස් කුලකයට) උබ කැඩෙන ගන්නේ දෙවැනි කුකුළා නම් උබ සල්ලි දීලා අනුබල දෙන්නේ උබට කන්නම මරපු කුකුලෙක්ට නේද? එතකොට ඔය සීලය රැකෙන්නේ කොහොමෙයි?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ගත යුත්තේ පළමු එකා.

      Delete
    2. ළමයිනේ ත්‍රිකෝටික පාරිශුද්ද මාංශය කියන්නෙ කෙනෙක් නොමළ ගෙයකින් අබ මිටක් ගේන්න කිව්වා වගේම තමයි.

      Delete
    3. සරලවම කියනව නම් ත්‍රිකෝටික පාරිශුද්ද මාංශය පමණක් පරිභොජනය කල යුතුයි කියන්නේ බෞද්ධයන් මස් නොකෑ යුතුයි කියන එකම තමයි හැබැයි මේක තේරෙන්නේ ලේ රහට ලොබ නොබැඳ ඒ ගැන බුද්ධියෙන් මෙනෙහි කරන්නෙකුට විතරයි.

      Delete
    4. වැරදියි ප්‍රවීන්. බුදු හිමි පවා මාංශ අනුභව කළා.

      Delete
    5. තහනම් වචන : මොන සුත්‍රවලද ? මොන අවස්ථා වලදීද ?බුදු හිමියන් මාංශ වැළදන ලද්දේ ?

      Delete
    6. මජ්ඣිම නිකාය සීහ සුත්‍රය, අංගුත්තර නිකාය ජීවක සුත්‍රය, තවත් ඇති.

      Delete
    7. තවත් පැහැදිලි කරන්න..

      Delete
    8. මජ්ඣිම නිකාය සීහ සුත්‍රය, අංගුත්තර නිකාය ජීවක සුත්‍රයේ සදහන් දේ සිංහලට පරිවර්තනය කරනු විනා,වළඳන ලද්දේ සත්ව මාංශද,පුෂ්ප කුලයක්ද බව තේරුම් ගැනීම මැනවි..

      Delete
    9. පැහැදිලිවම සත්ත්ව මාංශ වේ. කරුණාකර දහම විකෘති නොකරන්න.

      Delete
  28. uparimayatath wada honda lipiyak. wadi wadiyen samajaya danuwath kireemata obalata shakthiya labewa!!

    ReplyDelete
  29. මෙච්චර කාලයක් කියාගන්න බැරිව හිතේ හිරකරගෙන හිටපු යතාර්තවාදය සහමුලින්ම කියලා තියනවා. මේක ලිව්ව උඹ මට මිනිහෙක් නෙවෙයි වීරයෙක්. ආගම සහ ධර්මය යන දෙකෙහි වෙනස වටහා නොගෙන බුදු දහමත් තවත් එක ඇදහිල්ලක් පමණක් කරගෙන පොළොවේ වැලි කැටයට පවා මූලධර්මවාදයක් ආරූඪ කරගෙන යකා නටන අපේ ගොන් මැටි හරකුන් ට මේ වචන ටික කියවීම රත්තරන් වටිනවා. අවාසනාව එවන් අන්ධ භක්තිකයන් කවදාවත් මේ වගේ හරවත් දෙයක් නිකමටවත් කියවා බලා සිහියට ගෙන නුවණින් තර්ක කර තමාට වැටහෙන යතාර්ථය තමා අවබෝධ කරගෙන තමාගේ පාඩුවේ ජීවත් නොවීමයි. අනේ අපේ ගොන් මිනිසුන්ට රෑට හීනෙන් දෙවිකෙනෙක් හෝ ජ්‍යෝතිෂය කාරයෙක් වත් පෙනී මේ ලිපිය කියවන්නට අණ කරත්වා! එතකොටවත් ඔවුන් මේ ලිපිය කියවයි නේ. මට කරන්න පුළුවන් ලොකුම දේ ඒ ප්‍රාර්ථනය විතරයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම සිහිබුද්ධිය ඇති මිනිසෙක් ලියූ මේ ලිපිය කියවන්නට ලැබීම ද භාග්‍යයක් ලෙස සලකමි. ජය!

    ReplyDelete
  30. අතීත ඉන්දියාවේ සිදුහත් නම් රජ කුමරෙක් ජීවත් විය. ඔහු ගිහි ගෙය හැර දමා ගොස් මිනිසාට විමුක්තිය ලබා ගත හැකි දහමක් පිලිබඳ ගවේෂණය කළේය. ආත්ම ගවේෂණයෙන් පසු අහිංසාවාදී ප්‍රයෝගික දර්ශනයක් එම ශේෂ්ඨ මිනිසා විසින් ජනතාවට හඳුන්වා දෙනු ලැබිය. මේ ධර්මය ලෝකයේ බුද්ධිමතුන් විසින් මනා සේ පිළිගනු ලැබිණ . එම දහම වතිකානුව මෙන් රටවල් අල්ලාගෙන ජන ඝාතන කිරීමට අනුබල දුන්නේ නැත, කුරානය මෙන් අල්ලාහ් නොඅදහන්නාගේ බෙල්ල කැපිය යුතු බව කීවේ නැත. මේ නිසා මෙම දහම මානවවාදී දහමක් ලෙසට ලෝකය පුරා පිළිගැනීමක් ලැබුණි.

    මේ ධර්මය ලංකාවට ලැබුණු නමුත් කාලයාගේ ඇවෑමෙන් එහි බොහෝ විකෘති ඇති විය. දායකයන් විසින් ලබා දෙන සිව්පසේ ඇළුනු සමහර භික්ෂුන් ගිහියන්ටත් වඩා තන්හා අධික වී කාමභෝගී ජිවිත ගත කරන්නට පටන් ගත්හ. බොහෝ දෙනෙකු මහණ වුයේ සසර කලකිරී හෝ ආත්ම විමුක්තිය පතා නොව බඩගින්නෙන් මිදෙන්නටය. රැකියාවක් නොකොට අතපය නොසෙල්වා තුන්වේල කෑමට ඉතා සුදුසු පරිසරයක් සමහරු පන්සල් තුල ඇති කර ගත්හ. ඔවුන් දෙන දානයක් අපිට පමණක් දීපල්ලා යැයි ව්‍යංගයෙන් කිහ. මේ අනුව බඩගිනි බුදු දහම බිහි විය. දාන මාන කළමනා මුදල් වැඩිපුර ලැබීමේදී මේ පන්සල් සමහරු අසපු බවට පත් කර ගත්හ. දේශපාලකයන් පසුපස ගොස් ඔවුන්ට පිරිත් නුල් බැඳ ඔවුන්ගෙන් අනුග්‍රහ ලැබ ගත්හ. ගෞතම බුද්ධ නම් එම ශේෂ්ඨ දාර්ශනිකයාගේ ධර්මය තමන්ගේ උදර පෝෂණය සඳහා විකෘති කොට අමුතු දහම් දේශනා කළහ. මේ සිවුරුකාරයන්ගෙන් 99% නූගත්ය. ගැඹුරු ධර්ම දැනුමක් නැත. ගැඹුරු ධර්ම සකච්ඡාවක් කිරීමට නොහැකිය. පාලි , ඉංග්‍රීසි හෝ අනෙකුත් භාෂා දැනුමක් නැත. යන්තම් පන්සිල් දීමටත් ගථා දෙක තුනක් ජප කිරීමට හැර වෙන දැනුමක් නොමැත. මේ නිසා ඕනෑම අන්තවාදියෙකුට මේ නූගත් සිවුරුකාරයන් උසි ගන්වා උද්ඝෝෂණ සඳහා පාරට දැක්කීමට හැකිය.

    බුදුදහම රැකීම සඳහා කියමින් මොවුන් පොලු මුගුරු ගෙන බුදුදහම රකින තලිබාන්වරු බවට පත් සිටිති. ගෞතම බුද්ධ නම් දාර්ශනිකයා සංජය බෙල්ලට්ඨිපුත්ත,පූරණ කස්සප, අජිත කේසකම්බල වැනි ෂඩ් ශාස්තෘවරු , සච්චක බමුණා වැන්නවුන් සමග මතවාදීව ගැටී සත්‍ය ඉස්මතු කරගත් නමුත් ධර්ම ඥානයක් සමාජ දැනුමක් නොමැති එහෙත් හරකුන්ට මෙන් දෙගාත් හයිය පමණක් ඇති මොවුන් බුදු දහම බේරා ගැනීමට කරන්නේ බුදුදහම වැරදි ආකාරයට අර්ථකථනය කරන වඳුරඹ සිරිවර්ධන වැනි මානසික රෝගීන්ගේ හිස් මතට පොලු මුගුරු පත බෑමය , ඔවුන්ව බලහත්කාරයෙන් රඳවා ගැනීමය. සිංහල ජාතිය බේරාගැනීමට කියමින් සායන වැටලිමය , අන්‍ය ආගමික ස්ථාන ගිණි තැබීමය.

    මේ සිවුරුකාර තලිබාන්වරු බොහෝදෙනෙකු සාමනේර කාලයේ දී පන්සල් වලදී වැඩිහිටි භික්ෂුන් අතින් ලිංගිකව අපයෝජනයට ලක් වූ වින්දිතයන් වෙති. පසුගිය කාලයේ හෙළ උරුමයේ අපරැක්කේ පඤ්ඤාණන්ද වැනි සිවුරුකාරයන් සාමනේරවරුන්ට දානය නොදී ඔවුන්ව ගුද සංසර්ගයේ බලහත්කාරයෙන් යොදා ගත් අයුරු හෙළි වී තිබේ. මෙවැනි ලිංගික අපයෝජන බොහෝ සෙයින් සිදුවෙති. එම නිසා වාර්ෂිකව ලිංගිකව අපයෝජනයට ලක් වූ සාමනේර වින්දිතයන් විශාල ප්‍රමාණයක් අපගේ සමාජයට එක් වෙති. මොවුන් පසුකාලීනව තමන්ගේ හිතේ පැසවන වෛරය යොමු කරන්නේ සමාජයටය. මේවා ගැන ළමා ආරක්ෂක අධිකාරිය පවා නිහඬය. මේ නිසා සත්‍ය අවිහිංසාවාදී බුදුදහමට විශාල විනාශයක් වෙමින් තිබේ. මේ වියසනය ගැන කතා කිරීමට පවා වගකිවයුත්තන් ඉදිරිපත් නොවෙති. එම නිසා අවම වශයෙන් අප විසින් වටහා ගත යුතු කරුණ වනාහී මේ පොලු මුගුරු ගෙන බුදුදහම රකින තලිබාන්වරු යනු පුනරුත්ථාපානය සඳහා යොමු කල යුතු මානසික රෝගී වින්දිතයන් කොටසක් මිසක බුදු දහමේ ආරක්ෂකයෙන් නොවන බවයි.

    ReplyDelete
    Replies
    1. අසපු කතාව ප්‍රශ්නාර්ථයක්. නමුත් අනිත් ටික සමග බොහෝ දුරට එකඟයි.

      Delete
  31. @ තහනම් වචන,
    සාන්ත පාවුළු දේවස්ථානයේ අවමංගල චාරිත්‍ර පැවැත්වීම්ට පක්ෂව ඔබ ඉදිරියේදී ලිපියක් ලියන එක හොඳයි. එවිට තවත් කරුණු එලියට එවි. මම පැහැදිලිව කියන්නේ පල්ලියට ඔතන තම ආගමික කටයුතු කිරීමට කිසිදු අයිතියක් නැති බවයි.එහෙම නම් අර අම්පිටියේ දුන් අක්කර 10 සහ වන්දි ආපසු රජයට දෙන්න ඕනෑ.(රජය නියෝජනය කරන්නේ මහා ජනතාව නිසා ඒ දුන්නේ මහා ජනතාවගේ සල්ලි සහ මහජනතාවගේ සම්පත්. අද අම්පිටිය ප්‍රදෙසයේ ඉඩම් මිල පර්චසයක් රුපියල් 250,000 කට වැඩියි. ඒ අනුව 250,000 x 180 x 10 = දශ ලක්ෂ 450 යි .රාජාඥාවක් අනුව තමා මිරක්කම් පල්ලිය තියෙන්නේ.මාර්කට් එක ළඟ මස්ජිඩ් පල්ලිය තියෙන්නේ හොර ඔප්පුවක් උඩ්. සාන්ත පාවුළු දේවස්ථානය තියෙන්නෙත් ඒවගේ මගඩියක් උඩ .

    ප.ලි.
    ඔබගේ නාථ දෙවියන්ගේ ලිපිය බැලුවා.දෙවන රාජසිංහ රජ්ජුරුවෝ තමයි බෞද්ධ විහාර ආරම හින්දුන්ට දුන්නේ.(සිරිපාදේ,කතරගම) පසුව විමල ධර්මසුරිය රජ්ජුරුවෝ මේ ඔක්කොම ඒවායේ සිටි දෙවිවරුන් සමගම බෞධයන්ට ආපහු දුන්නා. නාථ දෙවීයොත් එහෙමයි. එක තේරුම් ගන්න මහායාන බුධාගම බලන්න ඕන නැහැ. සිංහල ජන විඥානය විමසුවාම ඇති.

    ReplyDelete
    Replies
    1. සාන්ත පාවුළු පල්ලිය කෙසේ වෙතත් මුස්ලිම් පල්ලිය නම් මගඩියක් බවට සාක්ෂි ලැබෙමින් තිබෙනවා. අප මේ බලා සිටින්නේ ඒ ගැන කියන්නට නිවැරදි මොහොත එනතුරු.

      නාථ දෙවියන් ගැන ලියු අවසාන ලිපිය මෙය නොවේ. ඉවසා සිටින්න. හැකිනම් subscribe කරන්න. ලිපිය ලී පසු අපි යළිත් කතා කරමු.

      Delete
  32. ඔබේ දැක්ම 100% නිවැරදි බව මටත් වැටහේ. ඔබත් රාජ් දෙන්න තමයි මේ ගැන නියම අර්ථයෙන් ලියා ඇත්තේ. මම රාජ්ගේ තැන ලිව්ව කමෙන්ටුව මෙතැනටත් අදාලයි.

    ReplyDelete
  33. http://www.psychologytoday.com/blog/ironshrink/201109/why-people-commit-suicide

    ReplyDelete
  34. ඉතා අනර්ඝ ළිපියක්. මෙවන් ළිපියක් ළිවිය හැකි එකම මාධ්‍යවේදියෙක් කිසිම මාධ්‍යයක නැති බව අවධාරණයෙන් කියමි. පරිඝනකය භාවිතා කිරීම අපහසු ප්‍රදේශයක් සිටින නිසා දීර්ඝ කොමෙන්ටුවක් දැමීමට නොහැකිවීම ගැන අතිශයින් කනගාටුවට පත්වෙමි. බ්ලොග් ලොවට ආඩම්බරයක් සහෝ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන්. ඔබේ පෙර කමෙන්ටුව spam වී තිබුණා. මුදා ගන්නට ප්‍රමාද වුණා. ඒ ගැන අපේ කණගාටුව. ආරම්භයේ සිටම ඔබෙන් ලද සහයට දහස්වාරයක් ස්තුතියි!

      Delete
  35. Replies
    1. ස්තුතියි. ඔබේ කමෙන්ටුව spam වී තිබුණා. මුදා ගන්නට ප්‍රමාද වුණා. ඒ ගැන අපේ කණගාටුව.

      Delete
  36. ගව මස් කත් නම්, බෙර ගසත් නම් ඌ බෙරවායා යි ධම්පියා ගැටපදයේ අර්ථ නිරූපණයක් ඇත. මෙය හුදෙක් දැන ගැනීම පිණිස යොදන සටහනෙක් පමණි

    ReplyDelete
    Replies
    1. ධම්පියා අටුවා ගැටපදය ලීවේ කවර යුගයේ ද, කොහේද, කවුද යන්න පමණක් සොයන්න; පිළිතුර ලැබේවි.

      Delete
  37. lol..the hatred this writer has towards the Qur'an :)

    ReplyDelete
  38. You can't criticize this honorable monk like this I think you also have some hidden ideas. Those who sell their own self for money is called Bastard.

    ReplyDelete
    Replies
    1. Exactly why can't we criticize this monk? Just because he is a monk? Or because he was stupid enough to kill himself?

      Trust me, we don't have any hidden ideas, nor do we get paid. And for your info, people who sell themselves are everywhere. That is the definition of a job. We take it therefore that you are utterly jobless.

      Delete
  39. හැබෑට තව ටිකක් කල් යනකොට මාලිගාවට යන ගෑනුන් ගේ ජංගි ත් පරීක්ෂා කරන්න පටන් ගනීවි නේද..??
    කමක් නෑ අපි හරකුන් බේරා මිනිසුන් මරමු.
    නමෝ බුද්ධාය..!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  40. සියදිවි හානිකර ගනිමින් අන් අයගේ අනුකම්පාව අවදානය දිනා ගැනීමට කරන ක්‍රියාව මානසික රෝගී විලාසිතාවක් මිසක ගැටලු වලට විසඳුම් සෙවීමේ යහ ක්‍රියාවක් නොවන බව කවුරුත් දන්නා කාරණයක්.එදාත් අදත් කවදත් පිලිගත නොහැකි, අනුමත කල නොහැකි ගැටලු වලට විසඳුම් සෙවිය නොහැකි මෙවන් මානසික රෝගීන්ගෙන් ලත් පාඩමක් නම් නැත්තේමය.

    ReplyDelete
    Replies
    1. අපේ ඊළඟ ලිපිය හෙවත් "පසු සටහන" වෙත ගොස්, එහි ආරම්භයේදීම, "රැඩිකල් අදහස්" විසින් ලියන ලද ලිපියට යොදා ඇති සබැඳිය බලන්න.

      Delete
  41. not every one has understanding of buddhism to the same level and i learnt a lot by going thru the article and the comments which are being put by every one,, thanks a lot every one,,,and discussions like this are what we need to educate people abt buddhism. i was watchin swarnawahini on the poya day,, and felt like throwin up after lisntning to the bana of that attnayake fellow,,,hope you guys will one day reach the masss media

    ReplyDelete
  42. හරවත් සැඟවුනු පනිවුඩයක් ලබා දෙන ලිපියක්.සිද්ධිය හා ඒ වටා බැදී ඇති වෙනත් සිද්ධි ගැන අවබෝධයක් මේ ලිපියෙන් ලබා ගත්තා.මෙම හිමි නම පෙලී ඇත්තේ දරුණු මානසික රෝගයකින්.අපරාදේ...මෙයාගෙ බය නැති ගතිය වෙනත් වැඩදායි(ජීවිත බේරා ගැනීමකට වගේ)වැඩකට යොදා ගත්තනම් කොච්චර වටිනවද?පව් කාරයා....

    ReplyDelete
    Replies
    1. මෙන්න ඒ ගැන රැඩිකල් ගේ සොයා ගැනීමක්: http://radicaladahas.wordpress.com/2013/05/27/indarathana-suicide-case/

      Delete
  43. වෙනත් ඉස්ලාම් රටවල, එනම් සෞදි අරාබිය, සුඩානය වැනි වැනි රටවල ක්‍රියාත්මක වන ම්ලේච්ඡ ක්‍රියාවන් ගැන ද අපට කීමට ඇත්තේ ඔය ටිකමය. උන්ගේ මොළේ අමාරුවක් නිසා හෝ, අර කුරාණය නමින් වන්දනා කරන මනස්ගාත බහුබූත වලින් පිරි ග්‍රන්ථය නිසා හෝ, ඒ දෙකම නිසා හෝ, ඒ රටවල ඒ ඒ ආකාර ම්ලේච්ඡ ක්‍රියා සිද්ධ වේ. කුරාණය ක්‍රියාත්මක වන යම් හෝ රටක ස්ථිරසාර සාමයක් තිබුණේ නැත. තියෙන්නේ ද නැත. අපරාධය සහ මංකොල්ල කෑම ද, බලෙන් අල්ලා ගැනීම සහ ව්‍යාප්තවාදය ද මත පදනම් වූ ඉතාම සටකපට දේශපාලන මොඩලයක් සේ හැරෙන්නට, ඉස්ලාමය හඳුන්වන්නට අපට වෙන වචනයක් ද නැත්තේ ය. except dz i agree wth all wut u mentioned here ... who evr wrote dz should learn abt islam before u say somethng abt it !

    ReplyDelete
    Replies
    1. දයාබර සහෘදය, තහනම් වචන යනු එක අන්තවාදයක් පට්ට ගහමින් වෙනත් අන්තවාදයකට කිරි පොවන අඩවියක් නොවේ. වැරදිලාවත් එසේ වුණා නම් අප කිරි පොවන්නේ සිංහල අන්තවාදයටයි; මන්ද අපේ කණ්ඩායමේ සියල්ලන්ම සිංහලයන් බැවින්. නමුත් අප එසේ කරන්නේ නැහැ; කරන්නට අදහසකුත් නැහැ; කළානම් අප අද මෙතැන ඉන්නෙත් නැහැ. අප ඉස්ලාමය විවේචනය කරන්නේ එය විවේචනය කරන්නට තරම් සාධාරණ හේතු සහිතවය. වචනයට වචනයක් ඔට්ටුයි! අප කරන සෑම චෝදනාවක් ම සනාථ කිරීමට අප සූදානම්. ඔබට සාමය!

      Dear reader, Censored Utterances has never been a site to feed one extremism while berating another extremism. Had it been the case, we would undoubtedly have chosen the Sinhalese extremism; quite fairly too, since all or our crew are Sinhalese. We criticize Islam because we have fair reasons to do so. Word to word we bet against you, we are ready to prove our allegations. Peace be!

      Delete
  44. ගව ඝාතනය තහනම් කර ඕස්ටේ්‍රලියාවෙන් ටින් කළ ගවමස් ආනයනය කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්---

    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.26, ප.ව.4.00) ගව ඝාතනය නැවැත්වීමට උද්ඝෝෂනය කිරීම පිටුපස ඕස්ට්‍රේලියාවෙන් ටින්කළ ගව මස් ගෙන්වීමේ ව්‍යාපාරයක් ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි මංචනායක මහතා පවසයි. චීවරධාරියෙක් ගිනි තබා ගැනීම දඩමීමා කරගෙන ආණ්ඩුව විශාල කොමිස් ගැහිල්ලක් බලාපොරොත්තුව මෙසේ කිරීමට යන බවද ඔහු පැවසීය. ඔහු මෙසේ කීවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

    හරක් මස් කඩ වසා දැමීමෙන් මස් හිඟයක් ලංකාවේ ඇති වීම අනිවාර්ය වන අතර සංචාරක ව්‍යාපාරයට ද එය ඉතාමත් දරුණු ලෙස බලපානු ඇත. ඒ තත්ත්වය යටතේ ටින්කළ හරක් මස් ආනයනය කිරීමේ ව්‍යාපාරයට විශාල පිටුවහලක් ලැඛෙනු ඇත.

    ReplyDelete
  45. අගය කළ යුතු ලිපියක්......!!!

    ReplyDelete
  46. //...නායක්කර් වංශික රජ්ජුරුවරු මූනිච්චාවට බුදු දහම වැළඳ ගත්තට කවදාවත් හින්දු ආගම අතහැරියේ නැත. සතර මහා දේවාල වල වඳින්නේ කාටද? බෞද්ධ දෙවියන්ටද? කවුද මේ දෙවියෝ? විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි. හතරදෙනාම හින්දු/වෛදික දෙවිවරු වෙති.....//

    නාථ දෙවියන් පිළිබඳව ඔබ දක්වා ඇති කරුණ මම දන්න විදිහට නම අසත්‍යයි. නාථ දෙවියන් කියන්නේ බෞද්ධ දෙවි කෙනෙක්. මහායානය තුළ වන්දනා කෙරෙන මහාස්ථාමප්‍රාප්ත බෝසත්වරුන් 8 දෙනාගෙනුත් ප්‍රධාන තැනලා සැලකෙන අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ලාංකීය මුහුණුවර වන්නේ නාථ දෙවියන්. අනුරාධපුර සමයේ පටන් ලංකාවේ තිබුණු අවලෝකිතේශ්වර බෝසත් වන්දනාව ක්‍රමයෙන් නාථ දේව වන්දනාව විදිහට පරිවර්තනය වී තිබෙනවා.

    //...නායක්කර් වංශික පාලනයේ ලැජ්ජාසහගත සංකේතය වන, පූර්ණ හින්දු ලක්ෂණ ඇති මේ දේවාල (කෝවිල්) හතර ගැන එකෙක් වත් කට හොල්ලන්නෙ නැත.....//

    මම දන්න විදිහට නම් මහනුවර සිව් මහා දේවාළ නායක්කර් වංශික රජවරුන් පාලනය පැවති සමයේ ඉදි කරපුවා නෙමේ. ඊටත් කලින් ඉදන්ම ඒවා පැවතිලා තියෙනවා. විශේෂයෙන්ම මහනුවර නාථ දේවාලය සෙංකඩගල රාජධානියක් වශයෙන් ආරම්භ වෙන්නටත් කලින් ඒ කියන්නේ ගම්පොළ රාජධානි සමයේදී ආරම්භ කරපු එකක්.

    ReplyDelete
  47. සහෝදරයා ඔබ බුද්ධ ධර්මය වටහාගෙන තියනවා; බුදුවරු සතුටු වුනේ ඔබවැනි මිනිසුන් දැකල !
    නැතුව කෝටි ගණන් බුද්ධාගම් කාරයෝ දැකල නෙමේ.ඔබට ජය !

    ReplyDelete
  48. ඉතාමත් හොඳ විග්‍රහයක්..

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.