logo banner

Thursday, May 9, 2013

දෙපෙත්තෙන් දැනේ | The Two Pills



"හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ"

"හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියා පිරුළක් තිබේ. බොහෝ දෙනා මෙය, "හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ" කියා වැරැදියට පාවිච්චි කරනු පෙනේ. එහෙත් සත්‍ය වශයෙන්ම මෙහි අර්ථය වන්නේ දෙපියලි බීජයක් රෝපණය කළවිට එය කවරාකාරයෙන් වැඩේ ද යන්න, එහි මුලින් මතුවන දෙපියල්ලෙන් කිව හැකි බවයි. 

අද කාලයේ "පෙත්ත" යන්නට විවිධාකාර අර්ථ තිබේ. උපත් පාලන පෙත්ත, මත් පෙත්ත, මෝදක පෙත්ත, ආතල් පෙත්ත, ඇඟ හදන ජිම් පෙත්ත, ලෙඩට බොන පෙත්ත, පිස්සුවට දෙන පෙත්ත, ගබ්සා පෙත්ත, ආදී වශයෙන් නානාප්‍රකාර "පෙති" වරුසාවක් මැද ය, අප ජීවත් වන්නේ. 

අද කාලයේ අපේ සමාජය ද ජීවත් වන්නේ "පෙති" මතය යන්න අපේ අදහසයි. නමුත් ඒ අර කී එකදු තේරුමකින් වත් නොවේ. 





මේ රටේ ජනතාවටද පෙති දෙකක් ඕනේ ය. 

කොටිම්ම ඔය පෙති දෙකෙන් තොරව මේ රටේ ජහමනයා හට ජීවිතයක් නැත්තේ ය. 

එකක් චූං පෙත්ත ය. ඕක බිව්වාම රටේ ජනතාව වයින් කරාපු චීන බෝනික්කන් වගේ චූං වී නැගිට මරහඬ තලන්නෝ ය. සාමාන්‍යයෙන් මේක දෙන්නෙ ජනතාව ෆෝම් කරන්නට ය. ජාතික ගීයට දෙමළ පද යෙදීම, හලාල්, කටු ගෙයි කන්ගැට්ටා, නයි කෙල්ල සහ පොල් කෙල්ල, ආදී නානාප්‍රකාර "පෙති" ඇත්තේ ය. මේවායින් එකක් දුන්නාම ජනතාව ද (අපරාදේ කියන්නට බැරිවා සේ) චූන් වී ඩෙනා නටති. 

අනික නිදිපෙත්ත ය. ඕක බිව්වාම ප්‍රශ්න සියල්ල අමතක වී යන්නේ ය. උදාහරණ ලෙස හලාල් ඉවත් කරගන්නවා යැයි පචයක් කෙළ, ඒ වෙනුවට හීන් නූලෙන් ගෙනාපු HFAC සහතිකය ගත හැක. නැතහොත් මේ ළඟදීම කළ විජ්ජාව අනුව, විදුලි බිල 100% කින් වැඩි කොට ආයෙම 20% කින් අඩු කිරීම ගත හැක.




(විදුලි ආතල් ගැන රියර්ගේට් ලියන චාමි වෙනමම ලිපියක් වෙන්කොට තිබිණි. තමන්ටම හිනා වෙන්න ආස අය මෙතනින් කියවන්න.)

සාමාන්‍යයෙන් මේ ආණ්ඩුව තුළ අප දකින සුවිශේෂීම ලක්ෂණය වන්නේ, good cop-bad cop සිද්ධාන්තය උපරිමව යොදා ගැනීමයි. මේ වනාහි බටහිර රටවල සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට යොදා ගන්නා උපක්‍රමයකි. ඒ අනුව නිලධරයෝ දෙදෙනෙක් සැකකරු හමුවේ පොඩි රංගනයක් කරති. එකෙක් ඉතාම ආවේගශීලීව හැසිරෙමින් සැකකරු ඉතාම දැඩි පීඩනයකට ලක් කරයි. ඒ Bad cop ය. අනිකා අර කලින් කී එකාට විරෝධය පාමින් සැකකරු ගේ පැත්තට කතාකරයි; ඔහු දෙස අනුකම්පා ඇසින් බලන බව පෙන්වයි. බොන වතුර වීදුරුවේ සිට ලඟට ගෙනවිත් දෙයි. ඒ Good cop ය. අවසානයේ සැකකරු අර පීඩනයෙන් මිදෙන්නට Good cop වෙත කිට්ටු වන අතර, ඔහු තමාගේ මිතුරකු ලෙස සැළකීමට අවිඥානිකව පටන් ගනී. මේ රංගනය පුදුමාකාර කෙටි කලකදී අවසන් වන අතර, බොහෝවිට සැකකරු ලණුව කයි.

(සටහන: ලංකාවේ පොලිසිය සමග මේ සෙල්ලම් නැත. වරක් දෙකක් හොඳින් කියා අහන්නේ නැත්නම් ඊළඟට ලැබෙන්නේ හොඳ කණේ පහරකි. නැත්නම් ලාච්චු කෝස් එකකි. හදන්නම බැරිනම් ආයුධ පෙන්වන්නට අරං යනු ලැබේ.)

Good cop-bad cop ලංකාවේ ක්‍රියාත්මක වන විධිය තරමක් සංකීර්ණ ය. මන්ද ඊට රජ්ජුරුවෝ සම්බන්ධ වන නිසා ය.


රජ්ජුරුවෝ උඩයි උඩයි

රජ්ජුරුවෝ සැම විටම හරි යයි කියා බ්‍රිතාන්‍ය නීතියේ තිබේ ලු. එක්තරා කාලයක මෝගල් අධිරාජ්‍යයෝද මේ නීතිය ක්‍රියාත්මක කළහ. එවිට රජු මොන අලුගුත්තේරු වැඩේ කලත් ඔහු විවේචනය කළ නොහැක. මන්ද රාජ්‍යත්වය යනු දේවදත්ත ධුරයක් බැවින් ඊට එරෙහි වීම යනු සර්වබලධාරී දෙවියන් විවේචනය කිරීමක් වන නිසාය. 


මෙහි ද යම් ධුරාවලියක් ඇත. ඒ කියන්නේ ලොවෙත් රජු විවේචනය කරන්නට බැරිය. ඊට පල්ලෙහා තට්ටුවේ එකාලාට උපහාස වනු පිණිස කාටූන් ඇඳීම වැනි දේවල් කරන්නට අවසර තිබේ. ඊටත් පල්ලෙහා එකාලා ගේ හැඩයට පඹයින් පිළිස්සීම වුවද කල හැක. අන්තිම තට්ටුවේ අපතයන් හට නම් මොනවා කලත් දැනෙන්නේ නැත. 

අපේ රටේ සිස්ටම් එක අර සියල්ලට වඩා විශිෂ්ටය. මන්ද එතෙක් මෙතෙක් අපේ රටේ පවතී ආණ්ඩු අතරින් මේ තරමට ජනතාව නිර්වින්දනය කල ආණ්ඩුවක් නැති බැවිනි. ජනතාවට රටේ ඉහ ගහගෙන ඉන්නට බැරි ප්‍රශ්න තියෙද්දිත් ඒ සියලුම ප්‍රශ්න අමතක කරවා, වෙඩි කා අනු නවයෙන් බේරුණු කුඩුකාර සල්ලාලයකු ගැන ජනතාව හිතන තැනට ගෙනාවේ වෙන කවර ආණ්ඩුවක් ද? ඉසෙඩ් ස්කෝර්, මුතුරාජවෙල රත්තරන්, කන්ගැට්ටා ගේ මිෂන් ඉම්පොසිබල්, කොළොන්නාවේ ෂූටිං ස්ටාර්, දුටුගැමුණු කඩුව, හලාවත බිලි පූජා, වැලිකඩ ප්‍රිසන් බ්රේක්, දඹුල්ලේ හලාල්, සීයට හය, අග විනිසුරු තුමියට එරෙහි දෝෂාභියෝගය, කොළඹ නයිට් රේස්, සිට දැන් දැන් පිටසක්වල ආක්‍රමණ දක්වා හොලිවුඩයෙත් නැති නානාප්‍රකාර විසූක දස්සන සියල්ලම බලා ගැනීමේ වාසනා මහිමය අපේ පුංචි ලක්වාසීන් හට ලැබී තිබේ. (අමතක වුනා.. රාවණා උමග? මීවනපලානේ උන්නැහේ දැක්කා නම් මට විසුමක් වෙන්නේ නැත.)

මේ සියල්ල මැද අමුතුම කාරනාව නම් "රජ්ජුරුවෝ" මේ කිසිම දේකට මැදිහත් නොවී කිරිසප්පයා වාගේ තිරෙන් පිටුපස සැඟවී සිටීමයි. යම් හෙයකින් ජනතාවට මේ විකාර දරා ගත නොහැකිව කෑ ගැසුවොත් අන්න එතකොට ආඩම්බරකාර පියාණෝ ඉදිරියට ඇවිත් දඩබ්බර ඇමති ලොකු පුතාලාට සද්දයක් දමා මහජනයා නමැති පොඩි පුතාව සනසන්නේය. විදුලි බිල 100% කින් ඉහල දමා යලි 10% කින් පහල හෙලීමද එවැන්නකි. පාතාල කල්ලියක ගෝලයෝ ටික සිය එදිරිවාදියාව හතරමං හන්දියක සිටුවා අසූචි වලින් නැහැව්වාට පසුව, කල්ලියේ ලොක්කා ඇවිත් සරමෙන් අරූගේ මුහුණේ අසූචි පිසදැමීම මීට වඩා තාර්කික ය. 


The Matrix චිත්‍රපටයේ වගේ සත්‍ය සහ මිථ්‍යාව අතර තෝරා ගැනීමක් කරන්නට කාලය එළඹ ඇත. 



23 comments:

  1. චික්... කාළකන්නි.. මේ තරම් වටින බ්ලොග් එකෙක්වත් බලන්නෙ නෑනේ. ඉතින් මෙහෙම ලියන් උන් ඉඳියිද. උඹත් දාපන් වඩේ බදින හැටියි, මල් කඩන හැටියි, ඔය තව මොනවා හරො කුණුහබ්බ ටිකකුයි. මම මේක මගේ සින්ඩියේ එල්ලනවා. කොමෙන්ට් නොකලත් අඩු ගානේ බලලවත් යයි නේ.

    ReplyDelete
    Replies
    1. දැන් මට උඹ මොකද කියන්නෙ ...තකහනියක් ඇවිත් රජාගෙ රෙද්ද කඩන්නද...අපිත් දන්නව ඔය මගුල් ඔක්කොම...මොනවද කරන්නෙ ලංකාවෙ ඉන්න උඹලටවත් කරන්න දෙයක් නැතිකොට...අපිට තියෙන්නෙ දෙපැත්තෙන්ම හිනාවෙන්න තමයි මේව බලල...හෙට චන්දයක් තියල බලපං කවුද දිනන්නෙ කියල...අපේ ප##යි ඔක්කොම සාදුකාර දිදී ගිහිං ගහල එන්නෙ කාටද කියල...උඹටයි මටයි මොනවද කරන්න පුළුවන්.

      Delete
    2. හැලපයියේ තරහා ගන්න එපෝ ඔය මාතලං අවුස්සලා යන්නේ. ඌ හිත හොද එකා.. හොද දෙයක් අපෙන් එළියට ගන්න ඌ මේ වගේ උපක්‍රම යොදනවා...

      Delete
    3. @ හැලපේ

      උඹට ලියපු දෙයක් නෙමෙයි බන්. උඹ ලියන් එකේ රහ ගැන මම උඹට කියලා ඇතිනේ. ඒකට කිට්ටු කරන්නවත් බෑ එකෙකුටවත්. මම ලිව්වේ ලියන උන් ගැන නෙමෙයි, කියවන උන් ගැන. මමත් වැඩිපුර ලියන්නේ කුණුහබ්බ නේ බන්. ඒත් මේ වගේ ඒවල අඩු ගානේ හොඳයි කියලවත් කොමෙන්ට් එකක් දාන්න ඕන. මොකෝ මේවා ලියන උන් අල්පයි. උඹ වගේ ලියන උන් ගොඩයි. ඒත් රහ ඒවා තියෙන්න එක අතක ඇඟිලි ගානටත් අඩුවෙන්..

      හිත රිදුන නම් සමා වෙයන්... අම්මා.....

      Delete
    4. ගණං ගන්න එපා බං එවෙලෙ හිතේ අමාරුවට ලිව්වෙ,හැඩ නෑ වගෙ පේනවනම් මකල දාන්නම්.
      @නලීන්
      මම දන්නව බං මාතලන් ගැන ඔහොම ලියන්නෙ තරහකට නොවෙන වග,ස්තූතියි නලීන්

      Delete
    5. @මාතලන්: අහන්න අකැමැති ඇත්ත කතා, එළිපිට කියන්නට ගත් පුංචි උත්සාහය අහස උසට ඔසොවා තැබීම ගැන බොහොම ස්තුතියි!

      @හැලපෙ: ඡන්දය ගැන කී කතාව සමග එකඟ වෙමි.

      @නලින්: මාතලන් ගේ සම්‍යක් ප්‍රයෝග කියල වෙනම ලිපියක් ලියන්න වෙයි ද?

      Delete
  2. ඉතින් අපි අපිටම හිනා නොවී වෙන මොනවා කරන්නද සහෝ? කරන්න පුළුවන් දෙයක් කියන්න!

    ReplyDelete
    Replies


    1. අැත්තටම හොද ලිපියක් තමයි මග හැරිල තිබෙන්නෙ. ඒකට ඔච්චරම කේන්ති ගන්න ඒපා.

      // චික්... කාළකන්නි.. මේ තරම් වටින බ්ලොග් එකෙක්වත් බලන්නෙ නෑනේ.//

      (bad cop තියරියවත් දාල බලන්න)

      තව වතාවක් කියවා බලා කමෙන්ටුවක් දාන්නම්.

      Delete
    2. නිශාන්, අපි දෙයක් කරන්න බැහැ කියල හිතන තුරු අපට බැහැ. කවුද හිතුවේ පෙරමුණේ රාළලාගේ බ්ලොග්/බුකි වික්‍රමය, උලාමාව පරාජය කිරීමේ සිට අසාද් සාලි ඇත අඩංගුවට ගැනීම දක්වා යාවි කියල?

      කීර්ති: රහ වැටුණු ඇත්තෝ කියවති.. බල කළ යුතු නොවේ.. :)

      Delete
  3. ලංකාවනේ බං! අපේ ජාතික අමතක වීමේ තියරිය තමයි මේ පාවිච්චි කරන්නේ!!

    ReplyDelete
    Replies
    1. සති දෙකයි නාඩියා, සති දෙකයි...

      Delete
  4. ME ADA APA RATE ATHTHA TATHWAYA. LASSANATA LIYALA THIYANAWA. APE UN KAMATHI PUKA, CHOO, JEE, PADA, JOKKU, GENA LIYANA KATHA BALALA POLIME GIHIN COMMENT DAANNA.

    ReplyDelete
    Replies
    1. ඒකෙනුත් යම් දෙයක් කියවෙනව නේද? මොකද යුද්දේ තිබ්බ කාලෙ "නැගල ගියේ" දේශපාලන බ්ලොග්.. නමුත් දැන් වෙද්දී මිනිස්සු කැමතියි "ආ දැන් යුද්දෙ ඉවරයි" කියල සුව නින්දක නිදා ගන්න.. ඒ සිහිනය ඇතුළේ අපට ඉඩ නැහැ.. ඒකයි ඇත්ත.

      Delete
  5. මාතලං පෙන්නපු පාරේ ආවෝ අපිත් කියවනවෝ..... දැන් අපි යනවෝ..

    ReplyDelete
  6. ආයෙ මොනවා කියන්නද මේ තරම් නිර්වින්දනය වූ මිනිසුන් වෙන කොහිද....?
    “A nation of sheep will beget a government of wolves.” - Edward R. Murrow.

    ReplyDelete
    Replies
    1. Well said.

      "කළයුත්තේ මේ ජනතාව ඉවත් කොට වෙනත් ජනතාවක් පත්කර ගැනීමයි"

      Delete
  7. ඔබේ අන්තිම ලිපියට බ්ලොග් ලිපියෙහි පිළිතුරු සපයා ඇත.

    ReplyDelete
  8. කෝ බොල මේකේ Follower gadget එක.... ඔන්න Add a gadget වල More gadgets වල තියෙනවා... ඒකත් එල්ලුවා නං හොඳයි....

    ඇත්තටම නිර්වින්දනය වෙලා විතරක් නෙවෙයි බං තියෙන්නේ.. පාන් කියාගන්න බැරුව... එපා වෙලා... මෙච්චර කල් මේ රටවල් වල හිටපු දේශපාලුවෝ හැම එකාම ගැහුවේ අත යට ගේම්... දැන් ඉන්න උන් අත යට ගේම් ගහන්නේ අත උඩ තියන්... කරපු හොඳ නැතුවා නෙවෙයි... හැබැයි හැමදාම ඒවාම විකුණ විකුණ ඉඳලා හරි යන්නේ නෑ කියන එකත් මුන්ට තේරුම් කරලා දෙන්න ඕනේ... ඒත් ඒකට එළියට බහින්න කවුද ඉන්නේ කියන එකයි ප්‍රශ්නේ.. හැම එකාම හෙම්බත් වෙලා... ඒ කියන්නේ සමාන්‍ය මිනිස්සු... සල්ලිකාරයෝ නෙවෙයි... සල්ලිකාරයන්ට පාරට බහින්න තරම් දෙයක් නෑ නේ... සාමාන්‍ය මිනිස්සුන්ට පාරට බහින්න වෙලාවක් නෑ.. එදා වේල හොයාගන්න එපැයි.... තමන්ට තියෙන දේ පිරිමහං ජීවත් වෙන්න එපැයි... ඔන්න ඕකයි මම හිතන විදියට අද වෙලා තියෙන දේ...

    ReplyDelete
    Replies
    1. අන්න එකක් එල්ලුවා.. මීට කලින් තිබ්බ එක වීඩියෝ ධාවකය එක්ක ගේමක් දාගෙන පුරස්නයක් වුණා. ඒ නිසා ගැලෙව්වා.. ඒ වෙනුවට දාල තිබ්බේ ඊයකින් සම්බන්ධ වීමේ පහසුකම. අද ඔන්න ආයෙම Join site එක දැම්මා.

      නිර්වින්දනය වූ ජාතියට හඬක් දෙනවා නම් ඒ අපියි හිරු. සම්මත මාධ්‍ය ඒ දේ කරන්නේ නැත්නම් අපි වත් ඒ දේ කළ යුතුයි.

      Delete
  9. යේ යේ මම නං නිල් පෙත්තවත් රතු පෙත්තවත් ගන්නෑ දෙකම මායාවන්

    ReplyDelete
    Replies
    1. ඉතිං හදමු අපි වෙන පෙත්තක්.. රොද බැඳි වෙනම එකක්!

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.