logo banner

Tuesday, May 14, 2013

පාප් වහන්සේ ඉල්ලා අස්වුණේ ඇයි? | Why the Pope Resigned

මේ වසරේ සිදු වූ ලෝක ආගමික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් වැදගත් සිද්ධීන් අතරින් ඉහළම වැදගත්කම ඇති සිද්ධිය කුමක්දැයි විමසුවහොත්, ඊට අවිවාදයෙන්ම දිය හැකි එකම පිළිතුර වන්නේ, XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීම යන්නයි. මේ සිද්ධියේ ඇති බරපතළකම වටහා ගනු පිණිස අපි කෙටි පෙරදැක්මකට යොමුවෙමු.


පාප් වහන්සේ යනු කවරෙක් ද?

පාප් වහන්සේ යනු කතෝලික ලෝකයෙහි ආගමික නායකයාණෝ වෙති. ලොව වැඩිම පිරිසක් විශ්වාස කරන ආගමක නායකයකු ලෙස, මිහිපිට සිටින බලවත්ම ධුරයක් හෙබවීමේ වරම රෝමානු බැසිලිකාවේ අගරදගුරු ධුරය හෙවත් පාප් ධුරය හොබවන කෙනෙකුට හිමි වේ. 

සාමාන්‍යයෙන් මේ ධුරය සඳහා තොර ගනු ලබන කාදිනල් වරයා හොඳ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය තත්වයෙන් ද පසුවිය යුතු අතර, භාෂා ඥානය, දේවධර්ම ඥානය, ජ්‍යෙෂ්ටත්වය වැනි සාධක රාශියක් ඒ සඳහා බලපායි. (පාප් වහන්සේ ඉල්ලා අස්වූ විට ඊළඟ පාප් වහන්සේ අපෙන් පත් වේ යයි සිහින මැවූ පිරිස් ද මේ කොදිව්වේ වූ බව අපි ඔබට සිහිපත් කරන්නෙමු.)

බෙනඩික්ට් පාප් වහන්සේ යනු කවරෙක් ද?

වර්ෂ 1927 අප්‍රියෙල් මස 16 වන දින Joseph Aloisius Ratzinger නමින් ජර්මනියේ බැවේරියාවේ මාර්ක්ල් හිදී පොලිස් නිලධරයකුට දා ව උපත ලද බෙනඩික්ට් පාප් තුමෝ, එම ධුරය හෙබවූ නවවන ජර්මානු කාදිනල්වරයා වෙති. එමෙන්ම පාප් ධුරයට තෝරාගන්නා විට වයසින් වසර 78ක් වූ එතුමෝ, 1730 දී XII වන ක්ලෙමන්ට් පාප්තුමන් ගෙන් පසුව තෝරා පත්කරගන්නා ලද වයෝවෘද්ධම පාප් වරයාණෝ ද වෙති. VIII වන පියුස් (1829-30) පාප් වහන්සේගෙන් අනතුරුව, පාප් ධුරයට තෝරා ගන්නා ලද එකම කාදිනල් බිෂොප් වරයා සේ ම, වසර 600කින් මෙහා සිය ජීවිත කාලය තුළදී ඉල්ලා අස්වූ එකම පාප්වරයාණෝ ද වෙති. [මීට පෙර අවසන් වතාවට පාප් වහන්සේ කෙනෙකු ඉල්ලා අස්වූයේ වර්ෂ 1415 දී ය. ඒ XII වන ග්‍රෙගරි පාප් වහන්සේ ය.]


ඉතිහාසයෙන් පිටුවක්

බෙනඩික්ට් කාදිනල් තුමන්, වතිකානුව තුළ සිටි සාම්ප්‍රදායික අන්තය දැඩි ව නියෝජනය කළ අයෙකු බව කවුරුත් දන්නා කරුණකි. Catholic Times සඟරාව එතුමන් හැඳින්වුයේ "සාම්ප්‍රදායිකයන්ගේත් සාම්ප්‍රදායිකයකු" ලෙස ය. කොටින්ම වතිකානුව තුළ දෛනික යාඥාවන් සියල්ල ලතින් බසින් කිරීමට ද බෙනඩික්ට් කාදිනල් තුමා වරක් යෝජනා කෙළේ ය. මෙවැනි සමහර ක්‍රියා මාර්ග, වතිකානුව තුළ සිටි සමහර පාර්ශ්ව වල විවේචනයට බඳුන් වූ අවස්ථා ද විය. "ඔහුගේ ධුර කාලය එහෙම පිටින්ම විනාසයක්" යයි පාප් ධුරය පිලිබඳ අදහස් දක්වන බ්‍රිතාන්‍ය ඉතිහාසඥ Michael Walsh වරක් කී ය. 

එහෙත් හිටපු පාප් වහන්සේ ගේ විශ්වාසවන්තම උපදේශකයා ලෙස, වතිකානුව තුළ එතුමන් හට සැහෙන බලයක් තිබුණු බව ද නොරහසකි. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ අභාවයෙන් අනතුරුව, තමන්ට වඩා ජ්‍යෙෂ්ට කැමර්ලෙඥ්ඥෝ ධුරධාරියා සිටියදී, නව පාප් තුමන් තෝරා ගැනීමේ කාරිය සහමුලින්ම අධීක්ෂණය කළේ ඔහු බව බොහෝ දෙනාට මතක තිබිය යුතුය. 

එසේනම්, මේ "සාම්ප්‍රදායිකයන්ගෙත් සාම්ප්‍රදායිකයා", සියලු සම්ප්‍රදාය පසෙක ලා ඉල්ලා අස්වන්නට තීරණය කෙළේ ඇයි? 

වතිකානුවේ සොරකම

මේ සිද්ධියට ආසන්නම මූල බීජය වැටෙන්නේ වතිකානුව සතු රහස්‍ය ලේඛන එකතුවක් 2012 ඔක්තෝබර් මස දී හදිසියේම අතුරුදන් වීමත් සමග ය [1]. වතිකානුව යනු ලෝකයේ කුඩාම රාජ්‍යය වූවාට, එය ලෝකයේ විශාලම පුස්තකාල සහ ලේඛනාගාර වලින් සමන්විත නගරයක් වන අතර, ශතවර්ෂ ගණනාවක් තිස්සේ කතෝලික ඉතිහාසයට අදාළ ලිපිලේඛන ලක්ෂ ගණනක් ඔවුන් සතුව ඇත. එසේම ඒවායින් බහුතරයක් මානව ඉතිහාසය හා බැඳුණු වැදගත් සිද්ධි හා සම්බන්ධ ද වේ. එබැවින් වතිකානුවෙන් ලිපි ලේඛන සොරකමක් වාර්තා වන්නේ ය යන්න, පෙන්ටගනයෙන් සොරකමක් වාර්තා වූවාට ද වඩා බරපතළ ය. 

මේ සිද්ධිය ගැන වතිකානුවේ ඉහළම මට්ටමින් නොපමාව පරීක්ෂණයක් පැවැත්වූ අතර, එහි වාර්තාවට කිමෙක් වුයේ ද යන්න මෑතක් වන තුරු මාධ්‍යයට දැනගන්නට ලැබුණේ නැත. එහෙත් අවසානයේ ඉතාලියේ "ලා රිපබ්ලිකා" පුවත්පත වාර්තා කරන පරිදි, මේ සොරකම ගැන කාදිනල් වරුන් තිදෙනෙකු විසින් [2] පවත්වන්නට යෙදුණු පරීක්ෂණයක, පිටු 300ක අතිදීර්ඝ වාර්තාවක්, 2012 දෙසැම්බර් මස 17 වන දින බෙනඩික්ට් පාප් වහන්සේ හට ලබා දී තිබේ. 

මේ දිනය අතිශයින්ම වැදගත් ය. මන්ද පාප් වහන්සේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කොට පළමු අභ්‍යන්තර නිවේදනය නිකුත් කෙළේ ද එදාම බැවිනි. පාප් වහන්සේට ධුරය එපා කරවන්නට තරම් මේ වාර්තාවේ තිබුණේ මොනවා ද? 

සමලිංගික වාර්තාව

වාර්තාව සම්පූර්ණයෙන් මාධ්‍ය වෙත නිදහස් කොට නැති වුවත්, ඒ ගැන මෙතෙක් හෙළිදරව් වී ඇති දේ අනුව, මාතෘකාවෙන් කියවෙන කාරණාව ගැන නම් දැන් වන විට කිසිදු සැකයක් නැත. එනම් වතිකානුව තුළ, සමලිංගික සේවනයට ඇබ්බැහි වූ කාදිනල් වරුන්ගේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි. භක්තිමත් කතෝලිකයන් හට මේ ආරංචිය හද සසල කරවන්නක් විය හැකි වුවත්, ඒ ගැන දැන් වන විට කිසිදු සැකයකින් තොරව එකඟ වීමට දැඩි මතධාරී බටහිර මාධ්‍ය වලට ද සිදු වී තිබේ.

පළමුව, මේ වාර්තාව ලැබුණාය කියන දෙසැම්බර් 17 වනදාට දින කිහිපයකට පසු, සමලිංගික විවාහ සහ සම්බන්ධතා විවේචනය කරමින් පාප් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු ආවේගාත්මක කථාව සිහිපත් කළ යුතුය. 

දෙවනුව, මේ වාර්තාවට අනුව මෙකී සමලිංගික පාර්ශ්වකරුවන් නිතර මුණගැසෙන්නේ යැයි කියන රෝමයට ආසන්න නගරයක සමාජ ශාලාවක් ගැන කියැවේ. පුදුමයට කරුණ නම් මීට වසර කිහිපයකට පෙර, ඉහළ පෙළේ කාදිනල් වරුන් සමලිංගික පිරිමි ගණිකාවන් සමග ආශ්‍රය කරන බවට වාර්තාවක් ලියු ලේඛකයෙක් ද සිය ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මේ සමාජ ශාලාව ගැන ම වීමයි. 

තෙවනුව, සාමාන්‍යයෙන් මාධ්‍ය නිවේදන කෙරෙහි ඉතා සැළකිලිමත් වන වතිකානුව, මේ වාර්තාව ගැන කියන පරස්පර විරෝධී ප්‍රකාශයි. එමෙන්ම මේ සිද්ධියේදී "හොරාට කලින් කෙහෙල්කැන වැට පනින්නා සේ", නිකුත් වූ සමහර මාධ්‍ය ප්‍රකාශ ගැන ද දැන් අපට පැහැදිලි වැටහීමක් ලබා ගත හැක. උදාහරණයක් ලෙස, පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීමේ තීරණය ගැන කියන විට, වතිකානු මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්රිකෝ ලොම්බාඩි පියතුමන්, ඊට කිසි සේත් සම්බන්ධයක් නැති "බාහිර බලපෑම්" ගැන කීවේ මන්දැයි බොහෝ මාධ්‍ය විපිළිසර ව උන් හ. (උපුටනය: "පාප් වහන්සේ මේ තීරණය ගත්තේ උන් වහන්සේගේ සිය කැමැත්තෙන්ම, හොඳ මානසික තත්වයකින් මයි; කිසිදු බාහිර බලපෑමකින් නොවෙයි") 

එහෙත් "වතිකානුව තුළ වෙසෙන සමහර කාදිනල් වරු, සිය සමලිංගික සහකරුවන් ගේ අල්ලේ නැටවෙන මට්ටමේ සිටින බව" ලා රිපබ්ලිකා පුවත්පත වාර්තා කළ විට, වතිකානු මාධ්‍ය ප්‍රකාශක පියතුමන් කියා සිටියේ "තමා එවැනි බාහිර බලපෑම් ඇති බව තහවුරු කරන්නේවත්, ප්‍රතික්ෂේප කරන්නේ වත් නැති" බවකි. 

එසේම මෙකී රහස් වාර්තාවට අනුව මේ පලහිලවු වලට පැටලී සිටින්නේ පහළ මට්ටමේ පිරිස් පමණක් නොවන බව, ඕස්ට්‍රේලියානු කාදිනල් Pell පියතුමන් කරන පහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ. "වාර්තාවේ ඇත්තේ මොනවාදැයි මා දන්නේ නැහැ, නමුත් වතිකානු ධුරාවලිය තුළ සැළකිය යුතු වෙනස්කම් රාශියක් සිද්ද විය යුතුයි කියන දේ නම් පැහැදිලියි."



පාප් වහන්සේ ගේ ප්‍රතිචාර

සමහර මඩ පත්තර කලාවේ යෙදෙන ටැබ්ලොයිඩ් සඟරා හැරෙන්නට, අන් සියලු මාධ්‍ය, එකඟ වන එක කරුණක් තිබේ. එනම් පාප් වහන්සේ ඉල්ලා අස්වූයේ කළකිරීම මත මිස, සිය චරිතයේ වරදක් නිසා නොවන බවයි. වතිකානුව ගැන බොහෝ දේ ලියා ඇති La Stampa හි Marco Tosatti මෙසේ කියයි: "කාදිනල් තුමා වසර විසිපහක් තිස්සේ වතිකානුවෙන් සමලිංගික සේවක පූජකයන් එළවා දමන්නට, පූජකයන් හික්මවන්නට උත්සාහ කළ අයෙක්. පාප් ධුරයට පත්ව වසර අටකුත් ඔහුට ඒ දේ කරන්නට වුණා. කොටින්ම කියන්නේ නම් ඔහු දකින්න තියෙන හැමදේම දැකපු අයෙක්. ලෝකයේ ඕනෑම අහුමුල්ලක දකින්නට ලැබෙන කුණු ගොඩවල්, වතිකානු බැසිලිකාව ඇතුළෙත් තියෙන බව දැනගත්තාම (එතුමාගේ වචනයෙන් කියන්නේ නම්, හැම ජාතියෙම මාළු මෙහෙත් ඉන්න බව දැනගත්තාම) එතුමාට හැමදේම එපා වුණාය කියල හිතන්න බැරි නැහැ."

[සටහන: ABC ප්‍රවෘත්ති අනුව, කතෝලික පල්ලියේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් වැඩිම පූජකයන් ගණනක් එළවා දැමු පාප් වහන්සේ වන්නේ බෙනඩික්ට් පාප් වහන්සේ ය. ඒ මාසයකට දෙදෙනෙක් හෙවත් සමස්ත පූජක ප්‍රජාවෙන් ~2% කි.] [3]

මීට කලකට පෙර සිදු වූ ළමා අපචාර සිද්ධියේදී අසාධාරණයට ලක් වූ දරුවන් වෙනුවෙන් කතා කරන්නට, ඔවුන් ගේ සැප දුක හොයනු පිණිස සහ ඔවුන්ගේ මානසික තත්වය යළි නගා සිටුවනු පිණිස සිය පුද්ගලික කාලය පවා කැපකළ අයෙකි, බෙනඩික්ට් පාප් වහන්සේ. එහෙත් වතිකානුව තුළ ක්‍රියාත්මක වූ යම් පාර්ශ්ව වල බලපෑම සහ අකුල් හෙළීම නිසා ඒ ක්‍රියා මාර්ග ඉදිරියට ගෙන යන්නට උන් වහන්සේ ට නොහැකි වූ බව ද රහසක් නොවේ.

අන්‍ය මත

කෙසේ වෙතත් පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීම සහ මෙකී වාර්තාව අතර සම්බන්ධය ගැන සෑම දෙනෙක්ම එක සේ එකඟ වන්නේ නොවේ. උන් වහන්සේ ගේ ජීවිත කතාව ලියු මාධ්‍යවේදී David Gibson පවසන්නේ මෙසේ ය: "පැහැදිලිවම, උන් වහන්සේ ගේ ඉල්ලා අස්වීම කරුණු රාශියක බලපෑමෙන් සිදු වූ දෙයක්. ඉන් බහුතරය වතිකානුව තුළ පවතින අභ්‍යන්තර ගැටළු හා සම්බන්ධයි. මේ කියන ලිංගික විෂමාචාර වුණත් එහි කොටසක් පමණයි. මා හිතන්නේ නෑ එය උන් වහන්සේගේ ඉල්ලා අස්වීමට එකම හේතුව තබා අඩුම තරමේ ප්‍රධාන හේතුව කියා වත්." [4]

පාදක සටහන්

[1]. This so-called “Vatileaks” scandal involves the pontiff’s former butler, Paolo Gabriele. Gabriele was arrested in May for stealing and leaking papal correspondence to the press.

[2]. The report was prepared by Spanish Cardinal Julián Herranz, Slovak Cardinal Jozef Tomko and Cardinal Salvatore De Giorgi, a former archbishop of Palermo.

[3]. Pope Benedict oversaw the highest rate of removal of bishops for sexual misconduct ever recorded by the Catholic Church, the ABC's religion unit has revealed. The former pontiff removed at least one bishop a month, accounting for 2 per cent of the world's bishops. The list obtained by the ABC's Religion Unit includes 50 bishops who lost their jobs over breaches of celibacy or alleged sexual assaults. Forty per cent of those bishops were forced to resign after having sexual relations with women - and many fathered children. A significant number were accused of rape, sexual assault and sexual abuse of minors. Relations with men, including other members of the clergy, make up the rest of the list.

[3]. "Benedict’s resignation was most certainly the result of numerous factors, mainly revolving around the internal problems of the Vatican, of which sexual shenanigans were likely one — but hardly the only one, or even the principal one,” Gibson wrote in his online blog.

මූලාශ්‍ර

1. "Why did the Pope resign?", Daily Nation, May 14,  2013
3. "Did gays in the Vatican drive Benedict out?", Sacred and Profane, Feb 22, 2013
4. "Pope Benedict's resignation linked to gay conclave", Daily News World, Feb 22, 2013
5. "Pope Benedict XVI's resignation explained", CNN News, Feb 28, 2013

10 comments:

  1. නොදත් තොරතුරු ගොන්නක් රැගත් අපුරු ලිපියක්

    ReplyDelete
  2. ඔය සමලිංගික කතාව ඒ දවස්වලම ජාලේ හැමතැනම ගියා. ඒ නිසා තමයි ඔබේ මාතෘකාවම යොදාගෙන මම විහිළුවකුත් ලිව්වේ. නමුත් බොහෝ අය මාව මරාගෙන කන්න ගියා. වතිකානුව නෙමෙයි. ළෝකේ තියෙන හැම අගමික ආයතනයක්ම, ළමා අපචාර වලින් පිරුණු, සමලිංගික සේවනයේ මර්මස්ථාන. මේවා දැන ගත්තාම තමයි පොඩි කාළේම මට ආගම කියන එක එපා උනේ. අපේ පන්සලේ ඉන්න ඇබිත්තයට දෙන වද පොඩි කාළේ ඌ මාත් එක්ක කියනවා කාටවත් කියන්න එපා කියලා. එදා එපා උන එක. අදටත් එපා වෙලා තියෙන්නේ ඒකයි. නමුත් පවුලේ අනිත් අයගේ හිත රිදව්වන්න බැරි නිසා. අත්‍යාවශ්‍යම දේවල් වලට සහභාගී වෙනවා. ඒත් කිසිම ගෞරවයක් නම් නෑ.

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2013/03/18-why-pope-resign-18.html

      Delete
    2. අවංකයෙන්ම මාතලන්.. ඔබේ ලිපිය දැක්කාම පුදුම හිතුණා.. ඊට ලද ප්‍රතිචාර දුටුවම දුක හිතුණා.. ඔබේ මහන්සිය ගැන නොවේ. අපේ රටේ බූරු හැතිකරය ගැන.. වෙලාවක ඒ ලිපියෙන් කියවෙන කතාව සහ එහි අතුරු කතා ලුණු ඇඹුල් ඇතිවම ලියන්නෙමි!

      Delete


  3. කිතුණුවෙක් වශයෙන් මට කියන්නට ඇත්තේ මෙය නිසි මූලාශ්‍ර පරිශීලනය කිරීමෙන් ලියැවුනු මධ්‍යස්ථ හොඳ ලිපියක් බවයි. එමෙන්ම රැට්සින්ගර් කාඩිනල් තුමා මම සැමවිටම සිතාගෙන සිටියේ සාම්ප්‍රදායික මතවල ගැලුනු පුද්ගලයෙක් ලෙසයි. එතුමා ගැන මා තුළ තිබු යම් සෘණාත්මක ආකල්ප වෙනස් කර ගැනීමට මෙම ලිපිය ඉවහල් විය. මෙන්න මේ පෙල වටිනවා //මීට කලකට පෙර සිදු වූ ළමා අපචාර සිද්ධියේදී අසාධාරණයට ලක් වූ දරුවන් වෙනුවෙන් කතා කරන්නට, ඔවුන් ගේ සැප දුක හොයනු පිණිස සහ ඔවුන්ගේ මානසික තත්වය යළි නගා සිටුවනු පිණිස සිය පුද්ගලික කාලය පවා කැපකළ අයෙකි, බෙනඩික්ට් පාප් වහන්සේ. එහෙත් වතිකානුව තුළ ක්‍රියාත්මක වූ යම් පාර්ශ්ව වල බලපෑම සහ අකුල් හෙළීම නිසා ඒ ක්‍රියා මාර්ග ඉදිරියට ගෙන යන්නට උන් වහන්සේ ට නොහැකි වූ බව ද රහසක් නොවේ.// මම සිතුවේ එතුමා මෙම ළමා අපචාර සිද්ධීන් යට ගැසීමට කටයුතු කළාද යන්නයි . බොහෝ අය අනිකුත් ආගම්වලට අපහාස කරමින් කොහෙන් හෝ අන්තර්ජාලයේ ගොසිප් සයිට් එකකින් සොයා ගත් දෙයක් ගෙඩිපිටින් පරිවර්තනය කර හෝ මොකක් හෝ කන්ස්පිරසි සයිට් වල දේවල් පළ කර හෝ පොරවල් වීමට තැත් කරන මේ අවදියේ ඔබගේ මේ ව්‍යායාමය අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ළමා අපචාර සිද්ධියේදී බෙනඩික්ට් පාප් වහන්සේගේ භූමිකාව ගැන සැමදෙනාම ඉන්නේ එක මතයක නොවන බවත් කියන්න ඕනේ. නමුත් අපට ඒ චෝදනා සනාථ කරන්නට තරම් බරපතළ සාක්ෂි හොයා ගන්නට බැරිවුණා. අපේ පිළිවෙත තමා, "සනාථ කරන්න බැරිනම් නොකියා සිටීම".

      Delete
  4. මෙය ඔබගේ හෙළුව එළියට ආ ලිපියකි.ඔබට මුදල් ගෙවන ස්වාමීන් ගැන මෙහෙම කෙළින්ම කතා නොකරන්න.ඊ නිව්ස් ද මෙසේමය.හාමුදුරුවරුන් එක්ක නයි වෛරය.එහෙත් වෙනත් ආගම් වල පූජක වරුන් ගැන ඇත්තේ දැඩි බැතියකි.ඔබලාට වී ඇත්තේ ඔබලාගේ වීරයා වන ප්‍රභාකරන් මියයාම ගැන සාන්කාවය

    ReplyDelete
    Replies
    1. //මෙය ඔබගේ හෙළුව එළියට ආ ලිපියකි.// කොහෙද? කොහොමද?

      //ඔබට මුදල් ගෙවන ස්වාමීන් ගැන// අපට ඔය මොකෙක්වත් මුදල් ගෙවන්නේ නැත. මෙය අප අතින් කයිට් කාගෙන කරන බ්ලොග් එකකි.

      //හාමුදුරුවරුන් එක්ක නයි වෛරය.// එහෙම එකක් නැත. පුද්ගලිකව මේ ලියන්නා අපවත් වී වදාළ පූජ්‍යපාද ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගුරුදේවත්වයෙන් සළකන්නෙකි.

      //ඔබලාගේ වීරයා වන ප්‍රභාකරන්// බල්ලන් වීරයන් සේ සළකන්නට තරම් පහත් මට්ටමට අප නම් තවමත් වැටී නැත.

      //වෙනත් ආගම් වල පූජක වරුන් ගැන ඇත්තේ දැඩි බැතියකි.// අපි සියලු ආගම් වල පූජ්‍ය පක්ෂයන්ට (එකසේ නොවෙතත්) ගරු කරමු.

      ඊළඟ පාර කණ්නාඩි දෙක ගලවා පැමිණෙන්න!

      Delete
  5. mathalan yanu amu napunsakayekiiii blog page asse nidiwadina pirimi ganikawake!!!!!!!

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.