logo banner

Saturday, June 22, 2013

ජාති මාමක බලවේගය | Protectors of Nation

ජීවන් අබේසිරිවර්ධන ගෙන් උපුටා ගැනීමකි. නිර්මාණයම කතාවක් බැවින් අප කිසිවක් එකතු නොකිරීම වැඩ සුදුසු ය. මේ කතාවේම සමාන්තර විශ්වීය දිගහැරුම, සමනළ විප්ලවය කතා මාලාවේ මෙසේ සටහන් ව තිබුණි




පිනවත් රටකි මුතු ඇටයකි පරසිද්ද
තෙවරක් බුදුන් හට පුද කල බව දත්ද
සුවහස් කලක් රැක දීමට බොදු සද්ද
තිස් තුන් කෝටියක් දෙවිවරු දැන් නැද්ද

සිංහල ජාතියලු මෙහි උරුමක්කරුවෝ
මෙතුවක් කලක් බුදු පා නැමදුම් කෙරුවෝ
සුලු ජාතියකි තම්බින් යැයි නම් දැරුවෝ
ඉන්නට නොහැක පල සමගින් අබු දරුවෝ

කියමින් කරන මහ ලොකුවට දැන් සද්ද
එක පාරටම දෙවියනි මේ මක් වෙත්ද
සිංහල දෙමල මුස්ලිම් හා බර්ගර්ද
ජාතික කොඩියෙ ඉන්නව ඇයි අමතකද

තුන් වාරයක් බුදු පා පහසත් ලැබුවා
සුසමන් දෙවිදු හට තව පෙනුනිද මේවා
හැම ජාතියක් හා සමගිව කල් ගෙවුවා
සිංහල කමට බොදු කම සවියක් වූවා

ෆාතිම ෆයිස සමගින් අවුරුදු කාලා
උන් එක්කරන් ගෙනිහින් දන්සල් වැදලා
කල ගුන දත් එවුන් යැයි ලෝකෙට කියලා
දැන් මේ මොකද කඩු උන් දෙස හරවාලා

එනු ගිනිතියන්නට මේ තම්බින් හැත්ත
මුන් රට දෙකට කඩනව කෝ ගනු කැත්ත
සටනට රකින ජාතිය පෙරමුන ගත්ත
මිනිසුන් දකින විට මගෙ හද තැති ගත්ත

ආගම් බේදයෙන් තොර සැම දෙන වැන්දා
මතකයි අපට ගුරු හරු කම් දෙක දුන් දා
අවි හින්සකම ආගම මෙය යැයි කියලා
කහ සිවුරෙන්ම ඇයි ගිනි ඇවිලුවෙ වැඩලා

නායක පුටුව අරගත් චීවර දාරී
පොඩ්ඩක් අරන් එලවනවලු රිය ආරී
එය හෙලිකලා දිල්කලු නම හැඩ කාරී
දැන් හොයනවලු ගිනි තැබුමට ඇගෙ සාරී

මුල්වී රටේ හැමදේටම මග පෙන්වූ
වරදින් මුදන අදහස හදවත මුල්වූ
සැම දන වෙතම කරුනා ගුනයම පෙන්වූ
රත්නය සන්ග වේ අප හදවත එකවූ

මාමේ කවුද අර නපුරෙක් නේ එන්නේ
කියමින් පුන්චි දුව ගේ ඇතුලට යන්නේ
දුටුවා වඩිනු නායක හිමි ඒ එන්නේ
මම විමසුවා මොනවද දුව පවසන්නේ

මාමා දන්නෙ නෑ ඒවා බලනවද
ඔය කාමරෙන් එලියට වත් එවෙන වද
ඔය ඇදුමෙන්ම තව අය මෙහි ඉන්නවද
බැලුවොත් ටීවි එකෙ නම් යනවා ඇත්ත

කඩ ගිනි තියනවා සිවුරක් අතට අරන්
කෑ ගහනවා කැත වචනෙන් වැහුව සවන්
පොලිසියෙ මාම කෙනෙකුන්ටත් ගැහුව පයින්
දැක්කම බයයි මම නම් දැන් වෙනව අයින්

පොඩි දුව කියපු දේවල් ටික ගැන අහලා
මගෙ සියොලගම දහදිය යනවා ගලලා
සිවුරක් දුටු ගමන් පැදකුනු කොට වැදලා
තිබු ගවුරවය මුන් ටික දැන් නැති කරලා

ජාතිය ඕනෙ නම් ඒකත් රැකපල්ලා
ආගම ඕනෙ නම් ඒකත් රැකපල්ලා
මැරයන් ලෙසින් සතුරන් බොටුවෙන් අල්ලා
සිවුරෙන් එපා කලිසමකට බැහැපල්ලා

මුස්ලිම් දමිල හැම අත් වල නූල් පිරිත්
බැදි සග රුවන දැන් අරගෙන කඩුත් කොපුත්
මම ආදරෙයි මේකයි රට මගෙත් අපෙත්
එය නැති කරන හින්දයි කඩු ගත්තෙ අපිත්

චන්දය ලගලු හාවක් හූවක් යනවා
රගපෑමක්ලු මෙය කාටත් වැටහෙනවා
රැවුලට රෙද්දටත් චන්දය නම් දෙනවා
සිවුරට තිබෙන ගවුරවෙ නම් නැති වෙනවා

සටහන: ඡායාරූපය පූජ්‍ය දියකඩුවේ සරණසිරි හිමියන් විසින් ගන්නා ලද, මුහුදු මහා විහාරයේ ඡායාරූපයකි.

15 comments:

  1. මේ රටේ සිංහලයා බොහොම සමගි සම්පන්නව අන්‍ය ජාතින් හා ආගමිකයන් සමග කල් ගෙව්වා. ඒත් ඇතැම් ජාතින් වක්‍රාකාරයෙන් සිංහල ජාතිය විනාශ කරන්නට යත්න දරන තැන සිංහල ජාතිවාදි කණ්ඩායම් ද බිහිවේ. හිතා බලන්න ලංකාවට වද පෙති ගෙන එන්නෝ කවුරුන්ද. සංසර්ගයකින් පසු ගැබ් ගැන්ම නැවැත්වීමට පැය 24කට පෙර බොන්න නමින් එන ඇතැම් පෙතිවරග පානයෙන් එය පානය කරන තැනැත්තිය සදාකාලික වද බවට පත්වන බව දැන් හෙළිවෙමින් පවතී. එක් වරක් ගත් පමණින් එය සිදු නොවූවත් වැඩි වාර ගණනක් ගැනීමෙන් ඒ තත්ත්වය ඇතිවෙයි.
    මෙවන් තත්ත්වයන් මත තමා සිංහල ජාතිවාදයක් කරලියට එන්නේ.

    ReplyDelete
    Replies
    1. ජාතික පුවත්පතක ප්‍රවෘත්ති කතෘවරයෙක් (මා නිවැරදි නම්) ලෙස කටයුතු කරන ඔබ මෙවන් දේ පැවසීම අතිශයින්ම හාස්‍යජනකයි මෙන්ම භයානකයි. තම වාසිය සහ මුදල් වෙනුවෙන් එක පුද්ගලයෙක් කළ ක්‍රියාවකට, ඔහු අයත් ජාතියම වරදකරුවන් කිරීමත්, ඉන් ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීමත්, තවත් කළු ජූලියකට කරන කැඳවීමක් නොවේද? ඔබ පැහැදිලිවම අන් ජාතීන් නුරුස්සන, ඔවුන් අතින් වන කිසියම් හෝ වරදක් හේතු කොටගෙන ඔවුන්ව වැරදි කෝණයකින් දැක්වීමේ ජාතිවාදී පිස්සුවකින් පෙලෙන්නෙකි. ඉස්ලාම් ආගමේ ගබ්සාව සහ වඳ සැත්කම් තහනම් නම්, ඒ සම්බන්ධ සියලු කාරණා (එවන් ද්‍රව්‍ය විකිණීම, මාකට්/ප්‍රමෝට් කිරීම, නිෂ්පාදනය, රෙකමන්ඩ් කිරීම ඇතුළත්ව) තහනම්ය. තම ආගමේ කරුණු නොසලකා, බඩ වඩා ගැනීමේ පරම චේතනාවෙන් ක්‍රියා කළ අදාල පුද්ගලයා ඔය කියන බෙහෙත සිංහල ගැහැණුනට පමණක් සොය සොයා ගොස් විකුණාවි යයි ඔබ නිගමනය කළේ කෙසේද?

      Delete
  2. ලිවීමට වදන් නෑ මට....

    ReplyDelete
  3. ඉතාම ලස්සනයි. ඔබට ස්තුතියි මේ ටික මෙහෙම දැම්මට.
    නලින්,
    ඔය පෙති ගේන්නෙ ඔබ සිතනා විදියට ජාතිය වඳ කරන්න නෙමේ. වෙනත් වැඩකට. ටික දිනකට මට ලියන්න වෙලාවක් නැහැ. ලියන්න ලැබුනු ගමන් මම ඒ ගැන ලියනවා. එය වඩාත් භ්‍යානකයි.

    ReplyDelete
    Replies
    1. මා එය දන්නවා. හදිසි ඒක් වීමක දී වන අවශ්‍යතාවට ගැන්මටයි තියෙන්නේ. ඒත් එම පෙති වර්ගය නිරන්තර ගැනුමෙන් අවදානමක් ඇතිවනවා. අද කා අතරද මේ පෙති වර්ග බහුලව භාවිතයට ගැනෙන්නේ

      Delete
    2. නැහැ නලින් එය තමයි රහස මේවා පාවිච්චි කරන්නෙ එයට නෙමෙයි. එයයි මෙහි භ්‍යානකකම තාම මේ ගැන අපි සොයා බලනවා. සත්‍ය තොරතුරු ලැබෙමින් පවතිනවා. සෞක්‍ය සහ ආරක්ෂක බලධාරීන් සමඟ මේ ගැන දැන් කතා කරනවා. ඒ සියල්ලෙන් පසු ලියන්නම්.

      Delete
  4. පැහැදිලිවම එකඟ විය හැකි වචන ටිකක්.....

    මොලෙන් වැඩ කරන්න ඔනේ තැන් වල ඇගෙනුයි, පුහු වචන වලිනුයි වැඩ කරන්න ගිහින් හත් පොලේ ගා ගැනීමක් සිද්ධ වෙන්නේ.......දෙවිවරුන් පය ගැසීමට අකමැති තැන් වල මෝඩයෝ පිනුම් ගහනවා කියන්නේ මේකට තමයි

    ReplyDelete
  5. අතින් රැගෙන බොදු ධජ හැර කුළුණු මෙත
    බලන් පල්ලි කැඩුමට යන පිරිස මිත
    ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත
    බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත

    පොරවා කහ පැහැති දිදුලන බැටළු හම
    පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම
    සඟවා කැත ජාතිවාදය ඇතුළ ළැම
    මරුවා ලෙසින් කරතිය වැදි බණ දෙසුම

    ගුවන් විදුලියේ හැම දිනයකම බණ
    නුවන් පිනයි බණ රූ-වාහිනියෙ එන
    මෙවන් පිනට බර දේසෙක හතර කොන
    රජුන් කොසොල් දුටු සිහිනය සැබෑවිණ

    ගතේ දැවටුනද බණ පද නිරන්තර
    අතේ පිරිත් ලණු බැඳුණද වරින්වර
    සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර
    මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර

    ReplyDelete
  6. අර නලින් දිල්රුක්ෂ වගේ මිථ්‍යාවන්ගේ ගිලී ඉන්නා අයගේ ඇස් පාදන්න ක්‍රමයක් කල්පනා කරපල්ලකෝ. මොන තරම් කවි ලිව්වත් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. මිත්‍යා මතයක් නොවේ සහෝදරයා. එතැන ඇත්තක් තියනවා. මම මේ කියන්නේ හැමෝම ගැන නොවේ. සුළුතරයක් වෙන ගේමක් ගෙනියන එක ගැන.

      Delete
    2. හෙනහුරු මහත්මයා කියන්න බලන්න ජිහාඩ් වැනි සංවිධාන මෙහේ ක්‍රියාත්මකද නැතිද කියලා. ඒ වගේම මං මේ දැන් කාලේ වෙන වැඩ හරිය කියලා කියන කෙනෙක් නොවේ. නමුත් මේ දේවල්වලට මුහුණ දිය යුත්තේ හොද සැලසුමක් අනුව ආවේගයෙන් නොවේ.

      Delete
  7. රක්නා ගුණයකුත් එහෙමට නැති හන්දා
    දන්නා බන දෙසුම් අමතක කර දැම්මා
    කිසිවක් නොකර පවතිනු බැරි හන්දා
    සිවුරම විකුනන්න දින දින වලි කන්නා

    ReplyDelete
  8. මෙම බ්ලොග් එක කරන පුද්ගලයාට මීට වඩා පුහුණුවක් තිබුනානම් තම අනන්‍යතාවය සඟවා බෞද්ධයන්ට පහර දීමට හැකියාව තිබුණි.එහෙත් ඔහු ලියන විදියෙන් ඔහු කතෝලිකයෙක් බව පෙනේ.මම එය පෙන්වාදුන් පසු සමහර ලිපි වෙනස් කර ඇත. තවත් හොදට පුහුණුවෙන්න.ඔය ගොල්ලන්ට වඩා ගෙවල් ගානෙ යන සුභාරංචි ගෙනියන අය හරියට මේක කරනවා.තව ට්‍රේන් වෙන්න.

    ReplyDelete
    Replies
    1. අනන්‍යතාව සැඟවීමට දෙයක් මාහට නැති අතර, මගේ සත්‍ය අනන්‍යතාව දන්නා පුද්ගලයෝ ද බ්ලොග් ලෝකයේ එමට වෙති. එහෙත් ඉන් ගත යුත්තක් නැත. එසේම මෙය බෞධයන්ට පහරදීමට කරන වෑයමක් ද නොවන අතර, ජාතික ව්‍යාපාරයට අපේ පූර්ණ සහය දෙන අතරම, ජාතික ව්‍යාපාරය පසුපස සැඟවී සිටිමින් ඊට කළු පැල්ලම් එක්කරන අමනයන් ගේ රෙදි ගැලවීමට ද අපි පසුබට නොවෙමු.

      එසේම ඔබේ ඊනියා කමෙන්ටු වලින් පසුව වෙනසක් කළ එකම තැනක් හෝ මෙහි නැති බව අවධාරණය කරන අතර, එසේ වේනම් පෙන්වන මෙන් අභියෝග කරමු.

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.