logo banner

Friday, August 9, 2013

බබා චූ දා ගත්තද? | Did the Baby Wet?

ගෝත්‍රික සමාජය සහ ශිෂ්ට සමාජය වෙනස් වන ක්‍රම කීපයක් තිබේ.

අද අප ඔබට පෙන්වන්නේ අර කී පළමු අවස්ථාවට උදාහරණයකි.
Photo Credits to this site

පසුගියදා රතුපස්වල සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් මත පලකෙරුනු දෙරණ රුපවාහිනී නාලිකාවේ වාදපිටිය වැඩසටහනට සහභාගී වූ රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස සන්ධාන මන්ත්‍රී වරයෙකු වූ ටී. රන්ජිත් ද සොයිසා මහතා ඉදිරිපත් කල ලේඛනයක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා සමග විවාදාත්මක කතිකාවතක් ඇතිවූවා.

මෙහිදී රන්ජිත් ද සොයිසා මන්ත්‍රීවරයා කියා සිටියේ රතුපස්වල ගැටුම ඇතිවීමට බොහෝ කලකට පෙර රජය විසින් මෙයට විසඳුම් ලබා දෙමින් වාර්තාවක් නිකුත් කර තිබු බවත් එසේ තිබියදී නිරපරාදේ මෙවන් ගැටුමක් ඇතිකළ ගත බවය.

නමුත් පසුව එම වාර්තාව පරික්ශා කිරීමේදී පෙනී ගියේ එම වාර්තාව සකස්කොට තිබුනේ අගෝස්තු මස පලමු වනදා යන බවය.පසුව රන්ජිත් ද සිල්වා ප්‍රකාශ කලේ තමා කිවේ එය අගෝස්තු මස 17 ට කලින් සකස් කල එකක් බවය.

ඇතිවූ එම දෙබස සහ වීඩියෝව පහතින්

රන්ජිත් ද සිල්වා : ඒ එක්කම දැන් කියනවා රත්පස්වලට මුකුත් දුන්නේ නැහැ කියල..රතුපසවලටත්දෙන්න මේ තියෙන්නේ මේ (වාර්තාව පෙන්නමින්). මේ යෝජනා හදලා ඉතා කෙටි කාලයකින් ක්‍රියා කල යුතුයැයි රජය ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා..

නල ජලය ලබා දෙන්න අවශ්‍යය කටයුතුසුදානම් කරලා තියෙන්නේ..එක නිසා රජයට චෝදනා කරන්න එපා..වතුර ඉල්ලනකොට ගහල මාරුව, කිසිම දෙයක් කරේ නැහැ කියල..අපි වතුර දෙන්න සුදානම් කරලා තියෙනකොට තමයි ඉතාම අවාසනාවන්ත විදියට මේ සිදුවීම කරලියට අරගෙන ආවේ..

විජිත හේරත් : ඔය වාර්තා හැදුවේ කොයි කාලේද මන්ත්‍රීතුමා ?

රන්ජිත් ද සිල්වා : මේ වාර්තාව ඉතාම කෙටි කාලයක් ඇතුලත හදපු එකක්..මම ඕනනම් ඔබතුමාට දෙන්නම් කොපි එකක්

විජිත හේරත්: මට එපා ජනතාවට පෙන්නන්න ඕක කවද හදපු එකක්ද කියල..

රන්ජිත් ද සිල්වා : මේක ඉදිරි මාස දෙකක් ඇතුළතදී ජලය දීලා ඉවරකරනවා..

විජිත හේරත් : ඔය ප්‍රශ්නේ මතුවෙන්න කලින්ද ?

රන්ජිත් ද සිල්වා : ඔව් ප්‍රශ්නේ මතුවෙන්න කලින්..මේ වෙඩි වැදිලා මිනිස්සු මියැදුනාට පස්සේ හදපු එකක් නෙවෙයි 17 ට කලින් හදපු වාර්තාවක්.

(පසුව විජිත හේරත් විසින් එම වාර්තාව ගෙන පරික්ෂා කිරීමේදී එය සකස් කොට ඇත්තේ අගෝස්තු පළවෙනිදා බව කැමරාවට පෙන්වයි)

විජිත හේරත් : ඔබතුමා ඉතා වගකිමෙන්ම කිව්වා..මේ ප්‍රශ්නය ඇතිවෙන්නත් ගොඩක් කලින් තමයි මේ වාර්තාව හැදුවේ කියල .

රන්ජිත් ද සිල්වා : ගොඩක් කලින් නෙමෙයි 17 වෙනිදට කලින්..

විජිත හේරත් : මේ කැමරාව අල්ලන්න දිනේ පෙන්නන්න..ඔන්න බලන්න අතේ පත්තු උන පට්ටපල් බොරු කියැපු හැටි...මේ තියෙන්නේ "ස්ටෙප් ඔෆ් ස්ටෙප් ඉන්සිඩන්ට් ෆ්‍රොම් 2013 / 08 / 01

රන්ජිත් ද සිල්වා : මම වැදගත් විදියට තමුන්නාසේ ලේඛනය ඉල්ලපු හින්ද වැදගත් මන්ත්‍රීවරයෙක් කියල හිතල දුන්නේ.. මම කිව්වේ අටයි දාහතට (2013/08/17) ට කලින් කියල.. මෙයා මොනවද මේ කියවන්නේ. කරුණාකරලා මගේ ලේඛනය දෙන්න ආපහු..



 
රංජිත් මැතිතුමනි, දැන්වත් පුක නොදී ගෙදර යනවද? 

12 comments:

  1. මේක අගෝස්තු පලවෙනිදා නෙවෙයි හදලා ඇත්තේ. 1/Aug/2013 යන්නනෙන් ලයිස්තු ගතවෙලා තියෙන්නෙ සිදූවීමක්. මීටිමක් එදා තියල ඇති. එක තමයි මෙතන 1/Aug/2013 කියලසම්බන්ද වෙන්නේ , අනිවා මේ වාර්තාව අර ගැටුමෙන් පස්සේ හදපු එකක් වෙන්න ඕනා

    ReplyDelete
  2. JVP එකේ ඉතුරු වෙලා ඉන්න කීප දෙනා හන්ද හරි ජනතාවට ඇත්ත දැනගන්න ලැබෙන එක ලොකුම දෙයක්.
    UNP යෙ එකෙක් ඉන්නවද මෙහෙම කතා කරන්න.හිටපු එකම එකාවත් තොලොන්ජි කොරල දැම්මුව.එක සැරයක් රවී කාරය දැක්කෙ නැද්ද?
    මේ රන්ජිතය ල ඉන්දිකය ල වගේ කබ්බන්ව වරිච්චි බිත්ති මැදට තියල මැටි ගහල මරන්න ඕන.

    ReplyDelete
  3. මහ ජනතාව ගොනාට අන්දවන්නනෙ හදන්නෙ. අපි හිතමු ඔය වාර්තාව මීට අවුරුද්දකට කලින් හැදුව කියල. ඒත් අහිංසක නිරායුද මිනිසුන්ව මේ විදිහට ඝාතනය කරනවද? පහුගියකාලෙ කොටි මායිම් ගමකට පැන්න වගේ අමානුෂික විදිහටනෙ මිනිස්සුන්ව ඝාතනය කරන්නෙ.

    ReplyDelete
  4. තිරිසන් වැඩේ කරලත් එහෙම නෑකියන්න උත්සහ කරන මීහරක්.

    ReplyDelete
  5. රජතුමා අන්දන ඇන්දිල්ලෙ හැටියට මේක මොන ඇන්දිල්ලක්ද? මේක නා ගැනිල්ලක්....

    ReplyDelete
  6. දැන් පොදු පෙරමුණේ වැදගත් එකෙක්වත් මේවට එන්නේ නෑ. නොම්මර එකේ හරක් සෙට් එකක් ඉන්නවා උන් තමයි එවන්නේ. විජිත හේරත් ගූ යන්න දුන්නා මූට. මූත් නොම්මර එකේ නහරයෙක් තමයි...

    ReplyDelete
    Replies
    1. සිරා කතාව. මහා එවුන් කතාවක් හදාගන්නම් මේ දවස්වල හරක් දාලා උම්බෑ කියෝනව. පස්සේ මහා එවුන් හදන කතාන්දරය මත මහාම එකා ඇවිත් ගොර ගොර ගගා චුට්ටක් කියවලා යනවා. ඔන්න ඒක මීඩියා පුක උස්සන් පෙන්වනවා.

      Delete
  7. මෙහෙමත් බත් කන හරක් ලංකාවේ ඉන්නවනේ...

    ReplyDelete
  8. රන්ජිත් ද සිල්වා කෙහෙල් ගහට අනින්න ගිහින් හොට පටලවා ගෙන!!! අනේ පව් නේ...

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
  9. "රන්ජිත් ද සිල්වා "

    මෙහෙම මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. සිල්වා නොවේ සොයිසා වෙන්න ඕනේ මම හිතන්නේ.

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.