logo banner

Saturday, August 17, 2013

සෑම පුකකටම මිලක් තිබේ (1) | Every Ass has its Price


"ඔබ උපන් දා සිට සැපේදී දුකේදී පුක ඔබ සමග සිටියේය. විපතකදී පුක ඔබ හැර දමා නොගියේය. ඔබේ සිරුරේ වෙනත් කිසිදු අවයවයක් පුක තරම් අපහාස විඳ නැත්තේය. පුක තරම් තර්ජන විඳ නැත්තේය. පුක එවන් බාධක වලට නොබියව මුහුන දෙන්නේ ඔබට ඇති විශ්වාසවන්ත බව නිසාමය. මදක් කල්පනා කර බලන්න, ඔබේ මුහුණ, ශරීරය ලස්සන කිරීමට කොතරම් දේ කලත් සියල්ලන්ගෙන්ම වසන් වී සිටින පුකට ඒ කිසිදු සැලකිල්ලක් නොමැත. නමුත් පුක එවන් සැලකිල්ලක් ඔබෙන් බලාපොරොත්තු වන්නේද නැත්තේ අනෙක් අවයව මෙන් කැපී පෙනෙන්නට පුක අකමැති බැවිනි. පුක තරම් නිහතමානී අංගයක් ඔබේ ශරීරයේ තවත් නැත. එබැවින්, ඔබෙ පුකට කුඩම්මාගේ සැලකිලි නොදක්වන්න. ඔබේ පුක ගැන ඔබ ආඩම්බර වන්න. ඇස් දෙක මෙන් පුක රැක බලාගන්න. රජෙකුට මෙන් පුකට සලකන්න. පුකට ආදරය කරන්න. පුක ඔබ සමග නිරතුරුව රැදීසිටීවි. කාටවත් කිසිවිටෙකවත් එය නොදෙන්න." 

මේ කතා කෑල්ල උපුටා ගත්තේ බුකියේ "PUKA" නමින් පෙනී සිටින පිටුවකිනි. 

හිටි අඩියේම පුක ගැන අපට සිහි වෙන්නට කාරණා කීපයක්ම තිබුණත් ඉන් මූලිකම හේතුව වන්නේ 2013 අගෝස්තු 11 වන දින දිවයින ඉරිදා සංග්‍රහයට පුක්කතා ලියන මරාගෙ රෙජීමයේ ගස්බල්ලෙකු විසින් කියා තිබු කතාවක් නිසා ය. 

"පානීය ජලය සඳහා pH අගයේ කිසිදු බලපෑමක්‌ නැත. නමුත් අඩු pH අගයක්‌ ජලයේ තිබෙන විට, ජල පරිවහන නලවල යකඩ මළ බැඳීමට ඇති අවස්‌ථාව වැඩිය. මේ නිසා පරිවහනකාර්යයේදී පමණක්‌ හෙවත් යකඩ නල මගින් ජලය බෙදා හැරේ නම් පමණක්‌ ජලයේ pH අගය සැලකිල්ලට ගත යුතු තත්ත්වයක්‌ තිබේ. " (දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ P. H. ගාමිනී සුමනසේකර, මූලාශ්‍රය මෙතැනින්).

මේ කතාවට කිව හැකි දාහකුත් එකක් කුණුහරුප තිබුණත් ඒ සියල්ලට හරියන්නට ඇනෝනිමසයා විසින් කණ පැලෙන්නට පිළිතුරක් දී තිබේ.

"තමන් උපන් දා සිට පුක හෝදන්නේ pH අගය 4.25 සිට 5.0 දක්වා වූ විනාකිරි වලින් බවත්, එයින් කිසිම ප්‍රශ්නයක් ඇති නොවූ බවත් දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ P. H. ගාමිනී සුමනසේකර මහතා පවසයි. "ඉස්සර නම් දැවිල්ලක් තිබුණා; දැන් නම් පුකට දැනෙන්නේ වත් නැහැ" ඔහු කියා සිටියේය." (ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවිය කරන ඇනෝනිමසයා, මූලාශ්‍රය මෙතැනින්).


ගාමිණීගේ ගොන්කතාවේ දිග පළල හොයන්නට අපට අමාරුවක් නැතත්, මේ සිද්ධිය හා සම්බන්ධව එකදිගට ක්‍රියාත්මක වන පශ්චාත්භාගදානමය මෙහෙයුම් හමුවේ නිහඬව සිටීම සුදුසු නොවේ යයි අප කල්පනා කළ නිසා මේ ටික ලියා තබන්නට අදහස් කෙළෙමු. 

ගාමිණීගේ විදිලි #1

පළමුව කිව යුත්තේ ගාමිණියාගේ මෙකී හුලිජ්ජ ලිපිය වනාහි අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද එක්තරා වාර්තාවක අසම්පූර්ණ, අසාර්ථක කොපියක් බවය. මෙකී වාර්තාව වනාහි පානීය ජලයේ තිබිය යුතු pH අගය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකසන ලද වාර්තාවකි. මෙන්න ගාමිණියාගේ ලිපියට අදාළ කොටස (සම්පූර්ණ වාර්තාව මෙතැනින්): 


"Although pH usually has no direct impact on water consumers, it is one of the most important operational water-quality parameters. Careful attention to pH control is necessary at all stages of water treatment to ensure satisfactory water clarification and disinfection. For effective disinfection with chlorine, the pH should preferably be less than 8. The pH of the water entering the distribution system must be controlled to minimize the corrosion of water mains and pipes in household water systems. Failure to do so can result in the contamination of drinking-water and in adverse effects on its taste, odour, and appearance. The optimum pH will vary in different supplies according to the composition of the water and the nature of the construction materials used in the distribution system, but is often in the range 6.5–9.5. Extreme pH values can result from accidental spills, treatment breakdowns, and insufficiently cured cement mortar pipe linings.
No health-based guideline value is proposed for pH."


ගාමිණියා පානීය ජලයේ pH අගය සෙවිය යුතු නැතැයි කියන්නේ මෙන්න මේ වාර්තාවේ අන්තිම පේළිය දිහා බලාගෙන ය. යකඩ බට කතාවත් මේ ලිපියෙන්ම උපුටා ගන්නා ලද එකක් බව පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් ගාමිණී ගේ විදිල්ලේ තරම් පෙන්වන්නට පෙර මෙම කොටසේ සම්පූර්ණ සිංහල පරිවර්තනය මුලින් කියවා සිටිමු.

"ජල පාරිභෝගිකයන් කෙරෙහි ජලයේ pH අගයේ ඍජු බලපෑමක් නැති වුවත්, එය වනාහි ජලයේ ගුණාත්මක බව මනින පරාමිතික වලින් අතිශයින්ම වැදගත් එකකි. සෑහීමකට පත්විය හැකි මට්ටමේ ජල පිරිපහදුවක් සහ විෂබීජනාශනය සහතික කරනු පිණිස ජල පිරියතේ සෑම අවස්ථාවකදීම pH අගය පිලිබඳ පරීක්ෂාකාරී වීම අත්‍යවශ්‍ය වේ. ක්ලෝරීන් යෙදීම මගින් කරනු ලබන විෂබීජහරණය සාර්ථක වනු පිණිස ජලයේ pH අගය 8 හෝ ඉන් පහළ තිබීම අපේක්ෂිත ය. ජලනල හා ගෘහස්ථ පයිප්ප වල විඛාදනය (මලකෑම) වළකනු පිණිස ජල පරිවහන පද්ධති වලට ඇතුළු වන ජලයේ pH අගය නිසි පරිදි යාමනය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ නොකිරීම, පානීය ජලය දූෂණය වීමට හේතුවක් වන අතර එහි ප්‍රතිඵල ලෙස ජලයේ රස, ගන්ධය සහ පෙනුම කෙරෙහි හානිකර ප්‍රතිඵල ඇති කරයි. ජලයේ තිබිය යුතු ප්‍රශස්තම pH අගය, අදාළ මූලාශ්‍රය, පරිවහන මාර්ගය, වැනි කරුණු මත රඳා පවතින අතර, එනමුත් 6.5-9.5 පරාසයේ තිබීම යෝග්‍ය වේ. ආන්තික pH අගයයන් ඇතිවීමට කාර්මික අනතුරු නිසා ඇතිවන ඉහිරුම්, පිරියත බිඳවැටුම්, සහ නිසි පරිදි පිරියම් නොකරන ලද සිමෙන්ති බදාම ආයත හේතු විය හැක.
[එබැවින්] pH අගය පිලිබඳ සෞඛ්‍යාශ්‍රිත නියාමන අගයයන් යෝජනා කරනු නොලැබේ."


ගාමිණියා හට කඩ්ඩ බැරි පවට විදගත්තාට, මේ ලිපියේ පානීය ජලයේ pH අගයයට දේ ඇති වැදගත්කම දැන් ඔබට වැටහිය යුතුය.


ගාමිණීගේ විදිලි අංක #2


මහජන සෞඛ්‍යය ගැන ප්‍රකාශ නිකුත් කළ හැක්කේ ගාමිණි හිතා ඉන්නා ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානයට පමණක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය යනු යුනෙස්කෝ, යුනිසෙෆ්, ලෝක මූල්‍ය අරමුදල වැනි, එක්සත් ජාතීන් හා අනුබද්ධිත තවත් එක් ලෝක සංවිධානයක් පමණි. සෞඛ්‍යමය කාරණා ගැන WHO සංවිධානයට වඩා පිළිගත හැකි පර්යේෂණ කරන ආයතන ලොව ඕනෑතරම් තිබේ. 

ගාමිණී හා එකී ගොබ්බ නඩය කියනාකාර, ආම්ලික ජලයේ එකම හානිකර ඵලය වන්නේ ඇඹුල් රස පමණක් නොවේ. ඉතාම සරල සෙවුමකින් කෙනෙකුට සැක දුරු කරගත හැකිය. මෙන්න එක් උදාහරණයක්. (සටහන: මේ වනාහි ඇමරිකා එක්සත් ජනපදයේ රෝග මර්දන ඒකකය හෙවත් CDC හි දත්ත පිටුවයි). ඒ අනුව, පානීය ජලය ආම්ලික වීම නිසා,

1. පාංශු කැටායන, එනම් ෆෙරස්, ෆෙරික්, සින්ක්, ඇලුමිනියම් වැනි ලෝහ අයන ජලයට නිදහස් වේ. 
2. පසේ වයනය වෙනස් වී එහි වැලි ස්වභාවය වැඩි වේ. පසේ මැටි ස්වභාවයට හේතු වන්නේ එහි අඩංගු සංකීර්ණ අලුමිනෝසිලිකේට ය. මේවා අම්ල සමග ප්‍රතික්‍රියා කොට බිඳවැටේ.
3. දිගින් දිගටම ආම්ලික ජලය පරිභෝජනය කිරීම දත් දිරායාමට, ආහාර මාර්ග අසාත්මිකතා වලට, ආහාර ජීර්ණ සංකූලතා වලට හා වකුගඩු අකර්මණ්‍ය වීමට හේතු වේ. 

4. ආම්ලික ජලයේ බලපෑම නිසා දේහ තරල වල ආසෘති පීඩනය වෙනස් වී, එමගින් සමස්ත ප්‍රතිශක්තිකරන පද්ධතියම බිඳ වැටීමේ අවදානමක් පවතී. 

මේ නිසා ආම්ලික ජලය පරිභෝජනය වනාහි ආණ්ඩුවේ එක්තරා ඇමතියකු ගේ පුක්කතාවේ පරිදි හුදෙක් ඇඹුල් වතුර බීමක් නොවේ. (සමහර බුකි විචාරකයන්ට අනුව මේක "දෙහි ඇඹුල් බොනවා" තරම් සරල දෙයකි. දෙහි ඇඹුල් පමණක් පානයෙන් පැය 48ක් දිවි රැකගන්නට මොවුන් සූදානම් ද යන්න වෙනම ඇසිය යුතුය.)


ගාමිණීගේ විදිලි අංක #3

ඔතනින් නොනවතින ගාමිණී මෙසේ ද කියයි:
"කොහොමටත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජලයේ පී. එච්. අගය අඩුය. මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම විසින් පෙන්වා දෙන්නේ, එම තත්ත්වය මතු වන්නේ එම දිස්‌ත්‍රික්‌කය ලැටරයිට්‌ පසෙන් සෑදී තිබීම නිසා බවය."

මෙය ද අමු අමුවේම කරුණු විකෘති කිරීමකි. කොහොමත් ප්‍රදේශ දෙකක පස්වල ස්වභාවය වෙනස් බැවින් එහි වන පාංශු ජලයේ pH අගය වෙනස් වීම අනිවාර්ය සාධකයකි. එහෙත් රතුපස්වල ජලයේ pH අගය වන්නේ ඊනියා ලැටරයිට් පසක ලාක්ෂණික pH බැස්මක් නොව, pH 3.1 තරම් දැවැන්ත බැස්මකි.

Laterite යනු ඇලුමිනියම් හා යකඩ බහුල ඛනිජයකි. මෙයද ඇතුළුව ලැටරයිට් පවුලේ ඛනිජ නිධි, විවිධ ස්වරූප වලින් ලංකාවේ විවිධ ස්ථානවල හමුවේ. මෙන්න ව්‍යාප්ති සටහන. [උපුටාගැනීම, GROUNDWATER RESOURCES OF SRI LANKA, C. R. Panabokke, A.P.G.R.L. Perera, for Water Resources Board, January, 2005]




මෙහි කොළපාටින් දක්වා ඇත්තේ ඔය කියන ලැටරයිට් නිධියට අදාළ ජලාධාර ව්‍යාප්තිය ය. එහෙයින් මෙකී ලැටරයිට් ජලාධාර ව්‍යාප්තිය රතුපස්වල පස්වලට යටින් පමණක් නොව, ලංකාවෙන් 5% ක පමණ වපසරියකට යටින් දිවෙන්නක් බව පැහැදිලිව පෙනේ. එහෙත් මෙතෙක් කාලයකට රතුපස්වල ඇරෙන්නට වෙනත් පැත්තක මිනිස්සු මෙයාකාර දරුණු මට්ටමක pH පාතනයකට මුහුණදුන් බවක් අපට දැනගන්නට නැත. 


ගාමිණීගේ විදිලි අංක #4

ගාමිණීගේ සමස්ත ලිපියේම, pH අගය අඩුවීම යනු මහාලොකු දෙයක් නොවන බවක් නොකියා කියා තිබේ. ලංකාවේ සමහර තැන්වල pH අගය 6.0 වන ජලයද හමුවන බව එක්තරා ෆේස්බුක් විචාරකයෙක් කියා තිබිණි. මේ මැට්ටන් හට නොතේරෙන දේ වන්නේ pH යනු දශකඝාතීය පරිමාණයක් බවයි. එනම් එහි එක් අගයක සිට අනිත් අගය දක්වා වෙනස, දහගුණයකි. 

රූපයකින් ම බලමු. (මූලාශ්‍රය මෙතැනින්).



මේ අනුව pH අගය අඩුවීම යනු ආම්ලික වීමකි; pH අගය වැඩිවීම යනු භාස්මික වීමකි. pH අගය එකක එකකින් අඩුවීම යනු ආම්ලිකතාව දහගුණයකින් වැඩි වීමකි. ලංකාවේ හොඳම රසායනාගාර පහසුකම් වලට හිමිකම් කියන කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) වාර්තාව අනුව, රතුපස්වල ජලයේ pH අගය පවතින්නේ 3.1 හිය. පානීය ජලය සඳහා WHO විසින් සුදුසු යයි සලකන පරාසය වන්නේ 6.5-9.0 ය. (ලැටරයිට් පසේ වුව, pH අගය 6.7 න් පහළ බැසීමක් අපේක්ෂා කළ නොහැක.) pH අගය 6.5 සිට 3.1 නොව, 3.5 දක්වා බැස්සත්, එය ඒකක 3.0 ක බැස්මකි. එනම් ආම්ලිකතවේ දහයේ බල තුනක, එනම් දහස් ගුණයක වැඩි වීමකි. 

එනම් දැන් අප තේරුම් ගත යුත්තේ පානීය ජලයේ ආම්ලිකතාවේ දහස් ගුණයක වැඩි වීමක් යනු අපේ උන්දෙලාට "අයියෝ සුළු දෙයක්" බව ද?

අවශේෂ විදිලි


ආමාශයේ ජීර්ණ යුෂයේ pH අගය ද 2.0 ආසන්නයේ පවතින බවද, එබැවින් pH 3.1 "ලොකු නැති" බවද සමහරු කියා තිබිණි. ආමාශයේ pH අගය 2.0 වෙලත් අපේ අමාශය විසින් අපේම දේහය දිරවන්නේ නැතිව තබාගන්නේ ආමාශයික අන්තරාස්තරයේ වන ශ්ලේෂ්මල (mucus) ස්තරය මගිනි. වැරදීමකින් හෝ මෙකී ශ්ලේෂ්මල ශ්‍රාවී ග්‍රන්ථි අකර්මණ්‍ය වුවහොත් අප, අපවම ඇතුළේ සිට එළියට දිරවා ගනු ඇත. වැරදීමකින් හෝ ඔබේ ඇඟිල්ලක් ඔබම ආහාරයට ගත්තොත් එය දිරවන්නේ නැද්ද? ඔබේ ම ආමාශ යුෂය ඔබේ මුහුණේ තවරා ගන්නට ඔබ සූදානම් ද?  එසේනම් pH අගය 3.1 වන වතුර බිබීත් අවුලක් නැතිව ජීවත් වෙන්නට නම් රතුපස්වල මිනිස්සුන්ට ආමාශයේ පමණක් නොව උගුරෙන් පටන් ගෙන අන්නශ්‍රෝතයේ සිට ආමාශය දක්වාම ශ්ලේෂ්මල තියෙන්නට ඕනා වේ.  

සමාලෝචනය

අවසාන වශයෙන් මෙකී සිද්ධිය සම්බන්ධ බිග් පික්චර් එක ගැනත් යමක් කිව යුතුය. ධම්මික පෙරේරා යනු මේ ආණ්ඩුවේ සුරතල් කුක්කෙකි. රුපියල් 500 න් පටන්ගෙන ජීවිතය ඇරඹු ධම්මික, කැසිනෝ ව්‍යාපාරයෙන් ගොඩ ආ ලොව කීප දෙනා  අතර එකෙක් ද වේ. මෙසේ කියන්නේ පහුගිය කාලයේ පිල්ලි ගිය සක්විතිගේ සල්ලි සහ ධම්මික අතර සම්බන්ධයක් ඇතිවාටම නොවේ. ඔබට කොහොමත් දැන් සක්විති මතක තියෙන්න බැරිය. ඒ අපේ හැටිය. 

සිද්දියට නියම කන්ටෙක්ස්ට් එක හෙවත් සන්දර්භය දෙන්නට අපි මෙසේ අසමු. වැරදිලාවත් මේ කම්හලේ අයිතිකරු සත්ගුණවත් දානපති හෙළ බොදු උපාසක ධම්මික නොවී ෆයිසාල් අහමඩ් වුණානම් මේ ගැන රටේ ප්‍රතිචාරය කොහොම වෙන්නට තිබෙනු ඇත්ද? මෙන්න එහෙනම් අපේ සයිබර් වීරයන්ගේ (හයිපෝතෙටිකල්) ප්‍රතිචාරයක්.


මෙපමණ කලක් අපේ බිම් අඟල පමණක් උදුරාගත් කාලකන්ණි පර හම්බයින් දැන් දැන් අපේ බොන වතුර ටිකත් උදුරාගනිමින් සිටිති. එදා අප නෝලිමිට් ටොපියේ වන මැලීක් අම්ලය ගැන කී විට නුඹලා අපට සිනාසුනෝ ය. එදා අප හම්බ යට ඇඳුමේ වන වන්ධ්‍යාකරණ ඔසු ගැන කීවාම ඔබලා අපට විහිලු කළෝ ය. දැන් අපේ ඇස්පනාපිටම රතුපස්වල දී මේ කටුක සත්‍යය පසක්වෙමින් පවතී. ආදරණීය දුවේ පුතේ ඔබ බලාගෙන ඉන්නේ ලොවටම එපා වූ ඉස්ලාම් අන්තවාදය ඔබේ ගේ දොරකඩටත් පැමිණෙන තුරුද? ඔබේම ආදරණීය සොයුරන් සොයුරියන් රතුපස්වල දී හම්බයින්ගේ වස විස කලවං කළ වතුර බී මරණයට පත්වන විට ඔබට තවදුරටත් සහජීවනය යැයි කියමින් හම්බ කඩවලින් බඩු ගත හැකිද? ආදරණීය දුවේ පුතේ ඔබේ පපුවට තට්ටු කොට ඔබේ හදවතේ කොණක වන හෘදය සාක්ෂියෙන් විමසා බලන්න. 

අපට ගාමිණී ගැන විශේෂ මලක් නැත. ඔහුද මේ ආර්ථික ක්‍රමයේ ගොදුරක් බවට පත් වූ තවත් එක අසරණයෙකි. කොන්ත්‍රාත් එකට නොලිව්වේ නම් ඔහුටද එක්කෝ කන්න බොන්න නැතිව ගෙදරට වෙලා ඉන්නට සිද්ද වනු ඇත. නැතිනම් කොහෙ හෝ කානු පල්ලක අවසන් ගමන් යන්නට සිද්ද වනු ඇත. ඔහුට ඔහුගේ පුක විකුණන්නට ඇති අයිතිය අපි ප්‍රශ්න නොකරමු. මරාන්ඩුවේ මේ ආශ්චර්යවත් යුගය තුළ සෑම කටකට මෙන්ම සෑම පුකකටමද මිලක් තිබේ. (කටේ කතාව කියවා නැත්නම් මෙතැනින්) ලැටි පුකවල්, තඩි පුකවල්, බෞද්ධ පුකවල්, ඉස්ලාම් පුකවල්, යුරෝපීය ඇඳුමෙන් වැසුණු පුකවල්, කුර්තාවෙන් වැසුණු පුකවල්, චීවරයෙන් වැසුණු පුකවල්, බුර්කාවෙන් වැසුණු පුකවල්, මොකකින්වත් නොවැසුණු පුකවල්, මේ ඈ විසින් නානප්‍රකාර පුකවල් රාශියක් තිබේ. මේ සෑම එකකටම මිලක් ද තිබේ. 

හොඳම උදාහරණයක් ලෙස රතුපස්වල සිද්ධියට පෙර හා පසුව මෙරට ආගමික පරිසරයේ හැසිරීම ගනිමු. මේ සිද්ධියට මිනිසුන් කුලපු කළ කීප දෙනා අතර පන්සලේ හාමුදුරුවෝ ද වූහ. පල්ලිය හෝ පියතුමා මේ සිද්ධියට වචනයක් කීවේ නැත. එහෙත් වෙඩි කාපු විගසම මේ දෙපැත්ත අංශක 180ක් කරකැවී, හාමුදුරුවෝ ආරක්ෂක ලේකම් ගේ ගුණ වයන්නටත්, පල්ලියේ පියතුමා පල්ලියට වැදුණු වෙඩි පාරවල් අන්තර්ජාලයට මුදාහරින්නටත් කටයුතු කරමින් සිටිති. එසේනම් අප තේරුම් ගත යුත්තේ සෑම පුකකටද අදාළ උත්තේජන පවතින බවයි. යම් පුකක් ප්‍රතිචාර දක්වන්නේ ඒ පුකට සංවේදී උත්තේජනයට පමණි. එනම් පුකවල් වලටද තමන්ටම ලාක්ෂණික වූ අනන්‍යතාවක් තිබේ. 

ගාමිණී ගේ පුක මින් එකක් පමණි. ඒක ද මහලොකු පුකක් නොවේ. අද්‍යතන සමාජගත පුක් සන්දර්භය තුළ ඉතාම ලෑටි පුකකි. එහෙත් ඒ පුක තුළින් මතුවන දෑ ට වටිනාකමක් තිබේ. මන්ද අප මෙන් නොව, ගාමිණී ගේ පුක වසුරු හලන්නේ සහ එය පිහදමන්නේ මේ රටේ ජාතික පත්තරයකින් බැවිණි. 

අපේ දේශය පුරා විසිරී සිටින සියලු පුක්කරුවන් සම්බන්ධ කරගනිමින් අපේ ගාමිණී සුමනසේකර ගයන මේ ගීතය ඔබට පිරිනමමින් අපි අදට නවතිමු. මේ ලිපියේ දෙවන කොටස ලියා අවසාන වූ පසු යළි හමුවෙමු. 


මේ පුක මගෙ පුක - මා විකුණන පුක
පඩින රෙවන පුක - මගේම ගූ පුක

රතුපස පොළොවෙන් - වස ෆැක්ටරියෙන්
වෙඩි සැර වැදියන් - මිනිසුන් මැරියන්
මට මොකටද මම විකුණමි මගෙ පුක

(ටිං.. ටිං.. ටිං.. ටිං..)

කහවණු යහමින් - මට ලැබෙනව නම්
ලියනෙමි පච මං - ඔබ කියවයි නම්
දෙන්නට මට ඇති එක පුක මේ පුක

(ටිං.. ටිං.. ටිං.. ටිං..)

38 comments:

  1. Replies
    1. කවුද මොන්නයෝ කියන්නේ?

      Delete
  2. අගේ ඇති ලියවිල්ලක්.!!!!

    ReplyDelete
  3. // සෑම පුකකටද අදාළ උත්තේජන පවතින බවයි. යම් පුකක් ප්‍රතිචාර දක්වන්නේ ඒ පුකට සංවේදී උත්තේජනයට පමණි. එනම් පුකවල් වලටද තමන්ටම ලාක්ෂණික වූ අනන්‍යතාවක් තිබේ. //

    උපරිමයි මචං..

    ඒ සෑම පුකකටම අදාල උත්තේජය උපරිම අවස්ථාවට ලගා විය නොහැකි අවස්ථා වලදී හෝ උත්තේජනයේ උපරිම අවස්ථාව පමා වන අවස්ථාවකදී “උත්ප්‍රේරක“ යොදා උපරිමයට ලගාවිය හැකිය.

    එවන් උත්ප්‍රේරක ලෙස හැසරෙන උන්ගෙන් බේරීමට උපක්‍රමශීලි විය යුතුය.

    ReplyDelete
    Replies
    1. අමතක වෙච්ච කොටසක්..!! පුක්-උත්ප්‍රේරක..

      Delete
    2. දේද්දුවගේගේ පුකේ මිළ පෙනේ!

      Delete
    3. ඇයි මල්ලි අමාරුවක් ද?

      Delete
    4. ඇයි සනීප කරනවද? පුක්කද? ලොල්ලද?

      Delete
    5. දෙකම නෙමේ.. කර අඹන්න ඇහුවේ (අඹන්න දෙයක් තියේනම්..)

      Delete
  4. මේ අතර ප්‍රාදේශීය දේශපාලකයන්ගෙන් පුක බේරා ගැනීමටද වග බලාගත යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔතන ඇත්තේ ශ්‍රේණිගත පුකේ ඇරීමකි. උඩ ඉන්න එකා පහළ තට්ටුවට අරියි. උන් ඊට පහළ තට්ටුවට, උන් ඊට පහළ තට්ටුවට ආදී වශයෙන් අවසාන ඇරිල්ල වෙන්නේ ජනතාවට ය.

      Delete
  5. Send this to Gamini Sumanasekaea and Manoj Abedheera

    ReplyDelete
  6. ඔන්න බබෝ ඇතින්නියා...මෙන්න මේක තමයි අද ලංකාවේ මාධ්‍ය පකීර්ලාගෙ තත්වය.ලමයින්ගේ කසාදවලට මහ එවුන්ට වැඳලා සාක්කිකාරයෝ කරගත්තාම පුක නෙමෙයි දෙන්න වෙන්නේ.ඔය පකීර්ලා සෙට් එකටම හොඳයි අපි වගේ බ්ලොගක් අටවාගෙන තනි ආතල් එකක් ගන්න එක. ගූ ගෑවිච්ච පත්තර මිනිස්සුන්ට විකුනන්නේ නැතිව.ඇට සහිත පොන්නයෝ.

    ReplyDelete
    Replies
    1. //ඇට සහිත පොන්නයෝ.// උස්සන්න වටිනා වචනයක්..

      Delete
  7. ඔය ඩිවයිනේ ලියුම ලියාපු බාස්ට WHO report එකේ තිබ්බ මේ ටික මිස් උන එකනෙ පුදුමෙ!

    EFFECTS ON HUMANS

    Exposure to extreme pH values results in irritation to the eyes, skin, and mucous membranes.
    Eye irritation and exacerbation of skin disorders have been associated with pH values greater than 11. In addition, solutions of pH 10–12.5 have been reported to cause hair fibres to swell(10). In sensitive individuals, gastrointestinal irritation may also occur. Exposure to low pH
    values can also result in similar effects.

    ReplyDelete
  8. පුකට මෙහෙම අපාහස කරන්න එපා බං

    ReplyDelete
  9. අතිශයින්ම යථාර්ථවාදී සහ, සත්‍යවාදී, තාර්කික ලිපියක් ලෙස මෙන්ම, බොහෝ දෙනාගේ ඇස් අරවන ලිපියක් බැවින්, මා මගේ ප්‍රණාමය ඔබට පුද කරනවා. මෙය ඔබට පළ කළහැකි සියලුම බ්ලොග් සින්ඩිකේටර වල පල කරන මෙන් ඉල්ලනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහෝ සින්ඩි වලට මෙය feed කරලයි තියෙන්නේ විචාරක.. බොහොම ස්තුතියි..

      Delete
  10. කකා ගැන කතා නොකර පුක ගැන ලියුව එක වැරදියි..... පුකේ පේටන්ට් එක අරන් තියෙන්නෙ කකා....

    ReplyDelete
    Replies
    1. ඇයි බං මේ ඇනෝල සේරම කකාව මරාගෙන කන්න හදන්නේ?

      Delete
  11. [ජලයේ තිබිය යුතු ප්‍රශස්තම pH අගය, අදාළ මූලාශ්‍රය, පරිවහන මාර්ගය, වැනි කරුණු මත රඳා පවතින අතර, එනමුත් 6.5-9.5 පරාසයේ තිබීම යෝග්‍ය වේ]

    අඩෝ රතුපස්වල එවුන් ලිං වලින් වතුර ගන්නෙ යකඩ බට දිගේද? අනික වාර්තාවේ කියන්නේ යෝග්‍ය වේ කියල මිසක් අනිවාර්ය කොරල නෙවි.

    ආ ලංකාවේ සියේට කීයක් pH 6.0-9.5 වෙනකම් වේච්ච වතුර බොනවද?

    ReplyDelete
    Replies
    1. දැන් එතොකට උන්නැහේ කියන්නේ රතුපස්වල වතුර ආම්ලික වුණේ ස්වාභාවික හේතුවක් නිසා කියලද?

      Delete
    2. කවුද දන්නේ උන්නැහේ? පොඩ්ඩක් ඒ විද්‍යාඥයන්ට පර්යේෂනේ කොරන්ඩ දෙන. උන්නැහේ පැනලා දෙන්නේ නැතුව. උන්නැහේ විද්‍යාඥයෙක් නෙවෙයිනෙ?

      Delete
    3. මේ උන්නැහෙත් පැනල දෙන්න ගියාට කතාව දැනගෙන නෙමේනේ කියවන්නේ.. අර pH පරාසය 6.0-9.5 වෙනකම් තියෙන්න ඕනෙයි කිව්වෙත් අපි නෙමේ නේ ITI එකේ මහත්තැන් නේ.. ඔය මහත්තය ඒකවත් දැනගෙන නෙමේ නේ මෙතෙන්ට වැඩියේ? අපට මොනම හදිස්සියක් වත් නෑ. හැබැයි මේ උන්නැහේ දන්නේ නැති වුණාට රතුපස්වල ජලය ආම්ලික වුණේ ස්වාභාවික හේතුවක් නිසා නෙමේ කියන දේ උසස් පෙළ රසායන විද්‍යාව පාස් කොල්ලෙක්ටත් තේරෙනවා. මේ උන්නැහේ උසස් පෙළ පාස් ද?

      Delete
    4. උන්නැහේ දීපු ලිපියෙම තියෙන්නේ පී.එච්. අගේ 6.0-9.5 වෙනකම් තියෙන්ඩ ඕන රසය, පරිවහනය වගේ දේවල් නිසා මිසක් සෞඛ්‍ය හේතු නිසා නෙවී. සෞඛ්‍ය හේතුවක් තියෙනව නං ඒ ලිපියෙන් පෙන්නල දෙන්ඩ. නත්නම් එහෙම නෑ කියල පිළිගන්ඩ.

      දෙවනි කාරණේ. රතුපස්වල විතරද මේ ගාණට වතුර ආම්ලික? ඒ කිට්ටුව ගම් වල එහෙම නෑ කියන්ඩ උන්නැහෙට තියෙන සාක්කි මොනවද? තියෙනව නම් දෙන්ඩ.

      තුන්වෙනි එක, එහෙම හැම තැනකම වතුර ආම්ලික නං, ෆැක්ටේරිය ඒකට හේතු වෙන බෑ කියල ඕන අතදරුවෙකුට උණත් තේරෙනව. එහෙම නං පුරස්නේ ඇයි මේ හදිස්සියෙම වතුර මතක් වුණේ?

      හතරවෙනි කාරණේ තමා මගේ අද්දියාපන සුදුසුකම්. මම 1986 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලෙන් උපාධියක් අරන් තියෙනව. තව පස්චාත් උපාධියකුත් තියෙනව. ඒකත් අවුරුදි 10කට කලින් ගත්තෙ.


      Delete
    5. මේ ලියන දොස්තර ඇනෝ මහතා සහ ඔහුට උදව් කරන භූ-විද්‍යා-ආශ්‍රිත ජොබක් කරන "ඉන්ද්‍රඛීලයක්" වන මහතා කවුදැයි අප දන්නා නිසාම මෙහෙම අහන්නම්: pH අගය ඉතා අඩු ජලය දීර්ඝ කාලයක් පරිහරණය කිරීම ශරීරයට හානිකර වේ යයි කියන්නට වෙදෙක් වෙන්නට අවශ්‍ය නැත. සාමාන්‍ය බුද්ධිය ඇති ඕනෑම අයෙකුට එය වැටහේ. එහෙත් ඔබ අභියෝග කරන්නේ නම්, මීළඟ ලිපිය ඒ ගැන පූර්ණ වෛද්‍ය විද්‍යාත්මක කරුණු සහිතවද ලිවීමට අපට හැකියාව ඇත. වෛද්‍යවරු සිටින්නේ මහැදුරු නලින් ඩි සිල්වා ගේ චින්තන පර්ෂදයේ පමණක් නොවේ; තහනම් සංසදයේ ද වෛද්‍යවරු සිටිති.

      දෙවන කාරණය: එතෙක් මෙතෙක් මොනම කාලයක වත් රතුපස්වල අවට ගමක ස්වාභාවිකවම ජලයේ pH අගය අඩුවී ඇති බවට සාක්ෂි නැත. යමක් සාමාන්‍ය තත්ත්වයෙන් පවතින බවට සාක්ෂි දිය යුතු නැත. සාක්ෂි දිය යුත්තේ අසාමාන්‍ය දෙයකට ය.

      තුන: එසේ හැමතැනම වතුර ආම්ලික බවට සාධක නැත. වතුර ආම්ලික වන්නේ අදාළ කම්හල අවට වර්ග කිලෝමීටරයක පමණ පසේ බව ITI වාර්තාවේ දැක්වේ. එසේ හෙයින් මීට හේතුව කම්හල මිස වෙන මළ උලව්වක් නොවන බව, උන්නැහේ වගේ අතදරුවකු ඇරෙන්නට අනික් ඕනෑම එකෙකුට වැටහේ.

      හතර: මේ රටේ උපාධිධාරයෝ ඉන්නේ ඔබ පමණක් නොවේ.

      Delete
    6. [මේ ලියන දොස්තර ඇනෝ මහතා සහ ඔහුට උදව් කරන භූ-විද්‍යා-ආශ්‍රිත ජොබක් කරන "ඉන්ද්‍රඛීලයක්" වන මහතා කවුදැයි අප දන්නා නිසාම මෙහෙම අහන්නම්:]

      ඇත්තද? සතුටුයි දැන ගන්ඩ.

      [ප්H අගය ඉතා අඩු ජලය දීර්ඝ කාලයක් පරිහරණය කිරීම ශරීරයට හානිකර වේ යයි කියන්නට වෙදෙක් වෙන්නට අවශ්‍ය නැත. සාමාන්‍ය බුද්ධිය ඇති ඕනෑම අයෙකුට එය වැටහේ.]

      ඉතා අඩු වගේ සෙල්ලං වචන නොදා හරියට පී.එච්. එකත් එක්කම කියන. ඊ ලන්නගට කියය ඉතා අඩු කියන්නේ පී.එච්. 1.0 කියල.

      [එහෙත් ඔබ අභියෝග කරන්නේ නම්, මීළඟ ලිපිය ඒ ගැන පූර්ණ වෛද්‍ය විද්‍යාත්මක කරුණු සහිතවද ලිවීමට අපට හැකියාව ඇත. ]

      ලියන්ඩ පුතේ ලියන්ඩ.

      [වෛද්‍යවරු සිටින්නේ මහැදුරු නලින් ඩි සිල්වා ගේ චින්තන පර්ෂදයේ පමණක් නොවේ; තහනම් සංසදයේ ද වෛද්‍යවරු සිටිති.]

      නලීන් ඇලර්ජික්ද පුතේ? මම නම් නලීන් එක්ක කිසිම ගණු දෙනුවක් නෑ.

      [දෙවන කාරණය: එතෙක් මෙතෙක් මොනම කාලයක වත් රතුපස්වල අවට ගමක ස්වාභාවිකවම ජලයේ ප්H අගය අඩුවී ඇති බවට සාක්ෂි නැත.]

      රෙද්ද තමා. ලැටරයිට් පස් වල ජලය පී.ච්. 4.5 විතර අඩු වෙන බව පෙන්නල දුන්නේ මීට අවුරුදු 40කට විතර කලින් මහාචාර්ය දසනායක. දැන් වෙනකොට නීයට අඩු වෙලාද කියල කවුද දන්නෙ?

      [යමක් සාමාන්‍ය තත්ත්වයෙන් පවතින බවට සාක්ෂි දිය යුතු නැත. සාක්ෂි දිය යුත්තේ අසාමාන්‍ය දෙයකට ය.]

      ඒ උන්නැහෙගේ පර්යේෂණ වල වෙන්ඩ ඇති. හරි විද්දියාත්මක කෙරේමට නං එහෙමයි. පී.එච්. ඩී. කොරන්ඩනේ යන්නේ. ඔහොම කොරල බලන්ඩ පාස් වෙයිද කියල.

      [තුන: එසේ හැමතැනම වතුර ආම්ලික බවට සාධක නැත. වතුර ආම්ලික වන්නේ අදාළ කම්හල අවට වර්ග කිලෝමීටරයක පමණ පසේ බව ඓඨෛ වාර්තාවේ දැක්වේ.]

      හුකෑශ්! ඊට එහායින් වතුර පරීක්ෂා කොරාය කියල වාර්තාවෙ කියල තියෙන තැන පෙන්නන්ඩ! වාර්තාවෙ බලල තියෙන්නේ කම්හල අවට පස් ගැන විතරයි.

      [එසේ හෙයින් මීට හේතුව කම්හල මිස වෙන මළ උලව්වක් නොවන බව, උන්නැහේ වගේ අතදරුවකු ඇරෙන්නට අනික් ඕනෑම එකෙකුට වැටහේ.]

      උන්නැහේ වගේ සරසවි ගිය අතදරුවෙකුට විද්දියාත්මක කෙරේමය කියල දෙන්ට වීම ගැන හුකෑෂ්ම තමා!

      [හතර: මේ රටේ උපාධිධාරයෝ ඉන්නේ ඔබ පමණක් නොවේ]

      එහෙනං ඉතින් පුක උඩ දාගෙන මගේ අද්දියාපන සුදුසුකොම් ගැන ඇහුවෙ මහ ලොකුවට? පුතේ උඹට ගූ ගියා නේද මම පී.එච්.ඩී. කාරයෙක් කිව්වම. පුතා හිත්වෙ නෑ නේද මෙහෙම එකෙකුත් බ්ලොග් ලියනව කියල. පුතා හිතුවේ පුතාගෙ බී.එස්.සී. කෑල්ලට උඩින් යන්ඩ මොකුත් නෑ කියල නේද? ඉස්සෙල්ලම පුතේ අළි ඔළුව අඩු කොර ගණින්. එතකොට දියුණු වෙන්ඩ ඇහැකි.

      අන්තිමට කියන්ඩ තියෙන්නේ වැට පණින්නේ නැතුව ඔක්කොම පර්යේෂණ ඉවර වෙනකම් ඉන්ඩ. එහෙම ඉඳලා ලියන්ඩ ලස්සන් ලිපියක්. හදිස්සියෙවත් මං කිවු විදියට ප්‍රතිපල ආවොත් උන්නැහේට වෙන්නේ පුක හපා ගෙන මැරෙන්ඩ.

      Delete
    7. ගොන්කතා වලද සීමාවක් තිබිය යුතුය.

      1. රතුපස්වල ලැටරයිට් ජලාධාරවල pH අගය 4.5 පමණ අඩුවනවා යයි පෙන්වා ඇති පරීක්ෂණය කුමක්ද, කවරෙක් විසින් කළේද යන්න දැනගන්නට අපිදු බොහෝ කැමැත්තෙමු. එහෙත් ඒ සමගම වසර 40 කට පමණ පෙර කළ පරීක්ෂණයක් ඇසුරින් අද ජලයේ ගුණාත්මක මට්ටම විශ්ලේෂණය කරන්නට හදන්න සැරසේනම් ඔය උඩ කමෙන්ටුව දැමු එකාගේ ඔළුගෙඩියද ඔහුගේ උපාධිය මෙන්ම හිස් එකකි.

      2. වැරදීමකින් හෝ එසේ pH අගය 4.5 දක්වා අඩුවන්නේ යයි කියමු. දැන් pH අගය 3.1 කි. එනම් මේ උපාධිධාරී ඇනෝ ගොනා කියන හැටියටම ගත්තත්, රතුපස්වල pH අගය දහගුණයකටත් වඩා අඩු වී තිබේ. දැන් ඒ දහගුණය අඩු කළේ කම්හල් හිමියා නොවේ නම් නාථ දෙයියාද, නැත්නම් උගේ අම්මගෙ හොර මිනිහාද යන්න දැනගැනීමට අපට බලවත් ආසාවක් ඇත.

      3. මේ ඇනෝ උන්නැහේ විද්‍යාත්මක ක්‍රමය ගැන දන්නා කෙහෙල්මලක් නැත. සාමාන්‍ය තත්ත්වයෙන් අපගමනය වීමට මිස සාමාන්‍ය තත්ත්වයට සාක්ෂි අවශ්‍ය නැත. කඩේකින් බඩු ගත් බවට මිස නොගත් බවට බිල් දෙන්නේ නැත. රතුපස්වල ජලය කොහොමත් ආම්ලික නම් පානීය ජලයේ pH අගය පිලිබඳ මෙතෙක් කල් ඔය මිනිස්සු පැමිණිලි කළේ නැත්තේ මන්ද? ඒ පළාතේ මිනිස්සුන් හට ඔය ඇඹුල පුරුදුයි කියා සිතුවත් පිට පළාත් වලින් එන එකෙකුට ඕක නොදනී තියෙන්නේ නැත. උදාහරණයක් සේ ගත්විට හලාවත අවට ජලය කිවුල් බව ඕනෑම මිනිහෙක් දනියි. ඒ ආකාරයට රතුපස්වල අවට ජලය ඇඹුලයි කියා සම්මතයක් මෙතෙක් තිබී නැත. එහෙම නැති නම්, එහි ජලය ආම්ලික නැතැයි පූර්ව නිගමනයකට එළඹිය හැක.

      4. ඕනෑම විද්‍යාත්මක පරීක්ෂනයකදී null hypothesis හෙවත් ශුන්‍යාදී උපකල්පනය කියා දෙයක් තිබේ. එනම් "දී ඇති කරුණු අතර සම්බන්ධයක් නැත" යන අර්ථයෙනි. ශුන්‍ය උපකල්පනය තරගයට හෝ අභියෝගයට ලක්කරන්නේ නම් ඊට ප්‍රබල සාක්ෂි තිබිය යුතුය. මෙය විද්‍යාවට පමණක් අදාළ නොවේ. එය සිහි බුද්ධිය ගැන කාරණාවකි. උදාහරණයක් ලෙස මිනිසෙක් යම් චෝදනාවකට වරදකරු ලෙස චූදිත විට, එය ඔප්පු කරන තුරු නීතිය ඉදිරියේ ඔහු සැළකෙන්නේ නිර්දෝෂී ලෙසයි. එනම් "Innocent until proven guilty". මෙහිදී සෑම මිනිසෙක්ම නිර්දොෂීය යන පූර්ව නිගමනයක් පවතී. එසේ නොවේ යයි කියන්නේ නම් ඊට ප්‍රබල සාක්ෂි තිබිය යුතුය. විද්‍යාවේ දී ද මෙසේමයි. රතුපස්වල ජලය කොහොමත් ආම්ලික යයි කියන්නට කාටවත් බැරිය. පූර්ව නිගමනය වන්නේ "ලංකාවේ ඕනෑම ප්‍රදේශයක pH අගය ස්වභාවිකව 6.5-9.0 පරාසයේ පවතී" යන්නයි. එය අභියෝගයට ලක්කරන්නේ නම් ඊට ප්‍රබල සාක්ෂි තිබිය යුතුය. (නැතිනම් ගොංපාට් නොදා ආපු අතක් බලාගෙන යා යුතුය.)

      5. අදාළ වාර්තාවේ අරමුණ කම්හල නිසා මේ තත්වය ඇතිවන්නේ ද යන්න පරීක්ෂා කිරීමයි. අපේ ඇනෝ උන්නැහේ මහලොකු Ph.D කාරය වුණාට පාංශු පරීක්ෂා විධිය ගැන අවබෝධයක් නැති බව පෙනී යයි. යම් අන්තරායකර ද්‍රව්‍යයක ඉහිරීමකදී එය පරීක්ෂා කරන ආකාරයක් තිබේ. විශේෂයෙන් රතුපස්වල කම්හල ඔය කියන තරම් මහාලොකු ෆැක්ටරියක් නොවේ. එසේ නොවීත්, කම්හල අවට කිලෝමීටරයකට ආසන්න ප්‍රදේශයේ ජලය පවා ආම්ලික වන්නට නම් එය මොනතරම් දරුණු විදියට අපද්‍රව්‍ය කළමනාකරණය පැහැර හැර තිබේදැයි සරසවියේ පළමු වසර සිසුවකුට වුවද වැටහෙන කාරණාවකි.

      අවසානයට කියන්නට ඇත්තේ දැන්වත් අමාරුවෙන් උපයාගත් ඔබේ ආචාර්ය උපාධිය (එහෙම එකක් තියේනම්: අපට නම් හිතෙන්නේ ඔබත් අර මර්වින් සිල්වා මොඩලයේ ආචාර්යවරයකු බවයි)මරාගෙ ජංගි සේදීම පිණිස ගණිකා වෘත්තියේ නොයොදා රටට වැඩක් කරන ලෙසයි.

      Delete
    8. [1. රතුපස්වල ලැටරයිට් ජලාධාරවල pH අගය 4.5 පමණ අඩුවනවා යයි පෙන්වා ඇති පරීක්ෂණය කුමක්ද, කවරෙක් විසින් කළේද යන්න දැනගන්නට අපිදු බොහෝ කැමැත්තෙමු. එහෙත් ඒ සමගම වසර 40 කට පමණ පෙර කළ පරීක්ෂණයක් ඇසුරින් අද ජලයේ ගුණාත්මක මට්ටම විශ්ලේෂණය කරන්නට හදන්න සැරසේනම් ඔය උඩ කමෙන්ටුව දැමු එකාගේ ඔළුගෙඩියද ඔහුගේ උපාධිය මෙන්ම හිස් එකකි]

      කලේ කවුද කියල කියල තියෙද්දී නොපෙනෙන්නේ පොට්ට කමට වෙන්ඩ ඕන. මහාචාර්ය සී.බී. දසනායක ගේ නිබන්ධනයක්. ඒ වගේම් මෙන්න මේ වාක්කිය නොදැකපු චමීර දේද්දුවගේ වගේ හුජ්ජ කොල්ලෝ ගන්න උපාදි වල තරමත් හිතා ගන්ඩ ඇහැකි. කතා කොරන්නේ දර්ශනපති උපාධි ගැන. ලියන වාක්කියක් කියෝ ගන්ඩ බෑ. රෙන්ඩ පුකේ ගූ නෑ තොපිට.

      ඔන්න වාක්කිය. "දැන් වෙනකොට නීයට අඩු වෙලාද කියල කවුද දන්නෙ?" ඒ ප්‍රතිපල අද වෙනස් වෙන්ඩ පුළුවන් කියල කියල තියෙන එක තේරුම් ගන්න බැරිතරම් එකෙක් උපාධිය ගත්තේ කොපි කොරල වෙන්ඩ ඕන. නැත්නම් ඔතන ඉන්න කොලුකාර මහාචාරියන්ගෙ පුක්කා වෙලා වෙන්ඩ ඕන.

      [වැරදීමකින් හෝ එසේ pH අගය 4.5 දක්වා අඩුවන්නේ යයි කියමු. දැන් pH අගය 3.1 කි. එනම් මේ උපාධිධාරී ඇනෝ ගොනා කියන හැටියටම ගත්තත්, රතුපස්වල pH අගය දහගුණයකටත් වඩා අඩු වී තිබේ. දැන් ඒ දහගුණය අඩු කළේ කම්හල් හිමියා නොවේ නම් නාථ දෙයියාද, නැත්නම් උගේ අම්මගෙ හොර මිනිහාද යන්න දැනගැනීමට අපට බලවත් ආසාවක් ඇත.]

      ඒක හොයා ගන්ඩ චමීර හුජ්ජ කොල්ල වගේ නිකම් බී.එස්.සී කාරයෝ නැතුව සුදුසුකොම් තියෙන අය දාල තියෙන්නේ. යකෝ තොපි වගේ හුජ්ජ කොල්ලො ගන්නේ ඔය පරීන්ෂණ වල සාම්පල ගෙනියන්ඩ. තොගේ නරිවාදම නං රෙද්ද පල්ලෙන් බේරෙන්ඩ දෙන්නේ. පොඩ්ඩක් හිටපන් ඒ උගත්තු ඒක ඉවර කොරනකම්. මොකද චමීර වගේ හුජ්ජ කොල්ලන්ට හිතෙන්නේ නැති හේතු ඒ උත්තමයන්ට හිතාගන්ඩ අහැකි. චමීර වහේ හුජ්ජ කොල්ලන්ට එක්කෝ පැක්ටේරිය, නැත්නම් නාථ වගේ දෙකින් එකක් ඇරෙන්ඩ වෙන එව්ව හිතෙන්නේ නෑ. මොකද කලයක් තරං ඔළුව ඉදිමුණාට අලයක් තරං මොළයක් නෑ.

      Delete

    9. [3. මේ ඇනෝ උන්නැහේ විද්‍යාත්මක ක්‍රමය ගැන දන්නා කෙහෙල්මලක් නැත. සාමාන්‍ය තත්ත්වයෙන් අපගමනය වීමට මිස සාමාන්‍ය තත්ත්වයට සාක්ෂි අවශ්‍ය නැත.]

      මේ හුජ්ජ කොල්ලගේ විද්‍යාත්මක කෙරෙමයේ රඟ පෙනේ. සාමාන්‍ය තත්ත්වය මොනාද කියලවත් දන්නේ නැති එකක් ගැන කතා කොරන මේ මීහරක් දර්ශනපති උපාධි ගහල ආවොත් රටට නාථගෙම පිහිටයි. නැත්තං අල්ලගෙම සරණයි.

      [කඩේකින් බඩු ගත් බවට මිස නොගත් බවට බිල් දෙන්නේ නැත]

      කඩේ බිල් දෙන එකයි විද්‍යාත්මක කෙරේමයි මූට එකළු. පුකෙන්ද සිනා!

      [රතුපස්වල ජලය කොහොමත් ආම්ලික නම් පානීය ජලයේ ප්H අගය පිලිබඳ මෙතෙක් කල් ඔය මිනිස්සු පැමිණිලි කළේ නැත්තේ මන්ද? ඒ පළාතේ මිනිස්සුන් හට ඔය ඇඹුල පුරුදුයි කියා සිතුවත් පිට පළාත් වලින් එන එකෙකුට ඕක නොදනී තියෙන්නේ නැත. උදාහරණයක් සේ ගත්විට හලාවත අවට ජලය කිවුල් බව ඕනෑම මිනිහෙක් දනියි. ඒ ආකාරයට රතුපස්වල අවට ජලය ඇඹුලයි කියා සම්මතයක් මෙතෙක් තිබී නැත. එහෙම නැති නම්, එහි ජලය ආම්ලික නැතැයි පූර්ව නිගමනයකට එළඹිය හැක. ]

      ඕකම තමා පුරස්නේ. ඒකට උත්තර එනකම් ඉන්ඩ කියලයි අපි කියන්නේ. නැතුව වතුර ආම්ලික වෙන්ඩ පැක්ටේරියම හේතුවක්ය කියල සහසුද්දෙන් කියන්ඩ අපි ඉක්මන් වෙන්නේ නෑ. අනික් අතර රසෙන් ආම්ලිකතාව හොයන එක සෑහෙන විද්‍යාත්මක වෙන්ඩ ඇති නේද? නලියගේ නාථ හොඳයි තොපේ ඔය ජෝක් වලට වඩා.

      [රතුපස්වල ජලය කොහොමත් ආම්ලික යයි කියන්නට කාටවත් බැරිය. පූර්ව නිගමනය වන්නේ "ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ප්H අගය ස්වභාවිකව 6.5-9.0 පරාසයේ පවතී" යන්නයි. එය අභියෝගයට ලක්කරන්නේ නම් ඊට ප්‍රබල සාක්ෂි තිබිය යුතුය. (නැතිනම් ගොංපාට් නොදා ආපු අතක් බලාගෙන යා යුතුය.)]

      අනේ හුජ්ජ කොලුවෝ, බස්නාහිර පළාතේ භූගත වතුරේ පී.එච්. එක 6.5-9.0 අතර කියන්ඩ උඹේ සාක්කි කෝ? නිකම් හරකෙක් වගේ උම්බෑ ගාන්ඩ එපා. දන්න නිසා තමයි කියන්නේ බස්නාහිර පළාතේ වතුර වල පී.ච්. අගය ඔයිට සෑහෙන්ඩ අඩුයි කියල. 4.5-6.0 වගේ ගාණක්. නල් හයිපෝතීසි මගුලක් මෙතෙන්ට ඕන නෑ. ඕන වෙන්නේ පැක්ටේරියට කිලෝමීටර කීපයක් ඈත තැන් වලින් ගත්තු වතුරෙයි රතුපස්වලයි ආම්ලිකතාව සැලකිය යුතු විදියට වෙනස් කියල පෙන්නන එකයි. ඒකට ස්ටුඩන්ට් ටී පරීක්ෂණේ හරි ඉසෙඩ් අගය හරි ඇති. අනේ පුතේ උඹේ පුකේ ස්ටැටිස්ටික්ස්! නල් හයිපොතීසිය, මගේ පුක!

      [යම් අන්තරායකර ද්‍රව්‍යයක ඉහිරීමකදී එය පරීක්ෂා කරන ආකාරයක් තිබේ. විශේෂයෙන් රතුපස්වල කම්හල ඔය කියන තරම් මහාලොකු ෆැක්ටරියක් නොවේ. එසේ නොවීත්, කම්හල අවට කිලෝමීටරයකට ආසන්න ප්‍රදේශයේ ජලය පවා ආම්ලික වන්නට නම් එය මොනතරම් දරුණු විදියට අපද්‍රව්‍ය කළමනාකරණය පැහැර හැර තිබේදැයි සරසවියේ පළමු වසර සිසුවකුට වුවද වැටහෙන කාරණාවකි. ]

      පොත්ගුල්ලන් විදියට ක්‍රෑම දමල ඉගෙන ගත්තු හුජ්ජ කොල්ලන්ට පෙට්ටියෙන් පිට හිතන්ඩ පුරුදු කොරල නෑ. ඔය අලි කතාව කියන කොටම හිතන්ඩ ඕන ඒකම අනික් ඵැත්තට ගහන්ඩත් පුළුවන් කියල. කම්හල පොඩි නම්, මෙච්චර ලොකු ප්‍රදේශෙක පී.එච්. වෙනස් වෙන්ඩ ඊට ලොකු හේතුවක් තියෙන්ඩ ඕනේ නේද කියල හිතෙන්ඩ තරං ගිරා පෝතක පුක් බට්ටන්ගේ මොළ මෝරල නෑ.

      [අවසානයට කියන්නට ඇත්තේ දැන්වත් අමාරුවෙන් උපයාගත් ඔබේ ආචාර්ය උපාධිය (එහෙම එකක් තියේනම්: අපට නම් හිතෙන්නේ ඔබත් අර මර්වින් සිල්වා මොඩලයේ ආචාර්යවරයකු බවයි)මරාගෙ ජංගි සේදීම පිණිස ගණිකා වෘත්තියේ නොයොදා රටට වැඩක් කරන ලෙසයි. ]

      පුක දීමෙන් උපයා ගත්තු තොගෙ උපාධිය බල්ලගෙ පුකේ බැන්ද මීවදයක් වගේ බොලවු. හැම පුකේම ඇගිල්ල ගහන්ඩ යන්නේ නැතුව මොලෙන් කලපනා කොරන්ඩ පුරුදු වෙන්ය. නැත්නම් උඹල වගේ එවුන් දර්ශනපති වෙලා ආවම මැර්වින්ලට වඩා රට කනව රටේ මොළේ තියෙන කෙල්ලො කොල්ලන්ගෙ මොළ කුරුවල් කොරල.

      මගේ බාෂාව මෙහෙම වුණාට කියවන අයගෙන් සමාව ඉල්ලල සිටිනව. මේ වගේ පුකෙන් ඉන්න අම්බරුවන්ට තේරෙන්ඩ නම් මෙහෙම කතා කොරන්ඩම ඕන.

      Delete
    10. අනේ ගොනෝ!

      1. //කලේ කවුද කියල කියල තියෙද්දී නොපෙනෙන්නේ පොට්ට කමට වෙන්ඩ ඕන. මහාචාර්ය සී.බී. දසනායක ගේ නිබන්ධනයක්. // ලියන වාක්කිය අපට නොපෙනෙන්න අපේ ඇස්වල ගූ නැත. ඒ වුණාට දැන් කො බූරුවෝ තමුන්ගෙ මූලාශ්‍රය? කොයි ජර්නල් එකේ කොයි කලාපයේ කොයි ලිපියේද ඔහොම ලිපියක් පළවෙලා තියෙන්නේ? තමුන් වගේ ගොබ්බ හැත්ත "අරමලු, මෙහෙමලු" කියපු පළියට අපි පිළිගන්න අපි ගොබ්බයෝ නෙමේ. කෝ මූලාශ්‍ර? References දෙනවා කියල දෙයක් දන්නෙම නැද්ද? එහෙමත් නැතනම් ඔහේ උපාධිය ගත්තේ නිබන්ධනයක් වෙනුවට පශ්චාත්භාගය දීලද?

      2. මෙන්න ඊළඟ ගොන්කතාව: //දැන් වෙනකොට කීයට අඩු වෙලාද කියල කවුද දන්නෙ?// අනේ ගොනෝ.. ඔය කතාව ඇත්ත නම් රතුපස්වල ලැටරයිට් නිධියේ ආශ්‍රිත ජලයේ pH අගය මේ කතාකරන මොහොතේත් අඩු වෙවී තියෙන්න ඕනේ. ඒ කියන්නේ අතීතයේත් එහෙම අඩුවෙවීද තිබ්බේ? එහෙමනං ඒක කාටවත්ම මෙච්චර කල් නොපෙනුනේ ඇයි? අනික මට කියනවා බලන්න පාංශු විද්‍යාව ගැන කියන මොන පොතේ මොන කොටසේද කියන්නේ කාලයත් සමග පසක ඇති ජලයේ pH අගය ඒකාකාරීව අඩුවෙනවා කියල? මීහරකෙක් වුණාට තප්පුලන්න එපා අයිසේ! නොදන්නා ලබ්බවල් කියවන්නේ නැතිව ඉන්නවා!

      3. කම්හල පටන්ගන්න තුරු රතුපස්වල ජලයේ මොනම කෙහෙලමලක් වත් වෙලා තිබ්බේ නැත. සිද්ද වෙච්චි හරිය වුණේ කම්හල පටන්ගත්තාට පසුවය. දැන් එතකොට ආයෙමත් අහන්න තියෙන්නේ, ඇස්පනාපිටම pH අගය අඩුවෙලා තියෙනවා පෙනෙද්දී, කම්හල ගැන සැක මතු නොකරන්න නම් එතකොට pH අගය අඩුකළේ නාථගෙ අම්මගෙ හොර මිනිහද?

      4. //ඒක හොයා ගන්ඩ චමීර හුජ්ජ කොල්ල වගේ නිකම් බී.එස්.සී කාරයෝ නැතුව සුදුසුකොම් තියෙන අය දාල තියෙන්නේ. යකෝ තොපි වගේ හුජ්ජ කොල්ලො ගන්නේ ඔය පරීන්ෂණ වල සාම්පල ගෙනියන්ඩ. // එතකොට ITI ලැබ් එකේ වැඩකරන BSc කාරයෝ ඔක්කොම කරන්නේ ටෙස්ට් ටියුබ් උස්සං යන එක වෙන්නැති. තමුන් ජීවිතේට ඇනලිස්ට් කෙනෙක් තියා අඩුම ගානෙ ලැබ් ඇසිස්ටන්ට් කෙනෙක්වත් වෙලා ඉඳල තියේද? ඒත් එපා අඩුම ගානෙ ලැබ් එකක් අතුගාන ජොබක් වත් කරල තියේද? මොකද අතුගාන එකා වුණත් දන්නවා ජූනියර් / ට්‍රේනී ඇනලිස්ට් පෝස්ට් එක දෙන්නේ අවම වශයෙන් විද්‍යාවේදී උපාධියවත් තියෙන මිනිහෙක්ට පමණක් බව. බූරු උන්නැහේ.. ජීවිතේට රසායන විද්‍යා පර්යේෂණාගාරයක තමුන් වැඩකරලා නැති බව ඇස්පනාපිටම පේන්න තියෙනවා. තවත් රෙද්දෙ පහකරගන්නේ නැතිව ඉන්නවද?

      Delete
    11. 5. මට කරුණාකරලා කියනවා බලන්න තමුන් ජීවිතේට Null hypothesis කියල වචනයක් වත් අහල තියේද කියල? මීහරකෝ! ශුන්‍ය උපකල්පිතය කියන්නේ "දෙනලද ස්වායත්ත විචල්‍ය හා පරායත්ත විචල්‍ය අතර සහසම්බන්ධයක් නැතැයි කරනු ලබන උපකල්පනය වේ. ශුන්‍ය උපකල්පනය වනාහි පූර්ව නිගමනය වේ. එකී ශුන්‍ය උපකල්පනය ප්‍රතිශේධනය කරමින් ඉදිරිපත් වන්නේ විකල්ප උපකල්පිතය වේ. ශුන්‍යය ප්‍රතික්ෂේප කරමින් විකල්පය බාරගන්නට නම් සංඛ්‍යාන විද්‍යාත්මකව ප්‍රබල සාක්ෂි (Statistically significant evidence) ඉදිරිපත් කළ යුතුය; එවැනි සාක්ෂි නැති තැනදී ශුන්‍ය උපකල්පිතය සත්‍ය බව ඉබේම පිළිගැනේ".

      එසේනම් මෙකී ගැටලුවේදී ශුන්‍යය වන්නේ "රතුපස්වල ජලයේ pH අගය ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල දකින්නට ලැබෙන pH පරාසය වන 6.5-9.0 පරාසයෙන් සැළකිය යුතු ලෙස වෙනස් නොවේ". මොකෙක් හරි එකෙක් එහෙම නැතෙයි කියනවා නම් ඊට අදාළ ප්‍රබල සාක්ෂි ගෙන ඒම උගේ වගකීමක්. ශුන්‍යයට සාක්ෂි අවශ්‍ය නෑ; සාක්ෂි අවශ්‍ය වෙන්නේ විකල්පයට. එකට තමා කිව්වේ කඩේකින් බඩු "නොගැනීමට" සාක්ෂි අවශ්‍ය නෑ, සාක්ෂි අවශ්‍ය වෙන්නේ බඩු "ගැනීමට"; මිනී "නොමැරුවාට" සාක්ෂි අවශ්‍ය නැහැ, සාක්ෂි අවශ්‍ය වෙන්නේ "මිනී මැරුවා" යයි ඔප්පු කරන්න. මට කරුණාකරලා කියන්න පුළුවන්ද මෙන්න මේ සරල දේ වත් නොතේරෙන ඔහේ වගේ ගොබ්බ අමනයෙකුට උපාධියක් දීපු විශ්ව විද්‍යාලය මොකද්ද කියල?

      Delete
    12. 6. //අනේ හුජ්ජ කොලුවෝ, බස්නාහිර පළාතේ භූගත වතුරේ පී.එච්. එක 6.5-9.0 අතර කියන්ඩ උඹේ සාක්කි කෝ? //

      අනේ මී හරකෝ! මෙච්චර කල් මේ රටේ ජියෝලොජිස්ට්ලා අල කෑවේ නෑ. ඒ වගේම තමුන් වගේ
      මරාගේ පුක ලෙව කෑවෙත් නෑ. අවුරුදු ගණනාවක ප්‍රතිඵල එක්ක තමා අදාළ pH පරාස දීල තියෙන්නේ; මං නෙමේ දීල තියෙන්නේ ITI සභාපති. ඒ පරාසය ගැන අවුලක් තියේනම් ගිහිං එතුමාට චැලේන්ජ් කළොත් නාකද මෙතැන හෙළුවෙන් වනන්නේ නැතිව?

      // නිකම් හරකෙක් වගේ උම්බෑ ගාන්ඩ එපා. //

      සොරි ඩූඩ්, මට උඹේ බාසාව බෑ.

      //දන්න නිසා තමයි කියන්නේ බස්නාහිර පළාතේ වතුර වල පී.ච්. අගය ඔයිට සෑහෙන්ඩ අඩුයි කියල.
      4.5-6.0 වගේ ගාණක්. //

      ආයෙමත් අහන්නේ කෝ ගොනෝ සාක්ෂි?

      // නල් හයිපෝතීසි මගුලක් මෙතෙන්ට ඕන නෑ. //

      එහෙනම් අම්මගෙ රෙද්දද ඕනේ වෙන්නේ?

      //ඕන වෙන්නේ පැක්ටේරියට කිලෝමීටර කීපයක් ඈත තැන් වලින් ගත්තු වතුරෙයි රතුපස්වලයි ආම්ලිකතාව සැලකිය යුතු විදියට වෙනස් කියල පෙන්නන එකයි. ඒකට ස්ටුඩන්ට් ටී පරීක්ෂණේ හරි ඉසෙඩ් අගය හරි ඇති. අනේ පුතේ උඹේ පුකේ ස්ටැටිස්ටික්ස්! නල් හයිපොතීසිය, මගේ පුක!//

      අනේ මීහරකෝ. null hypothesis එක නැතිව කොහොමද ගොනෝ z test එක හෝ Student's T distribution දාන්නේ? z හෝ T ව්‍යාප්තිය / පරීක්ෂාව කරන්නේ මොකටද කියලවත් දන්නවද? ටී නෙමේ ඉසෙඩ් නෙමේ ඕනෑම ආකාරයක Inference එකකදී Null vs Alternate hypothesis ලෙස විතර්ක දෙකක් පරීක්ෂා කරන බවවත් නොදැන කොහොමද ගොනෝ Conclusion දෙන්නේ? මොන බූරුවද තමුන්ට stat ඉගැන්නුවේ? ඇත්තටම තමුන් මේ හිතාමතා ජෝක්ස් ද දෙන්නේ නැත්නම් උපන් හැටිද?

      අනික ඔය කී T ව්‍යාප්තිය ගැන අහපු නිසාම මෙන්න අදාළ වන කොටස.

      දැන් මෙන්න තමුන්ට චැලේන්ජ් එකක්. පුළුවන් නම් මට පෙන්නනවා බලන්න Null hypothesis හා alternate hypothesis දෙක නැතිව t-test එකක් කරන විදිය?

      Delete
  12. [පළමුව කිව යුත්තේ ගාමිණියාගේ මෙකී හුලිජ්ජ ලිපිය වනාහි අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද එක්තරා වාර්තාවක අසම්පූර්ණ, අසාර්ථක කොපියක් බවය]

    උන්නැහෙත් මේ ගැන කතා කොරන්න ගිහින් හුලිජ්ජ නා ගත්තය කියල රට්ටු කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. බල්ලෝ රැළක් වටවෙලා බිරුවට උන්ට රට්ටු කියල කියන්නෙ නෑ. උන්ට කියන්නේ බල්ලෝ කියල. ඕනවට වඩා බිරුවොත් පුකට පයින් දෙකක් දීල පන්නල දානවා. එච්චරයි.

      Delete
  13. කුණුහරුප කියා බැණ අඬ ගැසීමෙන් ඇනෝ ගේ සහ චමීරගේ යන දෙදෙනාගේම මතය ඔප්පු වන්නේ නැත. තර්කයක් ලෙස ඇනෝ ගේ මතයට මා එකඟ නමුත්, යම් යම් අවස්ථාවල අපගේ සයවැනි සංවේදනය පවසන දෙයටත් සවන් දීමට සිදුවේ. මගේ අදහස නම් රතුපස්වල අනිවාර්ය ලෙසම මගඩි එකක් නොව දෙක තුනක්ම පවතින බවයි. එය පරිසර දූෂණ මගඩියක සිට දේශපාලන මගඩියක් වන තුරු දික් වීමට ඉඩ ඇති බව සිතමි.

    මේ බැන අඬ ගැසීම් අතර තුර ලංකාවේ ස්වභාවික ජලයේ pH අගය කීයද යන්න අන්තර්ජාලයෙන් සොයා බැලීමි. එවිට පහත තොරතුරු හමු විය. මේ මගේ විෂයය නොවේ. එනිසා දන්නා කෙනෙක් මේ ගැන පැහැදිලි කරන්න.

    1. Groundwater Quality in Different Climatic Zones of Sri Lanka: Focus on the Occurrence of Fluoride - http://www.ijesd.org/papers/47-D455.pdf

    Values of pH are
    range from weak acidic to weak basic ranging from 4.0 to 8.2


    2. Groundwater Quality and It’s Distribution Features in the Right Bank of Nilwala Ganga -
    Sri Lanka (Badulla Oya and Kirama Oya Basins) - http://archive.cmb.ac.lk/research/bitstream/70130/2925/1/Dr_%20Ranjana.pdf

    The pH of the groundwater remains between 4.5–6.5 and it usually decreases within a small range consequent to rains and EC fluctuation





    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.