logo banner

Wednesday, December 11, 2013

එපා, එපා ණය ගන්නට චීනක්කාගේ | No Chinese Loans




ණය දුන්නේ මඩවන්නයි හරකුන් වාගේ....
හොර තක්කඩියන් හැදුනේ මුදලෙනි ඈගේ...
මේ සෙල්ලම නොදන්න මී හරකුන් වාගේ...
එපා, එපා ණය ගන්නට චීනක්කාගේ... //

අහිංසක කිරි අත දරුවාටත් ණයයි වැටෙන්නේ...
එවන් ණයක් අහෝ කොයි කාළෙද නැවත ගෙවන්නේ...
ටිකක් හිතල බලනු චීනුන් ශ්‍රමයෙනි වැඩ ගන්නේ...
එහෙත් පෙරදිග මුතු ඇටයෙහි ඇයි ණයට බුදින්නේ....

කෙනෙක් පහළොස් වසරක් ගත්තොත් ණය ලෙස වැඳලා...
බලනු සීයට විසි අට වැඩි කොට ඇනුයිටි යොදලා....
ගණන දළ වශයෙන් දහ ගුණයක් කම්පවුන්ඩ් වෙලා....
ඔබට තේරුණාද ඔබ ගත් ණය දුර දිග නොබලා....

ණය දුන්නේ මඩවන්නයි හරකුන් වාගේ....
හොර තක්කඩියන් හැදුනේ මුදලෙනි ඈගේ...
මේ සෙල්ලම නොදන්න මී හරකුන් වාගේ...
එපා, එපා ණය ගන්නට චීනක්කාගේ... //

මුදල් තණ්හාවෙන් රටවල් චීනෙන් ණය ගන්නේ...
අහිංසක දරුවගේ ඉරණම ඉන් පසු විසඳෙන්නේ...
යළිත් ඒ චීනෙන් මල් වෙඩි ගෙන පත්තු කරන්නේ...
තමන් ණය ගත් මුදළම යන බව උන් නැහැ දන්නේ...

ගුවන් තොටුපළවල් නැව් එන් නැති වරාය දෙන්නේ...
මෙවන් දේ තැනුමට කම් කරුවන් කොහෙන්ද එන්නේ....
ඉතින් ණය නොම වී තාක්ෂණය ඉල්ලා ගන්නේ...
එවන් මොළ ඇති සිස්ටම් තුල දෙවියන් වැඩ ඉන්නේ....

ණය දුන්නේ මඩවන්නයි හරකුන් වාගේ....
හොර තක්කඩියන් හැදුනේ මුදලෙනි ඈගේ...
මේ සෙල්ලම නොදන්න මී හරකුන් වාගේ...
එපා, එපා ණය ගන්නට චීනක්කාගේ... //

~~නිර්මාණය දමිත් කේතක විසිනි.

23 comments:

  1. ඔබේ නිර්මාණයේ ගැබ් ව ඇති අදහස පිළිබද මගේ මතය වෙනස් උනත් මෙහි ඇති නිර්මාණත්මක බව ඉහලින් අගය කරමි .

    ReplyDelete
    Replies
    1. ඒ ගෞරවය දමිත් මහතා වෙතම ලැබිය යුතු..

      Delete
  2. එකෙන්ම එකඟයි. සුපිරි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්.. කෝ අලුත් ලිපි?

      Delete
  3. Replies
    1. ස්තුතියි! හැකි හැම කෙනෙක් අතරම බෙදා හරින්න.

      Delete
  4. ගන්න ණයෙන් ඉෆෙක්ටිව් ඉන්වෙස්ට්මන්ට එකක් කරනවා නම් කිසි අවුලක් නෑ......ණය නැතුව ඉතින් කර ගන්න එක ප්‍රායෝගික නෑ නේ.....

    ගන්න ණයෙන් හොදම ආයෝජනය කර ගන්න එකයි යුතුකම

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් තමා මයියෝ අර මේ දවස්වල කට්ටිය වැලිකොට්ට ගොඩ ගහගෙන කරන්නේ..

      Delete
  5. අපි කඩවල්වල දැක්කේ අද මුදලට හෙට ණයට කියලා.ඒ වුනාට දැන් රටේ කියන්නේ අද ණයට හෙට,............................හෙටත් ණයට තමා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. අද ණයට.. හෙට උණ්ඩයට වෙන දිනය වැඩි ඈතක නෙමෙයි.

      Delete
  6. එපා කිව්වට අහන එකක් නෑ, චීනක්කා තරම් කොමිස් දෙන්නේ නෑ නෙව කවුරුවත්

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල.. බ්‍රිතාන්‍යය පවා දැන් ණය ගන්නේ චීනෙන් නේ..

      Delete
  7. චීනේ මුස්ලිම් රටක් නං අපි ගිනි තියාගෙන මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. මෝඩ චූං .. මටම චූං!

      Delete
    2. ආයෙත් අහල. හෙනං මෙලාකට ගිනිතබාගැනීමේ බලකාය / ගිණි බල සේනා / අග්නි බලය වගේ එකකුත් තියෙයි..

      Delete
    3. නැහැ. එසේනම් එවැනි බලකායක් ආණ්ඩුව විසින් නිර්මාණය නොකරයි....

      Delete
  8. අගෙයි දමත් බෙදාගත් චමීරටත් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නාටම වඩා පාඨක ඔබට ස්තුතියි!

      Delete
  9. මා සිතන්නේ චීනය හෝ කිනම් රටකින් ණය ගත්තත් යහපත් කළමනාකරණයක් සහිත නම් අපිට ගොඩ යා හැකි බවය.

    ReplyDelete
    Replies
    1. "ගල හොඳ නම අඹරන කහ මක්වේද".. නමුත් අමිල, "කූඩැල්ලා මෙට්ටේ තැබිය නොහැක"..

      Delete
  10. චීනය, ලංකාව සමඟ සමාන්‍යෙයන් කොන්ත්‍රාත් සිදුවෙනුයේ 45% කහෝ ඊට වඩා වැඩි ලාබයක් චීනයට ලැබෙන පරිදිය. එයද 4-6% අතර පොලියට ගන්නා ණය මුදලකි.

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.