logo banner

Tuesday, November 18, 2014

අරලිය මඩුවේ සාදය | Party at Temple Trees

[නිර්මාණ අයිතිය රුවන් නෙළු]



(උදේ 10.00)
සිහල ලියා බොදුනු ලියා
මාව දමා යන්න ගියා
රතන ලියා .... පාටලියා ....
රතන ලියා .... පාටලියා ....
රට සීතල ගඩ්ඩ කොබා
හැම රෙද්දෙ ම ඔළුව ඔබා
නිමවෙයි ගොඩ දැමුම මෙමා
පාටලියා
මාව දමා යන්න ගියා
රට එක් කළ මමය රජු
අද රජ නෙතු කඳුළු බිඳු
ආධාරෙන් උඹත් හැදූ
රතන ලියා
මාව දමා යන්න ගියා
නානසාර ළාඟ හින්දා
ඉවසමි මම දුක නින්දා
උපන් දිනේ මා අන්දා
පාටලියා
මාව දමා යන්න ගියා ....

(රාත්‍රී 10.00)
උඹ අතුරලියේ, මන්ද මෙසේ
මී රැළ සේ යන්නෙ ඇදී
මෑත සයුරෙහී ගිලෙනා
නැවද මම සුදූ ...

උඹලා කත් ඇදලද මම දිනුවේ
විමලා මර්වින් නමටද හිටියේ //
මගෙ පවුල් සමාගම තියෙන තුරා
ඔය මොකා ගියත් නොසැලෙමී මෙමා

උඹ අතුරලියේ .....

අද මෙන් හෙට මහරජ වී හිඳිමි
අඟුරෙන් පාටලියට රිටන් දෙමී //
බොදු බලු සේනාවෙන් ගොඩට යමී
පනිනා මීයන් දැක සිනාසෙමී

6 comments:

  1. මරු මචෝ,ඉස්සරහට තව ගොඩක් දේවල් ලියන්න පුලුවවන් වේවි.

    ReplyDelete
  2. තව තව එවුවා ඉස්සරහට ඒවි.

    ReplyDelete
  3. අර පින්තූරේ තියන ජාතියේ කේක් එකක් හදලා යවන්න පුලුවන්නම් ලොක්කට, මම කේක් එකට ලක්ෂයක් වුනත් ගෙවනවා.

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.