logo banner

Thursday, December 27, 2012

හලාල් සහතිකය හරාම් බව දන්නවාද?


හලාල් සහ හරාම්

හලාල් යනු මුස්ලිම් නීතියට අනුව “කැපයි, හොඳයි” යන අරුත් දෙන වදනකි. එය හුදෙක් ආහාර පාන වලට පමණක් නොව සකලවිධ අවශ්‍යතා සඳහාම වලංගු වන නීතියක් ලෙස ව්‍යවස්ථාපිතව පවතී. යමක් හලාල් හෝ හරාම් වන්නේ ශුද්ධ වූ කුරාණයේ සඳහන් යම් නීති මාලාවකට අනුවය. ඒ ගැන නොදන්නා ඇත්තෝ ඒ ගැන අප ලියු ලිපිය මෙතනින් කියවත්වා!

මෙතනදී අප නැවත නැවත මතුකරන අපේ ස්ථාවරය යළි යළිත් කීමට සිදුවේ. මන්ද යත් මේ ගැටලුව ගැන අප කතා කරන විට අපට ලැබෙන විවිධ ප්‍රතිචාරයි. ඔබෙත් අපෙත් පහසුව සඳහා අපි ඒවා මෙසේ වර්ග කර දක්වමු.
1. එළකිරි මචෝ ෆට්ට ලිපිය. එළවන්නෝන ඔයා පර හම්බ හැත්ත මෙහෙන් අරාබියටම! ලියපන් මචං තව ලියපන්.. ඕනේ දෙයක් වුනොත් අපි බලාගන්නම්!!
2. මචං ඔකේ තියෙන කරුණු ෂුවර්ද? මට නම් විශ්වාස නැහැ බං.. අවුරුද්දකට රු. මිලියන 787ක්? පිස්සු බං! උඹට ගණන් වැරදිලා ද කොහෙද.
3. අනේ මචං ආණ්ඩුවට කඩේ යන්නෙපා. හලාල් කියන්නේ මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරවන්න ආණ්ඩුවෙන් දෙන පොඩි ජිල්මාට් එකක්. අහුවෙන්නෙපා බං.
4. අපේ ආගමට අපේ නබි තුමාට අපහස කරන උඹල ඔක්කොම වඳ කරනවා! කාලකන්ණි.. උඹල හිතන් ඉන්නේ උඹල දෙමළට කරපු දේ අපිටත් කරන්න පුළුවන් කියලද? වැරදිලා!
5. ඇඩෝව්.. පුළුවන් නම් වරෙන් එළිපිට කතා කරමු.. බ්ලොග් අස්සේ හැංගිලා ලියන්න තොට *****ක් නැද්ද? උඹල තමා අර ****.කොම් වගේ පේජස් හදල ජාතිවාදය අවුස්සන්නේ.
6. ඇයි මේ මරාගන්නේ.. අපි සර්වාගමිකයෝ නේද පුතා. සෑම ආගමකින්ම කියන්නේ එකම හොඳ දේ නේද? නවත්තන්න පුතා ඔය බ්ලොග් එක..
7. ***ලියා දැක්විය නොහැක. එහෙත් ඉන් බහුතරයක් මගේ අසරණ අම්මා සහ ගැහැණු-පිරිමි අතර සිදුවන ලිංගික සංසර්ගය පිලිබඳ කරුණු වේ. ***
මේ අප සාරාංශ කොට දැක්වුයේ අප වෙත බහුලවම ලැබෙන ප්‍රතිචාර කීපයකි. (තව තිබේ).
දැන් අපි මේවාට අපේ ප්‍රතිචාර දක්වමු.
1. අනේ මේ මචං.. පවු නොදී පලයන්කෝ යන දේවාලෙක. අපට මේ රටේ ඉන්න හැම මිනිහම මිනිහෙක්. ජාතිය ආගම මත මිනිහෙකුට ගරහන්න නෙමේ මේ බ්ලොග් එක හැදුවේ. //අපි ඉන්නවා බලාගන්න// ඔවු ඔවු, බොල කළේ ඕක තමා. ගිනි තියල බලන් ඉන්න එක.
2. සෑම කරුණක් පිළිබඳවම වග කියනු ලැබේ. මෙන්න අපි ඒ ගැන ගණන් හිලවු සහිතව ලියු ලිපිය.
3. ආණ්ඩුවට අප කඩේ ගියෙත් නැත. යන්නට කල්පනාවකුත් නැත. මේ ගැටළුව තුළ ධනවාදය සහ ඒකාධිපති පාලනය හොල්මන් කරනවා දෝයි අපටද සැක තිබේ. එහෙත් අපට එය අදාළ නැත. මන්ද යත් අපට අවශ්‍ය මේ ගැටලුව විසඳා ගැනීම පමණක් බැවිනි.
4. අනේ මේ ගොන් වහන්සේ! අපි දෙමළ මිනිස්සුන්ට එරෙහිව කවදාවත් කතා කළෙත් නෑ, කරන්නෙත් නෑ. අර කොටි හපුවට නම් අපි එළව එළව පහර දුන්න.. පුළුවන් දෙයක් කරපන්! යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ මචං.
5. අප කිසිම තැනක ජාතිවාදී හෝ අන්තගාමී දේවල් ප්‍රොමෝට් කර නැත. කරන්නේද නැත. අප ඉන්නා බ්ලොග් අවකාශය තුළ පුලුවන්නම් මතවාදීමය වශයෙන් අප වැරදි බව ඔප්පු කරන මෙන් අභියෝග කරමු. සියල්ලන් හටම කොමෙන්ටු විවෘත කර ඇත්තේ ඒ නිසාය. (ප.ලි. අර අපට තියෙනවාදැයි ඇසු අවයවය යස අගේට තිබේ. මං මේ දැනුත් බැලුව..)
6. කොහෙද ඔය සර්වාගම තියෙන්නේ? එකත් අර හන්දියේ කඩේ විකුණන්න තියෙන බිබික්කං වගේ දෙයක්ද ස්වාමීන් වහන්ස/පූජකතුමනි/පියතුමනි? (නොදන්නා කමට අහන්නේ)
7. ඔය කී සේරම ටික (සහ තවත් දේ) අපේ තාත්තා යස අගේට සර්ව සම්පූර්ණව ඉෂ්ට සිද්ධ කොට තිබේ. ඒ නිසා කවුරුත් අහක යන කුණු ඇඟේ දාගන්නට අවශ්‍ය නැත.

 අපි


දැන් අපි අප ඉන්නා ස්ථාවරය කිව යුතුය. අපි ජාතිවාදීහු වෙමු. අපේ ජාතිය වන සිංහල ජාතිය ගැන කතා කරන නිසා එසේ කීම සාධාරණය. අප විශ්වාස කරන පරිදි මේ රට සිංහල බෞද්ධ රටකි. ඒ එසේ වන්නේ ඔළුගෙඩි ගණනින් නොවේ. මේ රටේ මුඛ්‍ය සංස්‌කෘතිය සිංහල බෞද්ධ බැවිනි. ඕනෑම රටකට අනන්‍ය වූ සංස්කෘතියක් තිබේ. මේ රටේ තියෙන ජාතික උරුම, ඓතිහාසික උරුම වලින් සිංහල බෞද්ධ වන සියලු දේ කඩා ඉවත් කළොත් රටේ උරුම යයි පෙන්වන්නට ඉතිරි වන්නේ මොනවාද? (සටහන: බාමියන් බුදු පිළිම කැඩු හැටි අපට අමතක නැත. ) මේ රටේ උපන් සෑම සිංහලයකු, දමිලයකු, මුසල්මානුවකු හෝ වෙනත් ජාතිකයකු හටම එකී සංස්‌කෘතිය පොදුය. මේ රටේ විවිධ ජාතීහු ජීවත් වෙති. විවිධ ආගම් අදහති. විවිධ උප සංස්කෘතීන්ට අයත් ජනයා මෙහි ජීවත් වෙති. අපට එය ගැටළුවක් නැත. අර කී සිංහල බෞද්ධ සංස්‌කෘතිය තුළද ඕනෑ තරම් වෙනත් සංස්කෘතිකාංග තිබේ. (උදා: විෂ්ණු දේවාලයක් නැති පන්සල් කීයක් තිබේද? කවුද විෂ්ණු? විෂ්ණු කවද්ද බෞද්ධ වුණේ?)
හැබැයි එසේ කී පමණින් මේ රටේ ජීවත් විය යුත්තේ සිංහලයෝ පමණි, බෞද්ධයෝ පමණි යයි කියන අන්තගාමී “චොකා බයිලා” මොඩලයටද අප අයත් නොවේ. මේ රටේ ඕනෑම මිනිසකුට කැමති ආගමක් සහ කැමති සංස්කෘතියක් භාර ගැනීමේ අයිතිය තියේ. අපි එය ප්‍රශ්න නොකරමු. කලින් කී ලෙසම, හින්දුන් හට නිර්මාංශ ආහාර ලැබීමේ අයිතිය මෙන්ම මුසල්මානුවන්හට හලාල් ආහාර ලබා ගැනීමේ අයිතිය ද ඇති බව අපි තරයේ කියා සිටිමු.
අපේ ගැටළුව වන්නේ මෙකී හලාල් සහතිකකරණ ක්‍රියාවලිය තුළ වසරකට රුපියල් මිලියන 787ක හලාල් බද්දක් මේ රටේ සෑම සියලු දෙනා මතම පැටවීමට ඕල් සිලෝන් ජම්මියතුල් උලාමාවට ඇති බලය කුමක්ද?
දැන් සමහරු මෙසේ කියනු ඇත: “ඕක මේ ව්‍යාපාරිකයෝ සිය කැමැත්තෙන් නේ ගන්නේ? ඕක මේ නීතියෙන් නවත්තන්න පුළුවන් දෙයක් නෙමේ. තමුන්ගේ ආදායම වැඩි කරගන්න උන් ඕනේ දෙයක් කරාවි.” රයිට් පුතා. අපිත් එහෙම නම් එහෙම කරමු. අප දෙන සෑම රුපියලකින්ම කොටසක් මුස්ලිම් සංවිධානයකට දෙනවා දැකීමට අප අකමැතිය. ඒ නිසා අපි ඔබේ හලාල් ලකුණ දරන භාණ්ඩ වර්ජනය කරමු. ලාබය වැඩි කරගන්න ඕක මිලදී ගන්න පුළුවන් ව්‍යාපාරිකයෝ එදාට ලාබය අඩු වන විට ඕක වර්ජනය කරනු ඇත. මොකෝ කියන්නේ? සාධාරණයි නෙහ්?



හරාම් වූ හලාල් සහතිකය

හලාල් සහතිකය පදනම් වන්නේ මුස්ලිම් ෂරියා නීතිය මතය. ඒ අනුව ආහාර පාන, විශේෂයෙන් මස් ගැන යම් දැඩි නීති රීති තිබේ. සත්‍ය වශයෙන්ම ගත් විට මේවාට විරුද්ධ වීමට ඇති හේතු අල්පය (සතුන් මරණ අමානුෂික ක්‍රම හැරුණු විට: යම් කෙනෙකුට එය ගැටළුවක් නම් කළ යුත්තේ මස් නොකා සිටීමය). පැහැදිලි ලෙසම ඉන් අනුභව කරන මසෙහි සෞඛ්‍යාරක්ෂිත බව ගැන සහතිකයක් ලැබේ. මතුපිටින් ගත්කළ ඊට විරුද්ධ වීමට තරම් හේතුවක් අපට ද මුලින් තිබුණේ නැත.
ගැටලුව මතු වුණේ නබි තුමා දෙසු දහමටද කොපිරයිට් අරගෙන සමහරුන් නටන නාඩගමයි. ACJU යනු මේ රටේ ඉස්ලාමීය උගතුන්ගේ එකමුතුවකි. එය වර්ෂ 2000 අංක 51 දරන පාර්ලිමේන්තු පනත යටතේ ලාභ නොලබන ආයතනයක් ලෙස ව්‍යවස්ථාපිත කොට තිබේ. එහි අරමුණ හොඳ දේ පිරිසිදු දේ තෝරාගෙන ආහාරයට ගැනීමට මුස්ලිම්වරයකුට ආධාර වීමයි. ඒ අනුව ඔවුන් විසින් යම් ආහාරයක් හලාල් යයි සහතික කළ විට එය මුස්ලිම් නීතියට අනුව පිරිසිදු බවට විශ්වාසයක් තිබේ. හරියටම යම් ආහාරයක් නිර්මාංශද නැද්ද යන්න සහතික කරන ලේබලය මෙනි. මේ සත්ක්‍රියාව විවිධ රටවල විවිධ ආයතන මගින් සිදු කෙරේ.
එතකොට අපේ? අපේ මෙය කරන්නේ අර කී සමස්ත ලංකා ජම්මියතුල් උලාමාවයි. එදා ලාභ නොලබන ආයතනයක් ලෙස ව්‍යවස්ථාපිත කළ ඔවුන් අද වන විට වෛද්‍යවරුන්, උපාධිධාරීන් ආදීන් ලහි ලහියේ බඳවා ගෙන සැරසෙන්නේ SLS, ISO වැනි සහතිකකරණ අධිකාරියක් (certification body) බවට පත්වීමටයි. එනම්, නිල නොලත් ආගමික මෙහෙයකට නිල ලේබලයක් අටවා ගෙන එමගින් ලාභ ලැබීමයි. කාගෙන්ද මේ ලාභය? එය ගෙවන්නේ මුස්ලිම් වරුන් පමණක් නම් අපට අනේ! කිසිම ගැටළුවක් නොමැත. අපට ඇති ගැටලුව එයට අපටද ගෙවන්නට සිදු වීමයි. තිබුනත් නැතත් මට වැඩක් නැති හලාල් සහතිකයකට මගේ මුදල් වැඩිපුර ගැනීම හරාම් නොවේද?
ඉස්ලාම් ආගමික නීතිය අනුව කෙනෙකුගෙන් යමක් නොදී මුදල් ගැනීම සොරකමකි, එමෙන්ම කෙනෙකු හට බලෙන් මුදල් ගෙවීමට නියම කිරීමද හරාම් වේ. එතකොට අපි උලාමා වරුන්ගෙන් අසන පැනය මෙන්න. අපෙන් හලාල් වලට මෙපමණ කල් මුදල් ගරාගත් ඔබ අපට දුන්නේ මොනවාද? මතක තබාගන්න! අප ගන්නා ආහාරය හලාල් ද හරාම් ද යන්න අපට අදාල නොවේ. අපි මුස්ලිම් හු නොවෙමු. අපෙන් සල්ලි අරගෙන අපට වැඩක් නැති හලාලයක් අපට දීම හරාම් නෙමේද උලාමා වරුනි!!
අනිත් කාරණය වශයෙන් ගතහොත් ලාභ නොලබන ආයතනයක් ලෙස මේ රටේ ලියාපදිංචි වී රටේ ජනතාවගෙන් මුදල් අය කිරීම ඔබේ ආගමට අනුව හලාල් ද? වසරින් වසර හලාල් සහතිකයේ මිල ඉහළ යැවීම සහ ශයිලොක්ගේ මස් රාත්තල මෙන් හිතුණු හිතුණු ගණන් මිනුම් කියාගෙන වෙළෙන්දන් මත බලෙන් බඩු බර පැටවීම හරාම් නොවේද? ඔබට මිස අපට සත පහක වැඩක් නැති බව දන්නා හලාල් මස් අපේ ඇඟේ බලෙන් ගසා වසරකට රුපියල් මිලියන 787ක මුදලක් මේ රටේ අහිංසක ජනතාවගෙන් (මුදලාලිලාගෙන් නොවේ. ඔය මුදල අවසානයේ ගෙවන්නේ අපය) කඩා වඩා ගෙන කන බොන ඔබේ බඩවල් වලට අල්ලා දෙවිඳුන් කුරාණයේ කී පරිදි හෙණ පහර නොගසන්නේ අප කෆීර් නිසාද?
1. ඉස්ලාම මතවාද ප්‍රවර්ධනයට හා ආරක්ශා කිරීමට යෙදවීම
2. මුස්ලිම් ආගමිකයන් අතර මිත්‍රත්වය තහවුරු කිරීම
3. ඉස්ලාම ආගම අනුව ඉස්ලාම සුභසාධක තත්වයන් නැන්වීම
4. ඉස්ලාම ආගම පිලිබඳව සම්මන්ත්‍රණ පැවැත්වීම
5. ඉස්ලාම ආගම පිලිබඳව පොත් ප්‍රකාශනය, බෙදා හැරීම, පුස්තකාල පවත්වාගෙන යාම
6. අරාබි භාෂාව ප්‍රවර්ධනය කිරීම
7. සියලුම පරිපාලන දිස්ත්‍රික්කයන් තුල තම පරිපාලන කාර්යාලයන් පිහිටුවීම
දෙවියන්ගේ නාමයෙන් මෙය අප මත පැටවූ නිල නොවන ආගමික බද්දක් නොවේද? අපෙන් මුදල් අයකරගෙන ඔබ කරන්නේ ඔබේ පල්ලි හැදීම නම් ඒ මුදල නොගෙවා සිටීමට අපට අයිතියක් නැද්ද? ඔබ ඔබේ මුදලින් ඔබේ ආගම ප්‍රවර්ධනය කිරීම ගැන අපට කිසිම ගැටළුවක් නැත. අපට ඇති ගැටලුව එය අපේ වියදමින් කිරීමයි.

අපේ අභියෝගය


මේ අභියෝගය උලාමා වරුන්හටයි. හැකිනම් ඔබ එදා ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් පුවත්පත් දැන්වීම් දැමුවා සේ, තව එක දැන්වීමක්, එකම එක දැන්වීමක් පළ කරන්න. කොන්ද පණ තිබේ නම් එහි මෙන්න මේ විස්තර ටික ඇතුළත් කරන්න.
1. හලාල් සහතිකය ලැබූ ආයතන වල නම් ලැයිස්තුවක්.
2. පසුගිය වසර පහ තුළ ඔවුන් හලාල් සහතිකය ට ගෙවූ මුදල.
3. පසුගිය වසර පහක ඔබේ විගණන වාර්තා. (ඔබ මේ මුදල වියදම් කළේ කෙසේද?)
4. කෙනෙකු හට සේවයක් නොසලසා ඔහුගෙන් ලබන මුදල හරාම් නොවේ යන්නට සාධක.
5. අවසාන වශයෙන්, මේ ලංකාව තුල මූල්‍ය කටයුතු වල යෙදීම සඳහා අනිවාර්යයෙන්ම ලබා ගත යුතු මහා බැංකු අවසරය පිලිබඳ සාක්ෂි.
තහනම් වචන සංවාදයට විවෘතයි!
[විශේෂ ස්තුතිය: නම සඳහන් කළ නොහැකි, එහෙත් ලංකාවේ සුප්‍රසිද්ධ කුකුල් මස් වෙළඳ සමාගමක මෙහෙයුම් කළමනාකාර තුමෙකු විසින් අපහට ලබා දුන් තොරතුරු වලට. පිං ඔබට!]



1 comment:

  1. එළකිරි මචන්............... මාත් ඉන්නෙ ඔය මතයෙමය්.................. අපි මතක තියාගන්න ඕනා මේ රටේ තාමත් ඉන්නවා තමන්ගෙ ආගමටත් වඩා රටට ආදරේ ; සිංහල බවුද්ධ සංස්කෘතිය තුල තමන්ගෙ අනන්‍යතාවයත් ආරක්ෂා කරගෙන ජිවත්වෙන මුස්ලිම්වරැ පිරිසක් .................. අපි මේ තියෙන මුස්ලිම් අන්තවාදය පරාජය කළ යුතුය් බොහොම ඉවසිමෙන්............. මතවාදාත්මකව...............ඒත් අපි මතක තියාගන්න ඕනා මුස්ලිම් ජනවර්ගය (ජාතිය නොවේ ... රටක ජාතිය යනු ඒ රටේ ශිෂ්ඨාචාරය ගොඩනැංවු ජනයර්ගයය්)ත් මේ රටේ ජිවත් විය යුතු බව.............. අද ගෙඩක් අය හදන්නෙ මුස්ලිම් කෙනෙක් දැක්කොත් එයාව මරන් කන්න............... එහෙම කිරිම බෙෘද්ධයන් වශයෙන් අපට ගැලපෙන් නැ වගේම අනාගතයේ තවත් යුද්ධයකට හේතු වෙන්නත් පුලුවන්....... ඒ වගේ යුද්දයකින් අන්තිමට දුක් විදින බහුතරයක් අහිංසක මිනිස්සු.............ඒ දේ අපි මතක තියාගන්න ඕනා.......මන් මේ බ්ලොග් එකේ ගෙ‍ාඩක් පෝස්ට් කියෙව්ව............. හලාල්/හරාම් ගැන ගෙඩක් දේවල් ඉගෙන ගත්තා.......... බෙහොම ස්තූතිය්.....................

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.