logo banner

Sunday, August 4, 2013

වැලිවේරියේ පච හැලිය | Cauldron of Lies at Weliweriya

පසුගියදා වැලිවේරියේදී සිදු වූ අමානුෂික හමුදා ප්‍රහාරය සම්බන්ධව ඔබ දැනුවත් නැතැයි අප සිතන්නේ නැත. එසේ වන්නට නම් එක්කෝ ඔබ මෙතෙක් කල් එක්ටැම්ගෙයක, ළිං පතුළක හෝ ගල්ගුහාවක වසන ලද අයෙක් විය යුතුය; නැතිනම් දුමියාට වගේ ඔලුවට වෙඩි පාරක් කා තිබිය යුතුය. කෙසේ වෙතත් ඔබේ මතකය සති දෙකකට වඩා පරණ විය නොහැක. එය ඔබේ වරදක් නොව, සමස්ත ලාංකික ප්‍රජාවගේම පොදු ලක්ෂණයකි. එබැවින් මතකය අලුත් කරගන්න, මෙන්න පැරණි ලිපිය. 


Photo credits to AU United website

දැන් සිද්ධ වන්නේ ප්‍රහාරයේ කුණු සේදීමේ අදියරයි. එනම් කළු පැල්ලම් මකාගෙන බල්ලන් දෙයියන් වන මොහොතයි. අප මීට කියන්නේ වේසකම කියා ය. වෙශ්‍යාව යනු මුදලට හෝ වෙනත් ලාභයක් තකා සිය ශරීරය විකුණන අයෙකි. එහෙත් මේ ලංකාවේ ඉන්නා එව්වෝ විකුනන්නේ ඇඟ නොව හිත ය; හෘදය සාක්ෂිය ය. ඒ අනුව අප මීට කියන්නේ ද වේසකම කියා ය. (පසු සටහන: හෘදය සාක්ෂිය විකුණන හැටි ඇල්කෙමියාගෙන් අහන්න.)

පළමුවෙන්ම වේසකමේ ගොස් ඇත්තේ උත්තම බුද්ධ චීවරධර පණ්ඩකයෙක් වීම රටේ අවාසනාවකි. මේ දිව දෙකේ දෙපත් නයා කියන දේවල් (කුණුහබ්බ නොකියා) ලියන්නට තරම් හැකියාවක් අපට නැති නිසා ඒ ලිපිය ඡායාරූපයක් ලෙස මෙහි බහාලමු. 




ඊළඟට වේසකමේ යවා ඇත්තේ මේ මරණයට ලක් වූ කොලු පැට්ටා ගේ නෑදෑ පරපුර ය. "මේ මරණය ඉහළින්ම කරන්න අපට ඕඩර්ස් ලැබිල තියෙනවා" යයි එක්තරා පොලිස් නිලධරයෙක් කියා ඇතැයි කියවේ. 




මේ අරුම පුදුම නිරුවත් රංගනය ගැන අපේ "මොඩන් පේට්‍රියට්" බ්ලොග්කරුවා මෙසේ කියා තිබේ:


අකිල මල්ලි. මේ උඹට අගෞරවයක් කරන්න ලියන එකක් නෙමේ. උඹට උන් වෙඩි තිබ්බේ උන්ගේ ආසාවට නෙමේ. උන්ට උඩින් ඉන්න අමනයන්ගේ තකතීරු නියෝග නිසා. ඒ නිසා උඹ උන්ට වෛරකරන්න එපා. අපේ රටේ මහලොකු ජාතික මාධ්‍යය කියන එවුන් කිව්වේ උඹත් දේශපාලන ව්‍යාපාරයක එකෙක් කියල. උඹ තාමත් ඉස්කෝලෙ යන ඡන්දෙ දාන්නවත් හිමිකම නැති පොඩි එකෙක් කියල උන් නොදන්නවා නෙමේ, තමන්ගේ හිතුමතේට ආතල් එකට මිනී මරන ගමන් ඊළග ඡන්දෙදිත් ආයෙත් මිනී මරන්න ලයිසන් ඉල්ල ගන්න පුළුවන් වෙන්නේ, උඹේ මරණය ඔය විදිහට මාකට් කලොත් විතරයි. 
උඹේ ගෙදර එවුන්ට මාමා හෙට අනිද්දා කෝල් කරයි. සල්ලි ටිකකුත් මිට මොලවයි. සමහර විට උඹේ ගෙදර එවුන් ලොක්කා හොද මනුස්සයෙක් කියයි. හැබැයි ඒ උඹට තියන ආදරයේ අඩුවක් නිසා කියල උඹ වැරදියට හිතන්න එපා. ගෙදර අය උඹට ආදරේ වැඩි නිසා වගේම ඉතුරුවෙලා ඉන්න අනිත් වුන්ගේ ආරක්ෂාව ගැන හිතලයි එහෙම කරන්නේ. මොකෝ ලොක්කට විරුද්ධ වෙලා උඹට වෙච්ච දේම වෙන එකෙකුට වෙයි කියලත්, බොන්න වතුර ඉල්ලලා මැරුණ උඹව උන්ගේ පිළුණු වෙච්ච ජාතික මාධ්‍යයකාරයෝ, දේශද්‍රෝහියෙක් විදිහට හංවඩු ගහයි කියලත් ගෙදර එවුන් බය වෙයි. 
එක අතකින් උන් උඹට ආදරේටද වෙඩි තිබ්බේ කියලත් මට හිතෙනවා. ඇසිඩ් වතුර බීලා, පිළිකා හැදිලා මැරෙනවට වඩා, යුධ නීතියෙන් පාලනය වෙන ඒකාධිපති ආණ්ඩුවක් යටතේ ඉන්නවට වඩා මරල දාන එක හොදයි කියල උන්ටම හිතිලා වෙන්නත් පුළුවන්.
උඹ ජාතික වීරයෙක් කියල මම කියන්නේ නෑ, උඹ මැරුණ එකෙන් මේ ආණ්ඩුවට විරෝධතාවයක් එල්ල වෙන නිසා සතුටක් මට ඇත්තෙම නෑ. 
මට දුක උඹට මෙහෙම කරන සමාජයක ජීවත් වෙලා ඉන්න අපි හැමෝටම සිද්ධ වෙච්ච එක ගැන විතරයි. අකිල මල්ලියේ උඹට නිවන් සුව පතනවා!


ඊළඟට වේසකමේ යවා ඇත්තේ "රණවිරු" හමුදාව ය. ඒ අනුව, හමුදා මාධ්‍ය ප්‍රකාශකයා විසින් අමුම අමු වේස කතන්දර ගොන්නක් කියා තිබේ. මේ සැරසෙන්නේ ඒ පට්ට වේස ආතල් එක පටන් ගන්නට පෙරම කුඩු පට්ටම් කර දමන්නට ය. මේ පහතින් දැක්වෙන්නේ අපේ පාඨකයකු විසින් අප වෙත එවන ලද ඉ-ලිපියකින් උපුටා ගන්නා ලද සමාලෝචනයකි. 

සැ.යු.: ලිපියේ අඩංගු කරුණු, විමල් ධීරසේකර විසිනි. 

පසුගියදා වැලිවේරියේදී සිදු වූ අමානුෂික හමුදා ප්‍රහාරය සම්බන්ධව, ශ්‍රී ලංකා යුධ හමුදාවේ 58 වන බල සේනාංකය වෙනුවෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක විසින් කරන ලද අල්ලේ පැලවෙන මුසාවාද මෙසේය:


• හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව හමුදා ප්‍රකාශකයා කීය. එය අමූලික මුසාවකි.

හමුදාවට රබර් උණ්ඩ නැත. රබර් උණ්ඩ තිඛෙන්නේ පොලිසියේ කැරලි මර්දන ඒකකය ඇතුළුව පොලිසි සතුවය. ඊයේ (02) උදයේ ලබා ගත් වාර්තා අනුව වැලිවේරිය පොලිසියෙන් එකදු රබර් උණ්ඩයක් හෝ භාවිතා කර නැත. එහි රබර් උණ්ඩ තොගය එසේම පවතී. දෙවැන්න නම් පැමිණි හමුදා ඛන්ඩය සතුව තිබුනේ ටී-56 සහ ඒ.කේ-47 අවි වන අතර එම අවි වලට රබර් උණ්ඩ යෙදිය නොහැක. රබර් උණ්ඩ යෙදිය හැක්කේ තුවක්කු වලට ය. ටී-56 සහ ඒ.කේ.-47 අවි සඳහා ජීව උණ්ඩ වෙනුවට යෙදිය හැක්කේ පුහු උණ්ඩ ය. ඒවායින් කිසිවෙකුට කිසිදු තුවාලයක් නොවන අතර ඒවා ටෙලි නාට්‍ය සඳහා යොදා ගන්නා උණ්ඩයන් ය. මේ අනුව හමුදා ප්‍රකාශක සුනඛ බි්‍රගේඩියර් රුවන් වනිගසූරිය දෙසා බෑවේ අමූලික බොරුය.

• පොලිසියේ ඉල්ලීම මත හමුදාව පැමිණි බව හමුදා ප්‍රකාශකයා ද ආණ්ඩුවේ සට්ටැඹියෝද කීය. එයද අමූලික බොරුවකි.

පොලිසියේ කුමන නිලධාරියාගේ ඉල්ලීම පරිදි පැමිණියාදැයි හෙලි කරන ලෙස අප අභියෝග කරමු. මෙවැනි තත්ත්වයකදී පොලිසියේ ඕනෑම නිලධාරියෙකුට හමුදා ආධාර ඉල්ලා සිටිය නොහැක. ජනතාවක් ප්‍රචන්ඩ වී කැරලිකාරී තත්ත්වයකට යොමු වී පොදු දේපොල මිනිස් ජීවිත හානි කරමින් සිටින්නේ නම් එය පොලිසියට පාලනය කළ නොහැක්කේ නම් පමණක් එම ස්ථානයේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු හෝ ඊට ඉහල නිලධාරියෙකු විසින් එම ඉල්ලීම හමුදාවෙන් ඉල්ලා සිටිය යුතුය. එවිට හමුදාවට පැමිනිය හැක. ඒ අනුව කුමන පොලිස් නිලධාරියා එලෙස හමුදා ආධාර ඉල්ලා සිටියාද කියා ඔප්පු කළ යුතුය.

• පෙට්‍රල් බෝම්බ ගැහුව නිසා වෙඩි තිබ්බා කියා සට්ටැඹියෝ පවසති. එයද වැරදිය.

සිවිල් පුරවැසියන් කලහකාරී වී පෙට්‍රල් බෝම්බ ගැහුවා කියා හමුදාවකට වැලිවේරියේ ආකාරයෙන් වෙඩි තැබිය නොහැකිය.

හදිසි නීතිය නැති සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වන කාල වකවානුවකදී අභ්‍යන්තර ආරක්ෂක රාජකාරී වලදී භාවිතා කළ යුතු නීත්‍යාණුකූල සරඹයක් යුද හමුදාව තුල පවතී. ශ්‍රී ලංකාවත් ලෝකයත් අනුදත් එකී යුද හමුදා සරඹය මෙසේය.

සාමාන්‍ය නීතිය යටතේ අභ්‍යන්තර ආරක්ෂක රාජකාරී වලට හමුදාව කැඳවිය යුත්තේ පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු හෝ ඊට ඉහල පොලිස් නිලධාරියෙකු විසිනි. ඒ පොලීසිය එකී ආරක්ෂක කටයුත්තේදී පොලිස් අවම බලය යොදා එය අසාර්ථක වූ තැනදීය.

හමුදාව පැමිණීමට පෙර කැරැලි මැඩ පැවැත්වීම පිනිස පොලිස් අවම බලය ලෙස පීඩන වතුර ප්‍රහාර එල්ල කිරීම, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, කුළු සහ බැටන් ප්‍රහාර එල්ල කිරීම සහ අවසානයේ රබර් උණ්ඩ යොදා ප්‍රහාර එල්ල කිරීම පවා අසාර්ථක වී තිබිය යුතුය. (රබර් උණ්ඩ වලින් වෙඩි තැබීම යුද හමුදාවට අදාල නැත) එය සිදුකළ යුත්තේ පොලිසිය විසිනි.

එම ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුවත් පාලනය කළ නොහැකි තත්ත්වයක් තිබේනම් හමුදාව කැඳවිය හැකි අතර එසේ පැමිණෙන හමුදාව අනුගමනය කළ යුතු නීති ගණනාවක් ඇත. නැතහොත් සරඹයක් ඇත.


  • එම හමුදා ඛණ්ඩය සමග මහේස්ත්‍රාත්වරයෙකු හෝ මහේස්ත්‍රාත් බලතල සහිත නීතිඥයෙකු සිටීම අනිවාර්ය වෙයි. 
  • ඉන්පසු එම හමුදා ඛණ්ඩය බලය යෙදීමට පෙර විසිරී යන ලෙස අනතුරු ඇඟවිය යුතුය. එය පෙරේදා මිනීමරු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන කීවා සේ "විනාඩි 5 ක් දෙනවා විසිරී යන්න යි" කීමට නොහැකිය. 
  • අනතුරු ඇඟවීම භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රිතව ජනතාව අතර ඛෙදා හැරිය යුතු අතර එසේ කළ නොහැකි නම් භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රදර්ශණය කෙරෙන බැනරයක් ප්‍රදර්ශනය කළ යුතු වන අතර ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් අවම වශයෙන් තෙවරක් භාෂා තුනෙන්ම අනතුරු ඇඟවිය යුතුය.
  • හමුදාවට වෙඩි තැබිය හැක්කේ කැරලිකාර ජනයා එය පිළිනොගන්නේ නම් ඉන් පසුවය. එය නිරීක්ෂනය සඳහා පෙර කී මහේස්ත්‍රාත්වරයා හෝ මහේස්ත්‍රාත් බලතල සහිත නීතිඥවරයා සිටිය යුතුම ය.


ඉහත කී සියළු කාරණා සැපිරීමෙන් තොරව සාමාන්‍ය නීතිය යටතේ හමුදාව විසින් කෙරෙන වෙඩි තැබීමක් සහ ඉන් සිවිල් පුරවැසියන් මිය යාම යුද නීතිය අනුවත් සාමාන්‍ය රටේ නීතිය අනුවත් ජාත්‍යන්තර නීතිය අනුවත් බලවත් වරදක් වේ. එය ගිනිය හැක්කේ මානව වර්ගයාට එරෙහිව සිදුකළ අමානුෂික ඝාතනයක් ලෙසය.

මේ කිසිවක් නොමැතිව පොලිසියේ ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හෝ අනුමැතියකින් තොරව වැලිවේරියේ සිදුකෙලේ සම්පූර්ණ මිනිස් සංහාරයකි.

එය සිදුකළ වුන් සහ අණ දුන් වුන් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුය.

රටේ නිරායුධ පුරවැසියන්ට ඒ රටේ හමුදාව පැමිණ අණක් ගුණක් නැතිව වෙඩි තබා මරා දමනවානම් පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව බරපතල අනතුරකට වැටේ. එවන් පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල අයිතියක් ඇත. තම රටේ පාලකයා සහ හමුදාව පැමිණ තමා මරා දමනවා නම් එවන් ජනතාවකට ඉතිරි වන්නේ ජාත්‍යන්තරයේ ආරක්ෂාව පැතීම පමණි.

(උපුටා ගැනීම අවසන්)

සියල්ල අවසානය වෙද්දී රටේ ජහමනයා නමින් හඳුන්වන ගොන්ගස් වලට එකක් තේරී තිබේ. එනම් මෙතෙක් කල් කරේ තබාගෙන ගිය රණවිරුවා, හිතන තරම් "දෙයියෙක්" නොවන බවයි.

"මම යුධ හමුදාවට දෙපාරක්ම ලේ දුන්න මනුස්සයෙක්. බාල පුතාට අවුරුදු 18 පිරුණම යුධහමුදාවට දුන්නා. මම මේ ලේ දුන්න අත මම කපලා දානවා..."- ප‍්‍රදේශවාසියෙක් කියයි [වීඩියෝව මෙතැනින්]

සබැඳි වෙනත් ලිපි

  1. ටැබූ - සොල්දාදුවෝ දැන් බැහැපිය කරෙන් බිමට! 
  2. මාතලන් - රතුපස්වලට අමා වතුර 
  3. කතන්දර - "කාලකණ්ණි සතුට සහ මාටින් නීමොලර්"
  4. Loopholes - මහා බෝධි පුජා පිංකම 
  5. Aru "හමුදා ටින්කිරි"
  6. අපේ ඉසව්ව - "වැලිවේරිය, රූකාන්ත,චන්ද්‍රලේඛා සහ තවත් කතා"
  7. කසාපබ්බත - එක ප්‍රශ්නයකට එක බිල්ලක් 
  8. සංවේදී - වෙඩි කෑ උන් වෙනුවෙන් ධනපතියාගේ සටහන
  9. රැඩිකල් අදහස් - නිකරුණේ මිනීමරන කුලී හමුදාව
  10. අමාවක - රතුපස්වල දේශප්‍රේමය
  11. මානවක - දුෂ්ටයා හමුදාව විතරද?
  12. නාඩියා - "දයාබර වැම්පියර්තුමනි"
  13. අන්සතු දිනපොත - "අවියෙන් දුන් වතුර"
  14. ඉවාන් පවුලූශා - "පෙරළුණු නැවුම් (රතු) පස.."
  15. තුරු සෙවන ලියන මැණික් "වතුර !! කඳුලු !! වතුර !!"
  16. Sabith - උතුර දකුණ රතුපස්වල සහ අපි!
  17. නිදහස් සිතුවිලි - "පුදුකුඩිඉරුප්පු සහ වැලිවේරිය..2009 සහ 2013."
  18. බිගුසර - "ආදරණිය රණවිරුවනේ මේ ඔබේ අවධානය පිණිසයි.."

39 comments:

  1. වැලිවේරියේ සිද්ධිය සැහෙන්න සමාජය තුල කැළඹිමක් ඇති කල ආකාරයක් පෙන්න තියෙන්නේ.සිද්ධියට සුදු හුණු ගාන්න එන කට්ටිය වුනත් වෙන කාලේකට වැඩිය සාපෙක්ෂව අඩුයි...බලමු ඉතිං ජහමනයා ඉස්සරහට මොළේ පාවිච්චී කරලා වැඩ කරයිද කියලා?

    ReplyDelete
    Replies
    1. මොළේ පාවිච්චි කරල, කරල, කරල, අන්තිමට ආයෙම මුනටම නොදුන්නොත් මම ආයෙ ලියන්නේ නෑ ගයිජිං!

      Delete
  2. මේක තනිකර මිනී මැරුමක්, අශිෂ්ඨකමක්, බලහත්කාරයක්, මිලේච්ඡ ක්‍රියාවක්. මෙහෙ මෙහෙම නම් අරෙහෙ කොහොම වෙන්න ඇත් ද කියන සැකේ එනවා. 88/89 ඉඳලම හිටිය හමුදාවනේ. මේක ජාත්‍යන්තර අධිකරණයටවත් ගෙනියන්න වෙයි. මෙහෙ එහෙම එකක් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. අවාසනාවකට වගේ අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලයේ තීරණ ලංකාවේ ක්‍රියාත්මක කරන්නට අදාළ නීති මෙතෙක් සම්පාදනය කර නැහැ.

      Delete
  3. "මම යුධ හමුදාවට දෙපාරක්ම ලේ දුන්න මනුස්සයෙක්. බාල පුතාට අවුරුදු 18 පිරුණම යුධහමුදාවට දුන්නා. මම මේ ලේ දුන්න අත මම කපලා දානවා..."- ප‍්‍රදේශවාසියෙක් කියයි

    කරපු මෝඩ වැඩ මදිවට තවත් මෝඩකමක් කරන්න හදනව වගේ.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රකාශය පොඩි අතිශයෝක්තියක් බව ඇත්ත. නමුත් ඒ පිටුපස ඇති ජනමතය බොරුයි කියන්නේ කොහොමද? මම හිතන්නේ අපි අඩුම ගානෙ එක මර්මස්ථානයක් හඳුනගත්තා.

      Delete
  4. හමුදාවට නිකම් අතපය හිරි ඇරගන්න හම්බුවෙච්ච තැනක කරපු වැඩක් වගේ කියලා මට හිතෙන්නේ මේවා කියෙව්වම...

    ReplyDelete
    Replies
    1. "පිස්සු බල්ලෝ සිටිත් නම් උන් පුහුණු කළ එකෙකුද සිටිය යුතුය.."

      Delete
    2. පිස්සු බල්ලෝ කියන්නේ නිකම්ම නිකම් ලෙඩක් හැදුන ජාතියක් විතරයි... පුහුණු කරපු බල්ලොන්‌ට පිස්සු හැදුනම නිකම්ම බල්ලෙක්ට පිස්සු හැදුනට හපන්.... පැහැදිලි කිරීමක් විතරයි... මං කියන්න ගියෙ අන්තිම කාලේ හමුදාවට බඳව ගත්ත අයට ලොකු පුහුණුවක් ලැබුන් නෑ... තුවක්කුව පුරුදු කරලා, වෙඩි තියපන් කිව්වම වෙඩි තියන්න මානසිකත්වය හැදුවා විතරයි... දැන් ඒකයි මේ අනිත් පැත්තට කැරකෙන්නේ කියලා මට හිතෙන්නේ.. ඔයා කියනවා වගේ එදා වෙඩි තියපන් කියපු අයම තමයි අදත් වෙඩි තියපං කියන්නේ කියලා පැහැදිලියි... ප්‍රශ්නෙ තියෙන්නේ සාර්ථක විකල්පයක් මේ රට ඇතුලේ තියෙනවද කියන එකයි... මොකද අහසින් බෝම්බ දැම්මට පස්සේ එතන්ට එන්නේ “රෑකඩයක්” නම් එතන්දි වෙන්නෙ කබලෙන් ලිපට වැටීමක් විතරයි...

      Delete
    3. හිරු හැම සොල්දාදුවෙක්ම ඔය වගේ අසික්කිත ජරා විදිහට හැසිරෙන්නෙ නෑ. මුංගෙ තියෙන බලු කමට හැසිරෙනව මිසක්. උන්ට තේරෙන්නෙ නැද්ද මේ ඉන්නෙ මගෙ අම්ම තාත්ත සහෝදර සහොදරියො කියල. රටේ බලාධිකාරය විසින් මිනිස්සු නොමිනිස්සු කරනව.

      Delete
    4. වැව් ඉස්මත්ත @ මේ සිද්ධිය ගැන මම මධ්‍යම මට්ටමේ හමුදා නිළධාරීන් සමඟ සමඟ සාකච්ඡා කළාම ඒ අය කිව්වෙ මැරුව මදි කියල.හමුදාවෙ මානසිකත්වය එහෙමයි.ඒක ප්‍රචන්ඩත්වය මිස වෙන දෙයක් නොවෙයි.හිරු කියපු දේවල් සම්පූර්ණ ඇත්ත.

      Delete
  5. සිංහල හමුදාව, සිංහල ප්‍රදේශයක, සිංහල ජනතාවට ඉතා අමානුෂික සහ කුරිරු ලෙස පහරදී වෙඩි තබා ඝාතනය කරයි නම් මුන් උතුරේ දෙමල ජනතාවට කෙසේ සලකන්න ඇද්ද? සංවේදී නායකයාගේ මානුෂික මෙහෙයුම කෙසේ කරන්නට ඇතිදැයි සිත ගැනීමට හැක. ප්‍රභාකරන් සිටියානම් පුකෙනුත් හිනාවෙයි. මුන් සිංහලද? හමුදාවට බඳව ගත්ත කොටිද? බොදු බල සේනා, විමල් වීරවංශල, චම්පිකල වැනි මහ ලොකු දේශප්‍රේමියො සිංහල කොටි හමුදාව අහිංසක සිංහලයො මරනකොට මොකද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. matath dan oya tika nam hitanawa aniwaryenma ballo balallu ganata maranna ati orders labunama..

      Delete
  6. ඔය මොනවා උනත් අපෙ බුද්ධිමත්‍ ජනතාව නිවැරදි තීරණය කතිර යුද්දෙදි ගනු ඇත.දුමින්ද නැවත වතාවක් චන්දෙන් පත් වෙනවා වගේ ඉස්තිරයි ඔන්න ...අද වෙනකල් වතුර ප්‍රශ්නෙට උදව් නොකළ පළාතේ දේශපාලුවෝ අපහු පත් වෙනවා...බුද්ධිමත්‍ ජනතාව ....

    ReplyDelete
    Replies
    1. සති දෙකයි මගියා, සති දෙකයි...

      Delete
    2. සති දෙකෙන් මිනිසුන්ට අමතකවීමට වඩාත් තුඩු දෙනුයේ එම සති දෙක ගතවීමට පෙර තවත් ප්‍රශ්ණයක් උද්ගතවන බැවිනි. තව සති දෙක තුනකින් හෝ තවත් මිලේච්ඡත්වයක් ඔබටත් මටත් අසන්න ලැබේවි.

      මේ අපි පසුගිය කාලේ විදවපු සිදුවීම්.
      2011-05-30 සේවක අරථ සාධක කොල්ලයට එරෙහිව කටුනායක කළ උද්ගෝශණයෙන් රෝෂේන් චානක මහතාට වෙඩිතබා ඝාතනය කිරීම.
      2012-02-15 හලාවත ධීවර උද්ගෝෂණයෙන් ඇන්ටනි ප්‍රනාන්දු මහතා වෙඩිතබා ඝාතනය කිරීම.
      2012-10-27 Futa අරගලයේදී අභිරහස් මරණ....

      Delete
  7. රන විරුවො කියන්නෙ හපන්න පුරුදු කරපු බල්ලො ටිකක්.වෙලාව ආවම අම්ම තාත්තව වුනත්,හපා කනව,මොකද දුප්පත් පවුල් වලින් ආව නුගත් කොල්ලොනේ.දෙමල මිනිස්සුන්ටත් කරල තියෙන්නෙ මේ දේම තමය්.

    ReplyDelete
    Replies
    1. වැලිවේරියේ මිනිස්සුම දැන් කියන දේ තමා "අපට මෙහෙම නම් උතුරට කොහොම වෙන්න ඇද්ද" කියන දේ.

      Delete
  8. මරණයට පණ දෙන්න බැහැ.නමුත් සටනට පණ දිය හැක.නොවෙන්නේත් ඒ ටික පමනයි කියලානම් කියන්න පුලුවන්.විපක්ෂ වේසාවෝ මේ සිද්ධිය පලාත් සභා ඡන්දෙට බයිට් එකක් කරගනී.අනිත් වේසාවෝ වැඩේ ඉවරවුනාම පයිප්පෙන් හෝදගෙන තව එකෙක් එනකම් බලාඉඳියි.

    ReplyDelete
    Replies
    1. ඒ අතරේම අපේ ලජ්ජා නැති වේසාවෝ ඊළඟ ඡන්දෙත් මුන්ටම දෙයි..

      Delete
  9. මේ වෙන දේ මිට කලින් ප්‍රසිද්ද වු ටැබු බ්ලොග් එකේ හරියටම කියා තිබුනා අපි ඒ කාලේ හිතුවේ ඒවා බයිලා කියලා

    ReplyDelete
    Replies
    1. හැකිනම් පළකළ දිනය කියන්න; ලිපිය සොයා පළකරන්නම්.

      Delete
  10. පාලකයින්ට මෙවැනි පිස්සු කෙළින්නට ඉඩ ලැබී ඇත්තේ පාලකයින් මොන තරම් දුර්දාන්ත ක්‍රියාවක් කළත් ඒවා අනුමත කිරීමට ජනගහණයෙන් යම් කොටසක් නිවට වන නිසාය. මේ නිවටවීම සමහරවිට පෞද්ගලික ලාභ ප්‍රයෝජන නිසා හෝ සහජයෙන් උරුම නිවටකම නිසා විය හැකිය. බ්ලොග් අවකාශය ගත්තොත් මිගාර වීරක්කොඩි හා චතුශ කුමාර වැන්නන් මෙවන් නිවටයන්ට හොඳ උදාහරණ සපයයි. මෙවන් නිවටයින් වෙනුවට කොන්දා පණ ඇති මින්සුන්ගෙන් පමණක් අප සමාජය සමන්විත වී නම් මේ අවාසනාවන්ත සිදුවීම් අපට අසන්නට නොලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. යමෙක් යම් මතයක් දැරීම ඔහුගේ අයිතියක් බැවින් ඒ ගැන අදහස් දක්වන්නට අප කැමති නැත. කෙසේ වෙතත් එසේ නිහැඬියාවක් වේනම්, ඒ නිහැඬියාවම හඬක් නොවේද?

      Delete
  11. මාරයියේ, අනේ ඔයා එනකල් අපි බලාගෙන ඉන්නවා මාරයියේ. ඇවිලා කියන්නකෝ මේ මරණ තුන සුළු දේවල්. මහින්ද අයියාටම ආයෙත් ඡන්දය දෙමු කියලා ඇසිඩ් වතුර බිබී හරි. අනේ ඉක්මණට එන්නකෝ මාරයියේ.

    ReplyDelete
    Replies
    1. යමෙක් යම් මතයක් දැරීම ඔහුගේ අයිතියක් බැවින් ඒ ගැන අදහස් දක්වන්නට අප කැමති නැත. කෙසේ වෙතත් එසේ නිහැඬියාවක් වේනම්, ඒ නිහැඬියාවම හඬක් නොවේද?

      Delete
  12. එක්සත් ජනපදයේ මෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් යැයි තනතුරක් නොමැත. ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුර පමණී! එසේ තිබියදී අමාත්‍යංශ ලේකම් කෙනෙකු ආරක්ෂක ලේකම් කෙනෙකු ලෙස හැසිරීම පැහැදිලි ගැටලුවකි. ඇරත් අපේ මිනිස්සුන්ට නීතිය සහ සාධාරනය මතක් වෙන්නට නම් අපේ එකෙක්ටම කෙලවිය යුතුය. මේ මොර දෙන්නේ කාලයක් අපේම රටේ මිනිසුන් අහවල් සංඛ්‍යාවක් මිය යෑම 'තවත් එක් ප්‍රවෘත්තියක්' වූ ජනතාවගෙන් කොටසකි!

    ReplyDelete
    Replies
    1. ඔබ මතුකරන කාරණයත්, ඔය කී ලේකම් තුමා එක්සත් ජනපදයේ කාලයක් පදිංචිව සිටීමත් අතර සම්බන්ධයක් නැතැයි කිව හැකිද?

      Delete
  13. හමුදාවේ ඉන්නේ විකෘති මනසක් තියන උන් තමා පැරා මිලිටරි කණ්ඩායම් වල ඉන්නේ කොහොමත් හමුදාව කියන්නේ මර්ධනකාරී යාන්ත්‍රණයක් ප්‍රශ්නේ යුක්තිය හා සාධාරණය ඉටු කරගන්න පොඩි හරි උත්සාහයක් නොගන්න එකයි තායිවානේ දහස්ගණන් තාම උද්ගෝෂණ කරනවා එක සෙබලෙක් ගේ මරණයක් වෙනුවෙන් මෙහේ දරුවෙක් ඇතුළු 8 දෙනෙක් වෙනුවෙන්වත් කට අරින්න බයයි.හෙට මේ දේ මට වෙන්න පුළුවන් එත් ප්‍රතිපලය මේකමයි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යනම වෙන්නේ මෙන්න මේ භීතිකාව ජනතාවගේ සිත් තුලට එන්නත් කිරීම. භීෂණ සමයත් මේ සමයත් අතර වෙනස දිනෙන් දින අඩුවෙන බවයි මට නම් පේන්නෙ.

      Delete
  14. මගේ පෝස්ට් එකේ "රස්තියාදුකාරයා" පට්ට කොමෙන්ට් එකක් දාලා තිබුනා ...

    "ඉගිල්ලෙන මාළුවෝ" තහනම් කලාට අවුලක් නෑ. අපි ඊට වඩා හොඳට නිව්ස් වලින් බලාගත්තා කියලා.

    ව්‍යවස්ථාව විසින් ගන්නා තීරණ වල නිවේදන එවන්නේ හමුදාව අතේ...

    ReplyDelete
    Replies
    1. මේ කතාවම ලියන්නා වන මා මගේ වත්පොත් ස්ටේටස් එක ලෙස යොදා තිබුණා.

      Delete
  15. DAN ITHIN CHANNEL 4 UWAMANA NEHE.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, චැනල් 4 බැරිනම් මොන මගුල ආවත් ඇත්ත වහං කරන්නට බැරිය; එසේ කළ යුතුද නැත. ඇස්පනාපිට මිනී මරණ පාහර සක්කිළි ආණ්ඩුවක්, වෙන කරන්නට දෙයක් නැති නිසා කරේ තබාගෙන ඉන්නවා මදිවාට, උන්ට ආවඩා ආයිබෝවා කියන්නට තරම් කේප්ප මට්ටමට අප වැටී නැත.

      Delete
  16. මෙතනදි වෙලා තියෙන්නේ වැරදි නායකත්වයක් හා අණ දීමක්. සෙබලා කියන්නේ අණට කීකරු වෙන පුද්ගලයෙක්. වැරදි අණක් ලැබුනත් හරි අණක් ලැබුනත් ඔහුට එය ක්‍රියාත්මක කිරීමට පමණයි බලය තියෙන්නේ. එහෙම නැතුව ඒ තීරණය හරිද වැරදදි කියලා පැත්ත හරව හරවා බලලා තමන්ගෙ හෘද සාකෂියට අනුව ක්‍රියා කරන්න බැහැ. ඒ විදිහට තමයි උගතෙක් හරි නූගතෙක් හරි හමුදවට බැඳුනාම පුහුණු සැසි වලදි ඔවුන්ගේ සිතුවිලි, මොරාල් හදන්නේ. ඒ නිසා සොල්දාදුවා මතට වැරැද්ද පටවන එක හරිද. මේ අණ දිම කරන්නේ හා ක්‍රියාත්මක වෙන්නේ යන දෙකම ඔහු විසින්ම කරන දෙයක්ද. මේ වගේ තුච්ඡ සිවිල් විදිහට අහිංසක මිනිසුන්ව ඝාතනය කිරීමට අණ ලැබෙන්න ඇත්තේ එහෙම පහලම තැනකින් කියල හිතන්න පුලුවන්ද.

    ReplyDelete
  17. කිසිවෙකු වැරදි නැත, මාධ්‍ය වේදීන්ට පහර දී නැත. පහර දුන්නා නම් පැමිණිල්ලක් තියෙන්න එපයි (ඇමති ඩලස්), ආශ්චර්යයට යන මග අවහිර කරමින් මුන් වතුරම ඉල්ලුවේ ඇයි? මුන්ට තිබුනේ නැද්ද වයින් ඉල්ලන්න. (එහෙම වුනානම් නම්බුකාර ඉල්ලීමක්). මුන් වතුර ඉල්ලුවේ ඩයස්පෝරාවේ උසිගැන්වීමට ,ඒ මන්ද මාවිල්ආරු සොරොව්ව වසා මිනිසුන්ට බොන්න වතුර නැතිකරීම නිසා ඇරඹු මානුෂික මෙහෙයුම අවමානයට ලක් කිරීමටයි. මෙය ඩයස්පෝරාව හා එකතු වූ එ.ජා.ප. සහ ජ.වී.පෙ. කුමන්තරණයකි. සංවේදී නායකයෙකු සිටි නිසා හය හත් දෙනකු මැරී සිද්ධිය සමතයකට පත් වුනි. වෙන කවුරු හරි හිටියනං............

    ReplyDelete
  18. බොහොම ස්තූතියි මේ පෝස්ට් එකට....

    සබෑ ජනතා ප්‍රශ්ණයක් ඇදි ඇදී යන්නට ඉඩ හැර එය උච්ච ස්ථනයයක්ට පත්වෙලා මිනිස්සු පාරට බහින කම් ඉදලා , කැරලි මැර්ධන හමුදාවක් වෙනුවට යුධ හමුදාවක් දාලා ජනතා උද්ගෝශනයක් මැඩ පවත්පු කාලකණ්නි ඉන්න රටක රටවැසියෙක් ලෙස මා ඉන්නේ ඉතා කලකිරීමෙන්..

    ReplyDelete
  19. Danwath watehenawa athi ne kochchara dharmika widihata uthure udda karanna athida kiyala?Aththa nam upaman kathwa -Nahaneyiya naghathaye kiyala thiyenne oka thamayi.

    ReplyDelete
  20. Danwath watehenawa athi ne kochchara dharmika widihata uthure udda karanna athida kiyala?Aththa nam upaman kathwa -Nahaneyiya naghathaye kiyala thiyenne oka thamayi.

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.